Tuesday, February 18, 2014

ඔබ නොදන්නවා වගේ ඉන්නවා


 
“ඔබ මට ආදරෙයි නොකියා – නොදන්නවා වගේ ඉන්නවා…”

Crush එහෙකට කියන සිංහල වචනෙ මොකද්ද හැබෑට? මටනම් ඒ ගැන කිසිදු අදහසක් නෑ. ඒත් නිකමට වාගෙ ඉන්ගිරිස් - සිංහල ඩික්ෂනරියක ඔය වචනෙ ටයිප් කොරල බලන්නකො.
 






මට හිතෙන්නෙ ඒ Crush එක තමන් ගැන හාංකවිසියක් දන්නෙත් නෑ, තමන්ව තුට්ටුවකටවත් මායිම් කරන්නෙත් නෑ කියල තේරුම් ගත්තාම ඇතිවෙන හැඟීම මොකද්ද කියන එක නම් ඔය සිංහල තේරුමෙන් අගේට පැහැදිලි වෙනවා.
 

හැබැයි ඔය අප්‍රකාශිත ආදරයට කරන්න පුලුවන් දේවල් බොහොමයි. තැලිච්ච, පොඩිවෙච්ච හදවතකින් එලියට ගලන වේදනාව කලවම් වුනු, කඳුලින් ඔප වැටුනු නිර්මාණ වල රහ වැඩියි මට හිතෙන විදියට.



 

බස්සිත් කාලෙකට කලින්, සූටි බසු පැටවෙක් සන්දියේ ඔන්න ඔය විදියෙ Crush එකක් වෙනුවෙන් ලියාපු  කවියක් බ්ලොග් කටුවෙත් පල කලා. යාලුවො සමහරු බය වෙලාත් තිවුනා එවුවා අපේ බස්සාට ලියාපුවදෝ කියල හිතල.

 
එහෙම හිතපු කුරුලු යාලුවො අපූරු කවි comment සංවාදයක් ගෙනිච්චා. නොදන්න අයට මෙතනින් ගිහින් ඒ කවි සංවාදය බලන්න පුලුවනි.
 

ඔන්න ඉතින් අද පල කරන්නේ ඒ අවුරුදු ගාණක් පැරණි Crush එක වෙනුවෙන් ලියාපු පුරාණ පදවැලක්.




පිණි කඳුලු මල් පෙති සිඹින්නේ සඳ අඳුරු වුන දා
වැහි කඳුලු පොලවට වැටෙයි ගගනත රුදුරු වුන දා
මගෙ කඳුලු දෙකොපුල් තෙමාලන්නේ කිමද මන්දා
මම තනියෙන්ම දුක් වින්දා
 

මා දිහා අමනාප නෙත් රැඳවූව දවසක් නෑ
මා සවන් මත රුදු වදන් රැඳවූව දවසක් නෑ
ඒ කිමද අද වනතුරා ඔබ නෙත් විවර කර නෑ
මා හඳුනගෙන නෑ


නෙත් කෙවෙනි රත් පැහැ වුනේ කිම හිතා ගන්නත් 9බෑ
දුක රැඳුන මතකයක් නෑ දුක දරාගන්නත් බෑ
කඳුලු වියැලෙන තුරා මට මග බලා ඉන්නත් බෑ
හිත හදා ගන්නත් බෑ




(පදමාලාවෙ ගුණ  අගුණ  කියලා යනවනම් මං හරි ආසයි.)



88 comments:

  1. me araya ganada?? uba uuta e tharam lv karada?

    ReplyDelete
    Replies
    1. කවුරු ගැනද කියලා පැහැදිලි නෑ ඇන්ජා... හික්ස්!

