ඉක්කෝලෙ කාලෙ කතා ලියන්නෙයි කියල දත කට මැදගෙන සූදානම් උනාට මොකෝ තාම කතා දෙකයිද කොහෙද ලියාගන්ට ලැබුනෙ. ඉතිං බස්සි හිතුවා දෙදාස් දාහතරටත් මුල්වරට ඉක්කෝලෙ කාලෙ කතාවක් අතාරින්ට.
අපේ සැට් එකේ හිටපු අති විශේෂ චරිතයක් තමයි අද කතාවේ මේන් ඇක්ටර්. පොර තමයි කිරිහාමියා. ආයෙ අහන්නත් දෙයක් යැ. ඔව්, උගේ වැඩ වලට ගැලපෙන්නම තමයි ඒ නම වැටුනෙ.
ආ දැනුයි මතක් උනේ… මේ වෙනකොටත් කස්ටිය කිරිහාමියව අඳුනගෙන ඇති. මොකද මම කාලෙකට කලින් ලියාපු “බයිට්” කතාවෙත් මූ ප්‍රධාන චරිතයක් ඇක්ට් කලා.
පොරට ඒ කතාවෙ ලින්ක් එක යැවුවාම මට හැරෙන තැපෑලෙන් ආවා මෙන්න මේ පින්තූරෙ සහිත මේල් එකක්.
තෝ මාව කාල! මේ මෝරාම කාපිය.
මෝරා තෝව කෑවෙ නැත්තං සුදු වෑන් එකකට කොන්ත්‍රාත් එක බාර දෙනව!!!
මෝරා තෝව කෑවෙ නැත්තං සුදු වෑන් එකකට කොන්ත්‍රාත් එක බාර දෙනව!!!
ඉතිං අද කතාවෙ ලින්ක් එක යැව්වම මොනවා එවයිද දන්නෙ නෑ. ලියලම බලමු.
කිරිහාමියා ගැන කියන්න රස කතා ගොඩයි. කොහෙන් පටන් ගන්නද මන්දා…
ඔන්න දවසක් අපි කට්ටිය සෙට් වෙලා යනව කිරාගෙ ගෙදර. අපේ මලියායි, රඟසොබායි CTB බස් වල ඉක්කෝලෙ එන්නෙ. සීසන් තියෙන නිසා උන් මලාට නගින්නෑ ප්‍රයිවෙට් එවුවයෙ. ඉතින් අපි කට්ටියම ඇදගෙන උන් දෙන්නයි, කිරිහාමියයි ගොඩවුනා CTB එකකට.
ආයෙ නෑ ඒකනම් බස් එකේ යන්න සුපිරි වෙලාව. අපේ ඉක්කෝලෙයි, සහෝදර පාසලෙයි දෙකේම, මාදම්පෙ පැත්තට යන උන් හැටහුටහමාරක් බස් එකේ. චප්ප වෙනවා ලෙසටම. ඉතින් කොහොමින් කොහොම හරි අපි නිරුපද්‍රිතව මහවැව ටවුන් එක වෙත ලඟා උනා කියමුකො. මහවැව හරියට කිට්ටු වෙද්දි යාන්තම් අතපය දිගඇරගන්ට ඉඩකඩක් ලැබුනා.
අහෝ ඛේදයකි. ඉරකි. තිතකි කියලා මහවැව ටවුන් එක පහු වෙනවත් එක්කම නැග්ගෙ නැතැයි මහා මුසල්මානු ජන ගංගාවක්. මක් කොරන්නද ඉතිං අපි ආයෙ පරණ පුරුදු පරිදි චප්ප වෙමින් මාදම්පේ නගරය වෙත ළඟා වුනා.
කොහොමින් කොහොම හරි කිරිහාමියගෙ ගෙවල් පාර ගාවින් අපේ දහදෙනාගෙ සැට් එක බැහැගත්තාය කියමුකො. කොයිකටත් කියලා ගැනලා බැලුවා සේරම ඉන්නවද කියලා.
මමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි.
ම්හු…. එකෙක් අඩුයි නෙව.
බලමු ආයෙ පාරක් ගැනලා.
මමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි…. ඒ පාරත් අටයි.
බලාගෙන යනකොට නැත්තෙ අපේ ප්‍රධානම චරිතෙ; කිරිහාමිය… දැන් අපි දහ අතේ කල්පනා කොරනව මොකද කරන්නෙ කියලා. ඇයි හත්දෙයියනේ මූ නැතුව මුංගෙ ගෙදර ගිහින් ගෙදර මිනිස්සුන්ට වග උත්තර බඳින්න වෙනවනෙ අපිට.
