Sunday, December 29, 2013

මගෙ නොවන මගෙ කවිය




සාගරේ කළඹලා - වදන් මුතු වැල් නෙලා
ආදරේ රන් හුයක - සීරුවෙන් අමුණලා
කඳුලකින් මුතු කළඹ - ඔප දමා සරසලා
මගෙ නොවන මගෙ කවිය මම පවනෙ පා කලා


මද පවන රුදු වෙලා - වියරු සුළි කැරකිලා
ධූලි ගිනියම් වලා - නෙත දවයි මා වෙලා

දනිමි හද පෙලන බැව් එක හෙලා,
හිඳිමි එනමුදු තවම මග බලා



දෙනෙත් හැර බැලිමි රුදු කුණාටුව වියැකිලා,
ගෙතූ කවි වැල් ලිහී මුතු දසත විසිරිලා.....

මගේ හද මියැදිලා
ඉදින් මට පලක් නැත වැලපිලා......




62 comments:

  1. නැවත මුතු අමුණලා
    කවි මාල පළඳලා
    මියගියපු හදවතට
    සැනසුමක් එක් කලා

    ReplyDelete
    Replies
    1. ඉහිරිලා තිවුන මුතු එකින් එක අහුලලා
      කැඩුන මුතුපට යළිත් හෙමිහෙමින් අමුණලා
      හ්ම්ම්.. හ්ම්ම් කියා හොරෙන් මුතු ගෙලේ පළඳලා
      විසිරිච්ච ජීවිතේ කෙනෙක් එක්කහු කලා
      :)

      Delete
  2. ලස්සන නිර්මාණයක්. ඔබ හොඳ කවිකාරියක්.

    මම අලුත් බ්ලොග් කරුවෙක්. ගුගල් සෙවීම් වලින් අපි ඉදිරියෙන් ඉන්නේ sex වලින් පමණක් නොවේ. වැඩි විස්තර බාලා ගන්න මගේ බ්ලොගයට ඇවිත් කියවා සහයෝගය දෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු. ඔබේ පළමු පෝස්ටුවම ඉතා අර්ථවත්. බ්ලොග් අඩවිය සින්ඩිකේටර් වලට යොමු කරන්න. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා...!!!

      Delete
  3. පැහැදිලිනැ.....
    ලා ලා ලා.... ටික නම් නියමෙට ගලපලා. ;)

    ReplyDelete
    Replies
    1. :D
      බස්සිලා
      බස්සලා
      ල ලා ලා
      ගලපලා

      Delete
    2. මදාරා අක්කීට තේරුනේ නැතිවෙච්චි
      මේ කයිය ආදි කාලේ මගෙන් ලියැවෙච්චි
      ගෙදරදොර වැඩපලත් ටිකෙන් ටික වැඩිවෙච්චි
      …ඒ නිසා පරණ කයියක්ම පබ්ලිශ් වෙච්චි

      Delete
    3. ඉවාන්ලා
      ඇවිල්ලා
      ගලපලා
      ගිහිල්ලා...

      Delete
    4. ඒකට තමා දරුවෝ එලිසමය රකිනවා කියන්නේ..

      Delete
    5. ගේ දොර වැඩ කුමට වැඩි වෙච්චි
      මඟුල් බෙරවත් වයනවද බස්සී
      පරණ කවියේ ආදරේ ඉතිරෙච්චී
      මටත් මගේ අතීතේ සිහිවෙච්චී..

      Delete
    6. ඔපරේෂන් එක සාර්ථකයි වගේ දිනේෂ්

      Delete
    7. බස්සාගෙ පවුලෙ අය අපෙ ගෙදර පැමිනිච්චි
      මගුල්බෙර නෑ තවම අපි පොඩි එවුන් වෙච්චි
      කෙලිසෙල්ලමට ගිහින් බස්සී බිසී වෙච්චි
      දිනේශයියා දැකුම ලොකුම සතුටක් වෙච්චි

      Delete
    8. ඉවාන්, ඔවු මචං දැන් හොදයි..

      බස්සී, කෙලිසෙල්ලම්... හා හොදේ... ;)

      Delete
    9. ඔව් අයියෝ... කැරම්, චෙස්, ස්ක්‍රැබල් ඔවුවා තමයි.

      Delete
  4. Replies
    1. හයියූ... වචනත් නෑ නෙ එතකොට!!

