බස්සි ඉක්කෝලෙ යන කාලෙ බස්සිට හිටියා අපූරු යාලුවො අටදෙනෙක්.
කිරිහාමි
රඟ සොබා
නෝ ලිමිට්
බැටිස්ටා
ඩිලූ
මලියා
දුකා
හංසි
ඔය යාලුවො සෙට් එක අතරෙ තමයි බස්සි කොට හාමිනේ, එහෙමත් නැත්නම් රේ මිස්ටීරියෝ වුනේ.
ඔතන ඉන්න එවුන්ගෙන් දුකා කියන්නෙ අමුතුම තාලෙක ඩයල් එකක්. පොර බොහෝම කැමතියි අනුන්ගෙ දුක් තමන්ගෙ කරගෙන දුකින් බරව කාලෙ ගතකරන්න. පංතියෙ ඉන්න යාලුවන්ට කිසිම දුකක් නැත්නම් මූ යනවා අල්ලපු පංතියෙ එකෙක්ගෙ දුකකට කර ගහන්න. මුලු සයන්ස් සෙක්ශන් එකේම කිසිම එකෙකුට දුකක් නැත්නම් මූ දුකකට කර ගහන්න පීරියඩ් කට් කරගෙන ආර්ට් සෙක්ශන් එකට හරි රිංගනවා.
ඒ කාලෙ අපි දොළහ වසරෙ. අපේ පංතිය තිවුනෙ එකොළහ වසරෙ පංතියකට එහා පැත්තෙ.
ඕන් ඔය කියන එකොළහ වසරෙ පංතියේ හිටිය බොහොම මැර ඩයල් එකක්. පොඩි එකා උනාට කට විතරක් නෙමෙයි අතපයත් බොහොම සැරයි. බලාගෙන ගියාම පොඩි මැර ඩයල් එකට ඉන්නවාලු වෙන්නප්පුවේ වැල්ල පැත්තෙ චන්ඩි විදියට නම් දරාපු සහෝදරයො දෙපලක්. මූ කෙල්ලෙක් උනාට ඒ පවර් එක පෙන්නලා පංතිය හොල්ලගෙනලු ඉන්නෙ.
ඔන්න දවසක් උදේම කිරිහාමියා එනවා මූණ හතරැස් කොරගෙන, නිකම් සතපහ වගේ.
"මොකෝ බන් සීන් එක?" අපි පුදුම උනේ කිරිහාමියා ඌත් හිනාවෙලා අපිවත් නිතරම හිනා නහර පුපුරන මට්ටමට ගේන පොරක් නිසයි.
"අරකි බැන්නා බං."
"කෝ කවුද?"
"අර අල්ලපු පංතියෙ ඉන්න මැර බඩ්ඩ." මූ හොටේ උල් කරගෙන කියනවා.
අල්ලපු පංතිය කිවුවාම අපි හිතුවෙ වෙන සයන්ස් ක්ලාස් එකක් කියලයි. මූ මේ කන පිරෙන්න අහගෙන ඇවිත් තියෙන්නෙ අර පොඩි එකීගෙන් කියලා මීටර් වෙන්නම විනාඩි විස්සක් වත් යන්න ඇති.
"චී උඹ නම්. පොඩි එකෙක් නෙ යකෝ. ලැජ්ජාවයි අපිටත් එක්ක."
"ඉතින් බං මම ආවෙ අපි කට්ටියම යමු කියලා කියන්න. ගිහින් දෙකක් කියලා එමු. යමුකො...." මෙන්න හොට දික් කොරන් හිටපු කිරිහාමියාටත් ගට ඇවිල්ලා.
ඉතින් ඔන්න අපි නවදෙනාම කල්යල් බලා එකොළහ වසරෙ පංතියේ ටීචර් කෙනෙක් නැති අවස්ථාවක් එනකම් පස් මහ බැලුම් බලලා ගැන්සිය බැස්සුවා එකොළහට.
පෙරමුණ ගත්තේ මලියා.
"You" ඌ නිකම් ඩයල් එක වගේ ඇඟිල්ලක් දික් කරා අර පොඩි එකා දිහාට. "හ්ම්ම්... come." ආංගික අභිනයෙන් තමයි වැඩි හරිය යන්නෙ.
