බස්සි පහුගිය දවස් ටිකේ වැඩ ඇරිලා කෙලින්ම දුවන්නෙ බස්සි ඩැඩාව බලන්න හොප්පිටල් එකට. අපේ බස්සත් ඒ හැමදාකම මාත් එක්ක ආවා විතරක් නෙමෙයි තාත්තගෙ තනි රකින්න බස්සිත් එක්ක රෑ එලිවෙනකම් තාත්තාගෙ ළඟටම වෙලා උන්නා. බස්සි ඩැඩා පුතෙක් නැති නිසා දුකින් නෙව හිටියෙ. ඔන්න පිනට ලැබෙන පුත්තු.
පහුගිය බදාද රෑත් තාත්ත ගාව ඉඳලා බස්සයි බස්සියි බ්‍රහස්පතින්දා උදේම සූදානම් උනා ජොබට යන්ට. උදේට තේ එකක් බොන්න කියලා දෙන්නත් එක්ක යමින් ගමන්ම සම්ප්‍රාප්ත උනේ දෙවනි මහලේ තිවුන කැන්ටිමට.
එතනට කෙලින්ම පේනවා පහලින් තියෙන සුජාතා බාලිකා විද්‍යාලය. මේ ඉක්කෝලෙ තියෙන්නෙ නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේ.
උදේ රැස්වීමට පොඩ්ඩො කස්ටිය පෙළ හැදිලා ඉන්නව කිරි කොක්කු රෑන වාගෙ. ඔන්න ටිකකින් ආවා විදුහල්පතිතුමිය.
එතුමියගෙ කතා විලාශය හරිම ලගන්නා සුලුයි. කොන්වන්ට් එකක දැඩි විනය නීති මැද්දෙ හැදුනු බස්සිට ඒ වෙලාවෙ නම් හිතුනා අනේ මටත් මෙහෙම ඉක්කෝලෙකට යන්න තිවුනානම් කියලා. විදුහල්පති තුමියත්, ගුරුවරුනුත් ළමයින්ට පුදුම ආදරේකින් කතා කලේ. ඒකට සමහර ඉස්කෝලවල විදුහල්පතිවරු, මයික් එකෙන් ගමටම ඇහෙන්න ළමයින්ට බනින එක මහා හපන්කමක් කියල නෙව උන්දැල හිතාන ඉන්නෙ.
එදා සුජාතා විද්‍යාලයෙ අපූරු පින්කමක් සිද්ද උනා. ඒක බලන් හිටපු අපේ ඇස් වලට කඳුලු ආවා. ඒ තරමටම සංවේදියි ඒ මොහොත.
කැන්ටිමේ ඉඳපු අපි දෙන්නා විතරක් නෙමෙයි. ගිලන් ඇඳේ හිටපු තාත්තත් අටවෙනි මහලේ බැල්කනියෙන් ඒ දසුන බලාගෙන ඉඳලා තිවුනා. හවස තාත්තා මට කීවෙ, ඒ දැකලා එයාට අසනීපෙත් අමතක උනා කියලයි.
බස්සයි බස්සියි ඉන් පස්සෙ හදිසියෙන් ඔෆිස් දිවුවට, බස්සි ඩැඩා කලේ ඇඳේ ඉඳන්ම පෑනකුයි කොලේකුයි අරගෙන අර විදුහල්පති තුමියටත්, ඇදුරු මඬුල්ලටත්, චුට්ටි බට්ටො ටිකටත් ප්‍රශංසා කරමින් කවි පෙළක් පබැඳුව එකයි.
බස්සිගේ අතට කවි පෙළ ලැබුනා, ටයිප් කරලා කෙටි ලිපියක් සමග සුජාතා විද්‍යාලයෙ විදුහල්පති තුමිය නමට තැපැල් කරන්නය කියලා.
ඒ පින්කම අපේ තාත්තාගෙ ඇසින් දැකපු විදිය බලන්නකෝ ඔයාලත්......
