ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
හීනෙන් හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා
කාලෙකට කලින් මේ පදවැල සවනත වැටෙන මොහොතෙ මටත් හොරා මගේ හිත දුවගෙන ගියෙ අවුරුදු දහයකටත් වඩා ඈත අතීතයට. මට හිමි මගේ නොවන මගේම ආදරයක මතකයට.
ඊට අවුරුද්දකට විතර පස්සෙ ආවා සමනල සංධ්වනිය ෆිල්ම් ට්‍රේලර් එක. එතකොටයි මම දැන ගත්තෙ වාදීෂටත් එයාගෙ නොවන එයාගෙ ආදරේ අත්විඳින්න ලැබෙන්නෙ මම ඒ අත්දැකීම විඳපු වයසෙදිමයි කියලා. එකකෙන් මාව තවත් සංවේදී වුනා මේ ගීතයට.
සමනල සංධ්වනියේ මුහුරත් උළෙල තිවුන දවසෙ නගා පොඩ්ඩ එක්ක ඒක ටී.වී එකෙන් බලලා පහක් දැම්මෙ "ආපු ගමන් බලන්න යමු හොඳේ!" කියලයි. මොකද අපේ නගා ඒ වෙනකොට එයාට බලන්න අවසර නොතිබුන කර්ම සහ නිකිණි වැස්ස චිත්‍රපට දෙකම මම තනියම බලපු එක ගැන ටිකක් උරුම්පූට්ටු වෙවී හිටියෙ.
ඒත් අනේ යාලුවෝ ගියා ෆිල්ම් එක බලන්න. මම වැඩ.
ගෙදර කට්ටියම ගියා සිනෙමැක්ස්. මම සහතිකයක් ගන්න කැම්පස් එකේ කට්ට කනවා ඒ වෙලාවෙ.
"මේ සතියේ වේලාසනින් වැඩ ඇරිලා යමු." බස්සා කිවුව. මොන? දෙන්නාම ආවෙ හැමදාමත් හත පහුවෙලා.
මම අහලා තියෙනවා සමනල සංධ්වනිය බලන්න සාධාරණ හේතු හයක්.
1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.
2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන කතාවක් ගොතන්න හැමෝටම බැරි නිසා.
3. අඩ නිරුවත් / අසභ්‍ය දර්ශන නැති නිසා සහ ඒවා නැතුව හොද චිත්‍රපටි හදන්න පුළුවන් බව ඔප්පු කරන චිත්‍රපටියක් නිසා.
4. ප්‍රබල චරිත කිහිපයකටම ඇත්තේ දෙබස් 0 ක් හෝ දෙක තුනක් පමණක් නිසා (හැගීම් ප්‍රකාශනය අති විශිෂ්ටයි!)
5. චිත්‍රපටියේ ගීත සියල්ලටම තේරුමක් ඇති නිසා.
6. කතාව හිතට දැනෙන්නෙ නැතිනම්, සංගීත ඛන්ඩ ටික අහල ආවත් ටිකට් එකේ ගානට(ත් වඩා) වටින නිසා.
අනේ මන්දා අපේ දිලිනියා මෙහෙම ලියනකොට තනිතරුව නම් බ්ලොගේ සංධ්වනිය ගැන කියාල තිවුනෙ මෙන්න මෙහෙම. ඒක කියෙවුවාම හිතුනා බලන්න ඕනෙ ඉක්මනටම කියල.

ඔය අතරෙම මම දැක්කා මේ චිත්‍රපටියේ තේමා ගීතය ගොඩක් අය තමන්ගෙ සමාජ වෙබ් අඩවි වල Tag line එක කොරගෙන ඉන්න හැටි.
ඒ අස්සෙ මෙන්න මේ වගේ හිනා යන නිර්මාණත් තිවුනා. මමනම් මේ පහළින් තියෙන ෆොටෝ එකට බනින්න හිතෙන්නෙ නෑ. මොකද ඒකෙ උපහාසය බොක්කටම වදිනවා. ඒ ඕක් ගෙඩිය කවදාවත් උගේ නොවෙන නිසා.
කොහොමින් කොහොම හරි අද උදේම බස්සා අන්තර්ජංජාලෙට ගොඩවැදිලා ටිකට් බුක් කලා සංධ්වනිය බලන්න. බස්සා lectures ඉවරවෙලා ආපු ගමන් අපි දෙන්නා පටාර් ගාලා ලිබර්ටි යනෝ..... දැන් ලෑස්ති වෙන්න යන්න ඕනෙ. බස්සිට ගමනක් යන්න ලෑස්ති වෙන්න යනවා අඩුම තරමෙ පැය දෙකක්වත්.....!!
