Wednesday, February 26, 2014

රහ එක – හොඳ එක






අඬන දොඩන ගෑනු මූණු
කඳුළු පිහින පිරිමි මූණු

 
අතිපණ්ඩිත පැහුණු මූණු
මඩ
තැවරුණු ඇනෝ මූණු 


ධීර වීර ගැහැණු මූණු
අධම
දුෂ්ට පිරිමි මූණු
 

එෆ්.බී.අයි. , පොලිස් මූණු
හොරෙන් කාපු පූස් මූණු
 

ලාබායි ලාබායි
රහ එක – හොඳ එක!!!



89 comments:

  1. හි හි ...
    එල එකක් එල එකක්

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා හොඳේ.....!!

      Delete
  2. ධීර වීර ගැහැණු මූණු
    අධම දුෂ්ඨ පිරිමි මූණු

    මේවා නම් ඒමේ අතට මාරු කරන්නත් හැකියි ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. ඒක විතරක් නෙමෙයි එක ළඟ ගැලපුවෙ එහෙම මාරු කරන ඒව තමයි.

      ඇයි තව;

      අතිපණ්ඩිත පැහුණු මූණු
      මඩ තැවරුනු ඇනෝ මූණු

      Delete
  3. ඔක්කොම වෙස් මූණු ...))

    ReplyDelete
  4. රහ එක හොඳ එක. මේ ටිකේ වැඩියෙන්ම කතා වෙන එක!

    ReplyDelete
    Replies
    1. යේස් යේස් නාඩි මලේ..... කතාවෙන නොවෙන බොහෝ උදවිය, ලොක්කො වගේම කබ්බොත් කරන එක. :D

      Delete
  5. මම නම් මීට පස්සේ ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා යන්නේ.. ඒක නැවැත්තුවොත්, මාමස්මි වගේ බුර්කාවට බහිනවා...

    ReplyDelete
    Replies
    1. බුර්කාවටත් ෆුල්ෆේස් හෙල්මට් වලට අත්වුන සන්තෑසියම වෙයි තව ටික කාලෙකින්.

      Delete
  6. දැන් බස්සිගෙ මූණ මක්කද?

    මේ ඔක්කොම මූණු ඇතේ
    තහනම් වෙන මූණු පොතේ

    ReplyDelete
    Replies
    1. බස්සි එක්ක බ්ලොගර් පොතේ
      ටිකක් කලක් ඉද්දි පුතේ
      බස්සි කවුද කියා හිතේ
      හෙමින් සැරේ ඇඳෙනු ඇතේ

      Delete
  7. අකුරු ටිකත් හරියට ලිව්වනං පංකාදු අදහස. ඒ ටිකත් හදාගන්න බලන්න බස්සියේ....

    ReplyDelete
    Replies
    1. මේ ටික ගැන කිව්වේ

      ගෑනු
      කඳුළු
      තැවරුණු
      දුෂ්ට
      ලාභායි ලාභායි

      Delete
    2. මලලසේකරයි! මගෙ අක්ෂර වින්‍යාස (ඒක ලිවුව හැටිත් වැරදිද මන්ද!) ගැන නම් මටම දුකයි. තැන්කුයි නලින් අයියේ... කියා දෙනවානම් හදාගන්න පුලුවනි. එඩිට් පාරක් දාන්නම්.

      Delete
    3. ලාභයි කියන එක ඇරෙන්න ඉතුරුව හැදුව. අරක එහෙමම තිබ්බෙ ඔවුව විකුනද්දි කෑගහනකොට ඇහෙන්නෙ "ලාබායි" කියලනෙ. :)

      Delete
    4. හරියටම හරි කටවහරට යන්නේ ඒ වදන තමා

      Delete
    5. ගොඩගේ එකේ පොතත් තියනවා අනඳපිය කුඩාතිහි සූරින්ගේ නණලළ වහර කියලා බොහොම සුළු ගණනයි. නැතිනම් සඳගෝමි කෝපරහේවාගේ පොතකුත් තියනවා එය භාවිතයට ගන්න.

      Delete
    6. පොත් ගැන ඔත්තුව දුන්නාට බොහොම ස්තූතියි නලින් අයියේ.... නණලළ වහර මටනම් හොඳටම අවුල්. ඒක හදාගන්නම ඕන.

      Delete
    7. ඒකට මම බස්සි......නණලළ ටියුෂන් දෙනවා :D

      Delete
  8. ලාබායි ලාබායි
    රහ එක – හොඳ එක!!!

