Thursday, April 17, 2014

සැලෙන ලෙලෙන උකුළු තලේ - Science behind big butts



“මිහිකත නළවාලා – මග මල් ගන්වාලා” කියලා අයිවෝ ඩෙනිස් අංකල් ගායනා කරනවා අපි ඇහුවෙ බබාල කාලෙදිමයි. (මුල් ගැයුම සුනිල් ශාන්ත අංකල්ගේ.)  ඔය ගීතයෙන් කියන්නෙ හෙළ ගුරුලිය නළවමින් යන ගමනට මිහිකත නැළවෙන හැටි නෙව. මිහිකත නැලවිලා නැවතෙනවනම් විතරක් මදැයි, ඒ දැකලා පාර දෙපැත්තේ මලුත් පිපෙනවලු.


ඩෙනිස් අංකල් ඔය නැළවිල්ල ගැන ඉස්සර කියාපු තවත් සිංදුවක් තියෙනවා. ඒක නම් අපේ පරම්පරාවේ කස්ටිය අහලත් නැතුව ඇති සමහරවිට.



“සැලෙන ලෙලෙන උකුළු තලේ
දියට යනෙන වතුර කළේ
කල මහ පින පෙනෙන වෙලේ……
කල මහ පින පෙනෙන වෙලේ……”


මෙව්වා ඇහෙනකොට උකුළු තලේ නැලවිල්ලට හේතු හොයන්න නොහිතෙන්නෙ කාටදෑ මං අහන්නෙ?





ඔය කවුරුත් දන්නවා ඇති නෙව පිරිමින්ගෙයි ගැහැණුන්ගෙයි උකුළු ප්‍රදේශය එකිනෙකට වෙනස් බව. හැබෑට කෝමෙයි එහෙම උනේ?


මැවුවා අපෙ දෙවි උතුමා
ආදම් සහ ඒව
ඒව හොරෙන් හොරෙන් ගිහින්
ඇපල් ගෙඩිත් කෑව

කාල නිකං හිටියද නෑ
බෙදාගන්ට හිතුනා
ඇපල් පලුව අරන් ඇවිත්
ආදම්ටත් දෙන්නා

අනේ අපොයි හරි කලබලයකි සිදුවූවේ
ඇපල් ඇටේ ඒවගෙ කුස තුල පැළ වූවේ


ඕන්න ඔහොමයි සිද්දිය පටන් ගන්නෙ.


අනේ.... ඇපල් ඇටේ බඩේ පැළ වුනේ ඒවගෙ. එතකොට ආදම්? ආදම් පුරුෂාධිපත්‍ය පෙන්නල බේරුනා. (වරේවා වනීතා.... මෙන්න හඬ නගනවානම් චෑන්ස් එක.) දැං මක්කෙයි කරන්නෙ. දොස්තරලා හිටපු එකක්යැ ඒ කාලෙ අර පාට බලන ටෙස්ට් එක කොරලා කන්ග්‍රැට්යුලේශන් කියන්ට. දෙවියන් වහන්සෙට මූණ දෙන්නෙ කෝමෙයි දැන්. ආදමුයි ඒවයි දහ අතේ කම්පනා කොරනව.


ඔන්න බොලේ දෙවි උතුමා
එදා හවස වැඩමවන්නෙ
ආදම් සහ ඒව ගිහින්
කැලේ ඇතුලෙ වහං වෙන්නෙ

වරද සිදුවෙලා ඉවරයි කොරන්නෙ මොනවා
වහං වෙච්චි තැනින් ඉතින් එලියට එනවා

මම අහිංසකයි උතුමෝ
මේකි තමයි කැව්වේ
හොඳම වැඩේ ඕකිට
බඩ වෙලයි නතර වූවේ

ඇපල් ගෙඩිය වැවෙන්න ඉඩ හදන්න වෙනවා
වෙනස් කමක් කරන්න දෙන්නම මෙහෙ එනවා


අනේ ඉතින් ආදම් සහ ඒව, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි දෙවියන්  වහන්සේ ඉදිරියට එනව. එකපාරටම!





ආදම්ගෙ ශ්‍රෝණිය වගේ නෙමෙයි නෙ බොලේ දැන් ඒවාගෙ ශ්‍රෝණිය. මොකදෑ මේ උනේ!! ඇක්ස් රේ පින්තූරයක්කත් අරං බලහල්ලා මේ වෙච්චි ව්නම්බෑසිය මොකද්ද කියලා.




1. 
ඒවගෙ  ශ්‍රෝණිය විශාල වෙලා, පළලින් වැඩි වෙලා. හයියෝ ආදම්ගෙ ශ්‍රෝණිය ඒ එක්ක බලද්දි බෝම පොඩිවට පේන්නෙ. පළලත් අඩුයි.

2. 
ආදම්ගෙ කුකුන්දරාස්ථි අතරෙ දුරත් අඩුයි නේද? ඒ හින්දම ආදම්ගෙ ශ්‍රෝණිය ඇතුලෙ ඉඳන් පිටතට අභිසරණය වෙලා.

