Friday, February 14, 2014

වැලන්ටයින්



 
දොළොස් මසක් ගෙවී ගිහින්
නිසංසලෙන්, හෙමින් හෙමින්
තවත් නැවුම් ඉරක් අරන්
යළිත් ඇවිත්

 වැලන්ටයින්


බාලිකා කුසුම් පෙලින්
සැඟවෙමින්, හොරෙන් හොරෙන්
චොකෝ එකෙන්, හසුන් පතින්
එබී බලයි

වැලන්ටයින්



උයන් කොනේ කුඩේ යටින්
වෙරළ අයිනෙ ගල්කුළෙන්
ඇසිල්ලකින්, දෙතොල් මතින්
සිනා තියයි

 වැලන්ටයින්


මියුසිකල් නයිට් ගිහින්
මදුවිතෙන් පියා
නුවන්
නුරා තෙපුල් පුරා ලවන්
රහස් කියයි

වැලන්ටයින්


ලැගුම්හලේ යහන් මතින්
රෝස පියලි විසුරුවන්
කිරි කළේ බිඳුනු සැනින්
පලා ගියා

 වැලන්ටයින්



58 comments:

  1. හ්ම්ම්,,

    හැපි වැලන්ටයින් මෙවුවා එකක්... බස්සටත් විශ් කළා කියන්න ඉදගෙන...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් හැපි වේවා ඔමයියෝ....!! බස්සයි බස්සියි දෙන්නාම විශ් කරනවා ඉඳගෙන.

      Delete
    2. ඒයි බස්සියෝ මට තෑගී හම්බුනෝ.. සියා ස්ට්‍රෝබෙරි කිලෝ එකක් අරන් දුන්නා ජීවිතේටම හම්බෙච්ච පළවෙනි වැලන්ටයින් මෙවුවා එක ,,දිව පැලිලා කාලම ,,

      Delete
    3. අෆ්ෆා.... අහන්නත් සන්තෝසයි. :)

      Delete
  2. තුට්ටු දෙකට ඔට්ටු තියන්
    හැඩ වැඩ ඇති වෛවාරන්
    පෝසත් වෙන වෙළඳ දනන්
    මෙන්න ඇවිත්
    වැලන්ටයින්!!!!!!!!!!!!

    බස්සිටත් හැපි වැලන්ටයින්!!!!

    ReplyDelete
    Replies
    1. හැපි හැපි වැලන්ටයින් වළලු. අදමයි ඔයාව මේ පලාතෙදි දැක්කෙ. සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට!!!

      Delete
  3. අතීතයේ හොඳක් කලෙන්
    ශාන්තුවර වුණා නමින්
    මෙදා වෙළඳ නමක් වුණෙන්
    බැනුම් අහන
    වැලන්ටයින්

    ReplyDelete
    Replies
    1. ශාන්තුවර නමට උඩින්
      වෙලෙන්දො දැන් - වැහිවහන්
      දරුවො ගොන් රැලක් මෙන්
      ඇදෙත් ඒ
      පසුපසින්

      Delete
  4. බස්සිටයි බස්සටයි හැපි වැලන්ටයින් එකක් සහා ආදරණීය අනාගතයක් පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතියි ප්‍රියෝ...!! ප්‍රියාටත්, ප්‍රියාවිටත්, ජූනියර් ප්‍රියාටත් එසේම වේවා!!!

      Delete
  5. රෝස මලෙක
    සිනිදු හිතක්
    පොඩිකරන්න
    සල්ලි නැතොත්
    වැලන්ටයින් එපා
    එන්න....
    සද උවනට
    සිනා පොදක්
    ඇරන් දෙන්න
    වරමක් නෑ
    වැලන්ටයින්
    එපා එන්න...........

    ReplyDelete
    Replies
    1. අනේ..... දුකම දුක වැලන්ටයින් කවියක්..... :'(

      Delete
    2. එච්චරමත් නෑ... දැනට අවුරුදු ගාණකට කලිං වැලන්ටයින් 1ට කෙල්ලට රෝස මලක් තියා චොකෝ 1ක් වත් ඇරන් දෙන්න බැරි වුණ මගේ යාලුවෙක් හිටිය.... ඌව මතක් වුණා... ඒකයි එහෙම ලීවෙ...

