Sunday, November 3, 2013

ඇඳගත්තාට පසු... …(බස්සිගේ ඇඩ්වයිස් මාලාව)



ඊයෙ කිවුවෙ ඉන්ටර්විවු යනකොට අඳින පළඳින විදිය නෙව. අද කියන්නම් අර බෙල්ල මුලින් හිරවෙන ප්‍රශ්ණ සහ ඒවායින් ගැලවෙන විදිය.




 
තවත් දෙයක් කියන්නත්, සමාව අයදින්නත් වෙනවා. මේ ඉන්ටර්විවු කියන මගුල ගොඩක් වෙලාවට කෙරෙන්නෙ කඩ්ඩෙන් නෙව. ඉතින් සිංහල බ්ලොගක් වුනත් මේ ලිපියෙදි බස්සිට කඩු හරඹ ටිකක් පාවිච්චි කොරන්න වෙයි. භාෂා විද්වත්හු කේන්ති නොගනිත්වා!! කඩු හරඹ පවා වැරදී බස්සි හොට කපා ගත්තොත් සමාව භාජනේකට දමා සදොස් තැන් නිදොස් කරත්වා!!!

 
ඕන් එහෙනම් දැන් පට්ටාන් ගනිමු ඉන්ටර්විවු එක.

 
ඕනෑම ඉන්ටර්විවු එකකට ගියාම මුලින්ම අහන ප්‍රශ්නෙ තමයි ඔයා ගැන කෙටි හැඳින්වීමක් කරන්න කියන එක.

 
අපේ ගොඩක් යාලුවො කරන වැරැද්දක් තමයි මේ ප්‍රශ්නෙ අනිවාර්යෙන් අහන බව දන්න නිසා උත්තරේ කඩ්ඩෙන් ලියාගෙන පාඩම් කරගෙන යන එක. රැකියා පොළට යන්න කලින් අපේ බැචාලත් බොහොමයක් ආවා ඔය උත්තරේ ලියාගන්න. ඉන්ටර්විවු කියන්නෙ ගිරවා දාන තැනක් නෙමෙයිනෙ යාලුවනේ. කරුනු ටික පෙලගස්වා ගත්තාට කමක් නෑ. ඒත් අපි තමන් ගැන කඩ්ඩෙන් කියන්න එක වසරෙ හිට පුරුදු වෙනවානෙ නේද?






 
නම, ගම, වයස සහ තමන් ගත්තු උපාධි ගැන පට්ටන්දරේ දිග ඇරියාට ගොඩක් කැම්පස් ගිය, මාර්ස්ටර්ස් එකක් එහෙම කොරපු, ඒ උඩට cima, charted එහෙමත් කොරපු උදවිය අමතක කරනවා ඔතනදි තමන්ගෙ ඉක්කෝලෙ. පොඩි ඉක්කෝලෙකින් ආවත් කමක් නෑ. මතක් කරලා තමන්ගෙ ඉක්කෝලෙ නම කියන්න, ආඩම්බරෙන්. ඔයා මෙතනට ආවෙ ඒ ඉක්කෝලෙ නිසා බව දැනෙන විදියට ඒ ටික කියන්න. ඔයා මුල අමතක නොකරන කෙනෙක් බව අඟවන්න.


ඔය සේරමත් කියලා තවත් අර ඉස්සරහ ඉන්න උන් ටික මූණ දිහා බලන් ඉන්නවානම්...? එතකොට අහන්න පවුල් පසුබිම ගැනත් කියන්නද කියල. මොකද ගොඩක් වෙලාවට ඒ බලන් ඉන්නෙ ඒ ටිකත් කියනකම්. මෙතනදි කියන්න ඕනෙ අම්මගෙයි තාත්තගෙයි රැකියාවල් සහ සහෝදර සහෝදරියො ඉන්නවද කියන එක විතරයි. අවංක වෙන්න, බොරු ලොකුකම් කියන්න යන්න එපා. ඒත් නොකිව යුතු දේ කියන්න තරමට අවංක නොවීමත් හොඳයි.


ඊගාවට ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි හැකියාවන් සහ නොහැකියාවන් ගැන. ඉන්ටර්විවු බෝඩ් එකත් ලේසි පාසු කස්ටියක් නෙමෙයිනම් අහාවි ඒවා ආයතනයේ දියුණුවට බලපාන විදිය ගැන.