මොනවා! ආදම්ගෙ ශ්‍රෝණි කුහරය හාර්ට් එකේ හැඩේ අරන්. බලමු ඒවගෙ ශ්‍රෝණිය.... හාපෝ කුකුන්දරාස්ථි අතරෙ තියන දුර බලාපල්ලකො. ඉතිං කොහෙද හාර්ට් හැදෙන්නෙ! ඒවගෙ ශ්‍රෝණිය ඕවලාකාරයි. ඔන්න බලාපල්ල පිරිමි ශ්‍රෝණියෙනුත් පෙන්නන්නෙ ආදරේ තරමලු. හෙහ්!

3.
කෝ ගෙනෙන් අර කෝණමානෙ. හම්මේ ආදම්ගෙ යූනික කෝනෙ වැඩිම උනොත් අංශක හැත්තෑවක් ඇති. ඒකටත් එක්ක ඒවගෙ. අංශක අනූවක්ද? නෑ නෑ ඊටත් වැඩී. අංශක සීයක්කත් ඇති.






ඒවාගේ ශ්‍රෝණි අරය
එදා ඉඳන් වැඩිවෙනවා
ශ්‍රෝණි අරය වැඩි හින්දා
අවස්ථිතිය වැඩි වෙනවා


අවස්ථිතිය වැඩි උනාට
ඒවා ඇවිදන් යනවා
බලන් ඉඳිමු ඇවිදිනකොට
උකුලට වෙන්නේ මොනවා


පැද්දී මැද්දට එනවා
ඔය ඇති දැන් නවතිනවා!
මැද්දෙන් නැවතිල්ලක් නෑ
අනෙක් පසට පැද්දෙනවා





ඒ පැත්තට ගැස්සෙනවා
මේ පැත්තට ගැස්සෙනවා
ගැස්සෙන පැද්දෙන තාලෙට
ගී පද තනු නිමැවෙනවා


ද්වීපාදෙන් සංචරණෙට
පිරිමි දක්ස වෙන්නේ
දරු ගැබ දරනට වඩනට
ගැහැණුන් හැඩගැහුනේ


එදා ඉඳන් අද වෙනකම්
උකුල් තලේ පැද්දේ
ඒ තාලෙට කවියන්ගේ
කවි සිතුවිලි ඇද්දේ



ඕන් එහෙනම් විද්‍යා විරිදුවෙන් තොරණෙ විස්තරේ හමාර කොරන්ට අවසර! සිහින උළෙලෙදි හමුවෙමු ඈ....!








අවවාදයයි :

මෙහි අඩංගු කරුණු කිසිවක් සෘජුවම බයිබලයෙන් උපුටා ගත් ඒවා නොවන බවද, මාගේ සිහින කල්පනා මත බයිබලයේ සඳහන් චරිත වටා කතාවක් ගොඩනැගුනු බවද, කිසිදු අපහාසාත්මක අදහසක් නැති බවද, හුදු විනෝදය තකා ලියැවුනක් බවද කරුණාවෙන් සලකන්න.




134 comments:

  1. අපොයි...මොනවද මේ කුනුහලුප වචන ඈ....???
    තෙරෙන්නේ නැබොල...මම වගේකොමසාරුවන්ට ඔව්වා..

    ReplyDelete
    Replies
    1. හයියූ කොමසාරුවන්ට තේරෙන්න නෙව කතා ගොත ගොතා සිද්දිය කියල දුන්නෙ. මොනාද කියහන් මෙතන තියෙන කුනුහලුප!!

      Delete

    2. Cool Things Around The World http://nicevideozzz.blogspot.com/
      (every day updating)

      Delete
  2. සුපිරියි අෑ...
    සිහින උළෙලෙදි හම්බෙමු

    ReplyDelete
    Replies
    1. තැන්කුයි විදානේ...! අනිවා එදාට මුණගැහෙමු.

      Delete
  3. මට උකුල ගැන කියන කොට මතක් වුණෙ ඉස්කොලේදි කරපු වැඩක් අපි ඒ කාලේ චිත්‍ර අදින කොට ගැහැණු රුපත් නිකන් කොට කැලි වගේ තමා ඇන්දේ දවසක් චිත්‍ර කරපු මිස් කිවවා ඔය ගැහැනු රූප වල ඉගසුග පොඩ්ඩක් අදින්න කියලා ..අපේ ඇටයා පැනපු ගමන් ඇහුවා මිස් ඔක දැන් තියෙන්නෙ කොහෙද කියලා මිස්ට මල උඹලා 10ට එනකම් ඕක දන්නෙ නෑනේ කිව්වා ,තව මොනවද කියලා අඩාගෙන ගියා ..අපි නැවත් වැද වැටිලා සමාව ගත්තා පොලිමේ ගිහින් .

