ඔන්න ඉතින් දෙදාස් දහතුන අවුරුද්ද ගෙවිල ගෙවිල නැට්ටටම ගෙවිලා ඉවර වෙලා යන්නයි හදන්නෙ. ඒත් දුක් වෙන්ඩ එපා දෙදාස් දාහතර අවුරුද්ද එල්ලිලා ඉන්නවා දෙදාස් දහතුනේ නැට්ටෙ. අපි ඔයාකාර රතිඤ්ඤා පුපුරෝලා, අහස් කූරු උඩ ඇරලා, නිලා කරකෝලා සුභපතන්නෙ 2013 ගෙවිලා යන නිසාද, 2014 පටන් ගන්න නිසා ද කියන එක හරිම ප්‍රහේලිකාවක් බස්සිට නම්.
කොහොමින් කොහොම වෙතත් දෙදාස් දහතුන මගෙ ජීවිතේ එක පරිඡ්චේදයක අවසානයත්, අලුත් පරිඡ්චේදයක ආරම්භයත් සනිටුහන් කොරාපු අවුරුද්දක්. ඇයි හත්තිලව්වේ බස්සි බ්ලොග් ලෝකෙට පය ගැහැවුවෙත් දෙදාස් දහතුන අවුරුද්දෙ නෙව. ඉතිං මේ ගෙවිල යන අවුරුද්ද මටනම් අමතක නොවෙන මතක ගොන්නක් තෑගි කරල තමයි මේ ටටා කියල යන්ට තනන්නෙ.
දෙදාස් දාහතර අපේ ජීවිත පොතට එකතු කරනවා මොනවත්ම නොලියාපු, නැවුම් සුවඳ හමන, කිරිසුදු පාට පිටු තුන්සිය හැට පහක්ම. නැවුම් සුවඳ හිතට සහනයක් ගේනවා තමයි. ඒත්, දවස ගෙවිලා, පිටුව අවපැහැ ගැන්වෙන්න කලියෙන්, ඔයා ගාව තියෙන ලස්සනම පාට වලින්, ඔයා ආස කරන විදියට ඒ පිටුව පාට කරන්න. ලැජ්ජාවක්, බයක් නැතුව මුලු ලෝකෙටම වුනත් පෙන්නන්න පුලුවන් විදියෙ පාට තෝරගන්න. පරිස්සමට, සීරුවට ලස්සන පාට කිහිපයක් කලවම් කරන්න. එකම එක පාටකින් විතරක් මුලු කොලේම පුරවන්න ගියොතින් ඔයාගෙ සිත්තම ඔයාටම එපා වේවි.
පාට හිඟ කෙනෙක් හිටියොත් ඔයාගෙ පාට එයාටත් දෙන්න. හුවමාරුවකට කැමැත්තෙන් ඉන්න උදවියත් එක්ක පාට හුවමාරු කරගන්න. හැමෝගෙම සුදු පිටුවල පාට සිත්තම් ඇඳෙන හැටි බලලා සැනසිල්ලෙන් හිනාවෙන්න.
පාට හිඟ නැතුව තිවුනත්, සිත්තමක් සම්පූර්ණ කරගන්න බැරි කෙනෙක් මුණගැහුනොත් දෙපාරක් හිතන්නෙ නැතුව එයාට උදව් කරන්න. එයා ඔයාට තීන්ත බිංදුවක් වත් නොදෙනවා වෙන්න පුලුවනි, වචනෙකින්වත් ස්තූතියක් නොකරනවා වෙන්න පුලුවනි. ඒත් ඔයාගෙ උදවුවෙන් හැඩ ගැන්වෙන එයාගෙ සිතුවමේ කාන්තිය ඔයාගෙ ජීවිතේ එලිය කරාවි.
කවි පද ටිකකුත් ලිවුවා ඕන් 2014 අවුරුද්දට ආසිරි පතලා.