      Delete
    3. ඉතිං ඒක දුකම දුක කතාවක් නෙන්නම්.

      Delete
  6. බස්සටයි බස්සිටයි හැපි වැලන්ටයින් එකක් වේවා :)

    ReplyDelete
    Replies
    1. සසිදුටත් හැපි වේවා... සිනා බෝ වේවා...!!

      Delete
  7. බස්සිටයි අර අහිංසක බස්සාටයි ෆන් මෙව්වා එකක් වේවා ......

    ReplyDelete
    Replies
    1. වෙන කෙනෙකුට දැමූ කමෙන්ටුවක් මෙතන පබ්ලිශ් වීම ගැන සමාව අයැදිනවා. ඊට අදාල කමෙන්ට් දෙකම මම delete කරනව අවුලක් නෑ නේ?

      සහෝදරට හැපි වැලන්ටයිමක් වේවා....

      Delete
  8. ස්වීට් හාට්,
    රෝස් ෆලවර්,
    ගුබ්බෑයම්,
    රෑ ෆන්ෂන්,
    මරං කනව,
    වැලන්ටයින්....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දහස් ගනන්
      වෙළඳ කියුම්
      හෝද හෝද
      මඩේ දාන
      වැලන්ටයින්

      හැපි වේවා... සිනා බෝ වේවා...!!

      Delete
  9. දෙන්නටම හැපි වැලන්ටයින් ....

    ReplyDelete
    Replies
    1. තුශානිටත් හැපි වේවා... සිනා බෝ වේවා...!!

      Delete
  10. Replies
    1. මදාරා ජෝඩුවට හැපි වේවා... සිනා බෝ වේවා...!!

      Delete
  11. වැලන්ටයින්
    වැලන්ටයින්..
    මඩි තර වෙන,
    මල් ඉහිරෙන
    ඔහේ දුවන වැලන්ටයින්..
    දන්නවනම් මේ විගඩං,
    වලෙන් නැගිට ගෙල වැලලං
    ආයෙ නහී වැලංටයින්..



    බස්සාටයි බස්සිටයි..
    වේවා හැපි වැලන්ටයින්..
    රැල්ලට එපිටින් ගෙට එන,
    හැමදාමත් වැලන්ටයින්..

    ReplyDelete
    Replies
    1. //දන්නවනම් මේ විගඩං,
      වලෙන් නැගිට ගෙල වැලලං
      ආයෙ නහී වැලංටයින්..//

      මේ පද ටිකනම් මල් මසුරන්....!

      චන්දන අයියටත් හැපි වැලන්ටයිමක් වේවා...!!

      Delete
  12. සාලිය අශෝකමාලා පුරාවෘතය ආදර්ශයට ගෙන බාලපරපුරට අවවාද දිය නොහැකි වැඩිහිටි සමාජය පිටරටින් පැමිණි වැලන්ටයින් හට බැන වදිමින් සිටී. සිරස ඇතුළු මාද්‍ය නඩය ආදරයේ බොළඳ පැත්ත පමණක් පෙන්වා අපේ කොල්ලන් සහ කෙල්ලන් නටවමින් මුදල් ගැරීම ජයටම කරගෙන යනු ඇත

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරයයි. සිරස ඇතුලු? ෆැමිලි චැනල් වල සිට හැම නාලිකාවක්ම කරන්නේ තාරුන්‍යය මාර්කට් කිරීමම නොවේද?

      Delete
  13. ඔය B කෑල්ලෙන් විෂ් කොරන්න කැමති නැහැ..
    දෙන්නටම HAPPY valentine DAY & පෝය DAY කිව්වා...

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියාටත් හැපි වැලන්ටයිමක් වේවා...!!

      Delete
  14. වෙළෙද ලනු කන අපේ කාලයේ වැලන්ටයින්ලාට සුබ මෙව්වා එකක් වේවා

    ReplyDelete
    Replies
    1. නලින් අයියාටත් හැපි වේවා....!!!

