Saturday, February 22, 2014

කොමෙන්ට් කොටුවේ කවි මඩුව



මම ආසයි ලියන්න.
ඒක මගේ සතුට.




මම ලියන විකාර බලල සතුටුවෙන ඔයාල මං වෙනුවෙන් ලියලා යන  දේවල් නිසා සමහර වෙලාවට මගේ සතුට දෙගුණ තෙගුණ වෙනවා.


…මේ ඒවගේ මම ලියාපු පිස්සු කවියක්...





ඒක දැකලා අපේ සමී මලයා මෙන්න මෙහෙම කියනවා.



 
ඒ දැකපු බස්සි සමී මලයාට උත්තර දෙනවා මෙන්න  මෙහෙම.



ඔය අතරෙ අපේ මදාරා නංගි සිහින මිටියාවතේ කරක්ගහන  ගමන් මේ පැත්තට ලෑන්ඩ් කරනවා.....





තේරුං ගන්න අමාරු වෙච්චි කවිය මදාරා නගාට කවියකින්ම පැහැදිලි කරලා දෙනවා මේන් මෙහෙම. (ඒ කාලෙ මම උන්දැට කිවුවෙ අක්ක කියලලු ඕං)






ඔය අව්අස්සෙ ඔතනට එනෝ අපේ පවුලූශා......
















මෙන්න ඒ ගමන ඔලුවෙ ඔපරේසොන් එක එහෙම ඉවරවෙලා දිනේශ් අයියත් හාපුරා කියල කයියක් කියාගෙනම එනව.





ඉතිං බස්සි උත්තර දෙනෝ මෙන්න මේම.





ඔන්න ආයෙමත් එනව පවුලූශා... 
















ඔය කතාව අහං ඉන්නවා අපේ දස්ස කයි කාරයො දෙන්නෙක්. මුන් දෙන්න කයියක් කියනවා වෙනුවට ඕං සිරික්කිය දානව ඉඳගෙන.












ඔය කතාබතා යන අස්සෙ අපේ නලින් අයියත් මුට්ටිය දානවා මේ පලාතට.
 



සුබපැතුමට උත්තර දෙන්න ඕන තවත් සුබපැතුමකින්ම නෙව.




විදානේ ඇවිත් දුන්නෙ කැරකිලා යන කයියක්.








කවදාවත් මගෙ බ්ලොගේ කවි නොලියපු රූමිත් එනවා ඒ ගමන කයියක් කියල යන්න.



මාත් ඉතින් දෙනව හැන්ද පුරෝලා බටර් පාරක්.




ඒ විතරක් නම් මදැයි. කයි කිවිල්ල දිරෝගන්න අමාරු ගාලුවත් කියනෝලු ඕන් කයියක් එලිසම කැලේ ගියාවෙයි කියල. :D
























ඔන්න අන්තිමටම එනෝ මගෙ කයි කියවිල්ලට නිතරම ප්‍රතිචාර දක්වන තිසර.













ඕන් ඔහොමයි
කොමෙන්ට් කොටුවේ කවි මඩුව
හමාර උනේ.








75 comments:

  1. මෙක මෙ 64න් එකක්ඩ බොල කොමෙන්ට් ටිකම ආපහු කොපි පෙස්ට් කරලා පොස්ට් එකක් කරලා තියෙන්නෙ, ලියන්න වෙලාවක් නතුව ඉන්න මටත් මෙක හොන්ඩ අයිඩියවක්



    ReplyDelete
    Replies
    1. හික්ස්..... යූ ගොට් ඉට් රාළ. කම්මැලි කමේ ඉන්නකොට පහල වුනු අයිඩියාවක්. හැබැයි මේ කොමෙන්ට් ටික මම නිතර කියවා රසවිඳිනවා.

      Delete
    2. රාලේ මෙන්න එක්කෙනෙක් ඔයාව කොටුකරන්න වැටක් ගහනෝ..... දුවපියෝ....

