මේ කතාව මතක් උනේ අපේ උපේක්ෂා ලියාපු ඇඩ්වෙන්චර් පෝස්ට් එක හින්දයි.
මම සහ විදුලි සෝපාන අතර තියෙන්නෙ මේ ලෝකෙ කිසිම කෙනෙකුට හිතාගන්නවත් බැරි තරමේ හෘදයාංගම බැඳීමක්. ඔව්, ඇත්තටම ඒක සංසාරෙන් සංසාරෙට පතාගෙන ඔතාගෙන ආපු ආත්මීය ලෙංගතුකමක්ද කියලත් මට වෙලාවකට හිතෙනව.
විය යුතු පරිද්දෙන්ම මම පුංචි කාලෙ ඉඳන් බොහොම උනන්දුයි ඉහළ යන්න. ඔව් ඉතින් මම වගේ පැහැදිලි ඉදිරි දැක්මක් ඇති, දූරදර්ශී, ප්‍රඥාවන්තයෙක් එහෙම නොවුනොත් තමයි පුදුමෙ.
හෝව්! හෝව්!! ඉහළ යන්න කිවුවෙ මේ විදුලි සෝපාන වලින් ඉහළ යන්න.
හෝව්! හෝව්!! ඉහළ යන්න කිවුවෙ මේ විදුලි සෝපාන වලින් ඉහළ යන්න.
විදුලි සෝපාන කිවුවම වර්ග දෙකක් තියෙනවනෙ. එකක් මෙලෝ රහක් නැති එලවේටර් හෙවත් විදුලි සෝපාන. අනික ඇඩ් එකක් දීගෙන වට පිට සිරි නරඹමින්............. අහ් වැරදුනා, තමන්ගේ සිරිය වටාපිටාවට පෙන්වමින් ඉහල යන්න පුලුවන් එස්කැලේටර් හෙවත් විදුලි තරප්පු.
ඒත්........, ඒත්, විදුලි තරප්පුවක අඳුරු යතාර්ථය පිටින් පේන තරම් සුන්දර නෑ. ඒ වටා බැඳුනු හද කිළිපොලා ගිහින් මයිල් ඉස්මයිල් වෙන භයංකාර සිදුවීමුත් මේ ලෝකෙ තියෙනවා.
මගේ නොසැලෙන අධිෂ්ඨානයේත්, විප්ලවකාරී ඇවතුම් පැවතුම් වලත් අසහාය ප්‍රතිඵලයක් විදියට පොඩි කාලෙ දෙසැම්බර් නිවාඩුව ලැබුනම අලුත් අවුරුද්දට පොත්බෑග්, කෑම පෙට්ටි, වතුර බෝතල් සහ පැන්සල් පෙට්ටි වගේ ඒව අරන් දෙන්න අපේ තාත්තට සිද්ධ වෙනව මාව ආර්පිකෝ එකට එක්කන් යන්න. හයිඩ්පාර්ක් වල තියෙන ආර්පිකෝ එක දැන් වගේ ලොකු හයිපර්මාර්කට් එකක් නෙමෙයි ඒ කාලෙ. ඒ වුනාට වහළේ උළු දෙදරන්න තරම් විප්ලවයක් කරලා එතනට යන්න මට ඉතාම සාධාරණ හේතුවක් තිබුනා.
ඕකෙ තිබුන කියන්ඩකෝ හොඳට ඉඩපාඩු ඇති ලොකු එස්කැලේටර් එකක්.
පැන්සල් පෙට්ටි, කෑම පෙට්ටි, වතුර බෝතල් එහෙම තියෙන්නෙ එස්කැලේටර් එක පටන් ගන්න තැන පහල. සෙල්ලම් බඩු තියෙන්නෙ පළමු මහලෙ.
තකහනියක් ආර්පිකෝම යන්න මීටත් වඩා සර්ව සාධාරණ හේතුවක් ඕනෙද මං අහන්නෙ?
ඒ අඳුරු දවසෙත් මම ගත්තු ලටපට ටිකත් තුරුල් කරගෙන ගිහින් එස්කැලේටර් එකට පය තිබ්බ. අනේ............ පෙර අත් භවයක කරන ලද කර්මයක් පඩිසන් දීමෙන් මගෙ අතේ තිබුන වතුර බෝතලේ බිමට පැන්න කියන්නකො. ඒත් මගේ නොසැලෙන අධිෂ්ඨානය නිසාම මට ඕනෙ වුනේ පඩියක් පහළට බැහැලා වතුර බෝතලේ අහුලගන්න විතරමයි.
අහෝ ඛේදයකි! ඉරකි! තිතකි! කියලා මගේ පංචස්කන්ධයම වාරු නැතුව එතන පතබෑවෙන්න ගියේ සුලු මොහොතයි. ඒත් මම සැලුනෙ නෑ. නොසැලෙන වීර්යයෙන් යුක්තව දෙනෙත් තදින් පියාගෙන බිම පතිත වූ සිංහ සෙයියාවෙන්ම මම ඉහළට ගමන් කරනවා.
මේ විලිලැජ්ජාව අවසානයට ළඟා වෙන්න ඇති කියලා හිතාගෙන ඇස් ඇරලා නැගිටින්න හදන තත්පරේ තමයි ඒ භයානක මොහොත උදා වුනේ.
ඉහළ පඩියේ තිබුන මගේ ගවොම් සාය තරප්පුව ඇතුලට ඇදිල යනවා. දැන් ඉතින් මාවත් ඒ එක්ක ඇතුලට ඇදිල යයි. පහළ තට්ටුවෙ මේ මොකුත් නොදැන භාජන වගයක් තෝරන මගෙ අසරණ තාත්තට ගෙදර ගෙනියන්න වෙන්නෙ දුවෙක් වෙනුවට ඉස්ටිකර් එකක්. අපේ නංගි අප්පුඩියක් ගහල මාව පොතක අලෝලා කවරයක් දායි. ඒත් එක්කම කලින් තිබුන නොසැලෙන අධිෂ්ඨානයෙන් සම්පූර්ණයෙන්ම විනිර්මුක්ත වුන මම උපරිම තාරතාවයෙන් මගේ සයිරන් එක නාද කලා.
විදුලි සෝපානය නැවතුනා. ඇන්ටිලා දෙන්නෙක් චටපට ගාලා දුවගෙන ආවා මාව නැගිට්ටවාගන්න.
මොන නැගිටිනවද! මගෙ ගවොම් සාය ඉතාම අකාරුණික ලෙස මම එතනින් නැගිටිනවට විරුද්ධ වුනා.
ඉතින් මට සිද්ද වුනා විදුලි තරප්පු ආපස්සට අරගෙන මගේ දුෂ්ඨ ගවුම එතනින් බලහත්කාරයෙන් මුදවා ගන්නකම් මහා ජන ගංගාවකගේ ඇල්ම බැල්මට ලක්වෙමින් එතන වැඩ වාසය කරන්න.
කොහොමද දැනෙන සනීපෙ. හැබැයි ඉන් පස්සෙ මම පුරුදු වුනා පුලුවන් හැම වෙලාවෙම විදුලි තරප්පු මග අරින්න. ඒ වෙනුවට බොහෝ තැන්වලදි මගේ පිහිටට ආවෙ විදුලි සෝපාන. එක අඳුරු දවසක තවත් පූර්ව භවයක සිදුකල දරුණු අකුසල කර්මයක් විපාක දෙනකම්. . . . .
කැම්පස් එකෙන් එලියට විසුක්කා උනාට පස්සෙ මම මුලින්ම ජොබක් කරන්නෙ විලාසිතා නිර්මාණ ආයතනයක. සිංහලෙන් කිවුවොත් ෆැෂන් ඩිසයිනින් කොරන තැනක. ඔතන පස්වෙනි මහලෙ තමයි ඔෆිස් එක. පහළ තියෙන්නෙ ශෝ රූම් එක. ඉහලට එන්න ක්‍රම තුනක් තිබුනා.
පළවෙනි එක තමයි වන වංකගිරිය අරණේ කියලා කවියක් සීපදයක් කියාගෙන තරණය කරන්න ඇහැකි තරප්පු පේළිය. කොහොමත් මම මේ බතල ශරීරය මේන්ටේන් කරන්නෙ අමාරුවෙන් නිසා තරප්පු නගින අදහස අමතකම කරලා දැම්ම.
දෙවෙනි එක තමයි හද කිලිපොලා යන විදුලි තරප්පු. හැබැයි මේ වෙනකොට අර පළමු සිදුවීමට වසර ගණනාවක් ගතවෙලා තිබුන නිසා විදුලි තරප්පු ගැන බය තුනී වෙලා තිබුනෙ. ඒ නිසා වරින් වර අතීත අඳුරු මතකයන්ගේ බිහිසුණු සෙවණැලි හිතේ කොනක හොල්මන් කරද්දිත් මම වැඩිහරියක් ගමන් කලේ එස්කැලේටර් එකේ.
තුන්වෙනි එක තමයි ඒ බිල්ඩිමේ තිබුන දෙවැනි පැරකුම් රජ සමයේ නිෂ්පාදිත පෞරාණික විදුලි සෝපානය හෙවත් එලවේටර් එක. ඕක කස්ටමර්ලට යන්න හදාපු එකක් නෙමෙයි. ඕක තියෙන්නෙ ඇඳුම් රාක්ක එවුවා මෙවුවා ලටපට ඉහල පහල ගෙනියන්න. මේ ලිෆ්ට් එක ඉහලපහළ ගෙනියන්න ඉන්නවා ඔපරේටර් කෙනෙක්. ලිෆ්ට් එකේ බොත්තම් වල ක්‍රියාකාරිත්වය එහෙම කොයිතරම් අපූරුද කියනවානම් අර ඔපරේටර් කොලුවා නැතුව ලිෆ්ට් එකේ යන්න නිර්භීත වුනේ එතන වැඩකරපු පරණම සේවකයා විතරයි.
නැවතත් මගේ ජීවිතයේ අඳුරු දිනයක් උදාවුනා. එදා අර ඔපරේටර්වරයත් ඇතුලුව බහුතරයක් උන් නිවාඩු. තවත් පිරිසක් ගාර්මන්ට් ෆැක්ටරියක තිබුන මීටිමකට යන්න පිටත් වුනේ දවල් ආහාරයෙන් පස්සෙ. හැබැයි රස්සාවට ඇවිත් මාස දෙකක්වත් ගත නොවුනු මම ආතල් එකේ රිපෝට් එකක් හදාගෙන, ප්‍රස්තාරයක් ඇඳගෙන හිටියා.
හවස හතරට විතර ෆෝන් එක මරහඬ තලන්න ගත්තා. ගොඩක් වෙලාවට මෙහෙම එන්නෙ එච්. ආර්. හරි, ෆයිනෑන්ස් හරි, කස්ටමර් සපෝට් හරි යන්න ඕනෙ මරාලයක්.
අහා. . . සතුටුදායක ආරංචියක්! හවස තේ වෙලාවට දෙන ස්නැක් එක ඇවිල්ල.
