සාගරේ කළඹලා - වදන් මුතු වැල් නෙලා
ආදරේ රන් හුයක - සීරුවෙන් අමුණලා
කඳුලකින් මුතු කළඹ - ඔප දමා සරසලා
මගෙ නොවන මගෙ කවිය මම පවනෙ පා කලා
මද පවන රුදු වෙලා - වියරු සුළි කැරකිලා
ධූලි ගිනියම් වලා - නෙත දවයි මා වෙලා
දනිමි හද පෙලන බැව් එක හෙලා,
හිඳිමි එනමුදු තවම මග බලා
දෙනෙත් හැර බැලිමි රුදු කුණාටුව වියැකිලා,
ගෙතූ කවි වැල් ලිහී මුතු දසත විසිරිලා.....
මගේ හද මියැදිලා
ඉදින් මට පලක් නැත වැලපිලා......
නැවත මුතු අමුණලා
ReplyDeleteකවි මාල පළඳලා
මියගියපු හදවතට
සැනසුමක් එක් කලා
ඉහිරිලා තිවුන මුතු එකින් එක අහුලලා
Deleteකැඩුන මුතුපට යළිත් හෙමිහෙමින් අමුණලා
හ්ම්ම්.. හ්ම්ම් කියා හොරෙන් මුතු ගෙලේ පළඳලා
විසිරිච්ච ජීවිතේ කෙනෙක් එක්කහු කලා
:)
ලස්සන නිර්මාණයක්. ඔබ හොඳ කවිකාරියක්.
ReplyDeleteමම අලුත් බ්ලොග් කරුවෙක්. ගුගල් සෙවීම් වලින් අපි ඉදිරියෙන් ඉන්නේ sex වලින් පමණක් නොවේ. වැඩි විස්තර බාලා ගන්න මගේ බ්ලොගයට ඇවිත් කියවා සහයෝගය දෙන්න.
බොහොම ස්තූතියි යාලු. ඔබේ පළමු පෝස්ටුවම ඉතා අර්ථවත්. බ්ලොග් අඩවිය සින්ඩිකේටර් වලට යොමු කරන්න. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා...!!!
Deleteපැහැදිලිනැ.....
ReplyDeleteලා ලා ලා.... ටික නම් නියමෙට ගලපලා. ;)
:D
Deleteබස්සිලා
බස්සලා
ල ලා ලා
ගලපලා
හැක් ^_^
Deleteමදාරා අක්කීට තේරුනේ නැතිවෙච්චි
Deleteමේ කයිය ආදි කාලේ මගෙන් ලියැවෙච්චි
ගෙදරදොර වැඩපලත් ටිකෙන් ටික වැඩිවෙච්චි
ඒ නිසා පරණ කයියක්ම පබ්ලිශ් වෙච්චි
ඉවාන්ලා
Deleteඇවිල්ලා
ගලපලා
ගිහිල්ලා...
ඒකට තමා දරුවෝ එලිසමය රකිනවා කියන්නේ..
Deleteගේ දොර වැඩ කුමට වැඩි වෙච්චි
Deleteමඟුල් බෙරවත් වයනවද බස්සී
පරණ කවියේ ආදරේ ඉතිරෙච්චී
මටත් මගේ අතීතේ සිහිවෙච්චී..
ඔපරේෂන් එක සාර්ථකයි වගේ දිනේෂ්
Deleteබස්සාගෙ පවුලෙ අය අපෙ ගෙදර පැමිනිච්චි
Deleteමගුල්බෙර නෑ තවම අපි පොඩි එවුන් වෙච්චි
කෙලිසෙල්ලමට ගිහින් බස්සී බිසී වෙච්චි
දිනේශයියා දැකුම ලොකුම සතුටක් වෙච්චි
ඉවාන්, ඔවු මචං දැන් හොදයි..
Deleteබස්සී, කෙලිසෙල්ලම්... හා හොදේ... ;)
ඔව් අයියෝ... කැරම්, චෙස්, ස්ක්‍රැබල් ඔවුවා තමයි.
Deleteඅකුරු නැත.
ReplyDeleteහයියූ... වචනත් නෑ නෙ එතකොට!!