මොනවා කරන්නද අක්කලාම නවදෙනෙක්නෙ. අර නංගිත් කිරිහාමියා දිහාවට දවා හළු කරන බැල්මක් හෙළමින් හෙමින් හෙමින් නැගිට්ටා.
එතන ඉඳන් ඌට උන දේවල් කියන්න ඕනෙ නෑනෙ. අපි සද්දෙ දාලා අරූව අඬන්න ඔන්න මෙන්න තත්වෙට පත් කරලා බැස්සා පංතියෙන් එලියට.
ඔන්න ඉතින් ගැන්සිය පිටින්ම පොරවල් නවය වගේ කෙලින්ම ගියා කැන්ටිමට.
එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි.
"කෝ බං දුකා?"
"සද්දෙ දානකොට හිටියෙ මට එහාපැත්තෙ."
"ඉතින් උඹත් එක්ක නෙමෙයිද එළියට බැස්සෙ?"
"නෑ මචං. මට මල පැනල හිටියෙ ඌ පිටිපස්සට වෙලා ඉඳන් කෙඳිරිම ගානවා අරකි පව්.... අනේ පව්... කියකියා. බැරිම තැන මම ඇන්නා එකක් වැලමිටෙන්."
"උඹේ පාරට ඌ තාම එතන වැටිලද දන්නෙ නෑ."
අපි කඩා බිඳගෙන පංතිය පැත්තට ආවෙ දුකා කොහෙ ගියාද කියන බයට.
අහෝ ඛේදයකි. ඉරකි. තිතකි. මෙන්න මූ අර මැර බඩ්ඩගෙ කරේ අතක් දාගෙන ඒකිගෙ දුක අහනවා....!!!
**********************************************
අපි දොළහ වසරෙ කණ්ඩායම් ව්‍යාපෘතියට කලේ Chemistry Lab එක අලුත්වැඩියා කරන එක. තීන්ත ගෙනල්ලා ගාලා, තීන්ත නාලා මාර ෆන් එකක් ගත්තා ඒ දවස්වල. ඔන්න ඔය කාලෙ දවසක් අපේ දුකාට බාර දුන්නා කබඩ් වගේක තීන්ත ගාන්න.
ටිකකින් බලනකොට මූ කෝටුවකින් තීන්ත එක කුරුටු ගගා ඉන්නව කම්මුලේ අත ගහගෙන.
"මොකද බං උඹට වෙලා තියෙන්නෙ?"
නෑ නෑ. අපි කවදාවත් දුකාගෙන් එහෙම අහන්නෙ නෑ. අපි හැමදාමත් උගෙන් අහන්නෙ;
"මොකද්ද බං උඹට ආපු දුක?" කියලයි.
"තීන්ත." දුකා කියපි.
"ඉතිං?"
"පවු බං. අපි ගානවා. මූ බිත්තියෙ ඇලෙනවා."
**********************************************
දුකා අනිත් හැමෝටම වගේම අපේ ෆිසික්ස් ටීචර්ගෙත් දුකට පිහිට වෙන්න ඉදිරිපත් වුනා එක දවසක්. අපිට ෆිසික්ස් උගන්නන්න හිටපු ටීචර්ට තිබුනා විශාල සබකෝලය වගේ මෙවුවා එකක්. අපි පංතියේදි ප්‍රශ්නයක් හෙම ඇහුවොත් ටීචර් අවුල් යනවා ආයෙ දවසටම යථා තත්වෙට පත් වෙන්නෙ නෑ. මුල් දවස් වල ටීචර්ගෙන් ප්‍රශ්න අහලා ටීචර් නිරුත්තර වෙනවා දැකීම විනෝදෙට කලත් පහු වෙනකොට අපි නව දෙනා සාමුහිකව පසු පෙලට ගිහින් පාඩුවේ අපේ වැඩක් බලාගෙන ඉන්න පුරුදු උනා. ඒ කිවුවේ ටීචර් ටීචර්ගෙ වැඩ. අපි අපේ වැඩ.
මේ සීන් එක වෙන දවසෙ අපේ ෆිසික්ස් ටීචර් මාර ප්‍රස්නෙකට මුහුණ දීලා. අලුතෙන් පටන් ගන්නෙ "තාපය ද?" නැත්නම් "විද්‍යුතය ද?". දැන් ටීචර් පොදුවේ කස්ටියගෙන්ම අහනවා වැඩියෙ කැමති කොයි එකටද කියලා.