 

මෙන්න මේ වාගෙ තමයි වැඩේ ගොඩ දාන්න ඕනෙ.



What is your greatest strength and weakness? How will these affect your performance here?




In terms of strengths, I believe my greatest asset is that I have a highly organized mind and enthusiasm for work.



My greatest weakness perhaps is that I have little patience for people who don’t have the enthusiasm for work and who always complain about one thing or another.



I believe my organizational skills can help this organization to achieve its goals more quickly and that my enthusiasm towards work can sometimes create enthusiasm towards work among my coworkers.
 


වැරදි අහද්දි ඇත්ත වැරදි නම් කවදාවත් දෙසලා අරින්න හදන්න එපා පුතේ. බස්සි කවදාවත් කියල නෑ නෙව දවල් කෑමට පස්සෙ නිදිමත හැදෙන හැටි, මොකෙක් හරි කන ගාව කනු කුනු ගානකොට ඌට බෙල්ල ගැලවෙන්න දෙකක් දෙන්න හිතෙන හැටි ඉන්ටර්විවු වලදි.





 
ඔය ඉන්ටවිවු වලදි දෙන තවත් උගුලක් තමයි ඔයාගෙ හැකියාවන් දෙකක් සංසන්දනය කොරන්න කියන එක. එකක් අනිකට වඩා හොඳයි කියන්නනම් එපා පුතෝ. මුන් මේ අහන හැකියාවන්දෙකම ජොබට උවමනා වෙන හැකියාවන් වෙන්න පුලුවනි.

 
මේ වාගෙ අහවි.



How would you compare your oral skills to your writing skills?



එතකොට මෙන්න මෙහෙම කස්ටියව කරකෝලා අත අරින්නයි තියෙන්නෙ.



It seems organizations are more dependent on the ability of employees to be articulate both orally and in writing.


I have good skills in creative writing which is proven by the number of awards I have won in competitions. I got many chances to sharpen my writing skills in school. As I didn’t get much chances to enhance my oral communication skills in school I decided to take spoken English exams at **** and ****. I worked equally hard for them and as a result I ended up obtaining the highest marks in Sri Lanka and being the Sri Lankan prize winner * times in a row. In addition, I have participated for speech and recitation competitions which have clearly sharpened my oral skills. I have both competencies.



මේ උදාහරණයක් පමණයි. ඔයාට හැකියාවන් දෙකම තියෙන බව කස්ටියට ඒත්තු ගන්නන්නයි ඕනෙ.




තවත් සමහර වෙලාවට මෙයාල අහනවා ඔයාට කටු කන්න කොච්චර ධාරිතාවක් තියෙනවාද කියලා. හැබැයි එතනදි පෙන්නන්න ඕනෙ ඔයා කටු කකා එකතැන ඉන්න කැමති නෑ. ඉස්සරහට යන්නයි ඕනෙ කියලා. එහෙම බැරිනම් ඒ ජොබෙන් වැඩකුත් නෑ නෙව.





How hard do you work to achieve your objectives?



For me the question is not how hard I work. Every time when I have set an objective or I have been given a task to fulfill I work as hard as necessary to achieve the desired results. The question for me is how smart do I work- that is what can I do to make the completion of the task come as easily and smoothly as possible so I can move on to the other tasks.






තරඟකාරිත්වය ගැන ඔයාගෙ අදහසත් අහාවි. මෙහෙම කරන්නෙ තරඟයත් එක්ක අපහසුවෙන් ඉස්සරහට යන්නා වාගෙ පේන කස්ටියව හලන්නයි. ඒත් එක්කම බෙලි කපාගෙන තරඟ කරන උදවියව හලන්නයි.





Has competition had any positive and negative impact on your accomplishments? How?




If I was afraid of competition I wouldn’t be applying for a job in a place like this. I know competition is built in. The most important thing to me is knowing the competition and being clear about what it is we are competing for. When I’m in a competitive situation I like to make sure what’s at stake. Once I understand the game plan, I wholeheartedly enjoy competition.






අනිත් අමාරුම ප්‍රශ්ණෙ තමයි වැටුප ගැන අහන කතන්දරේ.









