තුන් රෝද රියේ ෂූටින් වලට ඉගිල්ලී
කොට සාය අතින් ඇද ඇද හදන කිරිල්ලී
අඟල් හතරක හීල් එක උඩද නොසෙල්ලී
ඔෆිස් පඩිපෙල නගියි මොඩ්ලීන් කිරිල්ලී
දිගු නීල දෙනෙත මත හරිත පැහැ අඳුන් ලා
අයන් කල කෙස් කැරලි ඉස් මුදුනෙ බැඳුම් ලා
රෝස තොල් පෙති වසා රතට සායම් උලා
මද සිනහ නගන්නී පාට සිත්තම සලා
කැමරාව සහ අඩුම කුඩුම ටික අතට හුරු
දෑත් ගොබ පුරාවට නෙක ටැටූ රටා දැරු
ෆොටෝ ෂූටින් එකට නැතුව බැරි වටින විරු
කුරුල්ලෝ වෙලෙති ඇගෙ අඳුන් සුවඳක සොඳුරු
හත්දහස ඉක්මවයි ඇඟලාපු මිනිගවුම
දහදහට ගන්ට බෑ උල් පාවහන් දෙකම
හුරුබුහුටි පසුම්බිය වටියි පන්දාහක්ම
තිස්දහස ඉක්මවයි මාල මුදු ඇන්දාම
එක ෆොටෝ ෂූට් එකකට ඇඳුම් විසිපහයි
ඒ වුනත් ටයිම් එක සේරටම පැය දෙකයි
ලහි ලහියෙ කොස්ටියුම් එකින් එක ගත වෙළයි
එකින් එක ලෙන්ස් මත සොඳුරු සිත්තම් මවයි
මූණ නොපෙනෙන ලෙසට පිංතූර ක්‍රොප් කරන්
දිගු දෙපා යුගලයට ග්ලෝ එකක් මුහු කරන්
ඕඩියන්ස් වැඩි වෙන්න සෙක්සි ටච් එක අරන්
ඩිසයිනර් වැඩ දමයි ෆොටෝ ෂොප් දිග ඇරන්
දිගු දෙපා යුගලයට ග්ලෝ එකක් මුහු කරන්
ඕඩියන්ස් වැඩි වෙන්න සෙක්සි ටච් එක අරන්
ඩිසයිනර් වැඩ දමයි ෆොටෝ ෂොප් දිග ඇරන්
ෂූට් එක නිමා වී මහන්සිය සෝදලා
දහදියෙන් වෙලුනු මුව අලුත් වත්සුනු උලා
දාහෙ කොළ තුන මිටට අරන් හසරැල් සලා
විඩාබර දෙපා අද්දමින් යයි පිටවෙලා
දහදියෙන් වෙලුනු මුව අලුත් වත්සුනු උලා
දාහෙ කොළ තුන මිටට අරන් හසරැල් සලා
විඩාබර දෙපා අද්දමින් යයි පිටවෙලා
wow being poet ..........
ReplyDeleteSince grade two...... :)
Deleteසිංග්ලිෂ් කලවං කර ඇති නිසා කියවද්දී ලොකු අමුත්තක් දැනෙනවා.
ReplyDeleteඇත්තෙන්ම මේ සංස්කෘතියේ පරිහාණියක්ද? ආර්ථිකයේ විප්ලවයක්ද?
බස්සිගේ ඇහෙන් නම් මේක ආර්ථිකයේ විප්ලවයක් නිසා ඇතිවුන සංස්කෘතික ඛේදවාචකයක්.....
Delete"මොඩ්ලීන්" වචනේ මට ගොඩක් ඇලජික් :(
ReplyDeleteමළා... එහෙනම් ඇයි හත්වලාමෙ වචනෙ කියෙවුවෙ?! ඉක්මනට ගිහින් ඇලජික් බහින්ට ඉන්ජෙක්සන් එකක් විදගන්න!!
Deleteපිරිටන් පෙත්තක් ගැනීම තාවකාලික විසදුමක් විය හැකියි.
