Sunday, October 27, 2013

දළඹු මතකයෙ සදා සිරවුණ - ළදරු සමනලයෙකුගේ වැලපුම

 
ගගන සරන්නට කියා
බිඳුණු අත්තටු හඬයි
දිරාපත් කොළ තිබේ
විඩාපත් මං වගේ

කදෝ කිණි රුපු වගේ
රැයට ඉඩ දී යමි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ

සමනලුන් එන මගේ
සිහින විසිරී තිබේ
බිඳුණු සිත් ගෙනෙනා
මිහිරි ගීයක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ
 
 
වාදිශ දේවම්න්ද වික්‍රමනායක ඒකපාර්ශ්වික ආදරයක තවත් එක් අවාසනාවන්ත උරුමක්කාරයෙකු ලෙස හැඳින්විය හැකිය. ඒ උරුමය වාදීශට ආශිර්වාදයක් වන්නේ වේදනාව පදවැලක සඟවන්නටත්, ගී තනුවක දවටන්නටත් අසහාය හැකියාවක් ඔහු උපතින්ම ලද බැවිනි.


ආදරයේ උරුමක්කාරිය වන පුණ්‍යා වාදීශගේ ඒක පාර්ශ්වික ආදරය ගැන හාංකවිසියක් නොදැන තමාගේ ලොවක දිවි ගෙවන්නීය. පුණ්‍යා වාදීශගේ ආදරය දැනගත්තද ඔවුනට එක්වීමට නොහැකි වනු ඇත.  එහෙයින්ම මේ අප්‍රකාශිත හුදකලා ආදරය විශ්වයම ආමන්ත්‍රණය කරන්නාවූ මියුරු පද වැලින්ද, සොඳුරු ගී තනු රටා වලින්ද ඔපවත්ව රස ගුලාවක් මවයි.
 
 
 
 
නව යොවුන් වියේ ඇතිවන තවත් අප්‍රකාශිත ආදර කතා බොහෝවක් ඇති බවද, ඒ ආදර කතා සමහරක් හදවතේ ගැඹුරුම තැනක නිදන්ව ජීවිතය පුරාවට හිත කොනිති ගසන බවද සමනළ සංධ්වනිය නරඹන කල්හි පසක් වෙයි.

 
සමනළ සංධ්වනිය අප්‍රකාශිත ආදරයක සිරකාරයෙක් වූ වාදීශගේ කතාව පමණක් නොවේ. එය හුදු ශෘංගාරයෙන් එහා ගිය සදාතනික ආත්මීය බැඳීමක ජීවමාන සාක්ෂිකාරියක් වන පුණ්‍යා දිසානායකගේ කතාවයි. සිය හදවතේ ඇති ආදරය, අන්තිම බිංදුව දක්වාම පුණ්‍යා වෙනුවෙන් කැප කල වාදීශගෙන් වේදනාත්මක සමුගැනීමක් පමණක්ම ලද ඔහුගේ පාසැල් මිතුරියගේ කතාවයි. වාදීශ සිය කුටුම්භය තුල දිරාගිය කොළයක් බවට පත්වනු දැක දැකම ඔහුට ඒක පාර්ශ්විකව තම කොන්දේසි විරහිත ආදරය පතුරවන සෞන්දර්යාගේ කතාවයි.

 
එය ඔබේත්, මගේත් කතාවක් වන්නේ එබැවිනි.

 
කුඩාකල තාත්තාගේ ඇකයේ හිඳ "අකාල සන්ධ්‍යා" නරඹද්දී තාත්තා කියා දුන්නේ ජයන්ත චන්ද්‍රසිරි තුන් කල් දක්නා සිනමා කරුවෙක් බවයි. ඔහුගේ නිර්මාණ බොහෝවක් ඉතා දීර්ඝ කාල පරාසයක විහිදෙන අතරම එම කාල රාමු අතර ඇති විෂමතා මොනවට විදහා දැක්වීම අතින් ජයන්ත චන්ද්‍රසිරි අති දක්ෂයෙකු වූ බැව් කිවමනාය.


