ඔය ඉක්කෝලෙ කාලෙ කියන්නෙ ඉතින් ආය ජීවිතේ සැහැල්ලුම කාලෙ නෙව. යාලුවො ඕනෙ තරම්, අනික ඒ කාලෙ ඉන්න යාලුවො කියන ජාතියෙ හිත්වල කිසි කහටක් නෑ. කාලයත් එක්ක ඔවුනුත් වෙනස් වෙනව තමයි නොවැලැක්විය හැකි විදියට. නමුත් ඒ මතකයන්ගේ සුන්දරත්වය නම් චුට්ටිත්තක්වත් අඩු වෙලා නෑ. ඒ මතකයන් කවදාවත් වෙනස් වෙන එකකුත් නෑ.
ඒ කාලෙ බස්සිට හිටපු යාලුවො සෙට් එකේ දෙන්නෙක් ගැන දැනටමත් පෝස්ට් දෙකක් ලිවුවනෙ.
නොබලපු අයට මෙතනින් ගිහින් කියෙවුවැකි.
නොබලපු අයට මෙතනින් ගිහින් කියෙවුවැකි.
1. දුකාගේ දුක
ඔය යාලුවො සැට් එකේම උන්නු තවත් පොරක් තමයි මලියා කියන්නෙ. ඕනෙ දේකට උඩ පැනගෙන ඉස්සරහට යන නිසා (අධ්‍යාපනය හැර අනිත් සියලුම නසරානි වැඩ සඳහා.)
අපි මූට පෙරමුණේ රාළ කියලත් කිවුවා.
මලියා අපේ දහදෙනාගෙ සැට් එකේ හිටිය, තරමක් වලි බර චරිතයක්. වැඩකිඩ සියල්ලම කොල්ලෙක් වගේ. යාලුවො වෙනුවෙන් පණ උනත් දෙන, ඕනෑවටත් වඩා හිත හොඳ යාලුවෙක්. ඒත් දැන් නම් පොර අපිට මේල් එකක්, ඇස්.ඇම්.ඇස්. එකක්වත් එවන්නෙනැතුව රුසියාවට වෙලා ඩොට්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවාලු ඉතින්. හැබැයි මලියා එහෙ ඉඳන් හොරෙන් හොරෙන් බස්සිගේ නවාතැනට එබෙන බව මම දකිනවා බ්ලොගේ ස්ටැට් වලින්.
මලියා මගේ යාලුවෙක් වුනේ අපේ දහදෙනාගෙ සැට් එක ස්ථාපිත කරන්නත් කලින් ඉඳන්. හරියටම කිවුවොත් දහය වසරෙදි. මලියා ඒ කාලෙ ආවෙ අපිත් එක්ක එකම ලිට් ක්ලාස් එකට. ක්ලාස් එක තිවුනෙ මලියාගෙ ගෙවල් ගාව නිසා මූ තමයි අපිට ඉඳගන්න තැන් බුක් කරලා තියාගන්නෙ.
ඉතින් ඔන්න ඔය කලාස් එකටම තමයිලු අර පුරාණ ක්‍රෂ් එකත් ලිට් ඉගෙනගන්න ආවෙ. ඒ කේස් වලට මලියා සහ අනිත් එවුන් දක්වාපු අප්‍රතිහත සහයෝගය ගැන පස්සෙ වෙලාවක කියන්නම්කො. (අප්‍රතිහත සහයෝගය කිවුවට ඉතින් මුන් මාව කාපු එක තමයිදුන්නු සහයෝගෙ. විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා.)
මලියාටත් තිවුනා මට වඩා දරුණු ක්‍රශ් එකක්. ක්‍රශ් එකක් විදියට ආරම්භ උනාට ඕක හැප්පිලා Crushවෙලා වැඩේ වෙනම මෙවුවා එහෙකට පෙරලුනා. අනේ අම්මෝ ඒ මෙවුවා එක පටන් ගත්තාට පස්සෙ අපේ කන අඩි වලට පුදුම සනීපයක් තිවුනෙ පොරගෙ වරුණාව අහල. කෝල් එකක් එහෙම ආපු දවසට ඉතින් අපි වසලා හමාරයි. මූ ෆෝන් එක ට්‍රීං…ට්‍රීං…. ගාපු තැන ඉඳන්, කෝල් එක කට් වෙලා බීප් බීප් ගාන තැන දක්වා සවිස්තරාත්මක විස්තර ප්‍රකාශයක් නිකුත් කරනවා අපි වෙනුවෙන්.
විස්තර ප්‍රචාරය නම් මදැයි. අපූරුම සීන් එක තමයි ඔය විස්තරේ කිවුවාට පස්සෙ මගෙනුයි, කිරිහාමියගෙනුයි, බැටිස්ටාර්ගෙනුයි මාරුවෙන් මාරුවට ඌ අහන අනිත් ප්‍රශ්ණෙ.
“ඉතිං මේ ගැන ඔයාලට මොකද හිතෙන්නෙ?”
අපේ මල පැනීමේ උච්චතම අවස්තාවට ළඟා වුනත් මලියා එතනින් උත්සාහය අත අරින්නෙ නෑ.
“මට ඒ ගැන හිතෙන්නෙ මෙන්න මෙහෙමයි.”