මමනම් කියන්නෙ වැටුප ගැන තීරණය කරන්න ඕනෙ යන ආයතනය සහ අදාළ තනතුරට අනුව කියලයි. අසූ පහක් දෙන්න හිතාගෙන ඉන්න තැනකට ගිහින් තිහක් ඉල්ලුවොත් සමහරවිට ඔයාව උඩ පැනලා බාරගනීවි. ඒත් බොහෝවිට ඔයාව හැලෙන්න පුලුවනි. වැටුප ගැන දළ අදහසක් ඔලුවෙ තියාගන්න. කවදාවත් තමාගෙ වටිනාකම අවතක්සේරු කරන්න එපා. අධිතක්සේරුවත් ඒ තරමටම නරකයි ඉතින්.




අනෙක තමයි, ඉන්ටර්විවු බෝඩ් එක තමන්ව අවතක්සේරු කරනවානම් ඒකට දෙන්න උත්තරත් ලෑස්ති පිට තියාගන්න.









අනාගතේ ආදායම වැඩි කරගන්න හැටි ගැනත් අහනවා බොහෝවිට.




මෙන්න මේ වාගෙ;



What do you consider your earning potential to be 5 years from now?




එතකොට හරියටම ගානක් කියන්න බැරුව විනාඩි ගනන් හිරවෙලා ඉන්න එපා. සුරුස් ගාල මෙන්න මෙහෙම ටර්න් එකක් ගහන්න.




I believe my talents can earn me a decent living; that’s why I’m applying to a prestigious company such as yours. I plan to make enough money to live comfortably and am willing to do what it takes to ensure that I am well paid throughout my career.





වැදගත්ම දෙයක් තමයි අදාළ ආයතනය ගැන ටිකක් හරි දැනුවත්ව යන එක. මොකද සමහරු අහනවා එයාලගෙ ආයතනය ගැන අපි දන්න දේ. කැම්පස් එකේ වර්ක්ෂොප් එකකදි මගෙන් යුනිලීවර් එකේ කෙනෙක් ඇහුවා එයාලගෙ සන්නාම (Brand) කීයක් ලෝක වෙළඳපොලේ තියෙනවද කියලා. දන්නවානම් කියමු බලාන්ටඅඩු ගානෙ ලංකාවෙ කීයක් තියේද කියලවත්... ඒ වාගෙ කරුණු දැනගෙන යන එක හොඳයි නැත්නම් සමහරු එතනින්ම කපනවා.




හැබැයි සමහර ආයතන ඔය ප්‍රශ්නෙ අහන්නෙම නැහැලු. අපේ බස්සා වැඩ කරන තැන එහෙම. මොකද කස්ටිය වෙබ් සයිට් එක බලලා ගිරවා දාගෙන ඒවි කියලා.






මෙන්න මේ වාගෙ කර මුලින් හිර කරන ප්‍රශ්ණත් අහන්න පුලුවනි සමහරු. මෙහෙම අහන්නෙ ඔයා සල්ලි පස්සෙම දුවන කෙනෙක්ද කියල දැනගන්නයි.



What do you consider most valuable; a high salary or job recognition and advancement?



For me those things are inseparable. Although I am not obsessive about money, I assume that with success and the advancement and recognition it brings will come greater financial rewards.




සල්ලි නැතුව පිනට වැඩකරන්නත් බැහැනෙ නේද? ඔයා ඔයාට දෙන වටිනාකම ගැනත් බලනව බොහෝවිට.




ඒ වාගෙමයි සමහර වෙලාවට ජොබට අදාළ විශේෂ ගුණාංග ගැන හොයනවා තදේටම. බස්සි කලින් ජොබ කරාපු තැන ඉන්ටර්විවු එකට ඇහුවා බොසා ඇවිත් මට legally නිවැරදි නමුත් ethically වැරදි දෙයක් කරන්න කිවුවොත් මොකද කරන්නෙ කියලත්. ඇත්තටම ෆැශන් ඩිසයිනින් පැත්තෙ ඒ වාගෙ නීතියට අදාල වුනත් හදවතට එකඟ නැති කේස් වෙනවා ඇති පදම්.




හොඳ සුපිරි GPA එකක් තිවුනොත් ඔයාගෙන් මෙහෙමත් අහන්න පුලුවනි. ඒ වෙලාවට පණ්ඩිත ටෝක්ස් දීලා හත්පොලේ ගා ගන්න නම් එපා. කැම්පස් ජීවිතෙයි, කාර්යාල ජීවිතෙයි හාත්පසින්ම වෙනස්.




Do you agree that GPA is an indication of how successful you would be in this company?