ඉතිං කරකියාගන්න දෙයක් නැතුව අපි එකඑකා විවිධ ඔප්ෂන් ඉදිරිපත් කරමින් පාර අයිනට වෙලා ඉන්නව. ඔන්න ටික වෙලාවකින් පාරෙ ඈත කෙලවරෙන් මතු වෙනවා සුපුරුදු රූපයක්.
“කොහෙද ගොං අලියෝ ගියේ?” කේන්තිය වැඩි කමට අපි කිරිහාමියාව පිළිගත්තෙ බොහොම ආදරණීය වදන් පෙළකින්.
කිරිහාමි : “අනේ සොරි මචංලා, මම හෝල්ට් දෙකක් කලින් බැහැලනෙ.”
අපි : @$# $%&* %#$@
කිරිහාමි : “ඉතිං බන් අර ආප්ප අයියලා ටික සේරම බහිනකොට මමත් උන් එක්ක බැස්සා. බලද්දි උන් බැහැලා තියෙන්නෙ අපේ ගේ ගාව නෙමෙයි පල්ලිය ගාව.”
************************
අපි ඒ ලෙවල් කලෙ කණ්ඩායම් ව්‍යාපෘතිය (සිංහලෙන් කිවුවොත් ගෘප් ප්‍රොජෙක්ට් එක.) විදියට කලේ අපේ කෙමෙස්ට්‍රි ලැබ් එක පිළිසකර කරන එක. ලැබ් එකේ තීන්ත ගාලා, අපිට හදන්න පුලුවන් තත්වයේ තිවුන අබලන් බඩු බාහිරාදිය පිළිසකර කරලා. සබ්ජෙක්ට් එකට අදාළ ඉගෙනුම් උපකාරක සටහන් එහෙමත් බිත්තිවල එල්ලලා සෑහෙන වැඩ ගොඩක් කලා අපි දහදෙනා එක්කාසු වෙලා.
අර දුකා තීන්ත ගැන කම්පා වුනෙත් ඔය වැඩේට ගිහින් තමයි.
දුක තමයි රංජනීලයෙ අම්මෙ කිවුවලු, තීන්ත වැඩේ පටන් අරන් ටික දවසකින් තීන්ත වලට කිරිහාමියව ඇලජික් වෙලා ඒකගෙ ඇඟ පුරාම ලප්ලන්තෙ වගේ පලු දාන්න පටන් ගත්තා.
ඉතිං එදා ඉඳන් අපි කිරිහාමියව ප්‍රධාන මෙහෙයුමෙන් ඉවත් කරලා වෙනත් අවශේෂ කාර්යයන් සඳහා අනුයුක්ත කෙරෙවුවා. එහෙම වෙලාවක තමයි කිරිහාමියට මලියගෙන් අණක් ලැබුනෙ ෆිසික්ස් ලැබ් එකෙන් ඇණ ටිකක් අරන් ඇවිත් ඇදවෙලා තිවුන රාක්කයක් කෙලින් කොරන්නෙයි කියලා.
බිත්තිය පැත්තට මූණ දාල තීන්ත ගාන අපිට මෙහෙම ඇහෙනවා.
“ටොක් ටොක් ටොක්!”
“මගුල!”
“ටොක්”
“ආව් අතත් තැලෙනවා තව පොඩ්ඩෙන්!”
“ටොක්”
“ඒකත් නැමුනා”
“ටොක්”
“දඩබඩස්!!!”
“මහ බාල ඇණ! අපේ සිස්ටර් (ප්‍රින්සිපල්) ලෝබකමට ලාබෙට අරන්ද කොහෙද!!!”
අපෙත් ඕපාදූප සෙවීමේ සහජ ආශාව නැගී ආ නිසා කිරිහාමිය රාක්කෙ බිම අත ඇරලා දොස් දෙවොල් තියන තැනට ගියා බලන්න.
මදැයි කොලා! මූ රාක්කෙ අටවන්න හදලා තියෙන්නෙ ප්‍රකාශ අල්පෙනෙත්ති වලින්. කිරිහාමියා කවදාවත් ෆිසික්ස් ප්‍රැක්ටිකල් එන්නෙ නැති නිසා ඌ ඒවෙනකම් ඒව දැකලා තිබිලා නෑ!
************************
මායි කිරිහාමියයි කාලයක් ඇල්ෆා එකේ පිචිස් ක්ලාස් එකකට යද්දි වෙච්චි සීන් එකක් තමයි මේ.
