“ඔබ මට ආදරෙයි නොකියා – නොදන්නවා වගේ ඉන්නවා…”
Crush එහෙකට කියන සිංහල වචනෙ මොකද්ද හැබෑට? මටනම් ඒ ගැන කිසිදු අදහසක් නෑ. ඒත් නිකමට වාගෙ ඉන්ගිරිස් - සිංහල ඩික්ෂනරියක ඔය වචනෙ ටයිප් කොරල බලන්නකො.
මට හිතෙන්නෙ ඒ Crush එක තමන් ගැන හාංකවිසියක් දන්නෙත් නෑ, තමන්ව තුට්ටුවකටවත් මායිම් කරන්නෙත් නෑ කියල තේරුම් ගත්තාම ඇතිවෙන හැඟීම මොකද්ද කියන එක නම් ඔය සිංහල තේරුමෙන් අගේට පැහැදිලි වෙනවා.
හැබැයි ඔය අප්‍රකාශිත ආදරයට කරන්න පුලුවන් දේවල් බොහොමයි. තැලිච්ච, පොඩිවෙච්ච හදවතකින් එලියට ගලන වේදනාව කලවම් වුනු, කඳුලින් ඔප වැටුනු නිර්මාණ වල රහ වැඩියි මට හිතෙන විදියට.
බස්සිත් කාලෙකට කලින්, සූටි බසු පැටවෙක් සන්දියේ ඔන්න ඔය විදියෙ Crush එකක් වෙනුවෙන් ලියාපු කවියක් බ්ලොග් කටුවෙත් පල කලා. යාලුවො සමහරු බය වෙලාත් තිවුනා එවුවා අපේ බස්සාට ලියාපුවදෝ කියල හිතල.
එහෙම හිතපු කුරුලු යාලුවො අපූරු කවි comment සංවාදයක් ගෙනිච්චා. නොදන්න අයට මෙතනින් ගිහින් ඒ කවි සංවාදය බලන්න පුලුවනි.
ඔන්න ඉතින් අද පල කරන්නේ ඒ අවුරුදු ගාණක් පැරණි Crush එක වෙනුවෙන් ලියාපු පුරාණ පදවැලක්.
පිණි කඳුලු මල් පෙති සිඹින්නේ සඳ අඳුරු වුන දා
වැහි කඳුලු පොලවට වැටෙයි ගගනත රුදුරු වුන දා
මගෙ කඳුලු දෙකොපුල් තෙමාලන්නේ කිමද මන්දා
මම තනියෙන්ම දුක් වින්දා
මා දිහා අමනාප නෙත් රැඳවූව දවසක් නෑ
මා සවන් මත රුදු වදන් රැඳවූව දවසක් නෑ
ඒ කිමද අද වනතුරා ඔබ නෙත් විවර කර නෑ
මා හඳුනගෙන නෑ
මා සවන් මත රුදු වදන් රැඳවූව දවසක් නෑ
ඒ කිමද අද වනතුරා ඔබ නෙත් විවර කර නෑ
මා හඳුනගෙන නෑ
නෙත් කෙවෙනි රත් පැහැ වුනේ කිම හිතා ගන්නත් 9බෑ
දුක රැඳුන මතකයක් නෑ දුක දරාගන්නත් බෑ
කඳුලු වියැලෙන තුරා මට මග බලා ඉන්නත් බෑ
හිත හදා ගන්නත් බෑ
(පදමාලාවෙ ගුණ අගුණ කියලා යනවනම් මං හරි ආසයි.)
me araya ganada?? uba uuta e tharam lv karada?
ReplyDeleteකවුරු ගැනද කියලා පැහැදිලි නෑ ඇන්ජා... හික්ස්!