      Delete
    3. ඕව ප්‍රසිද්ධියේ කියන කතා ද රාලේ

      Delete
    4. @නලින්:
      අනේද කියන්නෙ? මට ඉතරක් හීන් සැරේ කියල ඒ වගේම පෝස්කට්ටක් දැම්මනං මක්ක වෙනවැයි.

      Delete
    5. @දේශක
      හොඳයි කිවුවෙ කාගෙ කමෙන්ටුවද අනේ?

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  2. බොහොම සතුටුයි බස්‍සි නඟේ! මට ඔය පෝස්ටුව මඟ ඇරිලා. නැනත එන්නම්! ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මේ පෝස්ටුව පලවෙන්න ඇත්තේ චන්දන අයියා බස්සිගෙ නවාතැනට ගොඩවදින්න කලින් වෙන්න ඕනෙ.

      Delete
  3. හුරේ අඩේ පට්ට ඈ ,, අපිවත් මැද්දෙන් දාලා ...ෂෝයි අනේ ඔයාගේ බ්ලොගේ ඔයා ලියන්න මෙයා ඉදගෙන ඕනේ එකක් මේ අපි ඉන්නවා ඉදගෙන කියවන්ට

    ReplyDelete
    Replies
    1. අපි ඉන්නවා හිටගෙන කියවන්ට :-D

      Delete
    2. ආයේ වටේකට සෙට් වෙමු ඉදගෙන ,, හි හි ගෑවේ ජාමේ බේරගන්න ,,බස්සි කියලා තියෙන්නේ හොද කවියෝ කියලා මටයි සමියටයි.. හිනා යනවා බොල .. අර කතාවක් තියෙන්නේ මෝඩයෙක් උණත් කටවහන් ඉන්නකල් මොළ කාරයෙක් වගේ කියලා :D

      Delete
    3. @ඔමා
      අපි නම් කවි බ්ලොග් එහෙක අයිතිකාරයන්ට කියන්නෙ කවිකාරයො කියලලු ඈ... ඉඳගෙන.

      Delete
    4. @ප්‍රියා
      ඔව් අනේ ඔයා සීරුවෙන්, පහසුවෙන්, ඔලුවෙන්; හිටගෙන හැමදාම එනවනෙ කියවන්න.

      Delete
  4. හැක් හැක් හැක් :D

    ReplyDelete
    Replies
    1. තොපි දෙන්න අයිතිකාරයට කතෲ භාගෙ ගෙවලද ඔය හිනාව කොපි කොරන්නෙ?

      Delete
  5. බස්සිස්ටයිල්. අමුතුම ක්‍රමයකට පෝස්කට්ටු දැමීම. හැබැයි වැඩේ එල.

    ඒක නෙමේ බස්සි ඉස්සර තොරණ් වල විස්තරේ කියවන්න හිටියා නේදා? :-D :-D

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතියි ප්‍රියෝ... බස්සිස්ටැයිල් එක මමත් තාම හොයාගෙන හොයාගෙන යනවා.

      බස්සි තොරණ් විස්තරේට ඇති හැකියාව පෙන්නුවාලු මෙතනින්.
      fun-with-science-1


      ඇයි තව මෙතැනින්;
      fun-with-science-2

      Delete
  6. ෂෙහ්.... මේක මට මිස් වෙලා නේ... මාත් ආසයි කයි පද බඳින්න..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා මාතලන් බොස්ව මේ පලාතෙ දැක්ක කල්! මේක විතරක් නෙමෙයි පෝස්කට්ටු ගොඩක් මිස් වුනා මයෙ හිතේ.... හොඳා හොඳා ආය කයි මඩුවක් තියමු එහෙනම් කට්ටියටම කයි පද බඳින්න.

      Delete
  7. මෙහෙම පොස්ට් එකක් දැක්ක මුල් වතාව...අයිඩියා එකත් නරකම නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශෙහාන්. කම්මැලිකමට ආපු අයිඩියා එකත් නරකම නෑ වගේ....

      Delete
  8. අඩේ මම ඔපරේසොන් කරන් ආව ගමන්ද උඹට මේක දැම්මේ.. ඒක තමා මට තාම සනීප වුනේ නැත්තේ.. මම ඒත් කම්පනා කලා මොකෝ කියල... හෙහ්..