බලලා ඇවිත් ඉරිදා උදේම දෙන්නම් මගේ සිනමා විචාරය!

නියමාආආආආආයි...................
ReplyDeleteඒත්..මට බැරි උනා තාම ඕක බලන්න :(
මේ සංධ්වනිය බලලා එන ගමනේ....
Deleteසමනලුන් එන මගේ
සිහින විසිරී ගියේ
බිඳුනු සිත් ගෙනෙනා
මිහිරි ගීයක් වී එමි
හෆ්ෆා මේ වීකෙන්ඩ් එකේම ගිහින් බලන්න රෙහානි අක්කේ!
අපි ඉතින් ඕක බලන්න කව්රුහරි පින්වතෙක් දැලට දානකම් ඉන්න එපැයි
ReplyDeleteඅනේ මැලේ.... ඒකනම් සුපිරිය.
Deleteඅනේ වාසනාවන් එහෙනම් බලලා ඇවිල්ලා විචාරෙ දෙන්නකො.
ReplyDeleteඅර කරුණු 6 කියෙවුවම නම් මෙ දැන් බලන්න යන්න හිතෙනවා.
මේ දැන් බලන්න යන්න. හිත කොනිති ගහන, ඒ අතරෙම මුවගට පුංචි හිනාවක් දීලා වේදනාව අමතක කරවන...... හ්ම්ම්... මම මෙතනම විචාරෙ ලියයි වගේ.
Deleteමම නම් අපු දවස්වලම බැලුවේ. හේතු ටිකනම් ඇත්ත (මං බලන්න කලින් දැනං හිටියේ නෑ)
ReplyDeleteආයෙත් බලන්න හිතුන මේක කියවලා
බලලා එනගමන්. මටනම් දැන් තවත් හේතු තියෙනවා ඒ ලිස්ට් එකට දාන්න.
Deleteබලාලා කියාපන්කො ඔ ඔ ඔ ඔ ඔ හොදයිද කියාලා
ReplyDeleteහොඳා..........යි !!!!!!!
Deleteඉස්සර මමත් වීඩියේ එඩිටින් ගැන ඉගෙන ගන්න කාලෙ අපේ දේශක තුමා ලෝකෙ විවිධ රටවල සම්භාව්‍ය චිත්‍රපට දේශන ශාලාව තුලම පෙන්වනවා...ඒ අතර තිබුන කොරියන් චිත්‍රපටයක් තමයි මගේ හිත ගත්තෙ හොදටම...චිත්‍රපටයටම ප්‍රධාන චරිත 3යි. දෙබස් 10 කට වඩා නෑ...හැගීම් නිරූපනයෙන් තමයි ඉතාම රසවත් කථාවක් ගොඩනගා තිබුනෙ...ලංකාවෙ විදින්න හැකි චිත්‍රපටයක් නිපදවෙන බව අහන්නට ලැබීමත් සතුටක්...මොකද චිත්‍රපටය ඉරවවෙද්දි ඒක බලන්න ගෙවපු මුදල ගැන දුක හිතෙන සිතුවිලි තමයි මට නම් ඉස්සර ගොඩාක් වෙලාවට පහළ වුනේ...
ReplyDeleteබස්සිගෙ නවාතැනට අද තමයි මම ඉස්සෙල්ලාම ඇහැ දැම්මෙ...//උරුම්පූට්ටු// මේ වචනයත් අදම තමයි ඉස්සෙල්ලාම කියෙව්වෙ.... ජය !
බොහොම ස්තූතියි සිරා. සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට!!
Deleteමමත් හරිම ආසාවෙන් බලනවා ඒ කැටගරි එකේ චිත්‍රපටි. හැඟීම් ප්‍රකාශනය අතින් අති දක්ෂ නලු නිලියෝ අපේ රටෙත් ඕනෑ තරම්. උන්ගෙන් වැඩක් ගන්න පුලුවන් අධ්‍යක්ෂකවරු හිඟ වීමයි හෙනේ. එහෙම කියන්ට එපා සිරා. ළඟදි ආපු කලර්, කර්ම සහ නිකිණි වැස්ස කියන චිත්‍රපටි තුනම ඉතාම ඉහල තත්වයේ තිබුනා. සංධ්වනිය ගැන මම ලියන්නම්කෝ වෙනමම.......
