මම ආසයි ලියන්න.
ඒක මගේ සතුට.
මම ලියන විකාර බලල සතුටුවෙන ඔයාල මං වෙනුවෙන් ලියලා යන දේවල් නිසා සමහර වෙලාවට මගේ සතුට දෙගුණ තෙගුණ වෙනවා.
මේ ඒවගේ මම ලියාපු පිස්සු කවියක්...
මේ ඒවගේ මම ලියාපු පිස්සු කවියක්...
ඒක දැකලා අපේ සමී මලයා මෙන්න මෙහෙම කියනවා.
ඒ දැකපු බස්සි සමී මලයාට උත්තර දෙනවා මෙන්න මෙහෙම.
ඔය අතරෙ අපේ මදාරා නංගි සිහින මිටියාවතේ කරක්ගහන ගමන් මේ පැත්තට ලෑන්ඩ් කරනවා.....
තේරුං ගන්න අමාරු වෙච්චි කවිය මදාරා නගාට කවියකින්ම පැහැදිලි කරලා දෙනවා මේන් මෙහෙම. (ඒ කාලෙ මම උන්දැට කිවුවෙ අක්ක කියලලු ඕං)
ඔය අව්අස්සෙ ඔතනට එනෝ අපේ පවුලූශා......
ඉතිං බස්සි උත්තර දෙනෝ මෙන්න මේම.
ඔන්න ආයෙමත් එනව පවුලූශා...
ඔය කතාව අහං ඉන්නවා අපේ දස්ස කයි කාරයො දෙන්නෙක්. මුන් දෙන්න කයියක් කියනවා වෙනුවට ඕං සිරික්කිය දානව ඉඳගෙන.
සුබපැතුමට උත්තර දෙන්න ඕන තවත් සුබපැතුමකින්ම නෙව.
විදානේ ඇවිත් දුන්නෙ කැරකිලා යන කයියක්.
කවදාවත් මගෙ බ්ලොගේ කවි නොලියපු රූමිත් එනවා ඒ ගමන කයියක් කියල යන්න.
මාත් ඉතින් දෙනව හැන්ද පුරෝලා බටර් පාරක්.
ඒ විතරක් නම් මදැයි. කයි කිවිල්ල දිරෝගන්න අමාරු ගාලුවත් කියනෝලු ඕන් කයියක් එලිසම කැලේ ගියාවෙයි කියල. :D
ඕන් ඔහොමයි
කොමෙන්ට් කොටුවේ කවි මඩුව
හමාර උනේ.
කොමෙන්ට් කොටුවේ කවි මඩුව
හමාර උනේ.
මෙක මෙ 64න් එකක්ඩ බොල කොමෙන්ට් ටිකම ආපහු කොපි පෙස්ට් කරලා පොස්ට් එකක් කරලා තියෙන්නෙ, ලියන්න වෙලාවක් නතුව ඉන්න මටත් මෙක හොන්ඩ අයිඩියවක්
ReplyDeleteහික්ස්..... යූ ගොට් ඉට් රාළ. කම්මැලි කමේ ඉන්නකොට පහල වුනු අයිඩියාවක්. හැබැයි මේ කොමෙන්ට් ටික මම නිතර කියවා රසවිඳිනවා.
Delete@ මැලේ ++++++
Deleteරාලේ මෙන්න එක්කෙනෙක් ඔයාව කොටුකරන්න වැටක් ගහනෝ..... දුවපියෝ....
Deleteඕව ප්‍රසිද්ධියේ කියන කතා ද රාලේ
Deleteහොදයි නේ..
Delete@නලින්:
Deleteඅනේද කියන්නෙ? මට ඉතරක් හීන් සැරේ කියල ඒ වගේම පෝස්කට්ටක් දැම්මනං මක්ක වෙනවැයි.
@දේශක
Deleteහොඳයි කිවුවෙ කාගෙ කමෙන්ටුවද අනේ?
