Tuesday, November 26, 2013

ජීවිතයට පාට දෙන්න - COLOUR



"ජීවිතය පුරා පිරී ඇත්තේ හිස් බවකි,
මට අප පෙම් කල සමය සිහිවෙයි,
මා පෙ
ම් කලේ නුඹටම පමණකි,
එය යථා සමාජය තුළ සිදුවිය හැක්කක්දැයි නොදනිතත්,
මා අදටත් නුඹ ගැන බලා සිටිමි.
දහසක් බලාපොරොත්තු තවමත් මගේ සිත තුළ ඇත.
හිමිදිරිය නම් ගෙවී අවසන්ය.
ඉතිරිව ඇත්තේ සැඳෑ සමයයි.
එහෙත් හිමිදිරිය සේ පිබිදෙන්නට,
මා අදත් බලා සිටිමි.
ඒ නුඹ එන තුරුය.
මන්ද,
මට යළිත් හිමිදිරිය ගෙන එන්නේ,
නුඹ නිසා පමණක්ම බැවිනි......"





විඩාපත් සිරුරේ හදගැස්ම මොහොතකට නවතා දමා, රිදුම් දෙන දෙනෙත කඳුලින් සෝදා පිරිසිදු කල මේ මහා සිනමා නිර්මාණය පිළිබඳ සටහනක් තබා බ්ලොග් අවකාශයේ සහෘදයන් සමග ඒ රසය බෙදා නොගන්නට තරම් ආත්මාර්තයෙන් මඩනා සිතක් නොලද්දෙක් වූ නිසාවෙන්, ඒ වගත් මෙසේම සටහන් තබන්නට අවසර......

 
ඉසුරු වීරසිංහ මුදලි, මින් පෙර සවනත රැඳි නමක්ද නොවේ. ඔහු අංකුර සිනමා අධ්‍යක්ෂකවරයෙක්. මේ ඔහුගේ පළමු සිනමා නිර්මාණය? අංකුර සිනමා ශිල්පියෙකු වුව, ඉසුරුගේ පළමු සිනමා කෘතියෙහි පරිණත භාවය සිනමා ලොව ඔහුගේ ගමන පැහැදිලි බවත් ශක්තිමත් බවත් මොනවට පහදා දෙයි.






මුදලට අලෙවි නොවූ කලාකරුවෙක්, ඒ සිත්තරෙක්. ඔහුගේ ශෝචනීය ප්‍රේම වෘතාන්තය සිනමා පටය පුරා හද හඬවමින් ගලා යයි.  හිස් කැන්වසය මත වදින හැම පින්සල් පහරකින්ම ඔහු කැන්වසයට මුහු කරන්නේ තමාගේම හදවතේ කැබැලි ය. කැන්වසය මත වර්ණ ගැන්වෙන්නේ ඔහුගේම හැඟීම්ය. කලර් චංචල රූපරාමු වලටත් වඩා ප්‍රේක්ෂකයා අමතන්නේ නිසල සිතුවම් වලිනි.






 
ජීවිතේ පාට පිරුණු සිත්තමකි. පාට පාටින් පාට ගන්වා ඉසුරු සහෘද හදවතට කරන සියුම් ආමන්ත්‍රනය අපූරුය. සිනමා පටය පුරාවට තැනින් තැන මහා කතාවක් තත්පර දෙක තුනකින් මනා සංයමයකින් යුතුව කැටි කර දක්වන සංකේතාත්මක රූප රාමු කිහිපය අති විශිෂ්ඨය.







තැන තැන විසිරෙච්ච විසි වෙච්ච වැහි බිංදුවේ...
මට හැකිනම් ගුලි වෙන්න නුඹ එක්ක මේ සීතලේ...
නුඹ එක්ක ගුලි වෙන්න මේ සීතලේ..
සිසිලස විදගන්න මේ ජීවිතේ....

 
බිඳ බිඳ වැටී දසත හා යාවෙලා..
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා...
බිඳ බිඳ වැටී දසත හා යාවෙලා..
දුක් සෝ සුසුම් දැන් යයි පාවෙලා...


නුඹ එක්ක ගුලිවෙන්න...//


රහසින් ඇවිත් රහසෙම ලංවෙලා...
ලෝකය මගේ නුඹ නමින් වෙන්වෙලා...
රහසින් ඇවිත් රහසෙම ලංවෙලා...
ලෝකය මගේ නුඹ නමින් වෙන්වෙලා...


