අඬන දොඩන ගෑනු මූණු
කඳුළු පිහින පිරිමි මූණු
අතිපණ්ඩිත පැහුණු මූණු
මඩ තැවරුණු ඇනෝ මූණු
මඩ තැවරුණු ඇනෝ මූණු
ධීර වීර ගැහැණු මූණු
අධම දුෂ්ට පිරිමි මූණු
අධම දුෂ්ට පිරිමි මූණු
එෆ්.බී.අයි. , පොලිස් මූණු
හොරෙන් කාපු පූස් මූණු
හොරෙන් කාපු පූස් මූණු
ලාබායි ලාබායි
රහ එක – හොඳ එක!!!
රහ එක – හොඳ එක!!!
හි හි ...
ReplyDeleteඑල එකක් එල එකක්
තැන්කුයි වේවා හොඳේ.....!!
Deleteධීර වීර ගැහැණු මූණු
ReplyDeleteඅධම දුෂ්ඨ පිරිමි මූණු
මේවා නම් ඒමේ අතට මාරු කරන්නත් හැකියි ඉදගෙන :)
ඒක විතරක් නෙමෙයි එක ළඟ ගැලපුවෙ එහෙම මාරු කරන ඒව තමයි.
Deleteඇයි තව;
අතිපණ්ඩිත පැහුණු මූණු
මඩ තැවරුනු ඇනෝ මූණු
ඔක්කොම වෙස් මූණු ...))
ReplyDeleteඒක නේන්නම්.
Deleteරහ එක හොඳ එක. මේ ටිකේ වැඩියෙන්ම කතා වෙන එක!
ReplyDeleteයේස් යේස් නාඩි මලේ..... කතාවෙන නොවෙන බොහෝ උදවිය, ලොක්කො වගේම කබ්බොත් කරන එක. :D
Deleteමම නම් මීට පස්සේ ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා යන්නේ.. ඒක නැවැත්තුවොත්, මාමස්මි වගේ බුර්කාවට බහිනවා...
ReplyDeleteබුර්කාවටත් ෆුල්ෆේස් හෙල්මට් වලට අත්වුන සන්තෑසියම වෙයි තව ටික කාලෙකින්.
Deleteදැන් බස්සිගෙ මූණ මක්කද?
ReplyDeleteමේ ඔක්කොම මූණු ඇතේ
තහනම් වෙන මූණු පොතේ
බස්සි එක්ක බ්ලොගර් පොතේ
Deleteටිකක් කලක් ඉද්දි පුතේ
බස්සි කවුද කියා හිතේ
හෙමින් සැරේ ඇඳෙනු ඇතේ
අකුරු ටිකත් හරියට ලිව්වනං පංකාදු අදහස. ඒ ටිකත් හදාගන්න බලන්න බස්සියේ....
ReplyDeleteමේ ටික ගැන කිව්වේ
Deleteගෑනු
කඳුළු
තැවරුණු
දුෂ්ට
ලාභායි ලාභායි
මලලසේකරයි! මගෙ අක්ෂර වින්‍යාස (ඒක ලිවුව හැටිත් වැරදිද මන්ද!) ගැන නම් මටම දුකයි. තැන්කුයි නලින් අයියේ... කියා දෙනවානම් හදාගන්න පුලුවනි. එඩිට් පාරක් දාන්නම්.
Deleteලාභයි කියන එක ඇරෙන්න ඉතුරුව හැදුව. අරක එහෙමම තිබ්බෙ ඔවුව විකුනද්දි කෑගහනකොට ඇහෙන්නෙ "ලාබායි" කියලනෙ. :)
Deleteහරියටම හරි කටවහරට යන්නේ ඒ වදන තමා
Deleteගොඩගේ එකේ පොතත් තියනවා අනඳපිය කුඩාතිහි සූරින්ගේ නණලළ වහර කියලා බොහොම සුළු ගණනයි. නැතිනම් සඳගෝමි කෝපරහේවාගේ පොතකුත් තියනවා එය භාවිතයට ගන්න.
Deleteපොත් ගැන ඔත්තුව දුන්නාට බොහොම ස්තූතියි නලින් අයියේ.... නණලළ වහර මටනම් හොඳටම අවුල්. ඒක හදාගන්නම ඕන.