      වැරදියි බන්. මේක ලව් එකක් නෙමෙයි ක්‍රශ් එකක්නෙ. ඔව් මචන් ඒ කාලෙ එහෙම කරන්න ඇති. පොඩි වයසනෙ. අවසාන verse එක ලිවුවෙ අද. මුල් කොටස ඒ කාලෙ ලියපු එකක්. ඕ ලෙවල් ක්ලාස් එකේ යාලුවෙක් තමයි මේ කවිය/ගීතය මතක් කරලා දුන්නෙ.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් මචෝ.... ප්‍රසිද්දියේ පුද්ගල නාමයන් භාවිතය අනවශ්‍යයි. මොකද මමත් ලියන්නෙ අන්වර්ත නාමයකින් නිසා.

      Delete
    2. uge maha add 1 ban e kaale!! mata penna ba!!

      Delete
    3. මටත් බන්..... හික්ස්..... ;)

      Delete
    4. kauda ane mata hitha ganna baha kauda kiyala...

      Delete
    5. සිරාවටද ජෙස්? නැත්නම් ජස්ට් ජෝකින්ග්ද? අර නිර්මාලි මිස්ගෙ chem ක්ලාස් එක, Daisy මිස්ගෙ ෆිසික්ස් ක්ලාස් එක, නෙල්සන් සර්ගෙ Lit ක්ලාස් එක ආශ්‍රිත සීන් එක බන්.

      Delete
  3. මේක කියෙව්වම පොඩි කථාවක් මතක් වෙනවා..

    එක ඔෆිස් එකක් තියෙනවා මේකෙ වැඩකරන කෙල්ලෙක් හැමදාම තමන්ගේ කෑම එක ඒ ඔෆිස් එකේම කොල්ලෙක් එක්ක බෙදාගෙන කනවා....
    ටික දවසකින් මේ කෙල්ල මේ කොල්ලට වෙනම බත් එකක් ගෙනත් දෙනවා...
    හැබැයි කෙල්ල බත් එක වෙන කොල්ලෙක් එක්ක බෙදාගෙන කනවා...

    කවි ටික කියෙව්වම හිතේ දුකක් වගේ මොකක් ද එකක් ඇතිඋනා....

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා.... ඒ කතාවම නිකම් කවියක් වගේ විදානේ. ඒක ඇහුවම මගෙ හිතෙත් දුකක් වගේ මෙවුවා එකක් ඇතිවුනා.

      Delete
    2. ඒකට තමයි කියන්නේ Real Crush එකක් කියලා.

      Delete
    3. හ්ම්ම් හ්ම්ම්ම්.... සිරා ක්‍රෂක්. අපරාදේ අර මෝඩ කොල්ලා.

      Delete
  4. කියෙව්වෙමි.. :)

    ReplyDelete
  5. පද පේලි වල ගුණ අගුණ කියන්න නම් මට තේරුමක් නෑ...ඒත් මධුර ඩික්ෂනරිය නම් හරියටම හරි :D

    ReplyDelete
    Replies
    1. අයියූ.... මදැයි මුල් වතාවට සිංදුවක් දාලා ගුණාගුන ඇහුවා. ;) හික්ස්... තැන්කුයි හොඳේ.........

      Delete
  6. මේ අර කොන්ඩේ බොකුටු බොකුටු කෙනාට ලිව්ව එකක් වෙන්ටෑ.........පද ටික නම් මල් 7 ඈ

    ReplyDelete
    Replies
    1. හෑ.... කොණ්ඩෙ පොකුට්ට උඹ දන්නෙ කෝමෙයි ශානු අක්කෝ...??

      Delete
  7. ලස්සනයි..අදමයි ගොඩවුනේ මේ පැත්තට.මාතෘකාව දැක්ක ගමන් එනන් හිතුනෙ ඇයිද මන්දා.

    අරුණ වඩිනා අදුරු අහසින්
    සදුත් යයි නිවිලා
    සදට තනියට උන්නු තරුකැට
    එකින් එක මැකිලා
    ළගක නුඹ නැත මතක පොකුරක්
    හිතේ ඇත රැදිලා
    මතකෙ අමතක කරන්නට
    හිත ලෝබකම් කෙරුවා

    ReplyDelete
    Replies
    1. සතුටුයි ආපු එක ගැන. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!