      Delete
  5. හද නැතේ මියැදිලා
    උඹ ඉන්නේ රැවටිලා
    ඇති නින්ද ගිහිල්ලා
    ගනිං ඇහැ ඇරවලා

    ReplyDelete
    Replies
    1. හද තිවුනෙ මියැදිලා
      දුකෙන් ඔද්දල් වෙලා
      කුරුල්ලෙක් ඇවිල්ලා
      ගත්තෙ ඇහැ ඇරවලා

      හිටිය මුත් රැවටිලා
      දැන් මොලේ පෑදිලා
      ලලල්ලා ලලල්ලා
      ගී ගයම් තුටුවෙලා

      :P

      Delete
    2. ඇයි බොලව් හිනැහෙන්නෙ
      තොපි නැතිද කවි දන්නෙ
      කවද හරි අහුවෙයිනෙ
      කන පලල පොල් ගන්නෙ

      :D

      Delete
    3. කවිකාරයෙකි සමී
      ඊට නොදෙවෙනි ඔමී
      හිටිං කන පලන්නට
      මමත් එක් වෙන්නෙමී

      :D

      Delete
  6. නව වසක් ඇවිල්ලා
    නැහුණු පණ ගනිල්ලා
    නව ලොවක් තනල්ලා
    පැතුම පිළි ගන්ල්ලා

    ReplyDelete
    Replies
    1. සුභපැතුම සාදරෙන්
      පිළි ගනිමි සිනාවෙන්
      නව වසර ජය ලැබෙන්
      පතමි අයියේ නලින්!!

      Delete
  7. හද පෙලන බව දැන දැනත් බලා සිටීම නොවෙද ආදරය??

    ලස්සනයි බස්සි.

    ReplyDelete
    Replies
    1. සැබෑවකි. ආදරේ අන්ධයි කියනවා නෙව. තැන්කූ ප්‍රියෝ!!

      Delete
  8. //දෙනෙත් හැර බැලිමි රුදු කුණාටුව වියැකිලා,
    ගෙතූ කවි වැල් ලිහී මුතු දසත විසිරිලා.....//එහෙනම්..,

    //ඉදින් මට පලක් නැත වැලපිලා......//ආයෙත් වැලපෙන්නෙ ඇයි බස්සියෝ...?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රෙහානි අක්කෝ පලක් නෑ කියල තේරුනේ අන්තිම පේළිය ලියද්දි නෙව. ;)

      Delete
  9. තරමක ආවේගයක් තියනවා වගේ කවිය ඇතුලේ. කවියට වඩා වෙන දෙයක් නෑ ඒක පෙන්නුම් කරන

    ReplyDelete
    Replies
    1. වචන දහස් ගානකින් කියන්න අමාරු දෙයක් එක කවියකින් කියන්න පුලුවනි සමහර වෙලාවට. :)

      Delete
  10. විසිරිලා,
    වියැකිලා,
    කැලඹිලා,
    කැරකිලා,
    වැලපිලා,
    නුඹ වෙලා,
    මියැදිලා ගිය හදට...
    නව පණක් ලබන්නට,
    දිය බිඳක් දියල්ලා,......

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. විසිරිලා - වියැකිලා
      කැළඹිලා - කැරකිලා
      වැලපෙන්න හදවතක්
      ඉතිරිදෝ බොලල්ලා...? :D

      තැන්කූ විදානේ.... !!!

      Delete
  11. "මගේ හද මියැදිලා
    ඉදින් මට පලක් නැත වැලපිලා......"

    මේ තමයි හොන්දම ටික....සුබ පතනවා..!!!
    මගේ නවාතනටත් ගොඩවෙලා යන්න එන්න..මන් නම් කෝඩු කාරයෙක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ රාගමයෝ...!! සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට..!!

      මාත් තවම කෝඩුයි තමයි අනේ. තාම මාස හයක්වත් නෑ බ්ලොග් ලියන්න පටන් අරගෙන. ඕන් මම ඔයාගෙ බ්ලොගත් එල්ල ගත්තා. follower gadget එක, like button එකක් එහෙම දාල බ්ලොග් එක සරසගන්න.

      Delete
  12. කවි වැල් ගිලිහුනාට අන්තිමට ඔක්කොම හොයාගෙන තියෙන පාටයි..

    ReplyDelete
    Replies
    1. ගිලිහුන මුතුවැල් සේරම ආයෙත් හමුවුනා නෙ උමේෂ්! නම වෙනස් කරලා නේද... මේ නම හොඳයි රජ වීදිය කියනවට වඩා. :)

      Delete
  13. මටනං ඔය කවි සිතුවිලි නෑ...

    // මගේ හද මියැදිලා
    ඉදින් මට පලක් නැත වැලපිලා......//

    මං ආසයි මේ පද දෙකට :3

    ReplyDelete
    Replies
    1. පොඩිත්තක් හොයලා බැලුවොත් ඔයාටත් කවි සිතුවිලි හොයාගන්ට පුලුවන් වේවි....

