ඔය පවුලෙ බාලයො කියන එවුවො ඉන්නවා නේද? හැමතිස්සෙම හරිම අවදානෙන් ඉන්නෙ තමන්ට කොයියම්ම මොහොතක හරි අසාධාරණයක් වෙනවද කියලා. කේක් කෑලි දෙකක් කපලා තිවුනානම් බලනව වැඩිමලා අත ගහපු එක තමන්ගෙ කොටහට වඩා ලොකුයිද කියල. ලොකුයි නම් එහෙම එතන තුන්වෙනි ලෝක මහා යුද්දෙ තමයි. බැරිවෙලාවත් කුඩා නම්? කතාවක් නැතුව කටට දෙකට වළඳනව තමන්ගෙ පංගුව.
බස්සිගෙ ගෙදරත් ඉන්නව නෙව ඔහොම සමාජ අසාධාරණේට විරුද්ධව නැගී සිටින බඩපිස්සෙක්. වෙන එකක් තියා ගෙදරදි බස්සි අම්මා තාත්තා එක්ක පොඩ්ඩක් හුරතල් වුනත් ආදරේ ලොකු පංගුව තමන්ට ලැබෙන්න ඕනෙ කියලා උන්දෑ වහාම යුද්ධ ප්‍රකාශ කරනව. ගෙදර බල්ලත්, පූසො සේරමත් උන්දෑගෙ තනි බුක්තියට වෙන් කොරගෙන තමයි ඉන්නෙ, ඉඳලා හිටලා හැඩ වැඩ නැති පූස් නැට්ටෙක් ඉපදුනොත් එහෙම ඔන්න අපිටත් අවස්ථාවක් ලැබෙනව 'පෙට් කැට්' කෙනෙක්ට උරුමකම් කියන්ට.

හුරතලේ වැඩි කමට මුන්දැගෙ බස් වල ගමන බොහොම සීමා සහිතයි. කොහේ යතත් තාත්තා හරි අම්මා හරි පස්සෙන් වැටී ගෙන එන එක තමයි පුරුද්ද.
මං එතකොට ඕ.ලෙවල් පංතියෙ. දන්නවෙනෙ ඉතින් ඒක ජීවිතේ සුන්දරම කාලෙ නෙව. පංති ඉවරවෙලා ටවුන් එකේ පොඩි රස්තියාදුවක් ගහලා බස් එකේ යාලුවො එක්ක කයියක් දාගෙන ගෙදර යන එක තරම් ආතල් එකක් නෑනෙ ඒ කාලෙ.
එදා අපේ බඩපිස්සා හෙවත් එකම සහෝදරීට ශිෂ්‍යත්ව පංති. බස්සිගේම කරුමෙකට තාත්තට එදා දුර ගමනක් යන්න වෙලා, අරුන්දැට ට්‍රාන්ස්පෝට් දෙන්න විදියක් නෑ. ඉතින් බස්සිට සිද්ද වුනාලු අකමැත්තෙන් හරි ක්ලාස් ඉවරවෙලා පුංචි සුරතල් සහෝදරීවත් බස් එකේ එක්කාගෙන ගෙදරට දක්කාගෙන එන්න.
කිවුවට මොකද පුංචි හුරතලා ඒ වෙනකොට බස් වල ගිහින් තිබුනෙම නැද්ද කොහෙද....
ඕන් ඉතින් ක්ලාස් ඇරුනු ගමන් බස්සි බොහොම දුකෙන් යාලුවො සෙට් එකෙන් වෙන් වෙලා නගාගෙ පංතිය ගාවට ආවා. යාලුවො පස්සෙන් සපෝට් එකට ආවෙ නැත්තෙ ඇයි අහන්න එපා, උන්ටත් ලොකු ලොකු වැඩ තියෙනවනෙ.
ශිෂ්‍යත්ව පංතිය ඇරුනා. ළමයි භාගයක් විතර එලියට ආවට පස්සෙ මේං එනවා අපේ පොර වැනි වැනි. පොඩි එකාගෙ මූණත් මැලවිලා නිසා කඩේකට ගිහින් දෙන්නත් එක්ක අයිස්ක්‍රීම් දෙකකටත් වැඩේ දීලා ඇද්දුවා බස් ස්ටෑන්ඩ් එකට.