      Delete
  15. Replies
    1. සුපිරියි. මගෙ බ්ලොග් රෝලෙ මේක අප්ඩේට් උනේ නෑ නෙව නාඩියෝ....

      Delete
  16. HAPPY valentine's DAY....!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  17. මේ කාලයේ ඛේදවාචකය ඕක නේ බස්සියේ. ඔන්න, සුබ ම සුබ වැලන්ටයිනක් වේවා :))))

    ReplyDelete
    Replies
    1. දිලිනිටත් හැපි වැලන්ටයිමක් වේවා ආගන්තුකයත් එක්ක. :)

      Delete
  18. බස්සිගෙ බොලොග්ගෙ එල්ලල තියන කැම්පස් සින්ඩි බැනර් එකේ ලින්ක් එක වැරදියි නේද.. මට පේන්නෙ මෙන්න මෙහෙම එකක්. http://http//campussyndi.blogspot.com/

    හරි එක http://campussyndi.blogspot.com/ ඔහොම නේද.. //බස්සිගේ අලුත් වැඩ// ඒකත් එහෙමයි. බැනර් වලට වෙරි ද නැත්නම් මට වෙරි ද මන්දා :D

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ බැනර් දෙක වැලන්ටයින් සමරලා උන්ට වෙරි වගේ.... තැන්කුයි චන්දන අයියේ...! බස්සි වැඩක් කලොත් ඔහොම මද වෙරි භාවයක් ඇතිවෙන එක සාමාන්‍යයි. ඉන්ට මම හදන්නම්.

      Delete
  19. කවියේ හැටියට බස්සි වර්තමාන වැලන්ටොයිං ව හොඳට අඳුරගෙන තියෙනවා.....වානිජ වැලන්ටොයිං ට අහු නොවී සැමදා ආදරෙන් සිටීමට ලැබේවා කියල බස්සිටයි බස්සටයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි....

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතියි යටලියන. ඔයාටත් හැපි වේවා...!! සිනා බෝ වේවා!!

      Delete
  20. අද පොස්ට් එක වගේම කොමෙන්ටුත් බොහොම රසවත්, හැප්පි හැප්පි වැලන්ටයින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමා... ඔයාටත් හැප්පි හැප්පි වැලන්ටයින් වේවා....!!!

      Delete
  21. අද පොස්ට් එක වගේම කොමෙන්ටුත් බොහොම රසවත්, හැප්පි හැප්පි වැලන්ටයින්.

    ReplyDelete
  22. ලස්සන පබැඳුමක් නංගී ! ගොඩක් රස වින්දා... මේ තියෙන්නේ මම ලියපු එක අද

    වැලන්ටයින් මහතා වෙත ඉතා ආදරයෙනි......

    අවුරැද්දට සැරයක් එන වැලන්ටයින් පුතේ
    උඹ ගැන මට බොහොම දුකක් කකියනවා හිතේ
    අපෙ අම්මලා උඹෙ නමවත් අහල තිබුනෙ නැතේ
    මුදළාලිලා කරකවනවා ආලය හැම අතේ

    කුඹුර කොටා ගෙට එන කළ ගොවි රජු හැම දිනේ
    පිළිගත්තා ගෙවිළිය විත් වෙනසක් නෑ අනේ
    ඔහු අත මල් කළඹ නැතත් ප්‍රේමය ඉති රැනේ
    වැලන්ටයින් හැම දිනයෙම ගෙපැලේ රජ වුනේ

    මුහුඳු ගිහිං එන සැමියා මාළු කූරි ගෙනා
    පිලී ගඳක් තිබුනට එහි ආලය පැති රැනා
    වැලන්ටයින් මල් නැතුවට ඇඹෙණිය සැනැ සුනා
    දෙන්නා එක්ක උයං කාලා එක තුරැලට උනා

    වැලන්ටයින් මහත්තයෝ නුඹ නාවට මෙහේ
    සැබෑ හදේ පෙම් හැඟුමන් හැමදාමත් ගැහේ
    මුලා වෙලා ඇයි නගින්නේ මුදළාලිගෙ ගහේ
    තවමත් නම් පරක්කු නෑ යන්න නුඹට සහේ


    ReplyDelete
    Replies
    1. හරිම අපූරු පබැඳුමක්. මම මේ සඳුන් සෙවණට ගොඩවෙලා ආපහු එන ගමන්. කවියො හිඟයි අද කාලෙ. ඒ නිසාම ඔබේ ලි‍යවිල්ලෙ වටිනාකම තවත් වැඩි වෙනව. දිගටම ලියන්න. ජයවේවා!! හැපි වේවා....!!