    ReplyDelete
    Replies
    1. අයියෝ අහිංසක චිත්‍ර මිස්. ඔහොම මිස්ලව බයිට් කරන එක පිරිමි පාසල් වල සුලභ දෙයක් නේද? හික්ස්! ඔක්කොම කරල පස්සෙන් ගිහින් සමාව ගන්න උන එකනම් මරු! :P

      Delete
    2. එවුනට මිශ්‍ර පාසල් වල තත්වය ටික වෙනස්. ඔහොම එකක් වුණානම් ඉතින් කොල්ලො ගිහින් සමාව ගන්නෙ කෙල්ලොත් එක්ක ගිහින්. කොල්ලො කියයි "අපි මෙයාලගෙන් අහගත්තා මිස්" කියලා. කෙල්ලොත් කියයි "අපි මෙයලට කියල දුන්නා මිස්" කියලා.
      සමාව ගන්නත් ලේසියි, මිස්ව ආපහු පන්තියට එක්කන් එන්නත් ලේසියි.

      Delete
  4. ඇපල් ගෙඩියක් බඩේ පැල වුනා/// මොකක්ද යකු ඒ හරුපේ.. බයිබලේ එහෙම සීන් කෝන් එකක් නෑ නොවැ..

    ReplyDelete
    Replies
    1. මෙහි අඩංගු කරුණු කිසිවක් සෘජුවම බයිබලයෙන් උපුටා ගත් ඒවා නොවන බවද, මාගේ සිහින කල්පනා මත බයිබලයේ සඳහන් චරිත වටා කතාවක් ගොඩනැගුනු බවද, කිසිදු අපහාසාත්මක අදහසක් නැති බවද, හුදු විනෝදය තකා ලියැවුනක් බවද කරුණාවෙන් සලකන්න.

      Delete
    2. මා මෙහි ව්‍යංගාර්ථයෙන් පවසන කරුණු පහත පරිදි වේ.
      1. තහනම් ගහේ ගෙඩි කෑම : ස්ත්‍රී පුරුෂ ලිංගික සබඳතාවය
      2. ඇපල් ඇට : පුරුෂ ජන්මාණු
      3. ඇපල් ඇට බඩේ පැළ වීම : කළලයක් හටගැනීම/ පිළිසිඳ ගැනීම

      ගැහැණියගේ උකුල පුළුල් වීමට හේතුව විද්‍යාත්මකව පහදා දීම ලිපියේ අරමුණ විය. ඒ සඳහා පිවිසුමක් ලෙස බයිබලයේ එන චරිත තුනක් වටා හිතලු කතාවක් ගොඩනගා ඇත.

      "හරුපය" පැහැදිලි වූවා යැයි සිතමි.

      Delete
    3. ඔච්චරටම ටියුබ්ලයිට් කාරයොද මේව කියවන්නෙ හැබෑට ඈ?

      Delete
    4. කියපු හැරුපෙනුත් වැඩක් වුනේ නෑනේ ..මෙහෙම දිග ඇරලා දුන්නම

      Delete
    5. මම හෙට ඇපල් ගෙඩියක් අරගෙන එනවා බස්සිට. :)

      Delete
    6. අනේ මන්දා ඒවා බබා ලයිට් මම හිතන්නෙ. මොකද කුණුහරුප නම් දන්නෑ කියල හරි කිවුවැකි. ව්‍යංගයෙන් කීම ඕනෑම සාහිත්‍යක සුලභ අංගයක් නෙව.

      Delete
    7. පවුලූශා : කමක් නෑ කස්ටිය පෝස්ට් එක කියවලානෙ පහලට එන්නෙ.

      Delete
    8. සුදීක : රෙඩ් ඇපල්ද? ග්‍රීන් ඇපල්ද?

      Delete
  5. මොකක්ද බස්සි මේ කුනුහරුපේ මට මොකුත් තේරුනේ නෑ නේ.... මම පොඩි වැඩි මේවා තේරුම් ගන්න

    ReplyDelete
    Replies
    1. හම්මේ අන්න උඩ කමෙන්ට් එකේ කුණුහරුපෙ සරල සිංහලෙන් ලිවුවා කිරිදරුවන්ට තේරෙන්න. ඔහොමම උඩ බලහන්කෝ.

      Delete
  6. හම්මේ කරකෝල අතෑරිය වගේ..

    ReplyDelete
    Replies
    1. බැලන්ස් නෑ නෑ වගේද! මාර වැඩේ

      Delete
  7. හැමදාම වගේ සයන්ස් ටීචගෙ පාඩම සාර්තකයි ^_^
    // දරු ගැබ දරනට වඩනට
    ගැහැණුන් හැඩගැහුනේ//

    හේතුව මේකයි කියල නම් කලින් දැනගෙන හිටියා බයො නොකලට .. ඒ උනාට ඔය පද්දන පැද්දිල්ල නම් කැට් වෝක් එකෙන් වැඩි වෙන්නෙ :P

    ReplyDelete
    Replies
    1. තැන්කුයි සමී මලයා!!!