මොකෙක්වත් නෑ. ඒ කියන්නෙ ඉතින් මමනෙ ලොක්කා. ටී රූම් එකේ ඇන්ටි කෙනෙක්ට කිවුවා අංකල් කෙනෙක් එක්ක ගිහින් ස්නැක්ස් ටික අරන් එන්න කියල. මෙන්න ටික වෙලාවකින් ඒ මනුස්සය මගෙ ළඟට ඇවිත් පිටිමෝලිය වගේ ඇබරෙනවා.
“ඇයි මොකද්ද ප්‍රශ්නෙ?”
“අනේ මිස් මට තනියෙන් යන්න බයයි. අංකල්ටත් තනියම යන්න බයයිලු.”
“ඒක හරි කතාවක්නෙ. ඉතින් ඔය දෙන්නම යන්න.”
“අපි දෙන්නම එන්නං. මිස්ටත් එන්න බැරිද?”
මලසමයං පයිං යනව කිවුවලු. මට කටට හොඳ ආදරණීය ඇමතුම් ටිකක් ගලාගෙන ආවත් ඒ මිනිස්සු දෙන්න අසරණ විදියට බලාගෙන ඉන්න හැටි දැක්කම මගෙ බඩ පපුව හෝස් ගාල ගියා. දෙන්නම ගොඩාක් වයස, ආච්චි, සීයා කියන්න පුලුවන් වයසෙ දෙන්නෙක්.
මොනව කොරන්නද ඉතින්. මම ඉතින් පත්තු වෙච්චි හදවත වතුර ටිකක් ඉහල නිමාගෙන අර ඩබලත් එක්ක එලවේටර් එකට නැග්ග.
නැග්ග නැග්ගාම තමයි. සාමාන්‍ය එලවේටර් එකක වගේ නෙමෙයි මේකෙ බොත්තම් හාරලක්ෂ අසූහත්දාස් දෙසිය හතළිහක් විතර තිබුන. මට මතක් වුනේ චාලි ඇන්ඩ් ද ග්‍රේට් ග්ලාස් එලවේටර් කතාව. කොහොමහරි මට පහළට යන බොත්තම හොයාගන්නම සෑහෙන වෙලාවක් ගියා.
අනේ එලවේටර් එක යන්තම් හෙල්ලුනා. ඒත් දොර වැහුනෙ නෑ. ඒ එක්කම අර තේ ඇන්ටි අනේ මට බයායි කියාගෙන බඩ පිනුමක් ගහල එලියට පැන්න. ඒ සැනෙන් දොර වැහුනෙ ඇන්ටිගේ පතරංග සරීරය සැන්ඩ්විච් කරමින්. ඒත් එහා පැත්තෙ හිටපු එකෙක් ඇන්ටිව එලියට ඇදල ගන්නව පහළ බහිමින් හිටපු මට යාන්තමට වගේ පෙනුන.
“මිස් ඔයා ඔබල තියෙන්නෙ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන බොත්තම. අපි යන්න ඕනැ බේස්මන්ට් එකට.”
අංකල් කාරයගේ ඒ විද්වත් වදන් ඇහිච්ච ගමන් මම ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් කරන විදියට බේස්මන්ට් බොත්තම එබුවා.
අන්න ඒ වෙලාවෙ තමයි පහළට යමින් තිබුන එලවේටර් එක ඉතාම මුරණ්ඩු විදියට මග නතර වුනේ!
“මාශා අල්ලාහ් අපි මෙතන හිරවෙලා. . . .!”
අංකල් තම අසහාය නිරීක්ෂණ හැකියාව විදහා දක්වමින් ප්‍රකාශයක් නිකුත් කලා.
මම දස අතේ කැරකි කැරකි කල්පනා කලේ මේකට පිලියමක්. මගේ තීක්ෂණ බුද්ධියට මේකට විසඳුමක් කල්පනා වෙන්නම ඕනෙ. දෙතුන් වතාවක්ම බෙල් එකට අත ගියත් මම තීරණය කලා අනිත් මිනිස්සුන්ට කරදර නොකර මමම මේක විසඳනව කියල.
එතකොට තමයි අංකල් තවත් තීරණාත්මක වාක්‍යයක් ප්‍රකාශ කලේ.
“ඕක එක තට්ටුවකට යන අතරෙ ඒක කැන්සල් නොකර තව තට්ටුවක අංකෙ එබුවොත් මග හිටිනව මිස්. දැක්කනෙ දැන් වෙච්ච දේ!” යකෝ මේ මනුස්සය පිස්සු හැදිල වගේ මට නෝක්කඩු කියනව.
මම අර බෙල් එක වදින බොත්තම හොයන අතරෙ කලබලේට මගෙ අත වැඩිලා තවත් බොත්තම් කිහිපයක් එබුන. සීනුව හොයාගන්නකොටම මෙන්න එලවේටර් එක ආපහු ඉහළ යන්න ගත්ත.
ඩිස්ප්ලේ එකක් නැති නිසා ඉන්නෙ කොහෙද කියල හොයන්නත් බෑ. ඒ වෙලාවෙ තමයි මම තීරණය කලේ සීනුව ගහන්න.
ඔන්න මම දැන් නොනවත්වා සීනුව නාද කරනව. ඒ එක්කම මට ඇහෙනවා පහළ බේස්මන්ට් එකේ සික්කෙක් ආන්සර් කරනව.
“ඔව්. කියන්න.”
“අපි මේ එලවේටර් එක ඇතුලෙ හිරවෙලා. උදව් ඕනෙ”
“ආ. . . ඒකද? මොන ෆ්ලෝ එකේද ඉන්නෙ?”
“ෆ්ලෝ එකක් මම දන්නෙ නෑ මනුස්සයෝ. ඔතන ඉන්න වගකිවයුත්තෙකුට කියන්න කරුණාකරල.”
“අහා. . . වගකිවයුත්තා ඉතින් මම තමයි, හැක හැක හැක.”
මගේ කටට ඉතා සුන්දර වදන් වැලක් ගලාගෙන ආවත් ඒව පිටවෙන්න කලින් මම දැක්කෙ තවත් සීනුවක් තියෙනව. මම මාරුවෙන් මාරුවට සීනු දෙකම නාද කරන්න ගත්තා. ඔය අතරෙ තමයි අර අංකල් කාරය කරන තකතීරු වැඩේ මගෙ ඇහැ ගැහුනෙ. මේ මනුස්සය සම්පූර්ණ වීරිය දාල අර වැහුන දොරවල් දෙක අරින්න හදනව.
“අල්ලා. . . . මට හුස්ම ගන්න අමාරුයි. . . අල්ලා. . . “ ඉතුරු ටික කියන්නෙ දෙමලෙන්. මට ඉතින් දෙමල තේරෙන එකක්යැ. හැබැයි මූ කරන්න යන වැඩේ දැක්කම මම එකසිය ගානට බය වුනා.
“මොකද්ද මනුස්සයො ඔය කරන්න හදන්නෙ?”
“අනේ මිස් මගෙ පපුව රිදෙනව හුළං නැතුව.” පොර කෙඳිරි ගානව. “මම මැරෙන්නයි යන්නෙ මිස්! මම අසරණ දරු පවුල් කාරය මිස්.”
මේ මනුස්සයගෙ කෙඳිරිය අහල අහලම මගෙත් අතපය සීතල වෙන්න ගත්ත. අර නසරානි සික්ක නිසා මාත් මේක අස්සෙ මැරෙයිද? අනේ දෙයියනේ එතකොට පහල තියෙන මගෙ කප් කේක් එක කන්න වෙන්නෙත් නැද්ද මට? ඒ ඔක්කොමත් හරි, මං මලොත් අර අසරණ බස්සට යන කලදසාව මොකද්ද?
ඔව්ව හිතමින් මම නොනවත්වාම අර සීනුව නාද කලා. එහෙම කල්ප ගානක් ගතවෙන්න ඇති.
එකපාරම එලවේටර් එකේ දොරට එපිටින්, ඉහළින් කතා කරන සද්දයක් ඇහුනා.
“බය නොවී ඉන්න.” කොල්ලෙක් හිනා වෙවී කියනව.
ඒත් එක්කම ඩබලක් ඇවිත් එලවේටර් එකේ දොර ඇරියා. අපි හිරවෙලා ඉඳල තියෙන්නෙ පස්වෙනි මහලයි, හයවෙනි මහළයි අතර.
දොර ඇරපු ගමන් චිම්පන්සියා වගේ හයවෙනි මහලෙ පොළවේ එල්ලුව අංකල් දන්න සිල්ප ක්‍රම හැටක් විතර දාලා එලියට පැන්නෙ මම උන්නද මලාද කියලවත් හොයන්නෙ නැතුව.
ඒත් එක්කම නිකම් හින්දි ෆිල්ම් එකක ප්‍රධාන නළුව වගේ එලවේටර් එක ඇතුලට පැන්නෙ පහළ ඉන්න මැලේ ජාතික, සුදු, උස ෆ්ලෝර් මැනේජර්. පොර පැන්න පැනිල්ල දැක්කම නම් කප් කේක් එකත් අමතකවෙලා මගෙ කට කන්දෙක ගාවට ගියා.
“ඔයාට නගින්න පුලුවන්ද?” වගේ දෙයක් තමයි පොර ඇහැවුවෙ. උත්තරයක් බලා ඉන්නෙ නැතුව පොර ෂර්ට් එකේ අත් දෙක නමාගෙන එලියෙ හිටපු එකෙක්ට කතා කලා. ඉනිමගක් ගෙන්නගෙන මගේ කොට ජීවිතේ පරෙස්සමට පරෙස්සමට උඩට නැග්ගුව. අහෝ. . . මොන තරම් සුන්දරද!
අර සික්කා ගැන ෆ්ලෝර් මැනේජර් අපේ ආයතනයේ ලොක්කාටම කම්ප්ලේන් කරල තිබුන නිසා සික්කා දින තුනක් ඇතුලත සබ්බ සකලමනාවම අකුලගෙන ගෙදර ගියා. මනුස්සයෙක්ට රස්සාවක් නැතිවෙන එක පව් වැඩක් වුනත්, මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න යනවට හොඳ වැඩේ. බැරිවෙලාවත් අර අංකල් පපුවෙ අමාරුව හැදිල මලානම් එහෙම? නැද්ද මං අහන්නෙ?
අන්න ඒකයි මම ඔයාල හැමෝටම කියන්නෙ. එලවේටර්, එස්කැලේටර් වල අඳුරු යතාර්ථය අපි හිතනවට වඩා සිය දහස් ගුණයකින් භයානකයි. ත්‍රාසජනකයි. අත්භූතයි.
මම දැන් කිසිම තැනකදි තනියෙන් එලවේටර් වලට නගින්නෙ නෑ. බයකට එහෙම නෙමෙයි. අර අංකල් වගේ එලවේටර් එක ඇතුලෙ පපුවෙ අමාරුව හදාගන්න මිනිස්සු හිටියොත් මට පුළුවනිනේ උදව්කරන්න. අන්න ඒකයි එකම හේතුව!
~~~~@~~~~
තවත් ලේඩි-ඇන්ඩි සීන් :
2. ඉවුම් පිහුම්
අපේ ඩූඩ්ගේ ඇන්ඩි පරිවර්තන කියවන්න මෙතනින් යන්න.