නුඹ එක්ක ගුලිවෙන්න...//


 
මීනා ප්‍රසාදිනීගේ කිංකිණි හඬින් ගැයෙන ගී රාවය සිනමා පටයේ ඇමිනූ මරකත මැණිකක් වැන්න. සංඛ දිනෙත්ගේ තනු නිර්මාණ රස විඳින කල්හි හෙළ සිනමාවේ අනාගතය ගැන ඇතැම් විද්වතුන් පළ කරන අසුබ අනාගත වාක්‍ය පුස්සක්ම පමණක් බව පසක් වෙයි.



ගීත හා බැඳුනු රූපරාමු හදවතේ සියුම්ම තැන් පිරිමදිමින් හද නිවයි. ඉසුරු ආදරය දිගහරින්නේ සුන්දර දියඇලි පසුබිමක හෝ කඳුරට මල් යායවල් මැද නොවේ. දෙනෝදාහක් දෙනාගේ ජීවිත බද්ධ වී ඇති කොළොම්පුරේ ගෙන්දගම් පොළව මතය. ඔවුන් අත් පටලාගෙන ගමන් කරන්නේ කසල පිරුණු, වාහන වල කටුක දුම් වලාවන්ගෙන් වැසී ගිය අලු පාට නගරය මැදිනි. ඒ ආදරය හද කම්පිත කරන්නේ එය සින්තටික් සිහිනයක් නොව, පෙනෙන, දැනෙන, විඳින යතාර්ථයම බැවිනි.







ඒ ආදරය හදවත කොතරම් තදින් වෙළා ගත්තේද යත්, ගිනි ගහන අවුවේ වාහන දුමෙන් නැහැවෙමින් කොළඹ පාරවල් වල අතිනත පටලා ඇවිදින විට, සෙනග පිරුනු දුම්රියේ ඒ අතැඟිලි වල වාරුවෙන් නොවැටී තෙරපෙමින් ගමන් ගන්නා විට මගේ මුවින් මේ පදවැල් ගිලිහෙන්නේ නිරායාසයෙනි.



හීනයේ තටු ඇවිත් පාව යයි ජීවිතේ....
හීනයක් නම් නෙවේ ඒ තමයි ආදරේ...


ජීවිතේ ජීවිතේ.... පාව යයි ජීවිතේ....
ආදරේ ආදරේ..... මේ තමයි ආදරේ....


නුඹ මගේ ලඟ ඉඳන් දුක නිවයි ජීවිතේ...
නුඹ වගේ වෙන කෙනෙක් නෑ මගේ ජීවිතේ...
කිසි දිනක වෙන් නොවී...
මියෙන තුරු ලග රැදී...


ජීවිතේ ජීවිතේ.... නුඹ මගේ ජීවිතේ....
ආදරේ ආදරේ..... නුඹ මගේ ආදරේ...





 


සිනමාපටය ගොතන්නේ ඉතා අල්ප වූ චරිත සංඛ්‍යාවක් වටාය. ඒ අල්ප වූ චරිත වලට පණ පොවන්නෝ සිනමා ලොව සැබෑ හපන්නු බව නොකිව මනාය. සිත්තරාගේ භූමිකාවට පණ පොවන කමල් අද්දරාරච්චි වසර තිහක පමණ දීර්ඝ කාල රාමුවක විහිදෙන සිත්තරාගේ ජීවිතයට හුස්ම දෙන ආකාරය අපූරුය. ඔහුගේ රංගනය මට විරාගයේ අරවින්දව සිහි ගන්වයි.







සඳනි සුළක්ඛනා රිදී තිරයට අවතීරණය වන්නේ කලර් සිනමා පටයෙන් බැව් මා දැන ගත්තේ සිනමා පටය දෙවන වරට නරඹන කල්හි ය. ඇගේ දොරට වැඩුම විය යුතු පරිද්දෙන්ම සුභ මුහුර්තයකින්, අනාගත සුභ ලකුණු රැසකින් සමන්විතව සිදුව ඇති බැව් සිනමා පටය පුරාවට මොනවට පැහැදිලි වෙයි.