    ReplyDelete
    Replies
    1. පල පල. සිරාවට ඔපරේසොං එකට ගියාට පස්සෙ මුලින්ම දැක්කෙ ඔය කමෙන්ටුවෙන් තමයි.

      හෙහ්.... ඔයාට ඔපරේසොං එකේ after effects මුකුත් ආවෙ නැත්තෙ ආපු ගමන් මේ කයිය කියෝපු නිසා හලිද! :P පේනවනෙ මගෙ කයියෙ බලේ....!!!

      Delete
    2. අපොයි ඔවු, මම ඉතින් කියන්නේ නෑ..

      Delete
  9. ඒ කාලෙ මං ඉඳල නෑ.දෙයියම්ප නැත්තං මං කියනව හොඳවැයින් දෙකක්, එලිසම යකාට පල කියල. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්.... ඒකනෙ. මට පෝස්ටුව ලියද්දිත් මතක් උනා මෙයැයි හිටියනම් කයියක් කියලා යාවිනේ කියල.

      Delete
  10. අපි නොහිටි ඒ කාලෙ
    වියාලා කවි සේගෙ
    අමුණලා පද තාලෙ
    ඉරිසියයි මට රාලෙ

    ReplyDelete
    Replies
    1. සේලෙ විය යුතුයි

      Delete
    2. පරණ කවි මුතු මාලේ
      හැඩට බන්දා ආලේ
      නුඹ ලියූ නව තාලේ
      බෝම වටිනව රාලේ....


      තැන්කුයි සාශා....!!! (sasha කියල අපේ පැත්තෙ රහ කෑම කඩයක් තියෙනෝ බන්. අද හවහ ඒක දකිද්දි ඔයාව මතක් උනාලු මට.)

      Delete
    3. අප්පද බොල ඒමද?මමනම් ඕක මේ පොතකින් අහුලගත්ත නම් කෑල්ලක්. (මේ කඩේද රහ?අර පීසා හට් එක කෑව වගේ?)

      Delete
    4. කඩේ නෙමෙයි බොල ඒකෙ කෑම රහ. පැණි වටලප්පම් තියෙනෝ මාර රහයි. කටුනායක, සීදුව පැත්තෙ ආ දොහක ගොඩවෙලා බලාන්කො.

      Delete
    5. හයිවේ එකේ ඇවිල්ලා කාලා යන්න බැරිවෙයිද දන්නෑ

      Delete
  11. මම හුඟක් පරණ පෝස්ට් කියවල නෑ හොඳේ .. ඔයා ලියන ක්‍රමයට වෙන්නැති මම කැමති.. දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලාන්. අනිවා; ඔයාල ඉන්නකම් මමත් දිගටම ලියනව. :)

      Delete
  12. අපිල කවි රස විදිනව ඇරෙන්න කයි පද ගොතන්න ඇහැකි අය නොවෙයිනෙ ...
    මාත් ගෙතුව නම් මෙතන උඩින්ම ඉන්නෙ මං තුමා තමා :) .

    ReplyDelete
    Replies
    1. හපුයි ඔව් නේන්නම්. කෙන්ජයියා කවි කිවුවනම් කයිමඩුව තවත් නැගලා යනෝ නෙව.

      Delete
  13. බස්සි නගා lazy වෙලා
    කොමෙන්ටු ටික කොපිකරලා
    පොස්ට් කටුවේ අමුණාලා
    අමුතු සින්දුවක් දමලා

    කවි කියන්න ආසයි මං - ලියාගන්න තමයිනේ බැරි
    ලියාගන්න පුළුවන් නම් - දෙනවා මං හැලෙන්න පොරි
    මම දිගටම කවි ලිව්වොත් - කවි ලෝකෙට වෙනවා සොරි
    බස්සිගේ මේ වැඩේ දැකල - හිනා පැලෙයි කැකිරි කැකිරි

