Saturday, August 9, 2014

සූකිරි (නිවාඩු දවසෙ රහ බලන්න.)







ලා රෝස හිමිදිරි කිරිල්ලිය
දල්වන්න පෙර
අහස් ලන්තෑරුම

මල් ළදැරියන් පිබිදෙත්
පිණි දියරකින්
මුහුණු දොවමින



~~~~~~~~~~~~~~~~~~~~








පරණ පොප්ලර් ගසෙක
උසම රිකිල්ලට නැගගත්ත
සිත්තරෙක්
අළු පාට සායම් අතුල්ලයි
සුදු වළා කැටි මත



~~~~~~~~~~~~~~~~~~~~









රුදුරු ගෙරවුම්
විදුලි එරෙවුම්
විඳිමින් අසෙනි අකුණක
බරවු දෙකොපුල්
බිමට හරවා
කඳුළු වගුරයි
ගගනත



~~~~~~~~~~~~~~~~~~~~










කළබල වීදියක
නියොන් එළි මග දෙපස දැල්වෙයි
දිවයන රිය පෙලද
තියුණු කහ එළි දල්වයි
සාදයට සැරසුන
තරු කිණිති
වියැකී යයි



~~~~~~~~~~~~~~~~~~~~





51 comments:

  1. හෑ...හිටින් ආයේ කියවලා ඔලුවට දා ගෙන එන්නම්

    ReplyDelete
    Replies
    1. කතාවක් සිතා ගත්තෙමි... අද රස්තියාදුව ගැන

      Delete
    2. මගෙ ඔලුවට නම් මෙලෝ දෙයක් දා ගන්න බෑ බන්. බඩට දෙයක් දා ගන්නකම්. කන්න මොකුත් නැත්ද? :D

      Delete
    3. ඔව් ඔව් .. චන්ඩිය බඩට දාගන්න ඕනැ තමා ඉරිදත් වෙච්චි එකේ :D

      Delete
    4. හිහිහි... මේ ටිකේම රස්තියාදුව තමයි.

      Delete
    5. අනික දෙකක් දාගත්ත ගමන් ගෑනි දනගහලා කථා කරන්නේ
      (තමුසේ ඇදයටින් එලියට එනවද නැද්ද?)

      Delete
  2. බස්සියේ මට නම් මේ බොගිය අප්ඩෙඩ් වෙන්නෙ නෑ ?????පොඩ්ඩක් බැලුවා නම් මගේ අවුලක් ද දන්නෙ නෑ රෝල් වල නම් වැඩ ?????
    පද ටික නම් සුපිරි .....

    ReplyDelete
    Replies
    1. අනිත් බ්ලොග් රෝල්/ ඩෑශ්බෝඩ් වලනම් වැඩ.

      Delete
  3. මේ වගේ දවස් වලට නම් අහස් ලන්තෑරුම පරක්කු වෙලා පත්තු වෙන තරමට ආසයි. හිමිදි‍රි කිරිල්ලිට පගාවක් දීලා වැඩේ ශේප් කර ගන්න බැරිද දන්නෑ. :D :D :D

    ReplyDelete
    Replies
    1. රෑ කල දිගුවේ නම්
      ලා සඳ නොමැකේ නම් :D

      Delete
    2. අනිවා,

      මතක් වෙත්දිත් දුකයි. ඇයි බං නැඟිටින්න වෙනවනෙ. :D

      Delete
    3. මාත් අහල බැලුව. එයා පගා ගන්නෙ නෑලු :D

      Delete
  4. තාක්ෂනය දියුණු වෙනකොට...... ස්වභාව සෞන්ධර්ය පලා යනවා...... කියන්නේ මේකට...... අපුරු වර්ණනාව...... ලස්සනයි..... බස්සියෝ...... හැමදාම අදහස් අලුත් වෙනවා..... ඔයාගේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි නිහිංසා....

      Delete
  5. තරු කිනිති වියැකුනාම අපිට පාන් ද
    කියා ඇහුවා නියෝන් ලයිට්

    ReplyDelete
  6. කොළඹ නගරෙ රෑට පැරිස් නුවර
    වාගෙ දිලෙනවා
    කැඩුණු ලොටි බස් රථ වලට නැගල
    කොල්ලො නටනවා
    දිලේ ආලෝකේ කහ පාටට කෙලින් වීදියේ
    මගේ බරබාගේ රෝදෙ ගිහින් වැටුණ කානුවේ …

    ReplyDelete
    Replies
    1. //මගේ බරබාගේ රෝදෙ ගිහින් වැටුණ කානුවේ// බීලා වාහන එළවන්න එපා කියන්නෙ ඒක තමා. :D

      Delete
    2. ඉස්කෝලෙ/කැම්පස් එකේ ට්‍රිප් යද්දි වචන වෙනස් කරකර කියලා පතුරු ගහපු සින්දුවක්
      :D

      Delete
  7. මේ මොකක්ද?
    ලියල ත්යෙන්නේ

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මේ
      පි ස් සු වි කා ර ය ක්
      අනේ

      Delete
  8. කයියෙන්ම ලියැවුනු කතාවක් වාගේ...

