ලා රෝස හිමිදිරි කිරිල්ලිය
දල්වන්න පෙර
අහස් ලන්තෑරුම
මල් ළදැරියන් පිබිදෙත්
පිණි දියරකින්
මුහුණු දොවමින
~~~~~~~~~~~~~~~~~~~~
පරණ පොප්ලර් ගසෙක
උසම රිකිල්ලට නැගගත්ත
සිත්තරෙක්
අළු පාට සායම් අතුල්ලයි
සුදු වළා කැටි මත
~~~~~~~~~~~~~~~~~~~~
රුදුරු ගෙරවුම්
විදුලි එරෙවුම්
විඳිමින් අසෙනි අකුණක
බරවු දෙකොපුල්
බිමට හරවා
කඳුළු වගුරයි
ගගනත
~~~~~~~~~~~~~~~~~~~~
කළබල වීදියක
නියොන් එළි මග දෙපස දැල්වෙයි
දිවයන රිය පෙලද
තියුණු කහ එළි දල්වයි
සාදයට සැරසුන
තරු කිණිති
වියැකී යයි
~~~~~~~~~~~~~~~~~~~~
හෑ...හිටින් ආයේ කියවලා ඔලුවට දා ගෙන එන්නම්
ReplyDeleteකතාවක් සිතා ගත්තෙමි... අද රස්තියාදුව ගැන
Deleteමගෙ ඔලුවට නම් මෙලෝ දෙයක් දා ගන්න බෑ බන්. බඩට දෙයක් දා ගන්නකම්. කන්න මොකුත් නැත්ද? :D
Deleteඔව් ඔව් .. චන්ඩිය බඩට දාගන්න ඕනැ තමා ඉරිදත් වෙච්චි එකේ :D
Deleteහිහිහි... මේ ටිකේම රස්තියාදුව තමයි.
Deleteඅනික දෙකක් දාගත්ත ගමන් ගෑනි දනගහලා කථා කරන්නේ
Delete(තමුසේ ඇදයටින් එලියට එනවද නැද්ද?)
බස්සියේ මට නම් මේ බොගිය අප්ඩෙඩ් වෙන්නෙ නෑ ?????පොඩ්ඩක් බැලුවා නම් මගේ අවුලක් ද දන්නෙ නෑ රෝල් වල නම් වැඩ ?????
ReplyDeleteපද ටික නම් සුපිරි .....
අනිත් බ්ලොග් රෝල්/ ඩෑශ්බෝඩ් වලනම් වැඩ.
Deleteමේ වගේ දවස් වලට නම් අහස් ලන්තෑරුම පරක්කු වෙලා පත්තු වෙන තරමට ආසයි. හිමිදිරි කිරිල්ලිට පගාවක් දීලා වැඩේ ශේප් කර ගන්න බැරිද දන්නෑ. :D :D :D
ReplyDeleteරෑ කල දිගුවේ නම්
Deleteලා සඳ නොමැකේ නම් :D
අනිවා,
Deleteමතක් වෙත්දිත් දුකයි. ඇයි බං නැඟිටින්න වෙනවනෙ. :D
මාත් අහල බැලුව. එයා පගා ගන්නෙ නෑලු :D
Deleteතාක්ෂනය දියුණු වෙනකොට...... ස්වභාව සෞන්ධර්ය පලා යනවා...... කියන්නේ මේකට...... අපුරු වර්ණනාව...... ලස්සනයි..... බස්සියෝ...... හැමදාම අදහස් අලුත් වෙනවා..... ඔයාගේ....
ReplyDeleteස්තූතියි ස්තූතියි නිහිංසා....
Deleteතරු කිනිති වියැකුනාම අපිට පාන් ද
ReplyDeleteකියා ඇහුවා නියෝන් ලයිට්
ඒ කතාව මරු!
Deleteකොළඹ නගරෙ රෑට පැරිස් නුවර
ReplyDeleteවාගෙ දිලෙනවා
කැඩුණු ලොටි බස් රථ වලට නැගල
කොල්ලො නටනවා
දිලේ ආලෝකේ කහ පාටට කෙලින් වීදියේ
මගේ බරබාගේ රෝදෙ ගිහින් වැටුණ කානුවේ …
//මගේ බරබාගේ රෝදෙ ගිහින් වැටුණ කානුවේ// බීලා වාහන එළවන්න එපා කියන්නෙ ඒක තමා. :D
Deleteඉස්කෝලෙ/කැම්පස් එකේ ට්‍රිප් යද්දි වචන වෙනස් කරකර කියලා පතුරු ගහපු සින්දුවක්
Delete:D
මේ මොකක්ද?
ReplyDeleteලියල ත්යෙන්නේ
ජ ය වේ වා !!!
මේ
Deleteපි ස් සු වි කා ර ය ක්
අනේ
කයියෙන්ම ලියැවුනු කතාවක් වාගේ...