      අන්න ඒකට හේතුව නම් ෆිසික්ස් වලින් පහදන්න පුලුවන් සමී. ගුරුත්ව කේන්ද්‍රෙයි, ප්‍රගන්ඩාස්ථියෙ පිහිටීමයි එක්ක නෙව ඒ හරඹ කොරන්නෙ. හයි හීල්ස් සහ කැට් වෝක් ගැන මේ ලිපියෙ නොලියන්න හේතු උන අහේතුව ඉතින් මගෙ කම්මැලිකමම තමයි. :)

      Delete
    2. ප්‍රගන්ඩාස්ථිය කියන්නේ මුකාද??

      Delete
    3. බස්සි ප්‍රචණ්ඩ උනාම බස්සා ප්‍රගණ්ඩාස්ථියෙනුත් ගුටිකනවලු

      Delete
    4. //ප්‍රගණ්ඩාස්ථියෙනුත් ගුටිකනවලු//
      සාසා ත්‍ එහෙමෙයි..

      Delete
    5. ආචාරියා මලේ. මම කියන්නෙ මෙන්න මේ අස්ථිය ගැන. හයි හීල්ස් දැම්මම ඔය අස්ථි දෙකේ පිහිටීම වෙනස් වෙනවා. යොදන බලයත් වැඩි වෙනවා. ඒ නිසා දිගුකාලීනව හයි හිල්ස් දැමීමෙන් විවිධ ආබාධ ඇතිවෙන්න පුලුවනි.

      Delete
    6. "ඌර්වාස්ථිය " මගේ මතකයේ හැටියට ඇයි බන් කලවා ඇටේ කියහන්

      Delete
    7. අනේ බන් මම ඔය අස්ථි වලට කියන සිංහල නම් පටලවාගෙන ඇති තරම් චාටර් වී තියේ. ආයෙ දන්නැති නම් පටලගෙන නාන්නෙ මොකටෙයි කියල නිකා හිටිය.

      Delete
  8. “මිහිකත නළවාලා – මග මල් ගන්වාලා”

    අයිවෝ ඩෙනිස් අංකල් කියුවට සුනිල් සාන්ත අංකල්ගේ ගීතයක්, අපි පොඩි කාලේ ඒ මුල් ගීතය රේඩියෝ එකේ ගියා

    ReplyDelete
    Replies
    1. හප්පේ.... කිවුවම තමයි ඒක මතක් උනේ!!!! නිවැරදි කරන්නම්. තැන්කුයි අටම් අයියා..

      Delete
  9. ආ.. එහෙනම් ඒකයි මේ අපි පිස්සු වට්ටන සීන් කෝන් එක

    ReplyDelete
    Replies
    1. යේස්. ඔන්න ඕකයි සිද්දිය :D

      Delete
  10. Replies
    1. මගේ බ්‍රසිල් කෑල්ල දැක්ක දවසෙ ඉදල බොට ඕක හැදුන නේද......
      උන්ගෙ නැටවිල්ලත් පස්ට බං ....

      Delete
    2. යටලියන ඔලුව හප්පගත්තද මන්දා ටොයින් ගාල :)

      Delete
    3. හම්මේ බ්‍රසීල් කෑල්ල බලන්නත් ගියාද මෙයා?

      Delete
    4. අඩෙයි.....වීඩියෝ එකෙන් පස්සෙ පෝස්ටුව තව තියෙනවනෙ....කොහෙද වීඩියෝව ලංවෙලා බලන්න ගිහින් මූණෙ වැදුන නොවැ..

      කෙන්ජයියෙ.......Latin නම් ඉතින් පස්ට ..ඈ....කණු,බිත්ති කීයක හයිය බැලුවද උන්ට පස්සෙන් යද්දි...

      Delete
    5. හප්පේ පස්ස නහයෙ වැදුන පාර වෙන්ටැ ටොයිං ගාන්න ඇත්තෙ!

      Delete
  11. හැබැයි ඉතින් ඔය කොවුවා කොහොම වුනත් හොද සැලෙන ලෙලෙන උකුළක් බලන්න අපි කෝමත් මනාපයි හරිද..

    ReplyDelete
    Replies
    1. ඉතාලි උන්දැලගෙ ඔය සැලෙන ලෙලෙන භාවය වැඩියිලු නෙහ්. :D

      Delete
    2. අන්න උඹට තේරුණා කාටද වගේ..;)

      Delete
  12. එහෙම පද්දන්න පිහිටෙව්වට දෙවියන් වහන්සේට මගේ ස්තුතිය.......
    පැද්දිල්ල විතරක් නෙමේ කළු එකිලගේ ලොකු පස්සවල්......... මගෙ අප්පෝ.....ලිෆ්ට් එකේ යද්දි මගෙ ඇස් දෙකේ පොට යනව බලාගෙනම ඉදල.........
    ඒ පස්සවල් වල දෙන්නෙකුට කරදරයක් නැතිව ඉදගෙන යැතාකි කයියක් ගගහා ......
    ලිපිය අගෙයි......

