Friday, October 25, 2013

කන ඇතුලේ වංගු වංගු





බස්සි සති අන්තෙ නිවාඩුවට ගෙදර යනවා නෙව. සති දෙක තුනකට කලියෙන් ගෙදර ගිය වෙලේ බස්සිට අම්මා ගෙනත් දුන්නා ලියමනක්. කඩලා බැලුවාම මේක මේ ඉන්ටවිව් ලියමනක්. දැන් ඔන්න බස්සියි, අම්මයි කතාවෙනවා ඉන්ටවිව් එක ගැන.

 
රජයේ බැංකුවක මැනේජ්මන්ට් ට්‍රේනී සීන් එකක් නිසා අම්මා කතාවෙන් කතාවෙන් ෆුල් ට්‍රයි එක දෙනවා බස්සිව ඉන්ටවිව් එකට දක්කන්ට. බස්සි අහුවෙයි ඕවාට. පූරුවෙ කරුමෙකට බස්සිට හිත දෙන්නේම නෑ නෙව අට - හතර ජොබකට ගිහින් සැනසිල්ලෙ ඉන්න. බස්සිත් ඉතින් දැනට තියෙන ජොබ් කටුවේ ගුණ ගැන කෙස් පැලෙන තර්ක ගේනවා.

 
ඔය අතරේ අපේ නගා පොඩ්ඩ සුපුරුදු පරිදි කාමරේ ඉඳන් අපේ කතාවට ඇන්ටනාව හරෝගෙන ඉඳලා.


"ඔයා ඔතන හොඳ කිවුවට ඔෆිස් එකෙන් එලියට බහිද්දි රෑ හතහමාරයි, අටයි නෙ ළමයෝ. මෝර්ගේජ් බෑන්ක් (mortgage bank) එක කොයිතරම් හොඳද. අනේ මන්දා ඔයාලත්." අම්මා කියනවා.


නගා පොඩ්ඩ හෙමීට මගේ කාමරේට ඔලුව දැම්මා.

"මොකද්ද අම්මා මෝර් ගේන් එක්සෑම් (more gain exam) කියන්නෙ?" මූ අහපි.


"මොකක්?" මමයි අම්මයි දෙන්නාම ඇහුවෙ එකට.

"ඇයි අක්කට යන්න කිවුවෙ මෝර්ගේන් එක්සෑම් එකකට ලියුමක් ආවා කියලා."


එතනින් එහාට පැය කිහිපයක් යනකම් අපේ නගාගේ තත්වය අතිශය ශෝචනීය වුන බවට කවර කතාද?




අපේ පොරගෙ කන ඇතුලේ වංගු පිහිටලා තිවුනෙ චූටි කාලෙ ඉඳන්මයි. දවසක් මුන්දෑ කණ්නාඩිය දිහා බලාගෙන තනියම ඇක්ට් කරනවා ඒ කාලෙ ටී.වී. එකේ ගිය ඇඩ්වර්ටීස්මන්ට් එකක.


"කෝ බොල පුහුණුව?"

"විශිෂ්ඨයි සර්!"

"ඉඳුං හිතුං?"

"විශිෂ්ඨයි සර්!"

"කෝ බොල කෑම?"

"අති විශිෂ්ඨයි සර්!"


 
කස්ටියට දැන් මතක ඇතිනෙ ඇඩ්වර්ටීස්මන්ට් එක.





තවත් දවසක ඔන්න බස්සියි නංගියි ඉක්කෝලෙ යන්න ලෑස්ති වෙනවා. නගා පොඩ්ඩගෙ කොණ්ඩෙ උඩට කරලා පොල්ගහක් වාගෙ ගැටගහලා තමයි යවන්නෙ. අම්මා ඕක පීරනකම් පොර උස පියානෝ ස්ටූල් එකක් උඩ ඉඳගෙන කකුල් දෙකත් පද්ද පද්දා සිංදුවක් කියනවා.





"කැකිරි පලං ටිකිරි හිනාවෙයි
ඇගෙ එකෙන් දෙකෙන් දිනං හිනාවෙයි
ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ඉකිරි හිනාවෙයි

ඇගෙ මාමණ්ඩී මාමණ්ඩී පාර කපනවා
ඇගෙ මාමණ්ඩී මාමණ්ඩී පාර කපනවා"

 
ඕක අහලා අන්තිමේ බස්සිගෙ හිනාව නැවතුනේ පොඩි එකාට ඔච්චම් කරනවා කියලා අම්ම පනාවෙන්ම ප්‍රහාරයක් එල්ල කලාටත් පස්සෙයි.