Deleteවැරදියි බන්. මේක ලව් එකක් නෙමෙයි ක්‍රශ් එකක්නෙ. ඔව් මචන් ඒ කාලෙ එහෙම කරන්න ඇති. පොඩි වයසනෙ. අවසාන verse එක ලිවුවෙ අද. මුල් කොටස ඒ කාලෙ ලියපු එකක්. ඕ ලෙවල් ක්ලාස් එකේ යාලුවෙක් තමයි මේ කවිය/ගීතය මතක් කරලා දුන්නෙ.
This comment has been removed by a blog administrator.
ReplyDeleteසමාවෙයන් මචෝ.... ප්‍රසිද්දියේ පුද්ගල නාමයන් භාවිතය අනවශ්‍යයි. මොකද මමත් ලියන්නෙ අන්වර්ත නාමයකින් නිසා.
Deleteuge maha add 1 ban e kaale!! mata penna ba!!
Deleteමටත් බන්..... හික්ස්..... ;)
Deletekauda ane mata hitha ganna baha kauda kiyala...
Deleteසිරාවටද ජෙස්? නැත්නම් ජස්ට් ජෝකින්ග්ද? අර නිර්මාලි මිස්ගෙ chem ක්ලාස් එක, Daisy මිස්ගෙ ෆිසික්ස් ක්ලාස් එක, නෙල්සන් සර්ගෙ Lit ක්ලාස් එක ආශ්‍රිත සීන් එක බන්.
Deleteමේක කියෙව්වම පොඩි කථාවක් මතක් වෙනවා..
ReplyDeleteඑක ඔෆිස් එකක් තියෙනවා මේකෙ වැඩකරන කෙල්ලෙක් හැමදාම තමන්ගේ කෑම එක ඒ ඔෆිස් එකේම කොල්ලෙක් එක්ක බෙදාගෙන කනවා....
ටික දවසකින් මේ කෙල්ල මේ කොල්ලට වෙනම බත් එකක් ගෙනත් දෙනවා...
හැබැයි කෙල්ල බත් එක වෙන කොල්ලෙක් එක්ක බෙදාගෙන කනවා...
කවි ටික කියෙව්වම හිතේ දුකක් වගේ මොකක් ද එකක් ඇතිඋනා....
ජය වේවා!!!!
හෆ්ෆා.... ඒ කතාවම නිකම් කවියක් වගේ විදානේ. ඒක ඇහුවම මගෙ හිතෙත් දුකක් වගේ මෙවුවා එකක් ඇතිවුනා.
Deleteඒකට තමයි කියන්නේ Real Crush එකක් කියලා.
Deleteහ්ම්ම් හ්ම්ම්ම්.... සිරා ක්‍රෂක්. අපරාදේ අර මෝඩ කොල්ලා.
Deleteකියෙව්වෙමි.. :)
ReplyDeleteඑලස්...
Deleteපද පේලි වල ගුණ අගුණ කියන්න නම් මට තේරුමක් නෑ...ඒත් මධුර ඩික්ෂනරිය නම් හරියටම හරි :D
ReplyDeleteඅයියූ.... මදැයි මුල් වතාවට සිංදුවක් දාලා ගුණාගුන ඇහුවා. ;) හික්ස්... තැන්කුයි හොඳේ.........
Deleteමේ අර කොන්ඩේ බොකුටු බොකුටු කෙනාට ලිව්ව එකක් වෙන්ටෑ.........පද ටික නම් මල් 7 ඈ
ReplyDeleteහෑ.... කොණ්ඩෙ පොකුට්ට උඹ දන්නෙ කෝමෙයි ශානු අක්කෝ...??
Deleteලස්සනයි..අදමයි ගොඩවුනේ මේ පැත්තට.මාතෘකාව දැක්ක ගමන් එනන් හිතුනෙ ඇයිද මන්දා.