Deleteඒකට මම බස්සි......නණලළ ටියුෂන් දෙනවා :D
Deleteලාබායි ලාබායි
ReplyDeleteරහ එක – හොඳ එක!!!
කඩේ සාප්පුවෙ 300 එක 200ක්ම අඩු කරල දෙනවලු 100ට!
Deleteහෙක් හෙක්
ReplyDeleteසෝයි හිනාව! :D
Delete"ලාබායි ලාබායි
ReplyDeleteරහ එක – හොඳ එක!!!"
මට හරි යන තොප්පිය මොකක්ද බස්සි?
ඔලුවට ගැලපෙනවා නම්,
Deleteහෙමින් සැරේ දාගත්තැකි
ගැලපෙන තොප්පිය නැත්නම්,
ඕඩර් කර යන්න ඇහැකි
Super....
ReplyDeleteඑක නෙමේ....කොහෙද මේ පොළ තියෙන්නේ?
අන්තර් ජංජාලේ
Deleteබුකියේ වේලෙන වේලේ
බ්ලොගේ ගෙවන විට කාලේ
මේ පොළ දැක්කෙමි රාලේ...
මඩ තැවරුණු ඇනෝ මූණු
ReplyDeleteඇනෝවගේ හිත්වල කුණු :D
හිත්වල කුණු තමයි මෙයා
Deleteනමක් නැතුව යන්නෙ ලියා
අමතක වී දිනක් එයා
මග සලකුණු තියා ගියා
ඇනෝ තුමා කවුද කියා
එදා හඳුන ගතිමි මෙයා
මොටදෑ පිටු ගනන් ලියා
මේ තොප්පිය දකියි එයා
This comment has been removed by the author.
Deleteඑදා ඉදං අපිට මෙයා
Deleteඔය කරදර තියන නියා
කිව්වානං කවුද කියා
හරි වටිනව නේද දයා
ඇනෝ කියන දේ නොසොයා
Deleteඇයි කළබල වෙන්නේ ඔයා
කියන දෙයක් කියන් කියා
ඔබේ ගමන යන්න මෙයා
මොටදෑ නම් වනම් ගයා
Deleteහිතට කහට අරං මෙයා
මාව හොයන් ආපු එයා
දොර වැහුවම නැතුව ගියා
ඔහේ එනව කියපු එයා
අරයද නොම දනිමි මෙයා
ඇයි කරදර ඉහේ තියා
ගනන් නොගෙන ඉම්මු මෙයා
ඇනෝට වෙන්වුනේ එක කවි පදයක්ය
Deleteතව කවි පද හතක් කවියට ඇත්තේය
සසිඳුට පිලිතුරක් කවියෙන් ගෙතුනේය
ඇයි මේ පෙරලි? මට නම් නොහැඟෙන්නේ ය
මුල එක ලිවුවෙ අටම් අයියගෙ කයියට. දෙවෙනි එක නලින් අයියගෙ කයියට ලිවුවෙ හොදේ.
Deleteපාප්ප ගාලා තාප්ප ගානේ
ReplyDeleteදිව රෑ නොබලා ඇලවෙන්නේ
මේකප් කරලා කොණ්ඩය දාලා
දත් සැට් එකමයි පෙන්නන්නේ
දැකලා දැකලා මේවා දැකලා
මගෙ බඩනම් දැන් දඟලන්නේ
අනේ දෙවියනේ කොතැනක ඉන්නේ
හනිකට හනිකට එනු මැන්නේ
බුකියේ මුණු විතරක්යැ..මේවත් මුණුනේ...සෑහෙන්න ලාභයි මේ දවස්වල... ;) මේක උඩ කමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට වැටුන නිසා මැකුවේ...
තාප්ප ගානේ අත් දෙක වැඳගෙන
Deleteදත් හැටහතරම පෙන්නනවා
යාප්පුවෙන් බෙල්ලත් ඇලකරගෙන
මනාපයක් හිඟමන් යනවා
සූප්පු උරනා තොත්ත බබාලා
ඒ මූණට කතිරේ දෙනවා
පාප්ප ගැලවී වාෂ්ප වෙනකොට
හැබෑ මූණු දත නියවනවා
මූණු බිසිනොස් එක කොතන කලත් නැගලා යනවා අයාල්. ඔයාගෙ කයිය පංකාදු පහයි.