හික්ස් කාලෙකින් ෆිල්ම් එකක් බැලුවේ නෑ අප්පා
ReplyDeleteඇස් දෙකත් පෙනේනම්,
Deleteලැපත් රෙඩිපිට තිබේ නම්,
කිම ෆිල්ම් නොබලන්නේ,
මං මුලාවූ කනෙකු සේ........
වෙලා නෑ
Deleteසංධවනියට පෙර පෝස්ටුවයි සංධවනියට පසු එකයි එක ෆිල්ම් එකෙන් පෝස්ට් දෙකක් තලා ගන්නව හොඳා හොඳා,අපිට නං ඔව්ව බලන්න විදියක් නෑ ජංජාලෙන් බලල ඇති වැඩකුත් නෑ,සංධවනිය කැමරා කරපු රුවන් මගෙ හොඳම මිත්‍රයා ඔහුට සුභ පතනවා.
ReplyDeleteඅනේ හැලපස් මම මගේ බ්ලොගේ මගේ පෝස්ටුව තලා ගන්ට බැරිනම් උලා ගඤ්ඤං. මේ පෝස්ටුව ලියුවේ සංධ්වනිය බලන්ට කලියෙන් ඒ ගැන තොරතුරු හොයාගෙන. ඒ අහපු කතා ඇසුරෙන්. ඊළඟට කියන්න යන්නෙ මම දැකපු සංධ්වනිය ගැන. සමහරක් ඉන්නවා ඉඳලා හිටලා ඇවිදින් තමන්ගෙ නම මාර්ක් කරන්න ඔහොම කතාවක් කියලා යන උදවිය. ඒවට අපි කියන්නෙ "වසම් චර්යා" කියලයි. මොනවා වුනත් මගේ අනිත් පෝස්ටු නොදැක, මම ලියන ස්ටයිල් එකත් නොදැන, මාස තුනකට කලින් බ්ලොග් එකක් අටෝපු ආධුනිකයෙක්ව මෙහෙම තලා යන්ට එන එකනම් පට්ට පජාතයි ආයිබෝං.
Deleteකමක් නෑ. virtual world නෙව. සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට.
මොකද මේ කේන්ති අරං බස්සි කෙල්ල..එයා ඔය විහිළුවට අනේ කියන්නේ(මේ වගේ කතා අපිටත් කියනවා නෙව.)....හැලප තුමා හරිම හොඳ කෙනෙක්.. ඉතිං කේන්ති ගන්නැතුව හිනාවෙන්ටකො :D
Deleteයෑස් බේබි ,,, කීප් calm and කූල්
Deleteහයියෝ ඉතින් බස්සි ඉඳලා ඉඳලා බ්ලොගක් අටවා ගෙන ඔය හිතට එන එකක් කොටාගෙන පාඩුවෙ ඉන්න එකා වෙච්චි. ඊයෙ රෑ එනකොට හැලප්ස්ගෙ කොමෙන්ටුව දැකලා අවුල් ගියා වෙච්චි. දැන් එහෙම නෑ වෙච්චි. බස්සිගෙ තරහ සෝඩා බෝතලේ කැඩුවා වගේ වෙච්චි. දැන් හැලප්ස් මගේ ෆ්‍රෙන්ඩා වෙච්චි.
Deleteහැබැයි අර පෝස්ටුව කොටන්ඩ වෙන්නෙ නම් අද හවසට වෙච්චි. උදේ ලොකු ගමනක් යන්ට වෙච්චි.
රෙහානි අක්කටයි, ඔමාටයි (මේකි මට අක්කා කියන්ට එපා කිවුව නෙව.) දෙන්නටම තැන්කූ වෙච්චි.
මෙන්න හිනා වුනෝ... :D :D :D :D :D
Deleteමෙන්න හොඳ ළමයෙක්!!!!! Good Girl...
Deleteබස්සි.......පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ. ෆිල්ම් එක බලන්න යන්න කලබලේට නේද? හැලප්ස් ලියන්නේ එහෙම තමයි. බොහොම දැණ උගත්..නිවිච්ච කෙනෙක්. දැන් හරි. බොහොම හොඳයි. ස්තූතියි.