ඔන්න ඉතින් අපි දෙන්නා කාර්ඩ් මාර්ක් කරන්න පෝලිමේ ඉන්නවා. මතක ඇතිනෙ ඒ කාලෙ කාර්ඩ් පෝලිම්. මහා ජන සන්නිපාතයක් මැද්දෑවෙ අතරමං වෙලා හරි අමාරුවෙන් නෙව ක්ලාස් එකේ දොර හොයා ගන්නෙ.
“යශ්, අර බලහන්කො අරය.” ඔන්න අර මහා ජනසන්නිපාතෙ මැද්දෙ කිරිහාමිය ඇඹරෙනව.
“කෝ කවුද?” කවුද කියල ඇහුවට මම දන්නව මූ මේ පෙන්නන්නෙ මොකෙක් හරි කොල්ලෙක්ව තමයි කියල.
“අර රතු පාට කොලර්ලස් ටී එක ඇඳන් ඉන්නෙ. කොන්ඩෙ කර්ල්. සුදු.” ඔන්න ඉතින් මගෙත් උනන්දුව වර්ධනය වෙනවා ඒ විස්තරේ ඇහෙනකොට.
කිරිහාමියා දැන් මගෙ ඇස් දෙකට ඩිරෙක්ෂන් එක කියනවලු මෙන්න මෙහෙම.
“ඔන්න මේ පේලිය දිගටම බලාගෙන යමං.
ඔය පේලිය නෙමෙයි මැට්ටෝ කෙමෙස්ට්‍රි රිවිශන් එකේ පේළිය.
ඔව් ඔව් ඔය තාප්පෙ කෙරෝලෙ එක.
ඔහොම ගිහින් අර ගහ පහු කලාම
කැන්ටිම ගාව තියෙන්නෙ
ලොකු කටවුට් එක.”
මටත් මල පනින්නෙ ඔය වගේ අවස්ථා වලදි තමයි.
“ඇයි ගොන් වහන්සෙ කෙලින්ම කැන්ටිම ගාව කිවුවනම් ඉවරනෙ.”
“හරි හරි බං අහපන්කො ඉතින්.”
“ඔන්න කැන්ටිම ඉස්සරහ තියෙන කටවුට් එකේ
ALPHA කියලා ලොකු අකුරෙන් ගහලා තියෙන්නෙ.
අන්න ඒකෙ H අකුර යට
හිටන් ඉන්නව කොල්ලෙක්.”
“දැක්කද??”
කිරිහාමිය තොරණෙ විස්තරේ ඉවරවෙලා මම එතන හොයාගන්නකම් බොහෝම උනන්දුවෙන් මගෙ මූණ දිහා බලන් ඉන්නවා.
“උගෙ කොහෙද කොණ්ඩෙ කර්ල්. ඒ තට්ටයෙක් නෙ.” මම ඇහුව.
“ආන්න හරි, දැන් බලන්න ඊට පිටිපස්සෙ ඉන්නවා
කලු පාට කෙල්ලො දෙන්නෙක්.”
“ඊට එහායින් ඉන්නවා කහ පාට ටී ශර්ට් එකක්.”
“ඒ කොල්ලගෙ කරට අත දාගෙන ඉන්නෙ අර.”
“රතු පාට කොලර්ලස් ටී එක ඇඳන් ඉන්නෙ.
කොන්ඩෙ කර්ල්,
සුදු”
යාන්තම් මම කොල්ලව හොයාගත්ත. ඒත් ඒ කොල්ලගෙ මූණෙ නම් කිසිම ප්‍රියමනාප ගතියක් නෑ. නහය අකුලගෙන බුම්මන් ඉන්නව.
“සික් බලපන්කො උගේ මූණ.”
“අම්මේ ඇති යන්තම්. ඔන්න අපි ළඟටම ආව.”
“මොකක්?”
“බලා….න්නකෝ…. ඊට පිටිපස්සෙන් ඉන්න කොල්ල. අර අර අරය නේ....”
මේ ටිකත් කියන්නම ඕනෙ. ඉක්කෝලෙ කාලෙ යාලුවන්ගෙන් තවමත් මගෙත් එක්ක ඉන්න, මුල අමතක නැති කීපදෙනාගෙන් කෙනෙක් තමයි කිරිහාමියා. ලංකාවෙ ඉන්න සමහර යාලුවොත් කරදරේකදි අහක බලන කාලෙ, මූදු දෙකකට එහා ඉන්න කිරිහාමියා තවමත් අපේ යාලුකම අමතක නොකල එක මට ගොඩාක් වටිනවා......