While managing an academic career is less complex than a demanding job, I believe there is a correlation. To me, the most important thing about a strong academic record is that it reflects a commitment to excellence.





අනාගත බලාපොරොත්තු ගැනත් අහනවා සමහර වෙලාවට නේද? එහෙම අහන්නෙ ඒවා කොයිතරම් දුරට realistic ද කියලා බලන්ටයි. නැතුව ඉන්ටවිවු බෝඩ් එකට මොකටදෑ අපේ හීන...





What is your personal and professional 5 year goal?



Five years from now, I’d like to have been in a good position for a few years, perhaps even have moved up once and be looking for another step either up or laterally within an organization. Personally I like to find a carrier I can stay with for a while- one interested in mutual investment.






What are your personal long term and short term goals? How did you determine them? How did you prepare to meet them in the long run and the short run?





Like any realistic goals, mine change periodically, my personal strategy; both long-term and short-term is to keep assessing where I am in relation to a current goal and modify my plans accordingly.



For example, I have a five year personal plan with an overall goal and a set of objectives. I review my progress make necessary modifications. My current plan obviously includes stepping into the corporate ladder. Aside from that, I’m meeting the personal goals I’ve set most recently.






ඔය මදෑ නේද මගපෙන්වීමක් විදියට. වැඩි විස්තර නැතුවම මම පහලින් දාන්නම්කො තවත් ප්‍රශ්න කීපයක් සහ එවුවාට දෙන්න සුදුසු ආකාරයේ උත්තර.






How would you go about creating a plan for your unit or department if you were in charge?




I believe planning is one of the most critical skills a manager can have. The key is using a systematic process. First you need to gather input from all staff members. Next you need to review and analyze the input. Once you understand what you are working with, you create a plan with goals and objectives.


Next you implement the plan. Finally, you evaluate on an ongoing basis, how things are going to adjust as required.






How important are details to you?



I think that attention to detail can make the difference between acceptable results and excellent results.



Building in quality controls from the start of a project is, I believe, a way to ensure that the project has the best possible outcome. I believe the more careful you are in the early stages of a project, the less likely you are to have problems in the later stages.







What kind of situations really get you down?



I think the thing that bothers me most, (and it doesn’t happen often,) is when a problem lingers too long. I don’t think there is room for unresolved problems in successful places. I like to find good solutions as quickly as possible so I can get on with the business.







What do you do when you are right and others disagree with you?



First, I make sure I have enough accurate information to maintain my position. Once I’m really convinced my perspective is right, I pay close attention to the particulars of the opposition’s objections. I try reason with them by looking at the situation from their perspective. Given mutual commitment, I find agreement can eventually be reached.







Do you feel qualified to be successful in your position? If you don’t, what will you do to compensate for your deficiencies?



 
Although I’m sure that there are things to learn, (there are in every new job) I think that you will find that I’m a quick study. I’ve got the skills and I believe the talent to meet your needs and I don’t see any real obstacles in my way.







තවත් විශේෂම දෙයක් තියෙනවා යාලුවනේ. කැම්පොස් එකේ දාපු බර කඩු කස්තාන දාන්න එපා. සරල ඉංගිරිසියෙන් කතා කොරන්න. අපි එසයින්මන්ට්, ප්‍රොජෙක්ට් රිපෝට් ලියන ඉංගිරිසියයි, කතා කරන ඉංගිරිසියයි එකිනෙකට බොහෝම වෙනස්. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නදෑ කියලා යූ ටියුබ් පැත්තෙ ගිහින් ටියුටෝරියල් ටිකක් එහෙමත් බලලා රැකියා පොළට සෙට් වෙන්න.








කැම්පොස් එකේ ජූනියර් බැචාල විතරක් නෙමෙයි ඉතින් බ්ලොග කියෝන අනිත් කුරුල්ලො කිරිල්ලියොත් මේකෙන් මක්කා හරි පොරෝජනයක් ගත්තානම් ඒකයි බස්සිගේ සතුට.




අඩුපාඩු ඇති එමට. කඩු පහරවල වැරදි ඇත්නම් කියලා දීලා යන්න හොඳේ....



ප.ලි.
ලිපි පෙළ ලියන්න ගත්තේ ජූනියර් බැචාල බැචීල වෙනුවෙන් උනාට ලැබුන ප්‍රතිචාර අනුව බලනකොට හිතෙනවා එයාලට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබිලා නැති විත්තිය. ඒ නිසා බස්සිගේ ඇඩ්වයිස් මාලාව ලිපි දෙකකට සීමා කරන්න හිතුවා. අදින් ඇඩ්වයිස් දීලා ඉවරයි හොඳේ.