      නිශා අහසේ - නැගී තරු වැල්

      සිනා සැලුවත් කොයිතරම්,
      වලා සළු මැද - දිලෙන පුරහඳ
      කෙසේ උන් හා සමකරම්,

      අනේ පුරහඳ - වනේ විල මැද
      විකසිතවු කුමුදිනිය මං,
      ඔබේ දසුනෙන් සැනහුනෙම්,
      කෙසේ ගගනත පියමනිම්,
      සෙනේ සඳකැන් විදාලන් විල් දිය මතින්,
      සිහිල විඳගමි හදවතින්,

      අමාවකනම් එපා මොහොතක්වත් ඉතින්.....!

      Delete
    2. ෆලෝ පාරක් දැම්මා.අපි නම් අළුත් ඔන්න :)

      http://achcharaukade.blogspot.com/

      Delete
    3. තැන්කිවු. අච්චාරු කන්න එන්නම්කෝ...

      Delete
    4. ඇවිත් ගියාට තැංකුවු බස්සි

      Delete
  8. ඒ... මේ.... ෂ්ෂ්.... බස්සි....
    -_-
    මාත් කාලයක් බුට් සිතුවිලි ලිවුවා බුරුති පිටින්. දැන් ලැජ්ජයි අෆ්ෆා. සැක්.

    ReplyDelete
    Replies
    1. මම නං ලැජ්ජා වහල ලියනෝ දැන් නමත් වෙනස් කරගත්තු නිසා.

      මේකෙ මුල කොටස යාලුවෙක් මතක් කරල දුන්නෙ නංගෝ. (මම ඒ කාලෙ ලියන කව් ඒ යාලුව එකතු කරනව. නැත්තම් මම ඉරල විසිකරන හින්ද!) අග කොටසනම් අලුතෙන් එඩිට් කලා. බ්ලොගේ දාන්නමයි හිතුනෙ.
      ෂ්..... කාටවත් කියන්නෙපා හොඳේ.....

      Delete
    2. ඒ..... මේ.... උයාට අක්කා කියන්ඩ හිතෙන්නෙම නෑ නේ ^_^ හැක්. මාර වැඩේ :පී

      Delete
    3. හික්ස්..... ඒකට මක්කා වෙනවැයි? නැද්ද මචන්.... ;) :P

      Delete
  9. පද ගැලපුම නම් අපූරුයි...එත් කවියකට , නිසන්දසකට වැඩ මේක ගීතයකට වඩා ලඟයි කියලා හිතෙනවා. වචන ටික කියෝගෙන යනකොටම මැච් වෙන තනුවක් ඇවිත් ගියා..however ....ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් මෙය ගීතයකට වඩා ළගයි කියන එකම තමයි යාලු. තැන්කිවු හොදේ....

      Delete
  10. අනේ මන්දා කවි පද ගැනනම් මම දන්නේ නෑ වැඩිය. අදහසට කැමතියි, නාඩි කවිත් වැඩියෙන්ම ලියවිලා තියෙන්නේ මේ crush සින් එක ගැන තමා

    ReplyDelete
    Replies
    1. Crush වලින් වෙන එකම සෙතේ ලස්සන කවි සින්දු ලියැවෙන එක විතරමද කොහෙද...

      Delete
    2. ඇයි මුඩ් ගහගෙන දවස තිස්සෙම බකං නිලාගෙන ඉන්න එක

      Delete
    3. ඒක සෙතක්යෑ අනේ.... අයියූ ඒ මූඩ් නම්. වටේ ඉන්න උන්ගෙන් බැනුම් කෝටියයි මූඩ් දවසට.