ඕව ඔහොම තමයි පනේ
ReplyDeleteගණන් ගන්න එපා අනේ :)
(නිදිමතයි බං.. හෙට දිහාට එඤ්ඤං)
ගණන් මතක ඇතත් හිතේ
Deleteදණින් උඩට ගන්නෙ නැතේ
මෙහෙම එවුන් තවත් ඇතේ
ගිහින් නිදා ගනින් පුතේ
නිදාගෙන ඉඳලා
Deleteආවෙමි දැන් නැ ගිටලා
ආයෙත් කියවලා
බැලූයෙමි කවි පේලි පෙරලා..
ආයෙත් කියවලා
Deleteහිස් අතින් නොගිහිල්ලා
කවි පදයකුත් ලියලා
හරිම සතුටුයි ඒක දැකලා
පික්සු හැදුනු පොතේ මුණු
ReplyDeleteවිශාදරය හැදුනු මුණු
පස්ට පස්ට කියන මුණු
තු නොදකින් කියන මුණු
රෑට රෑට දකින මුණු
ඒ ඔක්කොම බක +මුණු
ඕ...යෑ මාත් ඔන්න ඔහේ හිතට ආව ටික ලිව්වා ඕං.......
නම කිව්වට කියලා ශානු
Deleteවලියටමයි එන්නේ බලනු
අනේ අම්මප මෙහෙම මූණු
ගෙම්බි වගෙයි මෙන්න බලනු
රෑට දකින බකුසු මූණු
Deleteදවාලෙ නිදි කිරන මූණු
තවත් මූණු ගැන ලියවුනු
උඹේ කයිය sweet ශානු
කවි පබඳින්නට ආසා
Deleteගෙම්බ තමයි පවුලූශා
මෙහෙත් ඇවිත් මේ මුණා
Deleteඅනේ හපොයි ගෙඹි මුණා
වලියටමයි බර මුණා
මගේ හතුරු ගෙඹි මුණා
mekata coment koranna i dn knw yakodo!!!
ReplyDeleteඔක්කොටම කලින් උඹට කයිය තේරුනේ නැත්තන් අහපන්. හික්ස්!
Deleteදැන් ෂේප් න්‍යායයෙන් වගේ ළමය වැඩ කරන්නෙ ....
ReplyDeleteකෙටියි......රසයි........
තැන්කුයි කෙන්ජයියා.... කඩු පාරවල් දහයකට වඩා රිදෙනවලු පොඩි බ්ලේඩ්තලේකින් හීනියට නියමල කපනකොට. නැද්ද මං අහන්නෙ? මෙවුවා නොලියම ඉන්නත් බෑ නෙව.
Deleteකෝ මගේ මූණ නෑනේ..
ReplyDeleteකවියෙ කවියෙ පේලි පේලි ඩබල් ඩබල් ලිවුවෙ අනේ
Deleteඩබල් ඩබල් මූණු මූණු තියෙන අයට දැනෙන්නනේ
ඔයා ඔයා නැත්තෙ නැත්තෙ එක මූණක් නිසයි අනේ
ඩබල් ඩබල් මූණු මූණු නැතිනම් හරි අගෙයි අනේ
අනේ බස්සි මට කවි ලියන්න නම් බෑ... ඒත් පුළුවන් උනා නම් කියල හිතෙන්නෙ මෙහෙම වෙලාවට... ඔයාගෙ කවි සංවාද මං හරියට රස විඳිනවා... :D
ReplyDeleteඅනේ එහෙම හිතන්න එපා මියුරු. ඔයා කවි සංවාද රසවිඳින එක මට සතුටක්, මොකද කවියට ඇල්ම ඇති අය අඩුයි අද කාලෙ. පුලුවන් විදියට කවිපද එක එක ගැලපුවොත් ඔයා නොදැනම ඔයාව කවිකාරියක් වෙයි. අනික මටත් හොඳටම කවි ලියන්න බෑ. කාව්‍ය සාහිත්‍ය එවුවා මෙවුවා මම ඉගෙනගෙනත් නෑ. ඒත් මං කවි කියන්න - ලියන්න ආසයි. ආසාව හොඳටම ප්‍රමාණවත් කවියක් ගොතන්න.