22 comments:

  1. මෙක හරි කෙලියක් නෙ යකො එකක් කියවල ඉවර වෙන්න කලින් තව එකක්.හරි හරි මොනව උනත් තැන්කු

    ReplyDelete
    Replies
    1. මේ දම්ගුණයට හොඳක් කොරන්න ගියත් මමමයි බැනුම් අහන්නෙ. හිටපල්ලාකො. ආයෙ නම් ලියන්නෙ නෑ ඇඩ්වයිස්.

      හරි හරි මොනව උනත් වෙල්කම්! ;)

      Delete
  2. මෙහෙම ගියොත් නම් මේ බ්ලොග් එකම බුක්මාක් දාගන්න වෙයි වගේ! :D

    ReplyDelete
    Replies
    1. හී.... බ්ලොග් එක පිටින්ම බුක් මාක් කර ගත්තානම් හරිනෙ. නැත්නම් පිටුව සේව් කරගන්න. :D

      Delete
  3. ලබන අවුරුද්දෙ මේ වෙනකොට අපිත් ඔව්වට යන්න වෙනවා :( හයියෝ... සමනළ් යොවුන් විය අවසානයි.....
    තමන් පොලු තියපු කම්පැනියකම ජොබ් එකක් සෙට් උනොත් කොහොමද :P

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයාත් මේ පිටුව බුක්මාක් කරගන්න එක හොඳයි. හික්ස්! ඒ තරම් කම්පැණි ගානකට පොලු තියලා තියෙනව ද?

      Delete
  4. බලාගෙන ගියාම ඉන්ටවිව් යන එකත් සෑහෙන්න අමාරු දෙයක් නොවැ.

    ReplyDelete
    Replies
    1. වාසනාව තියෙන අයට ලේසියි. නැති අයට අමාරුයි.

      Delete
  5. බස්සි කියලා තියන විදිහට තමයි ගොඩක් තැන් වල ඉන්ටර්වීව් වලදි අහන්නෙත්, එන අය උත්තර දෙන්නෙත්. ඒ වගේ ඉන්ටර්වීව් 4ක්ම මම ෆේල්. මම පාස් වෙච්ච මුල්ම ඉන්ටර්වීව් එක කලේ කැනේඩියානු ජාතිකයෝ දෙන්නෙක්. මම ගැන හැඳින්වීමක් කරන්න කියලා නම් කිව්වා... ඊට පස්සේ මගේ සීවී ඒකේ සඳහන් දේවල් ගැන ප්‍රශ්න ටිකක් ඇහුවා, බොහොම කැෂුවල්. ඊළඟට එයාලගෙ ආයතනය කරන දේවල් ගැන මට ඩොකියුමන්ට්ස් පෙන්න පෙන්න කිව්වා. මට තේරුණා සමහර තැන් වලදි එයාලා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්නේ මට ප්‍රශ්න අහන්න ඉඩ දීලා කියලා. ඉතින් මාත් දන්න විදිහට ඇහුවා. පස්සෙ දැන ගත්තා ඒ අපි අහන ප්‍රශ්න වලින් තමයි එයාලා අපේ දැනුම, භාෂාව භාවිතය, කියවීම වගේ දේවල් ගැන තීරණය කරන්නේ කියලා. අනික ඉන්ටර්වීව් එක හරිම කැෂුවල්... ක්‍රිකට් ගැන, චිත්‍රපටි ගැන, මගේ හොබීස් ගැන අහ අහ තමයි ගියේ... ඊට පස්සෙ නම් එක ෆෝමල් ඉන්ටර්වීව් එකකිනුත් ගොඩ ගියා.... හැබැයි වෙන කරන්නම දෙයක් නිසා මාව ගන්න ඇති කියලා මට හිතුනේ... මොකද මම ඒ ජොබ් එකම කන්ට්‍රෑක්ටර් කෙනෙක් විදිහට කරලා තිබ්බා... ඉන්ෆෝමල් ඉන්ටර්වීව්ස් දැන් සෑහෙන ජනප්‍රියයි. ලංකාවේ නම් කොහොමද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම ඉන්ෆෝමල් ඉන්ටර්වීව්ස් තවමත් කෙරෙනවා අඩුයි ලංකාවෙ. බස්සි ගිය ඉන්ටර්විවු වලදි නම් කෙරුනෙ ඔය උඩ තියෙන වාගෙ ප්‍රශ්ණත් එක්ක අවසානෙට ඉන්ෆෝමල් ප්‍රශ්න කිහිපයකුත් අහන එකයි.