 
කිව යුතු දේ බොහෝය. නමුත් සිනමා පටය මගේ වදන් සොරා ගෙන ඇත. මම "කලර්" පළමු වරට රස වින්දේ මීට වසරකට පෙරාතුවය. එදා මෙදාතුර මම "කලර්" ගැන පසසන්නට වදන් අමුණනු නොහැකිව ගොළු වී සිටියෙමි. මට මගේ වදන් ගලපා ගත හැකි වූයේ තෙවන වරටත් "කලර්" මා හැඬවූ පසුය.


51 comments:

  1. බොහොම සංවේදී කතාවක් සහ අපූරු නිර්මාණයක්. දෙබස් අඩුවුවත් කතාව නියමාකාරව ගලායන හැටි අපූරුයි.
    http://tharuwehi.blogspot.com/2013/07/blog-post_17.html
    මේ 'කලර්' මට දැනුන හැටි. :)

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා තනිතරුව කලර් ගැනත් ලීව ද? මට කියවන්ට වුනේ නැහැ නෙව ඒක... මමනම් හිතන්නෙ දෙබස් අඩු නිසා කතාව කනට නෙමෙයි හදවතේ ගැඹුරටම වදිනවා.

      Delete
    2. අනිවාර්යෙන්ම! මේක කියෙව්වම ආයිත් බලන්න හිතුණා.

      Delete
  2. බලන්න වටිනවා වගේ නේද? මට හෙට දෙන්නකෝ :)

    ReplyDelete
    Replies
    1. අනිවා දෙන්නම්. ඒක සුපිරි ෆිල්ම් එක.

      Delete
  3. මමත් කලර් බලලා මොකුත් කියා ගන්න බැරිව ගොළු වෙලා හිටිය එකෙක්. මට දැනුනේ නිකම් ප්‍රංශ ෆිල්ම් එකක් බලනවා වගේ. අතාත්වික සුන්දරත්වයක්.

    ReplyDelete
    Replies
    1. මටත් ෆිල්ම් හෝල් එකෙන් එළියට බහිද්දි නිකම් ඔලුවට පොල්ලකින් ගැහුව වාගෙ... ෆිල්ම් එක ලැබුනා ඉරිද. දෙපාරක් බැලුව මුල සිට අගට. ඒ ගමන තමයි හිතුනෙ ඒක ගැන මොනවම හරි ලියන එකෙන් නොබලපු අයට ඔත්තුවක් දෙන්න පුලුවන් ය කියල.

      Delete
  4. කලර් චිත්‍රපටය මන් බැලුවේ ගිය අවුරුද්දේ මයේ හිතේ ...හිතට දැනුනු නිර්මාණයක් දෙබස් අඩු උනත් හරිම අවය්‍යාජ දෙබස් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බලන හැම වතාවකම මාව අඬවන එකම ෆිල්ම් එක තමයි COLOUR. වචනෙකින් දෙකකින් ඒකෙ ලොකු කතාවක් කියනව.

      Delete
  5. මාත් නෙට් එකෙන් බැලුවා..ඒත් මට ඒකෙ සමහර කොටස් වල හරිම අර්ටිෆිසියල් ගතියක් දැනුණා , එතරම් රසක් දැනුනේ නැහැ ,,ඒකෙන් කියන්නේ නිර්මාණයේ ගුණ අගුනක් නෙමේ මං කියන පුද්ගලයාගේ රසවින්දනයට ඒක සෙට් වෙන්නේ නැහැ කියන එක විතරයි

    ReplyDelete
    Replies
    1. හිතේ දළුලමින් තිබු ආසාව යටපත් උනා මේක දැක්කම ... :(

      Delete
    2. පහළ තියෙන කොමෙන්ටු කියෙවුවෙ නැතෙයි ඔය ආසාව යටපත් උන දෙන්නා..?

      Delete
    3. ඔමා.... අපි එකිනෙකාගෙ රසවින්දනය වෙනස් නෙව. ඔය විදියට බැලුවොතින් නම් සමනළ සංධ්වනියත් ආර්ටිෆිශල් කතාවක්.

      මමනම් ආර්ටිෆිෂල් තේමාවන් ඇතුලෙත් අමුතුම රහක් දකින එකෙක්. ඒ නිසා වෙන්න ඇති මට මේ ෆිල්ම් එක රහ වැටුනෙ.