වාදීශගේ අප්‍රකාශිත ආදරයේත්, පුණ්‍යාගේ සදාකල් නොමියෙන ආදරයේත් කේන්ද්‍රස්ථානය වන්නේ කුමාරි උද්‍යානයයි. උද්‍යානයේ පසුතල නිර්මාණය වසර විසි එකක කාල පරාසය තුල වෙනස් වී ඇති ආකාරය ඉදිරිපත් කර ඇති අපූරුව ප්‍රශංසනීය ය.
 
 
 


වෙනකක් තබා චරිතවල භාෂා භාවිතයද විසි වසරක ඇවෑමෙන් වෙනස් වී ඇති අයුරු සිනමාකරුවා සියුම් ලෙස ඉදිරිපත් කරයි. මේ විපර්යාසය මනාව දැකගත හැකි වන්නේ සිංහලයටත් වඩා ඉංගිරිසියෙහිය.


පද මාලා අතින්ද, නාද රටා අතින්ද මෙතෙක් බිහිවූ පොහොසත්ම සිනමා පටය මෙය විය හැක. දර්ශණ රුවන් දිසානායකයන්ගේ ස්වර මාධූර්යය ප්‍රේක්ශක සිත් සතන් රසාලිප්ත කරවමින් රූපයෙන්, දෙබසින් නොකී වාදීශගේ හදවතේ සියුම් තැන් හෙමි හෙමින් දිගහරී. අමිල තේනුවරගේ පද ගැලපුම සමනළ සංධ්වනිය නම්වූ මුතුහරේ තවත් අනගි මුතු ඇටයකි. සිනමා පටය "රූපමය ඔපෙරාවක්" ලෙස හැඳින්වූවත් මා වැරදි නැතැයි හැඟෙන්නේ එබැවිනි.


සිනමා පටයේ ගීත අතරින් බොහෝ දෙනා වැළඳ ගත් ගීතය වූයේ අමරසිරි පීරිස් ගයන "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" ගීතයයි. එසේ වතුදු, සිනමාහලෙන් එලියට පය තබන විට මගේ දෙසවනේ දෝන්කාර දුන්නේ වෙනත් ගීතයකි.
 
 


මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා

දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ...
අන්ධ අහස සේ...

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ
සුමුදු පෙති සිඹිනු බෑ

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්
දොම්නසක් පිරේ නම්

ගීතය නිමැවෙන්නේ වාදීෂ අතින් ඔහුට පාසල් වියේදී ඒක පාර්ශ්විකව ආදරය කරන ගැහැණු ළමයාට සමුගැනීමේ තිළිණයක් වශයෙනි. ඇය ගයන වචනයක් පාසා දෙනෙතින් කඳුලු ගලන අයුරුත්, වාදීෂ ඒ නොදුටුවා සේ වාද්‍ය වෘන්දය මෙහෙයවන අයුරුත් හද සසල කරවන සුලුය. භාව ප්‍රකාශනය අති විශිෂ්ඨය.
 
 
 


 
වාදීශගේ සොයුරාගේ චරිතය නිකම් ජෝකරයෙක් යැයි සමහර විචාර වල සඳහන්ව ඇති අයුරු දුටිමි. නමුත් මගේ අදහස නම් පුබුදු චතුරංග එම චරිතයට උපරිම සාධාරණය ඉටු කර ඇති බවයි. ඔහුගේ සෑම වචනයකින්ම ගොඩනැගෙන්නේ මවා ගත් රලු ප්‍රාවරනයක් තුල සැඟවී සිටින සංවේදී සිතැති ආදරණීය වැඩිමහල් සොයුරාය. ආයාසයකින් තොරව ප්‍රේක්ශක මුවගට සිනහවක් නංවන පුබුදු සිය චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර අතැයි මම සිතමි.
 
 


කෙසේ වතුදු, සිනමා පටයේ දුර්වල තැන් කිහිපයක්ම වූ බවද අකැමැත්තෙන් වුව කිවමනාය.