    ReplyDelete
    Replies
    1. //ඒ පස්සවල් වල දන්නකට කරදරයක් නැතිව ඉදගන යැතාකි කයියක් ගගහා//

      අයියූ හිනා වෙලා පණ යනවා

      Delete
    2. එහෙම වෙන්න විද්‍යාත්මක හේතු තියෙනවා, ඒ වගේම උවමනාවෙනුත් ගැහැණු අය පස්ස ලොකු කරගන්නවනේ දැන්,, රජා මල්ලි ඒ ගැන පෝස්ට් එකක් ලීවා තහනම් අඩවියේ,, ඒක කියවලා බලන්න, kenji

      Delete
    3. ලින්ක් එක දැම්මනම් වටිනවා.

      Delete
  13. නියම විද්‍යා පාඩම...

    තැනක් යු ටීචර්..

    ReplyDelete
    Replies
    1. පාඩම තේරුන එක ගැන සන්තෝසයි ශෙහාන් :)

      Delete
  14. මට තියන ප්‍රශ්නේ ඕක නෙවෙයි බස්සී ඔය ඔක්කොම දේවල් ඔහොම පිහිටලා තියෙද්දිත් සමහර ගෑනු ළමයි මොකද පිරිමි වගේ ඇවිදින්නේ????

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් එක එක්කෙනාගෙ සරීර වල කලාතුරකින් ඇතිවන වෙනස්කම් නෙ ගන්දරේ. ඔය උකුල නටවන පිරිමි ළමයිනුත් ඉන්නෙ.

      Delete
  15. යනවිට පාරේ… උකුල නටන තාලේ…
    ලස්සන කෙසේ වනම්දෝ……

    :) ;) :)

    ReplyDelete
    Replies
    1. සින්දුත් කියැවෙනවලු ඉතින්

      Delete
    2. //ලස්සන කෙසේ වනම්දෝ…… // නලවන කට්ටිය නම් හිතනව ඇත්තෙ "ලස්සන ට කෙසේ වනම් දෝ" කියල :)

      Delete
    3. හයියූ.... ඒකනම් පස්ට කතාව

      Delete
  16. කොමෙන්ට් ටික ෆට්ට..කොමෙන්ට් ටික ට පින් සිද්ද වෙන්න පොස්ට් එක තේරුම් ගත්තා

    අවුරුදු උත්සවේදී හම්බ වෙමු බස්සි අක්කේ ඈ...මගේ face dectation sof එක අවුල් මාව දැක්කොත් ටොක්කක් අනින්ට ඈ..බොන්න තියෙන හරියක බලන්න මම ඉදි...

    ReplyDelete
    Replies
    1. මලලසේකරයි. මගෙත් face detection නම් කුජීතයි. හික්ස්. බස්සෙක් ඉන්න ටී එකක් ඇදන් එන්නද? :) ;)

      Delete
  17. ආපෝ ඔය සමහරක් ගෑණු පරාණ නලවන නැලවිල්ලට බයේ බෑ උකුල ගැලවිලා වැටෙයි කියලා …. ඔන්න ඕවා අපි නම් නෙමේ කියන්නෙ. අපි නෑනෙ ඔය ගෑණුන්ගෙ උකුල් දිහා බලන්නෙ වැරදිලාවත්. ;)

    පස්ට ටීචැර් පස්‍ට. විජ්ජා පාඩම ඔදට තේරුම් ගියා.

    ඔය මිහිකත නළවාලා සිංදුව අපිට ඉස්සර සංගීත වලට උගන්නත්දි මට පේන්න බැරි සිංදුවක්. වෙන මඟුලක් නිසා නෙමේ ඕකෙ 'පිටිසර හෙළ ගුරු ලීය සැරදේ……' කියන ටික කියත්දි හැමදාම මම බැනුම් අහනවා. :(

    ReplyDelete
    Replies
    1. මට ඔය "පිටිසර හෙළගුරු ලීය සෑරදේඒ" කියද්දි ඉස්සර හිතෙන්නෙම ටීචර් ළමයින්ට ලී අඩිකෝදුවක් අරන් සැර කරනව ඇති කියල‍යි.

      Delete
  18. ශෝක් පාඩම. ඔය ගැස්සිල්ල වැඩියෙන් පේන්න කියල හයි හිල්ස් දාන එක නම් පස්සෙ කාලෙක කොඳු ඇට පෙල ට අහිතකර විදිහට බලපානව ලු.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. හයිහීල්ස් දිගුකාලීනව දානකොට උකුලෙත්, විලුඹ ආශ්‍රිතවත්, කොඳු ඇට පෙලෙත් ආබාධ ඇතිවෙන්න පුලුවන් ලු.

      Delete
    2. උකුල් ඇටේ වගේද ළමයෝ හයි හීල්ස්....නිතඹ නලෝලා...