    ReplyDelete
    Replies
    1. වැඩ ගොඩක් ඇති හින්දා
      බ්ලොග පාලුවේ රන්දා
      යන්න බැරි හින්දා
      කොමෙන්ට් අමුණා බ්ලොගේ බැන්දා

      මොකදෑ බොට ලියන්න බැරි - තොග ගානට ඇත්තෙ ලියා
      කවි කිවුවම රම්පෙට පොරි - පොකුරු පොකුරු දෙන්නෙ ඔයා
      කවි ලෝකෙට වෙන්නේ සොරි - කවියො යතොත් දෑස පියා
      ඒකනෙ බන් ඩූ නොට් වොරි - හිනා වෙලා ඉඳිමු මෙයා

      Delete
    2. හික්ස් තව කොමෙන්ට් කයි ලියපන්. එතෝට ආය කම්මැලි හිතිච්ච දාක මට තව පෝස්කට්ටක් තලාගන්න ඇහැකි. ;)

      Delete
    3. මෙන්න බලාපන් මේකිගේ මායං
      තව තව ඕනෙලු අපෙ කවි වාරං
      තව පොස්ටුවක් දානවාමනං
      මටනං බෑමයි උඹම ලියාපං

      Delete
    4. ආපු එකේ
      නිකං ගියොත්
      පාඩුයි මට
      හෑර් එකත්

      ඒක හින්දා
      මේක මගෙන්
      ආං පහල
      තවත් එකක්.. :)

      Delete
    5. අහන්න හිතුනලු තව කවි වාරං
      ඒකලු ඒ විදියට කිවුවේ මං
      නෝක්කාඩු කිවුවට මගෙ මායං
      තව කවි ලිවුවනෙ නැද්ද බලාපං

      Delete
    6. ආපු එකේ
      නිකං නොයා
      හරි අපූරු
      කවක් ලියා

      පහල ලියූ
      එකත් කියා
      ගිය එකනම්
      ශෝයි මෙයා

      Delete
    7. අයිස් වතුර බෝතලයක් ,කඩල ගොට්ටක්...චුයින්ගම් එකක් ,,පෙපරමින්ට් එකක් 20 යි 20 යි ...ඉදගෙන :)

      Delete
    8. ඒව කිවුවෙ ඉස්සර බන්. දැන් කියන්නෙම
      "කඩේ සාප්පුවෙ ගන්න ගියොත් රුෆියල් තුන්ශීයයි. මං දෙනව දෙසීයක්ම අඩු කොරල පුංචි රුෆියල් ශීයට"
      "ඔන්න බලන්න පාට යන්නෙ නෑ! මම මේ පිහියෙන් හූරල පෙන්නන්නම් බොරුනං බලන්න!"
      "පොඩි එකාගෙ විනෝදේ... බබාගේ විනෝදේ...!!"

      Delete
    9. හි හි නංගි අපි සී ලංකාවේ නෙමේනේ මෙයා . මං ඉපදුනේ ස්විඩන් වල හැදුනේ වැඩුණේ පෝලන්ඩ් වල කැම්පස් ගියේ ඉංග්ලන්ඩ් වල දැන් ජොබ් කරන්නේ කැනඩා වල සී ලංකාව ගැන tv එකේ තමයි දැකලා තියෙන්නේ අනේ ..සිංහල යන්තන් ඉගෙන ගත්තේ fb එකෙන්

      Delete
    10. ටොට මන් කිවුවයි කියල හිටාගන්කො ඉටින්.

      Delete
  14. හිත ඇතුලට නිදහසේ ගලා හැලුන මේ ලස්සන වචන දෙක තුන
    අමාරුවෙන් හොයාගත්තු 25න් නැවත පුරවාගෙන පප්ලිෂ් කලා බ්ලොග් එකේ

    කොපි කරලා රිමික්ස් කරන මේ ලෝකේ
    හෙට උදේ නුබ පැදුරෙන් නැකිටිනකොට
    පොෂ් කෙල්ලෙක් කොල්ලෙක් මේ දුප්පත් වචන
    සල්ලි දීලා පේමස් කරලා තියේවි.........