තාත්විකත්වයෙන් ඔබ්බට ගිය පලමු පියවර වන්නේ පුණ්‍යාගේ ලියමන වාදීශ අත පත් වන අවස්ථාවයි. සිනමා කරුවෙකුගේ පරිකල්පනා
ට සීමා මායිම් නොමැති බැව් සැබෑය. නමුදු එම අවස්ථාව මදක් තාත්වික වීනම් යෙහෙකැයි හැඟේ.


තාත්විකත්වය නැසූ දෙවන අවස්ථාව වනුයේ විවිධ ප්‍රසංගය හමාර වීමෙන් පසු කාරයේ නැගී යන වාදීශගේ යෙහෙළියන් දෙදෙනා අතර හුවමාරු වන වදන් පෙලයි. 1990 කාලයේ උසස්යැයි සම්මත පවුලක ගැහැණු ළමුනට නොහොබිනා ලෙස දෙමලිච්චියක් ලෙස ඔහේ දොඩවන දැරිය, එම අවස්ථාවට කොපමන දුරට ඔබින්නේදැයි ඇතිවන්නේ සැකයකි. එම වදන් වැල වාදීශට පෙම් කරන දැරිය එතෙක් දුර ගොඩනැගූ චරිතයටද යම් තරමක හානියක් කලාදෝ යන හැඟීමක් සිතෙහි මෝදු වෙයි.


ජයන්ත චන්ද්‍රසිරි නම් ප්‍රවීන සිනමාකරුවාට තරම් නොවේයැයි හැඟෙන අනෙක් අවස්ථාවනම් 1993/මාර්තු/7 වැනිදා උද්‍යානයට යන පුණ්‍යාට මුනගැසෙන ජෝකර්ලා දෙපලයි. හාස්‍ය රසය නොඅඩුව තිබුන බැව් සැබැවි. නමුදු එයින් සිනමා පටයට එක්වූ කියැවීම කුමක්දැයි මටනම් වැටහුනේ නැත.
 
 


 
තවද, බොහෝවිට අධි රංගනයේ යෙදෙන දමිතා අබේරත්න මෙම සිනමා පටයේදී තරමක් දුරට හෝ සංයමයකින් රංගනයේ යෙදුනත්, ඇය නේවාසිකාගාර හිමිකරුගේ කාමරයේ ඇති සොරකම් කල යට ඇඳුම් තොගය දුටු මතින් සිහිසුන් වීමත් "මෝඩ ජෝක්ස්" ගණයට වැටෙනවා නේදැයි සිතුනි.


සූර්යා ගයාරුවන්, උද්දික ප්‍රේමරත්න, යශෝධා විමලධර්ම මෙන්ම පුබුදු චතුරංගද, බුද්ධිනී පූර්ණිමා ද භාව ප්‍රකාශනයේ අති දක්ෂයන් බව සිනමා පටය අවසන මම පසක් කලෙමි. චරිතය ගොඩනැගීමට අදාලව නලු නිලියන්ගෙන් ගත යුතු උපරිමය උකහා ගැනීම අධ්‍යක්ෂක තුමා සතු අපූරු හැකියාවක් බවද කිවමනාය.

 
පුබුදු චතුරංග (වාදීශගේ සොහොයුරා.) ඔහුගේ ලියමන උදුරා ගත් පසුව වාදීශට පවසන දෙබස් ඛණ්ඩය ප්‍රේක්ශකාගාරයේ හුන් බොහෝදෙනාගේ මුවගට සිනා නැංවීය. නමුදු සිනා හඬ දෙසවන දෝන්කාර දෙද්දී මා කම්පිත වී බලා උන්නේ වේදනාව සිරකරගත් වාදීශගේ ගැහෙන දෙකොපුලත් සැලෙන දෙතොලත් දෙසය. සූර්යා දුර ගමනක් යන්නට විභවයක් සහිත අංකුර ශිල්පියෙක් බව ඔහුගේ රංගනයෙන් මොනවට පැහැදිලි වේ.

 
කියන්නට බොහෝ දේ ඇත. නමුදු මෙතැනින් නවතිමි. ඔබත් යන්න. අපේ කතාව, ඔබේ කතාව දකින්න.