    ReplyDelete
    Replies
    1. කඩේ සාප්පුවෙ 300 එක 200ක්ම අඩු කරල දෙනවලු 100ට!

      Delete
  9. "ලාබායි ලාබායි
    රහ එක – හොඳ එක!!!"

    මට හරි යන තොප්පිය මොකක්ද බස්සි?

    ReplyDelete
    Replies
    1. ඔලුවට ගැලපෙනවා නම්,
      හෙමින් සැරේ දාගත්තැකි
      ගැලපෙන තොප්පිය නැත්නම්,
      ඕඩර් කර යන්න ඇහැකි

      Delete
  10. Super....

    එක නෙමේ....කොහෙද මේ පොළ තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අන්තර් ජංජාලේ
      බුකියේ වේලෙන වේලේ
      බ්ලොගේ ගෙවන විට කාලේ
      මේ පොළ දැක්කෙමි රාලේ...

      Delete
  11. මඩ තැවරුණු ඇනෝ මූණු
    ඇනෝවගේ හිත්වල කුණු :D

    ReplyDelete
    Replies
    1. හිත්වල කුණු තමයි මෙයා
      නමක් නැතුව යන්නෙ ලියා
      අමතක වී දිනක් එයා
      මග සලකුණු තියා ගියා

      ඇනෝ තුමා කවුද කියා
      එදා හඳුන ගතිමි මෙයා
      මොටදෑ පිටු ගනන් ලියා
      මේ තොප්පිය දකියි එයා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එදා ඉදං අපිට මෙයා
      ඔය කරදර තියන නියා
      කිව්වානං කවුද කියා
      හරි වටිනව නේද දයා

      Delete
    4. ඇනෝ කියන දේ නොසොයා
      ඇයි කළබල වෙන්නේ ඔයා
      කියන දෙයක් කියන් කියා
      ඔබේ ගමන යන්න මෙයා

      Delete
    5. මොටදෑ නම් වනම් ගයා
      හිතට කහට අරං මෙයා
      මාව හොයන් ආපු එයා
      දොර වැහුවම නැතුව ගියා

      ඔහේ එනව කියපු එයා
      අරයද නොම දනිමි මෙයා
      ඇයි කරදර ඉහේ තියා
      ගනන් නොගෙන ඉම්මු මෙයා

      Delete
    6. ඇනෝට වෙන්වුනේ එක කවි පදයක්ය
      තව කවි පද හතක් කවියට ඇත්තේය
      සසිඳුට පිලිතුරක් කවියෙන් ගෙතුනේය
      ඇයි මේ පෙරලි? මට නම් නොහැඟෙන්නේ ය

      Delete
    7. මුල එක ලිවුවෙ අටම් අයියගෙ කයියට. දෙවෙනි එක නලින් අයියගෙ ක‍යි‍යට ලිවුවෙ හොදේ.

      Delete
  12. පාප්ප ගාලා තාප්ප ගානේ
    දිව රෑ නොබලා ඇලවෙන්නේ

    මේකප් කරලා කොණ්ඩය දාලා
    දත් සැට් එකමයි පෙන්නන්නේ

    දැකලා දැකලා මේවා දැකලා
    මගෙ බඩනම් දැන් දඟලන්නේ

    අනේ දෙවියනේ කොතැනක ඉන්නේ
    හනිකට හනිකට එනු මැන්නේ

    බුකියේ මුණු විතරක්යැ..මේවත් මුණුනේ...සෑහෙන්න ලාභයි මේ දවස්වල... ;) මේක උඩ කමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට වැටුන නිසා මැකුවේ...

    ReplyDelete
    Replies
    1. තාප්ප ගානේ අත් දෙක වැඳගෙන
      දත් හැටහතරම පෙන්නනවා

      යාප්පුවෙන් බෙල්ලත් ඇලකරගෙන
      මනාපයක් හිඟමන් යනවා

      සූප්පු උරනා තොත්ත බබාලා
      ඒ මූණට කතිරේ දෙනවා

      පාප්ප ගැලවී වාෂ්ප වෙනකොට
      හැබෑ මූණු දත නියවනවා


      මූණු බිසිනොස් එක කොතන කලත් නැගලා යනවා අයාල්. ඔයාගෙ කයිය පංකාදු පහයි.