      Delete
  11. ලස්සනයි බස්සියේ

    ReplyDelete
  12. කවි තුනෙන් මුල් ම කවියට තමා ගොඩක් ම ආස. මොකද කියනව නම් අනිත් දෙකේ නෑ බෑ කියලා ආයෙ ආයෙ කියවෙන නිසා. ඉන්ටකෝ මලලසේකරේ බලන්න. මේකට ඒක පාර්ශ්වීය ප්‍රේමය කියලනේ අපි කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. අමතක වුණා... හැබැයි ඒක පාර්ශ්වීය ප්‍රේමය යි ක්‍රෂ් එක යි සපුරා වෙනස්.

      Delete
    2. නෑ බෑ වචන වලින් crush එකක් නිසා ඇතිවන පරාජිත nagative feeling එක දෙන්න පුලුවනි කියල මම හිතාගෙන හිටියෙ. එයින් ‍රස නැසෙන්නෙ කොහොමද කියලා පැහැදිලි නෑ.

      Delete
    3. එතකොට crush එකට සින්හල වචනයක් නැද්ද?

      Delete
  13. හි හි රුකාන්ත්ගේ හෙට හමුවෙමුද අපි සින්දුව මතක් වුණා අගට නෑ නෑ දකිද්දී,, ලස්සනයි ඒ හැගීම් අපුරුවට තියෙනවා

    මං කූඩු කෙරුවා මිසක් කුඩුවෙලා නෑ නෙව බස්සියේ ,,කවදාහරි මගේ ඩෙල් කුමාරයා කැඩිච්ච දාට ලියයි මාත් ...

    පව් කාර මගේ හිත
    ඔහේ මොරගහපුදෙන් .
    මට නුඹව අහිමි ලොව
    වල් වැදී ගියපුදෙන්
    රත්තරන් මන් මෙසේ ...
    හුදෙකලා වෙච්චදෙන් ..ඉදගෙන :) කියලා කියාගෙන කියාගෙන් යන්වා

    ReplyDelete
    Replies
    1. ඒ කවිය ඇහුනොත් නම් ඩෙල් ගාමිණීට දුක හිතිලා වලෙන් නැගිටියි බන්.

      Delete
  14. කවි සිතුවිලි රස විදිනවා පමණි.
    විග්‍රහ කිරීමට තරම් දක්ෂයෙක් නොවෙමි එනමුදු සමහර වෙලාවට යක්ෂයෙකි :).

    ReplyDelete
    Replies
    1. හික්ස්! තැන්කුයි කෙන්ජක්ෂ‍යා...

      Delete
  15. මේ කාටවත් කියන්න එහෙම එපා.. මාත් අවුරුදු 4ක්ම හිතින් ලවු කලානේ.. හරි සංතෝසයි අෆ්ෆා.. හැබැයි ඒකේ පොඩි ගතියකුත් තියෙනවා.. මගේ පලවෙනි ලිපි 100 විතර කියවන්න.. ඒවත් මේ වගේම තමයි.. ලැජ්ජවේ බෑ දැන් බලද්දී..

    ReplyDelete
    Replies
    1. ගතියක් තියෙනවා නෙමෙයි තිබුනා.. නැත්නම් මේක දැක්කම හෙට ඉදලා හමාරයි.. හෙහ්..

      Delete
    2. මොනවා,උඹ හිතින් අවුරුදු 4 ලවු කලා කිවා.බලාන ගියාම මචෝ මගේ මොඩල් එකේ වුන් තවත් ඉන්නවානේ...

      Delete
    3. අවුරුදු හයක් කරපු උන් ගැන ඔයාලගේ අදහස මොකක්ද? හික්ස්!

      Delete
    4. තනි අනේඩේ ලවක් නැති මිනිහෙක් කියහං මට..

      Delete
    5. අර නොමළ ගේකින් අබ හෙවුවා වාගේ කතාවක් නෙ දේශ් ඒක. හැබැයි සමහරු නම් එකහෙලා කියා හිටිනවා crush එකක් ජීවිතේට තිබිලා නෑ කියලා. අනේ මන්දා එහෙම කතානම්.