බස්සි මාත් ලිෆ්ට් වලට හරි බයයි,,ඒත් අවුරුදු ගාණක් ගැහි ගැහි යන්න වුණා සීයත් එක්ක ඉද්දි උදේ හවස,,, මට ලිෆ්ට් එක අරිද්දි බයයි ඇතුලේ ඉදලා මොකෙක්හරි එලියට පනියි කියලා,,,, ඒ වගේම කුණු දාන ඩස්පින් අරින්නත් මාර බයයි,,, ලිෆ්ට් and ඩස්පින් භීතිකාවෙන් මං තාමත් පෙළෙනවා :(
ReplyDeleteහැක් හැක්... මමනම් බයවෙන්න වුනේ අර හද කිලිපොලා යන අත්දැකීම් දෙකෙන් පස්සෙ තමයි. ඒත් ඉතින් ඕව මගෑරල ඉන්නනම් එස්කිමෝවෙක් බැඳගෙන ඉග්ලූ එකක තමයි ජීවත් වෙන්න වෙන්නෙ.
Deleteඅර මොකෝ ඩස්ට්බින් වලට බය?
හම්මේ ඒ එක්ස්පිරියන්ස් දෙකෙන් පස්සේ බය නොවුනොත් තමයි පුදුමේ,, ඒත් මෙහෙ නම් පොඩ්ඩක් වත් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ,, මේ මගේ හිතේ තියෙන බයක්,, මොකක් හරි ෆිල්ම් එකක් බලලා තමයි ඔය බය ඔලුවට ආවේ
Deleteහෆොයි! මමනම් ඒ වගේ ෆිලුම් බලන්නෙ ඇස් පියාගෙන. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!
Deleteඉස්සර අපි සෙලින්කෝ එකේ වැඩ කරන කාළේ ලිෆ්ට්මන් කෙනෙක් උන්නා හෙන්‍රි කියලා.. ඕන එකෙක් දන්නවා.. පොරගේ අස්ථි පංජරේ හැම තැනම ඉතා සංවේදීයි.. ඉතින් ඇඟිල්ලක් වැදුන ගමන්, සුද්ද හින්ගලෙන් මෑනීයන් සමඟ සංවාසයේ යෙදෙන්න කියනවා ආයෙත් නෑ කොතලාවල උන්නැහේ ළඟ උන්නත්. ඉතින් අපි කරන්නේ කස්ටමස්ලා එහෙම අර කොම්පැණිය මේ කොම්පැණිය කොයි ෆ්ලෝ එකේද කියලා අහලා, හෙන්‍රියා උත්තරේ දෙන කොටම ඇඟිල්ලෙන් අනිනවා.. අඉ හිතමු බ්ලූ ඩයමන්ඩ් එක මොන ෆ්ලෝ ද කියලා ඇහුවා කියලා..
Deleteබ්ලූ ඩයම්න්ඩ් එක තියෙන්නේ මැඩම්.. අම්මගේ... xxතේ...
මහත්තයා ජරා වැඩ කරන්න එපා මහත්තයා අම්මට xxxx දාලා..
සැර වැඩි නම් මකන්න..
හි හි කිචි තියෙන ඒ වගේ කට්ටියනන් හෙනටම බයිට් වෙනවා ඈ
Deleteඅපේ එකෙක් ඉන්නව බය උනාම කුණුහරප ඉවරයි. ඔයවගේ කතාවක් තියෙනව ඌට වෙච්ච. කියන්න ලැජ්ජයිනෙ ප්‍රසිද්ද වේදිකාවල. අනික ඕකා බ්ලොග කියෙවුවොත් මාව මරයි.
Delete@ මාතලං,
Deleteඔය හෙන්‍රි යි අර 'මගේ ඩෙනිම' ලියන කෙනයි එක්කෙනෙක් එහෙම නෙමෙයි නේද? :D
හැක්! ඩූඩ් මේ කමෙන්ටුව දකීවා!!
Deleteයකෝ මම එහෙම කුණුහබ්බ කියන්නෑ. :D
Deleteඇති යාන්තම් ඩූඩ් අන්තිමේදි මඩ කමෙන්ට් එක දැකලා
DeleteThis comment has been removed by a blog administrator.
Deleteබස්සි කවදා හරි පැටර්නොස්ටර් (paternosterර්) එකක ගිහින් තියේද? කොටුවේ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්‍යාලයේ ඉස්සර තිබුනා පැටර්නොස්ටර් එකක්,(සමහර විට තාමත් ඇති මයේ හිතේ ). ඒකේ මූව් වෙන්නේ ලිෆ්ට් කාර් එක අනිත් ලිෆ්ට් වගේම හැබැයි නවතින්නේ නැතුව හිමීට මූව් වෙනකොට අවශ්‍ය තට්ටුවේදි අපි බහින්න ඕනි..උඩම තට්ටුවට ගියාම ලිෆ්ත් කාර් එක් තිරස් අතට ගිහින් උඩට ආපු ලිෆ්ට් වෙල් එකට ටිකක් ලඟින් තියෙන අනිත් ලිෆ්ට් වෙල් එකෙන් පල්ලෙහාට යනවා...
ReplyDeleteඅර ඇන්ටියි අන්කලුයි පැටර්නොස්ටර් එකක නැග්ගුවොත්....?????
//කොටුවේ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්‍යාලයේ// අවු 3කට විතර කලින් නම් තිබුන
Deleteඑහෙම උනානම් ඉතින් ඒ ඩබල එතනම සෙත්තපෝච්චි තමයි චෙෆාකි. අනේ මන්දා මේ ක්ලීනින් ස්ටාෆ් එකට, තේ හදන අය එහෙම ගන්නෙ ගොඩාක් වයසක උදවියව. එයාලගෙ දරුවන්ටවත් කියන්න බෑද මන්දා රස්සාවල් කලා ඇති ගෙදරට වෙලා ඉන්න කියල. පව්.
Deleteහප්පා..දැන් බස්සි කියයිද දන්නේ නැහැ අපේ ලමයින්ටත් වයසක අයට බ්ලොග් ලියන්න කමෙන්ට් කරන්න එපාය කියලා...
Deleteඅපි රස්සාවට යන හේතු කාරනාවටම තමයි මයේ හිතේ ඔය වයසක අන්කල්ලා ඇන්ටිලා (ඇන්ටිලා වැඩියි නේද?) වැඩට යන්නෙත්...
ඒක නෙමෙයි චෙෆාකි මම කියන්නෙ. මේ අවුරුදු අසූවට කිට්ටු මිනිස්සුන්ට එහෙම මහන්සි වෙලා ක්ලීනින් වැඩ කරන්න පුලුවන්ද. එයාලගෙ ළමයි එයාලව බලනවනම් ඔහොම වෙන්නෙ නෑ නේද?
Deleteවැඩි දුර යන්න ඕනි නැහැ..අපේ තාත්තට අවුරුදු 83ක් වෙනවා මේ 20 වෙනිදාට. කොච්චර කිව්වත් අහන්නේ නැහැ උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මොනා හරි බරපතල වැඩක්...ගොඩාක් අය හිතුවක්කාර කමටත් වැඩට යනවා ඇති..වයසට යන්න යන්න පොඩි ලමයි වගේ...කියන දෙයක් අහන්නේ නැහැ...ඒ වගේ වෙන්න ඇති..
Deleteඅනිත් එක බස්සි දන්නවද ඔය ක්ලිනින්, ටී බෝයි වගේ සර්විස් එක අවුට් සෝර්ස් කරනවනේ, එතකොට ඔය ප්‍රමිතිය පනිනවා. කෝපරේට් විෂන් එක වෙනස් වෙනවා..මනුස්සකම යනවා..ඉතින් 80 එක්කනාවත් වැඩට ගන්නවා...මොනා කරන්නද ?
ගෙදර වැඩ බලෙන් කරන එක වගේ නෙමෙනෙ චෙෆාකි. ඕක වෙන්නෙ අවුට්සෝර්ස් කිරිල්ල නිසා තමයි. වැඩිය ඕන නෑ ඉස්සර අපේ යුනි එකේ ක්ලීනින් වලට ඉන්නව ගොඩාක් වයසක ඇන්ටිලා අංකල් ලා. සමහරු හති දදා ඇවිත් සිමෙන්ති පඩියක් උඩ වැටෙනව, එහෙමම නින්ද යනව. අනේ මන්දා.... රස්සාවක් නොදුන්නොත් ජීවත් වෙන්න විදියකුත් නැතුව ඇති ඒ මිනිස්සුන්ට. ඒත් රජයෙන්වත් සහනාධාරයක්වත් දෙනවනම් එයාලට බැරි කාලෙ එහෙම මහන්සි වෙන්න වෙන්නේ නැහැනෙ. අනික එයාලගෙ ළමයි කොහොම යවනවද මන්දා ඒ අයව අනුන් ළඟ කඹුරන්න.
Deleteඅර සික්කා හිනා වෙච්ච් හැටි ඇහුණාම මම මේ අහන්න ගියේ උඹෙන් සික්කා දේශකයද කියලා . උඹේ බඩජාරිකම නිසා තව ටිකෙන් බලපන් අහිංසක මනුස්සයෝ දෙන්නෙක් ගේ ජීවිත අනතුරේ , බස්සගේ කරුමෙට ඌට එදත් ගැලවෙන්න බැරි වෙලා
ReplyDelete.
උඹ හදන බිල්ඩිං වල ඉන්නවට වඩා නං පරිස්සං …
Deleteඕ යේස් !!!
ඉවානයා 3වෙනි තට්ටුව අතඇරලා 4වෙනි තට්ටුව හදන පොරක්
Deleteඔි යේස්
මගෙ බඩජාරිකමක් නෙමෙයි යකෝ සිරාවට ඒකෙ පහළ ෂෝ රූම් එකේ ඉන්න ළමයින්ට එහෙම පොඩි හරි විවේකයක් ලැබෙන්නෙ ඔය ස්නැක් එක ආපු වෙලාවට විතරයි. උදේ නමයෙ ඉඳන් රෑ නමය වෙනකම් හිටගෙන, සතියෙ දවස් හතම වැඩ.
Deleteබස්සගෙ පූරුවෙ පිනක් තිබිලා මම එදා බේරුනා.
@ පත්තරේ:
Deleteඅනිවා! මූ හදන බිල්ඩිමට ළඟදිම ඉරානෙන් මිසයිල් එවනව. නැද්ද බලපං
ඉරානෙන් බැලස්ටික් එකක් ඇවිල්ල වැදිලා කොල්ල ෆුල් හින්දුස්ථාන් හොල්මන්ද පොල්කොල වෙලා ඉන්නේ !!! ඇමරිකාවට බයිනවා පළු යන්ඩ. සම්බාධක පැනෙව්ව එක වැරදිලු.අරකලු මේකලු ……
Deleteතනිකර අරාබියෙං කතාව. ඕ යේස්.
අසලාම් අලෙයිකුම් කියලා ෆෝන් ආන්සර් කරන්නේ !!!!
ඔව් බන්. අපිට අරාබි තේරෙන්නෙත් නෑ. මාර මගුලක් වෙලා තියෙන්නෙ.
Deleteමට කියනව බ්ලොගේ කමෙන්ට් කරනවනම් ජයවේවා අරක මේක කියන්ඩ එපාලු. කමෙන්ට් එක යටින් අස්සලාම් අලෙයිකුම් කිවුවම ඇතිලු.
