Tuesday, October 15, 2013

මොඩ්ලීන් කිරිල්ලී





තුන් රෝද රියේ ෂූටින් වලට ඉගිල්ලී
කොට සාය අතින් ඇද ඇද හදන කිරිල්ලී
අඟල් හතරක හීල් එක උඩද නොසෙල්ලී
ඔෆිස් පඩිපෙල නගියි මොඩ්ලීන් කිරිල්ලී


දිගු නීල දෙනෙත මත හරිත පැහැ අඳුන් ලා
අයන් කල කෙස් කැරලි ඉස් මුදුනෙ බැඳුම් ලා
රෝස තොල් පෙති වසා රතට සායම් උලා
මද සිනහ නගන්නී පාට සිත්තම සලා


කැමරාව සහ අඩුම කුඩුම ටික අතට හුරු
දෑත් ගොබ පුරාවට නෙක ටැටූ රටා දැරු
ෆොටෝ ෂූටින් එකට නැතුව බැරි වටින විරු
කුරුල්ලෝ වෙලෙති ඇගෙ අඳුන් සුවඳක සොඳුරු


හත්දහස ඉක්මවයි ඇඟලාපු මිනිගවුම
දහදහට ගන්ට බෑ උල් පාවහන් දෙකම
හුරුබුහුටි පසුම්බිය වටියි පන්දාහක්ම
තිස්දහස ඉක්මවයි මාල මුදු ඇන්දාම


එක ෆොටෝ ෂූට් එකකට ඇඳුම් විසිපහයි
ඒ වුනත් ටයිම් එක සේරටම පැය දෙකයි
ලහි ලහියෙ කොස්ටියුම් එකින් එක ගත වෙළයි
එකින් එක ලෙන්ස් මත සොඳුරු සිත්තම් මවයි


මූණ නොපෙනෙන ලෙසට පිංතූර ක්‍රොප් කරන්
දිගු දෙපා යුගලයට ග්ලෝ එකක් මුහු කරන්
ඕඩියන්ස් වැඩි වෙන්න සෙක්සි ටච් එක අරන්
ඩිසයිනර් වැඩ දමයි ෆොටෝ ෂොප් දිග ඇරන්

 
ෂූට් එක නිමා වී මහන්සිය සෝදලා
දහදියෙන් වෙලුනු මුව අලුත් වත්සුනු උලා
දාහෙ කොළ
තු මිටට අරන් හසරැල් සලා
විඩාබර දෙපා අද්දමින් යයි පිටවෙලා

38 comments:

  1. සිංග්ලිෂ් කලවං කර ඇති නිසා කියවද්දී ලොකු අමුත්තක් දැනෙනවා.
    ඇත්තෙන්ම මේ සංස්කෘතියේ පරිහාණියක්ද? ආර්ථිකයේ විප්ලවයක්ද?

    ReplyDelete
    Replies
    1. බස්සිගේ ඇහෙන් නම් මේක ආර්ථිකයේ විප්ලවයක් නිසා ඇතිවුන සංස්කෘතික ඛේදවාචකයක්.....

      Delete
  2. "මොඩ්ලීන්" වචනේ මට ගොඩක් ඇලජික් :(

    ReplyDelete
    Replies
    1. මළා... එහෙනම් ඇයි හත්වලාමෙ වචනෙ කියෙවුවෙ?! ඉක්මනට ගිහින් ඇලජික් බහින්ට ඉන්ජෙක්සන් එකක් විදගන්න!!

      Delete
    2. පිරිටන් පෙත්තක් ගැනීම තාවකාලික විසදුමක් විය හැකියි.

      Delete
  3. අපොයි බස්සියෙ,ඔච්චර කරලත් හම්බවුනෙ තුන්දාහද,ඔයාගෙ කවි ටික නං ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඕක තමයි හැලප්ස් මම දැකපු මොඩලිං ජීවිතේ යතාර්ථය. (හැබැයි එහෙම වුනේ අපේ ඔපීසියෙ විතරක්ද කියන්න දන්නේ නැත. නමුත් ආවේ නම් රටේ නම ගිය මොඩලිං කිරිල්ලියෝය.)