Delete:D
අද දවසෙත් කවි මඩුවක්
ReplyDeleteබස්සිගෙ බ්ලොගෙ පැවැත්වෙනා…
නම් දරාපු කවි කාරයො
එහි එන බව කතා උනා……
:-D :-D
මෙහෙන් ඉගිල්ලිලා ඇවිත්
Deleteකවි මඩුවට හොටේ දමා...... (ආ... නනන නන නනනා.....)
කවිය කවිය රහ බලබල
ප්‍රියා මෙහෙට සැපත් උනා.....
(ටුටුට් ටුටුට් ටුටුට් ටුටුට් - ටුටුට් ටුටුට් ටුටුට් ටුටුට් -ටූ....)
වරහන් තුල ඇත්තේ පසුබිම් වාදනය බව කරුණාවෙන් සලකන්න. :D
(ටුටුට් ටුටුට් ටුටුට් - ටුටුට් ටුටුට් ටුටුට් - ටූ…)
Deleteමම නම් ඔය එක මූණක්වත් නෙවෙයි......:p
ReplyDeleteකවුද ඉතින් කිවුවෙ ඔයාගෙ මූණ තියෙනව කියල? :P
Deleteඔය මූණක් එක්ක අනේ,
ReplyDeleteසාරියකුත් දෙන්න පනේ..
ජය වේවා!!!
මූණු දෙකක් නිසා අනේ
Deleteඇඳුම ෂුවර් නෑලු පනේ
තැන්කුයි ඈ..
නියම තැනට නියම මුහුණු
ReplyDeleteදැමීම දස්කමකි දියුණු
හොඳට වෙලා පුරුදු පුහුණු
නැත්නම් ප්‍රතිඵලය දරුණු
තැනින් තැනට වෙනස් මුහුණු
Deleteදාන වැඩේ බෝම දරුණු
එකම මූණෙ ගති සලකුණු
තැනට ඔබින ලෙස ගලපනු
කිව්වට ඇත සියලු මූණු
ReplyDeleteකොහේද බොල මගේ මූණු
අවිහිංසක සුන්දර වුණු
මගේ මුහුණ වහා දානු
මූණ ලස්සනයි ප්‍රොෆයිල් එකේ හිනා වෙන්නා
කොමෙන්ට් ලස්සනයි පැටියෝ බබා කියා එන්නා
යටින් ඇවිත් දිය රෙද්දෙන් බෙල්ල කපන් යන්නා
ඔයිට වඩා හොඳයි බස්සි අම්මප මහසෝනා
අනේ මචන් සොරි වේවා
Deleteඋඹව දාන්නට ගාවා
ජාලය පීරා හෙවුවා
ගෙඹි මූණක් නෑ කිවුවා :P
මූණ නෙමෙයි බන් වෙස්මූණකුයි හිනා වෙන්නේ
රෙකෝඩින් එකකි පැටියෝ කියා තොඳොල් වෙන්නේ
මහසෝනා වුනත් කැලේ කඩාගෙන දුවන්නේ
කෝකටත් හොඳයි කියලා මූණු අඳුනගන්නේ
දවස ගාණේ දකින මුණු
ReplyDeleteලෝකේ වෙනස් කරපු මුණු
හැංගි,හැංගි බැන්ද මුණු
මේ ඔක්කොම වෙස් මුණු.
හැංගී හැංගි බඳින මූණු
Deleteබැඳලා එලියෙ නටන මූණු
මූණු බැඳපු ලණු ගැලවුනු
දාට ඇපත් නෑලු මූණු
හැබෑවටම මෙහම මූණු
ReplyDeleteතැන තැන නිතරම හමුවුණු
හරිම අගෙයි මෙහි ලියවුණු
තෝර ගන්න නියම මූණු
නිතර නිතර දකින මූණු
Deleteමාරු වෙවී බඳින මූණු
පුල්ලි මාරු නොවුන මූණු
අපිට හතර හිනා ගේනු
මෙ ඔක්කොම මුනු අතර
ReplyDeleteහොටෙන් නැමුනු රොස මුහුනු
මගේ වගේ හදපු මූණු
Deleteමගේ වගේ පේන මූණු
මගේ නොවෙන ෆේක් මූණු
නිසයි දැම්මෙ රෝස මූණු
මේ මතත් එකක් ඕන... දෙනවදදද.....