නිකම් බැනුම් අහන්නෙ මොකටෙයි. උඹත් එහෙමම කියපන්. අන්න අරාබිය ගැන පෝස්ට් එකකුත් දාල.
මලෙයිකුම් සලාම්
Deleteතව ඕකගේ ඡර්ම විඡ්ජේධණය කරලලු
Deleteඅරාබියෙං කියනවනං කොනකපාල !!!
Deleteهناك سبعة أيام في الأسبوع الواحد، و أربعة أسابيع كاملة ف
අහෝ ඛේදයකි. ඉරකි තිතකි!! ඉවානයට වෙච්චි දෙයක්!
Deleteඔබ සැමට අල්ලා දෙවියන්ගේ පිහිටයි දරුවා
DeleteHappy Independence Day මචං!!
Delete200 වැනි පෝස්ට් එකට සුභ පැතුම් බස්සියෝ !!!!
ReplyDeleteයකෝ නොදන්න මගුල් කරල අනුන්ගේ ජීවිතයි, රස්සාවලුයි නැතිකරන් නැතුව දන්න පඩිපෙලේ ගියානං ඉවරනේ...
හැක් හැක්
ජය වේවා!!!
පාටියක් දාමු
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි-
බයිට් එකට බසු පිහාටු..
Delete-ස්තුතියි-
අම්මට බොළ මෙදා පාර ලගින්නෙ කාණු පල්ලෙ නෙවෙයි කුණු ඇලේ … !! ඕ යේස්.
Deleteඈ... මේ 200 ද? මට මතක තිබුනෙත් නෑ. තැන්කූ හොඳේ....
Delete//බයිට් එකට බසු පිහාටු..// හිතේ ඇති! හුහ්!
උඔ පව් කියලා හිතුනා ඒවුනාට බඩ පැලෙන්න හිනා වුනා.
ReplyDeleteමල සමයං පයින් යනවා...
එල ද බ්‍රා
ඉතින් මම පව් නැද්ද යකෝ... මටම මෙහෙම අබග්ග වෙනකොට.
Deleteකම්මැලි කමට ඕවගේ යනවට යස :v :v
ReplyDeleteහෑ...! එතකොට ඔයා කියන්නෙ තට්ටු ගානක් පඩි නැගපං කියලද!
Deleteදවසක් ශිහාන් ඇවිල්ල හිටපු වෙලේ නම් මායි යාලුවෙකුයි පොරව බලන්න කියල එලියෙ පඩිපේලියකින් බැස්සා බැහිල්ලක්! කම්මැලිකම් කොහේ ගියාද නෑ!
කම්මැලි කම විනාසයට මුල වේ.
Deleteජීවමාන උදාහරණ වලට තමයි මේ අපි ඉන්නෙ.
Deleteමම හිතුවේ බස්සි අර මනුස්සයා මැරියන් කියලා ප්‍රාර්ථනා කරයි කියලා.. ඇයි කප් කේක් දෙකක්නේ..
ReplyDeleteඅනික, දැන්වත් ඔහේලට තේරෙනවද අර වාසුදේව කියන විප්ලවකාරයා ඔහේලට දෙමළ උගන්වන්න පුදුම කැප කිරීමක් කරන්නේ ඇයි කියලා... ලිෆ්ට් එකක හිර උනොත් භාෂාවේ අවුලක් වෙන්නේ නැති නිසා.. සමහර වෙලාවට බට්ටිට, බට්ටිගෙ අම්මට එහෙම බැන්නද දන්නේ නෑ නේ..
කතාව ගැන ඉතින් කියන්න දෙයක් නෑ.. නුවර කුමාරියි ඔහෙයි දෙන්නම, මතක ඇතිව ටැබ්ලට් එක ගන්න...
මෙයා ටැබ්ලට් ගන්නෙත් නෑනේ , එකත් ෆ්ලෂ් කරලා දානවා. එකනේ ඔය .
Deleteමෙතනට සමබන්ධයක් නැහැ මේක...ඊයක් එව්වා මාතේ...බලලා උත්තරයක් එවපන් පනේ..
Deleteඅලේ.... අපි ටැබ්ලට් බිවුවොත් ඔයගොල්ලන්ට කියෝල හිනාවෙන්න කතන්දර කොයින්ද කියන්නකො!
Deleteඅනික මට පොවයි ටැබ්ලට්! මිෂන් බෙහෙත් හයිඩින් කියෙවුවනේ!
කොහොමත් එදා "මානසිකව වැටිල" හිටපු මට කස්ටියගෙන් කප්කේක් විතරක් නෙමෙයි මාර සැලකිලි තිබුනෙ.
"බට්ටි"ට නම් බනින්නෙ දැන් ලංකාවම. "බස්සිට" බැන්නනම් බලාගන්ට තිබුන ඒ අංකල් කාරයට මගෙ හැටි. ඕ යේස්!
هُناكَ سَبعَةُ أيَّامٍ في الأسبوعِ الواحِد، و أَربَعَة أسابيعٍ كَامِلَةً في الش
Deleteඅලෙයිකුම් සලාම්
හැක්.. මටත් ඔය එලවේටර්, එස්කැවේටර් භීතිකාව තිබ්බ කාලයක් තිබුණ. ඒ දවස්වල බැලුවෙ පුලුවං තරං ඕව මගෑරල පඩිපෙලක් හොයාගන්න තමයි. හැබැයි ඉතිං පඩිපෙලක් හොයාගන්න අමාරු යුනිටි ප්ලාසා එකටයි, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හෙඩ් ඔෆිස් එකටයි පිං සිද්ද වෙන්න ඒ භීතිකා දෙකම සනීප කරගන්න පුලුවං උනා.
ReplyDeleteඉතං ඔය කේස් එකෙන් පස්සෙ කප් කේක් වලට මොකෑ උනේ.
මාත් දැන්නම් අමාරුවෙන් ඔය භීතිකා දෙකම සනීපකරගෙන ඉන්නව. හැබැයි අපේ තාත්ත සෑහෙන කාලයක් සැනසීමෙන් උන්නා මගෙ එස්කැලේටර් භීතිකාවට පින්සිද්දවෙන්න.
Deleteකප්කේක් විතරක් නෙමෙයි මට එදා මාර සැලකිලි! ඕ යේස්! හොඳට කාල බීල (ශොක් එක නිසා) කලින් ගෙදරත් ගියා.
මටත් තිබුණා ස්කැවේටර් බුල්ඩෝසර් වීල්ලෝඩර් පිස්සුවක් නං :D
Deleteළඟ ගෙදරක පොල් මුල් වගයක් උගුලන්ඩ ඇවිල්ලා වැඩේ ඉවරවෙනකම්ම මං ඒකෙ . පුල් ආතල් වැඩේ ඒක බොලව්
අපේ අයිය කෙනෙක්ගෙ පුතාටත් තියෙනව ඔය පත්තරේ කියපු පිස්සුව. ඒකාගෙ අනාගත බලාපොරොත්තුවත් බුල්ඩෝසර් එලවන එකලු.
Deleteඇයි බස්සිට තියෙන්නේ බොබ් කැට් පිස්සුව
DeleteErrrr........!!! ආයෙ කතා දෙකක් නෑ ඉවානයා උඹ මලා කියල හිතාගනින්! >_<
Deleteඅපේ නෝනට තිබ්බ "බොබ කට්" පිස්සුව. ඒත් මම ඒකට පුවක් ලෙල්ලෙ කට් එක කියල නෝන්ඩි කරනවයි කියල කට් එක වෙනස් කරා.
Deleteඑක් පාරක් වෙඩිමක් තිබුනා ටාජ් එකේ.මන් පොඩී එතකොට. අපි නසරානි පොඩි උන් සෙට් එකට එලවේටර් එක අහුවුනා.අපි උඩ යනවා පහල යනවා. ඊට පස්සෙ අපි බැහැලා අපි එක්ක හිටපු මල්ලි කෙනෙක්ව ආයෙ අතුලට තල්ලු කලා.මූ බහින්න ද්න්නැතුව උඩ යනවා යඅට යනවා.මහ හයියෙන් අඩනවා. මූ අන්තිමේ වෙන තට්ටුවකින් බැහැගෙන වෙන වෙඩිමක උන් අපිට ගෙනත් දුන්නෙ
ReplyDeleteහයියෝ පවු යකෝ අර පොඩි එකා. මට නිකම් ෆිල්ම් එකක් වගේ ඔලුවෙ මැවිල පේනව ඌ සයිරන් ගහගෙන උඩ පහල යන හැටි! හොල්මන්ද පොල්කොළ කිවුවලු. මේ සාශා කලොත් ඔහොම නසරානි වැඩක් තමයි.
Deleteඅපහාස කරන්නෙපා බස්සි අක්කේ..
Deleteඇයි සාශෝ මාස ගානකට පස්සෙ එද්දිත් ඔයා නසරානි ඩයල් එක කියල ගලේ කෙටූ අකුරක් මෙන් මට මතක තියෙන එකම කොච්චර වටිනවද? :P
Deleteවැකේශන් වෙන්ටැ? අච්චාරු කඩේ අරිමු එහෙනම් හොඳේ...
ඉස්ටඩී ලීව් :ඪ්
Deleteඅපි ගිය පාරෙ යන තව අය ඉන්න එක ගැන හදපත්ලෙන්ම ආඩම්බරයි. ඔව්!
Deleteඅපි යන්නේ කොයි පාරේ..ජේශ්ටයෝ ගිය පාරේ,
Delete:D මමත් ඔය එස්කැලේටර් වලට නම් පරාණ බයයි... ඓතිහාසික සිදුවීමකට මමත් මුහුණ දුන්නා. ඒ තමයි KCC එකේ එස්කැලේටර් එකේ යන්න ගිහින් වෙච්ච දේ. අපිට පඩිපෙළක් වත් ලිෆ්ට් එකක් වත් හොයාගන්න බැරි වෙච්ච නිසා යන්තම් පරාණ බයේ ගැහි ගැහී උඩට ගියත් ආපහු පහළට එද්දි නම් මම එස්කැලේටර් එකට නගින එක තරයේ ප්‍රතික්ෂේප කළා. ඒ පාර එතන හිටපු සිකියුරිටි අන්කල් කෙනෙක් ඇවිත් "මොකද්ද දුව, ඔයාට වඩා ගොඩාක් පොඩි බබාලත් බය නැතුව මේකේ යනවනේ" කියලා මාව නැග්ගෙව්වනේ ඒකට.. පහළට එනකම් මට මැවිලා පෙනුනේ අර අන්තිම පඩි දෙකේ මාව හිරවෙන හැටි... ඒ මුළු සිද්ධියම iwara ඉවරවෙනකල් මගේ යාළුවෝ මාව අඳුරන්නේ නැති ගානට තමයි හිටියේ...
ReplyDeleteලිෆ්ට් වලට නම් බය නෑ... එස්කැලේටර් තියෙනකොට පිහිටට එන නිසා... බොරැල්ලේ හවුස් ඔෆ් ෆැෂන් එකට මම කැමති නැත්තෙත් ඔය එස්කැලේටර් කෙරුවාව නිසයි..