ගිලන් ඇඳ මත අවදි විය උදෑසන හතට
සවන් යොමු
විය සැණින් නැගෙන දෙසුමක හඬට
“දරුවනේ හරිම වැදගත් දිනක් අද අපට”
පනින්නට
හදනවද සිතුනි චෝගම් වලට
“අමුත්තන් දෙදෙනෙකුත් අද අපේ විදුහලට
ඇවිත් ඇත
දුවේ ඔබගේ මුහුණු දැක ගන්ට”
මා සිටියෙ
ඉදිරිපස රෝහලේ මහලෙ අට
මටත් නොදැනිම
දෙපා ඇදුනි එහි සඳැල්ලට
පිබිදිලා
සුදුපාට මල් පිටියෙ පේලියට
බුදු පුතුන්
ගුරු මවුන් වෙති පහන් ටැඹ ලෙසට
ඇත්තමයි සිත
නිවෙයි නැගෙන පින් බර හඬට
අමතකව ගියා මට
දෙනෙත් පිය හෙලන්නට
තවත් සුළු මොහොතකින් සිසුවියන් ඉදිරියට
කැඳවීය අමුත්තන් දෙපල සන්සුන් ලෙසට
පුංචි
අත්වලින් අත්පුඩි හඬක් නැගෙන විට
මවක් සහ
පුතෙක් දැක පිරුණි නෙත කඳුළු කැට
සත පනහ
රුපියල ද පුංචි කැටයට දමා
ඒ මුදල බැති
සිතින් විදුහලට පිරි නමා
මවක සහ
පුතෙකු මරණින් මුදා ඔබ සැමා
සුජාතාවගෙ
සැබෑ දියණියන් ඔබ තමා
විජාතික සැකිළි
රූ නොවටිනා තුටිටුවට
“සුජාත - දියණි” වරු ලෙස
හදති පුම්බන්ට
අපේ දූ
පුතුන් නොපෙනෙති එවන් ගෙම්බන්ට
දුවේ ඔබ යා
යුතුය දිනෙන් දින ඉදිරියට
හිස නමමි හිත්
හදන උතුම් ගුරු පරපුරට
තුති පුදමි
උතුම් පින්කමක් කළ දරුවන්ට
තිළිණයකි මෙය
ඔබට ඔබේ විදුහල් මවට
කළ නොහැක්කක්
නොමැත මේ සුජාතාවන්ට
මේ කවි පෙළ දැකපු ගමන බස්සි කිවුවෙ මේක අපි තාත්තාගෙ බ්ලොග් එකෙත් අලවමු කියලයි. ඒත් තාත්තාට කවි පෙළ ගැන විස්තරයක් ලියන්න අමාරුයි මේ දවස්වල. ඒ නිසයි කවිය බස්සිගේ නවාතැනේ පල කලේ.
ඔය පේන්නෙ හොප්පිටල් එකයි ඉක්කෝලෙයි මූණට මූණ බලාන ඉන්න හැටි. රතු පාටින් පේන්නෙ ඉක්කෝලෙ.
ශෝක් බස්සියේ ,, ඔයාට මහන්සි ඇති මේ ටිකේ නේද ? තාත්ත ඉක්මනට සනීප වෙයි .
ReplyDeleteමහන්සි නම් තමයි ඔමා. ගොඩාක් ස්තූතියි ඔයාට! :)
Deleteඅද ආයෙත් ඇවිත් ආයෙම කියෙවුවා එදාට වඩා අද මට මේක දුකයි,
Deletegrt one bassi.......... ur dad is just grt....
ReplyDeleteතැන්කූ අමෝ... :)
Deleteබස්සි හිත නවතින්න ලියවිලා තියෙනව.ඔය ලිපිය යැවුව නෙද.
ReplyDeleteතාත්තට ඉක්මන් සුවය පතනව
ලිපිය හෙට තැපෑලට දානවා දමිත්. බොහොම ස්තූතියි.
