මේ කතාව කියවන්න කලින් ඊයෙ පබ්ලිෂ් කරපු කතන්දරෙත් කියවලාම ආවා නම් වටහා ගැනීම පහසු වෙයි. :)
දෙදහස් දහයේ මාර්තු දහ හතර වෙනිදා. හ්ම්ම්.... එදා තමයි දවස.
බස්සි එදා කල් තියාම දෙයක් කරන්න හිතාගෙන ප්ලෑනක් ගහගෙන හිටියෙ. බස්සාට උදේ වරුවෙම ප්‍රැක්ටිකල්. බස්සිට තිවුනෙ පැය දෙකක ලෙක්චර් එකක් විතරයි.
පුරුදු විදියට බස්සිව ලෙක්චර් හෝල් එකට ඇරලවලා බස්සා ලැබ් එකට ගියා.
බස්සිගේ මොබයිල් එක "බීප් බීප්" නාදයකින් බස්සා ලැබ් එකට ඇතුල් වුන බව තහවුරු කලා.
'මම ලැබ් එකේ. එනකම් Base canteen එකේ ඉන්න.'
බස්සාගෙ දර්ශීය එස්.එම්.එස්. එකක් ඔය ප්‍රමාණය තමයි. කොච්චර කිවුවත් දිගට එස්.එම්.එස්. කොටන්නෙම නැහැ නෙව. ඒකට අපි! යවද්දි පිටු තුන හතරක මාගල් යවන්නෙ!!
එස්.එම්.එස්. එක ආපු ගමන් බස්සි ලෙක්චර් හෝල් එකේ පස්සා දොරෙන් එලියට පැනගත්තා. කන්ද බැහැගෙන ගිහින් නැවතුනේ ඒ.ටී.එම්. එක ගාව. එතනින් සල්ලිත් අරන් වහාම කිරිබත්ගොඩ යන්න බස් එකකට ගොඩ වුනා.
කිරිබත්ගොඩ ටවුන් එකෙන් බැහැල බස්සි කෙලින්ම ගියේ සුපුරුදු ගිෆ්ට් සෙන්ටර් එකට. එයා ඉන්නව කියන්නෙ එතන. එතන තට්ටු තුන හතරෙම පැයක් විතර ඇවිද ඇවිද බස්සි එයාව හෙවුව. එයා ඉන්නම ඕනෙ මෙතන කොහේහරි. ඒත් එයා නෑ නෙව.
බැරිම තැන බස්සි එයාගෙ හැඩරුව කියලා ගිෆ්ට් සෙන්ටර් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා එයාව දැක්කද කියල.
"අනේ නංගි එයා දැන් පැයකට විතර කලින් ගියානෙ. දැන් නම් එයා මෙහෙ නෑ."
මොනව කරන්නද ඉතින්. කොහොමහරි, කොහෙන්හරි එයාව හොයාගන්නම ඕනෙ. අදම එයාව හොයාගන්නත් ඕනෙ.
බස්සි පැය දෙකහමාරක් විතර කඩවත, කිරිබත්ගොඩ ටවුන් දෙකේම ඇවිද ඇවිද එයාව හෙවුව. ඒත් එයා කොහේවත් හිටියෙ නෑ.
බස්සිට හිතට දුකයි. ආපහු යන්න වෙලාව. බස්සාට හොරෙන් ආපු ගමනක් නෙව. දැන් බස්සාගෙ ප්‍රැක්ටිකල් ඉවරවෙන වෙලාවත් කිට්ටුයි.
කැම්පස් එක ගාව බැහැලා බස්සි පාරෙන් එහා පැත්තෙ තිවුන කොමියුනිකේශන් එකට ගියේ රීලෝඩ් එකක් දමා ගන්න. කොමියුනිකේශන් එකේ ඉස්සරහ රාක්කයක පුංචි පුංචි ඔරලෝසු, පිඟන් මැටියෙන් හදාපු විසිතුරු බඩු පෙළගස්වලා තිවුනා. රීලෝඩ් එක එනකම් බස්සි රාක්කෙ දිහා බලාගෙන හිටියා.
අර ඉන්නෙ බස්සි මෙච්චර වෙලා හොයාපු කෙනා.
ෆෙන්ෂුයි නැවකටයි, පිඟන් මැටි මල් කූඩෙකටයි මැදිවෙලා වීදුරු ෆ්ලේජ් අස්සයා හොරා වාගෙ බස්සි දිහා බලාන හිටියා.