මේ ටිකත් කියන්නම ඕනෙ. ඉක්කෝලෙ කාලෙ යාලුවන්ගෙන් තවමත් මගෙත් එක්ක ඉන්න, මුල අමතක නැති කීපදෙනාගෙන් කෙනෙක් තමයි කිරිහාමියා. ලංකාවෙ ඉන්න සමහර යාලුවොත් කරදරේකදි අහක බලන කාලෙ, මූදු දෙකකට එහා ඉන්න කිරිහාමියා තවමත් අපේ යාලුකම අමතක නොකල එක මට ගොඩාක් වටිනවා......
ඉක්කෝලෙ කාලෙ තවත් රසකතා කිහිපයක්....
1. දුකාගේ දුක :
2. කොමාගේ කොම් :
3. බයිට් :
1. දුකාගේ දුක :
2. කොමාගේ කොම් :
3. බයිට් :
හි හි හරි ශෝක් කෙනෙක් නේ කිරිහාමියා,එයාගේ ගෙදර බහින තැනම අමතක වෙච්ච ඒකනේ වැඩේ කියන්නේ , හි හි .. අන්තිමට පිරිමිලමයා කියාපු විදියෙම කෙනෙක්ද බස්සියේ ..
ReplyDeleteඅපේ කිරිහාමි වැඩක් කලොත් ආය අහන්න දෙයක් නෑ. හැබැයි මට හමුවුන හොඳම මිතුරියන්ගෙන් කෙනෙක්.
Deleteහික්ස්! කිරිහාමියා පෙන්නලා තියෙන්නෙ රතු ටී ශර්ට් එක ඇඳන් හිටපු කොල්ලවත් නෙමෙයි. ඊටත් එහායින් උන්නු අපේ ක්ලාස් එකේම කොල්ලෙක්ව. :D කිරාගෙ පාර පෙන්නිල්ල එහෙම තමයි. හිනා කාල මැරෙනව ඌ එක්ක ඉන්නකොට.
මෙ හත්පන එකේ කිරිහාමි එහෙම නෙමෙයි නේද :D මරු කතා ටික
ReplyDeleteඅපිත් එක්කත් එකතු වෙන්න sinhalahelp.com
හත්පණ එකේ කිරිහාමිට හපන් වැඩ මෙයා කරන්නෙ.
Deleteඔයාගෙ බ්ලොග් අඩවියට ඇවිත් යන්න එන්නම් යාලු.
ෆට්ට නොවැ...ඇත්තටම අක්කේ මොනවෙඉ අර ඇන මාත් ඕවා දැකලා නෑ නොවැ...අපේ එකේ තියෙන්නේ නැතුව ඇති
ReplyDeleteහික්ස්! දැකලා නැතෙයි? ඕනෑම පාසල් පිචිස් ලැබ් එහෙක ඔවුවා තියෙනවා. හැබැයි අතින් තද කලත් නැමෙනවා.
Deleteලැබ එකේ හිටිය එකෙක් යෑ මම
Deleteඑහෙනම් අපේ ජාතියෙම තමයි නේද.....
Deleteමුන් වගේ වුන් ඉන්න ජිවිතේ මාර ෆන් කියලා වැඩක් නෑ ,රගපාන්න යැව්ව නම් වටිනවා ,කරලා තියෙන්නෙම විකාර වැඩ නේ ,හැබෑට තවමත් ඔහොමද ????
ReplyDeleteඔව් සහෝදර, මේ වගේ උන් ඉන්නකම් ජීවිතේ මාර රහයි. තවමත් මෙහෙමම වෙන්නැති. කිරා දැන්නම් ඉන්නෙ ඔසී වල. ඔසීලාට දෙයියන්ගෙම පිහිටයි ඉතින්...
Deleteකිරි අප්පට බල්ලො පැනපි :D :D
ReplyDeleteඒ කියන්නෙ කිරාගෙ වැඩ රහයි කියන එකනෙ.... :D
Deleteදිගටම මඩේ දාලා දාලා අන්තිමට සුදුපාට අකුරින් හෝදලා දාලා
ReplyDeleteනැත්තම් මූ මාව උස්සන්න සුදු වෑන් එවයි රාලේ...
Deleteහත්පණ එකේ කිරිහාමියා කැලේ බං...මේ තියෙන්නෙ නියම කිරිහාමියාගෙ කථා වස්තුව..ලෙසටම.....
ReplyDeleteඅපේ ක්ලාස් වලත් මේ වගේ දෙතුන් දෙනෙක්ම හිටියා.....නිතරම බාල්දිය අතේ තියන් ඉන්නෙ..ලිඳක් දැක්ක ගමන් ඇදගනම නානවා මදිවට අපිවත් නාවනවා....