      හැබැයි ඒ ඉන්ෆෝමල් ප්‍රශ්ණ ඇන ගැනීම ෆොර්මල් ප්‍රශ්න වරද්දා ගැනීමට වඩා බරපතලයි. උදාහරණයක් වශයෙන් හිතමු තමන්ගෙ හොබීස් ගැන අහනවා කියල. හොබී එක කිවුවට පස්සෙ ඒ හොබී එකට අදාලව එයාල අහන අනිත් ප්‍රශ්න වරද්දා ගත්තොත් සොරි ඩොට් කොම් තමයි.

      Delete
  6. දැනුයි හප්පේ කියවන්න ලැබුනෙ.
    මුලු පෝස්ට් එකම කියවන් ආපු මූඩ් එක ගියා පසු පිලිවීම කියෙවුවාම. එහෙම හිතන්න එපා බස්සි. ප්‍රථිචාර වලින් මැනලා ඔයා පටන් ගත්ත හොද වැඩේ නවත්තන්න එපා. දැන් නැත්ත මේවා තව කාලෙකට පස්සෙ හ‍රි කියවන අය ප්‍රොයෝජනයට ගනී.
    ඒ නිසා මමනම් කියන්නෙ දිගටම ලියන්න. (ඔයාට වෙලාව තියෙනවා නම්. මොකද අපට බල කරන්න බෑනෙ.)
    ලිපි දෙකෙන්ම මං නම් සෑහෙන්න දෙයක් ගත්තා. ඒකට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු. අදහසටත්, දිරිගැන්වීමටත් ගොඩාක් ස්තූතියි ප්‍රියා.
      ඉන්ටර්විවු ගැන ලියාපු ලිපි ඒවායින් ප්‍රයෝජනයක් ගනීවි කියලා හිතාපු උදවියට පලක් නෑ කියලා අහන්න ලැබුනා. බස්සිගේ නවාතැනට නිතර එන ඔයාල ගොඩක් දෙනෙක් ඉතින් ජොබ් කරන උදවිය නෙව.

      ලියන එක නවත්තන්නේ නෑ යාලු. ඉස්සර වගේ ලේ පිරිසිදු වෙන්න හිනා වෙන්න පුලුවන් කතන්දර එහෙම ලියනවා දිගටම. :D

      Delete
  7. ඇයි බස්සියේ බැචිලට විතරද දැනමුතු කම් දෙන්නේ..කැම්පස් නොගියට අපිත් ඉගෙන ගන්න උදවිය හෆ්ෆා

    ReplyDelete
    Replies
    1. බැචාල බැචීල එන්නෙ අඩුවෙන්නෙ. ඔයාලටත් එක්ක තමයි අප්පේ ඩොකෝ මෙවුව ලියන්නෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එහෙනම් මක්කද උපදෙස් දීම නවත්වනවා කියලා,කියලා තියෙන්නේ

      Delete
    4. අවසාන උනේ රැකියා පිළිබඳ උපදෙස් මාලාව මිස බස්සිගේ පිස්සු කතා නොවේ!!!

      Delete
    5. එක ගැන තාම බස්සියේ මත කියන්නේ... දෙන උපදේසයක් අපිට දෙන්න හෆ්ෆා අපිත් ඉගෙන ගන්න උදවිය නොවැ

      Delete
  8. කලින් කිව්ව වගේ ම කියන්න තියෙන්නේ වැදගත් කරුණු ටිකක් කියල තමයි. මේක මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නැත්තෙ ඇයි???

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිලිනි!!

      අනේ මන්දා.... අප්ඩේට් වෙලා නැද්ද? ගණන් ගන්න එපා දිලිනියෝ බ්ලොගර් එකේ අවුලක් වෙන්න ඇති. :D

      Delete
    2. ඒ මගේ බ්ලොග් රෝලෙත් update වෙලා නෑ නේ අප්පා දැන් තමා දැක්කේ

      Delete
    3. අයියෝ අනේ බ්ලොගර් මා එක්ක තරහ වෙලාද දන්නෑ නේද? :(

      Delete