Monday, April 28, 2014

මං කවිකාරිලු


මං කවිකාරිලු මං කවිකාරිලු
ගජමන් නෝනට වැඩි කවිකාරිලු
ආලවඩන කවි සිංදු ගොතන්නට
ඉස්සර ඉදලම මං කවිකාරිලු



 

ඔව්. මට හිතෙන විදියට මං කවිකාරියක්. කවිකාරියක් වෙන එකේ කිසි ලල් එකක් නෑ නේද? දක්ෂ සංගීතකාරියෙක්, නැට්ටුක්කාරියෙක්, සිත්තරියක්, නිරූපිකාවක් උනා නම් ඒ වගේද! යාන්තම් වයලින් එක කුරුටු ගාන්න, ඕගන් එක කෑගස්සවන්න ගියාට මට ඒ හැටි දෙයක් බෑ. ඩී.ජේ එකක් වෙලාවට නැට්ට හපාගෙන උඩ පැන්නට මම නැට්ටුක්කාරියෙකුත් නෙමෙයි.


මට කවිකාරියෙක් වීම ගැන තිවුනෙ දුකක්. ඊයෙ කරන්න දෙයක් නැතුව කම්මැලිකමේ ටින්කර් බෙල් බලනකම් මට හිතුනෙ මේ හැකියාවෙන් මම මොනව කරන්නද කියලයි. කවි ලියන දාට බ්ලොග් එකේ හිට් කවුන්ටරේ එක තැන නතර වෙලා. කවුරුත් නොබලන රහ නැති කවි.


ඒත්. මම කවි වලට ආදරෙයි. මම මම වෙන්නෙ ඒවයින්.


දන්නවද මම මුලින්ම ලියාපු කවිය? මම චූටි කාලෙ මාව බලාගන්න එන සේවිකාව අසනීපෙන් උන්නු දාක අපේ අම්ම මාවත් දක්කාගෙන ඔෆිස් ගියාලු. අම්ම වැඩ කරනකම් පාලුවෙ බලන් උන්නු මම මාලු ටැංකියක් ඇඳලා ඒක උඩ කුරුටු බලි අකුරෙන් ලියාපු මුල්ම කවිය තමයි;







ඩොල්ෆින් මාලුවෝ - පීනන්නට සූරයෝ
ටැංකිය වටේම පීනලා - වෙහෙස උනා මේ වීරයෝ



මම ආසම මිනි කවි වලට. මොකක් හරි මාතෘකාවක් ගැන, ඊට අදාල වචනයක්වත් සඳහන් නොකර ලියන කවි වලට.


වෙනූශා ඉමන්දිගේ මරණය ගැන ලියපු මේ කවිය එහෙම එකක්.



උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව  
ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ.
ඒ කොයි කාලෙකට ඉස්සරද?
කාලෙ වෙනස් තාලෙ අලුත්

ඒත්,
උඹ ඒ පාරෙ නොගිහින්,
ආවනම් මේ පාරෙ,
බලන්නට තිවුන නංගියේ…..
අදටත් පොප්ලර් ගස් දළුලන බව.




ඒ වගේම උඩින් එක අරුතක් දෙන ගමන් යටි පෙළෙන් ඊට හාත්පසින්ම වෙනස් අරුතක් මවන්න මම ආසයි. ඒත් මම ආදරෙන් ගොතාපු මේ කවියට මල් වගේම ගල් පාරවලුත් වැදුන.





කලු පාට වැහි වළා
එකින් එක එකින් එක බරවෙලා
මිරිකිලා ඇඹරිලා
බිඳෙන් බිඳ මහ පොළව තෙත් කලා


මහ පොළව ඉකි නොලා
මුවින් නොදොඩා බලා
ඉහිලුවා වැහි වළා
එකින් එක එකින් එක
උකුල මත කඩා හැලෙනා වළා

 
වැහි අඳුර පහවෙලා
උදෑසන හිනැහුනා සුදෝසුදු පැහැ වළා
මඩවගුරු ගත වෙලා
මහපොළව විළි බරව හිඳී මුව සඟවලා


පෑගේවි කියා පා වැසුම් ලා
මහපොළව නොඅල්ලා
සීරුවෙන් මහ සෙනඟ ගමන් ගති
ගොහොරු දෙස අපුල බැලුමන් හෙලා


ආකහේ රැස් බලා
අතක් නළලත තියා
බලාපන් සුදෝ සුදු පින් පාට වළා කැටි
කියා පැසසුම් සලා....