      Delete
  4. බස්සිටත් පේන දෙවල්.මරු ඇ
    ඉඩක් තිබුනොත් මෙ පැත්තෙට ඇවිත් යන්න http://damgune.blogspot.com/

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා... ඕන් අදයි හයහතර කියවන්න ඉස්පාසුවක් ලැබුනෙ ඉන්ටකෝ බ්ලොග් රෝලෙත් එල්ලා ගන්ට.

      Delete
  5. කාලෙකට කලින් මම ලිවුව අප්සට් කවියක් මතක් වුනා.. මොනා වුනත් අවසානයෙන් හැමදේකම යතාර්ථය හොදට කියවෙලා.. නියමයි..

    ReplyDelete
  6. මයිලි සයිරස් කිව්වලු

    ReplyDelete
  7. මේ වගේ ගණන් වලට මෙයාලා ඕවා කරනවද ඈ...

    හත්දහස ඉක්මවයි ඇඟලාපු මිනිගවුම
    දහදහට ගන්ට බෑ උල් පාවහන් දෙකම
    හුරුබුහුටි පසුම්බිය වටියි පන්දාහක්ම
    තිස්දහස ඉක්මවයි මාල මුදු ඇන්දාම

    මේ ටික දැකලා මොඩ්ලින් කරන උන්ව උස්සන්න ගනීද දන්නෑ.. :D

    ReplyDelete
    Replies
    1. අනේ රෙහානි අක්කෝ මේ ඇඳුම් එයාලට දෙන්නෙ අපේ ෆැක්ටරි එකෙන් නේ. එයාලා ෆොටෝ ෂූට් වලට ඉඳලා ඒ ඇඳුම් ප්‍රමෝට් කරනවා. දවසකට ලක්ෂ පහ හයක කොස්ටියුම් ඇඳලා ෆොටෝ අරන් අන්තිමට අර ගාන අරන් යනවා.

      Delete
  8. ඔයාට පිස්සු රෙහානි... ඔය කියන තරම් යකා කළු නෑ...

    එයාල ඔච්චර වටින ඒව දාන එකක් නෑ මම හිතන්නෙ....

    ReplyDelete
    Replies
    1. වැරදුනානෙ....

      ප.ලි.

      මේ උඩ තියන කොමෙන්ටුව රෙහානිට හොදේ....

      ප.ප,ලි

      මොකද නැත්තම් බස්සිට මළ පනීවි..එයාගෙ කූඩුවට ඇවිත් වෙන කෙනෙක්ගෙ නම කිවුව කියල...

      ප.ප.ප. ලි.

      ආ කියන්න බැරි උනානෙ... හිරූගෙ එකකට එක දවසක් වෙන මොකක්ද කියල හීරූ මට පළු යන්න බැන්න... ඒකයි...

      දැන් මේක හිරූ දැකල ආපහු බනිනව....

      Delete
    2. මම ඒක කීවේ විහිළුවට ගාලු ...අර තිත් දෙකයි ඩී තියෙන්නේ :D

      Delete
    3. මගුලයි. ගාලුටත් තේරිලා නෑනෙ සීන් කෝන් එක. මම මේ කියන ඔපීසිය ලංකාවෙ මිල අධිකම ඇඳුම් විකුණන තැන් වලින් එකක්. (බස්සි ඕකෙ ඇනලිස්ට් කෙනෙක් ඒ දවස්වල.) මොඩ්ලින් කිරිල්ලියො ගෙනල්ලා අර බර ගනන් වල ඇඳුම් අන්දලා ෆොටෝ ගන්නවා. ඒ වාගෙ ඇඳුම් කට්ටල විස්සක විතර මුලු ගනන මම කියන්ට ඕනෙ නෑනෙ ඉතින්. ඒ සේරම ඇඳලා ෆොටෝ අරන් අර සුලු මුදල අරගෙන යනවා.