Deleteහද නැතේ මියැදිලා
ReplyDeleteඋඹ ඉන්නේ රැවටිලා
ඇති නින්ද ගිහිල්ලා
ගනිං ඇහැ ඇරවලා
හද තිවුනෙ මියැදිලා
Deleteදුකෙන් ඔද්දල් වෙලා
කුරුල්ලෙක් ඇවිල්ලා
ගත්තෙ ඇහැ ඇරවලා
හිටිය මුත් රැවටිලා
දැන් මොලේ පෑදිලා
ලලල්ලා ලලල්ලා
ගී ගයම් තුටුවෙලා
:P
හි හි
Deleteහි හි :D
Deleteඇයි බොලව් හිනැහෙන්නෙ
Deleteතොපි නැතිද කවි දන්නෙ
කවද හරි අහුවෙයිනෙ
කන පලල පොල් ගන්නෙ
:D
කවිකාරයෙකි සමී
Deleteඊට නොදෙවෙනි ඔමී
හිටිං කන පලන්නට
මමත් එක් වෙන්නෙමී
:D
නව වසක් ඇවිල්ලා
ReplyDeleteනැහුණු පණ ගනිල්ලා
නව ලොවක් තනල්ලා
පැතුම පිළි ගන්ල්ලා
සුභපැතුම සාදරෙන්
Deleteපිළි ගනිමි සිනාවෙන්
නව වසර ජය ලැබෙන්
පතමි අයියේ නලින්!!
හද පෙලන බව දැන දැනත් බලා සිටීම නොවෙද ආදරය??
ReplyDeleteලස්සනයි බස්සි.
සැබෑවකි. ආදරේ අන්ධයි කියනවා නෙව. තැන්කූ ප්‍රියෝ!!
Delete//දෙනෙත් හැර බැලිමි රුදු කුණාටුව වියැකිලා,
ReplyDeleteගෙතූ කවි වැල් ලිහී මුතු දසත විසිරිලා.....//එහෙනම්..,
//ඉදින් මට පලක් නැත වැලපිලා......//ආයෙත් වැලපෙන්නෙ ඇයි බස්සියෝ...?
ඒකනෙ රෙහානි අක්කෝ පලක් නෑ කියල තේරුනේ අන්තිම පේළිය ලියද්දි නෙව. ;)
Deleteතරමක ආවේගයක් තියනවා වගේ කවිය ඇතුලේ. කවියට වඩා වෙන දෙයක් නෑ ඒක පෙන්නුම් කරන
ReplyDeleteවචන දහස් ගානකින් කියන්න අමාරු දෙයක් එක කවියකින් කියන්න පුලුවනි සමහර වෙලාවට. :)
Deleteවිසිරිලා,
ReplyDeleteවියැකිලා,
කැලඹිලා,
කැරකිලා,
වැලපිලා,
නුඹ වෙලා,
මියැදිලා ගිය හදට...
නව පණක් ලබන්නට,
දිය බිඳක් දියල්ලා,......
ජය වේවා!!
විසිරිලා - වියැකිලා
Deleteකැළඹිලා - කැරකිලා
වැලපෙන්න හදවතක්
ඉතිරිදෝ බොලල්ලා...? :D
තැන්කූ විදානේ.... !!!
"මගේ හද මියැදිලා
ReplyDeleteඉදින් මට පලක් නැත වැලපිලා......"
මේ තමයි හොන්දම ටික....සුබ පතනවා..!!!
මගේ නවාතනටත් ගොඩවෙලා යන්න එන්න..මන් නම් කෝඩු කාරයෙක්
තැන්කූ රාගමයෝ...!! සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට..!!
Deleteමාත් තවම කෝඩුයි තමයි අනේ. තාම මාස හයක්වත් නෑ බ්ලොග් ලියන්න පටන් අරගෙන. ඕන් මම ඔයාගෙ බ්ලොගත් එල්ල ගත්තා. follower gadget එක, like button එකක් එහෙම දාල බ්ලොග් එක සරසගන්න.
කවි වැල් ගිලිහුනාට අන්තිමට ඔක්කොම හොයාගෙන තියෙන පාටයි..
ReplyDeleteගිලිහුන මුතුවැල් සේරම ආයෙත් හමුවුනා නෙ උමේෂ්! නම වෙනස් කරලා නේද... මේ නම හොඳයි රජ වීදිය කියනවට වඩා. :)
Deleteමටනං ඔය කවි සිතුවිලි නෑ...
ReplyDelete// මගේ හද මියැදිලා
ඉදින් මට පලක් නැත වැලපිලා......//
මං ආසයි මේ පද දෙකට :3
පොඩිත්තක් හොයලා බැලුවොත් ඔයාටත් කවි සිතුවිලි හොයාගන්ට පුලුවන් වේවි....