ඔය කවියෙන් කියන්නෙ ගණිකාවක් ගැන. ඒ වගේම තවත් එකක් තමයි මේ "කුමුදු මල සහ පුරහඳ" කියන කවිය.





නිශා අහසේ - නැගී තරු වැල්
සිනා සැලුවත් කොයිතරම්,
වලා සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ උන් හා සමකරම්,

අනේ පුරහඳ - වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං,
ඔබේ දසුනෙන් සැනහුනෙම්,
කෙසේ ගගනත පියමනිම්,
සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල විඳගමි හදවතින්,

අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!



සිංහලෙන් ලියාපුව එකෙක් දෙන්නෙක් හරි බලාවි. කඩු කවි දිහා නං මොකෙක්කත් වැරදිලාවත් ඇහැක් ඇරල බැලුවෙ නෑ ආයිබොවං.



FROZEN

 

I closed my eyes,
to the dancing glow,
of the glistening snow......


Closed my ears,
to the stormy rattle,
of the broken window........


For I’ve found my world
Long time ago.....
My heart just dance,
When sunshine flows,
From my head to toe....


Oh FROZEN! Am I ?
That’s all you know!!

 


ඒ වෙලාවට මං කොරන්නෙ අපේ බස්සව අල්ලගෙන බලෙන්ම එව්ව කියවන්න කියල අණ දෙන එක තමයි. පව් ඉතින් බස්සත් අපරාදෙ කියන්න බෑ කියෝල අහනව මොකද්ද ඒ හරුපෙ කියල.







Funeral


I buried my life
in a snowy cold breeze...
My tears
washed the brown soil,
My dreams
smashed & scattered upon the grave....


Deep in the earth
My pains
stood still
As if never to leave me...



Thus YOU
passed by
smiling into the breeze,

My life lied
silently
under your feet...

 



ලියුකේමියාවෙන් මියගිය මගේ ඥාති සොහොයුරා ගැන "මරණය" හෝ "පිළිකාව" කියන අමිහිරි වචන දෙකෙන් බැහැරව තියපු සටහනක් තමයි මේ. මේක තමයි මම පුවත්පතකට යවපු මුල්ම සහ අවසාන නිර්මාණය. අපරාදෙ කියන්න බෑ මාස දෙකකට විතර පස්සෙ නිර්මාණ හිඟයක් ඇවිත්ද මන්දා ඒක "රිවිර - අරුණැල්ලේ" පළ වුනා.






ගෙවී ගොස් ඇත වසන්තය
තුරු හිසක රත් කුසුම් පිබිදුන
සරු කෙතක හිරු කැළුම් ඉහිරුන
නිමා විය විහඟ ගීතය
හදවතට මල් හැඟුම් කැන්දන


දවාලයි ගත නැගෙන දාහය
හමා එයි වියලුන සුළo රැල්
රෝහලේ කවුළුවෙන් හෙමිහිට එකතු වී සේලයින් සුවඳට
යොමමි නෙතු කවුළුවෙන් එපිටට
සරත් හිරු රැස් පෙලයි නයනත


ඇට මිදුළු කකියවන සියුම් වේදනාවක්
රුධිරයට මුසුව පැතිරී ඇදෙයි, ගත වෙලෙයි
නියුරෝන කම්පිතව දුබල හද වෙවුළුවයි
ඇදුම් කන ළය මඬළ සුසුමකින් සසළ වෙයි


බලාපොරොත්තුව…… යළිදු මා පුබුදුවයි


ගගනත වළා කැටි මත
තරු අමුණලා පා කල
බලාපොරොත්තුව……


රෝහල් ඇඳට රහසේ ජීවය ගෙනා පෙරසේ
දිනිඳු රැස් දිසිසේ මුවට හසකැන් වළා පිවිසේ


උදා විය සොඳුරු ගිම්හානය
හරිත තුරු වියමන් සරසා රක්ත පැහැයෙන්
දසත අතුරා නිසoසල බව පළවා හරියි විහඟුන්
තවත් වියලෙයි සුසුමන්
තවත් උණුසුම් වේය කඳුළැල්