This comment has been removed by a blog administrator.
Deleteබොහොම සතුටුයි බස්‍සි නඟේ! මට ඔය පෝස්ටුව මඟ ඇරිලා. නැනත එන්නම්! ඔබට ජය!!
ReplyDeleteමම හිතන්නෙ මේ පෝස්ටුව පලවෙන්න ඇත්තේ චන්දන අයියා බස්සිගෙ නවාතැනට ගොඩවදින්න කලින් වෙන්න ඕනෙ.
Deleteහුරේ අඩේ පට්ට ඈ ,, අපිවත් මැද්දෙන් දාලා ...ෂෝයි අනේ ඔයාගේ බ්ලොගේ ඔයා ලියන්න මෙයා ඉදගෙන ඕනේ එකක් මේ අපි ඉන්නවා ඉදගෙන කියවන්ට
ReplyDeleteඅපි ඉන්නවා හිටගෙන කියවන්ට :-D
Deleteආයේ වටේකට සෙට් වෙමු ඉදගෙන ,, හි හි ගෑවේ ජාමේ බේරගන්න ,,බස්සි කියලා තියෙන්නේ හොද කවියෝ කියලා මටයි සමියටයි.. හිනා යනවා බොල .. අර කතාවක් තියෙන්නේ මෝඩයෙක් උණත් කටවහන් ඉන්නකල් මොළ කාරයෙක් වගේ කියලා :D
Delete@ඔමා
Deleteඅපි නම් කවි බ්ලොග් එහෙක අයිතිකාරයන්ට කියන්නෙ කවිකාරයො කියලලු ඈ... ඉඳගෙන.
@ප්‍රියා
Deleteඔව් අනේ ඔයා සීරුවෙන්, පහසුවෙන්, ඔලුවෙන්; හිටගෙන හැමදාම එනවනෙ කියවන්න.
හැක් හැක් හැක් :D
ReplyDeleteහිමීට හිනාවෙයන්. හැක් හැක්
Deleteතොපි දෙන්න අයිතිකාරයට කතෲ භාගෙ ගෙවලද ඔය හිනාව කොපි කොරන්නෙ?
Deleteබස්සිස්ටයිල්. අමුතුම ක්‍රමයකට පෝස්කට්ටු දැමීම. හැබැයි වැඩේ එල.
ReplyDeleteඒක නෙමේ බස්සි ඉස්සර තොරණ් වල විස්තරේ කියවන්න හිටියා නේදා? :-D :-D
බොහොම ඉත්තූතියි ප්‍රියෝ... බස්සිස්ටැයිල් එක මමත් තාම හොයාගෙන හොයාගෙන යනවා.
Deleteබස්සි තොරණ් විස්තරේට ඇති හැකියාව පෙන්නුවාලු මෙතනින්.
fun-with-science-1
ඇයි තව මෙතැනින්;
fun-with-science-2
ෂෙහ්.... මේක මට මිස් වෙලා නේ... මාත් ආසයි කයි පද බඳින්න..
ReplyDeleteහෆ්ෆා මාතලන් බොස්ව මේ පලාතෙ දැක්ක කල්! මේක විතරක් නෙමෙයි පෝස්කට්ටු ගොඩක් මිස් වුනා මයෙ හිතේ.... හොඳා හොඳා ආය කයි මඩුවක් තියමු එහෙනම් කට්ටියටම කයි පද බඳින්න.
Deleteමෙහෙම පොස්ට් එකක් දැක්ක මුල් වතාව...අයිඩියා එකත් නරකම නෑ...
ReplyDeleteබොහොම ස්තූතියි ශෙහාන්. කම්මැලිකමට ආපු අයිඩියා එකත් නරකම නෑ වගේ....
Deleteඅඩේ මම ඔපරේසොන් කරන් ආව ගමන්ද උඹට මේක දැම්මේ.. ඒක තමා මට තාම සනීප වුනේ නැත්තේ.. මම ඒත් කම්පනා කලා මොකෝ කියල... හෙහ්..