මල හත්තිලවුවයි. යන යන හැම බස් එකකම කට කපලා සෙනග. අපේ පොර බස් එක දකිනකොට සෙනග වැඩී කියලා කෙඳිරි ගානවා. බස් එක ගියාට පස්සෙ කකුල් දෙක කකියනවා කියලා කෙඳිරි ගානවා. ඕනැ එකක් වෙද්දෙන් කියලා මං ඊගාව බස් එකට උන්දෑවත් ඇදගෙන නැග්ගාලු.
සෙනග කියලා ඉන්නෙ ඉතින් ඔක්කොම ක්ලාස් යන අපේ වයසෙ සෙට් එක තමයි. පුරුදු යාලුවො ගැන්සිය නැති අඩුව තදින්ම දැනෙනවා ඒ වාගෙ වෙලාවට.
"ආ... අද අම්මා ළමයවත් ගෙදර එක්කන් යනවා වගේ." බස් එකට නැගලා සුලු මොහොතකින් පිටිපස්සෙ සීට් එකක හිටපු එකෙක්ගෙන් සාදර පිළිගැනීමක් ලැබුනා. බස්සි අමාරුවෙන් කට පියාගෙන හිටියෙ දැන් කටින් වැටෙන හැම වචනයක්ම නගා පොඩ්ඩ ගෙදරට වාර්තා කිරීමේ අවදානමක් තිවුන නිසයි.
කොන්දා ආවා ටිකට් දෙන්න.
"එකයි බාගයයි." මං කිවුවා.
"කෝ බාගෙ?" කොන්දා ඇහුව. මං නිකට දික්කරලා නගා පොඩ්ඩව පෙන්නුවා.
අපේ එකා ඔරවලා මා දිහා බලාගෙන හිටියා. කට තාරා හොටයක් වාගෙ උල් වෙලා. "ඒක අසාධාරණයි." නගා පොඩ්ඩ ෆුල් වොලියුම් දාලා කියපි.

දෙයියන්ටම පෙනිච්චාවයි. මූ බස් එක මැද්දෙ අසාදාරනේකට විරුද්ධව නැගී හිටින්නයි යන්නෙ!
"මොකද්ද චුටික්කො අසාධාරණ?" වටේ පිටේ හිටපු කට්ටියම කන් දික් කරන් අහන් ඉන්නව උත්තරේ පිටවෙනකම්.
"මට බාගයයි. ඔයාට එකයි. ඔයා එකක් ගත්තනම් මටත් එකක් ඕනෙ. මාව බාගයක් විදියටද පේන්නෙ?"
දෙයියනේ පොළව දෙබෑ වෙලා මාව නොපෙනි ගියානම් ඒ වෙලාවෙ.
"මටත් එකක් අරන් දෙන්නකෝ. මට ඕනෙ. නැත්තම් මම අම්මට කියනවා......." පොර මගේ ගවුමෙ බෙල්ට් එකෙන් ඇද ඇද යුද්ධ ප්‍රකාශ කරනවා.
"කෝ ඉන්න නංගි මම ටිකට් දෙකක්ම දෙන්නම්." හොඳ වෙලාවට සීන් එක අවබෝධ කරගත්තු කොන්දොස්තර පිහිටට ඉදිරිපත් වෙලා එකයි බාගෙ ටිකට් එක මට දුන්නෙ අපේ නගාට ඇහෙන්න එහෙම කියාගෙන.
පොර ගමනෙ ඉතුරු ටික ගියෙ මට රව රවා. ඒකෙන් ලැබුන තෑග්ග තමයි මාසයක් විතර යනකම් අල්ලපු ඉස්කෝලෙ කොල්ලො බස්සිව දකිනකොට "අනේ මටත් භාගයක් අරන් දෙන්නකෝ" නැත්නම් "කෝ මගෙ භාගෙ" කියලා අහමින් බඩපුරා චාටර් කොරපු එක.

Bada palenna hinz ha ha hs
ReplyDeleteඅනේ අක්කෝ බඩ පැලුනොත් මේ රෑ දොස්තරලා හොයාගන්නෙ කොහෙන්ද? :O
Deleteහෆොයි! අල්ලපු ඉස්කෝලේ අපේ අයනම් හරිම අහිංසක සාන්ත දාන්ත ළමයි ටිකනේ කොහොමත්!
ReplyDeleteආයෙත් අහලා..... මාසෙකට පාරෙ බැහලා ගිහින් හමාරයි ඔහොම කේස් එකක් උනාම. නාඩියා දන්නවනෙ කස්ටියගෙ හැටි.