ලිෆ්ට් වලට බය උත්පාදනය වෙන්නෙ ලිෆ්ට් එකක් අස්සෙ හිරවෙන අත්දැකීමක් ලබපු දාට තමයි. එතකම් කිසි අවුලක් නෑ.
Deleteඑස්කැලේටර් වල අවුල තියෙන්නෙ බඩු ගොඩක් අරන් නගින්න ගියාමනෙ. මට එතකොට මැවි මැවී පේන්නෙ වතුරබෝතලේ අහුලන්න පහලට බහින්න ගිහින් ගහපු කරණමමයි.
හවුස් ඔෆ් ෆැෂන් එකේ ගවුම් කෑලි තියෙනකම් මමනං එස්කැලේටර් නෙමෙයි කේබල් කාර් වල යන්න වුනත් යනවා ඕ යේස්!
මාත් දවසක් සොයිසා එකේ...... lift එකේ තනියම හිරවෙලා........ විනාඩි තුනක් විතර උඩට.... පහලට පැද්දී ... පැද්දී ඉදල..... යන්තම් ground floor එකෙන් එලියට ආව...... කිසි දෙයක් නොවෙච්ච ගානට..... උනේ මොකද්ද කියල දන්නේ නැ...... වැරදි button එකක් එබෙන්න ඇති සමහර විට.....බස්සියෝ.......
ReplyDeleteමටත් සමහර වෙලාවට නැග්ගෙ ග්‍රවුන්ඩ් ෆ්ලෝද බේස්මන්ට්ද ෆස්ට් ෆ්ලෝද කියල මතක නැතුව පහලට එද්දි ඔය තුනෙන්ම එලියට ඇවිත් බලල නෑ මේක නෙමෙයි කියල ආපහු ඇතුලට රිංගපු වෙලාවල් තියෙනව. අපේ බ්‍රාන්ච් එකකම හින්දා ලොකු චාටර් එකක් නෑ. පිට තැනකනම් නෝණ්ඩි හැටයි.
Deleteබස්C මේක බලන්න.,
ReplyDeleteමාවත් එලිවේටර් එකක හිරවුනා ඉස්සර ඔබරෝයි වැඩ කරන කාලේ. මමයි, මගේ කෑල්ලයි විතරයි ලිෆ්ට් එකේ හිටියේ. එලාම් එක එබුවේ විනාඩි දහයක් විතර ගියාට පස්සේ. එහෙම චාන්ස් එකක්!!
එහෙම සැප චාන්ස් කොහෙන්ද අපට ඉතින්...
Deleteහිටපිය දෙන්ඩ වැඩේ. කෑල්ලක් නැග්ග ගමං බට්න් ටික ඔබාගෙන ඔබාගෙන යනවා.. !!
Deleteබැරි උනොත් ගලෝල ගන්නව බෝඩ් එක පිටිං අතට !!
ඉතිං අරූ අයියා දෙයියන්ට පිං දුන්නද?
Deleteඔව් බං....හිරවෙච්ච ලිෆ්ට් එකකට හරියන දිග සායක් වගේ යුනිෆෝම් එකක් ඒ කාලේ ඒ ගොල්ලන්ට තිබුනේ. ලිෆ්ට් එකටයි, සායටයි දෙකටම පින් දුන්නා. එයා තමයි මගේ 27වසරක් ජීවන සහකාරිය.
Deleteඅරු අයියගෙ ලින්ක් එකට පොඩි මිස්ටේක් එකක් මෙව්ව වෙලාද කොහෙදෝ :)
Deleteඅනේ අරූ අයියා ලින්ක් එක වැඩ නෑනෙ. :/
Deleteමායි බස්සයි යනකොට ආසාවට ඔය ලිෆ්ට් මගුල හිරවෙන්නෑ අෆ්ෆ.
Deleteසැහ් අපිව හිරවෙන්නෑනෙ එහෙම.. :P
Deleteඒ කාලේ ඕකේ කැමරා හයි කරලා තිබුනේ නැතුව ඇති නේ.....? අරු.... අයියේ....
Deleteස්ටාෆ් එලිවේටර්ස් නේ නිහිංසා. කැමරා නැහැ. ගෙස්ට්ලාගේ ලිෆ්ට්ස් වලත් තිබුනේ නැහැ මගේ හිතේ. ඔව් ඔව් ඒ කාලේ කැමරා සීන් තිබුනේම නැහැ,
Deleteකෙළිලොල් යෞවනයේ පොපියන චමත්කාරය!!!!!දැන් නම් ඊරිසියයි මතක් වෙන කොටත්.
ඕං එහෙනං..... ඔය ගැන මගේ අත්දැකීම සහසුද්දෙන්ම...
ReplyDeleteහිනායන “ බයවල්” ..
මදැයි! මං වගේ වැටෙයි ඈ හිරු අක්කෙ. පරිස්සමෙන් හොඳේ.
Deleteමට අර වැටුනට පස්සෙ බය ඇතිවුනේ ලොකු එස්කැලේටර් වලට. ක්‍රෙස්කැට් එකේ එක, යුනිටි, ලිබර්ටි අවුලක් නෑ. මොන්ඩි, හවුස් ඔෆ් ෆැෂන්ස් ඕවගෙ පළල් එස්කැලේටර් දකිද්දි ඒවට නගින්න බෑමයි කියල හිතෙනව හිත ඇතුලෙන්.
හෙඩිම දැක්ක ගමන් හිරු ලියපු ලිපිය මතක් වුනා.....
Deleteතාත්තට කියන්න ඕන අපේ ගෙදරටත් ලිෆ්ට් එකක් හයි කරන්න කියලා.. මාත් ආසයි වෙනස්ම විදියකට මැරෙන්න.. :3
ReplyDeleteලිෆ්ට් එකක් හැදුවට මදි ඒක සර්විස් කරන්නෙ නැතුව අවුරුදු ගානක් පාලුවට යන්න දෙන්නත් ඕනෙ.
Deleteසෑහෙන්න කල් යයි වගේ.. :/
Deleteමේකෙ තියන්නෙ හැටහුට හමාරක් විතර අකරතැබ්බ ටිකක් වුනත් ලියල තියන හැටියට හිනා නොවී කොහොමද.. ලේ ටික පිරිසිදු කලාට බෝම තුති බස්සි :D
ReplyDeleteසිනාසී තර වුනේ එහෙම නෑ නේද? :D
Deleteකැන්ඩි සිටි සෙන්ටර් එක දාපු දවස් වල එක එස්කලේට්ර් එකට උඩට දෙකයි පහලට දෙකයි ගානේ සේවකයෝ දාල තිබ්බ වැටෙන බස්සිල අල්ල ගන්න. එතැන් එස්කලේටර් 26ක් තිබුන කොහොමද වියදම
ReplyDeleteමොකද්ද දන්නෑ නේද ඒ තනතුර?
Delete"එස්කැලේටරයෙන් වැටෙන ජනතාව අහුලන්නා" තනතුරට පුරප්පාඩු ඇත. වහාම අයදුම් කරන්න.
එතකොට මූලික සුදුසුකම්?
:D :D
අර සික්කා වැරදිකාරයා වෙන හැටි මට තේරුන් නැහැ නෙව..
ReplyDeleteඒ සික්කා තමයි එලවේටර් එකේ එමර්ජන්සි එලාම් එක වැදුනම ආන්සර් කරන තැන හිටියෙ. ඌ ෆෝමන්ව හරි අදාල එකෙක්ව හරි දැනුවත් නොකර එලවේටර් එකක් ඇතුලෙ හිරවුන උන්ට කින්ඩි දාල හරියනෝද? අනික ස්නැක් ගන්න පහලට එන බවත් ඒ සික්කා දැනගෙන හිටිය. මොකද ස්නැක් ගේන වාහනේ නවත්තන තැන තමයි සික්කා ඉන්නෙ.
Deleteබස්සි අර MC එකට ඉස්සෙල්ලම ගොඩවෙච්ච දවසෙ කකුල් පිහිදාල සෙරෙප්පු දෙක අතට ගත්ත සීන් එක ලියන්ඩ අමතක උනැයි ??
ReplyDeleteඑනකොට MC එක පැත්තට හැරිලා වැන්දලු
Deleteමම ඉතින් කියන්නෑ උඹල දෙන්නට.
Deleteපොඩිකාලෙ අපේ තාත්ත මාව එක්කන් යන්නෙ නෑලු මට එස්කැලේටර් උණ හැදිලා එලියට අරන් එන්න අමාරු නිසා. අර වැටිච්ච වැටිල්ලෙන් පස්සෙ අපේ තාත්තට මාර නිදහස්. ඇයි මං ඉතා කීකරු දියණිය වගේ "තාත්ත ගිහින් එන්න. මං ඉන්නම්." කියනවනෙ.
අඩේ බස්සි අක්කා පරිස්සමින්. අර බස්ස අයිය පවුනෙ. සරීර සෞඛ්‍යයට හොඳයි කියල පඩිපෙළේම යන්ඩ ඈ.
ReplyDeleteදැන් බය තනියම ලිෆ්ට් එකේ යන්න විතරයි අනේ. ඇතුලෙ හිරවෙච්ච සීන් එක වෙලා අවුරුදු දෙකක්වත් නෑ තාම. ;)
Deleteවැඩදාගෙන ලිෆිට් වලට ලව් කරන කතා කියල පටන් ගද්දිම මට හිතුනා මේකි හිරවෙන්න ඇති කියල..
ReplyDeleteකවුද බං අර ආත්මාර්ථකාමී කාන්තා ගති ඇති අංකල්??
හා හා මගේ ආත්මීය සාංසාරික බැඳීමට අපහාස නොකට හිටු.
Deleteවයසක මනුස්සයෙක් සෑමෝ. හැබැයි පොරගෙ කාන්තා ගතියනම් කියල වැඩක් නෑ, මං උන්නද මලාද බැලුවෙ නෑ.
මමත් නම් ඔය එස්‍කලේටර් වල ගියේ එම් සී එකට ගියා ම තමයි ජීවිතේ පලවෙනි වතාවට , දැං නං ඉතිං නුවර සිටී සෙන්‍ටරේ තීනවානේ . මට මේක කියවත්‍දී මතක් උනේම වෙන මොකක් වත් නෙමේ අපේ'' ගමන් මගියා''මහත්‍තයා ලියලා තිබිලා එයාගේ බ්‍ලොග් එකේ කියවපු ලිෆ්‍ට් වල පෝස්‍ටුව , කෝම උනත් රහයි ලියපු හැම වචනයක්‍ම
ReplyDeleteබස්සි පොඩි කාලෙ අපේ පැත්තෙ ෂොපින් සෙන්ටර්වල එස්කැලේටර් තිබුනෙ නෑ. ඉතින් ඉස්කෝලෙ නිවාඩු කාලෙට කොළඹ යන ගමන්වලදි ඕවයෙ යන එක හෙනම මැජික් එකක්.
Deleteගවොම් සාය කියනේ කොයි වගේ එකක්ද
ReplyDeleteගවුම වගේ සායක් බං...
Deleteනෑ නෑ සාය වගේ ගවුමක්...
අනේ මන්ද ඕයි.. :P
ගවුමෙ යට බාගෙ බොලව්. හයියූ....