හැලෙයි රත් පැහැ කොල එකින් එක
නග්න තුරු අත් පියකරුයි, විළිබරයි
අහස වැලපෙයි කළු වළා විසිරෙයි
සුළඟ සසලයි කවුළු දොර හඬ දෙයි


සීතළ…. ලේ නහර කකියවන
ඇස් කෙවෙනි බොර පාට කරවන
කොපුල් තල කඳුළෙන් තෙමාලන
මද පවන සීතලයි
කඳුළු ඊටත් වඩා වැඩියෙන් සීතලයි....


යළි නැගෙයි ගත වේදනා
ගයත් සැම දිවි රැක දෙනුව ආයාචනා
කැටි කරන් හද සීතළ
හෙලමි හදවත නිසල වූ වා තලයට


එද සියල්ලෙහි අවසානය?
විඳි වේදනා අවසානය.
මා තව බොහෝ දුර යා යුතුය………..



ඔය අතරෙ සඳැස් නිර්මාණත් කලා එහෙන් මෙහෙන්. මෙන්න මේ වගේ.





දොළොස් මසක් ගෙවී ගිහින්
නිසංසලෙන්, හෙමින් හෙමින්
තවත් නැවුම් ඉරක් අරන්
යළිත් ඇවිත්
වැලන්ටයින්


බාලිකා කුසුම් පෙලින්
සැඟවෙමින්, හොරෙන් හොරෙන්
චොකෝ එකෙන්, හසුන් පතින්
එබී බලයි
වැලන්ටයින්


උයන් කොනේ කුඩේ යටින්
වෙරළ අයිනෙ ගල්කුළෙන්
ඇසිල්ලකින්, දෙතොල් මතින්
සිනා තියයි
වැලන්ටයින්


මියුසිකල් නයිට් ගිහින්
මදුවිතෙන් පියා නුවන්
නුරා තෙපුල් පුරා ලවන්
රහස් කියයි
වැලන්ටයින්


ලැගුම්හලේ යහන් මතින්
රෝස පියලි විසුරුවන්
කිරි කළේ බිඳුනු සැනින්
පලා ගියා
වැලන්ටයින්



ඇයි මම මේ පෝස්ට් එක ලිවුවෙ? කම්මැලිකම මචන්ලා කම්මැලිකම! මෙන්න මගේ කම්මැලිකම දුරු වෙනකම් කියවන්න මම කාන්සියට කියාපු කවි ලැයිස්තුව.





Thursday, April 24, 2014

හැබැහින් දුටු සිහිනය


ඔන්න ඉතින් සුපින්වතුනෙ, බස්සි පෙරේද පාන්දර හතට ඇහැ ඇරිය. මොකටෙයි? සයිබරේ සිහින බක්මහ උළෙල බලන්ට යන්ට නෙව. ඕන් ඉතින් බස්සයි බස්සියි බත්තරමුල්ලට ඇවිත්, ටුක් ටුක් මල්ලියෙක් එක්ක ආවලු පැලවත්ත බුද්ධදාස ග්‍රවුන්ඩ් එකට.


 අපේ ගෲප් පොතෝව
 


ග්‍රවුන්ඩ් එකට යනකොට නමයයි කාලට ඇත්තේ
සූ ගාලා හැටක් විතර දුව පනිනව වත්තේ


බස්සා : මේ ඔයාට හොඳටම සුවර්ද ග්‍රවුන්ඩ් එක මේකමයි කියල?

බස්සි : ඔව් අනේ මම හරියට තැන කිවුව. වැරදුනොත් ඔයාගෙ ගූගල් මැප් එකේ අවුලක්ම තමයි.

බස්ස : මැප් එකේ වරදක් නෙමෙයි මැට්ටියෙ කෝ අඳුරන අය ඉන්නවද?

බස්සි : හම්මේ  අර සුදු පාට  ටී එක ඇඳන් ඉන්නෙ රජා නේද?