Deleteතාත්තාගේ කවි පෙල නම් හරිම ලස්සනයි බස්සියේ..තාත්තාට ඉක්මන් සුවය පතනවා!
ReplyDeleteගොඩක් ස්තූතියි ශානු. ඔයාලගෙ ඒ ප්‍රාර්ථනාව මට බොහෝම වටිනවා...
Deleteසුජාත එක අපේ හෙදරට ලග school එකක්.. අපේ හතුරු school එක :D
ReplyDeleteමේ මාතර සුජාතාව නෙමෙයි ට්‍රේසියෝ... කොහෙද ඉතින් බාගෙට කියෙවුවාම ඔහොම දේවල් වෙනවා.
Deleteහාපෝ මාතර කොල්ලෝ වලි දාගන්නේ කෙල්ලෝ එක්කද සික්
Deleteමාතර කොල්ලො සේරම ඔහොම නෑ. ඔය රාහුලේ කොල්ලො. ;)
Deleteහරිම අපූරු කවි පෙලක් බස්සි. හොද කවියෙක් ලෙඩ ඇදේ හිටියත් කවි හිත ලෙඩ වෙන්නෑ කියන්න හොද උදාහරණයක්.
ReplyDeleteආදරණීය තාත්තාට ඉක්මන් සුවය පතනවා මාත්.
ඒක නම් ඇත්ත වෙන්ට ඕනෙ. අපේ තාත්තා හොප්පිටල් ගියාම නෝට්පෑඩ් එකයි පෑනයි තමයි ඕනෙ කිවුවෙ ඇඳ ගාවට. ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි ප්‍රියෝ.
Deleteඉක්මන් සුවය පතනවා! හරිම හොඳ අගයන්න ඕනේ වැඩක්!
ReplyDeleteබෝම ඉත්තූතියි නාඩි මලයා...
Deleteතාත්තට ඉක්මන් සුවය පතනවා බස්සී.. මේ පෝස්ට් එක මතක ඇතුව තාත්තට පෙන්නන..
ReplyDeleteතැන්කූ දිනේෂ් අයියේ. Publish කරන්නත් කලින් ලියපු ගමන් preview කරලා පෙන්නුවෙ තාත්තට. :)
Deleteකවියෙක්ට ඉතිං කවි ලියන එක තරං හොඳ බේතක් වෙන කොහෙන්ද... ඒකත් මේ වගේ හිත නිවන දෙයක් ගැන.... අසනීප අමතක නෙවෙයි අසනීප හොඳම වෙයි.... හි හි
ReplyDeleteහැබැයි ඉතිං ඔය සල්ලි දීලා ගවයො බේරන එක ගැන මගේ හිතේ තියෙන්නෙ එච්චර හොඳ අදහසක් නෙවෙයි.. ඒත් පොඩි ළමයින්ගෙ හිත් වලින් මෙහෙම දෙයක් සිද්ධ වෙන එක ලොකු දෙයක් හින්ද ඒවා අදාල නෑ ඉතිං..
අපේ තාත්තා කීවෙත් ඒක දැකලා අසනීපෙ අමතක උනා කියලයි හිරූ අක්කේ...
Deleteඒ උනත් ඒකෙන් එදා පාන්දර ඒ විදුහල්පතිතුමිය ලමයින්ට විතරක් නෙමෙයි, වටාපිටාවෙ ඉන්න හැමෝටම හරිම සංවේදී විදියට දුන්නු පණිවුඩය නම් කීයත් වටිනවා අක්කෙ. ගවයො දෙන්නෙක් බේරා ගැනීම ම නෙමෙයි. ඒකෙන් පුංචි උන්ගෙ හිත් වලට සත්තුන්ට ආදරේ කරන්න කියාදුන්නු විදිය ගොඩක් වටිනව.