      සමහරුන්ට නම් අපේ මැනේජර්ලා ගිෆ්ට් වවුචර් එහෙම දෙනවා ශොප් එකෙන් ඇඳුම් ගන්ට. එයාලාගෙ විශේෂත්වය මොකක්ද කියලා දෙයියෝ දනී.

      Delete
    4. ප.ලි.

      ගාල්ලෝ මං ඔය ප.ප.ලි. කෑල්ල නැතත් බනිනවා. කවිය ගැන මුකුත් නොකියා ප.ලි. ප.ප.ලි. ප.ප.ප.ලි. ගගා හිටියාට. :P


      ප.ප.ලි.

      මෙන්න හිරූ අක්කේ දැක්කද ගාලුගෙ කොමෙන්ටුව. අනේ ඉක්මනට ඇවිත් බැනපියෝ....... හොඳ අක්කනේ.....

      Delete
  9. මටත් හිතුනේ අච්චර ගනං ඇඳුම් ඇඳලත් තුන්දාහද හම්බ වෙන්නේ කියලා. එක අතකට ලක්ස තිහක විතර ටැක්සියකින් දාහක විත්‍ර හයර් එකක් යන්න පුලුවන්නේ.

    බස්සී ළමයා, තාත්තට කියා දෙන්නකෝ කමෙන්ට් රිප්ලයි කරන හැටිත්.

    ReplyDelete
    Replies
    1. //මොඩ්ලින් කිරිල්ලියො ගෙනල්ලා අර බර ගනන් වල ඇඳුම් අන්දලා ෆොටෝ ගන්නවා. ඒ වාගෙ ඇඳුම් කට්ටල විස්සක විතර මුලු ගනන මම කියන්ට ඕනෙ නෑනෙ ඉතින්. ඒ සේරම ඇඳලා ෆොටෝ අරන් අර සුලු මුදල අරගෙන යනවා. සමහරුන්ට නම් අපේ මැනේජර්ලා ගිෆ්ට් වවුචර් එහෙම දෙනවා ශොප් එකෙන් ඇඳුම් ගන්ට. එයාලාගෙ විශේෂත්වය මොකක්ද කියලා දෙයියෝ දනී.//
      ඔන්න ඕකයි ඩූඩ් කතන්දරේ. කවිය විස්තරාත්මක මදි නිසා කට්ටියටම සීන් එක පොඩ්ඩක් ටැපලිලා වගෙයි.

      බස්සි තාත්තට කියලා කියලා ඕන් ලිපි දෙකකට පිලිතුරු කොමෙන්ටු ලියව ගත්තා. බස්සි ඩැඩා සිංහල ටයිපින් ඉගෙනගන්න අලි හොරා ඩූඩ්. (කී බෝඩ් එකේ සිංහල අකුරු පේන්නෙ නෑ නෙව.) අසරණ දෝණියැන්දා තමයි කොමෙන්ටු ටිකත් ටයිප් කරන්නෙ.

      Delete
    2. එයාට Singreesi Unicode 1.8 අරන් දෙන්න බස්සි. ඒක ලේසියි. මමත් සිංහල කොටන්නේ ඒකෙන්.

      Delete
    3. තැන්කූ ඩූඩ්... බලමු අපේ ඩැඩාට ඒ යෝජනාවත් දාලා...

      Delete
  10. මම වැඩ කරපු ෆීල්ඩ් එකේදී ඔය දේවල් දැක්කා මීට බොහෝ කාලයකටත් පෙර ඉඳලා. ඒ කියන්නේ අදත් ඒ තත්වයේ වෙනසක් නැහැ. ලංකාවේ මොඩ්ල්ස්ලා කියන්නේ අතරමං වෙච්ච කොටසක්. මොඩ්ලිං කරනවාද, ඇක්ටිං වලට යනවාද, නැත්නම් අහවල් දේ කරනවාද කියන තැනට පත්කරලා. මේක ඒ ට්‍රේඩ් එකේ තියෙන ඛේදවාචකයක්. යුරෝපය මීට වඩා බොහෝ වෙනස්.ඔබේ නිර්මාණය ගති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ.