Deleteහපොයි.. නඟා කේස් එකක් නේ.. අපි නං බාගෙ ගන්න බැරි වෙනකම්ම, ඒ කියන්නෙ උස හින්දා කොන්දරට බොරු කියන්න බැරි වෙනකම්ම බාගෙ අරන් ඉතුරු ටිකෙන් කඩචෝරු කෑවා.. නඟාට හැමෝම හුරතලේට කඩචෝරු අරන් දෙන හින්දා වෙන්නැති ඔහොම... හි හි..
ReplyDeleteහතර වසරෙ ඉඳලා මං නං ඉතිං තනියෙන් තමයි බස් එකේ ගියෙ... අපේ අම්මට මලයව කරේ තියන් ඉස්පිරිතාල ගානේ යන්න වෙලා තිබ්බනෙ.. අනිත් එක ඉතිං අපේ අම්මා එච්චරම මගේ පස්සෙන් පැන්නුවෙ නෑ ඒ කාලෙ.. ආච්චිලා ආතලගෙන් බැනුම් අහ අහත් ළමයි තනියෙන් තමන්ගේ වැඩ කරගන්න, සමාජෙට පුරුදු වෙන්න ඕනෙ කියලා තනියෙන්ම බස් එකේ යන්න දුන්නා... ඒකෙන් වෙච්ච වාසිය හැමදාම වැඩිපුර දෙන දෙකයි පනහෙන් කඩචෝරු කන්න පුළුවන් වෙච්ච එක.. හි හි
හිහීහි.... :) නගා ඉන්නකොට බාගෙ ටිකට් ගන්න ගිහින් කොන්දාට 1 1/2 මීටර් වුනොත් කියලයි එකයි බාගයක් ගත්තෙ. කොහෙද ඉතින් අපේ පොර බස් ටිකට් ගැන දන්න තරම තමයි.
Deleteඔය බාලයගෙ මහ එකා මං උනානං , ඔය කියන දවසෙ කිසිම නැගී'සිටීමක් සිද්ද වෙන් නෑ. අගේට බාග දෙකයි කියල ටිකට් ගන්න තිබුනා. :)
ReplyDeleteමොකද මං 11 වසරෙදිත් එච්චරට මිටියි. ඒ'කාලෙ උඩ'බලාගෙන කොන්දයියලට බහින තැන කියල සල්ලි දුන්නම බාගෙ ටිකට් එකටය් ගාන කඩන්නෙ. හැබැයි සමහරුන්ටනම් දිග කලිසම නිසා මීටර් වෙලා මුලු ගානම ගන්නවා :(
මමත් මෙහෙම හිටියට හරිම උසයි. ලයිසන් ගන්නකොට උස දැම්මෙත් අඟල් දෙකක් එකතු කරලා.
Deleteඉස්සර මමත් ඒ.ලෙවල් ක්ලාස් යන කාලෙ යාලුවොත් එක්ක ඔට්ටු අල්ලනවා කොන්දට මාට්ටු නොවී බාගෙ ටිකට් එකෙන් යනවා කියල. (මොකද මගෙ යාලුවො සේරම උස ඩයල්.) ඔට්ටුව දින්නාම මට ක්ලාස් එක ගාව කඩෙන් සෝයා අයිස් එකක් අරන් දෙන්ට ඕනෙ. :D
Thaamath yudda prakasaa karanawada danne ne... :D :D niyamai nangi
ReplyDeleteනැතුව නැතුව කවී අයියා. ඊයෙ රෑ එකොලහට විතර ආපි කාමරේ දොර දෙබෑ කරගෙන යුද්ධ ප්‍රකාශ කරන්න. මම මැරුම් නොකා බේරුනේ නූලෙන්.
Deleteහොද වෙලවට මට පස්සේ මොකෙක්වත් හිටියේ නැත්තේ..
ReplyDeleteඔයාලා වාගෙ කස්ටිය ගැන තමයි පෝස්ටුවෙන් කියලා තියෙන්නෙ.
Deleteටොක්කක් ද ටොකු බාගයක් ද ඕනෑ කියලා ඇහැව්වනම් හරි.