Deleteඅපොයි බස්සියෙ,ඔච්චර කරලත් හම්බවුනෙ තුන්දාහද,ඔයාගෙ කවි ටික නං ලස්සනයි.
ReplyDeleteඕක තමයි හැලප්ස් මම දැකපු මොඩලිං ජීවිතේ යතාර්ථය. (හැබැයි එහෙම වුනේ අපේ ඔපීසියෙ විතරක්ද කියන්න දන්නේ නැත. නමුත් ආවේ නම් රටේ නම ගිය මොඩලිං කිරිල්ලියෝය.)
Deleteබස්සිටත් පේන දෙවල්.මරු ඇ
ReplyDeleteඉඩක් තිබුනොත් මෙ පැත්තෙට ඇවිත් යන්න http://damgune.blogspot.com/
අනිවා ඩෙෆා... ඕන් අදයි හයහතර කියවන්න ඉස්පාසුවක් ලැබුනෙ ඉන්ටකෝ බ්ලොග් රෝලෙත් එල්ලා ගන්ට.
Deleteකාලෙකට කලින් මම ලිවුව අප්සට් කවියක් මතක් වුනා.. මොනා වුනත් අවසානයෙන් හැමදේකම යතාර්ථය හොදට කියවෙලා.. නියමයි..
ReplyDeleteස්තූතියි දිනේශ්
Deleteමයිලි සයිරස් කිව්වලු
ReplyDeleteඒ මොකද්ද අනේ?
Deleteමේ වගේ ගණන් වලට මෙයාලා ඕවා කරනවද ඈ...
ReplyDeleteහත්දහස ඉක්මවයි ඇඟලාපු මිනිගවුම
දහදහට ගන්ට බෑ උල් පාවහන් දෙකම
හුරුබුහුටි පසුම්බිය වටියි පන්දාහක්ම
තිස්දහස ඉක්මවයි මාල මුදු ඇන්දාම
මේ ටික දැකලා මොඩ්ලින් කරන උන්ව උස්සන්න ගනීද දන්නෑ.. :D
අනේ රෙහානි අක්කෝ මේ ඇඳුම් එයාලට දෙන්නෙ අපේ ෆැක්ටරි එකෙන් නේ. එයාලා ෆොටෝ ෂූට් වලට ඉඳලා ඒ ඇඳුම් ප්‍රමෝට් කරනවා. දවසකට ලක්ෂ පහ හයක කොස්ටියුම් ඇඳලා ෆොටෝ අරන් අන්තිමට අර ගාන අරන් යනවා.
Deleteඔයාට පිස්සු රෙහානි... ඔය කියන තරම් යකා කළු නෑ...
ReplyDeleteඑයාල ඔච්චර වටින ඒව දාන එකක් නෑ මම හිතන්නෙ....
වැරදුනානෙ....
Deleteප.ලි.
මේ උඩ තියන කොමෙන්ටුව රෙහානිට හොදේ....
ප.ප,ලි
මොකද නැත්තම් බස්සිට මළ පනීවි..එයාගෙ කූඩුවට ඇවිත් වෙන කෙනෙක්ගෙ නම කිවුව කියල...
ප.ප.ප. ලි.
ආ කියන්න බැරි උනානෙ... හිරූගෙ එකකට එක දවසක් වෙන මොකක්ද කියල හීරූ මට පළු යන්න බැන්න... ඒකයි...
දැන් මේක හිරූ දැකල ආපහු බනිනව....
මම ඒක කීවේ විහිළුවට ගාලු ...අර තිත් දෙකයි ඩී තියෙන්නේ :D
Deleteමගුලයි. ගාලුටත් තේරිලා නෑනෙ සීන් කෝන් එක. මම මේ කියන ඔපීසිය ලංකාවෙ මිල අධිකම ඇඳුම් විකුණන තැන් වලින් එකක්. (බස්සි ඕකෙ ඇනලිස්ට් කෙනෙක් ඒ දවස්වල.) මොඩ්ලින් කිරිල්ලියො ගෙනල්ලා අර බර ගනන් වල ඇඳුම් අන්දලා ෆොටෝ ගන්නවා. ඒ වාගෙ ඇඳුම් කට්ටල විස්සක විතර මුලු ගනන මම කියන්ට ඕනෙ නෑනෙ ඉතින්. ඒ සේරම ඇඳලා ෆොටෝ අරන් අර සුලු මුදල අරගෙන යනවා.