ReplyDeleteපල පල. සිරාවට ඔපරේසොං එකට ගියාට පස්සෙ මුලින්ම දැක්කෙ ඔය කමෙන්ටුවෙන් තමයි.
Deleteහෙහ්.... ඔයාට ඔපරේසොං එකේ after effects මුකුත් ආවෙ නැත්තෙ ආපු ගමන් මේ කයිය කියෝපු නිසා හලිද! :P පේනවනෙ මගෙ කයියෙ බලේ....!!!
අපොයි ඔවු, මම ඉතින් කියන්නේ නෑ..
Deleteඒ කාලෙ මං ඉඳල නෑ.දෙයියම්ප නැත්තං මං කියනව හොඳවැයින් දෙකක්, එලිසම යකාට පල කියල. :D
ReplyDeleteහික්ස්.... ඒකනෙ. මට පෝස්ටුව ලියද්දිත් මතක් උනා මෙයැයි හිටියනම් කයියක් කියලා යාවිනේ කියල.
Deleteඅපි නොහිටි ඒ කාලෙ
ReplyDeleteවියාලා කවි සේගෙ
අමුණලා පද තාලෙ
ඉරිසියයි මට රාලෙ
සේලෙ විය යුතුයි
Deleteපරණ කවි මුතු මාලේ
Deleteහැඩට බන්දා ආලේ
නුඹ ලියූ නව තාලේ
බෝම වටිනව රාලේ....
තැන්කුයි සාශා....!!! (sasha කියල අපේ පැත්තෙ රහ කෑම කඩයක් තියෙනෝ බන්. අද හවහ ඒක දකිද්දි ඔයාව මතක් උනාලු මට.)
අප්පද බොල ඒමද?මමනම් ඕක මේ පොතකින් අහුලගත්ත නම් කෑල්ලක්. (මේ කඩේද රහ?අර පීසා හට් එක කෑව වගේ?)
Deleteකඩේ නෙමෙයි බොල ඒකෙ කෑම රහ. පැණි වටලප්පම් තියෙනෝ මාර රහයි. කටුනායක, සීදුව පැත්තෙ ආ දොහක ගොඩවෙලා බලාන්කො.
Deleteහයිවේ එකේ ඇවිල්ලා කාලා යන්න බැරිවෙයිද දන්නෑ
Deleteමම හුඟක් පරණ පෝස්ට් කියවල නෑ හොඳේ .. ඔයා ලියන ක්‍රමයට වෙන්නැති මම කැමති.. දිගටම ලියන්න :)
ReplyDeleteබොහොම ස්තූතියි තිලාන්. අනිවා; ඔයාල ඉන්නකම් මමත් දිගටම ලියනව. :)
Deleteඅපිල කවි රස විදිනව ඇරෙන්න කයි පද ගොතන්න ඇහැකි අය නොවෙයිනෙ ...
ReplyDeleteමාත් ගෙතුව නම් මෙතන උඩින්ම ඉන්නෙ මං තුමා තමා :) .
හපුයි ඔව් නේන්නම්. කෙන්ජයියා කවි කිවුවනම් කයිමඩුව තවත් නැගලා යනෝ නෙව.