      Delete
  23. හැපි වැලන්ටයින් වේවා! ඕං..... සින්දුවත් අහලා බලන්ටකෝ
    http://youtu.be/-9Ar4p-ZODk

    ReplyDelete
    Replies
    1. අදමයි ඇහුවෙ ඒ ගීතය. තැන්කුයි ශානු අක්කෝ! ඔයාටත්, ශානු අයියාටත් හැපි වේවා!! සිනා බෝ වේවා....!!!

      Delete
  24. පාරට ආවේ නුඹව බලන්න
    එන්න හිතාගෙන..
    අද වැලන්ටයින් හින්දම
    ගොඩ උනේ කඩේකට
    නුඹට මොනවහරි
    ගන්න ඕන නිසාම..
    අනේ අර දෙදාස්පන්සීය
    මේ මාසෙට විතරක්වත් ලැබුනනම්
    කියලා හිතුනා මට
    කඩෙන් එළියට එනකොට..
    මොනා ගන්නද
    ගියා මම ඒ පාර
    අපිට හුරුපුරුදු
    කෑන්ඩෝස් චොකලට් එක අරගන්න..
    අරන් බලද්දි
    බස් නෑනේ ඔයා හොයාගෙන එන්න
    ඒ වෙලෙම කතාකරලා
    ඔයා අහද්දී
    එන්නේ නැද්ද කියලා මම
    “ හැමදාම ආදරේ අපිට
    අද විතරක් මොන වෙනසක්ද”
    කියලා හෙට මුණගැහෙන්න
    පොරොන්දු වෙලා ආවා මම
    ලගදිම රුපියල් දහයක් වෙන
    හැමදාම යන රුපියල් හතේ දුර
    හෙටවත් නුඹ බලන්න එන්න
    බස් වැඩකරපං
    කියලා හිතාගෙන..

    මේක මේ මට වැලන්ටයින් නැති කාලේ වැලන්ටයින් දවසේ ලියපු එකක්.. 2011දී.. දැන් ඉතින් හැමදාම වැලන්ටයිනේ.. ඒ හන්දා මුකුත් ලියන්නේ නෑ,,

    ReplyDelete
    Replies
    1. වෙනස්ම වෙනස් අදහසක්.... මොනවා කියන්නද හිතාගන්න බැරුව ගියා එකපාරටම. ආදරේ තියේනම් හැමදාම, වැලන්ටයින් අපිට මොකටද....

      Delete
    2. ඕක මම 2011 ලියද්දී වැලන්ටයින් දවසෙම බස් ස්ට්‍රයික් එකක්.. අයවැයෙන් 2500 පඩි දෙන්නම් කියලා නුදුන්න කාලේ.. ඉතින් කවිය ඔහොම එකක් වුනේ එකලු ඈ.. හෙහ්..

      Delete
    3. ඔහෝ... එහෙමද? මම හිතුවෙ විශ්වවිද්‍යාල පෙම්වතෙක් මහපොළ 2500 ගැනයි ඒ කියන්නෙ කියල. :)

      Delete
  25. එකදවසක් විශේෂ වෙන එකේ වරදක් නෑ. හැබැයි පෙම්වතුන්ට හැමදාමත් ආදරයෙන් එක්ව සතුටින් ඉන්න පුලුවන්නම් බාදා නැතුව ඒක ගොඩක් වටිනව නේද?

    ReplyDelete
    Replies
    1. මේ කවියෙන් කියැවෙන්නෙ වැලන්ටයින් මුවාවෙන් කෙරෙන ප්‍රෝඩාවන් ගැන.

      Delete