      Delete
  14. බස්සගෙයි බස්සිගෙයි ආදරය ලියලලා
    ආදරෙ අන්දරය සතිපතා ලියවිලා
    බස්සිගේ ලින්ක් එක මූණුපොත පලවෙලා
    පොතේ පිටු පෙරලද්දි ලින්ක් එක ක්ලික් කලා..

    අදත් වෙනදා වගේ බ්ලොග් එකට ගොඩවෙලා
    නුඹෙ නොවන නුඹෙ කවිය රසවැටී කියවලා
    සතුටු හදවතින් අක්කේ නුඹව සිහිවෙලා
    බස්සටයි බස්සිටයි සුබ පැතුම් එක් කලා :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග පටන් ගත්තු දා ඉඳන් එය කියවලා
      රහද තිත්තද කියා ගුණ අගුණ පවසලා
      මිතුරුදම සඟවාපු පදවැලක් අමුණලා
      නගේ වාසනාවන් නුඹ වාගෙ රූම ලා

      හිතේ සිය දහස් කවි මල් පොකුරු පිබිදියන්
      ෆේස් බුකියෙම නොඉඳ එක්සෑම් ගොඩ් යමන්
      නව වසරෙ කෝම හරි ස්පෙශල් පැන ගනින්
      මතු භවේදිත් උඹම මගේ රූමා වෙයන්

      :D

      Delete
  15. නියමයි ,,බස්සු.. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි

    ReplyDelete
    Replies
    1. බෝම ඉත්තූතියි ඔමා... ලියන්ටකෝ ඔයාගෙ ලස්සන හයිකු කවියක්. :)

      Delete
  16. කමෙන්ට් ටික රහයි හුම්ම් හුම්ම්ම් :P

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්ම්.... ඈ සමියෝ එතෝට පෝස්ට් එක තිත්තද? :P

      Delete
  17. බස්සිගේ කවිය කියවලා..
    මගෙ පොඩ්ඩක් වැඩිවෙලා...
    නමුත් මම කියවලා..
    බස්ස,බස්සී සුබ පැතුම් එක්කලා...


    කොමෙන්ට් ටික කියවලා...
    ඇඩෙනවා මගෙ තනි ඇහැටා...
    කියන්නට දෙයක් නැතුවා...
    මමත් එකක් කොටලාම යනවා....

    ReplyDelete
    Replies
    1. ගාලුට අද වැඩි වෙලා
      කවි සිතුවිලි එයි ගලා
      තනි ඇහැකට ඇඬෙනව නම්
      බේත් ගනිං ගිහිල්ලා

      සුභ පැතුමට ඉත්තුතී,
      කවි පිලිතුර හරි වටී,
      ගාලුට සහ ගාල්ලියට
      …නව වසරට ආසිරී...!!

      Delete
  18. චණ්ඩ සුළි කුණාටුවෙ සැඩ රළට අසුවෙලා
    මුතු කළඹ සුසැදි මුතු තවත් සුසිනිඳු වෙලා
    විසිරගිය මුතු අහුරු එක් කලොත් අමුණලා
    මියැදි හදවතක් වුව පණ ලබයි හිනැහිලා

    ReplyDelete
    Replies
    1. සුළි කුණාටුවෙ හැපී මුතු තවත් ඔප වෙන්නෙ,
      …හිරු රැසින් නැහැවෙද්දි තමයි මුතු දිලිහෙන්නෙ
      සොඳුරු හදවතකි මුතුවැලට ජීවය දුන්නෙ
      මුතුවැලක අගය නැහැ සුලි කුණාටුව දන්නෙ

      Delete
  19. ලස්සනයි කවි පද
    සුබ පතමි ඔය බස්සාටයි,බස්සිටයි මම.

    ReplyDelete
    Replies
    1. තුතිය සුභපැතුමට,
      නව වසරට ආසිරි ගෙනෙමි මම,
      ඔබටත්, ඔබේ බස්සියටත් දෙපළටම!! :)

      Delete
  20. කට පුරෝලා කියන්න තියෙන්නේ " කවි පද ටික ලස්සනයි" කියල යි. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශෙහාන් අයියේ!!

      Delete
  21. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා නිර්මලා...!!

      Delete
  22. ලත්තනයි බස්සියෝ....................
    දිගටම ලියන්න පුළුවන් හැම වෙලාවකම එනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දසුන්! සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට...!!

      Delete
  23. ගොඩාක් ලස්සනයි.. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදුපුතෝ...! :D

      Delete
  24. Replies
    1. හ හා... තැන්කුයි හොඳේ....

      Delete