සැණකෙලි සිරින් ලොව පිබිදෙන වෙලාවේ
ගිණිකෙලි නදින් අහසම සැරසුනාවේ
සිතිවිලි රුවින් විකසිත හද තලාවේ
හසරැලි මැදින් නව වසරක් උදාවේ
ගිණිකෙලි නදින් අහසම සැරසුනාවේ
සිතිවිලි රුවින් විකසිත හද තලාවේ
හසරැලි මැදින් නව වසරක් උදාවේ
පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි
මොඩ්ලර්ලගෙ ඇඳුම් මෙන් දුක අඩු වෙන්නයි
මෙන්ටල් අවුල් සේරම දුරු වී යන්නයි
පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි
මොඩ්ලර්ලගෙ ඇඳුම් මෙන් දුක අඩු වෙන්නයි
මෙන්ටල් අවුල් සේරම දුරු වී යන්නයි
පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි
තියන තියන හැම පියවර සුභ වේවා
කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
බස්සිගේ නවාතැනට ගොඩවදින කුරුලු යාලුවො හැමෝටම වාසනාවන්ත නව වසරක් වේවා....!!!
///පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි
ReplyDeleteමොඩ්ලර්ලගෙ ඇඳුම් මෙන් දුක අඩු වෙන්නයි
මෙන්ටල් අවුල් සේරම දුරු වී යන්නයි
පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි////
හි හි නියමයි බස්සියේ ... සුබම සුබ අලුත් අවුරුද්දක් ,, අලුත් අවුරුද්ද ඔයාගේ පවුලේ හැමෝටමත් බස්සටත් නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබෙන්න ඕනේ.. තාත්තට කියන්න මං සුබ පැතුවා කියලා ,,
බොහොම ඉත්තූතියි ඔමා..!! ඔයාටත් එසේම වේවා!! තාත්තාට අනිවා කියන්නම්කො මම. :) ඔන්න අදත් ඔයා තමයි එක.
Deleteහ්ම්ම්,, සතුටින් ඉන්න යශෝ හැමදාම ,,
Deleteඅනිවා! :D
Deleteහරිම සුන්දර සංකල්පයක්... සුභම සුභ නව වසරක් වේවා බස්සි අක්කේ...
ReplyDeleteඔයාටත් පවුලේ හැමෝටමත් වාසනාවන්ත නව වසරක් වේවා නාඩි මලයෝ...!
Deleteසියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් බස්සී. මමත් නවවසරට ලිපියක් දැම්මා. ඇවිත් බලන්න.
ReplyDeleteබොහොම ස්තූතියි යාලු. ඔයාගෙ ලිපිය බැලුවා. ගොඩක් වටිනවා ඒක.
Deleteබස්සිටත් පාට පාට හීන ඉටුවන සුභ නව වසරක් වේවා
ReplyDeleteහී..හී.... මගේ හීන සේරම හැබෑ වෙන්න ගත්තොතින් මලමගුලක් වෙයි.:D
Deleteබොහොම ස්තූතියි යාලුවේ...
ජීවිතයට වර්ණ තවරණ එක මම හරි කැමතිම දෙයක්නේ..
ReplyDeleteසුභ නව වසරක් වේවා බස්සිටත් බස්සටත් හැමෝටමත්..
එසේම වේවා දිනේශ් අයියේ...!
Deleteබසිටත් සුබම සුබ අලුත් අවුරුදක් වේවා (අලුත් අවුරුද්දේ මගේ පලවෙනි රාජකීය comment එක මෙසේ බස්සිගේ නවාතැනේ සටහන් වූ වගයි. there are many more to come @ඉදගෙන )
ReplyDeleteසතුටුයි සතුටුයි. හැමදාමත් බස්සිගේ නවාතැනට එන්න @ ඉගිල්ලෙන ගමන් :P
Delete@අත්තටු වලින්ය ඈ
Deleteසවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
ReplyDeleteකිරි කළ ඉතිර සුබ වේවා නව වසර
තැන්කූ වර්ෂා..!! ඔයාටත් එසේම වේවා..!
Deleteසුභ නව වසරක් වේවා..!
ReplyDeleteඅපිට අනිත් අයගෙ ජීවිතවල පාට තවරන්න පුළුවන්නම් කොයිතරම් දෙයක්ද..
බොහොම ස්තූතියි රෙහානි අක්කෝ...