      Delete
    4. @sahan . @රෙහානි මට තේරෙන්නේ නැහැ ඔයාල අදහස් කරපු දේ ,මේක මගේ පවුද්ගලික අදහස විතරයි

      Delete
  6. කලර් ටිකක් පරණ ෆිල්ම් එකක් නේද? හැබැයි මම බලලා නම් නැහැලු..

    ReplyDelete
    Replies
    1. ජාලයෙන් බාගන්න ඇති දිනේශ් අයියේ. හොයාගෙන බලන්න පුලුවනිනම්. මටත් බස්සා ළඟදි හොයලා ගෙනත් දුන්නා ඇති තරම් බලන්න කියල.

      ෆිල්ම් හෝල් වල පෙන්නුවෙ අවුරුද්දකට විතර කලින්. පළවෙනි වතාවට ෆිල්ම් හෝල් එකේදි බලලා නිකම් කරකවලා අතෑරිය වගේ උනා.

      Delete
  7. ෆිල්ම් එකේ නම ඇහැව්වම මමත් මුලුන් හිතුවේ සීනිබෝල කතාවක් කියලා. එත් ඉස්තරම් සිනමා නිර්මාණයක් එක. බස්සිත් එක්ක එකඟයි. නමුත් අපේ රටේ සිනමාව මනින්නේ නිර්මාණය මගින් නෙවෙයි , නිර්මාණකරුවා දිහා බලලා. ඉතින් ගොඩක් හැකියාව තියෙන අංකුර කලාකරුවෝ උපන්ගෙයිම මිය ඇදෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් මුලින්ම ඔය ෆිල්ම් එක බලන්න ගොඩවැදුනෙ අහම්බෙන්. කැම්පස් එකේ ස්ට්‍රයික් කාලෙක කරන්න වැඩක් නැති කමට ටවුන් එකේ එහාටයි මෙහාටයි රස්තියාදුවක් ගගහා ඉන්නකොට අමුතු නමක් තියෙන ෆිල්ම් එකක් නිසා ගියා බලන්න. ඒ අහම්බය කොයි තරම් වටිනවාද කියල හිතුන ෆිල්ම් හෝල් එකෙන් එලියට බහිනකොට. :)

      Delete
  8. මම බලල නෑ නොවැ ඔය "කලර්" අදම බාන්න සෙට් කරගන්න ඕන....එල එල බස්සී

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි ගාලුවෝ. බලලාම අදහස කියන්නකො එහෙනම්.

      Delete
  9. අපේ රටේ වැ‍රැද්ද කොච්චර හොඳ ෆිල්ම් එකක් උනත් වාණිජ ගනයට වැටෙන ෆිල්ම් එකක් නෙමේ නම් ඒක නරඹන්නෙ ඉතාමත් සීමීත පිරිසක් විතරයි.
    එහෙම ෆිල්ම් ගැන මෙහෙම කතාවෙන එකත් ලොකු දෙයක් බස්සි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ප්‍රියා. ඉස්සරට වඩා දැන් තත්වය ටිකක් විතර යහපත්. මට මතකයි අපි "පුරහඳ කලුවර" බලන්න ගිය දවසෙ නිවාඩු දවසක් වෙලත් ෆිල්ම් හෝල් එකේ හිටියෙ දහදෙනෙක් විතර.

      ඊට හපන් අපි "කර්ම" බලන්න ගිය දවසෙ, ටිකට් ගන්න මාර පෝලිම. කොල්ලො කෙල්ලො හෙන තොගයක් හිටියා. (මේක බැලුවෙ කිරිබත්ගොඩ ෆිල්ම් හෝල් එකක.) ගිහින් ඉඳගෙන බැලුවාම අර පෝලිමේ හිටපු උන් එකෙක්වත් නෑ. පස්සෙයි මීටර් උනේ උන් සේරම ඇවිත් තියෙන්නෙ බොක්ස් වලට රිංගන්න. ඔන්න අපේ රටේ සිනමා රසිකයො.