මොන එකෙක්වත් කට හොල්ලන්නෙ නෑ ලු. වෙනදට ඉස්සහරම ඉඳගෙන ටීචර් අහන අහන එකට පැනලා උත්තර දෙන සැට් එකෙත් කටවල් අගුලු දාලා යතුරු වලදාලද කොහෙද!
දුකා බලි කුරුට්ටක් ඇඳ ඇඳ ඉඳලා එකපාරටම ඔලුව උස්සලා බැලුවා.
"අනේ බන් අර ටීචර් මොකද්ද අහනවා. පවු බන් දැන් හෙන වෙලාවක් තිස්සෙ. පොඩ්ඩක් බලලා උත්තරයක් දීපල්ලාකො." දුකා ටීචර්ගේ දුක කරට ගන්න ලෑස්ති උනා.
"කොටර්. බලලා කියපන්කො."
"මට බෑ. උඹට ඕනෙනම් අහගනින්."
"බැටියෝ.... පොඩ්ඩක් බලපන්. උඹ නේද මොනිටර්."
"නටපං දුකා. මට බෑ."
ටික වෙලාවක් බලා ඉඳපු ෆිසික්ස් මිස් හිතට දහිරිය අරන් ආපහු ප්‍රස්නෙ ඇහුවා.
"කියන්නකො ළමයි. වැඩියෙ වැදගත් වෙයි කියලා හිතෙන්නෙ මුලින් තාපය කරන එකද? විද්‍යුතය කරන එකද?"
දුකා කඳ කෙලින් කරන් ඉස්සරහ බැලුවා.
"මිස් අපි මුලින්ම තාප්පෙ කඩමු."
"මිස් අපි මුලින්ම තාප්පෙ කඩමු."
"දන්නේ නැද්ද ? හා දන්නේ නැත්තම් දැන ගන්න ...." අපේ physics ටීචර්ගේ ප්‍රියතම වදන ... physics period එක කියල මට මතක හිටපු එකම දේ එක විතරමයි....
ReplyDeleteඅඩේ සිරාවටම. ඒක ඒ දවස්වල ෆිසික්ස් ටීචර් ළඟින් යද්දිත් ඇහෙනවා වගේ නෙ.
Deleteමටනම් මතක හිටපු එක දුකාගෙ තාප්පෙ කැඩිල්ල තමයි. ඒ ලෙවල් පේපර් එකේ තාපයයි, විද්‍යුතයයි ගණන් දෙක එක ළඟ තියෙනව දැකලත් මට ඒකගෙ කතාව මතක් උනා.
mage bada palennda yanawa dooo!!!!!!
Deleteaasawe baa bosaaa mewa kiyawaddi :D
Deleteහිහ් හිහ් හිහ් හී . . .
ReplyDeleteමාර ෆන් නේ දුකා එක්ක :D
අද මමද මන්න එක
ආයෙත් අහලා.... ඔහොම ෆන් වැඩ කරන අනිත් එකා කිරිහාමි. (අර ඔසී ඉන්නෙ. ලස්සන බව්වො දෙන්නෙක් ඉන්නෙ.) ඒකා තමයි ජයග්‍රාහී අංක දෙක! ඒ කතා ටිකත් ලියන්න ඕනෙ.
Deleteඔයාට කලින් ප්‍රබෝ එක වෙලානෙ බස්සෝ..... :)
This comment has been removed by the author.
ReplyDeleteඇයි බන් මතකද දවසක් මම හිටගෙන කෑ ගගහා ඉඳලා වෙච්ච වැඩේ?
Delete"යශෝධා ෆිසික්ස් පොත ගන්න."
"දැන් ඕකෙ මැද පිටුව පෙරලන්න."
"කට වහගෙන ඉන්නම බැරිනම් ඔය මැද පිටුව ඉරලා කටේ ඔබා ගන්නවා ළමයෝ!!!"
අයියෝ සල්ලි කිවුවාලු.
දවසක් ජනේලේ ගාව උන්නු මට පන්තියෙන් එලියට වෙලා ඉන්න කිව්වත් මතකයි.අය්යූඔ තව පොස්ට් එකක් ලියන්න ඒවා ගැන
Deleteහි හි නෑ එකක් නෙවේ දහයක් විතර ... thanku ආයෙත් ඒ කලේ මතක් කරලා දුන්නට
ReplyDeleteමොකෝ උඩ කමෙන්ට් එක අයින් කලේ. ඒ කතාව ෆන් නේ. ඒක දාපන්., අවුලක් නෑ නේ.