ReplyDeleteඅරුණ වඩිනා අදුරු අහසින්
සදුත් යයි නිවිලා
සදට තනියට උන්නු තරුකැට
එකින් එක මැකිලා
ළගක නුඹ නැත මතක පොකුරක්
හිතේ ඇත රැදිලා
මතකෙ අමතක කරන්නට
හිත ලෝබකම් කෙරුවා
සතුටුයි ආපු එක ගැන. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!
Deleteනිශා අහසේ - නැගී තරු වැල්
සිනා සැලුවත් කොයිතරම්,
වලා සළු මැද - දිලෙන පුරහඳ
කෙසේ උන් හා සමකරම්,
අනේ පුරහඳ - වනේ විල මැද
විකසිතවු කුමුදිනිය මං,
ඔබේ දසුනෙන් සැනහුනෙම්,
කෙසේ ගගනත පියමනිම්,
සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
සිහිල විඳගමි හදවතින්,
අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!
ෆලෝ පාරක් දැම්මා.අපි නම් අළුත් ඔන්න :)
Deletehttp://achcharaukade.blogspot.com/
තැන්කිවු. අච්චාරු කන්න එන්නම්කෝ...
Deleteඇවිත් ගියාට තැංකුවු බස්සි
Deleteඒ... මේ.... ෂ්ෂ්.... බස්සි....
ReplyDelete-_-
මාත් කාලයක් බුට් සිතුවිලි ලිවුවා බුරුති පිටින්. දැන් ලැජ්ජයි අෆ්ෆා. සැක්.
මම නං ලැජ්ජා වහල ලියනෝ දැන් නමත් වෙනස් කරගත්තු නිසා.
Deleteමේකෙ මුල කොටස යාලුවෙක් මතක් කරල දුන්නෙ නංගෝ. (මම ඒ කාලෙ ලියන කව් ඒ යාලුව එකතු කරනව. නැත්තම් මම ඉරල විසිකරන හින්ද!) අග කොටසනම් අලුතෙන් එඩිට් කලා. බ්ලොගේ දාන්නමයි හිතුනෙ.
ෂ්..... කාටවත් කියන්නෙපා හොඳේ.....
ඒ..... මේ.... උයාට අක්කා කියන්ඩ හිතෙන්නෙම නෑ නේ ^_^ හැක්. මාර වැඩේ :පී
Deleteහික්ස්..... ඒකට මක්කා වෙනවැයි? නැද්ද මචන්.... ;) :P
Deleteපද ගැලපුම නම් අපූරුයි...එත් කවියකට , නිසන්දසකට වැඩ මේක ගීතයකට වඩා ලඟයි කියලා හිතෙනවා. වචන ටික කියෝගෙන යනකොටම මැච් වෙන තනුවක් ඇවිත් ගියා..however ....ජය වේවා..
ReplyDeleteමගේ අදහසත් මෙය ගීතයකට වඩා ළගයි කියන එකම තමයි යාලු. තැන්කිවු හොදේ....
Deleteඅනේ මන්දා කවි පද ගැනනම් මම දන්නේ නෑ වැඩිය. අදහසට කැමතියි, නාඩි කවිත් වැඩියෙන්ම ලියවිලා තියෙන්නේ මේ crush සින් එක ගැන තමා
ReplyDeleteCrush වලින් වෙන එකම සෙතේ ලස්සන කවි සින්දු ලියැවෙන එක විතරමද කොහෙද...
Deleteඇයි මුඩ් ගහගෙන දවස තිස්සෙම බකං නිලාගෙන ඉන්න එක
Deleteඒක සෙතක්යෑ අනේ.... අයියූ ඒ මූඩ් නම්. වටේ ඉන්න උන්ගෙන් බැනුම් කෝටියයි මූඩ් දවසට.
Deleteලස්සනයි බස්සියේ
ReplyDeleteතැන්කිවු බොරලූ...