      Delete
    3. උකුල් ඇටයක්නම් කඩෙන් ගන්න බැරියැ. මේ වකුගඩු, අක්මා එහෙමත් විකුණන්න තියෙන කාලෙ ඕව මොනාද!

      Delete
  19. පෝස්ට් එක කියෙව්වේ නෑ අර පුක අඹරන පින්තූරේ දිහා බලාගෙන උන්නා සෑහෙන වෙලාවක්. ඒක නම් මගේ හදා ගන්නම බැරි වරදක්...

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම .... මචං ...

      Delete
    2. හි හි

      Delete
    3. ලැයික්

      Delete
    4. පෝස්ට් එක ලිවුවෙ කාටත් ගැලපෙන්නනෙ. ඉගෙනගන්න කැමති අය ඉගෙනගත්තලු. කවි සහ කතන්දර වලට කැමති අය ඒ ඒ රසය වින්දලු. සමහරු ඇවිත් ශකිරා පස්ස අඹරනවා බලන් ඉඳල ගියාලු. තම තමන්ගේ සතුට නොවැ.

      Delete
  20. විරිදුවයි,තොරණේ විස්තරෙයි මරු ඈ....කොමන්ට් ටිකත් බලාගෙන හිනා වෙලා හක්ක හෙලවෙනවා තාම.....

    ReplyDelete
    Replies
    1. හෙලවුනාට කමක් නැහැ දුව පන්න ගන්න එපා.... ඔදේ ...

      Delete
    2. තැන්කිවු ශානු අක්කෝ. කමෙන්ට් වලට මටත් හිනාය. :

      Delete
    3. හිහි. කෙන්ජි සීයා දුවට ඔවදන් දීලා!

      Delete
  21. හොඳයි. පැද්දෙන්නේ පිහිටීම අනුව කියමුකෝ. එතකොට පිරිමි ඉස්සරහින් ඇවිදගෙන යනකොට එක පාරටම පැද්දීමේ ස්පෑන් එක අච්චර වැඩි වෙන්නේ මොකෝ?

    ReplyDelete
    Replies
    1. දීපල්ලකො බලන්න උත්තර...

      Delete
    2. ඉල්ලුම හා සැපයුම න්‍යායට අනුව.

      Delete
    3. ඒක වෙන්නේ එයාලටත් නොදැනුවත්වම. 64න් එකක්.

      Delete
    4. කොර වෙන පුරස්නයක්නෙ ඇහුවෙ ඩූඩ්. අපිනම් දන්නෑ ඔවුව!

      Delete
    5. අනේද කියන්නෙ සිරා අයිය. මම ඩූඩ්ගෙ ප්‍රශ්ණයට ask the audience අවස්ථාව ලබාගන්නවා.

      Delete
    6. අයාල් සිත්! ඔබේ පිළිතුර නිවැරදියි. :D

      Delete
    7. සුදීක අයියෙ, නොදැනුවත්ව වෙනවනම් ඇයි ඒවට මායම් කියන්නෙ?

      Delete
    8. සොබාදහම නංගී. සොබාදහම.

      Delete
    9. ගෑණුන්ගෙ මායම් 64 ගැන හැමදාම කිව්වට පිරිමින්ට තියෙන මායම් 108 ගැන අහලා තියෙනවද කෙලියෙ...

      Delete
  22. පස්ටයි ඈ...ලොකු හයියක් බස්සියෙ බැරිවෙයිද ඇනටොමි වලට වෙනම බ්ලොගක් පටන්ගන්න.එතකොට ඒ බ්ලොග ලෝකප්‍රරසිද්ද වෙලා ලෙච‍ාලා පුරුදු වෙයි විරිඳුවෙනුයි තොරණ් තාලෙටයි ලැච්චර්ස් දෙන්න :p :p
    සෑන්ස් පාඩම් කරන්න මරු විදිහ

    ReplyDelete
    Replies
    1. හිහි කෝමද ලෙචා ලැප වෙනුවට විරිදු රබාන කිහිල්ලෙ ගහගෙන එද්දි ආතල් එක. මැවිල පේනවෝ!!

      Delete
  23. කාලෙකින් ආවේ බස්සියේ,ඔයාගේ පෝස්ට් ගොඩක් මගහැරිලා .. :(

    ReplyDelete
    Replies
    1. හෙමින් කියවන්න ඔමයියෝ. මාසයක්ම අතුරුදහන් වෙලා හිටියනෙ නේද!

      Delete
  24. මේ කියාදීමේ ක්‍රමය සාර්ථකයි බස්C

    ඊලඟ ප්‍රශ්ණය.....මේ කළු කෙල්ලන්ගේ (කැරිබියන්,ඇෆ්‍රිකන් )පස්ස ඔච්චර ලොකු මොකද? මේවා අඩු කරන්න බැරිද? මොකද අපි ගෙවල්වල අයට නිකන් නෝන්ඩි වෙනවා පාරේ යනකොට. අනිත් එක මේ දවස්වල සමර් නේ :D

    ReplyDelete
    Replies
    1. එහේදී විතරක් නෙවෙයි මෙහෙදිත් නෝන්ඩි වෙනවා අරූ...................