    ReplyDelete
    Replies
    1. හිත ඇතුලේ කවි සිතුවිලි
      හීන් සැරේ දළුලනකොට
      පෑන් තුඩින් ලියවෙනකොට
      ලියලා පබිලිස් වෙනකොට

      දුප්පත් හිත පිරෙන සතුට
      …දැනෙන්නෙ නෑ පොෂ් හොරුන්ට
      කාසි ඇතත් ගේ පිරෙන්ට
      නිවනක් නෑ උන්ගෙ හිතට

      රියල් ලෝකයේ කෙරුවත්
      සයිබර් යායක කෙරුවත්
      පිනට පවට වෙනසක් නෑ
      විපාක ලැබ කඹුරයි උන්

      උන් ගැන හිත වද කරවන්
      මොටද නිකන් ලේ පුච්චන්
      උඹ තව කයි පද බැඳපන්
      හොරු ළඟදිම යයි හෙලුවෙන්

      Delete
  15. සංවේගයෙන් දන්වා සිටිම්
    කොපි පොටෙස්සන් මංගල්ලය
    මහා වදයකි මට නං....


    ඕකෙන් කෙලවෙන්නෙ
    අපි වගෙ කොමෙන්ට් කොටනා
    සුට්ටන්ට මිස
    පෝස්ට් හොරුන්ට නොවේ මැයි..

    උන් ගාව තියනව - ඕවට සුට්ටි විසඳුම්
    ගේ බිඳින්නට එන හොරු - යවුලක් නැතුව ඒදෝ :(

    ReplyDelete
    Replies
    1. මටම බනින්ඩ එපා බං
      සසිඳුවාටත් ටිකක් බැනපං
      පෝස්ට් හොරකං වලට විසදුං
      කියාලයි ඌ ලියැවුවේ නං

      උඹහැට විතර නෙමෙ බං
      මටත් මේකෙන් කෙලවෙලා දැං
      ඩබල් කෝටේසොං
      මැද්දෙ උපුටන දාන්නෑ දැං

      හොරු ඔහෙ ආවදෙං
      පෝස්ට් උස්සං ගියදෙං
      හිටහං අද ඉඳං
      ගැජට්ටුව ගලවන්නං

      Delete
    2. හෙහ් හෙහ්... බැන්නෙ නෑ බං. දැනුවත් කිරීමක්.. දැනුවත් කිරීමක්.. මොකද්ද ? දැනුවත් කිරීමක්.. :D :D

      Delete
    3. ආ..................... ඩැනුවට් කිරීමක් නේ...!! හලි හලි.

      Delete
  16. කවි ලියලත් නැ මං. මාවත් දලා සැජ්ජාවේ බැ. සැක් සැක්....

    ReplyDelete
    Replies
    1. කයි නොලිවුවට ඔයාගෙ කතාවට මං දුන්නු කයි උත්තරේ දාන්න එපායැ. මොනාටද අලේ ලැජ්ජා වෙන්නෙ.... හික්ස්

      Delete
  17. හරිම රසවත් කවි සංවාදයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මියුරු.

      Delete
  18. උඹටත් පහළවෙන්නේ නියම අදහස් තමා බස්සියේ.... මේ තමා නව දැක්ම නියමයි

    ReplyDelete
    Replies
    1. හික් හික්. කම්මැලිකමට පහල උන අදහසක් අයියෝ.... තැන්කුයි නලින් අයියේ. කට්ටිය මට කම්මැලියා කියපු නිසා රම්පෙට පොරි හැලෙන්න මහාප්පරාණ පෝස්ටුවක් කොටන්න විස්තර හොය හොයා ඉන්නෙ.