      Delete
  10. ''කලර්'' කියන්නේ මාවත් හැඬවූ නිර්මාණයක්. මම තනියම ගිහින් මේක බැලුවේ බලනකන් ඉවසීමක් නොතිබුණු නිසා. මේ ගැන කතා වුණා මඳි කියල යි මට හිතෙන්නේ. පරණ කෙනෙක් හැදුව නම් ඔයිට වඩා සෑහෙන්න ජනප්‍රිය වෙයි. හැබැයි මේ ගීතවලට නම් මගෙ වැඩි කැමැත්තක් තිබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු දිලිනි, අපේ ගොඩක් අය නිර්මාණ මනින්නෙ නිර්මාණකරුවාගෙ ප්‍රසිද්ධියෙන් මිසක හැකියාවෙන් නෙමෙයි. ගීත දෙක නම් ජීවිතේට සමීප නිසා ද මන්දා මට නම් හිතට වැදුනා. :)

      Delete
  11. සංඛ දිනෙත් කියන්නෙ නියම කලාකරුවෙක්.මමහිතන විදියටනම් ප්‍රබුද්ධ ගනයේ කලාකරුවෙක්.ඔහු දෙයක් කලොත් කියන්න දෙයක් නැහැ හිට් වෙනවම තමයි.

    ReplyDelete
    Replies
    1. සුපර් ස්ටාර් වලට බොහෝ දෙනෙක් අපහාස කලත් ඒ හරහා ඉදිරියට ආපු දක්ෂයන්ගෙන් කෙනෙක් තමයි සංඛ. මමත් සංඛගේ මියුසික් වලට හරිම කැමතියි.

      Delete
  12. අපොයි බලන බලන එකා ඇඩුවනම් සල්ලි වියදම් කරගෙන මොකටද ඔයි ඕක බලන්නේ ..... මමනම් බලන්නේ නෑ
    (ලින්ක් එකක් තියෙනවනම් දාපියව් )

    ReplyDelete
    Replies
    1. රාළේ ඔයා බලන්නෙත් නැත්නම් ලින්ක් ඉල්ලන්නේ මක්කටෙයි? :P

      Delete
  13. බලන්න බලන්නම්... හෝල් වල ටැග් ගැහෙන්න ඩෝන්ට් ලයික්. හැබැයි නිර්මාණය ගැන ලියපු නිසා බලන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. දැන් හෝල් වල ටැග් ගැහෙන්න ටූ ලේට්. ෆිල්ම් එක ඇවිත් දැන් අවුරුද්දකටත් වැඩියි මල්ලි. ජාලයෙන් බාගන්න තමයි වෙන්නෙ.

      Delete
  14. බස්C..... මම හරිම කැමත්තෙන් බලපු ෆිල්ම් එකක්. කමල්ගේ රඟපෑම් විශිෂ්ඨයි මට නම්. ඉසුරු තව ෆිල්ම් එකක් කරා නේද මල් කියලා. ඒක බලන්නේ කොහොමද? ඉසුරු ඔයගොල්ලන්ගේ අඩවියේ කෙනෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ආසාව යළි මෝදු උනා ...

      Delete
    2. ඉසුරු මාදම්පේ පැත්තේ කෙනෙක් අරූ. "මල්" කියලා ෆිල්ම් එකක් කල බව මටත් ආරංචි වුනා. ආරංචියේ හැටියට ඒක තිරගත් වෙන්න සෑහෙන කාලයක් යාවි. (ඔය දිග waiting list එකක් තියෙනවා කියනවනෙ.) ඉසුරු කරපු කෙටි චිත්‍රපටි කිහිපයක්ම තියෙන බව අහන්න ලැබුනත් ඒවා බාගන්නත් හරි හෝඩුවාවක් ලැබුනේ නැහැ.

      Delete
    3. ඈ සහන් අයියේ ආසාව යළි මෝදු උනේ "මල්" නිසාද? ;)

      Delete
    4. සි & සහන්......මල් කියන්නේ අපි දකින්න කැමති සහ නෙලන්න හෝ ඉඹින්න හෝ වෙන යම්වූ ඕනෑම ආකාරයකින් රස විඳින්න කැමති ජීවමාන වස්තුවක්. පන්සලට පල්ලියට කෝවිලට ආභරණයක්..අමුවෙන් නම් කතුරුමුරුංගා මල් උයලා හරි රසයි උම්බලකඩ සහ පොල් මිටි කිරි ටිකක් එක්ක. වේලලා නම් බෙලි මල් වගේ තම්බලා හකුරු කෑල්ලක් එක්ක. ශ්වසන මාර්ගය තුලින් ඉතාම සංවේදී සිහින් රුධිර නාල පද්ධතියටත් එකතු කර ගත හැකි ඉතා වටිනා මල් වර්ගත් තියෙනවා. මම ඉඳලා හිටලා පමණක් ඒවාටත් කැමතියි.