      Delete
    2. ඕකට විද්‍යාත්මක හේතුව නම් මමත් දන්නෙ නැහැ අරූ. හොයල බලන්න ඕනෙ. කෙන්ජිත් කියල තියෙන්නෙ ඒක බලල ඇහේ පොට යනව කියල :D

      Delete
    3. අනිවා අරූගෙ කතාව රන් අකුරෙන් ලියල තියන්න ඕනෙ නැද්ද විදානේ?

      Delete
  25. පස්ස නේ හුම් හුම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්

      Delete
  26. බොලා ලගදි ලිව්ව හොදම එක කියලා මට හිතෙනවා මේ ලිපිය...උපහාසය, ශෘංගාරය, දේවකථා අස්සෙන් විද්‍යාත්මක දේවල් ටිකකුත් කියවිලා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ අගය කිරීමට!

      Delete
  27. හිනා වෙලා වැඩි කමට කඳුළුත් එනවා ... හරිම ශෝක් පාඩම...

    ඉස්සර බයෝ වලට මෙහෙම ඉගෙන ගත්තානම් අපහු කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි හි.. හි... :)

    ReplyDelete
    Replies
    1. මේව ඇහෙද්දි මට විරිදුවෙන් බයෝ කියල ටියුෂන් ක්ලාස් එකක් පටන් ගන්න හිතෙනව.

      Delete
  28. කෝ මේ වනිත ඇවිත් නෑනෙ. ආවනම් ශක්‍රයාටත් දෙයියන්ගෙම පිහිටයි. ස්වභාවිකව පැද්දෙන එකනම් හරි කියමුකො. ඕක අස්වාභාවිකව පැද්දෙන එකනෙ හිතාගන්න බැරි.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒකනෙ මනෝෂ් වනිතට හතර අතේ කමෙන්ට් ගහන්න පුලුවන් වැදගත් ලිපියක්නෙ නේද! අස්වාභාවික පැද්දීමනම් ඉතින් ඉල්ලුම හා සැපයුම් වක්‍රයෙන් තමයි කියාදෙන්න වෙන්නෙ අර අයාල් සිත් කියල තියෙනව වගේ.

      Delete
  29. නියමයි. නියම කවි පාඩම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුම්! සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!

      Delete
  30. Thanks yasho,oya dipu browser eken dan blog kiyawanna puluwan.sinhlen comment karannath puluwan nam patta thamyi..:)

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිටත් කියහල්ලකො ඔය බවුසරේ ගැන. ෆෝන් එකට එන එකක් ද

      Delete
    2. මගෙ බවුසරයක් නෙමේ බන් ඔය මනෝ කියන්නෙ පහන් හදපු සියළු බවුසරේ ගැන. :D

      Delete
    3. මනෝ හෙළකුරු app එක install කරගත්තනම් සින්හල keyboard එකත් හරි. එතකොට සින්හලෙන් ලියන්නත් පුලුවනි. ඒ කරලා Blogger app එකත් දාගත්තනම් phone එකෙනුත් blog ලීවැකි.

      හෙළකුරු එක ගන්න link එක එවන්නම් fb එකෙන්.

      Delete
    4. මටත් ඕනි සිම්බ්රියන් වලට අලි යන එකක්

      Delete
    5. ඒම කියන්න එපෑ.. කොහොම වුනත් මං කලින් ඒක ගැන දැනගෙන හිටියෙ නෑ. දැන ගත්ත එක හොඳා. කාට හරි ඕන වුනොත් කියන්න පුළුවන් නෙ.

      Delete
    6. ආචාරි මල්ලි අලි යන එකක්ද? එලිෆන්ට්පාස් වගේ එකක් හරියයි මං හිතන්නෙ. :P

      Delete
    7. මම හිතුව ඒක සියල්ලෝම දන්න එකක් වෙන්ටැ කියල. අපේ බස්ස ඔහොම එකක් ගැන ලියපු පෝස්ට් එකක් තියේ මෙතන.
      මොබයිල් එකෙන් සිංහල

      Delete
    8. ලින්කුවට තැන්කිව්. ඒත් ඒ ක්‍රමේ දි ඩේටා වැඩිපුර යනව මගෙ හිතේ. අකුරු, රූප බවට පත් කරනව ලු ඒකෙන්.

      Delete
    9. ඕ යේස්. සියලු බ්‍රව්සරේ හිටිගමන් පිස්සු නටද්දිනම් මම ඔය විදියට ඔපෙරාව පාවිච්චි කොරනව.

      Delete
  31. පාඩම හොඳයි.....කුකුන්දරාස්ථි රිදෙනකන්ම බංකු උඩට වෙලා ඉගෙන ගත්තු පාඩමක් නෙව මේ....බස්සි බොහොම සරලව කියා දීල...