ගේට්ටුවෙන් ඇතුල් වුනේ
රජාව නෙත  ගැටුනු තැනේ
හෙමින් හෙමින් සෑම් අයිය
ඒ පැත්තට සැපත් උනේ

සුභ උදෑසනක් අයියේ ඔයා නේද සෑමා?
මං බස්සි, මේ බස්සා ඔබෙ සැපදුක් කෝමා?




වින්දිකයි සසිඳුයි - ටිකට් වෙලෙන්දෝ



සෑමා පෙන්නාපු තැනට
අපි දෙන්නා සැපත් වෙන්නෙ
වින්දික මල්ලියි, සසිඳුයි
එතැනදි ටී ෂර්ට් දෙන්නෙ

හල්ලෝ බස්සනේ ඔන්න මම අඳුනා ගත්තා
දොඩමළු විය අපේ නලින් මාමා දැනමුත්තා




 නලින් මාමා


ටී ෂර්ටුත් මාරු කොරන්
අපි එලියට පාත් වෙන්නෙ
ඒ වුනාට වැඩි දෙනෙක්ව
අඳුරන්නෑ අපි අලුත්නෙ

මල්ලි නංගි ඇයි අයිනක් ගහලා ඉන්නේ
අර පැත්තට එන්න නලින් මාම කියන්නේ



අනේ, ඕම ඉන්නකොට හයේ හතරෙ ඩයල් එකක් ඇවිත් බෝම ඩීසන්ට් පිට ශේක් හෑන්ඩ් කොරාපි.


හයේ හතරෙ ලොකු මල්ලි : මම ප්‍රියා! බස්සි නේද මේ?

 අඩි අටේ පොඩි මල්ලි - ප්‍රියා 



ඔන්න ටිකකින් එනව කෝල් එකක්.


"මචං මම ගාලුව. උඹල කොහෙද බන්?"

"අපි අවුරුදු උස්සවේ නකෝ. ටොපි ඩෙන්න එන්නෙ නැඩ්ඩ?"

"අඩේ අපි හට ඉතර ආව සූ ගාල දෙන්නෙක් විතර උන්නු නිසා අපි එහෙමම දියත උයනට පැන්න."

"වරෙන් නකෝ දැන් කස්ටිය ගොඩක් ඉන්නව. කලාස් එකත් කට් කොල්ල පාර්ක් ගානෙ රස්තියාදු වෙන්නැතුව."



හම්මේ ඔන්න ටිකකින් එනව අපේ නාඩි මලය සරමකුත් ගහගෙන. මූව හතර වසරෙදි දැක්කට පස්සෙ අදයි දැක්කෙ. හලෝ හලෝ කියල සතුටු සාමීචි අහවර කොරල පොර බස්සත් එක්ක අයි.ටී. බාසාවෙ කුනුහබ්බ දෙසාබාන නිසා මං අර යකඩ වැටට හේත්තුව දාල පාර බලන් උන්න.


ඔන්න එනෝ ගාලුයි දෝණියි අත් දෙක අල්ලගෙන නැළවි නැළවි.





ඔන්න ඉතින් අර ඕෂනික් ගේම්ස් එකේ ලස්සන අක්කිට බුලත් අත දුන්නෙ මම හරිය. එතන උන්නු අයගෙන් මම අඳුනගත්තෙ වින්දික මල්ලියි, හා පැටියයි, චතුරිකාවයි ඉතරයි. (සිරාවටම මගෙ බ්ලොග බලන්නෙ මොනතරම් අල්ප මාත්තර කට්ටියක්ද කියල දැනිල සැජ්ජ හිතුන මෙයා මට ඒ වෙලාවෙ.)


ඔන්න ඉතින් සීය දුවල, දිනපු අය තෑගි ගන්න වෙලාවෙ මට ඇස්.ඇම්.ඇස්. එකක් එනව.


"අඩෝ කොට බස්සි, උඹ ආවද? මම මේ උඹව කනෙන් අල්ලල බේරෙ වැවට උසුක්කා කොරන්න හිතන් එන්නෙ."


හප්පොච්චියේ ඒ වදන් දැක්ක ගමන් මගේ හදවත උණු උනා. අපේ ඉවාන් ගෙඹිලූස මට බයේ කොටන ඇස්.ඇම්.ඇස්.! පවු දෙයියනේ අහිංසකය. ඉතින්  මං කිවුව;


"උඹ බය නැතුව වරෙන් නකෝ. ඊස්ටර් සන්ඩේ එක නිසා මම අද උඹව මරන්නෙ නෑ කියල තීරනේ කොලා."