Deleteබස්සිටත් බස්සටත් පවුලේ හැමෝටමත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!
ReplyDeleteඔයාටත් එසේම වේවා සිතූ...!!
Deleteසුභ නව වසරක් බස්සී ඇතුලු පවුලේ සැමට...
ReplyDeleteස්තූතියි තිසර! ඔයාටත් එසේම වේවා..!!
Delete//පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි
ReplyDeleteමොඩ්ලර්ලගෙ ඇඳුම් මෙන් දුක අඩු වෙන්නයි
මෙන්ටල් අවුල් සේරම දුරු වී යන්නයි
පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි// මේකනම් සිරාම කවි අවියක්.
සුභ නව වසරක් වේවා බස්සිටත් බස්සටත් බසු රෑනටත්...
හී.... තැන්කූ ධනා... :D
Deleteoyaatath eseeema weewa bassiyee...
ReplyDeleteThank uu kavi aiya!
Deleteහැ කලිනුත් බස්සිට සුභ පැතුවා නේද? හා හා ඒකට මොකෝ සුභ නව වසරක් බස්සියෝ !!!
ReplyDeleteකමක් නෑ මදාරා අක්කෝ සුභපැතුම් වැඩිවෙන තරමට නව වසර සුභ වේවි නේ?
Deleteනියම සටහනක් වගේම මරු කවි ටික යශෝ.(තරහා නැහැනේ බස්සි නොකිවට...;D)
ReplyDeleteඔයාටත්,බස්සාටත් දෙන්නටම ප්‍රේමය,සාමය පිරි සුබ නව වසරක් වේවා.....!!!!
අපොයි නෑ. මම දන්නවානෙ මට වෙන කෙනෙකුට "බස්සා" කියන්න වුනා නම් මටත් අවුල් හිතෙයි. :)
Deleteමනෝජ්ටත්, ඒ බස්සිටත් එසේම වේවා...!!
(ඒ බස්සිත් බ්ලොග් ලියනවද? එහෙමනම් ලින්ක් එක දාන්නකෝ...)
අයියෝ නැහැ යශෝ,ඒ බස්සිට ලිවිම,කියවීම අරහන්.මේ වගේ විශේෂ මොනවා හරි,එහෙමත් නැතිනම් එයා ගැන ලියවුන දෙයක් වගේනම් ලින්ක් එක දුන්නම කියවනවා.යශෝගේ බ්ලොග් එක මම බස්සිට පෙන්නුවා.මෙන්න තවත් බස්සියෙක් කියලා.
Deleteබස්සිටත් වර්ණවත් වූ
ReplyDeleteසුභම
සුභ
නව වසරක් වේවා……!!!!!
තැන්කූ ප්‍රියෝ..! නව වසර ලස්සනට පාට කරගන්න හොඳේ...
Deleteසුබ ම සුබ නව වසරකට ආසිරි!
ReplyDeleteඑසේම වේවා දිලිනියෝ... :)
Deleteබස්සි ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා...!
ReplyDeleteතැන්කූ කෙන්ජයියේ...! එසේම වේවා..!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා..... ! and இனிய புத்தாண்டு வாழ்த்துக்கள் .....!
ReplyDeleteමේ අවුරුද්ද වෙන්ට ඔනී, පසමත් එක්ක එක වහලක් යටට ගොඩ වෙන අවුරුද්ද. මට වෙඩිම කියහන් ඈ.. අපි කාල බීලා සපෝර්ට් එකක් දෙන්න පුළුවන් නෙව..
එසේම වේවා බෙනා...!!
Deleteඑවුවා කියන්ට බෑ... මේ අවුරුද්දෙ නම් බොහෝ විට දෙසැම්බරේ වත් වේවි, නැත්නම් 2015 තමයි. අපි තාම පොඩි ළමයි අනේ...
බසුනවවේ..!!
ReplyDeleteඑසේම වේ... ;)
Deleteබස්සිගේ හැම හීනයක්ම ඉටුවෙන සුභ නව වසරක් වේවා..
ReplyDeleteබොහොම ස්තූතියි උමේෂ්! ඔයාටත් එසේම වේවා...!