 
සමනළ සංධ්වනිය ගැන මා කියැවූ අපූරුම "හයිකු විචාරය" මේ ලිපියට සුදුසුම අවසානය යැයි මම හඟිමි. හයිකු විචාරය පබැඳුනේ "ගිහාන් රුද්‍රිගු" අතිනි. උපුටා ගැනුම www.Lankadaily.lk වෙබ් අඩවියෙනි.


පමාවී හරි
උයනෙ සුපිපුණ
ළපටි කුසුමක
යැදුම අතහැර


පරණ මලකට-තරව ලොබකොට
ලියුම් කරදහියකට යට වුණ
දළඹු මතකයෙ සදා සිරවුණ
ළදරු සමනලයෙකුගේ වැලපුම
 
සමනළ සංධ්වනිය
 
 
 

51 comments:

  1. "සමනළ ස්ංධ්වනිය" බලන්නම වෙනවා නේද?

    ReplyDelete
  2. Next weekend aniwa, mama thaniyama hari gihin meeka balanawa... :)

    ReplyDelete
    Replies
    1. එල එල. යාලුවො එක්ක නැතුව තනියෙන්ම ගියොත් තවත් හොඳට විඳින්න පුලුවන් වෙයි මම හිතන්නෙ.

      Delete
  3. මමත් film එකේ වැඩියෙන්ම කැමතිත් ' මගේ සිහින මැදුරේ ' එකට.
    //තාත්විකත්වයෙන් ඔබ්බට ගිය පලමු පියවර වන්නේ පුණ්‍යාගේ ලියමන වාදීශ අත පත් වන අවස්ථාවයි//
    මේකට මම නම් එකග නෑ.
    පාසල් පෙම්වතිය ගැන කතාව මට පැහැදිලි නැත.

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නෙ ලියුම් කාරයා ඒ විදියට ලියුම් මග අත ඇරලා යන කොටස ටිකක් අස්වාභාවිකයි කියලා. (ඒ වුනාට අද හැදෙන බහුතරයක් සිනමා නිර්මාණ වලට වඩා නම් ඒ කොටසත් බොහොම ඉහලයි.) ඒත් මම ඒ අතාත්වික බව දැක්කෙ මේක ජයන්ත චන්ද්‍රසිරි කියන මහා සිනමාවේදියාගෙ නිර්මාණයක් නිසයි.

      Delete
  4. මේක බාගන්න torrent එකක් නැද්ද දන්නේ නෑ...:D

    ReplyDelete
    Replies
    1. ගිහින් බලපං ට්‍රේසියෝ. ඒ මිනිස්සු සල්ලි වියදම් කරලා කට්ට කාලා හදපු ෆිල්ම් එක, ෆිල්ම් හෝල් එක අත ළඟ තියාන නිකං බලන එක පවු නේ.

      Delete
    2. මම කියුවේ ඔයාගේ blog එක බාගන්න :P

      Delete
  5. මෙහෙම කිවුවට බෑ අෆ්ෆා.. බලලම ඉන්න ඕන..

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් දාලා ෆිල්ම් එක බලලා යන්න මෙහෙ එන්නනෙ තියෙන්නෙ. ;)

      Delete
  6. මාත් මේ පැත්තේ ආවා,,,,,,,චිත්‍ර පටය බලලම එන්නම් අදහස් ලියන්න

    ReplyDelete
    Replies
    1. බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ශානු. දිගටම එන්න.

      Delete
  7. "පොමනේරියන් බස්සිට සමනල සංධ්වනිය බොක්කටම වැදිලා වගේ.
    බස්සි විචාරයටත් ඇති දක්ෂයි නොවැ . මේ වීකෙන්ඩ් එකේදී අනිවා බලනවා ..." හුදු ශෘංගාරයෙන් එහා ගිය සදාතනික ආත්මීය බැඳීමක " අද කාලේ මේ තත්වයේ බැඳීම තියෙන්නේ කීයෙන් කීයද බස්සි

    ReplyDelete
    Replies
    1. අනේ ඕ.ලෙවල් සිංහල විචාර ලිවුවාට පස්සෙ මෙහෙම එකක් ලීවාමද කොහෙද. අඩුපාඩු නම් කොතෙකුත් ඇති. තැන්කූ පවුලූශා.