ReplyDeleteඑසේය එසේය... :)
Deleteඅනේ මන්දා අදනම් තේරුනේ නෑ වැඩිය
ReplyDeleteඅදහස හරි නෑ - වචන නම් ගැලපෙනව ද? :P
Deleteමොකද්ද බං මේ හරුපේ??
ReplyDeleteමොලේට පිණි බෑවම ලියවෙන විකාරනෙ මෙයා
Deleteඅහ් හරි හරි.. ඊයේ පොයනේ.. අමතක වුනා.. එල..
Deleteබර සාර වැඩි හින්ද ද කට්ටිය හොල්මන්ද..... පොල් කොල වගේ තක්බීර් වෙලා ඉන්නෙ බස්සියෝ..... හෙක්.... හෙක්.....
ReplyDeleteඒකනේ....
Deleteහොල්මන්ද පොල්කොල වෙලා මාත් ඉන්නෙ මේ දවස්වල
පට්ට ඈ....
ReplyDelete:)
Delete//ලා රෝස හිමිදිරි කිරිල්ලිය
ReplyDeleteදල්වන්න පෙර
අහස් ලන්තෑරුම//
බොලාට හරියන්නේ නෑ උඹ ඉතිං බස්සි නෙ :D
ඒකනේ මල්ලියෝ...
Deleteයශෝ,උඹේ කවිය ගැන තේරුම් ගන්න පුළුවන් දළ අදහසක් තියෙනවා.
ReplyDeleteමම හිතනවා මම හිතන දේ හරි කියලා.
මනෝ හිතාගත්තෙ බස්සි පට්ට කම්මැලියෙක් වෙලා කියලද.
Deleteමටනම් මේ පෝස්ට් එක රහක් නෑ අෆ්ෆා...
නියමට තේරැනා නියමයි අපි වගේ පොරවල් ඔය වගේ බරසාර දේවල් තේරෙන්නේ නැත්නම් කාට තේරෙන්නද?
ReplyDelete(@$^&*))__(*&%$@@$^&&&**&*%$@#%$^&^)
(මෙලෝ මගුලක් තේරෙන්නෙත් නෑ. ඒ වුනාට මම දිලා තියන ලොකු ටෝක්වල හැටියට කවුරැහරි දැනගත්තෝත් විලිලැඡ්ඡා 7යි.)
++++++++++++++++++++++
Deleteහයියෝ මෙන්ඩි
Deleteහ්ම්ම් ...............
ReplyDeletehmm hmmm....
Delete// පරණ පොප්ලර් ගසෙක
ReplyDeleteඋසම රිකිල්ලට නැගගත්ත
සිත්තරෙක්
අළු පාට සායම් අතුල්ලයි
සුදු වළා කැටි මත // වැඩිපුර හිත ගියේ මේකට...
මේ ටිකේ ටිකක් වැඩ නිසා සමහර පෝස්ට් මග ඇරුනා.. කොච්චර වැඩද කියනවනම් වැඩ ගැන පොස්ට් එකකුත් ලිව්වා... :D
මටත් වැඩ වැඩියි නංගියා..... ඒකනෙ කම්මැලි පෝස්ට් දාන්නෙ.
Deleteආයෙ හෙමිහිට කියවල බලන්න ඕනෙ. ලිව්වෙ නෑ නේද ළඟදි කෙටිකතාවක් හෙම?
ReplyDeleteඅසන්නන්ගේ ඉල්ලීම් ඉටු කලෙමි. බලන්නකෝ අලුත් පෝස්ට් එක
Deleteපිච්චු නැත්නම් චෝක් කිව්වලු..
ReplyDeleteපිච්චු නැතොත් කිසිම රහක් නෑනෙ ජීවිතේ
Deleteයවන්න හිතුනා සරුංගලයක්
ReplyDeleteඒත් යැව්වේ දාලා නොවෙයි නූලක්
දැම්මේ රබර් පටියක්
පොලා පැනපු රබට් පටිය
Deleteවැදුන විට නියමල අගිස්සට
රිදුන නේද උඹට එකසිය ගානට?
බැහැපිය වෙිසිගේ පුතෝ...
ReplyDeleteඅතපය කඩාගන්නද හදන්නේ?
බලපිය දැන් වලාකුලු වල හැටි
අතුල්ලලා මගුලක් ඒකේ..
මකපිය ඉක්මනට ඔය මගුල
බාප්පා එන්න කලින්..
නැත්තං ගහයි තෝට
ඔය පොප්ලර් ගහමේ බැදලා..
තාත්තාත් නැතුව මම උඔව හදාගත්තේ
ගස් නැගලා අතපය කඩාගන්නද?
මල කෙලියයි
Deleteසීයා ඇවිත්.
වඳිඤ්ඤාං සීයෙ ගහන්ඩ එපා
මේ බහිනව
මේ බහිනව