Deleteඑසේම වේවා නලින් අයියේ...!
ReplyDeleteසුභ නව වසරක් වේවා අක්කේ....! :)
ReplyDeleteඑසේම වේවා මල්ලි...!
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteජය වේවා!!!
එසේම වේවා විදානේ...!!
Deleteකිරියෙන් පැණියෙන් ඉතිරෙන සරු සාරවත් පළ බරවූ නිදුක් නිරෝගී නව වසරක් වෙවා..!!
ReplyDeleteබොහොම ස්තූතියි නංගෝ...!
Deleteකවි පන්තියට මං පට්ට ලයික්...
ReplyDeleteහ්ම්ම්... සුබ අලුත් අවුරද්දක් වේවා...!!!
ඔබටත් සුභ නව වසරක් වේවා තිලින අයියේ...!
Deleteකවියෙ කියල තියෙන සියලු දේ ඔබට ලැබේවා... එපා කියන දේ නොලැබේවා...
ReplyDeleteලැබුවා වූ නව වසර බස්ස & බස්සී හට සියලු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැනියෙන් ඉටුරුණු, ඉක්මනට දෙන්නට එකම කැදැල්ලක උණුසුම ලැබීමට, බස්ස සහ බස්සී පැටවුන්ගෙන් පිරුණු කැදැල්ලකට හිමිකම් කීමට හැකිවන.... ඉගෙනීම් කටයුතු වලින් ඉදිරියටම යන.... සුභම සුභ නව සවරකට ආසිරි පතන්නේ...
ගාලු සහ දෝණි ඇතුලු පවුලේ සැම....
//සියලු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැනියෙන් ඉටුරුණු, ඉක්මනට දෙන්නට එකම කැදැල්ලක උණුසුම ලැබීමට, බස්ස සහ බස්සී පැටවුන්ගෙන් පිරුණු කැදැල්ලකට හිමිකම් කීමට හැකිවන.... ඉගෙනීම් කටයුතු වලින් ඉදිරියටම යන.// මේ පැතුම් ගාලුටත් දෝණිටත් එලෙසින්ම ඉටුවේවා...!!
Deleteබොහොම ඉත්තූතියි ගාලුවෝ...!!
සුබ නව වසරක් වේවා අක්කේ !!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteඑසේම වේවා මල්ලි! කාලෙකින් මල්ලිව බ්ලොග් එකේ දැක්කෙ. එක්සෑම් නිසා බිසී වෙලා වගේ... :)
Deleteම්ම්ම් ලස්සන අදහස්...
ReplyDeleteඔබතුමීටත් පවුලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා.....!!!
තැන්කූ හොඳේ...
Deleteඔබතුමාටත් එසේම වේවා...!
බස්සයි බස්සිගෙයි දැඟිලි එක්වෙන්නයි
ReplyDeleteහනිමුන් එකට ස්විස්ටර්ලන්තෙට යන්නයි
හදනා කැදැල්ලේ සොම්නස ඉතිරෙන්නයි
ඉක්මනටම බසු පැටියෙක් ගෙට එන්නයි
හි හී.... ෂෝයි කවිය.... මල් හතයි ඈ.... (අලේ බසුපැටිය කිවුවම නිකම් වසුපැටිය වගේ නෙ.) ;)
Deleteතැන්කූ පවුලූශෝ....
අර දෙවෙනි කවිය නං මල් හතයි :D
ReplyDeleteමල්ටිකලර් සුභ අලුත් අවුරුද්දක්!! :)
දෙවෙනි කවිය හුඟ දෙනෙක්ට හිතට අල්ලලා වගේ... ඒ කවිය තමයි මුලින්ම ලිවුවෙ, ඒනිසා වෙන්ට ඇති. :)
Deleteසමියාටත් එසේම වේවා...!
සුබ නව වසරක් වේවා බස්සි ඇතුලු පවුලේ සැමට ....!සෑහෙන පරක්කු උනා නෙව මේ පැත්තේ එන්න........
ReplyDeleteඑසේම වේවා සහන් අයියේ...!
Delete