      නිවාඩුවක් දාල හරි බලන්න යන්න තරම් වටින ෆිල්ම් එකක්. වීකෙන්ඩ් එකේ වෙලාව හදාගෙන ගිහින් බලන්න. බලලා ඇවිත් කියන්නකෝ ෆිල්ම් එකේ රහ.

      Delete
  8. මගෙ අදහස්වලට වඩා ටිකක් විතර වෙනස්. ජෝකර්ල දෙන්න නම් මටත් ප්‍රශ්නයක් වුණා තමයි. මම හිතන්නේ ජයන්ත චන්ද්‍රසිරිට වුවමනා වුණේ එක් එක් පුද්ගලයන් ගේ මනෝභාව දිහා ගැඹුරින් බලන්න. කොහොම වුණත් මෙහෙම ගොඩක් කතා බහ ඇති වෙනවා කියන්නෙ මිනිස්සු චිත්‍රපටිය වැලඳගෙන තියනවා කියන එක නේ. ඒක සතුටක්.

    ReplyDelete
    Replies
    1. ජෝකර්ලා දෙන්නාත් කමක් නෑමයි කියමුකෝ. ඒක එතනට ගැලපෙනවා මදි කියල හිතෙනව දිලිනි, හිනා යනව නම් තමයි. මට ඇල්ලුවෙම නෑ දමිතා ෆේන්ට් වෙන සීන් එක. මෙන්න විනාඩි දෙකකින් අපූරුවට කඩා බිඳගෙන දුවගෙනත් එනවා වැටිච්ච එකා. (මම උන්දැට වැඩි කැමැත්තක් නැති නිසාද මන්දා එහෙම හිතෙන්නෙ.)

      Delete
  9. අනිව යනව නගේ එකිත් එක්ක ඕක බලන්න.... එකිත් කැමැත්තෙන් ඉන්නෙ.....

    ReplyDelete
    Replies
    1. එල එල. දෙන්නාම බලලා ඇවිත් කියන්නකෝ ෆිල්ම් එක රහද කියලා.

      Delete
  10. බලන්න විදියක් නැතෝ................

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොත්තුවක් කාලා නිදාගන්න ජාලයට වැටෙනකම්.

      Delete
    2. කොත්තුත් නෑ තොත්තුනම් තියෙනවා

      Delete
    3. එහෙනම් මැලේ කෙල්ලෙකුට එයින් එකක් දීලා බලා ඉන්න ෆිල්ම් එක ජාලෙට වැටෙනකම්. :P

      Delete
  11. ජොකර්ලා දෙන්නාව මැරයෝ දෙන්නෙක් කලානම් වඩාත් හොදයි කියාලා හිතුනා.
    කාර් එකේ සිද්දියත් ටිකක් නොගැලපෙන ගතියක් තිබුනා.
    වෙන වැරදිනම් තිබුනේ දැක්කේ නැ.
    එකම එක තව අවුලක් තිබුනා, ෆිල්ම් එක අස්සේ රන්ජන්ගේ ගොන් ෆිල්ම් එකක ඇඩ් එකක් දාපු එක තමා.

    ReplyDelete
    Replies
    1. මෙහෙ නම් එහෙම එකක් වුණේ නෑ.

      Delete
    2. එහෙනම් මම බලපු හොල් එකේ දාපු ඇඩ් එකක් වෙන්න ඇති......

      Delete
    3. ඒවා හෝල් එකේ දාන ඇඩ් නෙ කල්හාන්. ලිබර්ටි එකෙත් ඉන්ටර්වල් එක වෙලාවෙ මහින්ද මාමගෙ ඇඩ් එකකුත් දැම්මා. ඒවා ඉතින් නවත්තන්න බෑනෙ.