Deleteකවි තුනෙන් මුල් ම කවියට තමා ගොඩක් ම ආස. මොකද කියනව නම් අනිත් දෙකේ නෑ බෑ කියලා ආයෙ ආයෙ කියවෙන නිසා. ඉන්ටකෝ මලලසේකරේ බලන්න. මේකට ඒක පාර්ශ්වීය ප්‍රේමය කියලනේ අපි කියන්නෙ....
ReplyDeleteඅමතක වුණා... හැබැයි ඒක පාර්ශ්වීය ප්‍රේමය යි ක්‍රෂ් එක යි සපුරා වෙනස්.
Deleteනෑ බෑ වචන වලින් crush එකක් නිසා ඇතිවන පරාජිත nagative feeling එක දෙන්න පුලුවනි කියල මම හිතාගෙන හිටියෙ. එයින් රස නැසෙන්නෙ කොහොමද කියලා පැහැදිලි නෑ.
Deleteඑතකොට crush එකට සින්හල වචනයක් නැද්ද?
Deleteහි හි රුකාන්ත්ගේ හෙට හමුවෙමුද අපි සින්දුව මතක් වුණා අගට නෑ නෑ දකිද්දී,, ලස්සනයි ඒ හැගීම් අපුරුවට තියෙනවා
ReplyDeleteමං කූඩු කෙරුවා මිසක් කුඩුවෙලා නෑ නෙව බස්සියේ ,,කවදාහරි මගේ ඩෙල් කුමාරයා කැඩිච්ච දාට ලියයි මාත් ...
පව් කාර මගේ හිත
ඔහේ මොරගහපුදෙන් .
මට නුඹව අහිමි ලොව
වල් වැදී ගියපුදෙන්
රත්තරන් මන් මෙසේ ...
හුදෙකලා වෙච්චදෙන් ..ඉදගෙන :) කියලා කියාගෙන කියාගෙන් යන්වා
ඒ කවිය ඇහුනොත් නම් ඩෙල් ගාමිණීට දුක හිතිලා වලෙන් නැගිටියි බන්.
Deleteකවි සිතුවිලි රස විදිනවා පමණි.
ReplyDeleteවිග්‍රහ කිරීමට තරම් දක්ෂයෙක් නොවෙමි එනමුදු සමහර වෙලාවට යක්ෂයෙකි :).
හික්ස්! තැන්කුයි කෙන්ජක්ෂයා...
Deleteමේ කාටවත් කියන්න එහෙම එපා.. මාත් අවුරුදු 4ක්ම හිතින් ලවු කලානේ.. හරි සංතෝසයි අෆ්ෆා.. හැබැයි ඒකේ පොඩි ගතියකුත් තියෙනවා.. මගේ පලවෙනි ලිපි 100 විතර කියවන්න.. ඒවත් මේ වගේම තමයි.. ලැජ්ජවේ බෑ දැන් බලද්දී..
ReplyDeleteගතියක් තියෙනවා නෙමෙයි තිබුනා.. නැත්නම් මේක දැක්කම හෙට ඉදලා හමාරයි.. හෙහ්..
Deleteමොනවා,උඹ හිතින් අවුරුදු 4 ලවු කලා කිවා.බලාන ගියාම මචෝ මගේ මොඩල් එකේ වුන් තවත් ඉන්නවානේ...
Deleteඅවුරුදු හයක් කරපු උන් ගැන ඔයාලගේ අදහස මොකක්ද? හික්ස්!
Deleteතනි අනේඩේ ලවක් නැති මිනිහෙක් කියහං මට..
Deleteඅර නොමළ ගේකින් අබ හෙවුවා වාගේ කතාවක් නෙ දේශ් ඒක. හැබැයි සමහරු නම් එකහෙලා කියා හිටිනවා crush එකක් ජීවිතේට තිබිලා නෑ කියලා. අනේ මන්දා එහෙම කතානම්.
Deleteදිනේශ් අයියගෙ මුල්කාලෙ ලිපි ටික කියවන්ටම ඕනෙ එහෙනම්... ගතියකුත් තිබිලාලු. හා හා....