මේ පෝස්ටුව පල කිරීමෙන් පසු බස්සිගේ දීර්ඝ නිහැඬියාවක් පැවතුනොත් මල් සහ පළතුරු රැගෙන මා බලන්නට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට එන්න!!!

56 comments:

  1. මේ පෝස්ටුව පල කිරීමෙන් පසු බස්සිගේ දීර්ඝ නිහැඬියාවක් පැවතුනොත් මල් සහ පළතුරු රැගෙන මා බලන්නට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට එන්න!!!//

    ඒ කියන්නේ නංගිට බයයි නේ

    ReplyDelete
    Replies
    1. සුපුරුදු පරිදි මන් කොල්ලා අදත් එක ඈ

      Delete
    2. comment එක දැම්මේ මේ පොස්ට් එක පල කරලා විනාඩි 5 කට පස්සේ

      Delete
    3. නංගිට බය නොවී පුලුවනැයි. උන්දැ ඉස්සර පුංචිවට හිටියට දැං මං වාගෙ තුනක් විතර ඇති.

      Delete
    4. ඇත්තට මොකද්ද මේ හැමදාම එක වීමේ රහස??

      Delete
    5. හික්ස් වෙලාවට අපේ එකා මගෙන් බාගයයි

      Delete
    6. අපේ එකාත් ඉස්සර එහෙම තමයි හිටියෙ. හත අට වසරට එනකොට වෙද පප්පාගෙ කසාය හැලියකට වැටුනද මන්දා....

      Delete
  2. හිහිහී...අයියෝ නංගි! :P

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි කියන එක වෙනුවට ඒකත් ගැලපෙනවා නේද? ;)

      Delete
    2. ඒක නේන්නම් දැම්මේ... ;)

      Delete
  3. මෙයාටම හරියන නඟා... හි හි

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව හිරූ අක්කේ

      Delete
  4. අපෝ වැඩක් නෑ... කයිය නම් ගමටම ගහන්න. ඒ උනාට නංගිට බයයි

    හූඌඌඌඌඌ........ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ රජෝ මේ.... මම එහෙම ගුටි කන්නෙ නෑ හරී... අපි එහෙම බය නෑ! මොකද මේ සතියෙ මට ගෙදර යන්න වෙන්නෙ නෑ ;)

      රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. හෆ්ෆාට සිලි මෙය බයට ගෙදර යාමත් මග ඇරලා.....වුෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්

      Delete
    3. උන්දැගෙ අසහාය දේහ පරිමාවයි, කොල්ලො වාගෙ අත නමලා ඩිෆ්ස් ගැසීමෙන් වර්ධනය කරගත් හක්ක කුඩුවෙන පන්ච් එකයි නිසා බය නොවී කොහොමදෑ...

      Delete
  5. නියම කතාව! :D :D
    කිව්වට මොකද ඔය නගාලා කියන සත්ව වර්ගයා බයිට් වෙන්නම උපන් අයද මංදා.. (මටත් admitවෙන්න වෙයිද දන්නෙ නෑ) ;)

    ReplyDelete
    Replies
    1. හැබෑව. බයිට් වෙන්න සහ අපිවත් ඒ සමගම බයිටෙන් නාවන්න උපන් අය. අපෙ උන්දෑ මට ආන් එහෙම කොරපු කතාවකුත් තියෙනව ඒකත් ලියන්න ඕන.

      Delete
    2. ලියන්න ලියන්න..තව ජොලි කතාවක් වෙන්න ඕන අනිවාර්යෙන්ම..:P

      Delete
  6. නංඟිලා ඉන්න අක්කලා අයියලා ඔක්කොමගෙම තත්වේ ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. සර්ව සාධාරණ සොඳුරු ඉරණමක්....

      Delete
  7. " පූරුවෙ කරුමෙකට බස්සිට හිත දෙන්නේම නෑ නෙව අට - හතර ජොබකට ගිහින් සැනසිල්ලෙ ඉන්න." ඔය කරුමේම මටත් පලදීලා තියෙනවා නොවැ. කට්ටිය පලතුරු අරං බලන්ට ආවාම පදිවිදයක් එවන්න අපි එන්නං , ලෙඩ ඇන්දේ ඉඳන් තනියම කන්ටත් බෑනොවැ..:D

    ReplyDelete
    Replies
    1. අර කරුමය ගැනනම් කවර කතාද?!