ReplyDeleteකොයි ජාතියෙ එකක්ද දෙන්නෙ
මම නෙමෙයිනෙ මූණු දෙන්නෙ
Deleteමූණු පොළක් ඔය තියෙන්නෙ
ජංජාලෙට සැපත් වෙන්නෙ
කැමති ඒකක් දමා ගන්නෙ
බකුසු කවියෙන්නේ
ReplyDeleteදනුමද සතුට දෙන්නේ
අගයන්න ඕනේ
ඒත් මම නෑ කවිය දන්නේ
නෑ බෑ කියන්නේ
Deleteබොරුවට වෙන්න ඕනේ
සිවුපද ගොතන්නේ
ඔබත් හොද කවියෙක්නේ
ඒක මගේ පලමු කවි ගෙතුම. කමෙන්ට් එකක් දාන්නම හිතිලා අමාරුවෙන් ගැට ගහගෙන ඔය පද හතර ගැට ගහගත්තේ.
Deleteඒක හොඳයි නම් ඉතිං මට සතුටුයි.
ඒක හොඳයි කිව්වට පිං ඈ.
පලමු කවි ගෙතුම ඔහොම නම් ඉදිරියේදි කොයි තරම් ලස්සනට කවි කියයිද! මගේ පළමු කවිය ගැන පෝස්ට් එකක් ලියන්න හිතුන මට
Deleteහිත හිත ඉඳලා හරියන්නේ නැතෝ..................
Deleteලියහල්ලකෝ අපිටත් පොඩ්ඩක් මොනවා හරි ඉගෙනගන්න .
වැඩේ නං හොඳයි. :) මේක මඩක් වගේ දත් මන්ද? මෙතන ගොඩක් අයට සින්දු ලියන්න පුළුවන්නෙ, මං නං කැමති මොකක් හරි යමක් ලියනවට. කියවන්ඩ යමක් :)
ReplyDeleteඅනේ මන්ද තිලාන්. මම ලියන්නෙ මට සතුට ගේන දේවල්නෙ. මෙච්චර කල්හිතාන උන්නෙ කවිත් කියවන්න පුලුවන්, කියවලා රසවිදින්න, හිතන්න පුලුවන් යමක් කියලයි. අකමැති අය වෙනුවෙන් කවි වෙනුවට බ්ලොග් පිටුවල තියෙනව කතන්දර, විද්‍යා ලිපි, විරිදු, ගීත, විහිලු කතා, පරිවර්තන, ආදර කතා ආදී බොහෝ දේ. Categories වලින් ඔබ කැමති ලිපි ගොනුවක් තෝරාගෙන කියවන්න. කවිත් දිගටම ලියැවේවි.
Deleteමාර කික් එකක් නේ තියෙන්නේ මේකේ
ReplyDeleteඑහෙමද? තැන්කුයි දේශෝ...!
Deleteකෝ බොල,
ReplyDeleteඔරවා ගත්ත බකුසු මුණු
හිනා පිරුණු අපේ මුණු
බකමූණෝ එරෙවුවාට
Deleteබස්සො ඉන්නෙ හිනාවෙලයි
කවියෙ ඇත්තෙ ඩබල් මූණු
ඔයා නැත්තෙ ඒක නිසයි
බකමුනෝ බස්සෝ දෙජාතියක් දෝ
Deleteකියා සිතෙන්නේ හ්ම් හ්ම්ම් ගනා නිසා දෝ
පහදා දුන්නොත් මම තේරුම් ගනි දෝ
සිතේ නම් කියලා දෙන්න කෝ
තරමක් විසාලයි වස පාටයි නෙව බකමූණා
Deleteබස්සා පොඩියි වෙන විශේෂයක් විලසට පේනා
විද්‍යාවෙන් මොවුන් ගැන දැනගන්නටදෝ ඕනා
ලිපියක් සොයා ලින්කුව මම මේල්කර එවන්නා
මූණූ මූණූ මූණූ මූණූ
ReplyDeleteමේනූ මේනූ මේනූ මේනූ
කණට කරලා මිමිනු මිමිනු
මේනු වේනු එක්ක නො එනු.
මේනුයි වේනුයි ෆේස්බුක් එකේ සෙට්වෙලා... මට පොල්ල.
හෑ.. මේනුටයි වේනුටයි මුමුන මුමුන ඉන්න කියාල ඔයා "අවුල් වන්නට පෙර" ලියාගෙන යන්න අරූ.
Delete