මෙහෙම යාලුවො නිසා තමයි ඉක්කෝලෙ ජීවිතේ රහ වැඩි වුනේ.... හික්ස්. අර නානව මදිවට වටේ ඉන්න සේරමල්ලාව නාවන කතාවනම් ඇත්ත. [බයිට් කතාව කියෙවුවද? http://bassigenawathana.blogspot.com/2013/09/blog-post_6.html
Deleteදුර ගමනක් ගිහින් පාර හොයාගන්න බැරි උනාම, මේ කිරිහාමි ගෙන් ම තම පාර අහගන්න ඕනා...බොහොම හොඳ මාර්ගෝපදේශකයෙක්.....
ReplyDeleteකිරිහාමිගෙන් පාර අහන්න ගියොත් නම් කොහෙන් නවතීවිද දන්නෑ. හැබැයි පාර පෙන්නන්න කිරිහාමිත් ඒවි තනියම යවන්නේ නැතුව. ඒ තරම් හිත හොඳ එකා.
Deleteකිරිහාමි විතරක් නෙවෙයි මං දැකලත් නෑ ඔය ඔප්ටිකල් පින්....ගූගල් සර්ච් එකකුත් දාලයි නැවතුනේ...
ReplyDeleteඅහෝ දෙවියනි වර්තනාංක සහ වර්තන කෝණ......
මතක විදිහට අපිනම් ඕවට ගත්තේ අල්පෙනෙති... :D
ගූගල් සර්ච් කොරන්නේ මක්කටයි යාලු? මම ඔය පින්තූරයක් ලිපියෙම ඇලෙව්වෙ නොදැක්ක අයට බලාගන්නත් එක්ක තමයි.
Deleteආලෝකය බොහොම දෙනෙක්ට දිරවාගන්න අමාරු පාඩමක් නෙව.
සර්ච් කරේ රූපේ බලන්න නෙවි...ඕක ගන්නේ මොකටද කියල බලන්න......මතකේ තරම....
Deleteහෆ්ෆෝයි.... Optical pins කියාපුවාමත් මීටර් වෙන්නෙ නැත්නම් අපිටත් වඩා ඇඩ්වාන්ස් ඩයල් එකක් වෙන්නඕනෙ ඔයා.
Deleteආයෙත් අහලා...අපිට හිටිය මිස් ඊට වඩා ඇඩ්වාන්ස්..ඔන්න දවසක් ප්‍රිස්ම මේසේයි අනෙක් අටමගලුයි ඔක්කොම යන්තම් බැලන්ස් කරගෙන කතා කරලා හරිද බලන්න කිව්වා....මිස් ආව....බැලුව..මේ මොකක්ද කරලා තියෙන්නේ කියල විනාඩි දහයක් විතර එහාටයි මෙහාටයි කරකවල....අපි දිහා බොහොම අහිංසකව බලල කියපි..
Delete"අනේ පුතාල,මං කන්නාඩි දෙක ගෙනත් නැහැනේ......"
අන්න අදහන්න වටින ගුරුවරු. අපේ මිස්ටත් රැලිති ටැංකිය අටවන්න අල්ලපු පංතියෙ සර් නැතුවම බෑ.... :D
Deleteදී කිරට බළල්ලුත් සාක්කිලු. ඔය කිරිහාමි බ්ලොගට පුරුදු කරන්න බැයිද.
ReplyDeleteකිරා මගෙ බ්ලොග් එක කියවනවා comment නොකලාට.
Deleteඋඹලගේ සහෝදර ඉක්කොලේ ටික කලක් මමත් ප්‍රධාන නළුවෙක් තමයි හරිය... :)
ReplyDeleteආයෙත් අහලා. කෙන්ජයියාව දැක්ක ගමන් කීවැකි අපේ සහෝදර ඉක්කෝලෙ නලුවෙක් බව.
Deleteඅපේ ග්‍රවුන්ඩ් එකට නේද ආවේ ...
Deleteඅවුරුද්දකට සැරයක්... :)
හෑ.....? එහෙනම් කෙන්ජයියා ඉක්කෝලෙ ගිය කාලෙ හිතාගත්තෑකි!
Deleteඅපි එක වසරට එනකොටත් ඉක්කෝලෙ ලොකු ග්‍රවුන්ඩ් එකක්, බැඩ්මින්ටන්, නෙට්බෝල් සහ බාස්කට්බෝල් කෝට් යන සියල්ලම ඉක්කෝලෙ ඇතුලෙම තිවුනා.
hama thanama ekek innawa ne
ReplyDeleteඅනිවා.... නැත්නම් කිසි ගතියක් නෑනෙ.