Deleteමත් හිටුවේම සය වගේ ගවුමක් කියලා..සමහර කෙලිත්තියෝ සායා බෙල්ල ගාවට උස්සන් ගවුම වෙනුවට අඩන යනවා නෙහ..හරියට නාන ගමන් ආවා වගේ..
Deleteඑලවේටර් වල හිර වෙලා නෙවේ මැරෙන්න වෙන්නෙ මේව කියෝල හිනාවෙලා මැරෙන්නෙ... :D
ReplyDeleteමටත් ඉස්සර ඕව පොඩ්ඩක් ඇලජික්..
හිහිහි තැන්කූ සංචා!
Deleteමගේ යාළුවෙක්ව මතක් වුනා. එයා එස්කැලෙටර් එකක ජීවිතේට ගිහින් නෑ. බයටම. අපි දවසක් ක්‍රෙස්කැට් එකට ගියා කන්න. එයා පල්ලෙහින්ම ඇවිත් තිබුනා කන කඩ තියෙන හරියට.කාලා ඉවර වෙලා උඩට යමු කීවාම ආවේ නෑ නෙ. බයේ කෑ ගැහුවේ නැති ටික විතරයි ඇදගෙන යන්න හැදුවාම.
ReplyDeleteඅපේ පොරකුත් දවසක් මරු ඩාන්ස් පාරක් දැම්මා ක්‍රෙස්කැට් ගිහින්. අපි පහලවක විතර ලොකු සෙට් එකක් හිටපු නිසා ලැජ්ජාව සමානව බෙදිල ගියා කියල ඌ හිත හදාගත්ත.
Deleteහෙක්.... බස්සියෝ මෙව්වට කියන්නේ පරිචිත නුවණ කියල.... බලන්න කොතරම් අත්දැකීම් සම්භාරයක්ද?? දැන් ඉතින් එලිවේටර් එකකට අවශ්‍ය උපදෙස් පොතක් ලියනවා නම් ඔයාගෙන් ඇරෙන්න වෙන කාගෙන්ද බලන්න ඕක ලියෝගන්න වෙන්නේ හා? ඒ වගේම එස්කැවේටර් දැනුම..? මෙහෙම නුවනක් මම හිතන්නේ ලංකාව ඇතුලේ වෙන කොහෙවත් නැතුව ඇති...
ReplyDeleteමගේ මේ වගේ කතා පෙළක් තියෙනවා. ආයේ මොකටද එව්වා මෙතන කියන්න ගිහින් සායම යවාගන්නේ. අපි හොඳ නම්බු පිට ඉන්න ළමයිනේ... ඒ වෙතත් මම එස්කැවේටර් වල බල්ටි නම් ගහල නෑ , නර්තන විලාස වගේ දාල තියෙනවා, එව්වත් මම හිතල කලේ ඈ... ? නැටුම කොතරම් උද්වේගකර උනාද කියනවා නම්, ඉවර උනේ ළඟ හිටපු කොල්ලෙක්ගේ ඇඟේ එල්ලීමෙන්. හරියට salsa නර්තනයක් වගේ! නිකන් උඩබලාගෙන කිසිම ජොලියක් නැතුව යන හුදී ජනතාව වෙනුවෙන් මම පොඩි එන්ටටේන්මන්ට් පාරක් දුන්නේ. එකම අවුල ඒ බිල්ඩිමේ දවසගානේ එන්න වෙන එකයි.
සාධාරණයි බස්සියෝ.... කප් කේක් වෙනුවෙන් ජිවිතේ පරදුවට තියල ඔහොම යන එක!
අන්න බලපන්! මේකෙ කමෙන්ට් කරපු හැමෝම මට හිනාවෙද්දි මගේ පරිචිත නුවණත්, අසහාය දක්ෂතාවයත් තේරුම් ගියෙ උපේක්ෂාට විතරමයි නෙව. ඔව් මම පොතක් ලියන්න හිතාගෙන ඉන්නෙ ද සයන්ස් බහයින්ඩ් එලවේෂන් කියල. වැඩේ තියෙන්නෙ මම ඔය ප්‍රසිද්ධියට කැමති නෑ. ඕව ලියල මම ස්ටාර් කෙනෙක් වුනාම මටමනෙ කරදරේ මෙයා. හා නැද්ද?
Deleteඅනිවා මෙතන ලියන්න එපා. අර බස් එකේ ගිය නංගිට හරි, ඔයාලැයි අක්කටහරි වෙච්චි දේවල් විදියට පෝස්ට් එකක් ලියල බ්ලොගේ දාන්න. අපි සද්ද නැතුව ඇවිත් කියෝලා යන්නං.
ආයෙත් අහල! කප්කේක්, ඩෝනට් සහ පේස්ට්‍රි වෙනුවෙන් දිවි පුදන්න සූදානම් කෙනෙක් මම.
නැතුව නැතුව බස්සියෝ.. මට නොතේරී ඕක ඉතින් කාට වැටහෙන්නද ? ඔව් වොව්.. පොතක් ලියන්න ඕනේ නෑ, ඕක රට්ටු හිනස්සන වැඩක් කියයි අන්තිමට!
Deleteබස්සියෝ... ඇත්තම කියන්න මගේ බ්ලොග් එක හැක් කරලා කවුදෝ පිස්සු කතා ලියනවා. කවුද මන්ද. මම බිසී හින්ද වෙලා නැහැ අනේ ඔව්ව හොයන්න. මේ කූර ලෝකේ අපිට සැනසුම කොතනද මන්ද..
ගමේ ගොවි පවුලක අම්මයි, තාත්තයි, පුතයි ගියාලු නගරෙ ෂොපිං මෝල එහෙකට. අම්ම බඩු ගන්න අස්සෙ තාත්තයි පුතයි බලං ඉන්වලු අමුතු දොරක් දිහා. රෝද පුටුවකිං ආච්චි කෙනෙක් ගියා ඇතුලට. වැහුණ දොර. දොරට උඩිං ඉලක්කං වගයක් වැටුන. ඇරුණ දොර. මෙන්න එනව ඉටිකිරිස් කෙල්ලෙක් එළියට. තාත්තා කිව්වා....
ReplyDelete“කොල්ලො, විජහට අම්මව ඇදං වරෙං.......!!!“
හිනා කෝටියයි! පට්ට කතාව V!!
Deleteඉට්ටෝරියට වඩා ලියවිල්ල පට්ට.......
ReplyDeleteතැන්කූ කෙන්ජයියේ
Deleteමාත් ඔව්වායේ යන්ඩ බයයි බං
ReplyDeleteනිල් ඩෙනිම සුදු බලවුස් ලෙදර් බැග් වලටත් බයයි.
Deleteඒ මොකෝ බය? අරූ අයිය වගේ හිරවුනාද එලවේටර් එක ඇතුලෙ?
Delete;)
ඒ මොකද්ද මෙන්ඩියෝ ඒ සීන් එක?
Deleteහපොයි එලවේටර් මතක් වෙද්දිත් ඇඟේ ලොමුදැහැගැන්වෙනවා. මටත් තියෙනවා ඕවයේ තනියම යන්න බැරී භීතිකාව.කොයි මොහොතක ඕක හිරවෙයිද?? මගේ නහයට හුස්ම ගන්න බැරී වෙයිද දහසකුත් එකක් කාරනා ඔලුවට එත්දී ශේප් එකේ එතනින් මාරු වෙලා යනව විකල්පයක් හොයන්. බැරිම උනොත් තව කව්රුහරි එනකම් ඉඳල ලෝඩ් වගේ යන්න සෙට් වුනත් දාන්න ගාථා ඔක්කොම හිතෙන් කියනවා. මම හිතුවෙ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් කියල. ;))))
ReplyDeleteමටත් එදා ඉඳන් තනියම එලවේටර් එකේ යන්න පරාණ බයක් තියෙන්නෙ. ඔයාට කියන්න රෑ වෙනකම් ඔෆිස් හිටියොත්, බස්සා පහල එක්කන් යන්න ඇවිත් පරක්කුවෙලා බලන් ඉද්දිත් මම නෙමෙයි එලවේටර් එකේ යන්නෙ. එලවේටර් එකේ යන්න මොකෙක් හරි නොහිටියොත් අමාරුවෙන් හරි පඩිපෙලේම තමයි කොටන්නෙ.
Deleteලිප්ට් එකේ හිර වෙලා ගත වෙන කාලය වැඩි වෙන කොට තම මට නං බය. ඇයි දෙයියනේ කේබල් දෙකයි නේ සන්තකේටම තියෙන්නේ.. අර ගිනිවැල් අංකලුත් දඩෝරියා පොලේ ගැහුවා වගේ වැටුනා නේද දවසක්. එ්ම් සී එකේ..
ReplyDeleteමටත් හිතෙන්නෙම කඩන් වැටුනොත් කියල. අනික ඕකෙ එක බට්න් එකක් තියෙනව නේද ලිෆ්ට් එක වේගෙන් පහලට වැටෙන්න සලස්වන එකක්. මට පණ බයේ බෑ ඒක වැරදිලාවත් එබුනොත් කියල.
Deleteබස්සිටත් වෙන වැඩ. බතල ශරීරෙ හදාගන්න පඩිපෙළේ ගියානම් ඉවරනේ. ලිෆ්ට් එකේ යන කොට බර අඩු වෙන කොට දැනෙන චුන් එක කොහොමද?
ReplyDeleteඒක දැනෙන්නෙ චූටි කාලෙ විතරනෙ මකසි. දැන් ඒ බර අඩුවීම තේරෙන්නෙ බොහොම යන්තමට!
Deleteමට නං බයක් හිතෙන්නෙම නෑ නෙව! මට හිතෙන්නෙම කවුරුහරි ඇවිත් මාව බේරගනියි කියල.
ReplyDeleteහම්මෝ රාජ්! බේරගනී මේන් කියල. මට වෙච්ච වැඩේ දැක්කනෙ. අරයා නාවානම් මම තාම ඇතුලෙ.
Deleteඊයේ මේ පොස්කටුව ලාපු වෙලාවේ මගේ බටු පොන් එකේන ඔපෙරා මිනි බැහැල කියෙව්වට කොමෙන්ට් එකක් තලාගන්නේ කොයි වෙලේද කියලා බැලුවේ, හරි මෙතන කොමෙන්ට් එකක් තැලුවොත් ඕවා ගැන එක පොස්කටුවක් වෙන හින්දා එහෙම එකක් පස්සේ වෙලාවක තලලා බ්ලොගේ දාන්නන්. හරි බස්සි අක්කට මේ සිද්දි මතක් උනේ මම බෙල් ගහපු හින්දනේ :D නුවර ඇන්ටිගේ බ්ලොගේ, තන්තෝසයි තන්තොසයි මේවා කියවද්දී :D
ReplyDeleteහෙක් බොලට කියන්න මම ගත්තු ආතල් පස්සේ ලියන්නම්කො, හෙක් හෙක් අර උඩ යන තරප්පුවේ (අපිලට ඉංගිරිස් බැහැනෙවේ) සිද්ධියෙන් පස්සේ එතන වැඩ වාසය කරද්දී වන්දනා මාන කරේ නැද්ද කට්ටිය. මට මතක් උනේ අර මොකක්ද බය හිතෙන ෆිල් එකක් කෙල්ලෙක් ඔයින් එකකට අහුවෙලා ස්ටිකර් වෙච්ච හැටි.