      Delete
    6. දිනේශ් අයියගෙ මුල්කාලෙ ලිපි ටික කියවන්ටම ඕනෙ එහෙනම්... ගතියකුත් තිබිලාලු. හා හා....

      Delete
    7. " සිතින් විතරක් පෙම් කරන්නම්.. දුරින් හිද ඔබ දෙස බලන්නම්.."

      ඕක ඉස්කෝලේ කාලේ කොල්ලෝ ගොඩකට වෙන දෙයක් බං.. දැන් බලන්න මේ ලවු එක.. මම සති දෙකයි ලයින් දැම්මේ.. ඇහුවා.. ඒකටත් එක්ක අරක.. ඔහොම තමයි ඉතින්.. මොනා කරන්නද?

      Delete
    8. ඒව වෙන්නෙ ඉතින් පතාගෙන, ඔතාගෙන ආපු හැටියටනෙ. නැද්ද.

      Delete
  16. කවි ගැන නම් මගේ කිසි පැහැදීම්ක් නෑ... මම කවි වලට කැමති නෑ නොවැ... කවිය ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හයියූ... දුක තමයි. මමනම් කවියට, ගීතයට ගොඩක් ආදරේ කරන කෙනෙක්.

      Delete
  17. බ්ලා ච්කි චිකි බ්ලා....
    කෝ....
    මේක සීමික්ස් වෙල්ලෑ ලෙ... පොඩ්ඩක් බලහත් අක්කෙ

    ReplyDelete
    Replies
    1. මේකෙන් අච්චාරු දාන්ට බැරුව ඇති මලේ, තැන්කූ හොදේ...

      Delete
  18. කව්යකට වඩා ගීතයකට උචිතයි..

    ක්රෂ් එක කියන්නේ නිකං තලා පෙලා දානවා (හොද හිතින්) ඒ වගේ හැගීමක් නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මාත් හිතුවෙ ගීයකට උචිත‍යි කියලා.

      හපුයි. හොද හිතින්, තලල පෙලල දාන්නෙ කොයි රටේද දේශෝ?

      Delete
  19. මෙහෙමනෙ ඉතින් මාත් හිතෙන් ලවු කොලා කෙනෙක්ට ඒත් එයා මන් ගැන කිසිම දෙයක් දන්නෑ කියලා මට ශුවර්. මාව දැකලා වත් නෑ. අන්තිමේ එයා වෙන කෙනෙක් බැඳලා ලමයෙකුත් ඉන්නවා දැන්.

    කවුද දන්නවද ඒ. අයිශ්වර්‍යා රායි. :'( :'(

    ReplyDelete
    Replies
    1. මන්නම් ඔය එකෙක්ටවත් ආදරේ නෑ බන් සෙද්ද :P

      Delete
    2. මන්නම් දැනුත් කෙනෙක්ට ලවු කොරනවා. මේක ගෑල්ලමයෙක්ගෙ බ්ලොගක් නිසා කියන්න හිත දෙන්නෑ. පස්සෙ උඹට කියන්නම්. :-P.

      Delete
    3. මේ එහෙම ශේප් වෙන්න බෑ හලිද! කුතුහලේ ඇවිස්සුවනම් කවුද එයා කියලත් කියලම යන්න වෙනවා!!

      Delete
    4. හම්මෝ බෑ. එයා මහ නෝටි කෙල්ලෙක්. හැක්… හැක්… එයත් ලංකාවෙ නෙමේ.

      මම හිතින් ලවු කොරේම අන්තර්ජාතිකව.
      (වයිෆ් බ්ලොග් නොකියවන එක හොදා.) :-D :-D

      Delete
    5. එයත් බොලිවුඩ් නිළි පැටික්කියක්ම තමා. :'(

      Delete
    6. යකෝ.... මෙයාට තිබිල තියෙන්නෙ සේරම ඉන්ටර්නැෂනල් ක්‍රශ් නෙව. ආඩම්බරයි පුතේ... ;)

      Delete
  20. පද වැල නම් ලස්සනයි අක්කෙ :)
    ඕක ලියන්න හේතුබූත උන කතාවත් ලිව්වනම් වටිනාවා :D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝ..... මේ සිංදුවක් ලියලා වෙලා තියන හරිය මදැයි. බූත කතාව නැකතක් හෙම බලලා ලියන්න ගන්නම්.

