Friday, July 5, 2013

4. දෙවෙනි කොටස : හිනා මූණ



කාලෙ ගෙවිල ගියා. එක වසරෙ අවසාන විභාගෙත් තිබුනා. බස්සි ඉතින් කවදත් විභාග ලියන්නෙ අඬාගෙන, හොටු පෙරාගෙන බව දන්නෝ දනිති නෙව. හා හොඳයි එකම සෙමෙස්ටර් එකේ Organic, Inorganic දෙකම  සමග LRJ ගෙ subject එකකුත් පාඩම් කරන්න උනාම තනි ඇහැට ඇඬෙන්නෙ නැති කවුරු හරි මෙතන ඉන්නවනම් අත උස්සමු බලන්ට.
*************************************************************************
 

හුරේ…………!!! දැන් අපි දෙක වසරේ………………………!!!


ඔයාලා දන්නවද ඒකෙ සැඟවුනු තේරුම? දැන් අපිත් කැම්පස් එකේ අක්කල / අයියල. මේ අක්කල අයියලට මුලින්ම ලැබෙන තෑග්ග තමයි මාස දෙකක් විතර දිග නිවාඩු කාලය.

ඒ මොකෝ? ඇයි  අපි සූටි කුරුලු පැටවුන්ට කොටයි කියල කුරුලු ඉස්කෝලෙ ටීචර්ලා හරී බයයිනෙ. ඒකයි පොඩි පැටවුන්ගෙ තටු හයි වෙනකම් අපිව කැම්පස් එකෙන් පිටුවහල් කරන්නෙ.




ඕන්න ඔය කාලෙදි තමයි බස්සි උදේ ඉඳන් රෑ වෙනකම්, රෑ ඉඳලා එළි වෙනකම් "ජාලයේ සැරිසැරීමට" පුරුදු වෙන්නෙ. CIMA exam එක ගැන කරදර වෙන්නත් තව එහෙම පිටින්ම මාසයක්ම තිබුනනෙ ඒ වෙනකොට.

 
දවසක් ඔහොම මූණු පොතේ සැරිසරන බස්සිට අඳුරන කුරුල්ලෙක්ගෙන් request එකක් එනව. ඒ වෙන කවුරුත් නම් නෙමෙයි camera කුරුල්ලා.
 
සති දෙකකට විතර පස්සෙ දවසක බස්සි නිදාගන්න ඇඳටත් පැනල නින්ද යනකම් ෆෝන් එකෙන් E buddy යනව. ඔව් ඔව් E buddy කියල වෙන කොහේ යන්නද ඉතින් මූනුපොතේ චැට් එකට මිසක්.

ඈ! මෙන්න camera කුරුල්ලත් කාලෙකින් මූණුපොතේ චැට් එකට ඇවිත්.

දන්නෝ දනිති. ඒ දවස්වල camera කුරුල්ලා මූණුපොතේ වහනවා කියන එක ඉතාම දුර්ලභ, අදහාගත නොහැකි, විස්මයජනක අත්දැකීමක්.

ඉතින් මහත් විස්මයෙන් ඇලලී යන බස්සි, චැට් බොක්ස් එකේ හිනා මූණක් type කරාලු………


ඒ හිනා මූණෙන් පටන් ගත්තෙ දිග කතාවක්......



2 comments:

  1. මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට හරවපු ඒ හිනා මූනට මම හැමදාමත් ආදරෙයි

    ReplyDelete
  2. ඒ දවස්වල කැමරා කුරුල්ලා මූණුපොතේ වහනවා කියන එක ඉතාම දුර්ලභ, අදහාගත නොහැකි, විස්මයජනක අත්දැකීමක්...... ලොල්!! එදා ආපු එක හොඳට ගියා.

    ReplyDelete