DeleteDuka nam patta dial eke
ReplyDeleteආයෙත් අහලා.... දුකා අපේ සෙට් එකේ හිටපු මඤ්ඤං භාවය උපරිමේටම තිවුන ඩයල් එක.
Deletekauda yako uu??
Deleteඇන්ජි : බයෝ එකේ සසා මචන්.
Deleteහික්ස්! මුන්ව ඉස්කෝල වල තියා ගත්තා පුදුමයි!
ReplyDeleteහිහී.... ඔය ටික කියවලා ඔයාට පුදුමද? නොලියපු එවුවා ටිකත් ලියාපු දාට නාඩිට මොනා වෙයිද මන්දා?
Delete(නාඩිට පුදුම හිතෙන එකත් ඇත්ත. එලොකියුශන් ක්ලාස් එකේ අම්මා බලාන ඉන්නකොට මම හොඳ ළමයනෙ.)
ඉතිං බලහං එකෙත් හැටි ,මෙච්චර මිශ්‍ර ඉස්කෝලෙක ඉඳලත් , අපේ ඉස්කෝලේ එක පන්තියකවත් අපේ දුක අහන්න කෙල්ලෙක් හිටියෙම නෑනේ අම්මපා ... දුක තමයි. හික් හික් ...
ReplyDeleteදුකා වගේ එකෙක් දුක අහන්න හිටියානම් අනිවා ඔයාට ජීවිතේට දුකක් නම් කියන්න වෙන්නෙ නෑ පවුලූශෝ. ඒ තරමට හිනා යනවා උගේ වැඩවලට. මාරම අවුලෙන් ඉන්න වෙලාවට උනත් ඌ දුක අහන්න ළඟින් ඇවිත් ඉඳගන්න හැටි දැක්කම හිනා යනවා.
Deleteස්කොලේ යාලුවෝ එක්ක කෙලපු පිස්සු ලියතැහෙකි නෙහ් මැඩම් පොතක්...
ReplyDeleteආයෙත් අහලා පොතක් නෙමෙයි පොත් හතක් ලීවැකි ඩොකා. :)
Deleteමිශ්‍ර පාසලකට ගිය එකේ හොදකම තමයි ඕක.. අපෙත් ඉතින් කතා තියෙනවා ගමකට.. තාම ටිකයි නේ ලිවුවේ..
ReplyDeleteහී... අපේ එක කොන්වන්ට් එකක් අයියා. මිශ්‍ර පාසල් වල නම් මැර පාට් වලට කොල්ලො ඉන්නවානෙ. අපේ ඒවායෙ ඒ අඩුව පුරවන්න මැර කෙල්ලො හරි ඉන්න එපැයි.
Deleteලියන්න ලියන්න. ඔයාලා ලියන ඉක්කෝලෙ කතා කියවද්දි තමයි මට හිතුනෙ මගේ කතා ටිකත් ලියන්න ඕනෙ කියල.
bassiyoo,, doo uda comentuwa wage kathawak meka kyawapu mage facltye yaluwekuth qwa banzz!!!! wililajjawe santhose beruwaaaa!!!!
Deleteදුකා නම් මාර යි. අද කාලෙ ඉතින් ඕනෙවට වඩා හිත හොඳ වෙලත් බෑ.
ReplyDeleteඔවු දිලිනි. ඔය දුකාගෙ අම්මා පැරලයිස් වෙලා මූ අපිට කියන්නෙ නැතුව ඉඳල අපි කැම්පස් පාඩු කරගෙන දුවගෙන එයි කියලා "දුකට". ඒක ආරංචි උනේ පිට උන්ගෙන්. එදා තමයි ඕකාව මරන්න තරම් කේන්තියක් ආවෙ. පුදුම දුකක් තමයි ඒක.
Deletemarannepaa bann dukaaaaaaiiiiii............!!
Deleteයකෝ මැර කෙල්ලොත් ඉන්නවනේ ඉස්කෝලවල..... අපි හිතන් හිටියේ මුන් විදියටම ඉස්කෝලෙත් ඉන්නවා ඇති කියලා
ReplyDeleteමැර කොල්ලො නැති අඩුව පුරවන්න මැර කෙල්ලො හැදෙනවා. ඒත් ඒ මැරකම්, දඟකම් සේරම ඉස්කෝලෙ තියලා යනවා එලියට බහිනකොට.