බස්සි එයාව අතට අරන් ඇද පලුදු තියෙනවාද බැලුවා. බැටරි දැම්මාම මෙන්න අර අපූරු නිල් පාට එලිය විහිදෙනවා.
බස්සි එයාව පාර්සල් කරගෙන බේස් කැන්ටිමට ඉගිල්ලුනා. වෙලාව දොළහයි. බස්සා කැන්ටිමට ගොඩ වුනා.
"ඔයා පාලුවෙන්ද හිටියෙ බස්සියෝ? අද වැඩ ඉවරවෙන්න ටිකක් පරක්කු වුනානෙ." බස්සා බස්සිගෙ කරවටේ අතක් දමාගෙන කිවුවා.
"නෑ. අදනම් පාලු දැනුනෙ නෑ...." බස්සි තෑගි පාර්සලය බස්සාගෙ ඔඩොක්කුවෙන් තියන ගමන් කිවුවා.
"මේ මොකක්ද බස්සියෝ?" බස්සා පරෙස්සමෙන් කරදාසිය ලෙහෙන ගමන් ඇහුවා.
ෆ්ලේජ් අස්සයා දවටනය ඇතුලෙන් එලියට ඔලුව දැම්මා. බස්සා බස්සිව පපුවට තුරුලු කරගත්තා.
"හැපි වැලන්ටයින්ස් ඩේ බස්සෝ...!!" බස්සි කිවුවා.
හුරේ .... මං කිවුවේ ,,,
ReplyDeleteඒක නෙ. ඔයාගෙ කමෙන්ට් එකට රිප්ලයි කල ගමන්ම මම මේකත් පබ්ලිෂ් කරලා දැම්ම. මුන්දෑ එක්ක බෑනෙ. හරියටම කියලානෙ.
Deleteyes බේබි අපි එහෙමයි ඈ :D
Deleteජාලෙන් සම්බන්ධ වෙච්චි ටික කාලෙට ඔමා මගෙ හැටි සෑහෙන්න අධ්‍යයනය කොරලා වගේ ඉඳගෙන :P
Deleteසොයන්නාට හම්බවේ කිවුවලුනෙ.
ReplyDeleteබස්සි මාර ගේමක්නෙ දීලාතියෙන්නෙ ඒක හොයා ගන්න.
ආදරේ වෙනුවෙන් කට්ට කන එකත් සැපක්නෙ.
ඔය පැය දෙක තුන මොන කට්ටක් ද ප්‍රියා සමහරු ආදරේ වෙනුවෙන් කන කටු දැක්කාම. :D
Deleteමං තාම කාටවත් ඔහොම ආදරේ කරලා නැහැ මතන්ලා ඇත්තමයි තෑග්ගක් හම්බෙලත් නෑ දීලත් නැහැ ,, ඔයා උම්මා දුන්නා කිවම අරෙහෙම කිවුවේ ඉදගෙන :)
Deleteහෆ්ෆා... එහෙනම් කියෝලා ඉගෙනගන්ට ඉඳගෙන හොඳේ... ඔයා විතරක් නෙමෙයි ඔමා අපිත් ආපු ගමන් පුදුම උනා ඒ පරිසරයේ තිවුන නිදහස දැකලා.
Deleteඊයේ කතාව කියවපු නිසා මේ පෝස්ට් එක දකිනකොට ම හිතුවා අලුතෙන් අශ්වයෙක් ගන්න තමයි බස්සට හොරෙන් දුවන්නේ කියලා!
ReplyDeleteසික් කස්ටියම කතාව අනුමාන කරලා නෙව හරියටම. මේ පාර නම් බස්සි කස්ටියව පුදුම කරන්න ගිහින් නා ගත්තා වගේ.
Deleteඅනේ ආයෙත් ඒ අශ්වයව හොයා ගන්න පුලුවන් උන එක නම් සතුටුයි.....නංගියෝ මාත් නම් ඔය වගේ තෑගි හොයන්න කට්ට කාලා තියෙනවා.හෙහ්...හෙහ්..
ReplyDeleteකොන්වන්ට් රෝඩ් එකේ කඩවල් වලත් තෑගි හොයන්න කට්ට කාල තියේ ද අක්කෝ? ඉන්ට ඉක්කෝලෙ හෙලේනාට අල්ලලා දෙන්නං. ;)
Deleteහි...හි.... නෑ නෑ සෝයා අයිස් ක්‍රිම් කඩේ පැත්තේ කට්ට කෑවේ.......කොන්වන්ට් රෝඩ් එකේ කඩ වලට අපි ගියේ නැතෝ ඔක්කොමල්ලා අදුනනවනේ...හි...හි...අපේ රත්තරන් හෙලේනාට අපි බයයි නංගියේ......:B
Delete//'මම ලැබ් එකේ. එනකම් Base canteen එකේ ඉන්න.'