      Delete
  13. ඕව ඔහොම තමයි පනේ
    ගණන් ගන්න එපා අනේ :)

    (නිදිමතයි බං.. හෙට දිහාට එඤ්ඤං)

    ReplyDelete
    Replies
    1. ගණන් මතක ඇතත් හිතේ
      දණින් උඩට ගන්නෙ නැතේ
      මෙහෙම එවුන් තවත් ඇතේ
      ගිහින් නිදා ගනින් පුතේ

      Delete
    2. නිදාගෙන ඉඳලා
      ආවෙමි දැන් නැ ගිටලා
      ආයෙත් කියවලා
      බැලූයෙමි කවි පේලි පෙරලා..

      Delete
    3. ආයෙත් කියවලා
      හිස් අතින් නොගිහිල්ලා
      කවි පදයකුත් ලියලා
      හරිම සතුටුයි ඒක දැකලා

      Delete
  14. පික්සු හැදුනු පොතේ මුණු
    විශාදරය හැදුනු මුණු

    පස්ට පස්ට කියන මුණු
    තු නොදකින් කියන මුණු

    රෑට රෑට දකින මුණු
    ඒ ඔක්කොම බක +මුණු

    ඕ...යෑ මාත් ඔන්න ඔහේ හිතට ආව ටික ලිව්වා ඕං.......

    ReplyDelete
    Replies
    1. නම කිව්වට කියලා ශානු
      වලියටමයි එන්නේ බලනු
      අනේ අම්මප මෙහෙම මූණු
      ගෙම්බි වගෙයි මෙන්න බලනු

      Delete
    2. රෑට දකින බකුසු මූණු
      දවාලෙ නිදි කිරන මූණු
      තවත් මූණු ගැන ලියවුනු
      උඹේ කයිය sweet ශානු

      Delete
    3. කවි පබඳින්නට ආසා
      ගෙම්බ තමයි පවුලූශා

      Delete
    4. මෙහෙත් ඇවිත් මේ මුණා
      අනේ හපොයි ගෙඹි මුණා
      වලියටමයි බර මුණා
      මගේ හතුරු ගෙඹි මුණා

      Delete
  15. mekata coment koranna i dn knw yakodo!!!

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් උඹට කයිය තේරුනේ නැත්තන් අහපන්. හික්ස්!

      Delete
  16. දැන් ෂේප් න්‍යායයෙන් වගේ ළමය වැඩ කරන්නෙ ....
    කෙටියි......රසයි........

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කෙන්ජයියා.... කඩු පාරවල් දහයකට වඩා රිදෙනවලු පොඩි බ්ලේඩ්තලේකින් හීනියට නියමල කපනකොට. නැද්ද මං අහන්නෙ? මෙවුවා නොලියම ඉන්නත් බෑ නෙව.

      Delete
  17. කෝ මගේ මූණ නෑනේ..

    ReplyDelete
    Replies
    1. කවියෙ කවියෙ පේලි පේලි ඩබල් ඩබල් ලිවුවෙ අනේ
      ඩබල් ඩබල් මූණු මූණු තියෙන අයට දැනෙන්නනේ
      ඔයා ඔයා නැත්තෙ නැත්තෙ එක මූණක් නිසයි අනේ
      ඩබල් ඩබල් මූණු මූණු නැතිනම් හරි අගෙයි අනේ

      Delete
  18. අනේ බස්සි මට කවි ලියන්න නම් බෑ... ඒත් පුළුවන් උනා නම් කියල හිතෙන්නෙ මෙහෙම වෙලාවට... ඔයාගෙ කවි සංවාද මං හරියට රස විඳිනවා... :D

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම හිතන්න එපා මියුරු. ඔයා කවි සංවාද රසවිඳින එක මට සතුටක්, මොකද කවියට ඇල්ම ඇති අය අඩුයි අද කාලෙ. පුලුවන් විදියට කවිපද එක එක ගැලපුවොත් ඔයා නොදැනම ඔයාව කවිකාරියක් වෙයි. අනික මටත් හොඳටම කවි ලියන්න බෑ. කාව්‍ය සාහිත්‍ය එවුවා මෙවුවා මම ඉගෙනගෙනත් නෑ. ඒත් මං කවි කියන්න - ලියන්න ආසයි. ආසාව හොඳටම ප්‍රමාණවත් කවියක් ගොතන්න.

      :D

      Delete
  19. අද දවසෙත් කවි මඩුවක්
    බස්සිගෙ බ්ලොගෙ පැවැත්වෙනා…

    නම් දරාපු කවි කාරයො
    එහි එන බව කතා උනා……

    :-D :-D

    ReplyDelete
    Replies
    1. මෙහෙන් ඉගිල්ලිලා ඇවිත්
      කවි මඩුවට හොටේ දමා...... (ආ... නනන නන නනනා.....)