Deleteමුලින් හිතුවෙ කිරිය කොල්ලෙක් කියල පස්සෙනෙ දැනගත්තෙ කෙල්ලෙක් කියල :D
ReplyDeleteසැට් එකේ දහදෙනාම කෙල්ලො. අපේ පාසල කොන්වන්ට් එකක් නෙව. :)
Deleteහරිම රසවත් නඟේ! ස්තූතියි අපත් සමඟ බෙදා හදා ගත්තට. අනික් කථාත් බලන්න ආසයි. ඒත් වෙලාව හරස් වෙනවා. තව බ්ලෝග් රාශියක් තියෙනවා කියවන්න. පුතාගේ ක්‍රිකට් පුහුණුව ඉවරවෙනකං ඉන්න ගමන් මේවා කියවන්නේ. ඔයාට ජය!!
ReplyDeleteස්තූතියි චන්දන අයියේ.... නිවාඩු පාඩු වෙලාවක හෙමින් කියවන්නකෝ......
Deleteකෙල්ලො ඇත්තටම කොන්ඩේ කර්ල් කොල්ලොන්ට කමතිද..?
ReplyDeleteදන්නෙ නෑ ඇනෝ. ඒක සාපේක්ෂයි නේද?
DeleteLassanai... aayeth iskole yanna hithenawa...
Deleteඒක නම් පාසැල් මතක අවදි වෙද්දි අපි කාටත් හිතෙනවා.
Delete(මේ ඇනෝව නම් මට හඳුනාගන්න බැරි වුනා.... නමත් සටහන් කරලා ගියානම් වටිනව.)
ශැක් ඔය කිරිහාමිටත් බ්ලොග් එකක් අටෝලා දෙන්ට බස්සි,
ReplyDeleteඑතකොට බස්සිගෙ ජෝක් වැඩ ගැනත් දැන ගත්තෑකි. හිනා වෙලා ආයෙත් හිනා යනවා කිරිහාමිගෙ වැඩ වලටනම් :-D
හික් හික්.... කිරාට බ්ලොග් කියවන්න පුරුදු කලෙත් පුදුම අමාරුවෙන්. බ්ලොග් ලියන්න ගත්තොත් නම් කිරා මාව නාවයි මේ ලියන එව්වාට.
Deleteඅපේ ව්‍යාපෘතියත් මතක් වුණා ඔන්න. ඒක යවන්නත් කලින් ඒකට හිටවපු මල් පැළ ටික මැරුණනොවැ (((
ReplyDeleteහෆොයි. ගොඩක් වෙලාවට ගෲප් ප්‍රොජෙක්ට් එහෙම තමයි දිලිනියෝ..... අපිත් අන්තිමේ ලැබ් එකේ ෆෑන් පේන්ට් කලේ පොඩි පන්තියක උන් අත්වැඩ වලට ගෙනාපු සිල්වර් ස්ප්‍රේ වගයක් මංකොල්ල කාලා. ඒ කතාවත් ලියන්න ඕනෙ පස්සෙ දවසක.
Deleteහහ්......මරු කිරිහාමියා.....මං මුලදි හිතුවේ කොල්ලෙක් කියලා....
ReplyDeleteඒ කාලෙ කලේ නම් කොලු වැඩ තමයි. ඒත් අපේ ඉක්කෝලෙ බාලිකාවක් රන්දු.
Deleteඅහිංසක කිරිහාමිව අඔරලා නේද වතුර නොදාම...
ReplyDeleteරස කතාටික
ජය වේවා!!
කිරිහාමි ඔව්වට තරහ ගන්නෙ නෑ, හිත හොඳ එකා.
Deleteතැන්කුයි විදානේ....!!
Ha ha mama mara famous nowai...
ReplyDeleteKiri hami star1k tibuna nam kiyala hithenne me feedbacks dakkama thamai ;-)
Love
Kirihami xx
අඩෝ.... කිරා ආවා නේද එහෙනම්. ඔය වටිනා කියන අදහස ලියෝගන්න ඕනෙ නිසාමයි මම මේ පෝස්ට් එකට ඇනෝ allow කලේ.... අනිවා කිරිහාමි ස්ටාර් කියලා රියැලිටි ෂෝ 1ක් තිබුනානම් උඹ එකම තමයි.
Delete<3 <3 <3
මෙයාද එතකොට කිරිහාමි... ලියමුද බ්ලොග් එකක්.. බස්සිට ඇපත් නැති වෙන්න....