Deleteබස්සගෙයි බස්සිගෙයි ආදරය ලියලලා
ReplyDeleteආදරෙ අන්දරය සතිපතා ලියවිලා
බස්සිගේ ලින්ක් එක මූණුපොත පලවෙලා
පොතේ පිටු පෙරලද්දි ලින්ක් එක ක්ලික් කලා..
අදත් වෙනදා වගේ බ්ලොග් එකට ගොඩවෙලා
නුඹෙ නොවන නුඹෙ කවිය රසවැටී කියවලා
සතුටු හදවතින් අක්කේ නුඹව සිහිවෙලා
බස්සටයි බස්සිටයි සුබ පැතුම් එක් කලා :)
බ්ලොග පටන් ගත්තු දා ඉඳන් එය කියවලා
Deleteරහද තිත්තද කියා ගුණ අගුණ පවසලා
මිතුරුදම සඟවාපු පදවැලක් අමුණලා
නගේ වාසනාවන් නුඹ වාගෙ රූම ලා
හිතේ සිය දහස් කවි මල් පොකුරු පිබිදියන්
ෆේස් බුකියෙම නොඉඳ එක්සෑම් ගොඩ් යමන්
නව වසරෙ කෝම හරි ස්පෙශල් පැන ගනින්
මතු භවේදිත් උඹම මගේ රූමා වෙයන්
:D
:P :D
Deleteනියමයි ,,බස්සු.. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි
ReplyDeleteබෝම ඉත්තූතියි ඔමා... ලියන්ටකෝ ඔයාගෙ ලස්සන හයිකු කවියක්. :)
Deleteකමෙන්ට් ටික රහයි හුම්ම් හුම්ම්ම් :P
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්ම්.... ඈ සමියෝ එතෝට පෝස්ට් එක තිත්තද? :P
Deleteබස්සිගේ කවිය කියවලා..
ReplyDeleteමගෙ පොඩ්ඩක් වැඩිවෙලා...
නමුත් මම කියවලා..
බස්ස,බස්සී සුබ පැතුම් එක්කලා...
කොමෙන්ට් ටික කියවලා...
ඇඩෙනවා මගෙ තනි ඇහැටා...
කියන්නට දෙයක් නැතුවා...
මමත් එකක් කොටලාම යනවා....
ගාලුට අද වැඩි වෙලා
Deleteකවි සිතුවිලි එයි ගලා
තනි ඇහැකට ඇඬෙනව නම්
බේත් ගනිං ගිහිල්ලා
සුභ පැතුමට ඉත්තුතී,
කවි පිලිතුර හරි වටී,
ගාලුට සහ ගාල්ලියට
නව වසරට ආසිරී...!!
චණ්ඩ සුළි කුණාටුවෙ සැඩ රළට අසුවෙලා
ReplyDeleteමුතු කළඹ සුසැදි මුතු තවත් සුසිනිඳු වෙලා
විසිරගිය මුතු අහුරු එක් කලොත් අමුණලා
මියැදි හදවතක් වුව පණ ලබයි හිනැහිලා
සුළි කුණාටුවෙ හැපී මුතු තවත් ඔප වෙන්නෙ,
Deleteහිරු රැසින් නැහැවෙද්දි තමයි මුතු දිලිහෙන්නෙ
සොඳුරු හදවතකි මුතුවැලට ජීවය දුන්නෙ
මුතුවැලක අගය නැහැ සුලි කුණාටුව දන්නෙ
ලස්සනයි කවි පද
ReplyDeleteසුබ පතමි ඔය බස්සාටයි,බස්සිටයි මම.
තුතිය සුභපැතුමට,
Deleteනව වසරට ආසිරි ගෙනෙමි මම,
ඔබටත්, ඔබේ බස්සියටත් දෙපළටම!! :)
කට පුරෝලා කියන්න තියෙන්නේ " කවි පද ටික ලස්සනයි" කියල යි. සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තූතියි ශෙහාන් අයියේ!!
Deleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
ඔයාටත් එසේම වේවා නිර්මලා...!!
Deleteලත්තනයි බස්සියෝ....................
ReplyDeleteදිගටම ලියන්න පුළුවන් හැම වෙලාවකම එනවා
බොහොම ස්තූතියි දසුන්! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට...!!
Deleteගොඩාක් ලස්සනයි.. දිගටම ලියන්න
ReplyDeleteබොහොම ස්තූතියි සුදුපුතෝ...! :D
DeleteUBA NAM MARE MARU BAN!!!!!!
ReplyDeleteහ හා... තැන්කුයි හොඳේ....
Delete