Deleteසමහරුන්ට නම් අපේ මැනේජර්ලා ගිෆ්ට් වවුචර් එහෙම දෙනවා ශොප් එකෙන් ඇඳුම් ගන්ට. එයාලාගෙ විශේෂත්වය මොකක්ද කියලා දෙයියෝ දනී.
ප.ලි.
Deleteගාල්ලෝ මං ඔය ප.ප.ලි. කෑල්ල නැතත් බනිනවා. කවිය ගැන මුකුත් නොකියා ප.ලි. ප.ප.ලි. ප.ප.ප.ලි. ගගා හිටියාට. :P
ප.ප.ලි.
මෙන්න හිරූ අක්කේ දැක්කද ගාලුගෙ කොමෙන්ටුව. අනේ ඉක්මනට ඇවිත් බැනපියෝ....... හොඳ අක්කනේ.....
මටත් හිතුනේ අච්චර ගනං ඇඳුම් ඇඳලත් තුන්දාහද හම්බ වෙන්නේ කියලා. එක අතකට ලක්ස තිහක විතර ටැක්සියකින් දාහක විත්‍ර හයර් එකක් යන්න පුලුවන්නේ.
ReplyDeleteබස්සී ළමයා, තාත්තට කියා දෙන්නකෝ කමෙන්ට් රිප්ලයි කරන හැටිත්.
//මොඩ්ලින් කිරිල්ලියො ගෙනල්ලා අර බර ගනන් වල ඇඳුම් අන්දලා ෆොටෝ ගන්නවා. ඒ වාගෙ ඇඳුම් කට්ටල විස්සක විතර මුලු ගනන මම කියන්ට ඕනෙ නෑනෙ ඉතින්. ඒ සේරම ඇඳලා ෆොටෝ අරන් අර සුලු මුදල අරගෙන යනවා. සමහරුන්ට නම් අපේ මැනේජර්ලා ගිෆ්ට් වවුචර් එහෙම දෙනවා ශොප් එකෙන් ඇඳුම් ගන්ට. එයාලාගෙ විශේෂත්වය මොකක්ද කියලා දෙයියෝ දනී.//
Deleteඔන්න ඕකයි ඩූඩ් කතන්දරේ. කවිය විස්තරාත්මක මදි නිසා කට්ටියටම සීන් එක පොඩ්ඩක් ටැපලිලා වගෙයි.
බස්සි තාත්තට කියලා කියලා ඕන් ලිපි දෙකකට පිලිතුරු කොමෙන්ටු ලියව ගත්තා. බස්සි ඩැඩා සිංහල ටයිපින් ඉගෙනගන්න අලි හොරා ඩූඩ්. (කී බෝඩ් එකේ සිංහල අකුරු පේන්නෙ නෑ නෙව.) අසරණ දෝණියැන්දා තමයි කොමෙන්ටු ටිකත් ටයිප් කරන්නෙ.
එයාට Singreesi Unicode 1.8 අරන් දෙන්න බස්සි. ඒක ලේසියි. මමත් සිංහල කොටන්නේ ඒකෙන්.
Deleteතැන්කූ ඩූඩ්... බලමු අපේ ඩැඩාට ඒ යෝජනාවත් දාලා...
Deleteමම වැඩ කරපු ෆීල්ඩ් එකේදී ඔය දේවල් දැක්කා මීට බොහෝ කාලයකටත් පෙර ඉඳලා. ඒ කියන්නේ අදත් ඒ තත්වයේ වෙනසක් නැහැ. ලංකාවේ මොඩ්ල්ස්ලා කියන්නේ අතරමං වෙච්ච කොටසක්. මොඩ්ලිං කරනවාද, ඇක්ටිං වලට යනවාද, නැත්නම් අහවල් දේ කරනවාද කියන තැනට පත්කරලා. මේක ඒ ට්‍රේඩ් එකේ තියෙන ඛේදවාචකයක්. යුරෝපය මීට වඩා බොහෝ වෙනස්.ඔබේ නිර්මාණය ගති.