      නිකම්ම අත් දෙක වනවනා එන්ට එපා අනේ. ඇපල් මිදි ටිකකුත් අරන්ම එන්න.

      Delete
  8. නංගිගේ වයස කියද ????

    ReplyDelete
  9. නිකම්ම ඉන්ටර්වීව්වලට කතා කරනවාද? ඇප්ලිකේෂන් දාන්නේත් නැතුව?

    ReplyDelete
    Replies
    1. බස්සා ඇපිලිකේසොන් සාදා දුන් බවද, අපේ මවුතුම්ය එය තැපැල් කල බවද මෙයින් දන්වා සිටිමි.

      ඇප්ලිකේශන් නොදා කතා කරපු ඉන්ටර්විවු එකකින් තමයි මම අද කරන ජොබ් එක සෙට් වුනේ. දැන් ඇප්ලිකේශන් කෝල් කරන් නැතුව head hunting මගින් ගොඩාක් recruitment කෙරෙනවා ක.කා.

      Delete
    2. එහෙමත් එකක් ද? කොහොම වුණත් ඉතින් තමන් ගෙ ජීවිතේ ගැන තීරණය කරනකොට මුල් තැන ගන්න ඕනෙ තමන් නොවැ.

      Delete
    3. ඒක සැබැයි සැබැයි සැබැයි!!

      අපේ මවුතුමියත් අපරාදෙ කියන්ට බෑ, මේන් මේ ජොබ් එකට පල කියලා වද දෙන්නෙ නැතුව මට මම කැමති දේ කොරන්ට ඉඩ දෙනවා. පොඩි පෙළඹවීමක් කොරන එක විතරයි කරන්නෙ අම්ම කැමති විදියෙ ජොබ් එකක් ගැන කියලා.

      Delete
  10. මොකක්ද කිවුවෙ.ඇහුන් නැ

    ReplyDelete
    Replies
    1. ඇහුන විදිය කියන්ටකෝ... ඒක තමයි වටින්නෙ.

      Delete
  11. නංගි කෙනෙක් බැවින් අක්කලාගේ අත්දැකීම් නම් නොදනිමි. හැබැයි අපේ අක්කනං පොඩි කාලෙ ඉදන් මට බයයි ඈ. මං දන්න තරමින් ගොඩක් අක්කල එහෙම තමයි. බය වෙන්න වෙච්ච දේවල් ගොඩක් හින්ද තමයි අපේ අක්ක නං මට බය. මං ඉතිං නසරානි නෙ. හික්ස්.
    අර 8-4 ජොබ් එකනං ගියොත් තේරෙයි කවදාවත් 8-4 ඉවර කරන්න පුළුවන් වෙන එකක් නෙවේ කියල. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. බැංකුවල 8-4 වගේ පෙනුනට කරන්න වෙන්නෙ 8-7 වගේ ඩියුටියක්. හැබැයි හොද කට්ටියක් සෙට් වුනත් ෆන් තමයි... :)

    ReplyDelete
    Replies
    1. හිහී... දැනුත් ගොඩක් දවස්වලට අට- අටහමාර, නවය වගේ නිසා එහෙමට අවුලක් වෙන එකක් නෑ එහෙනම්. අනික ඕකට අකමැති වෙන්න තව කාරනා ගොඩාක් තිබුනා.

      මම නම් අපේ නගාට බය උන්දැගෙ අසහාය දේහ පරිමාවයි, කොල්ලො වාගෙ අත නමලා ඩිෆ්ස් ගැසීමෙන් වර්ධනය කරගත් හක්ක කුඩුවෙන පන්ච් එකයි නිසා....!!!

      Delete
  12. බලන් ගියාම නගා බස්සිට හපන් වගේ.
    ජොබ ගැන ගන්න තීරණ නම් හැමෝ එක්කම කතා කරලා ගන්න එකත් හොදයි. විශේසයෙන්ම බස්සාගෙන්. හැමෝගෙම අදහස් අරන් ස්වාධීන තීරණ‍යක් ගත්තනම් හරි.
    දැන් ඉතින් ඒ ඉන්ටරවිව් එකට මක්කැයි උනේ??