Deleteහිහී... මෙයා තමයි කිරා. Blogger account එකෙන් එන්න බෑනෙ මම කොරාපු වැඩේ නිසා. ඒකයි කිරා ඇනෝ ආවෙ.
Deleteබ්ලොග් ලියනෝද? ලියනවනම් කියහන් මම වෙන planet එහෙක පදින්චියට යන්නම්.
කිරිහාමියා කියන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද ? මේ පාසල මිශ්‍ර පාසලක්ද...කලින් කථා කියවලා නැති නිසා මට තාම කොඉල් වගේ..මොකද කෙල්ලො තමන්ගෙ යෙහෙලියෝ හදුන්වන්නත් කොල්ලො වගේ ඌ මූ කියලා නේද වැඩිපුර පාවිච්චි කරන්නෙ...
ReplyDeleteඅනේ මන්දා මමනම් මගේ ඉක්කෝලෙ කාලෙ බෙස්ට් ෆ්‍රෙන්තො හැමෝවම හඳුන්වන්නෙ ඌ, මූ, කියල තමයි සිරා අයියෙ. මේක කොන්වන්ට් එකක්, Holy Familyයක්. යාලුවන්ට උයා, මෙයා, ස්වීටි, බෙස්ටී කියකියා සෝබනේ දාන්න ඉගෙන ගත්තෙ සිමා ක්ලාස් එකෙන්. කැම්පොස් එකේදිත් ඒ නිසාම හොඳින්ම ෆිට් උන කීප දෙනෙක්ට හැර අනිත් හැමෝටම කියන්නෙ ඔයා, මෙයා, හනී, ස්වීටි වගේ ආලවට්ටම් තමයි.
Deleteඌ, මූ, මචං යන ආමන්ත්‍රණ ලැබෙන උන් ඉන්නවානම් සතුටු වෙයල්ලා. ඒ ඇමතුම් ලැබෙන්නෙ මගේ හොඳම යාලුවන්ට පමණයි.
මරු කතා ටික! :'D ඉස්කෝලෙ කාලෙ දේවල් තමයි කවදත් රසට හිටින්නෙ, පොඩිකමට.
ReplyDeleteඒක නම් ඇත්ත තඹරු. ස්තුතියි මේ පැත්තට ගොඩවුනාට. සාදරයෙන් පිලිගන්නවා...!!
Deleteඕනෙම සෙට් එකක් ඉන්නවා ඔය ගේ බ්‍රෂ් චරිතයක්! මරුම තමා!!!
ReplyDeleteනැතුව නැතුව නාඩි මල්ලි,ඒකා ආවෙ නැති දාට පන්තියම පාලුයි.
Deleteකිරිහාමිගේ කතා ටික හරිම ශෝක් ... ප්‍රකාශ අල්පෙනෙති කතාව මැවිලා පෙනුනා වගේ ... තව කතා ටිකක් ඉක්මනට ලියමු හොඳේ...
ReplyDeleteතැන්කුයි නංගියෝ.... ලියමු ලියමු. මුන් ටික මාව සුදු වෑන් එහෙක ගෙනිහින් අතුරුදහන් කරයිද දන්නෑ.....
Deleteමේක කියෙව්වම මට මතක් උනේ අර හත්පනේ ඉන්න කිරිහාමිව. මෙයත් එයා වගේම තමා
ReplyDeleteමෙයා ඊට හපන් වැඩ කරන්නෙ තරිදු. හිනා සාගරයයි මෙයා ඉන්න තැන. :D
DeletePasal Samaya nawatha mathak karats thankz
ReplyDeleteඒ ජීවිතේ ලස්සනම කාලය නේ. සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!
Deleteමට නිකන් කිරි හාමිව මැවිල පෙනුන...
ReplyDeleteමගෙත් යාලුවෙක් ඉන්නව උගේ නම "ඔඩ්ඩිය" ඌ කෙලින්නෙම පිස්සු...
ඔඩ්ඩියාගෙ වැඩ ගැනත් පෝස්ට් එකක් දාමු නේද?
Deleteකතාව කියවගන යනකොට මම හිතුවේ උන්දැ දැං නැතුවත් ඇති කියලා
ReplyDeleteඒ මක්කෙයි අටම් අයියේ? කිරාගෙ පිස්සු වැඩක් පත්තු වෙන්න ඇති කියල හිතුනද? පොර දැන් ලන්කාවෙ නම් නැහැ තමයි.