මේ ගීතය ලිව්ව පද රචකයා අමිල තේනුවරව සංගීත සම්මාන උත්සවයේදීත් නොසලකා හැරියා. මේ ගීතයේ හොඳ පද රචනයක් තියෙනවානේ. මේ පදවැල චිත්‍රපටයට හොඳ එකතුවක්ද? චිත්‍රපටිය නම් කවදා බලන්න වෙයිද දන්නේ නැහැ.
ReplyDeleteචිත්‍රපටයේ මුලු කතාවම වගේ මේ වචන ඇතුලෙ තියෙනවා අරූ. වාදීශගේ වේදනාව ඒ මෙලඩි එකේ අපූරුවට කැටි වෙලා තියෙනවා.
Delete"මගේ සිහින මැදුරේ..." ගීතයත් පට්ට පට පට! ඒකත් අහලා බලන්න. යූ ටියුබ් එකේ තිබුනා. ඒක වාදීශ ලියන්නෙ පාසලේදි තමන්ට ආදරේ කරපු ගෑණු ළමයාට. එයාට තමන්ගෙ ජීවිතේ ඉඩක් නෑ කියලා කියන විදිය ඒ.
මමත් ඉකමනට් ම බලන්න ඕන, මේ චිත්‍රපටිය ගැන කියවපු තුන්වන වතාව බ්ලොග් වලින්. මම හිතන්නේ තවත් කල් නොදා බලන්න ගියොත් හොඳයි. එත් කොහෙද බස්සියි , බස්සයි වැඩ ඇරලා එන වෙලාවත් පහුවෙලානේ මම එන්නේ
ReplyDeleteඉවාන් ඔයත් බලලා ලියන්න ඈ
Deleteමට පෙන්නෙ ඉවාන්ට මටත් වඩා තදට අර මම කලින් පෝස්ටුවක කියාපු කරුමය පල දෙනවා වගෙයි. වීකෙන්ඩ් එකේවත් යන්ට බැරිද හැබෑට?
Deleteසිරාවට බලපු දවසක විචාරයක් දාන්ට පවුලූශෝ!
Deleteමට මගේ නොවන
ReplyDeleteමගේම ආදරයක් තිබුණා කියලා පසුතැවෙන්නා,
මට මගේ නොවන
මගේම අතීතයක් තිබුණා කියා පසුව විඳවයි.
ඒක නම් අනේ මන්දා... මටනම් හිතෙන්නෙ ආදරය මගේ නොවුනත් අතීතය සදාකල් මගේමැයි.
Delete//බලලා ඇවිත් ඉරිදා උදේම දෙන්නම් මගේ සිනමා විචාරය!//
ReplyDeleteම්....
අද ඉරිදා නොවේද?
දිනේ 27 උනත් පබ්ලිෂ් වෙන්නේ 26 කියලානේ.
Deleteආන්න හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නෙ හෙට ලිව්වුවානම් ඇති. :P
Deleteඋදේ ලොකු රස්තියාදුවක් ගහලා මහන්සියි යාලු. හවසට ලියන්නාං.
මටත් මගෙම නොවන මෙවුවා එකක් තිබ්බනම් කියලා හිතෙනවා ඉදගෙන :)
ReplyDeleteහිටගෙනත් මගේ නොවන මගේම මෙවුවා එකක් තිබ්බානම් තවත් හොඳයි නෙව ඔමා..... :P
Deleteමෙවුවා ලියන්න එපා බං නංගියේ.. අපිට බලන්න වෙන්නේ නැහැනේ..
ReplyDeleteහී හී.... මුලු කතාවම ලියන්නෙ නෑ අයියා.... ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙනවා විතරයි. ඕක තව ටික දවසකින් ජංජාලගත වෙයි. එතකොට බලන්ට බැරියෑ ඇති තරම්.
Deleteබස්සි ලියන විචාරය ලියලම මේක බලන්න... නැත්නම් ඔයාගේ විචාරය ලියන්න වෙන එකක් නෑ
ReplyDeleteඅපේ නොවෙන අපේම දේවල්…
හයියෝ තිසර මේක බලලා මගේ ඉල ඇදිලා හිනා නහර පුපුරලා තව ටිකෙන් මල මගුලක් වෙනවා....!!!
Deleteඒක මං ලියන එකක් නෙවේ හරිද? බීටලයා ලියන්නේ
Deleteමගුලයි. මම ඒ බ්ලොග් එක කලින් කියවලා තිවුනෙ නෑ. හිතුවෙ ඔයාම ලියන එකක් කියලා. මොනා වුනත් සිරා පෝස්ටුව නේද?
Delete