Wednesday, June 22, 2016

බොලොග් ගැටළු සහ විසඳුම් - 1




ඊයේ අපේ සමියා කාලෙකට පසු බොලොගක් දාන්න කල්පනා කරලා. අවුරුදු ගානකින් බොලොග් අවකාසෙට පය තිබ්බේ නැති නිසා වෙන්ට ඕනෙ, බොලොග පබිලිස් කලත් උන්දැගෙ බොලොග බොලොග්-රෝලේ අප්ඩේට් වෙලා නැහැ.


අන්න ඒ වෙලාවෙ තමයි සමියා අන්තර්ජංජාලෙ දෙවනත් වෙන්න ෆේස්බුක් එකේ කෑමොර දෙන්න පටන් ගත්තෙ.


මේ වගේ ප්‍රශ්ණ කාලෙන් කාලෙට බොලොග් අවකාසේ සැරිසරන කාටකාටත් උද්ගත වෙන්න පුළුවනි. ඒ නිසා මම හිතුවා එහෙම වෙලාවට ගන්න පුළුවන් ලේසි පියවර කිහිපයක් ගැන පොඩි සටහනක් තියන්න.


පළවෙනි බෙහෙත


1. පබිලිස් කරපු බ්ලොග් ලිපිය නැවතත් revert to draft කරන්න.

2. පබිලිස්ගේ වෙලාව automatic කරන්න.

3. දැන් ආයෙමත් පබිලිස් කරන්න.




දෙවැනි බෙහෙත


පළවෙනි බෙහෙත හරියන්නේ නැත්නම්, බොලොග් පෝස්ට් එකේ content එක නෝට් පෑඩ් එකට copy කරගන්න. දැන් ඒ අවාසනාවන්ත පෝස්ටුව ඩිලීට් කරල දාන්න.


ඊගාවට බ්ලොගර් එකවුන්ට් එකෙන් log out වෙලා. ආපහු වතාවක් දකුණු අත පෙරට තියා login වෙන්න. 


දැන් දෙයියන් බුදුන් සිහි කරගෙන අර නෝට් පෑඩ් එකට copy කරගත්ත content ටික අළුත් පෝස්ටුවකට paste කරලා පබිලිස් කරන්න.



තුන්වැනි බෙහෙත


බොලොග් settings වලට යන්න. ඔය settings menu එකේ තියනවා other කියලා tab එකක්. ආං ඒකට යන්න.



එතන "site feed" කියන තැන settings මෙන්න මේ විදියට වෙනස් වෙලා තියනවද කියල බලන්න.
(නැත්නම් බලන් ඉන්න එපා බොලව්, ඒව වෙනස් කොරපියව්!)




දැන් ආපහු වතාවක් දකුණු අත පෙරට තියල පෝස්ට් එක පබිලිස් කරල බලන්න. එහෙම නැත්නම් පොඩි 'test' පෝස්ටුවක් දාන්න.



හතරවෙනි බෙහෙත


ඔච්චර කරලත් හරියන්නේ නැහැ කියන්නේ ගූගල් බ්ලොගරයාගේ ජාතිය අමතන්න කාලෙ හරි. ඒ නිසා Blogger Options වලට ගිහින් Send Feedback ක්ලික් කරන්න.



ඔන්න එතකොට අපිට ලැබෙනවා මේන් මේ වගේ form එකක්.




ඒකෙ 'Describe your issue or Share your ideas' කියන තැන වෙලා තියන සන්තෑසිය හොඳට ලුණු ඇඹුල් ඇතුව ලියන්න. එතනදි අනිවාර්යයෙන්ම බ්ලොග් අඩවියේ URL එක පැහැදිලිව සටහන් කරන්න.


ඊගාවට තියෙන්නේ අවුල වෙච්චි තැන ඉස්කිරින් සොට් එකක් ගන්න එක. (වැඩි හොඳට කියලා) ඒකට 'include screenshot' කියන තැන tick කරන්න. එතකොට screenshot එක ගන්න මෙන්න මේ වගේ toolbar එකක් ලැබෙනවා.




ඕකෙ කහ පාට කොටුව පාවිච්චි කරලා අපිට කරන්න ඕනෑ කොටස් ලකුණු කරන්නත්, කළු පාට කොටුව පාවිච්චි කරලා අපිට ගූගලයාගෙන් හංගන්න ඕනෑ විස්තර වහල දාන්නත් පුළුවනි.

කහ පාට කොටුවෙන් හයිලයිට් කරන හැටි

කළු පාට කොටුවෙන් අනවශ්‍ය විස්තර බ්ලොක් කරන හැටි


ඊගාවට තියෙන්නේ send බොත්තම ඔබන එකයි.

කොහොමත් මේ අන්තිම බෙහෙත දුන්නම පැය හතළිස් අටක් වගේ ඇතුලත ගූගල් දෙයියා වැඩේ ෆික්ස් කරලා දෙනවා.


ඔය හතරවෙනි ක්‍රමය මට ගුරු මුට්ටි නොතියා ඉගැන්නුවේ අපේ නිමෝ. ඒ ගැන නිමෝට විශේෂ ස්තූතිය!