    ReplyDelete
  9. අනේ මන්දා අදනම් තේරුනේ නෑ වැඩිය

    ReplyDelete
    Replies
    1. අදහස හරි නෑ - වචන නම් ගැලපෙනව ද? :P

      Delete
  10. මොකද්ද බං මේ හරුපේ??

    ReplyDelete
    Replies
    1. මොලේට පිණි බෑවම ලියවෙන විකාරනෙ මෙයා

      Delete
    2. අහ් හරි හරි.. ඊයේ පොයනේ.. අමතක වුනා.. එල..

      Delete
  11. බර සාර වැඩි හින්ද ද කට්ටිය හොල්මන්ද..... පොල් කොල වගේ තක්බීර් වෙලා ඉන්නෙ බස්සියෝ..... හෙක්.... හෙක්.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ....
      හොල්මන්ද පොල්කොල වෙලා මාත් ඉන්නෙ මේ දවස්වල

      Delete
  12. //ලා රෝස හිමිදිරි කිරිල්ලිය
    දල්වන්න පෙර
    අහස් ලන්තෑරුම//
    බොලාට හරියන්නේ නෑ උඹ ඉතිං බස්සි නෙ :D

    ReplyDelete
  13. යශෝ,උඹේ කවිය ගැන තේරුම් ගන්න පුළුවන් දළ අදහසක් තියෙනවා.
    මම හිතනවා මම හිතන දේ හරි කියලා.

    ReplyDelete
    Replies
    1. මනෝ හිතාගත්තෙ බස්සි පට්ට කම්මැලියෙක් වෙලා කියලද.
      මටනම් මේ පෝස්ට් එක රහක් නෑ අෆ්ෆා...

      Delete
  14. නියමට තේරැනා නියමයි අපි වගේ පොරවල් ඔය වගේ බරසාර දේවල් තේරෙන්නේ නැත්නම් කාට තේරෙන්නද?
    (@$^&*))__(*&%$@@$^&&&**&*%$@#%$^&^)
    (මෙලෝ මගුලක් තේරෙන්නෙත් නෑ. ඒ වුනාට මම දිලා තියන ලොකු ටෝක්වල හැටියට කවුරැහරි දැනගත්තෝත් විලිලැඡ්ඡා 7යි.)

    ReplyDelete
  15. // පරණ පොප්ලර් ගසෙක
    උසම රිකිල්ලට නැගගත්ත
    සිත්තරෙක්
    අළු පාට සායම් අතුල්ලයි
    සුදු වළා කැටි මත // වැඩිපුර හිත ගියේ මේකට...

    මේ ටිකේ ටිකක් වැඩ නිසා සමහර පෝස්ට් මග ඇරුනා.. කොච්චර වැඩද කියනවනම් වැඩ ගැන පොස්ට් එකකුත් ලිව්වා... :D

    ReplyDelete
    Replies
    1. මටත් වැඩ වැඩියි නංගියා..... ඒකනෙ කම්මැලි පෝස්ට් දාන්නෙ.

      Delete
  16. ආයෙ හෙමිහිට කියවල බලන්න ඕනෙ. ලිව්වෙ නෑ නේද ළඟදි කෙටිකතාවක් හෙම?

    ReplyDelete
    Replies
    1. අසන්නන්ගේ ඉල්ලීම් ඉටු කලෙමි. බලන්නකෝ අලුත් පෝස්ට් එක

      Delete
  17. පිච්චු නැත්නම් චෝක් කිව්වලු..

    ReplyDelete
    Replies
    1. පිච්චු නැතොත් කිසිම රහක් නෑනෙ ජීවිතේ

      Delete
  18. යවන්න හිතුනා සරුංගලයක්
    ඒත් යැව්වේ දාලා නොවෙයි නූලක්
    දැම්මේ රබර් පටියක්

    ReplyDelete
    Replies
    1. පොලා පැනපු රබට් පටිය
      වැදුන විට නියමල අගිස්සට
      රිදුන නේද උඹට එකසිය ගානට?

      Delete
  19. බැහැපිය වෙිසිගේ පුතෝ...
    අතපය කඩාගන්නද හදන්නේ?
    බලපිය දැන් වලාකුලු වල හැටි
    අතුල්ලලා මගුලක් ඒකේ..
    මකපිය ඉක්මනට ඔය මගුල
    බාප්පා එන්න කලින්..
    නැත්තං ගහයි තෝට
    ඔය පොප්ලර් ගහමේ බැදලා..
    තාත්තාත් නැතුව මම උඔව හදාගත්තේ
    ගස් නැගලා අතපය කඩාගන්නද?

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි
      සීයා ඇවිත්.
      වඳිඤ්ඤාං සීයෙ ගහන්ඩ එපා
      මේ බහිනව
      මේ බහිනව

      Delete