    ReplyDelete
    Replies
    1. හම්මේ ඒ බංකුවල පැය හතර පහ හිටපු හැටි මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනව. ඒ ලෙවල් නං අති භයංකරං

      Delete
  32. ඔය ගෑනුන්ගෙ මෙව්ව එක (කුන්දරාස්ථියද මොකක්ද එක) ලොකු වෙල තියෙන්නෙ (නෑ නෑ සොරි, ලොකුවට මවල තියෙන්නෙ) ඇපල් ගෙඩිය පැල වුනාට පස්සෙ එළියට ගන්න පහසු වෙන්නත් එක්කල නෙවැ. හැබැයි උන්දැට (නෑ, නෑ. දෙවියන් වහන්සෙට) තිබුන පහසුවෙන් සීසර් කරන්න පුළුවන් විදිහට සිzපර් එකක් මහල එවන්න බඩ මැද්දෙන්.

    ReplyDelete
    Replies
    1. බඩ මැද්දෙ සිzපර් මැවුවනම් කස්ටිය හීතලටත් ළමයි හදල කිසි ගින්නක් නැතුව සිzපර් එක ඇරල එලියට විසුක්කා කොරල දායි.

      Delete
  33. සාන්ස් පාඩම එල, මම ඉතින් ඔය අහිංසක දරුවා නිසා ඔවා දිහා බලන්නේ නෑ නෙව . ඔන්න් ඔහේ පාඩුවේ ඉන්නවා . මං උඹව පත් කරනවා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක හැටියට .... හෙට එනකොට සුදු සාරියක් ඇඳගෙන වරෙන්

    ReplyDelete
    Replies
    1. හෙට සුදු සාරි?! හිටු මම කරාටෙ කිට් එක ඇඳන් එන්නෙ බොට නෙලන්න.

      Delete
  34. ඔය පැද්දිල්ලට වාහන ඇක්සිඩන්ට් හිටන් වෙනවය කියන්නෙ

    ReplyDelete
  35. මට මතක් වුණේ

    සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා ... නිතමබ නලෝලා ...
    කියන වේග රිද්ම ගීතය.ගෙහින් බලන්න. ගියාට පාඩු නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මුලින්ම කිව්වේ එච්.ආර්. ජෝතිපාල මහතා. මේ කියන්නේ සුරේන්ද්‍ර.

      Delete
    2. සුදීක....මෂා එක කණෙන් බේරෙන සින්දුනේ මතක් කරන්නේ... ඕක හින්දි තනුවක් මගේ හිතේ. ලිව්වේ කරුණාරත්න අබේසේකරයන්.

      Delete
    3. හම්මේ පැද්දිල්ල!!!

      Delete
    4. අරු,
      හින්දි එක "Bakkamma Bakkama". මෙන්න මතකයන් අලුත් කර ගන්න පාරක්.

      http://ayoma-jayasinghe.blogspot.com/2013/12/blog-post.html

      Delete
    5. Thanks Chandana... දෙකම නලෝලා..අනේ මන්දා කොයි දෙකද කියලා..

      Delete
  36. අෆ්ෆා මේ වචන සිංහලද එහෙම නැත්නම් සයන්ස්ද ?

    ReplyDelete
    Replies
    1. සයන්ස් කියල බාසාවක් නෑ නොවැ. Anatomy වචන වගයක් තියෙනව සිංහලෙන්. අමාරු වචන ඇත්නම් අහන්න තරිඳු. සරල සිංහලෙන් කියාදෙනු ලැබේ.

      බස්සිගේ නවාතැනට සාදරයෙන් පිළිගන්නවා ඔයාව!!!

      Delete
  37. ඔයාලගේ බ්ලොග් අඩවි මගේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න මට ලින්ක් එවන්න, තව ඔයාලා දන්න සිංහල බ්ලොග් වගේම ලංකාවේ බ්ලොග් පිටු වල විස්තර අපට එවන්න අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් රචකයන්ට හා පාඨකයන්ට මේකෙන් යම් පහසුවක් සලසා දීමයි මෙහි අරමුණ.

    ReplyDelete
  38. එතකොට මේකයි මේ වැනෙන වෙනස .... හ්ම්ම්ම්ම්

    ReplyDelete
  39. මම හිතුවේ මේ කමන්ට් එක පබ්ලිස් වෙලා නැහැ කියලානේ.එහනම් මට අරකත් එවන්නකො..

    ReplyDelete
    Replies
    1. මලා මේක වැටුනේ වැරදි තැන.,මේක වැටෙන්න ඕනේ මම කලින් දාපු කමන්ට් එක ගාවයි.

      Delete
    2. ඔන්න බුකියෙ එව්වෝ......

      Delete
  40. ඈයි සර්පයා ගෑන මොනවත් නෑත්තෙ?

    ReplyDelete
    Replies
    1. ටයිට්ල් එක බලන්නකෝ. මම මාතෘකාවෙන් පීලි පනිනව අඩුයි නෙව.

      Delete