      අප්පට සිරි අපි කතා කරන්නේ කලර් ගැන..ඒ කියන්නේ පාට ගැන....පාට මුලින්ම මිනිස් ඇසට හුරු කලේ මල් කියලා මට හිතෙන්නේ. පොල් ..ගල්..මල්..වල්..ඕවා දරුවෝ කල් යල් බලා නිවැරදි මනසින් පාවිච්චි කෙරුවොත් ලොල් පිට ලොල්:
      මේ කමෙන්ට් එක ඩැඩී බස්සාට පෙන්නන්න එපා..අරූට පිස්සු කියයි. උඹේ බස්සාට පෙන්නපන් නෝ වොරීස්! මගේ කතාවේ මහවැව සහ ඒ අවට අමතක නොවන සුන්දරත්වයේ එක් නවාතැනක්ය. සත්තෙන්ම ළමයිනේ.

      ප්‍රියාගේ කමෙන්ට් එකට රිප්ලයි එක දීලා තියෙන්නේ අංකල් අරූගේ නමින්.

      Delete
    5. මේ උඩ කමෙන්ට් එක BUS සි සහ සහන්ට.

      Delete
    6. අනේ මන්දා අරූ. මමනම් ඒ පැත්තේ තියෙන මල් ට්‍රෙන්ඩ් එකට විරුද්ධය. මොකද කියනවානම් අපේ සමවයසේ යහලුවන් කිහිපදෙනෙක්ම ඔය මල් නිසා ජීවිතේ නාස්ති කර ගත් බව දන්නා නිසාය. ඒ පැත්තේ දෙමවුපියන් කාසි සොයා ඉතාලි යාම ජයටම කෙරෙන නිසා ළමයි මල් වලට ඇබ්බැහි වී ජීවිත චාටර් කරගන්නා අවස්ථා බහුලය.

      ප්‍රියාට කෙටූ රිප්ලයි එකේ වරද පෙන්නා දුන්නාට පින් ය. තාවකාලික පදිංචියත් ප්‍රියාලාගෙ ඒරියා එකේ නිසා පොරට තරහා ගියා නම් මල කෙලියක් වෙනවාය. ;)

      Delete
    7. බස්සී....යම්කිසි දෙයක් දැණුවත්ව කිරීම සහ නොදැණුවත්ව කිරීමේ ආදිනව මම තොපේ පරම්පරාවේ දරුවන් තුල දකිමි..උඹලාගේ ජෙනරේෂන් එක කැමතිම අනුකරකනයටය...ඔය ට්‍රෙන්ඩ් කියන වචණය අපේ භාෂාවට එක් වෙන්නේත් ඒ නිසාමය...ඔවුන් කන්නේත් බොන්නේත් අනිත් සියළු දේ කරන්නේත් ට්‍රෙන්ඩ් එකටය. වැඩිහිටියන්ට නමස්කාර කරන්නේත් හින්දි ෆිල්ම් මොඩ්ල් එකටය. මේ ජීවත් වෙන්නේ අනුකාරක ගොබ්බයෝය . බස්සි උඹ එසේ නොවනා බව මම දණිමි. මේවාට වගකිව යුත්තේ විවෘත මනසින් ජීවත් නොවු වැඩිහිටියෝය. එසේ නොවීම ගැන මටත් මගේ පෙම්බරාවියටත් ඇත්තේ ඉහවහා ගිය සොම්නසකි. විෂයට අදාලව කිව යුතු දෙ බොහෝය. ලංකාවේ හිටියානම් ප්‍රසිද්ධ දේශනයකට බස්සී මට එන්න කියාවිය. දිනක මම එය කරමි. ඔබ හැකිවිටක මගේ කතාව කියවන්න..එය ඔබට වරදක් නොවනු ඇත.

      Delete
    8. අරූ... කොමෙන්ටු කෙටුවේ නැතත් මම "අවුල් වන්නට පෙර" නොවරදවා කියවමි. කොමෙන්ටු කොටන්නෙ නැත්තෙ මගේ මෝඩ කතා ඒ ලිපියේ වැදගත්කම හීන කරාවි යයි හිතෙන නිසයි.