      හෑ.... අක්කා!! මම හිතුවෙ සසිඳුවාට ඉබ්බො හත්දෙනෙක්ගෙ විතර වයස ඇති කියලයී!!

      Delete
    2. හි හි ,,බස්සි කට කට ,,සසින්දුවා විතරක් නෙමේ අපේ ප්‍රියත් මල්ලි වෙන්න පුළුවන් ඉදගෙන හොදේ ,මාත් අක්කා වෙන්නේ ..

      Delete
    3. හෑ...? මලලසේකරයි එහෙනම් බොහෝ විට මට මචන් හෝ මල්ලි වෙන්ටැති නේද!! හි හි තැන්කුයි ඔමයියෝ. අර ඉබ්බො 7 දෙනාගෙ කතාවනම් කිවුවෙ මෙයාව අවුස්සන්න. :D

      Delete
  21. විරහාව ඇතුලේත් අමුතු,ගුප්ත ලස්සනක් තියෙනවා යශෝ.නමුත් කරුමේ කියන්නේ ප්‍රේමය ඇතුලේ තියෙන ලස්සන මිහිරියාවට වඩා අර ගුප්ත විරහාව අපේ ජිවිත වලට ලංවෙලා තියෙන එකනේ. ..:(

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මනෝ මටත් ඒකට හේතුවක් හිතා ගන්න බෑ. ආදරේ කොයිතරම් මිහිරි වුනත් විරහව පාදක කරගෙන බිහිවෙන නිර්මාණ වල අමුතුම ලස්සනක් දැනෙනවා. (මම මේ කියන්නෙ අර මල ඈඬියා බස් බූට් සින්දු ගැන හෙම නෙමෙයි!)

      Delete
  22. ඔය ලව ගැන මම නම් දන්න මගුලක් නෑ ඕන් ..හැක් හැක් ... :(
    දන්නෙ....... හැක් හැක් මෙවා පුරසිද්දියේ කියන්න බෑ ..මට නම් ඔං හිනා ගියා ,එක එක විකාර මතක් වෙලා

    ReplyDelete
    Replies
    1. අනේ උඹ බබාලු ඈ.... හිනා ගියානම් ඒ ඇති. ලේ පිරිසිදු වෙන්නෙ නැතැයි.

      Delete
  23. පද ටික ලස්සනයි... මොකද ආකර්ෂණය කියන් වචනේ ගැන හිතන්නේ.මට නම් ඔය මෙව්ව එක ඇති වෙන්නෙ කොරියන් ටෙලි ඩ්‍රාමාස් වල ඉන්න අය ගැන විතරයිනේ.ඒ මොකෝ??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්............ වර්ෂා කියාපු විදියට ආකර්ශණය කියන එක මේ අදහස සෑහෙන දුරට පැහැදිලි කරනවා. තැන්කූ..... කොරියන් අය ගැන හිතෙන්නෙ නම් ඇයිදෝ මන්ද. මගෙ යාලුවෙකුත් ඉන්නව ඔහොම.

      Delete
  24. අතිතයට ගිහින්ද මේක ලිවුවෙ.

    ReplyDelete
    Replies
    1. පෝස්ටුවේ මේකට උත්තරේ තිබේ...