Delete" සිතින් විතරක් පෙම් කරන්නම්.. දුරින් හිද ඔබ දෙස බලන්නම්.."
Deleteඕක ඉස්කෝලේ කාලේ කොල්ලෝ ගොඩකට වෙන දෙයක් බං.. දැන් බලන්න මේ ලවු එක.. මම සති දෙකයි ලයින් දැම්මේ.. ඇහුවා.. ඒකටත් එක්ක අරක.. ඔහොම තමයි ඉතින්.. මොනා කරන්නද?
ඒව වෙන්නෙ ඉතින් පතාගෙන, ඔතාගෙන ආපු හැටියටනෙ. නැද්ද.
Deleteකවි ගැන නම් මගේ කිසි පැහැදීම්ක් නෑ... මම කවි වලට කැමති නෑ නොවැ... කවිය ලස්සනයි...
ReplyDeleteහයියූ... දුක තමයි. මමනම් කවියට, ගීතයට ගොඩක් ආදරේ කරන කෙනෙක්.
Deleteබ්ලා ච්කි චිකි බ්ලා....
ReplyDeleteකෝ....
මේක සීමික්ස් වෙල්ලෑ ලෙ... පොඩ්ඩක් බලහත් අක්කෙ
මේකෙන් අච්චාරු දාන්ට බැරුව ඇති මලේ, තැන්කූ හොදේ...
Deleteකව්යකට වඩා ගීතයකට උචිතයි..
ReplyDeleteක්රෂ් එක කියන්නේ නිකං තලා පෙලා දානවා (හොද හිතින්) ඒ වගේ හැගීමක් නේද?
හ්ම්ම්... මාත් හිතුවෙ ගීයකට උචිතයි කියලා.
Deleteහපුයි. හොද හිතින්, තලල පෙලල දාන්නෙ කොයි රටේද දේශෝ?
හිතින් නේ...
Deleteමෙහෙමනෙ ඉතින් මාත් හිතෙන් ලවු කොලා කෙනෙක්ට ඒත් එයා මන් ගැන කිසිම දෙයක් දන්නෑ කියලා මට ශුවර්. මාව දැකලා වත් නෑ. අන්තිමේ එයා වෙන කෙනෙක් බැඳලා ලමයෙකුත් ඉන්නවා දැන්.
ReplyDeleteකවුද දන්නවද ඒ. අයිශ්වර්‍යා රායි. :'( :'(
මන්නම් ඔය එකෙක්ටවත් ආදරේ නෑ බන් සෙද්ද :P
Deleteමන්නම් දැනුත් කෙනෙක්ට ලවු කොරනවා. මේක ගෑල්ලමයෙක්ගෙ බ්ලොගක් නිසා කියන්න හිත දෙන්නෑ. පස්සෙ උඹට කියන්නම්. :-P.
Deleteමේ එහෙම ශේප් වෙන්න බෑ හලිද! කුතුහලේ ඇවිස්සුවනම් කවුද එයා කියලත් කියලම යන්න වෙනවා!!
Deleteහම්මෝ බෑ. එයා මහ නෝටි කෙල්ලෙක්. හැක්… හැක්… එයත් ලංකාවෙ නෙමේ.
Deleteමම හිතින් ලවු කොරේම අන්තර්ජාතිකව.
(වයිෆ් බ්ලොග් නොකියවන එක හොදා.) :-D :-D
එයත් බොලිවුඩ් නිළි පැටික්කියක්ම තමා. :'(
Deleteයකෝ.... මෙයාට තිබිල තියෙන්නෙ සේරම ඉන්ටර්නැෂනල් ක්‍රශ් නෙව. ආඩම්බරයි පුතේ... ;)
Deleteපද වැල නම් ලස්සනයි අක්කෙ :)
ReplyDeleteඕක ලියන්න හේතුබූත උන කතාවත් ලිව්වනම් වටිනාවා :D
බූතයා කියන්නෙ කාටද බොල?? :-D
Deleteහෆ්ෆෝ..... මේ සිංදුවක් ලියලා වෙලා තියන හරිය මදැයි. බූත කතාව නැකතක් හෙම බලලා ලියන්න ගන්නම්.