      ඇත්ත. අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් කන්නේ, බොන්නේ අඳින්නේ පමනක් නොව බල්ලා ඇවිද්දන්ට යන්නේ ද ඔය කියන ට්‍රෙන්ඩ් එකටය. පීසා හට් ගිහින් කන හැටි මූණු පොතේ පොටෝ අලවන්නේ, එම්බාර්ක් ඇඳුව ඇඳන් බලු තඩියා එක්ක ආඩම්බරෙන් පොටෝ අල්ලන්නේ එහෙම උන්ය.

      Delete
  15. කොහොම නමුත් බලන්ට ඕනේ...බස්සිව ඇඬෙව්වා කියන්නේ ඉතිං :D

    ReplyDelete
    Replies
    1. සිරාවට රෙහානි අක්කා. ජාලයේ සැරිසරනවා ෆිල්ම් එක මේ දවස්වල. බාගෙන බලලා කියන්නකො හොඳ නරක.

      Delete
  16. සමාවෙන්න !!!
    මෙය ලිපියට අදාල නැත. මෙය දු‍ටු විට 'බස්සිගේ නවාතැන' මතක් විය.
    මේ බස්සි' ගෙදර අයත් සමග ගත් පොටෝවක් විය'යුතුය.

    ReplyDelete
    Replies
    1. ඔයා මේ පළ කල පුංචි ලින්ක් එක මට ගොඩක් වටිනවා තිලින. මේ වාගෙ පින්තූරයක් දැක්කාම බස්සිගෙ නවාතැන මතක් උනා කියන එක අහන්නත් සතුටුයි. ගොඩක් ස්තූතියි. :)

      ඒ පහළ කමෙන්ටුවක තියෙන්නෙ බස්සි බෝඩිමේ යාලුවො එක්ක ගත්තු ෆොටෝ එකක්. :P

      Delete
  17. oyalata "COLOUR" parakku wela dekima wagema.. man me blogspot eka parakku wela dekimath awasanawak. mata hamba una hondama comment thiyena liyawilla meka. karumeta me rate ipadeema erennata man nokarapu weradi odaakata man wandi gewana kalayak meka. peththakata karala nidi karawala, awadi wei kiyala ke gahanne nethiwa nishabdawa balan hitapu cinema karayawa negittewwa me pirisa ada. bohoma sthuthie mage film eka balala me dipu comment walata.. namak nethiwath rasikayoo film walata honda kiyanawa kiyala ada dena gaththa.. newathath sthuthie sematama!
    isuru weerasinghe mudali - "colour" heduwe mamam athulu pirisa...
    https://www.facebook.com/isuru.weerasinghemudali

    ReplyDelete
    Replies
    1. @ඉසුරු.........කලකිරීම් ඉවතදාන්න....හැකි විදිහට හොඳ සිනමාවක් සඳහා දායකවන්න. පවතින ඔජ්ජල් සමාජ රටාව තුල බොහෝ දේවල් දිහා බලන්න වෙන්නේ දුකෙන් සහ වෛරයෙන්....සැබෑ නිර්මානකරුවන්ගේ ඉවත්ව යෑම දුකක්....අපි ඔබ දෙස අවධියෙන් බලා සිටින්නම්. මල් සමග පිබිදෙන්න...ඔබට ජය!!!!!!!

      Delete
    2. ඉසුරු, මම මේ ලිපිය ලියනකොට හිතුවෙ නෑ ඔබ මේ ලිපිය කියවාවි කියල. කියෙවුවත් කමෙන්ට් එකක් පළ කරාවි කියලා නම් හිතුවේම නෑ. හරිම සතුටුයි මේ වගේ පුංචි බ්ලොග් ලියැවිල්ලක අදහස් පළ කිරීම ගැන.

      බස්සි මුලින්ම colour බැලුවෙ ෆිල්ම් එක release උන දවස්වලමයි. ඒත් ඔයාගෙ ෆිල්ම් එක අවුරුද්දක් යනකල්ම මාව ගොලුවෙක් කලා. මට අනිත් අයට කලර් ගැන දෙන්න වුන එකම කමෙන්ට් එක උනේ "මාරයි. කියන්න වචන නෑ..." කියන එකයි.