Deleteබස්සි නගා lazy වෙලා
ReplyDeleteකොමෙන්ටු ටික කොපිකරලා
පොස්ට් කටුවේ අමුණාලා
අමුතු සින්දුවක් දමලා
කවි කියන්න ආසයි මං - ලියාගන්න තමයිනේ බැරි
ලියාගන්න පුළුවන් නම් - දෙනවා මං හැලෙන්න පොරි
මම දිගටම කවි ලිව්වොත් - කවි ලෝකෙට වෙනවා සොරි
බස්සිගේ මේ වැඩේ දැකල - හිනා පැලෙයි කැකිරි කැකිරි
වැඩ ගොඩක් ඇති හින්දා
Deleteබ්ලොග පාලුවේ රන්දා
යන්න බැරි හින්දා
කොමෙන්ට් අමුණා බ්ලොගේ බැන්දා
මොකදෑ බොට ලියන්න බැරි - තොග ගානට ඇත්තෙ ලියා
කවි කිවුවම රම්පෙට පොරි - පොකුරු පොකුරු දෙන්නෙ ඔයා
කවි ලෝකෙට වෙන්නේ සොරි - කවියො යතොත් දෑස පියා
ඒකනෙ බන් ඩූ නොට් වොරි - හිනා වෙලා ඉඳිමු මෙයා
හික්ස් තව කොමෙන්ට් කයි ලියපන්. එතෝට ආය කම්මැලි හිතිච්ච දාක මට තව පෝස්කට්ටක් තලාගන්න ඇහැකි. ;)
Deleteමෙන්න බලාපන් මේකිගේ මායං
Deleteතව තව ඕනෙලු අපෙ කවි වාරං
තව පොස්ටුවක් දානවාමනං
මටනං බෑමයි උඹම ලියාපං
ආපු එකේ
Deleteනිකං ගියොත්
පාඩුයි මට
හෑර් එකත්
ඒක හින්දා
මේක මගෙන්
ආං පහල
තවත් එකක්.. :)
අහන්න හිතුනලු තව කවි වාරං
Deleteඒකලු ඒ විදියට කිවුවේ මං
නෝක්කාඩු කිවුවට මගෙ මායං
තව කවි ලිවුවනෙ නැද්ද බලාපං
ආපු එකේ
Deleteනිකං නොයා
හරි අපූරු
කවක් ලියා
පහල ලියූ
එකත් කියා
ගිය එකනම්
ශෝයි මෙයා
අයිස් වතුර බෝතලයක් ,කඩල ගොට්ටක්...චුයින්ගම් එකක් ,,පෙපරමින්ට් එකක් 20 යි 20 යි ...ඉදගෙන :)
Deleteහි… හි……
Deleteඒව කිවුවෙ ඉස්සර බන්. දැන් කියන්නෙම
Delete"කඩේ සාප්පුවෙ ගන්න ගියොත් රුෆියල් තුන්ශීයයි. මං දෙනව දෙසීයක්ම අඩු කොරල පුංචි රුෆියල් ශීයට"
"ඔන්න බලන්න පාට යන්නෙ නෑ! මම මේ පිහියෙන් හූරල පෙන්නන්නම් බොරුනං බලන්න!"
"පොඩි එකාගෙ විනෝදේ... බබාගේ විනෝදේ...!!"
හි හි නංගි අපි සී ලංකාවේ නෙමේනේ මෙයා . මං ඉපදුනේ ස්විඩන් වල හැදුනේ වැඩුණේ පෝලන්ඩ් වල කැම්පස් ගියේ ඉංග්ලන්ඩ් වල දැන් ජොබ් කරන්නේ කැනඩා වල සී ලංකාව ගැන tv එකේ තමයි දැකලා තියෙන්නේ අනේ ..සිංහල යන්තන් ඉගෙන ගත්තේ fb එකෙන්
Deleteටොට මන් කිවුවයි කියල හිටාගන්කො ඉටින්.
Deleteහිත ඇතුලට නිදහසේ ගලා හැලුන මේ ලස්සන වචන දෙක තුන
ReplyDeleteඅමාරුවෙන් හොයාගත්තු 25න් නැවත පුරවාගෙන පප්ලිෂ් කලා බ්ලොග් එකේ
කොපි කරලා රිමික්ස් කරන මේ ලෝකේ
හෙට උදේ නුබ පැදුරෙන් නැකිටිනකොට
පොෂ් කෙල්ලෙක් කොල්ලෙක් මේ දුප්පත් වචන
සල්ලි දීලා පේමස් කරලා තියේවි.........