Deleteඅන්න ඒ නිසයි ඔයාලා හිතන්නෙ //මුන් විදියටම ඉස්කෝලෙත් ඉන්නවා ඇති කියලා //
අපේ සෙට් එකේ හිතපු වාතේ තමයි කටර් එක.කියවනව කියවනවා ඉවරයක් නෑ.හැබැයි කාගේ හරි දුකක් කියනවනම් බොක්කෙන්ම අහන් ඉඳලා උත්තරයක් නැත්තන් හිත හරි හදනවා...මට පටාර් ගාලා මතක් උනේ ඒකිව මේක කියවද්දී...
ReplyDeleteපව් අප්පා මේ දුකා නං
ඉතිං රෙහානි අක්කා ලියන්නකො කටර් එකේ කතාව අපිටත් කියවන්න. :)
Delete(හැබැයි සශ්මිකට මොකද උනේ කියල ලියලා ඉවරවෙලා හොඳේ!)
හායි රෙහානි කාලෙකින්,, කොහොමද ඔයාට
Deleteමේ දෙදාස් දහතුනේ දාපු එකක්නෙ කෙන්ජයියෙ
Deleteමටත් ඔය වගේම පිස්සු ඩයල් ටිකක් හිටිය... කරුමෙ කියන්නෙ තාමත් ඉන්නව... තවත් කරුමෙ කියන්නෙ......
ReplyDelete"උන් තමාත් එහෙමයි.. කවුරුවත් හැදිල නෑ" ඒ කියන්නෙ මනුස්සයෙක් වෙලා නෑ.... ඔක්කොම පිස්සු..
පාසල් කාලෙ කරපු පිස්සු වැඩ මතක් වෙද්දි ඇඩෙනව,...
අපේ උන් නම් හැදිල. සතුටුයි ඒ ගැන. තවත් සතුටුයි ඒ ගොඩක් උන්ගෙ හිත ඇතුලෙ තාමත් අර පිස්සු කෙලපු පොඩි එවුන් ඉන්නවා. කස්ටිය සෙට් වුනාම ඒ පොඩි උන් ටිකට ආයෙමත් පණ එනව.
Deletemata asai oya dukage poto ekak balanna
ReplyDeleteදුකා දුකෙන් තීන්ත බාල්දිය දිහා බලාගෙන ඉද්දි අපි ෆොටෝ එකක් ගත්තු එකක් තියෙනවා. ජාලෙට දාන්න බයයි නෙ මේවායෙ වෙන දේවල් වල හැටියට. මම ඔයාට පෙන්නන්නම් ඒක. හිනා කාල මැරෙනව ඒක දැක්කම.
Deleteබාලිකාවක්ද? නැත්තන් මිශ්‍ර ද? මොනවා වුණත් නියමයි.
ReplyDeleteබාලිකාවක් මදාරා. නිකං එකක් නෙමෙයි ශුද්ධවූ පවුලේ (Holy Family) එකක්. ;)
Deleteමැර කොල්ලො නැති අඩුව මකන්නනේ මැර කෙල්ලෝ ඉන්නෙ කොන්වන්ට් වල.
anna hari bann!!!
Deleteඇන්ජි, කොයිකද හරි?
Deletemara kollo nethy aduwa makanne mara kello inna convent wala!!!!!........
Deleteඅයියෝ ඉස්කෝලේ යන්නේ ඉගනගන්නද දෙකේ පන්තියේ වැඩ කරන්නද ඈ
ReplyDelete(සැ:යු -අපි සෙට් ඒක නම් විශේෂෙන් දෙකේ පන්තියේ වැඩ කරන්නේ :D )
ඒකවත් දන්නෙ නැද්ද? දෙකේ පංතියේ වැඩ කරන්නනෙ. කවුද ඉගෙනගන්න ඉස්කෝලෙ යන්නෙ. මමනම් ඉගෙන ගන්න හිතුනාම දවසක් දෙකක් ගෙදර ඉන්නව.
Deleteදුකා තමා දුකා.
ReplyDeleteහිනා කාලා පණ යනවා. මන් තනියම හිනා වෙනවා වටේ ඉන්න උන් මාව කන්න වගේ බලනවා. :-D
අර තාප්පෙ කඩන කතාව නම් ෆට්ට.