Deleteපට්ට කතා තුන... හිනා කාල මැරෙනව... ඉසකොල කාලෙ තරං පිස්සු වැඩ කරපු කාලයක් නං ආෙය එන්නෙ නැතිවෙයි
ReplyDeleteහික්ස්! තැන්කුයි වේවා මහේෂ්...!!
Deleteහහහා, ලියන්න ලියන්න "කිරිහාමිගෙ කතා වස්තුව"ක්ම,,,,, :D
ReplyDeleteහ්ම්ම්ම්.... කිරා ඇත්තම මෝරෙක් එවයි මාව කන්න. :D
Deleteපරංගියාව කෝට්ටේ එක්කන් ගියේත් ඔය කිරිහමියාගේ පරම්පරාවේ එකෙක්ද කියලා එකිගෙන් අහන් යශෝ....:D
ReplyDeleteහිහී.... වෙන්න පුලුවන් මනෝ. කිරාගෙන් පාරක් ඇහුවොත් ඉතින් අනාථයි. :D
Deleteඉස්කෝලේ කාලේ කරපු කියපුවා කවදත් රසවත්.
ReplyDeleteඒක ඇත්ත යාලු. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට.....!!
Deleteතමන්ගේම ගෙදර තියෙන හොල්ට් එකත් අමතක උනා නම් ඉතිං මූ අදහන්න වටිනවා :D
ReplyDeleteආයෙත් අහලා. මල් තියලා වදින්න වටින පොරක් බඩි.
Deleteඉස්කෝලෙ යනකාලෙ තාප්පෙන් පැනල Liberty ගිය එවුවමයි මතක් වෙන්නෙ
ReplyDeleteතාප්පෙන් පනින එක ගොඩක් පිරිමි ළමයින්ගෙ ප්‍රියතම කාර්යයක් නේ........... :D
Deleteඈ බන්..... අපේ ඒ ලෙවල් ගෲප් ප්‍රොජෙක්ට් එකට කළෙත් ඔය කියන කෙමිස්ට්‍රි ලැබ් එක ප්‍රතිසංස්කරණය කරපු එකනෙ. අවුරුදු 4ක් ඇතුළත ඒක ඒ තරම් ජරාවාස වුණාද?
ReplyDeleteබ්ලොග් ලෝකයේදි දැක්කෙ නම් අදමයි..... ඒ නිසා මොන බැච් එකේද කියාවත් නොදනිමි. හැබැයි ඉතින් කමෙන්ටුවෙ කියන විදියට අපේ ඉක්කෝලෙ සහෝදරියක් නම්, අවුරුදු 4කට පසු ප්‍රතිසංස්කරණය කලෙත් අපේ කෙමෙස්ට්‍රි ලැබ් එකම නම් ඉතින් පසුකාලීනව ඒක පාවිච්චි කරපු අය ලැබ් එකෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා.
Deleteආ... තව එකක්. අපේ කාලෙ නම් ලැබ් එක "ජරාවාස" වීම කියන පහත්ම තත්වයටම වැටිලා තිබුනෙ නම් නෑ නංගියේ...!!!
තව පොඩ්ඩෙන් අතමක වෙනවා. සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!!
Deleteඔයාලගෙ ඉස්කෝලෙම තමයි. අපේ නංගි හිටියෙත් බස්සිගෙ බැඡ් එකේ නිසා බස්සිව දන්නවා. (බස්සිටත් සිඳු ව යම්තම් හෝ මතක ඇති.... )
ReplyDeleteඔහෝ.... හොයා බලන්නම්කෝ. සිඳු කියන අන්වර්ත නාමය පිටුපස්සෙ ඉන්න අක්කා කවුද කියලා. මම කලින් හිතුවෙ නංගි කෙනෙක් කියලා. තොලි හොඳේ... හික්ස්!
Deleteayyoo! mta nam akkiwa adunuweki!! .......doopa..
Deleteහෆෝයි ඇන්ජො. මනුස්සයෙක් අන්වර්ත නාමයක් දාගෙන ලියද්දි ඒ හා සම්බන්ධ සැබෑ නම්ගම් දෙසාබාන්න එපා. මම සිඳු අක්කිව අඳුනගත්තා වගේම ඒ බව තහවුරු වුනායින් පස්සෙ FB මැසේජ් එකකින් ඒ බව කිවුව. (බ්ලොගේ ලිවුවෙ නැති උනාට!) :P
Deleteමහා බාල ඇණ.... හික් හික් ...... ඔය ඇණ කොච්චර වැඩ දුන්නද ආලෝකේ පාඩමේදී... :)
ReplyDelete