හිත ඇතුලේ කවි සිතුවිලි
Deleteහීන් සැරේ දළුලනකොට
පෑන් තුඩින් ලියවෙනකොට
ලියලා පබිලිස් වෙනකොට
දුප්පත් හිත පිරෙන සතුට
දැනෙන්නෙ නෑ පොෂ් හොරුන්ට
කාසි ඇතත් ගේ පිරෙන්ට
නිවනක් නෑ උන්ගෙ හිතට
රියල් ලෝකයේ කෙරුවත්
සයිබර් යායක කෙරුවත්
පිනට පවට වෙනසක් නෑ
විපාක ලැබ කඹුරයි උන්
උන් ගැන හිත වද කරවන්
මොටද නිකන් ලේ පුච්චන්
උඹ තව කයි පද බැඳපන්
හොරු ළඟදිම යයි හෙලුවෙන්
සංවේගයෙන් දන්වා සිටිම්
ReplyDeleteකොපි පොටෙස්සන් මංගල්ලය
මහා වදයකි මට නං....
ඕකෙන් කෙලවෙන්නෙ
අපි වගෙ කොමෙන්ට් කොටනා
සුට්ටන්ට මිස
පෝස්ට් හොරුන්ට නොවේ මැයි..
උන් ගාව තියනව - ඕවට සුට්ටි විසඳුම්
ගේ බිඳින්නට එන හොරු - යවුලක් නැතුව ඒදෝ :(
මටම බනින්ඩ එපා බං
Deleteසසිඳුවාටත් ටිකක් බැනපං
පෝස්ට් හොරකං වලට විසදුං
කියාලයි ඌ ලියැවුවේ නං
උඹහැට විතර නෙමෙ බං
මටත් මේකෙන් කෙලවෙලා දැං
ඩබල් කෝටේසොං
මැද්දෙ උපුටන දාන්නෑ දැං
හොරු ඔහෙ ආවදෙං
පෝස්ට් උස්සං ගියදෙං
හිටහං අද ඉඳං
ගැජට්ටුව ගලවන්නං
හෙහ් හෙහ්... බැන්නෙ නෑ බං. දැනුවත් කිරීමක්.. දැනුවත් කිරීමක්.. මොකද්ද ? දැනුවත් කිරීමක්.. :D :D
Deleteආ..................... ඩැනුවට් කිරීමක් නේ...!! හලි හලි.
Deleteකවි ලියලත් නැ මං. මාවත් දලා සැජ්ජාවේ බැ. සැක් සැක්....
ReplyDeleteකයි නොලිවුවට ඔයාගෙ කතාවට මං දුන්නු කයි උත්තරේ දාන්න එපායැ. මොනාටද අලේ ලැජ්ජා වෙන්නෙ.... හික්ස්
Deleteහරිම රසවත් කවි සංවාදයක්...
ReplyDeleteබොහොම ස්තූතියි මියුරු.
Deleteඋඹටත් පහළවෙන්නේ නියම අදහස් තමා බස්සියේ.... මේ තමා නව දැක්ම නියමයි
ReplyDeleteහික් හික්. කම්මැලිකමට පහල උන අදහසක් අයියෝ.... තැන්කුයි නලින් අයියේ. කට්ටිය මට කම්මැලියා කියපු නිසා රම්පෙට පොරි හැලෙන්න මහාප්පරාණ පෝස්ටුවක් කොටන්න විස්තර හොය හොයා ඉන්නෙ.