ReplyDeleteසිරා කතාව කකා. නගාට අඬගහලා පෙන්නන්ට ඕනෙ මේ කොමෙන්ටුව. :D
Deleteඅපෝ ඔය බඩ පිස්සෝ ඔහොම්මම තමයි :D
ReplyDeleteවෙන එකක් තියා අර ගෑණු ළමයින්ගේ "අහවල් පාටි" එකටත් අයිතිවාසිකම් කිව්වනේ අපේ මලයා. "අක්කිට විතරක් ඇයි ? මටත් ඕනේ තෑගි ගොඩක් එක්ක පාටි එකක්" කිව්ව නේ එයා!! :D :D
හයියෝ... දැන් ඔය කතාව කියද්දි මලයට පොළව පලාගෙන යන්න හිතෙනවා ඇති නේද?
Deleteමේ කිරිල්ලිව බස්සිගෙ නවාතැනේදි අද තමයි දැක්කෙ. සාදරෙන් පිළිගන්නවා නවාතැනට!!
හොඳ වෙලාවට බස් එකක නිසා ලේසියෙන් බේරුනා කොන්දොස්තරගේ උපකාරෙන්. දුම්රියකදී වුනානම් තමයි වැඩේ. දුම්රියේ දී භාග ටිකට් දෙන්නේ ටිකට් එක ඉරලා භාගයක් කරලා.
ReplyDeleteඒ කාලෙ නගාව කෝච්චිවල එක්කන් ගියානම් මම මේ වෙද්දි කෝච්චියෙන් පැනලා අභාවප්‍රාප්ත වෙලා. මේ පාර Book Fair එකට ගිහින් ආපහු එද්දි නගාව කෝච්චියේ එක්කගෙන එන්න ගිහින් බස්සයි මමයි සුපිරි චාටරයක් කෑවෙ. තව කොහෙද චූටි කාලෙ වුනානම්.
Deleteහපුයි මටත් ඉන්නවා නොවැ ඔය වගේ වසවර්ති බඩ පිස්සෙක්....දැන් නම් මගේ පංගුව හොයන්ට එයයිට එන්ට විදිහක් නෑ නොවැ....
ReplyDeleteබෙදාගන්න බදාගන්න ඕම කෙනෙක් නැත්නම් ඉතිං වැඩකුත් නෑ වගේ තමයි..
ඒකනේ අක්කා මෙහෙම පෝස්ට් එකක් ලියලා, නෝන්ඩියක් දාලා දවසකට සැරයක් හරි ඒකාව ඇවිස්සුවෙ නැත්තං මටත් කෑවෙ නෑ වාගෙ. දැන් නම් අවුස්සන්න වෙන්නෙ සති අන්තයේ ගෙදර ආවාම විතරයි.
Deleteඔබට සමාන අද්දැකීමකට මුහුණපෑවෙමි. http://kurutugegeepota.blogspot.com/
ReplyDeleteඔවුවායින් සැලෙන්න එපා දිලිනි. ඔන්න මුල්ම කොමෙන්ටුව මගෙන්.
Deleteඅපෝ නංඟල එක්ක ගමන් මතක් කරන්න එපා. ඕන තරම් කටු කාල තියේ... අපේ බඩපිස්සිත් හරි ඇනේ. බහුතරයත් එහාටනේ දැන් මන් යුද්ද කරන්න යන්නෙත් නෑ .. කොන්දේසි විරහිතව ගිවිසුමට එකඟ වෙනවා.. ලොකු නම් අවුලක් නෑ ;)
ReplyDeleteමමත් බඩපිස්සාගෙන් ඉල්ලං කාලා කටපියාන ඉන්නවා ගොඩක් වෙලාවට. උන්දෑ සම්බන්ධ රසවත් සිදුවීම් නම් එමටයි. ලියන්ට ඕනැ එව්වත් එකින් එක.
Deleteඑයා කියවන් නැද්ද මෙව්වා ? :D
Deleteමොකද නැත්තෙ. කියවලා බස්සිට මරණ තර්ජන එල්ල කොරලා තියෙන්නෙ. ගෙදර යන්නෙ සතිඅන්තෙ විතරක් නිසා ප්‍රහාර එල්ල වෙන්නෙ අඩුවෙන්.
Deleteඔයාගෙම නන්ගි නෙ
ReplyDeleteආන්න දමිත්ට සීන් එක තේරුනා!
Deleteනගාගේ කථාව හරි ..අක්කට එකක් නම් මොකටෑ මට භාගයක් කියලා හිතන්න ඇති ..හික්..හික්..