බස්සිගේ තාත්තට ඉක්මන් සුවය පතනව...!
ReplyDeleteබොහොම ස්තූතියි රජ වීදියේ..... :)
Deleteඔයාට කියන්න බස්සී පුදුම සතුටක් එන්නෙ... මුලුන්ම කියන්න ඕන ඔයාගෙ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව කියල.....
ReplyDeleteඅපෙ අම්මත් පැටවෙක් හම්බ වෙන්න ඉන්න කිරි වැස්සියෙකුට ජීවිත දානය දුන්න...
මේ තියෙන්නෙ....
ඒක ලොකු පිණක් බස්සී....
ඉත්තූතියි ගාලුවෝ..... :)
Deleteමම ඔයා ඔය පෝස්ට් එක දාපු දවසෙමයි කියෙවුවෙ ගාලුවෝ. ඒක ලොකු පිණක්. ඒකෙන් සත්ව ඝාතනයට විරුද්ධ වෙන්න පුංචි උන් දාස් ගානකගෙ හිත් සංවේදී කරපු එක ඊටත් වඩා පිණක්.
අගය කලයුතු දේ අගය කිරීමත් අගය කල යුතුයි. බස්සිගේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteබොහොම ස්තූතියි තිසර...
Deleteක්‍රියාවත් ලස්සණ යි. කවි පෙළත් ලස්සණ යි. පියාට ඉක්මන් සුව පතනවා බස්සියේ!
ReplyDeleteතැන්කූ තැන්කූ දිලිනියෝ....
Deleteසික් අපේ ඉස්කෝලේ ඉසරහා නෑ නේ උස බිල්ඩින්ග් හෙම (Do you know what I mean )
ReplyDeleteහොඳ වෙලාවට ඒ ඉක්කෝලෙ ඉස්සරහ ඉස්පිරිතාල හෙම නැත්තෙ. තිවුනානම් ලෙඩ්ඩුන්ට නැති ලෙඩත් හැදෙයි. :P
DeleteBUSසි......හොඳ ක්‍රියාවක් සහ ලස්සන කවි කිහිපයක්. ඩැඩීට ඉක්මන් සුවය පතමි.
ReplyDeleteමේ සුජාතා එකමද....බොහෝම ඉස්සර රීඩ් ඇවනියු එකේ තිබිලා පස්සේ නුගේගොඩ ගම්සභා හන්දියට ගෙනාපු සුජාතා එක?
මම හිතන්නෙ මේ අර ප්‍රසිද්ද සුජාතාව නෙමෙයි අරූ. ප්‍රාථමිකයක්. චුට්ටි බට්ටො සෙට් එකක් හිටියෙ.
Deleteතැන්කූ වේවා බස්සි-ඩැඩා වෙනුවෙන් කල ප්‍රාර්ථනාවට!!!
බස්සි ඩැඩාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. තාත්තත් හොද කවිකාරයෙක් වෙද්දි බස්සිට මෙච්චර හොදට ලියන්න පුළුවන් වෙන එක අහන්න දෙයක්යැ..
ReplyDeleteබොහොම ඉත්තූතියි සිඟිතියෝ... :)
Deleteමටත් හිතෙන්නෙ මට මෙහෙම හරි වචන අමුණන්න පුලුවන් වෙලා තියෙන්නෙ තාත්තාගෙන් උරුම උන ජාන කෑල්ලක් නිසා වෙන්ට ඕන.
අනේ බස්සි ඔබගේ පියාට ඉක්මන් සුවය පතනවා දරුවෝ...
ReplyDeleteඅපේ රාජ් දවසක් පාර පෙන්නපු ලෙසට ගිහිල්ල එතුමගෙ කතාවක් කියෙව්වා...
මිගමු නගරය මටත් හුරුයි.මම කුඩා කල වෙන්නප්පුවේ හැදුන නිසා....