වන්දනාමාන තමයි! ලොක්කානම් සෑහෙන ෂේප් උනා එදා වෙච්ච වැඩේ ආරංචි වුනායින් පස්සෙ. ඇයි දෙයියනේ කප්කේක් වෙනුවෙන් දිවි පරදුවට තියන එක සුලුපටු වීරකමක්ද!
Deleteඅනිත් උන්ගේ ප්‍රතිචාර ගැන කියලා වැඩක් නැත. එතන ඉන්නකම් මට ඕවගේ හැටහුටහමාරක් ඇබැද්දිමයි උනේ. වෙලාවට අස් වෙලා ආවෙ. නැත්නම් මම මෙලහකට මැරිල.
කොටින්ම කිවුවොත්, ඇක්සිඩන්ට් එකක් කියපු ගමන් කට්ටිය අහන්නෙ "අද යශ් මොකද කරගෙන තියෙන්නෙ?" ඔන්න ඕකලු තත්වෙ.
අහා ෆිලුම් එක ෆයිනල් ඩෙස්ටිනේසන්, බල ඇති නේ බස්සි අක්කා
Deleteබැලුව බැලුව කෑලි හතක්ම තියෙනෝනෙ. හැබැයි එකෙක්වත් මැරෙනව දැක්කෙ නෑ සොමියෝ ඇස් පියාගෙන නෙව උන්නෙ!
Deleteඅපරාදෙ බං උඹ දෙපාරම බේරිලානෙ!! :D :D
ReplyDeleteඅනේ වාසනාවන් උඹල වගේ යාලුවො!
Deleteසැක් බස්සගෙ අවාසනාව තමයි ඉතින්. වෙන මොකක්ද
ReplyDeleteබස්සගෙ වාසනාව! පූරුවෙ පින! ඕ යේස්!!
Deleteඑලවේටර් එකක මුලින්ම ගියේ Oasis hospital එකේ හිටපු ලෙඩෙක් බලන්න ගිය වේලාවක,එස්කැලේටර් එකක මුලින්ම ගියේ MC එකේ වෙන්න ඕනේ.බයක් නම් නැහැ බං ඔව්වාගේ යන්න.හිර වුනත් මොකෝ ඔය වගේ එකක ගිහින් අර අරූයියාට වගේ චෑන්ස් එකක් එහෙමත් සෙට් වෙනවා නම්..:D
ReplyDeleteමාත් හිරවෙනකම් කිසිම බයක් තිබ්බෙ නෑ මනෝ.... පැයබාගයක් විතර හිරවෙලා ඉඳල බලන්නකෝ ආතල් එක. අරවගේ මර ලතෝනි තියන එකෙක් එක්කම හිරවුනොත් තමයි ඒක ඩබල් වෙන්නෙ.
Delete//ඒත් එක්කම නිකම් හින්දි ෆිල්ම් එකක ප්‍රධාන නළුව වගේ එලවේටර් එක ඇතුලට පැන්නෙ පහළ ඉන්න මැලේ ජාතික, සුදු, උස ෆ්ලෝර් මැනේජර්. පොර පැන්න පැනිල්ල දැක්කම නම් කප් කේක් එකත් අමතකවෙලා මගෙ කට කන්දෙක ගාවට ගියා.//
ReplyDeleteඅනේ බස්සිගේ කොට ජීවිතේ ආරක්ෂා කරපු මෙයාට මට ආදරේ හිතුණා අප්පා...:P
මටත් එතෙන්ට ගිහිල්ල සතියක් දෙකක් යද්දිම ආදරේ හිතුන අප්ප.
Deleteමාරම ඇඩ්වෙන්චර් එකක්නේ කරලා තියෙන්නේ! අපේ අම්මත් හෙන බයයි ඔය එස්කලේටර් වලට!
ReplyDeleteඔයා දන්නවනෙ නාඩි මල්ලි මම වගේ වීර වික්‍රමාන්විත ඩයල් එකකට ඔය ඇඩ්වෙන්චර් බොහෝම සුලු දේවල් බව. ;)
Deleteබස්සි නගා වෙලාවක ඔය කොළඹ අහස උසට හදන් යන බිල්ඩිමක එළියෙන් එල්ලගෙන උඩ පහල දුවන හොයිස්ට් එකකත් ටිකක් ගිහින් බලන්නකෝ.. ඔය ඉවාන් අන්කල් ගෙන් ඇහුවොත් ට්‍රිප් එකක් සැට් කරල දෙයි.. එතකොට කෙළින්ම බය 'හැට්ට්‍රික්' එකක් ගහන්න පුළුවන්...
ReplyDeleteඔය ඉවාන් අංකලයව සුවර් නෑ කල්. ඕකා ඔතනින් පල්ලෙහාට තල්ලු කොරල දැම්මොත් හෙම! එහෙම නෙමෙයි. හෙට ක්‍රෙස්කැට් ආපු ගමන් අපි එන්නං කල් ඉන්න බිල්ඩිම පැත්තෙ. එතකොට ඒකෙ හොයිස්ට් එකක යන්න පුලුවන්නෙ. ;)
Deleteමං හෙට වැඩ නෑ.. වෙලාවට.. හෙහ්.. හෙහ්.. හෙහ්...
Deleteමෙහෙ සුපර්මාකට්වල තියෙනවනෙ ඔය එස්කැලේටර් එක පඩි නැති, නිකං පල්ලමට තීන ( ඒ මගුලට නමක් කියනව මට මතක නෑ බං). ඕකෙ අර බඩු පුරෝපු කරත්ත එහෙම අරගෙන පහලට එනකොට හරිනං කරත්තෙ රෝද එස්කැලේටරේ දාර ස්සෙ ගිහින් ලොක් වෙනව ඉහල පහල නො එන්න. ආයි අගටම ගියාම තමා කරත්තෙ එලියට එන්නෙ, එතකල් නෝ හෙල්ලුං.
ReplyDeleteදවසක් මම ඕකෙ කරත්තයක් දාගෙන පහලට එනව. මට ඉස්සර බිල්ල ඇන්ටි කෙනෙක් කළු ලෝගු දාගෙන ඇස් විතරක් ඇරපු.
එයාගෙ අර ලෝගුව ඉරිල තිබිල හරි මොකක් හරි හින්ද රිංගුවෙ නැද්ද ඔය යකඩ පටි අස්සෙ. මෙහෙන් මම එනව මාරය වගේ කරත්තෙ අරන් පහලට. ඇන්ටි කෑ ගහන්නෙ නැතුව රෙද්ද අදිනව.
තව තප්පර පහක් ගියොත් ඇන්ටිගෙ ඇඟ උඩින් මගේ බඩු පුරෝල කොල්ලො දෙන්නත් ඉන්න කරත්තෙ යනවම තමයි. වැඩේ හරියන්නෙ නැති තැන මම කෑ ගැහුව "ස්ටෝප් දිස් මෑන් ස්ටෝප් දීස්" කියල මහ හය්යෙන්. අනේ මගෙ සද්දෙට භය වෙච්චේ ඇන්ටි දිව්ව, කලු රෙද්ද බ්‍රාස් ගාල් ඉරිල, පාවඩේ වගේ මම එන මග දාල.
ඇන්ටිගෙ මූණ වැහිල තාම, ඒත් පහළ ලෙගින්ස් ඇඳපු අර තඩි කකුල් සහ ටයිට් ටී එක එක්කෙන් පැනපු බඩ එලියෙ.
ලැජ්ජාවෙ බෑ (මට ).
මචං ඕකට කියන්නේ travelator නේද?
Delete//ඇන්ටිගෙ මූණ වැහිල තාම, ඒත් පහළ ලෙගින්ස් ඇඳපු අර තඩි කකුල් සහ ටයිට් ටී එක එක්කෙන් පැනපු බඩ එලියෙ.
Deleteලැජ්ජාවෙ බෑ (මට )//
හයියෝ කියෝගෙන යනකොට අපිටත් ලැජ්ජයි වගේ. හොඳ වෙලාවට ඒ ඇන්ටි මූණ වහගෙන හිටියෙ, නැද්ද! මැවිල පෙනුන සීන් එක කියවද්දි. කොල්ලො දෙන්න කෑ ගැහුවෙ නැද්ද "බර වාහන අයින් කරන්නෝ" කියල. මරු සීන්කෝන් එක!!
Yes...Travelator.
ReplyDeleteThanks Aru!!
හික්ස් නියම කතාව ....මම නම් ඕවට හරිම බයයි ළඟ අඳුරන කවුරුත් නැතිව නම් විදුලි සෝපානෙකට ඇතුළු වෙන්නේ නෑ .අතුලුවෙනකොටත් ඉක්මනටම ඇතුලට පැනගන්නවා දොර ඉක්මනට වැහිලා යයි කියන බයට එලියට පැනගන්නෙත් එහෙමම තමයි එස්කැලේටර් එකෙත් වැඩා වගේ ගියාට නගිද්දියි බහිද්දියි බය නැතිව නෙවෙයි අනේ මන්ද මොකක්දෝ හේතුවකට බයයි ;)
ReplyDeleteදොර අරින බට්න් එක ඔබාගෙනම ඇතුලට ආවම හරි හංසියෝ. ඇතුලට ආවමත් අනිත් අය නගිනකම් ඇතුලෙන් ඒ බට්න් එක ප්‍රෙස් කරගෙනම හිටියැකි නෙව.
Deleteහැබැයි ඔහොම කිවුවට මම දාසක් අපේ බොසා දුවගෙන දුවගෙන එනව දැකල කලබලේට දොර අරින බට්න් එක වෙනුවට මෝඩය වගේ දොර වහපි. තව පොඩ්ඩෙන් බොසා සැන්ඩ්විච් වෙනව දොරට අහුවෙලා.
විදුලි සෝපානයට නම් මම පරාණ බය යි, විදුලි පඩිපෙළ සම්බන්ධ ව නම් තාම අඳුරු අද්දැකීම් නෑ :))
ReplyDeleteඇතුලෙ හිරවුනාට පස්සෙ මමත් තේරුම් ගත්තා එලවේටර් එකට වඩා එස්කැලේටර් දාහෙන් සම්පතයි කියල.
Deleteමමනං හිතන්නේ ඔය දරුවාට උපතින්ම පිහිටලා තියනවා යම්කිසි ග්‍රහචාරයක් ඔය සෝපාන වලට එරෙහිව ක්‍රියා කරන. ඒ නිසා අර සුමනදාස ගොයියට කියලා කේන්දරේ බලවා ගන්නවා හොඳයි.
ReplyDeleteඊළඟ කාරණේ සමහරවිට වෙන කාටවත් නැති අභ්‍යන්තර ඉන්ද්‍රියයක් පිහිටලා ඇති විදුලි සෝපාන වලට එරෙහි වෙන. ඒ නිසා අර ලස්සන වෙන්න ඔපරේෂන් කරන දොස්තර මහතා (ඔව් ඔව් එයා තමයි. තවම එක්කෙනයිනේ මැරුණේ ලස්සන වෙන්න ගිහින්) ගෙන් සල්ලි කරුමයක් කර ගැනීම යෙහෙකි.