ReplyDelete(අන්න මම පරණ පොස්ටුවටත් කමෙන්ටුවක් දැම්මා.. මගේ නමට සමාන එකෙක්ගේ ගොන් වැඩක් සම්බන්දයෙන් දාපු පොස්ට් එකට )
නැතුව නැතුව. ඒක අසාධාරණයි නෙව.
Delete(ඒ වැඩේට ගොං වැඩක් කියන එකෙන් ගොන්නුන්ට අපහාස වෙනවා.)
ඔන්න ඉතින් ගෙදර වැඩිමලා වීමේ පල විපාක ඈ.
ReplyDeleteමේ අවස්ථාවේ අපේ මල්ලි මට අමතක් වෙන්නේ ම නෑ.මොකද එයා හරි හොදයි නේ.කොටිම්ම කියනවනම් උ මගේ පස්සෙන් දාලා ඉන්න CIA agent වගේ ඉස්කෝලේ.උගේ යාලුවොත් උටම හරි.උනුත් එනවා මන් ගැන හොයන්න මල්ලිට කියන්න.උත් ඔයා වගේ හරි උසයි ඈ.ඒක නිසා උ බට්ට.උ අපේ ඉස්කෝලෙට ආවට පස්සේ මගේ කාර්ඩ් එකත් ඉවරයි මම දැන් බට්ටයියා වෙලා සික්
උටත් අර ඔයාගේ නංගිට වගේ තාත්තගේ ප්‍රවාහන සේවෙ හම්බවෙනවා.මට තමා එකත් නැත්තේ.මේවගේ බාල සහෝදරයි හතුරෙකුටවත් හම්බවෙන්න එපා
හයියෝ මල්ලියේ බස්සිට තේරෙනවා ඔයාගෙ දුක!!
Deleteදවසක් බස්සිට ප්‍රින්සිපල්ගෙ ඔපිස් එක ලඟ දණගහගෙන ඉන්න වෙලා අපේ නගාගෙ යාලු වසවර්තියො දෙන්නෙක් ගිහින් ඒක උගේ කනේ තියලා. (මූ එතකොට හය වසරෙ. මං ඒ.ලෙවල්) මේකා පංතියෙන් බාගයක්ම එක්කං ආව නෙව මාව නරඹන්ට. ඒ මදිවට ගෙදර ගිහිනුත් දුන්නා CIA වාර්තාව මාව නැතිවෙන්ට.
බාලයන්ගේ අයිතීන් සුරකිමු...
ReplyDeleteබාලයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළාදකිමු
මෙතෙන්ටත් ආවද බාලයොන්ට අයිතීන් ඉල්ලන්න!! අනේ දෙයියනේ.
Deleteහැඃ !!
ReplyDeleteඅම්මප අදනේ බොලේ මේ පොස්ටුව දැක්කේ!!!! බඩපිස්සෝ වෙනුවෙන් මම දැන් පාගමනක් ආරම්භ කරනවා.. මෙව්වා හෙන අසාධාරණ වැඩ!
මේ බස්සි.... මමත් ඔහොම නංගි කෙනෙක් බස් එකේ එක්කං යන්න ගිහිං මරු වැඩක් උනා නේ...
http://upekshad.blogspot.com/2013/06/blog-post.html
පා ගමනක්? යකෝ මේ පෝස්ට් බැලුවනම් මෙයා මට විරුද්ධව බිලියන ගානක වන්දියකුත් ඉල්ලයි වගේ!
Deleteකන ඇතුලේ වංගු වංගු
රතු මල් කුඩෙන් කල පොලිස් රාජකාරි
අම්මෝ ඒ නංගි එක්ක බස් ගමන් පට්ට බයානකයි නේ.... :D :D
බස්සි අක්කේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මන් පවුලේ තනි එකා එතකොට මන් අයිති වෙන්නේ ලොක්කෝ ගොඩටද පොඩ්ඩෝ ගොඩටද ? (මෙහෙම කිව්වට මහප්පලගේ දුවගේ පැටික්කියෝ දෙන්නට පුංචි හිකිස් )
ReplyDeleteOnna porondu woo paridi kiyewwe ada.. harima hurathal kathaawaki.. eth ithin ap gedara une meka anith paththaya.. ape akka hemavitama mata irisiya kalaaya... mata wadipura labenne yai kiyamin hamavitama ariyaadu kalaaya ..:)
ReplyDelete