    ReplyDelete
    Replies
    1. බස්සාගෙන් අහන්ට දෙයක් නෑ ආය. දැන් අපි දෙන්නා ජොබ් කරන්නෙ එක ළඟ ඔපිස් දෙකේ වෙච්චි කොට, යන එන වෙලාවත් එකම වෙච්චි කොට තවත් මොන කතාද!!

      ඉන්ටර්විව් ගියෙ නැත. තියෙන එක හොඳයි කියා දාහක් තර්ක දමා බස්සි ජයගත්තේය. බැංකු වලට යාමේ ලොකුම වාසිය වෙහිකල් සහ හවුසින් ලෝන්ය. තව අවුරුදු කිහිපයකින් ජොබ අත්හරින බස්සිට ඒ ලෝන් වලට කරගහන්නට බැරිය. :)

      Delete
  13. හික්ස්.........මේකිගෙ කනේ නං වංගුමද කොහෙද?:D (මාව අඳුරන්නෙ නැති හිංදා කිවුවේ,කියන්ට එහෙම එපා හොඳේ ):D :D

    ReplyDelete
    Replies
    1. කියන්ට දෙයක් නෑ.... පොර පාඩම් කරනකම් හොරෙන් හොරෙන් පෝං එකෙන් අන්තර්ජංජාලෙ කරක් ගහනවා නෙව. උන්දෑම දකීවි රෙහානි අක්කව. මම හිතන්නෙ එයා ලා දම් අහසත් කියෝනව වෙන්ට ඕනෙ කොමෙන්ටු එහෙම නොදැම්මාට.

      Delete
  14. ඉස්පිරිතාලේ යන්නේ බස්cගෙ කනේ අමාරුවටද? ඇමති කෙනෙක් ගාවට ගිහිල්ලා කැසිනො එපා කියන්න. කනේ අමාරුව හොඳ කරයි.

    ReplyDelete
    Replies
    1. අරූ කියවන්නෙ නැතුවම කොමෙන්ටුවක් කොටලා ගිහින් වගේ. මගෙ නෙමෙයිනෙ කනේ වංගු තියෙන්නෙ. :D

      Delete
    2. අන්න ලෙඩේ ළමයෝ.....මම පෝස්ට් එක හරියටම කියෙව්වා. ඕක දැම්මෙත් හිතලමයි. ඒකනේ හොස්පිටල් යන්නේ බස්cගේ කනේ අමාරුවටද ඇහුවේ. අනිත් අයගේ කන් ඇහෙන්නේ නැහැ කියන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ කන් ඇහෙන් නැති අය. දැන්වත් ඇහුනද?

      Delete
    3. ඇහුනා ඇහුනා.... අනේ මංදා අරූට පිස්සුද මට පිස්සුද කියල.

      Delete
  15. බස්සි අක්කේ නංගිගේ photo එකක් දානකම් මම මේ බලන් ඉන්නේ...:D

    ReplyDelete
    Replies
    1. FB දාලා ඇතිනේ... දැක්කෙ නැද්ද?

      Delete
    2. කෝ බලන්න. අහ ඉන්නවා. නංගි single ද double ද :D

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. yasodha ge chaater seen danagannata subodatada nangeetada blog 1k sada deeme jathika wagakeemata pelagasemu.....
    .......balayanta ellawana prachandathwayata erehi jathika sandanaya.......

    ReplyDelete
    Replies
    1. පිස්සුද හැටිද අනේ මන්දා ඉතින්.

      Delete
  18. මේ පෝස්ටුව පල කිරීමෙන් පසු බස්සිගේ දීර්ඝ නිහැඬියාවක් පැවතුනොත් මල් සහ පළතුරු රැගෙන මා බලන්නට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට එන්න!!!

    පවු අහිංසක නංගි . :p :p

    ReplyDelete
    Replies
    1. පව්! හෙහ්. වාසනාවට හොස්පිටිතාලෙ නොගිහින් බේරුනා.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. අපෙ නංගි තලා කොලං බෑ! එක හින්දා නෝ කොමෙන්ට්! :3

    ReplyDelete
    Replies
    1. හික්ස්! යා යා ක්‍රේසි ෆෑන්ස්ලාව තරහ කොරගෙන කෝමෙයි.
      (නාරීයා ලේඩ...වේලා ආ... ඒකත් දාල තව පෝස්ට් එකක් ලියන්න වෙනව 'කනේ වංගු පාර්ට් ටූ කියල.)

      Delete
  21. හිහිහී.......සුබෝධා!!

    ReplyDelete