ReplyDeleteබස්සාගෙ දර්ශීය එස්.එම්.එස්. එකක් ඔය ප්‍රමාණය තමයි. කොච්චර කිවුවත් දිගට එස්.එම්.එස්. කොටන්නෙම නැහැ නෙව. ඒකට අපි! යවද්දි පිටු තුන හතරක මාගල් යවන්නෙ!!//
SMS කියන්නේ කෙටියෙන් යවන ඒවා නේද එකනේ short message service (sms) කියන්නේ මාගල් යවන්න නම් ඉතින් LMS (long message service ) කියලා එකක් හැදුවොත් නරකද.අක්කම හදන්න dialog එකේ නේ වැඩ නේද.ඔයාලා වගේ කට්ටියම වැඩිපුර ගනී:p :D.
මචෝ+++++++++++++++++++++
Deleteඅනේ බලාපල්ලා ඉතින්. මොනාද අෆ්ෆා ආදරේ කොරන එක්කෙනාට යවන්ට ඕනෙ LMS තමයි ඒක තාක්ෂණය මොකක් වුනත් ප්‍රශ්නයක් නෑ මලයෝ.
Deleteබලන්ට ඉතින් නලින් අයියත් ඉනිමං බැඳලානෙ මුන්දැට.
හෑ එහෙමත් එකක්ද LMS (love message service )එහෙම කියමු :p
Deleteඅන්න එහෙම එන්න මල්ලි. ඒ නම නම් ගැලපෙනව වැඩේට.
Deleteමේවගේ ආදර අන්දර කියන තැනක මැදට පැනළා අවකැපෙන කතා කියන්නෙ නාකයිනේ... දේන්නටම සුබ පතලා මං යනෝ.
ReplyDeleteහෆ්ෆා මොකක්දෑ කටට ආපු අවකැපෙන කතාව ඈ? මෙව්වා කියවන්ටත් ගොඩක් ආසා කරන යාලුවො කස්ටියක් ඉන්නවානෙ නලීන් අයියා. හැමදාම එකම විදියට ලියන්ටත් බෑ නෙව.
Deleteඅහ් ඔන්න නෑන පොඩ්ඩ එපා කිව්වා නිසා ඊයේ කොමෙන්ටුවක් කෙටුවේ නෑ. ගෙදර අපිට නම් ඔය අස්සපටිය පැටියව අඳුන්නල දුන්නේ වෙන මොකද්දෝ එකකින් තෑගි ලැබුන කියල. කෙසේ වෙතත් දැන් නම් එය අල්මාරිය ඇතුලේ ඉස්තාලයක් හදාගෙන ඉන්නවා. දැන් ඉතින් එයටත් සහකාරියක් ගෙනත් දුන්නොත් තමයි හොඳ .
ReplyDeleteඅනේ අනේ... බස්සා හලී හොඳ නෑ නේද... කවුරු දුන්නා කියලද කිව්වෙ මගෙ අස්සපැටියව?
Deleteඔන්න ඕකට තමයි නියම ආදරේ කියන්නෙ.සුද්ද සිංහලෙන්ම කියනවනම් true love .
ReplyDeleteබොහොම ස්තූතියි රජ වීදියේ.... :)
Deleteමේකට ඊයේ කමෙන්ට් එකක් දාන්න බරපතල උවමනාවක් තිබ්බ... ඒත් වෙලාවක් තිබ්බෙ නෑ.. දැන් වරඩක් නැ.. පෝස්ට් එකක්ම දානව... හි හි
ReplyDeleteපෝස්ට් එකක්ම! එළ එළ! ලියමුකෝ හිරු අක්කා අපිටත් කියවන්ට. හි හි
Deleteආදරේ කරන කෙනාට දෙයක් හොයන් යද්දී දැනෙන හැඟීම මෙහෙම විස්තර කරන්න බෑ නේද බස්සියේ.. මට මතක් වුනේ ගිය පාර උපන්දිනේට සඳවතීය තෑගි හොයපු විදිහ..
ReplyDelete// කොච්චර කිවුවත් දිගට එස්.එම්.එස්. කොටන්නෙම නැහැ නෙව. ඒකට අපි! යවද්දි පිටු තුන හතරක මාගල් යවන්නෙ!!//
අපේ ඕකේ අනික් පැත්තනේ..