ReplyDeleteබොහොම ස්තූතියි අරූ.
Deleteබස්සි ඉස්සර රැකියාව කරපු තැන ඇඳුම් ප්‍රමෝට් කරන්න එන මේ මොඩ්ලිං කිරිල්ලියෝ ටික කාලයක් ගිහින් එක්කෝ ඩාන්සින් ගෲප් එකකට බැඳෙනවා. නැත්නම් මැනේජර් කෙනෙක් හරි වෙන ලොකු අත්තක් හරි මාර්ගෙන් (ඒ අතු අල්ලන්නේ කොහොමදැයි නොදනිමි.) ගානක් කපා ගන්නව. එහෙම ක්‍රම අනුගමනය කරන උදවියට නම් ඔය ප්‍රමෝට් කරපු ඇඳුම් ගන්න ගිෆ්ට් වවුචර් එහෙමත් ලැබෙනව.
මං නම් හිතන විදියට බහුතරයක් ඔය වෘත්තියෙදි බලාපොරොත්තු වෙන්නෙ මුදල්ම නෙමේ. ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය වගේ දේවලුත් බලාපොරිත්තු වෙනවා. නැත්නම් අච්චර ගානක් වියදම් කරයිද තුන්දාහක් හොයා ගන්න.
ReplyDelete- ප්‍රියා.
//අච්චර ගානක් වියදම් කරයිද තුන්දාහක් හොයා ගන්න.//
Deleteප්‍රියාටත් ටැපලිලා නෙව. ඒ කොස්ටියුම් එයාල මිළදී ගත්තු ඒවා නෙමෙයි. අපේ ෆැක්ට්‍රියෙන් ශොප් එකට දාන අලුත් විලාසිතා. ඒවා ඇන්දා, ෆොටෝ එක ගත්තා, ඇඳුමත් ආභරණත් සේරම ආපහු ගත්තා. ඒ ඇඳුම් ඇන්දාට, ඇඳලා ඡායාරූප ගත්තාට අන්තිමට එයාල ඒව ආපහු දීල අර සුලු මුදලක් අරන් යනවා නෙව. ඒක දැකලා බස්සිට දුක හිතුන වෙලාවක මේ කවිය ලියවුනේ.
ඒ ඔපීසියෙ වැඩ කරන කාලෙ මේවා පබිලිස් කොරන එක හරි නැතැයි හිතුනා.
මොඩ්ලින් කීයන්නේ මොකක්ද :D
ReplyDeleteහා හා ඒ ලෙවල් ලියන පොඩි එකා පොත පතේ වැඩක් බලාගෙන හිටු. මොඩලිං ගැන හොයන්නෙ නැතුව. :P
Deleteහපොයි කිරිල්ලී.....:D
ReplyDeleteමස්ඉඹුල ගෙ කවියක් තියනවා මේ තේමාව තියන...හිරුත් හිම පියල්ලක පොතේ අන්තිම කවිය.
ඔන්න දිලිනියො අදයි පොත කියවන්න ලැබුනෙ. අර "නවක නිළි වරුණ" කවිය නේද?
Deleteකියෙව්වේ පරක්කු වෙලා උනත් ,කියන්න තියෙන්නේ හුගාක් ලස්සනයි කියල තමයි බස්සි :))))
ReplyDeleteස්තූතියි දිලිනි. කියවන්න පමාවක් නෑ යාලු. මේ කවි බ්ලොගර් පවතින තුරා මෙතන තියේවි. :)
DeleteLike very much
ReplyDeleteThanks for this very creative thought, that speaks the reality behind many glamourus jobs.Don't seep.............. SJ
ReplyDeleteවෙලාවක මගෙ ගෙදරටත් ගොඩ වෙලායන්න
https://www.facebook.com/sam.jay.9235