      Delete
  19. කවි පද වල රස හඳුනන දෙනෙත් දුලබ බව කිව්වට
    කවි ලියන්න ඉඩ ඇති තැන සෙනඟ පිරෙයි කවි ලියුමට
    කවිකම පිහිටලා හොඳින් දස්කම් දක්වන කවියට
    මෙවන් හරඹ තව කරන්න සු'පැතුම් පතනව බස්සිට

    ReplyDelete
    Replies
    1. පල දරනා මේ කවිකම් දුටු විට හැඟෙනවා සසර
      හෙළ කවියට සහස් වසක් ආයුෂ තියෙනවා තිසර
      ලියන තරමටයි කවිවැල් කවි පබැඳුම වෙන්නෙ සුසර
      සුභපැතුමට තුති වේවා කවි පබඳිමු නිතර නිතර

      Delete
  20. එන්නට පමා වුනි
    ඔපීසියේ වැඩ හිර වුනි
    අද තමයි සපැමිණි
    ලිව්වෙ දන්නා බසිනි

    කයි පබැදිල්ල හරි ආතල් වැඩකි
    හිටිවන කයිය මම කැමතිම එකකි
    දිගටම කියන්නට වේලා මද කමකි
    සිව්පද කලාවත් හරියට ගෙත්තමකි

    ReplyDelete
    Replies
    1. ඔබ නැත වී පමා
      ලියූවේ පෙර දින මා
      නුවණට හුරු තමා
      දන්නා බසින් ගැයුමා

      කවියට ඇල්ම ඇත්තන් නොම වෙති සුලබ
      උන් දැක හැඳුනුමත් මහ සතුටෙකි දුලබ
      රාජකාරි නිමවී ඉසිඹුවක් ලැබ
      දවසක අපි ගොතමු තව තව කවි හරඹ

      Delete
  21. උඹේ බිත්තියෙ ලියන එක අපෙත් සතුට බන්.ඒව දැකල උඹත් සතුටු වෙනව දැකල අපේ සතුටත් දෙගුන තෙගුන වෙනව.බස්සි වගේම යකත් ගස් නගින නිශාචර එකෙක් බන්.ඒ වගේම ඌත් කවියට හරි ආසයි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි යකෝ.... ඉතින් කයියකුත් ලියලාම යන්නකො.

      Delete
    2. ඔන්න කයියකුත් ලියල දැම්මා

      උතුම් බකුසු නාම දරන
      තේජෝබල වීර විපුල
      බස්සිගෙ ගෙට රෑ මැදියම
      ඇවිත් යකෙක් ගෝරබිරම්

      සරසවිගෙන් ලබා වරම්
      අමුණා මුතුවැනි පදවැල්
      හ්ම්ම් හ්ම්ම් හඩ මුසු කර
      බස්සියෙ තව කවි ලියපන්

      Delete
    3. බස්සිගෙ ගෙට රෑ මැදියම
      රිංගන්නට ආවොත් උඔ
      මට්ටුවෙන්නෙ මගෙන් තමයි
      දන්නවාද මම මාතර

      මතුරල හොඳ දෙහි කට්ටක්
      ගහනව උබෙ ඉස් මුදුනට
      ඊට පස්සෙ හැමදාටම
      බැල කරන්න වෙයි බස්සිට

      Delete
    4. ජොලියට වගේ බස්සයියගේ කවියට කවියක් වගේ කතාවක් ලියන්න හිතුනලු මටත්..මට ඉතින් අනිත් අය වගේ ඉදගෙන හිටගෙන කවි ලියන්න බැලු ඇහැක් විදියට තමා ලිඋවේ ගලපගෙන

      විදු ඇසට නොපෙනෙන මන්ත්‍ර
      තියෙන බව මාතර
      පිලිගන්නවලු
      පිස්සු ප්‍රෝෆෙක් වෙච්ච මම

      එනමුදු බකුසු බ්‍රදේ
      බුදු බලේට යට මන්ත්‍ර බලේ
      ප්‍රතික්‍රියා කොට කදිරමලේ
      බෙන්තර පුසෙක් හදනවලු අපේ පැලේ

      Delete
  22. ලියන්න බැහැ කවි
    පව් නොවැ මේ අපි
    ආවේ පමා වී
    සමා වුව මැනවි.

    ReplyDelete
    Replies
    1. කවි පද නොලිවුවට
      මක්ක වෙනවද ඒකට
      ආ එක වටිනකොට
      මේ කොමෙන්ටුව බෝ අගෙයි මට

      Delete