Deleteකවි පද වල රස හඳුනන දෙනෙත් දුලබ බව කිව්වට
ReplyDeleteකවි ලියන්න ඉඩ ඇති තැන සෙනඟ පිරෙයි කවි ලියුමට
කවිකම පිහිටලා හොඳින් දස්කම් දක්වන කවියට
මෙවන් හරඹ තව කරන්න සු'පැතුම් පතනව බස්සිට
පල දරනා මේ කවිකම් දුටු විට හැඟෙනවා සසර
Deleteහෙළ කවියට සහස් වසක් ආයුෂ තියෙනවා තිසර
ලියන තරමටයි කවිවැල් කවි පබැඳුම වෙන්නෙ සුසර
සුභපැතුමට තුති වේවා කවි පබඳිමු නිතර නිතර
එන්නට පමා වුනි
ReplyDeleteඔපීසියේ වැඩ හිර වුනි
අද තමයි සපැමිණි
ලිව්වෙ දන්නා බසිනි
කයි පබැදිල්ල හරි ආතල් වැඩකි
හිටිවන කයිය මම කැමතිම එකකි
දිගටම කියන්නට වේලා මද කමකි
සිව්පද කලාවත් හරියට ගෙත්තමකි
ඔබ නැත වී පමා
Deleteලියූවේ පෙර දින මා
නුවණට හුරු තමා
දන්නා බසින් ගැයුමා
කවියට ඇල්ම ඇත්තන් නොම වෙති සුලබ
උන් දැක හැඳුනුමත් මහ සතුටෙකි දුලබ
රාජකාරි නිමවී ඉසිඹුවක් ලැබ
දවසක අපි ගොතමු තව තව කවි හරඹ
උඹේ බිත්තියෙ ලියන එක අපෙත් සතුට බන්.ඒව දැකල උඹත් සතුටු වෙනව දැකල අපේ සතුටත් දෙගුන තෙගුන වෙනව.බස්සි වගේම යකත් ගස් නගින නිශාචර එකෙක් බන්.ඒ වගේම ඌත් කවියට හරි ආසයි.
ReplyDeleteතැන්කුයි යකෝ.... ඉතින් කයියකුත් ලියලාම යන්නකො.
Deleteඔන්න කයියකුත් ලියල දැම්මා
Deleteඋතුම් බකුසු නාම දරන
තේජෝබල වීර විපුල
බස්සිගෙ ගෙට රෑ මැදියම
ඇවිත් යකෙක් ගෝරබිරම්
සරසවිගෙන් ලබා වරම්
අමුණා මුතුවැනි පදවැල්
හ්ම්ම් හ්ම්ම් හඩ මුසු කර
බස්සියෙ තව කවි ලියපන්
බස්සිගෙ ගෙට රෑ මැදියම
Deleteරිංගන්නට ආවොත් උඔ
මට්ටුවෙන්නෙ මගෙන් තමයි
දන්නවාද මම මාතර
මතුරල හොඳ දෙහි කට්ටක්
ගහනව උබෙ ඉස් මුදුනට
ඊට පස්සෙ හැමදාටම
බැල කරන්න වෙයි බස්සිට
ජොලියට වගේ බස්සයියගේ කවියට කවියක් වගේ කතාවක් ලියන්න හිතුනලු මටත්..මට ඉතින් අනිත් අය වගේ ඉදගෙන හිටගෙන කවි ලියන්න බැලු ඇහැක් විදියට තමා ලිඋවේ ගලපගෙන
Deleteවිදු ඇසට නොපෙනෙන මන්ත්‍ර
තියෙන බව මාතර
පිලිගන්නවලු
පිස්සු ප්‍රෝෆෙක් වෙච්ච මම
එනමුදු බකුසු බ්‍රදේ
බුදු බලේට යට මන්ත්‍ර බලේ
ප්‍රතික්‍රියා කොට කදිරමලේ
බෙන්තර පුසෙක් හදනවලු අපේ පැලේ
ලියන්න බැහැ කවි
ReplyDeleteපව් නොවැ මේ අපි
ආවේ පමා වී
සමා වුව මැනවි.
කවි පද නොලිවුවට
Deleteමක්ක වෙනවද ඒකට
ආ එක වටිනකොට
මේ කොමෙන්ටුව බෝ අගෙයි මට