Deleteහෑ.... අක්කා!! මම හිතුවෙ සසිඳුවාට ඉබ්බො හත්දෙනෙක්ගෙ විතර වයස ඇති කියලයී!!
හි හි ,,බස්සි කට කට ,,සසින්දුවා විතරක් නෙමේ අපේ ප්‍රියත් මල්ලි වෙන්න පුළුවන් ඉදගෙන හොදේ ,මාත් අක්කා වෙන්නේ ..
Deleteහෑ...? මලලසේකරයි එහෙනම් බොහෝ විට මට මචන් හෝ මල්ලි වෙන්ටැති නේද!! හි හි තැන්කුයි ඔමයියෝ. අර ඉබ්බො 7 දෙනාගෙ කතාවනම් කිවුවෙ මෙයාව අවුස්සන්න. :D
Deleteවිරහාව ඇතුලේත් අමුතු,ගුප්ත ලස්සනක් තියෙනවා යශෝ.නමුත් කරුමේ කියන්නේ ප්‍රේමය ඇතුලේ තියෙන ලස්සන මිහිරියාවට වඩා අර ගුප්ත විරහාව අපේ ජිවිත වලට ලංවෙලා තියෙන එකනේ. ..:(
ReplyDeleteඅනේ මන්දා මනෝ මටත් ඒකට හේතුවක් හිතා ගන්න බෑ. ආදරේ කොයිතරම් මිහිරි වුනත් විරහව පාදක කරගෙන බිහිවෙන නිර්මාණ වල අමුතුම ලස්සනක් දැනෙනවා. (මම මේ කියන්නෙ අර මල ඈඬියා බස් බූට් සින්දු ගැන හෙම නෙමෙයි!)
Deleteඔය ලව ගැන මම නම් දන්න මගුලක් නෑ ඕන් ..හැක් හැක් ... :(
ReplyDeleteදන්නෙ....... හැක් හැක් මෙවා පුරසිද්දියේ කියන්න බෑ ..මට නම් ඔං හිනා ගියා ,එක එක විකාර මතක් වෙලා
අනේ උඹ බබාලු ඈ.... හිනා ගියානම් ඒ ඇති. ලේ පිරිසිදු වෙන්නෙ නැතැයි.
Deleteපද ටික ලස්සනයි... මොකද ආකර්ෂණය කියන් වචනේ ගැන හිතන්නේ.මට නම් ඔය මෙව්ව එක ඇති වෙන්නෙ කොරියන් ටෙලි ඩ්‍රාමාස් වල ඉන්න අය ගැන විතරයිනේ.ඒ මොකෝ??
ReplyDeleteහ්ම්ම්ම්............ වර්ෂා කියාපු විදියට ආකර්ශණය කියන එක මේ අදහස සෑහෙන දුරට පැහැදිලි කරනවා. තැන්කූ..... කොරියන් අය ගැන හිතෙන්නෙ නම් ඇයිදෝ මන්ද. මගෙ යාලුවෙකුත් ඉන්නව ඔහොම.
Deleteඅතිතයට ගිහින්ද මේක ලිවුවෙ.
ReplyDeleteපෝස්ටුවේ මේකට උත්තරේ තිබේ...