පිටිපස්සෙම පේලියෙ හිටපු හින්ද ඌට ඇහිල තියන ටික තමයි ඒ. ෆිසික්ස් ටීචරුත් පාඩුවෙ ඉන්න නිසා හොඳයි. නැත්නම් දුකාට අපහාස නඩුවකුත් වැටෙනව වෙන මිස් කෙනෙක් හිටියානම්.
Deleteමගේ පාසල බාලක පාසලක්...මම උසස් පෙළට කලේ වාණිජ...ඒ උනාට පාසලට අලුතින් පත් වෙලා ආපු භෞතික විද්‍යා ගුරුවරිය නිළියක් වගේ හැඩකාරියක්...ඇය කොහෙද යන්නෙ විද්‍යාව කරන නොකරන උසස් පෙළ කොල්ලො රැළක් ඇය පිටිපස්සෙ...මට මේ සිදුවීම් පෙළ ආයෙමත් මතක් උනා ඕගොල්ලන්ගෙ අතීතය කියවලා...
ReplyDeleteහැබෑට මොකද්ද ඉස්කෝලෙ? අපේ ෆිසික්ස් ටියුෂන් ක්ලාස් එකේ ටීචර්ටත් තරුණ කාලෙ ඔය වගේ වෙලා තියෙනවලු. අනේ මන්දා ලස්සන උනාට බනින්න කට ඇරපු ගමන් සරුවාංගෙම වෙවුලලා යනව.
Delete(ටීචර් නෙමෙයි ඔය ටික කිවුවෙ, කිරිහාමියාගෙ මාමත් ඉස්සර ටීචර් තරුණ කාලෙ එයාගෙන් ඉගෙනගෙන තියෙනවලු. එයා තමයි කියන්නෙ.)
"මිස් අපි මුලින්ම තාප්පෙ කඩමු."
ReplyDeleteහයියො හිනාවෙලා අයිත් බඩගිනි උනා
හය හතර
හැබෑට? එහෙනම් ඉතිං ආයෙත් කන්න තමයි වෙන්නෙ. බස්සිටනම් දැන් කාල නිදිමතයි.
Deleteදුකා නම් හිත හොඳ කෙල්ලෙක් වගේ...
ReplyDeleteඒක තමයි තිසර මම මේ කතාවෙන් කියන්න හැදුවෙ. :)
Deletehmmm...
Deletedukaa wena ayage duka ahagena mulu lokema bara eyage oluwe thiyagena wage kalpana karana hati thawamath mawila penawa bosaa...
ReplyDeleteඅඩෝ මේ නෝ ලිමිටා නේද? මම හරි නේද? අපෙ අප්පෝ මෙයාව බ්ලොගේ දැක්කම ආපු සතුට! ඇයි මචෝ ඌ අර තීන්ත බාල්දිය ගාව ඉඳන් කම්මුලේ අත තියාන ඉද්දි අපි ෆොටෝ එකකුත් ගත්තෙ. දැක්කෙ නෑ ඒකාව අවුරුදු හතරකින් විතර.
Deleteකව්ද අෆ්ෆා ඒ ක්මිස්ට්‍රි ටීච ????????
ReplyDeleteපෝස්ට් එකේ කියැවෙන්නේ නම් ෆිසික්ස් ටීච කෙනෙක් ගැන.
Deletemata thaamath mathakaii pikis mis!!! he he heeeee,,,,,adoo, api ewwa kolata naraka euwn newene ban,,dan ewa mathak weddi pudumakara sathutak ban!!! <3 <3 <3
ReplyDeleteසිරාවට ඒවා කලාට එකෙක්වත් වලේ වැටුනෙ නෑනෙ ඇන්ජියෝ.... තැන්කූ හොඳේ කමෙන්ට් වලට. ඒවා මතක් වෙද්දි ආයෙත් ඉක්කෝලෙ යන්න හිතෙනවා නේද?
Deleteado dukawa kyapanko!!
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔපීසියක සිට බස්සිගෙ නවාතැන කියවීම අනුන්ගෙ උදහසට ලක් විය හැකිය.
ReplyDeleteස්තුති වෙන්න ඕනා සිත අතීතෙට ගෙන ගියාට...
අපේ ඉස්කෝලෙනෙ....😍😍😍 දන්නැත්තම් දැනගන්න කියන ටීචර්...
ReplyDelete