      ඔයා ඇහැ කන පියාගෙන සිටිය යුතු නිර්මාණකරුවෙක් නෙමෙයි. සරස්වතිය දුන් දායාද අපතේ අරින එක පවක්. තව තවත් අලුත් පාටවලින් රසිකයන්ගේ හදවත් වර්ණ ගන්වන්න. ඒ ඉදිරි ගමනට බස්සි හදවතින්ම සුභපතනවා!!!

      Delete
  18. mekata eka sammanayak lebuna. nama giya kenek kalanam meka ita wada agayanawa. eth mita wata agaya kala yuthu nirmanayak. mama Isuru aiyata hadawathinma subha pathanawa...

    ReplyDelete
    Replies
    1. මමත් ඒ සම්මාන උළෙල බැලුවා. නැගී එන සිනමා අධ්‍යක්ෂක වගේ එකක් නේද? ඒත් අර හිත පතුලට වදින ගීතයකටවත් කිසිම ඇගයීමක් සිදුවුනේ නැහැ. හරිම කණගාටුයි ඒ ගැන.

      Delete
  19. හදිස්සියෙ මගදි කමෙන්ට් කරලා ගියාට ලිපිය බැලුවෙ අද. මුලිංම මෙවැනි ලිපි ලිවීම ගැන බස්සිට ස්තුතියි. මොකද මේවා කියවන අය එම නිර්මාණ සොයාගෙන නරඹන්නට පෙලඹීම ගොඩක් වටිනව. වැටිල තියෙන කමෙන්ට්ස් බලද්දිත් ඒබව පේනවා. චිත්‍රපටය මේ වෙනකොට avi file එකක් විදිහට අතින් අත යන බව දැනගන්න ලැබුනා. සයිබරේ බා'ගන්න තැනක් තියෙනවද කියලා නං දන්නෙ නෑ. එහෙම තැනක් ලැබුනොත් link එක මේ ලිපියටත් අමුනන්න කියලා ඉල්ලමි. ඒක නොබලපු අයට පහසුවක්...
    මේ මගේ අදහස...
    colour චිත්‍රපටිය මෑතක තිරගත වුනු චිත්‍රපට අතරින් ඉතාම හොඳ චිත්‍රපටයක්. මාරයි හෝ පට්ට වැඩක් කියල කියන්න තරම් ඒක මට සෙට් නැති උනාට ඇත්තටම ඒක හොඳ film එකක්. සරලවම කියනවනං ලන්කාවෙ තිරගත වෙන ගොඩක් චිත්‍රපටි බලපුවම වෙන්නෙ, ලංකාව ගැන දුක හිතෙන එක. නමුත් මේ චිත්‍රපටිය පුද්ගලිකව මා කම්පනය කලා. එදා ශාලාවෙන් එලියට එනකොට මට ලොකු සතුටක් දැනුනා ඉස්සරහට මේක කරපු එකා පට්ට වැඩ්ඩෙක් වෙයි නේද කියලා. "මල්" විඳගැනීමටත් බලාගෙනයි ඉන්නේ... අද්‍යක්ෂවරයා ලාබාල කෙනෙක්, එතින් ඔහුගේ හැකියාව දියුනු කරගනිමින් ඉදිරි නිර්මාණ කරයි කියලා බලාපොරොත්තු වෙනව.
    නමුත් බලපු දවසෙ ශාලාවෙන් එලියට එද්දි තිබුනු සතුට නම් තිබුනෙ දවස් කීපයක් යනකම් විතරය්. ඒ'ගැන මෙත්න ලියලා ලිපිය කැත කරන එක වටින්නෙ නෑ වගේ දැනෙනවා. ඉඩක් ලැබුනු ගමන් මගෙ බ්ලොගේ ඒ'ගැන බොගක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. //නමුත් බලපු දවසෙ ශාලාවෙන් එලියට එද්දි තිබුනු සතුට නම් තිබුනෙ දවස් කීපයක් යනකම් විතරය්// අපුච්චියේ... ඒ මොකදෑ ඒ?! ඉක්මනට ලියන්නකෝ හේතුව....

      බස්සිටත් ෆිල්ම් එක හමු උනේ අතින් අතට ෆිල්ම් එක මාරු වෙද්දියි තිලින. ලින්ක් එකක් සෙට් උනොත් අනිවා පළ කරන්නම්.

      ඔයාගෙ අදහස් ටික ලිපියට තවත් වර්ණයක් ගෙනාවා. අදහසට ස්තූතියි... :)

      Delete