//සමහරවිට වෙන කාටවත් නැති අභ්‍යන්තර ඉන්ද්‍රියයක් පිහිටලා ඇති විදුලි සෝපාන වලට එරෙහි වෙන.//
Deleteඅන්න ඒ ගැනනම් මටත් සැකයි විචාරක තුමෝ. විදුලි සෝපාන විතරක් නෙමෙයි මං හිතන්නෙ යනයන තැන අකරතැබි පටලවා ගැනීමට හේතුවෙන අසාමාන්‍ය අභ්‍යන්තර ඉන්ද්‍රියක් හරි අමුතු ග්‍රහචාරයක් හරි අනිවා තියෙනවා.
එක්ස්කැලේටර් භීතිය තියෙනවා ඉතිං සොරිම තමයි....ලංකාවෙන් පිටත රටකට ගියාම...
ReplyDeleteඑස්කැලේටර් එක යන දිශාවට ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරන්න උත්සාහ නොකරනතාක් අවුලක් නෑ මං හිතන්නෙ.
Deleteහප්පේ එලවේටර් වල තනියම යන්න නම් මමත් පරාන බයයි.. ඒත් ඉතින් ඉඳලා හිටලා හරි තනියම යන්න වුනාම ඒක ඇතුලේ ඉන්න විනාඩි ගාන දැනෙන්නේ කල්පයක් වගේ.. සමහර වෙලාවට ටිකක් වෙලා යනකොට හිතෙනවා හිර වෙලා වත් ද දන්නේ නෑ මෙච්චර වෙලා යන්නේ කියලා.
ReplyDeleteඑස්කැලේටර් වට නම් එලවේටර් වලට තරම් බය නෑ.. මොකද මොනාහරි වුනෝත් කවුරුහරි දැකලා බේර ගනී කියලා හරි හිතෙනවා අරකේ තනියම හුස්ම ගන්න බැරුව හිර වෙලා මැරෙනවට වඩා.
මටත් සිද්ධි දෙක සසඳලා බලද්දි හිතෙන්නෙ එලවේටර් එක හිරවීම තමයි භයානකම කියලයි.
Deleteනැහැ...ඒක තමයි රසවත්ම
Deleteඑලවේටර් එකක හිර වුණේ ඉස්සර වෙලාම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙ වැඩ කරන කාලෙ.ලස්සන කෙල්ලෙකුත් වැඩකට ආපු ඒක ඇතුළෙ(බස්සිනම් නෙමෙයි) කොටට ඇදලා හැඩට ඉන්න දරුවා.මේ කෙල්ල මොකුත්ම කිව්වෙ නැහැ.අපේ ඩ්‍රයිවර්ගෙ නමත් රණසිංහ.මනුස්සය බැදලා නැහැ.ලස්සන ගෑණුන්ට හිතින් ආදරය කරන පොඩි ආශාවකුත් මිනිහට තිබුණා.දැන් මනුස්සය අදුරෙ ඒ කෙල්ලට උපදෙස් දෙනවා.අරකෙ එලාම් ඔබනවා.එතකොට දෙවන තට්ටුවෙ තිබුණෙ කාලඝණක අංශය.ටික වෙලාවක් යන කොට කාර්මික අංශය එතනට ආවා.මම දැන් අර කොට සාය මට පෙර ඉණිමගෙන් උඩට නග්ගන්න බලං ඉන්නවා.ලිේට් එකේ වහලෙ දොර අරිනකං.කොහෙද අවාසනාව.අරුන් උඩින් මොනවද එහෙ මෙහෙ කරාම ලිෆ්ට් එක ගැස්සිලා උඩට ගියානෙ...
ReplyDeleteදෙවන එක වුණේ ඉන්දියාවෙ කොචින් වලදි.දැන් හිරු එකේ ඉන්න උපේන්ද්‍ර හේරත්.රූපවාහිණියෙ කුමාරි මානෙල් සහ ඇයගේ කැමරා ශිල්පියා.තරංග වික්‍රමදාර සහ තවමත් ස්වර්ණ වාහිණියෙ ඉන්න මිත්‍රයෙක්.ලිෆ්ට් එක හිටියා.මමයි උපේන්ද්‍රයි කිව්වා කාටවත් දගලන්න අරව මේව ඔබන්න එපා කියලා.ඒත් අර ස්වර්ණවාහිණියෙ මිත්‍රයා හොදටම බය වෙලා.පොරට ඇඩිලා වගේ.කොටින්ම බස්සිගෙ අංකල් වගේ .හුස්ම ගන්න බැහැ කියනවා.ගෙදර ගැන කියනවා.ඒ අස්සෙ අලේ ඇගවල් අස්සෙන් අත දාලා අරකෙ තියෙන එක එක ඒවා ඔබනවා.මාර යුද්ධයක් කරලා තමයි ටෙක්නීෂීයන්ල එනකං මිත්‍රයා තියා ගත්තෙ..
එස්කැලේටර්වල නම් අනතුරක් වෙලා නැහැ.හැබැයි කර ගන්න ගියා.ඒ සිංගප්පූරුවෙදි.පළමු යොවුන් ඔලිම්පික් උළෙල වාර්තා කරන්න ගිහිං.මාධ්‍ය මධ්‍යස්ථානය තිබුණෙ ලෝකේ විශාලතම කැෂිනෝ ශාලාවත් එක්ක බැදුණු ගොඩනැගිල්ලක.ඒකෙ එස්කැලේටර් කිහිපයක් වැඩ.ගොඩක් තියෙන කොට අගයක් නැහැනෙ.ඉතිං අපි සමහර වෙලාවට මේ වයේ නවත්තලා තියෙන ඒවයෙන් නැගීම බැහීම කළා.එක දවසක් මම සිගරට් ගන්න හිතං එන කොට ඒ වගේ නවත්තලා තිබුණු එකකට ගොඩ වෙන්න හැදුවා.එතකොටම එතව හිටපු ගැහැණු කෙනෙක් මම හිතන්නෙ චීන භෘසාවෙන් වගේ කෑ ගහ ගෙන ආවා.මම නැවතුණා.සුළු සේවකයෙක් වූ ඒ කාන්තාව මට ඒකෙ යන්න එපා කියලා මොනවද කියවන බව තේරුණා.ටික වෙලාවයි කියෙ මම කාන්තාව ගෙ තේරෙන්නෙ නැති බසට ඇහුං කන් දී ගෙන ඉද්දි ලිේට් එක වැඩ කරන්න ගත්තා.හුටා මම යන්න හැදුවෙ පහළට මේක උඩට එන එකක්.ඒකෙ බරපතල කම තේරුණේ අරූගෙ වීඩියෝ එක දැක්කමයි.
මේ අත්දැකීම් වලට වඩා බස්සිගෙ බසනම් රහයි
මාර එලවේටර් අත්දැකීම් සම්භාරයක්නෙ නිශ්මං අයියට තියෙන්නෙ. එලවේටර් ගැන පොතක් ලියතැකි කිසි ගේමක් නැතුව.
Deleteදෙකයි බං දෙකයි
Deleteකොහොමද භාෂාව නොදන්නා රටක ලිෆ්ට් එකක හිර වුනොත් ? මමත් ළඟදී ඔය වගේ එකක් ලිව්වා මගේ ලිෆ්ට් කතාව
ReplyDeleteඊයෙත් ඔෆිස් ලිෆ්ට් එක හිර වුණා එතන ඉන්න ටෙක්නීෂන් එක්කම. පොඩ්ඩක් වත බය හිතුනේ නෑ. අපි ඉතින් ෆිල්ම් බලලා තියෙනවනේ ඕවා අරගෙන එලියට එන්න පුළුවන් :)
අහා පට්ට පෝස්ටුව! මම එලවේටර් ඇබැද්දි අතින් සෑහෙන ප්‍රාතමික මට්ටමක නෙව ඉන්නෙ!
Deleteඊයෙ බි.ඕ.සී. merchant ටවර් එකේ හතරපස් පාරක් උඩ පහල යන්න වෙලා මටයි බස්සටයි අම්බානක හිනා එලවේටර් පෝස්ට් එකයි ඔයාලගෙ කතා ටිකයි මතක් වෙලා. ඊයෙ පෙරේදා එලවේටර්, එස්කැලේටර් දැකපු ගමන් ඔයාලගෙ කතා මතක් වෙලා හිනා යනව.
එලවේටර් එකට නම් බහ තේරෙන කාලේ ඉදලම පරාන බයයි එස්කැලේටර් එකනම් අවුලක්මත්නැ හැබැයි වැඩෙ කියන්නේ ඔය 2ම වඩා ලංකාවෙ කහ ඉරවල් වලින් පාර පනින්න බයයි. මොනව දෙනව කිව්වත් තනියම නම් පාර පනින්නේ නැ. බස්සි අක්කට නැද්ද ඒ වගේ නිධන් රෝගයක්???????
ReplyDeleteමට තියෙන රෝගෙ පාර පනිද්දි කිසිම ඩිසිප්ලින් එකක් නැති එකනෙ මල්ලි. මේ වෙද්දි කනේ ඇබ ගහන් මෙලෝ සිහියක් නැතුව පාරෙ ගිහින් බැනුම් අහපු වාර ගාන මතකත් නෑ. අනික මට ගෙදර යන බස් එකක්, අපේ තාත්ත පාර එහාපැත්තෙ නවත්තගෙන ඉන්න වෙලාව වගේ අවස්ථාවලදි එලෝ මෙලෝ සිහියක් නෑ පාර පනිනකම්. ඉතින් යාන්තම් පණ හයිය නිසා තාම ජීවත්වෙනව.
Deleteබස්සා අයියගේ පින තමයි!!!!!!!!!!!!
ReplyDeleteසික්. මට මේ පෝස්ට් එක් මග ඇරිලා තිබිලා මේ දැන් දැක්කේ බස්සි දාලා තියෙන ලින්ක් එකෙන් හොඳ වෙලාවට.
ReplyDeleteමට නම් ඔහොම බීතිකාවක් තිබිලා නෑ. ඇත්තෙන්ම මම ආසයි යන්න ඔයවගේ පොඩි කාලේ ඉඳන්ම.
ඒ කොයි හැටි වෙතත් මේක රසට ලියලා තියෙනවා. අනික එලවේටර් එස්කැලේටර් දෙකටම අදාල භයානක සිද්ධි දෙකක් තියෙනවනේ මේ ළමයට. පස්සේ බ්ලොග් පෝස්ට් ලියන්න දෛවයේ ලියවිලා තිබිච්ච හන්දම වෙච්ච දෙයක්ද මන්දා.
මටත් පොඩිකාලේ පුදුම එස්කැලේටර් උණක් තිබ්බා ඩූඩ්. ඒත් වැඩි සෙනෙහෙ හොඳ නෑ කියල දෙයියො දඬුවමක් දුන්න වගේනෙ මේ වෙච්චි භයානක සිද්ධි දෙක.
Deleteඒ කියන්නෙ අලුත් පෝස්ට් අගට ලින්ක් දාන එකත් ප්‍රයෝජනවත් නේද? මම හරිම කම්මැලිකමින් කරන වැඩක් ඔය ලින්ක් දැමිල්ල.