      කවිය කවිය රහ බලබල
      ප්‍රියා මෙහෙට සැපත් උනා.....

      (ටුටුට් ටුටුට් ටුටුට් ටුටුට් - ටුටුට් ටුටුට් ටුටුට් ටුටුට් -ටූ....)



      වරහන් තුල ඇත්තේ පසුබිම් වාදනය බව කරුණාවෙන් සලකන්න. :D

      Delete
    2. (ටුටුට් ටුටුට් ටුටුට් - ටුටුට් ටුටුට් ටුටුට් - ටූ…)

      Delete
  20. මම නම් ඔය එක මූණක්වත් නෙවෙයි......:p

    ReplyDelete
    Replies
    1. කවුද ඉතින් කිවුවෙ ඔයාගෙ මූණ තියෙනව කියල? :P

      Delete
  21. ඔය මූණක් එක්ක අනේ,
    සාරියකුත් දෙන්න පනේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මූණු දෙකක් නිසා අනේ
      ඇඳුම ෂුවර් නෑලු පනේ

      තැන්කුයි ඈ..

      Delete
  22. නියම තැනට නියම මුහුණු
    දැමීම දස්කමකි දියුණු
    හොඳට වෙලා පුරුදු පුහුණු
    නැත්නම් ප්‍රතිඵලය දරුණු

    ReplyDelete
    Replies
    1. තැනින් තැනට වෙනස් මුහුණු
      දාන වැඩේ බෝම දරුණු
      එකම මූණෙ ගති සලකුණු
      තැනට ඔබින ලෙස ගලපනු

      Delete
  23. කිව්වට ඇත සියලු මූණු
    කොහේද බොල මගේ මූණු
    අවිහිංසක සුන්දර වුණු
    මගේ මුහුණ වහා දානු

    මූණ ලස්සනයි ප්‍රොෆයිල් එකේ හිනා වෙන්නා
    කොමෙන්ට් ලස්සනයි පැටියෝ බබා කියා එන්නා
    යටින් ඇවිත් දිය රෙද්දෙන් බෙල්ල කපන් යන්නා
    ඔයිට වඩා හොඳයි බස්සි අම්මප මහසෝනා

    ReplyDelete
    Replies
    1. අනේ මචන් සොරි වේවා
      උඹව දාන්නට ගාවා
      ජාලය පීරා හෙවුවා
      ගෙඹි මූණක් නෑ කිවුවා :P

      මූණ නෙමෙයි බන් වෙස්මූණකුයි හිනා වෙන්නේ
      රෙකෝඩින් එකකි පැටියෝ කියා තොඳොල් වෙන්නේ
      මහසෝනා වුනත් කැලේ කඩාගෙන දුවන්නේ
      කෝකටත් හොඳයි කියලා මූණු අඳුනගන්නේ

      Delete
  24. දවස ගාණේ දකින මුණු
    ලෝකේ වෙනස් කරපු මුණු
    හැංගි,හැංගි බැන්ද මුණු
    මේ ඔක්කොම වෙස් මුණු.

    ReplyDelete
    Replies
    1. හැංගී හැංගි බඳින මූණු
      බැඳලා එලියෙ නටන මූණු
      මූණු බැඳපු ලණු ගැලවුනු
      දාට ඇපත් නෑලු මූණු

      Delete
  25. හැබෑවටම මෙහම මූණු
    තැන තැන නිතරම හමුවුණු
    හරිම අගෙයි මෙහි ලියවුණු
    තෝර ගන්න නියම මූණු

    ReplyDelete
    Replies
    1. නිතර නිතර දකින මූණු
      මාරු වෙවී බඳින මූණු
      පුල්ලි මාරු නොවුන මූණු
      අපිට හතර හිනා ගේනු

      Delete
  26. මෙ ඔක්කොම මුනු අතර
    හොටෙන් නැමුනු රොස මුහුනු

    ReplyDelete
    Replies
    1. මගේ වගේ හදපු මූණු
      මගේ වගේ පේන මූණු
      මගේ නොවෙන ෆේක් මූණු
      නිසයි දැම්මෙ රෝස මූණු

      Delete
  27. මේ මතත් එකක් ඕන... දෙනවදදද.....
    කොයි ජාතියෙ එකක්ද දෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයිනෙ මූණු දෙන්නෙ
      මූණු පොළක් ඔය තියෙන්නෙ
      ජංජාලෙට සැපත් වෙන්නෙ
      කැමති ඒකක් දමා ගන්නෙ