 බය  උනාම මූ ඔහොම නියපොතු කනවලු - හූ ඈ!


ඔන්න බොලව් හැරෙන තැපෑලෙන් පොර ග්‍රවුන්ඩ් එකට ආපි. පරාණ බයේ ඉඳල තීන්නෙ.


හම්මේ අර සරන් ගැන්ග් එක මීටර් සීය දුවද්දි වගේම බනිස් කන්න ගොහිනුත් පස්ට ආතල් එකක් දුන්නෙ. මම එතන උන්නු අයගෙන් දන්නෙ නම් නාඩියාවයි, රජාවයි, තරියාවයි විතරයි.





කස්ටිය බනිස් කන අතරෙ ඔන්න පොඩි එකෙක් වගේ බෝල ඩයල් එකක් 'හායි බස්සි' කියපි. හම්මච්චියේ ඉවාන් පවුලුශා බ්ලොගිය කියවද්දි මට හිතෙන්නෙම මේක ලියනව ඇත්තෙ චේ වගේ කෙට්ටු, උස, මූණ පුරා රැවුල වවාගත්තු පොරක් කියලයි.



ඒකනම් මාරයි. වචන වලින් අපි තව කෙනෙක්ගෙ හිතේ අඳින රූපෙ ඇති ප්‍රභලත්වය!


මාතලන්ගේ බ්ලොග් එක කියවද්දි හිතුනෙ මෙයා මාතලන් ෆිල්ම් එකේ මාතලන් වගේ තලෙළලු, උඩු රැවුලක් ඇති, ආඩම්බර මූණක් තියෙන අංකල් කෙනෙක් වෙන්නැති කියලයි. හයියෝ ඒ හරිම ලෙන්ගතු, සුදු බෝල අංකල් කෙනෙක් නෙව. හලිම හොඳට කතා කලා. කස්ටියට තමන්ගෙ ෆොටෝ පබිලිස් කොරන්න නම් එපා කිවුවලු.


 කකා සමග මාතලන්


කතන්දර බ්ලොග් එක කියවද්දි හිතේ මැවුන කකා ටිකක් වලිබර, කැරළි කොණ්ඩයක් තියෙන, මධ්‍යම ප්‍රමාණයේ කෙනෙක්. ඒත් ඇත්තටම කකා හරිම ජොලිබර, දිලිසෙන තට්ටයක් තියෙන, සුදු, ටිකක් මහත අංකල් කෙනෙක්. අපිට කතන්දර පොතුත් දුන්නා. තව සුවීප් ටිකට් වගේ බෙදාගෙන යනව දැක්ක කොට්ට පොරේ අස්සෙ. බලද්දි බ්ලොගිය බලන්න කියල කාර්ඩ් එකක් ගහල.



 හොඳම හාද්ද


විචාරක තුමාගෙ බ්ලොග් එක කියවද්දි මට හිතේ මැවෙන්නෙ කොමාන්ඩෝ ෆිල්ම් එකක ඉන්න සෙබලෙක්ව.


 මාරයා සමග විචාරක


අපේ අටම් අයියත් හෙන ජොලි පොර. මුන්දෑ මාව දැක්ක ගමන් මගෙ උස දැකල බය උනා නෙව. හම්මේ දිගටම උඩ බලාගෙනමයි කතා කලේ.



 සුපිරිවිකී ඇඩ් එක


කුරුටු ගෑ ගී ලියන අපේ දිලිනියගෙ බ්ලොගෙන් සයිබරේ මානසික ලෙඩ්ඩුන්ට එරෙහිව ලොකු අභියෝග එල්ල උනාට මොකද හරීම අහිංසක පාට කෙල්ල.  හිනා පොඩිත්තත් බෝම සිරියාවයි. මනසින් දිවියට බ්ලොග් එක ලියන මීටර් සීය දුවල කප් එක උස්සපු අක්කා/ නංගි දිලිනියාගෙ ෆ්‍රෙන්තෙක් විය යුතුයි. ඩබල එකටමයි උන්නෙ.