      බස්සි ඉස්සර රැකියාව කරපු තැන ඇඳුම් ප්‍රමෝට් කරන්න එන මේ මොඩ්ලිං කිරිල්ලියෝ ටික කාලයක් ගිහින් එක්කෝ ඩාන්සින් ගෲප් එකකට බැඳෙනවා. නැත්නම් මැනේජර් කෙනෙක් හරි වෙන ලොකු අත්තක් හරි මාර්ගෙන් (ඒ අතු අල්ලන්නේ කොහොමදැයි නොදනිමි.) ගානක් කපා ගන්නව. එහෙම ක්‍රම අනුගමනය කරන උදවියට නම් ඔය ප්‍රමෝට් කරපු ඇඳුම් ගන්න ගිෆ්ට් වවුචර් එහෙමත් ලැබෙනව.

      Delete
  11. මං නම් හිතන විදියට බහුතරයක් ඔය වෘත්තියෙදි බලාපොරොත්තු වෙන්නෙ මුදල්ම නෙමේ. ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය වගේ දේවලුත් බලාපොරිත්තු වෙනවා. නැත්නම් අච්චර ගානක් වියදම් කරයිද තුන්දාහක් හොයා ගන්න.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. //අච්චර ගානක් වියදම් කරයිද තුන්දාහක් හොයා ගන්න.//

      ප්‍රියාටත් ටැපලිලා නෙව. ඒ කොස්ටියුම් එයාල මිළදී ගත්තු ඒවා නෙමෙයි. අපේ ෆැක්ට්‍රියෙන් ශොප් එකට දාන අලුත් විලාසිතා. ඒවා ඇන්දා, ෆොටෝ එක ගත්තා, ඇඳුමත් ආභරණත් සේරම ආපහු ගත්තා. ඒ ඇඳුම් ඇන්දාට, ඇඳලා ඡායාරූප ගත්තාට අන්තිමට එයාල ඒව ආපහු දීල අර සුලු මුදලක් අරන් යනවා නෙව. ඒක දැකලා බස්සිට දුක හිතුන වෙලාවක මේ කවිය ලියවුනේ.

      ඒ ඔපීසියෙ වැඩ කරන කාලෙ මේවා පබිලිස් කොරන එක හරි නැතැයි හිතුනා.

      Delete
  12. මොඩ්ලින් කීයන්නේ මොකක්ද :D

    ReplyDelete
    Replies
    1. හා හා ඒ ලෙවල් ලියන පොඩි එකා පොත පතේ වැඩක් බලාගෙන හිටු. මොඩලිං ගැන හොයන්නෙ නැතුව. :P

      Delete
  13. හපොයි කිරිල්ලී.....:D

    මස්ඉඹුල ගෙ කවියක් තියනවා මේ තේමාව තියන...හිරුත් හිම පියල්ලක පොතේ අන්තිම කවිය.

    ReplyDelete
    Replies
    1. ඔන්න දිලිනියො අදයි පොත කියවන්න ලැබුනෙ. අර "නවක නිළි වරුණ" කවිය නේද?

      Delete
  14. කියෙව්වේ පරක්කු වෙලා උනත් ,කියන්න තියෙන්නේ හුගාක් ලස්සනයි කියල තමයි බස්සි :))))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි. කියවන්න පමාවක් නෑ යාලු. මේ කවි බ්ලොගර් පවතින තුරා මෙතන තියේවි. :)

      Delete
  15. Thanks for this very creative thought, that speaks the reality behind many glamourus jobs.Don't seep.............. SJ
    වෙලාවක මගෙ ගෙදරටත් ගොඩ වෙලායන්න
    https://www.facebook.com/sam.jay.9235

    ReplyDelete