      Delete
  25. විරහව කියන්නෙ අමුතුම රහක් තියෙන දෙයක්. crush කියන්නෙ ඒක පාර්ශවික ප්‍රේම‍යට ලගින් යන එකක් උනත් වෙන එකක් නේ. මමත් හිතෙන් බැදිලා හිටියා ගෑනු ලමයෙකුට. පස්සෙ අවුරුදු ගානක ඒක පාර්ශවික පෙමක්. ඊට පස්සෙ විරහවක්. හැබැයි ඔය ඔක්කොම එකම ගෑනු ලමයෙක් නිසා. පුදුමෙ කියන්නෙ අන්තිමටම මගේ ලග නැවතුන ගෑනු ලමයත් එයාමනේ. ගෑල් ලමයි ඔය විදිහෙ crush/ ඒක පාර්ශවික ප්‍රේමයන් නිසා සෑහෙන්න දුක් වෙන හැටි මං දැකලා තියෙනවා. කොල්ලො වගේ නෙමෙයි නේ. කෙල්ලෙක්ගෙ හිතේ ඇති වෙච්ච ප්‍රේමයක් ප්‍රකාශයට පත් කරන එක නුසුදුසුයි, වැරදි කියල මතයක් තියෙනවනෙ. හෆ්ෆෙ. මේ ගැන කියන්න කතා ගොඩයි. වෙනම පෝස්ට් එකක් ලියන්න තරම් දේවල්

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් කොටස් වශයෙන් බ්ලොග් එකේ පළකරන්න තරම් ‍රසවත් ඇති. දවසක පෝස්ට් එකක්ම දාමු නේද?

      Delete
  26. ලස්සනයි,හදිස්සියේ අපු ගමන්, අපි යනෝ

    ReplyDelete
    Replies
    1. හහා...... ඕකේ.... තැන්කූ.... ගිහින් එන්ඩෝ....

      Delete
  27. ඔය crush එකේ සිංහල තේරුම කියලා මධුරයා දීලා තියෙන්නේ crush එකක් ආවාම අපි කරන දේවල් නේද?

    මටනම් ඔය crush එක තමයි ලස්සනම දේ.....මොකද ඊට පස්සේ වෙන හැමදේම හරිම සාම්ප්‍රදායිකයි...ඔයාගේ කවි සිතුවිල්ල හොඳටම ගැලපෙන්නේ ගීතයකට. මීට කලිනුත් බස්සි ගීතයක් ලිව්වා මතකයි.
    වෙලාවකට හිතෙනවා මටනම් ඔය crush එකේම හැමදාම ඉන්න තියෙනවනම් කියලා. එතකොට හීන මව මවා ඉන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම crush එකක් ඇතිවුනාම දකින හීන මාර සුන්දරයි. කොයිවෙලාවෙත් හීන දකින මම ඔය පොඩි පොඩි crush ඇතිවුනාම තනිකරම හීන ලෝකෙ අතරමං වෙනවා. හැබැයි ඔය ගොඩක් crush හිතේ තියෙන්නෙ සතියයි, දෙකයි. කාලයක් පවතින්නෙ එහෙමත් එකක් තමයි. ඔය සින්දුව ලියවුනේ එහෙම එකකට.

      තවත් දෙයක් තමයි අපි crush එකක් වෙනුවෙන් කොයිතරම් වේදනා වින්දත්, අපි වෙනමම කෙනෙක්ගෙ crush එකක් වෙන වෙලාවට "අත්තානං උපමං කත්වා" කියලා හිතෙන්නෙම නෑ නෙව. ඒකත් මහ පුදුම දෙයක්. Crush එක යන්නෙ ඒකපාර්ශ්විකව විතරමද මන්දා. :)

      මේව කියෝල බස්සා මගෙ තට්ටෙ පලයි. මම යනෝ....

      Delete
    2. ඉතින් බොල 64 න් එකක් දාලා කියපං ,සදාකල් පවතින crush එක ඇතිවුනේ ඔයා ගැන විතරයි බස්සෝ කියලා ....හික් හික් හික් ...

      Delete
  28. දෙකොපුල් යන්නහි තේරුම කියන්න පුලුවන්ද?

    ReplyDelete
  29. දෙකොපුල් යන්නහි තේරුම කියන්න පුලුවන්ද?

    ReplyDelete