Deleteවිරහව කියන්නෙ අමුතුම රහක් තියෙන දෙයක්. crush කියන්නෙ ඒක පාර්ශවික ප්‍රේමයට ලගින් යන එකක් උනත් වෙන එකක් නේ. මමත් හිතෙන් බැදිලා හිටියා ගෑනු ලමයෙකුට. පස්සෙ අවුරුදු ගානක ඒක පාර්ශවික පෙමක්. ඊට පස්සෙ විරහවක්. හැබැයි ඔය ඔක්කොම එකම ගෑනු ලමයෙක් නිසා. පුදුමෙ කියන්නෙ අන්තිමටම මගේ ලග නැවතුන ගෑනු ලමයත් එයාමනේ. ගෑල් ලමයි ඔය විදිහෙ crush/ ඒක පාර්ශවික ප්‍රේමයන් නිසා සෑහෙන්න දුක් වෙන හැටි මං දැකලා තියෙනවා. කොල්ලො වගේ නෙමෙයි නේ. කෙල්ලෙක්ගෙ හිතේ ඇති වෙච්ච ප්‍රේමයක් ප්‍රකාශයට පත් කරන එක නුසුදුසුයි, වැරදි කියල මතයක් තියෙනවනෙ. හෆ්ෆෙ. මේ ගැන කියන්න කතා ගොඩයි. වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දේවල්
ReplyDeleteඒ කතාව නම් කොටස් වශයෙන් බ්ලොග් එකේ පළකරන්න තරම් රසවත් ඇති. දවසක පෝස්ට් එකක්ම දාමු නේද?
Deleteලස්සනයි,හදිස්සියේ අපු ගමන්, අපි යනෝ
ReplyDeleteහහා...... ඕකේ.... තැන්කූ.... ගිහින් එන්ඩෝ....
Deleteඔය crush එකේ සිංහල තේරුම කියලා මධුරයා දීලා තියෙන්නේ crush එකක් ආවාම අපි කරන දේවල් නේද?
ReplyDeleteමටනම් ඔය crush එක තමයි ලස්සනම දේ.....මොකද ඊට පස්සේ වෙන හැමදේම හරිම සාම්ප්‍රදායිකයි...ඔයාගේ කවි සිතුවිල්ල හොඳටම ගැලපෙන්නේ ගීතයකට. මීට කලිනුත් බස්සි ගීතයක් ලිව්වා මතකයි.
වෙලාවකට හිතෙනවා මටනම් ඔය crush එකේම හැමදාම ඉන්න තියෙනවනම් කියලා. එතකොට හීන මව මවා ඉන්න පුළුවනි.
ඇත්තටම crush එකක් ඇතිවුනාම දකින හීන මාර සුන්දරයි. කොයිවෙලාවෙත් හීන දකින මම ඔය පොඩි පොඩි crush ඇතිවුනාම තනිකරම හීන ලෝකෙ අතරමං වෙනවා. හැබැයි ඔය ගොඩක් crush හිතේ තියෙන්නෙ සතියයි, දෙකයි. කාලයක් පවතින්නෙ එහෙමත් එකක් තමයි. ඔය සින්දුව ලියවුනේ එහෙම එකකට.
Deleteතවත් දෙයක් තමයි අපි crush එකක් වෙනුවෙන් කොයිතරම් වේදනා වින්දත්, අපි වෙනමම කෙනෙක්ගෙ crush එකක් වෙන වෙලාවට "අත්තානං උපමං කත්වා" කියලා හිතෙන්නෙම නෑ නෙව. ඒකත් මහ පුදුම දෙයක්. Crush එක යන්නෙ ඒකපාර්ශ්විකව විතරමද මන්දා. :)
මේව කියෝල බස්සා මගෙ තට්ටෙ පලයි. මම යනෝ....
ඉතින් බොල 64 න් එකක් දාලා කියපං ,සදාකල් පවතින crush එක ඇතිවුනේ ඔයා ගැන විතරයි බස්සෝ කියලා ....හික් හික් හික් ...
Deleteදෙකොපුල් යන්නහි තේරුම කියන්න පුලුවන්ද?
ReplyDeleteදෙකොපුල් යන්නහි තේරුම කියන්න පුලුවන්ද?
ReplyDelete