උගත් වෙද ඇදුරුවන්ගේ පිහිහිටෙන් ඔබගේ පියාට ඉක්මන් සුවය මුළු හදින් පතමි.....!
බොහොම ඉත්තූතියි කෙන්ජයියේ..... ඔයාලගෙ ප්‍රාර්ථනාවල බලය බස්සිටත්, තාත්තාටත් ගොඩාක් වටිනව.
Deleteකෙන්ජයියා වෙන්නප්පුවෙද?? අනිච්චේ අපේ සහෝදර පාසලේද දන්නෙ නෑ මෙයා!!!
ටික කලක් ජෝශප් වාස්.
Deleteඒකාලේ සබීත හෝලි ෆැමිලි.
අප්පේ ඒ එකදාස් නමසිය බර ගනන් වල නෙව. ඒත් ඉතින් කෙන්ජයියා අපේ සහෝදරයෙක් නෙව බලාන ගියාම. සන්තෝසයි.... :)
Deleteහෙහ්..හෙහ්..නැතුව නැතුව.
Deleteඔබගේ පියා මිගමු බස්ටෑන්ඩ් පැත්ත ගැන ලියල තිබුන දැක්කම මම නිකමට හිතේ මැවුනා වයික්කාල,බෝලවත්ත,නයිනමඩම ගමක වෙන්න ඇති කියල.
දැන් පියාට හොදටම සුවද බස්සි.බස්සවත් මතක් කළා කියන්න.
පියාට ඉක්මන් සුවය....!!!
බස්සිගෙ තාත්තට ඉක්මන් සුවය පතනව. කට්ටියගෙම සුභපැතුම් පෙන්වන්ට. හිතටත් හොඳයි නෙව.
ReplyDeleteතාත්තගෙ හැකියාව නං උපරිමයි. වචන නෑ ඒ ගැන කියන්න. මේ ඉන්ටනැෂනල් ලෙවෙල් එකේ කවි ගැන කියන්ට අපේ දැනුම මදි.
බොහොම ස්තූතියි රාජ්. ලැප උස්සගෙන ගිහින් පෙන්නන්ට ඕනෙ කොමෙන්ටු සේරම. හැම එකකම වාගෙ තාත්තට ඉක්මන් සුවය පතලා තියෙනවා දැක්කාම තාත්තට හරිම සතුටු හිතෙයි.
Deleteබේත් හේත් වලට වඩා ශක්තියක් ගැබ්වෙලා තියෙනවා කෙනෙක් පිරිසිදු හිතින් කරන ආශිර්වාදෙක.
මුලින්ම බස්සිගේ තාත්තාට ඉක්මන් සුවය පතනවා. ආදර්ශමත් වැඩක්. ඉස්කෝල වල කෙරෙන්න ඕන දේවල් නොකර බහුරූ කෝලම් නටන එවුන්ට රිදෙන්න දීපු ටොක්කක් මේක. හැබැයි මේ නිසා ප්‍රින්සිපල්ට ස්ථාන මාරුවක් ලැබෙන්නත් බැරි නෑ. ඒ තරම් ආශ්චර්යවත් රටක් මේක.
ReplyDeleteබොහොම ස්තූතියි පවුලූශෝ....
Deleteආයෙත් අහලා. චෝගම් වලට පනින්නෙ නැතුව ඒ කාලෙ ඉස්කෝලෙ වෙන වෙන දේවල් කලාය කියලා තර්ජන ගර්ජන එන්නත් පුලුවනි ආස්චර්යයේ මහිමයෙන්...
සවේදී හදවත් වලට
ReplyDeleteදැනෙනු නොඅනු මානයි
දිදුලන දෙනෙත් තෙත් කරනු
නොඅනු මානයි
උදැසන හිත නිවලුවට පින්
බෝමයි
ඔබ පියාට ඉක්මන් සුව පතනා
මා තාමත් ප්‍රොෆා මයි...................................
බොහෝම ස්තූතියි ප්‍රොෆා.... :)
Delete