 බනිස් කන්න දුවන දිලිනියා


"මේ බස්සි නේද?" කියලා මාව අඳුනගෙන ළඟටම ඇවිත් කතා  කලා විදානේ. හිතුවට වඩා  පොඩි එකෙක්. කෝරලේ හාමිනෙත් එක්කම ආපු කෝරලේ මහත්තයත් පොඩියි නෙව. තඩි සගලාස් දෙහෙකුත් දාන් ඇවිත් කතා කලා. මම හිතන් හිටියෙ කෝරලේ හෙනම වයස ඩයල් එකක් වෙන්නැති කියල.


 කෝරලේ මහත්තයා හාමිනේ සමග



බොරලු මල්ලි  පාන්දර තුනේ ඉඳන්ලු ආවෙ. යකූ මූ මට  බතල බස්සි කිවුවට මූත් බතලයි තමා. රෙපා මහත්තයත් හිටිය  ඒ එක්කම. (බොරලුවෝ පොටෝවක් එවපියකූ )


නලින් මාම කෙන්ජිත් එක්ක කතා කර කර ඉඳිද්දි අහම්බෙන් එතනට කඩන් පාත් උන මටත් කෙන්ජිට කතා කොරන්න ලැබුන. කෙන්ජි අයිය නාවට බ්‍රසීල් පෙම්වතියවයි, ජපන් කෙල්ලොම අටදෙනෙකුයි එවපු එකම මදැයි.


 මේ නමදෙනා තමයි බක්මහ උළෙල වර්ණවත් කොලේ.



වැව් ඉස්මත්තව හම්බුනේ කණා  මුට්ටි ගහන්න පෝලිමේ ඉඳිද්දි. කොහෙද අපේ රජා එක පොලු පාරෙන් මුට්ටි දෙකකට නෙලුව නෙව.





අරුනිවත් දැක්ක අවුරුදු කීපෙකට පස්සෙ





වෙනි අයිය හොම්බ දිග කැමරාවක් එල්ලන් පොටෝ ගහපු එකමයි කොලේ. අපිවනම් මතක නැතුවත් ඇති.





මාරයා අයිය කොට්ට පොර ගහන්ඩ නැගල සද්දයක් දැම්මලු "කොයි ඔය ඇනෝල එකා එකා වරෙව්!!!" කියල.



 අඩෝව්! ඇනෝ එන  උන් වරෙව්!!



බස්සයි බස්සියි කකුල් බැඳන් දුවන්න, බෝතලේට වතුර පුරවන්න හෙම ගියා. "නාඩියාගේ පුනීල තියරිය" පවුලූශා ප්‍රායෝගිකව ඇප්ලයි කල නිසා අපි නාඩි ගුරාවත් පරද්දල දින්නලු.


 බස්සි,බස්සා,දෝණි,ගාලු,ඉවාන් සහ රනා අයියා


අවුරුදු උත්සවේදි දැනුන දෙයක් තමයි බුකියෙ ෆේක් චරිතයක් වී සිටීම සහ ජනයාට ප්‍රිය වීම අනුලෝමව සමානුපාතික බව. බලමු මේ පළවෙනි වතාවනෙ. බ්ලොගිය ඇරලත් මාස නමයයි නෙව. මං සහභාගි උන පළවෙනි ඉවෙන්ට් එක නෙව. මීළඟ වතාවෙ මිතුරු කවය තව ප්‍රසාරණය වේවි.




සාශා කටර් එක ආවෙ නෑනෙ යකූ. අර සිංදුවයි, වයලයි ඩබලවත් බලාගන්ට ඕනෙ. රන්දුවත් නෑ. වාසනා අක්කිත් නෑ. රමාල් මල්ලිගෙ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා කිවුව ඉන් පස්සෙ ඌ බුකියෙත් නෑ. තව ගොඩක් උන් ආවෙ  නෑනෙ. නාපු උන් කෝම හරි වරෙල්ල ඊගාව වතාවෙ.


ංවිධායක මණ්ඩලේ හැමෝටම ඉත්තූතියි! වැඩේ හොඳට කෙරුනා. වේලාසන යන්න උන එක ගැන දුකයි. ඊගාව ඉවෙන්ට් එකටනම් දවස පුරා සහභාගි වෙනව.