      Delete
  28. බකුසු කවියෙන්නේ
    දනුමද සතුට දෙන්නේ
    අගයන්න ඕනේ
    ඒත් මම නෑ කවිය දන්නේ

    ReplyDelete
    Replies
    1. නෑ බෑ කියන්නේ
      බොරුවට වෙන්න ඕනේ
      සිවුපද ගොතන්නේ
      ඔබත් හොද කවියෙක්නේ

      Delete
    2. ඒක මගේ පලමු කවි ගෙතුම. කමෙන්ට් එකක් දාන්නම හිතිලා අමාරුවෙන් ගැට ගහගෙන ඔය පද හතර ගැට ගහගත්තේ.
      ඒක හොඳයි නම් ඉතිං මට සතු‍ටුයි.
      ඒක හොඳයි කිව්වට පිං ඈ.

      Delete
    3. පලමු කවි ගෙතුම ඔහොම නම් ඉදිරියේදි කොයි තරම් ලස්සනට කවි කියයිද! මගේ පළමු කවිය ගැන පෝස්ට් එකක් ලියන්න හිතුන මට

      Delete
    4. හිත හිත ඉඳලා හරියන්නේ නැ‍තෝ..................
      ලියහල්ලකෝ අපිටත් පොඩ්ඩක් මොනවා හරි ඉගෙනගන්න .

      Delete
  29. වැඩේ නං හොඳයි. :) මේක මඩක් වගේ දත් මන්ද? මෙතන ගොඩක් අයට සින්දු ලියන්න පුළුවන්නෙ, මං නං කැමති මොකක් හරි යමක් ලියනවට. කියවන්ඩ යමක් :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද තිලාන්. මම ලියන්නෙ මට සතුට ගේන දේවල්නෙ. මෙච්චර කල්හිතාන උන්නෙ කවිත් කියවන්න පුලුවන්, කියවලා රසවිදින්න, හිතන්න පුලුවන් ‍යමක් කියලයි. අකමැති අය වෙනුවෙන් කවි වෙනුවට බ්ලොග් පිටුවල තියෙනව කතන්දර, විද්‍යා ලිපි, විරිදු, ගීත, විහිලු කතා, පරිවර්තන, ආදර කතා ආදී බොහෝ දේ. Categories වලින් ඔබ කැමති ලිපි ගොනුවක් තෝරාගෙන කියවන්න. කවිත් දිගටම ලියැවේවි.

      Delete
  30. මාර කික් එකක් නේ තියෙන්නේ මේකේ

    ReplyDelete
    Replies
    1. එහෙමද? තැන්කුයි දේශෝ...!

      Delete
  31. කෝ බොල,

    ඔරවා ගත්ත බකුසු මුණු
    හිනා පිරුණු අපේ මුණු

    ReplyDelete
    Replies
    1. බකමූණෝ එරෙවුවාට
      බස්සො ඉන්නෙ හිනාවෙලයි
      කවියෙ ඇත්තෙ ඩබල් මූණු
      ඔ‍යා නැත්තෙ ඒක නිසයි

      Delete
    2. බකමුනෝ බස්සෝ දෙජාතියක් දෝ
      කියා සිතෙන්නේ හ්ම් හ්ම්ම් ගනා නිසා දෝ
      පහදා දුන්නොත් මම තේරුම් ගනි දෝ
      සිතේ නම් කියලා දෙන්න කෝ

      Delete
    3. තරමක් විසාලයි වස පාටයි නෙව බකමූණා
      බස්සා පොඩියි වෙන විශේෂයක් විලසට පේනා
      විද්‍යාවෙන් මොවුන් ගැන දැනගන්නටදෝ ඕනා
      ලිපියක් සොයා ලින්කුව මම මේල්කර එවන්නා

      Delete
  32. මූණූ මූණූ මූණූ මූණූ
    මේනූ මේනූ මේනූ මේනූ
    කණට කරලා මිමිනු මිමිනු
    මේනු වේනු එක්ක නො එනු.

    මේනුයි වේනුයි ෆේස්බුක් එකේ සෙට්වෙලා... මට පොල්ල.

    ReplyDelete
    Replies
    1. හෑ.. මේනුටයි වේනුටයි මුමුන මුමුන ඉන්න කියාල ඔයා "අවුල් වන්නට පෙර" ලියාගෙන යන්න අරූ.

      Delete