ඒකනෙ දිනේශ් අයියේ.... දැන්නම් මම බස්සාට කඩෙන් තෑගි ගන්නවා අඩුයි. ගොඩක් දේවල් මගෙ අතින්ම හදලා දෙන එකයි කරන්නෙ.
Deleteඒ තෑගි හැදිල්ල ගැනත් දාන්ට ඕනෙ පෝස්ට් එකක්.
ගිය පාර බස්සගෙ උපන්දිනේට තෑගි හොයන්ට අසනීප වෙලා ඉඳන් බැරිමරගාතෙ ටවුන් එකේ අවුවෙ රස්තියාදු ගහල බස්සි හොඳටම ලෙඩ උනා. අන්තිමේ බස්සට තමයි සේරම වැඩ පැත්තක දාල බස්සිට බේත් කරන්න උනේ.... :)
අම්මෝ බලහල්ලකෝ...... කොරල තියෙන හරියක්..... එල එල ඈ....
ReplyDeleteතැන්කූ තැන්කූ ගාලුවෝ...
Deleteඉස්සෙල්ලා කොටස බලලා හොරෙන්ම ගියා.. ;)
ReplyDelete(කොමෙන්ටුවක් කොටාගන්න වෙලාවක් තිබුනෙ නෑ)
බස්සාට හිතෙන්න ඇති කොයි දේ නැති උනත් බස්සිගේ ආදරේ නැතිවෙන්නේ නෑ කියලා
//බස්සාට හිතෙන්න ඇති කොයි දේ නැති උනත් බස්සිගේ ආදරේ නැතිවෙන්නේ නෑ කියලා// ඒක ඇත්ත රෙහානි.
Deleteබස්සා එහෙම හිතන්න ඇතිද? කෝ ඉතින් උන්දෑ හිතපු විදිය කියලා යන්නවත් තවම මේ පලාතෙ ඇවිල්ලා නෑ නෙව. ආවම අහගන්නකෝ...
Deleteඇවිල්ල ගියා හත් අට වතාවක්ම. හරිද . . .
Deleteමගේම කතාවෙ මමම කොමෙන්ටු දාන්නෙ මක්කටෙයි කියලයි සද්ද නැතුව ගියේ
රෙහානියි දිලිනියි දෙන්නම හරි. බස්සට බස්සිගෙ ආදරයයි, බස්සිට බස්සගෙ ආදරයයි හැමදාම තියෙනව
තලා ගීන්ද මන්ද අප්පොත්තියේ.... අන්තිමට කියපු කතාවට නම් චොක්කො එකක් අරන් දෙන්න ඕනා.
Deleteබස්සෙකු පිට නැගී අස්සයෙකි...
ReplyDeleteඒ බර බස්සිට වගක් නැති ....
පාන්දරම හිනැහෙන ඒ බස්සා ..
හැන්දෑවෙත්.........හුටා වස නරක කතාවක් කියවෙනට ගියේ ......
ඕන එකක් වෙන්ට කියලා බස්සටයි බස්සිටයි සුබ මංගලම් ඈ......... හුටා ආයෙත් වැරදුනා සුබ වැලන්ටයින් ඈ ......
අනේ ඉතින් මගෙ කට මොකටදෑ කිව්වලු. බස්සා අස්සයගෙ පිටේ නගිනව මිසක්කා අස්සයො බස්සගෙ පිටේ යන රටක් තියේ ය?
Deleteබස්සෙකු අත ගත් බස්සියෙකි... කියල දැම්මනමි හරිනෙ පව්ලූශා ;)
Deleteලැබුනාවු තැග්ගෙ බලයෙන් බස්සාට අස්සකුලප්පුව සැදේවා
ReplyDelete( බොලා ලව ගැන පට්ට ආඩම්බරෙන් නෙද ඉන්නෙ,එල එල එහෙම තමයි වෙන්න ඔන.ඔයවගෙ කපල් දැකින එක සතුටක් )
තැන්කූ දමිත්....
Deleteඅප්පා මුල ඉදන් අගටම බ්ලොග් එක කියෙව්වා ඈස් දෙකත් රිදෙනවා බස්සි ගේඉ බස්සා ගේඉ අදර කතාව එල ආ :) බස්සා ට තව තවත් අස්ප යොම ලබෙවා :D
ReplyDeleteබොහොම ස්තූතියි රුවිනු. සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ nawaathAnata!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේකට නම් ඇඩුන ඔන්න....
ReplyDelete:D
Deleteසෝක් .. සන්තෝසයි :D
ReplyDelete