      Delete
  12. අප්‍රකාශිත මෙවුවා එකක් මටත් තියේ මොකෝ කරන්නේ ඈ.අප්‍රකාශිතයි කිවුවට මුළු section එකම දන්නෝ
    Felling ලැජ්ජයි :D

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙ සෙක්ශන් එක විතරනෙ. අපි ඉස්කෝලෙ යන කාලෙ අප්‍රකාශිත මෙවුවා අපේ ඉස්කෝලෙයි, සහෝදර පාසලයි, සමහර වෙලාවට අල්ලපු ටවුන් වල තියෙන පොඩි පොඩි පාසැලුයි.... නිකම් බී.බී.සී. එකේ දැම්මා වගේ.

      Delete
    2. කෙල්ලෝ කොහොමත් වට්ටි අම්මලා වගේ නේ හැම එකම හොයනාවා

      Delete
    3. ඈ මලයෝ.... උඹ හිතුවෙ සහෝදර පාසලේ ඉන්නෙත් කෙල්ලො කියලද. :P

      Delete
  13. මේක බලලම එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. බලලා ඇවිත් කියන්නකෝ හිතිච්ච දේ.

      Delete
  14. බස්සි ලියපු විදියෙන් නම් මට මෙක බලන්න ඔන කියල හිතුන

    ReplyDelete
    Replies
    1. අනේ... හරිම සතුටු හිතුනා ඒක ඇහුවාම. එහෙනම් බලලා ඇවිත් අදහස කියන්නකෝ.

      Delete
  15. මට බලන්න ඉතින් නෙට් එකෙන් අහු වුනොත් තමයි ..නියමයි බස්සියේ

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඔමා. ක්‍රිස්මස් නිවාඩුවට එන්නෙ නැද්ද මෙහෙ? (එතකම් ෆිල්ම් එක තියෙයිද මන්දා. තිබුනොත් බලන්ට පුලුවන් වෙයි.)

      Delete
    2. මෙදා එන්නේ නැහැ ඊලග සමර් එකේ තමයි එන්නේ ,, නෙට් එකෙන් සෙට් වුනොත් බලනවා

      Delete
    3. එහෙනම් රෙහානි අක්කා එක්ක එකතු වෙලා ඔයත් උදේ හවා අධිෂ්ඨාන කරන්න ෆිල්ම් එක නෙට් එක තුල පහළ වේවා කියල. :)

      Delete
  16. මට මේ ක බලන්න වෙන්නෑඈ..................... :(

    ඉලිසියායි

    ReplyDelete
    Replies
    1. ඉලිසියා කොලන්ට එපා රෙහානි අක්කේ. ෆිල්ම් එක ජාලය තුල පහල වේවා කියලා උදේ හවස අධිෂ්ඨාන කොරන්න. ;)

      Delete
  17. සිරිලංකාවෙ නැති නිසා ජාලෙට වැටුන දවසක බලමු...බස්සි කැමති නම් ඒ පැත්තෙත් කැරකිලා යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. එනෝ එනෝ... මම එදත් ඇවිත් ඔලුව දාලා බලලා පදිංචිත් වුනා. නිස්කලංකේ ඉන්න වෙලාවක එපැයි සිරා ලියන දිග පෝස්ටු කියවන්න. :)

      Delete
  18. ඔන්න ෆිල්ම් එක බැලුවට පස්සේ කියවන්න බුක්මාක් කර ගත්තා!

    ReplyDelete
    Replies
    1. ඒක හොඳා නාඩියෝ... මේකට කලින් පෝස්ට් එක නම් කියවන්න පුලුවනි ෆිල්ම් එක බලන්න යන්න කලින් වුනත්.

      Delete
  19. mekanum balannama one

    ReplyDelete
    Replies
    1. අනිවා බලන්න. හිතට වදිනවා මාර විදියට.

      Delete
  20. ඇත්තටම හරිම ලස්සන ෆිල්ම් එකක්. දෙතුන් පාරක් බලන්න තරම් ලස්සන වුනත් බලන්නනම් වුනේ එක පාරයි .. මමන අසම ෆිල්ම් හෝල් එකේම බලන්න ..

    ReplyDelete