කියලා පොර සම්පූර්ණ ෆෝන් කෝල් එකම ගැන සාහිත්‍යමය විචාරයකුත් ඉදිරිපත් කරනවා අපූරුවට.
කියලා පොර සම්පූර්ණ ෆෝන් කෝල් එකම ගැන සාහිත්‍යමය විචාරයකුත් ඉදිරිපත් කරනවා අපූරුවට.
මලියගෙ කටත් ඒකාගෙ වැඩ වලටම හරියනව. මම හිතන්නෙ මලියගෙ වැඩ වලින් වැඩිපුරම බයිට් වුනේ 10/11 වසරවලදි අපේ පන්තිය භාරව හිටපු මැත්ස් ටීචර්. මලියගෙ තාත්තත් මැත්ස් ටීචර් කෙනෙක් නිසා ඒ මිස්ට මූ කරන නසරානි වැඩ වලට තදින් දඬුවම්කරන්න උවමනාව තිබුනත්, මිස් එහෙම කලේ නෑ.
අපේ මැත්ස් ටීචර් පොඩි පොඩි සිඟිති ආතල් ගන්න හරිම මනාපයි. ඉතින් දවසක් අපි එකොළහ වසරෙ ඉන්නකොට ටීචර් අත්පුඩි ගගහා මෙන්න මේම අහනවා.
“අපි සෙල්ලමක් කරමු ළමයි? කියන්න බලන්න ඔයාලා දන්න ලොකුම ඉලක්කම? ලොකූ….ම ඉලක්කම කියන එක්කෙනා තමයි දිනන්නේ….” මිස් වචනෙන් වචනෙට අත්පුඩි ගගහා කියන්නෙ හරියට තුන වසරට තිවුන පාඩමක් වැරදිලා අපිට උගන්නන ගානට.
ඉස්සරහම ඉන්න මුට්ටි ඩයල් ටිකටත් හොඳ පල්ලම. එකා දෙන්නා දැන් පස්ස බාගෙට උස්ස උස්ස උත්තර කියනවා. මලියටත් අපිට වගේම වැඩේ දිරෙවුවෙ නෑ. ඌ ඉතින් සුපුරුදු එරවිලි මුඩ් එකෙන් සීන් එක බලාගෙන ඉන්නවා.
“මිලියනයයි මිස්!”
“මීස්….. බිලියනයයි!!”
“මීස්…මිස්, මිස් ට්‍රිලියනයයි!”
මිස් දැක්කා මලිය සද්ද නැති බව.
“තාත්ත හෙන මැත්ස් කාරය උනාට දුව උත්තර දෙන්න දන්නෙ නෑ වගේ! නේද…?” මිස් ඇදලා පැදලා සැරසුනේ මලියට බයිටක් දෙන්න..
“කියමු බලන්න තාත්තගෙ නම්බුව බේරගන්න.”
“කියමු බලන්න තාත්තගෙ නම්බුව බේරගන්න.”
මලිය නැගිට්ටා.
“නහුතෙ”
“මොකාක්?”
මලියාට තිවුනු තවත් සුවිශේෂ හැකියාවක් තමයි කඩදාසි සුරුට්ටු බීම. ගින්දර එක්ක කරන සෙල්ලම් වලට පරාණ බය මට ඉතින් ඒක සෑහෙන මැජිකක්. ඔය කඩදාසි සුරුට්ටුව හදාගන්නෙ පොතක මැද පිට්ටක් කඩලා ඒක ගානට රෝල් කරගෙන. ඔය වැඩේකරන්නෙත් බොහොම හොරෙන් ටීචර්ලා එනවද කියලා ඔත්තු බලන්නත් කස්ටියව තියලයි.
මලියා වැඩි හරියක් කොරන්නෙම ඉතින් මාත් එක්ක ඇර ගන්න එකම තමයි. මොනා හරි මගුලක් කරලා මාව අවුස්සන එක තමයි ඒ කාලෙ උන්දැගෙ විනෝදාංශෙ. ඌ කියන විදියට එහෙම වෙලාවට මටත් ‘නහුතෙට’ තද වෙනවලු. ඉන් පස්සෙ මම තරහ පිටකරගන්න අඩියක් හප්පල වටයක් දුවනවලු. වටයක් දුවල එද්දි තරහ නිමිලලු. ඔය අඩිය හප්පලා වටයක් දුවල එන පුරුද්ද ජෝජ් එලියට්ගේ “Mill on the floss” කතාවෙ මැගී ටුලිවර්ටත් තිබුන නිසා Lit ක්ලාස් එක ඉවරවෙනකන්ම මාව බයිටට ගන්න එක තමයි මුගේ සහ අපේ යාලුවො රැලගේ පුරුද්ද.
Tom and Maggie
මලිය ගාව ගොඩක් ප්‍රශ්ණ වලට විසඳුම් තිබුනා, සමහර විසඳුම් කොන්වන්ට් එකක මල් වගේ (පිටසක්වල ජීවීන් වගේ – ශානු අක්ක කියන හැටියට.) ළමයින්ට ගැලපුනේ නෑ. ගුරුවරුන්ට දිරෙවුවෙත් නෑ. හැබැයි වැඩක් කලොත් කලාම තමයි. ආයෙ කතා දෙකක්නෑ.
ඔන්න එක පාරක් අපිට සයන්ස් යූනියන් එකේ උත්සවයකට පුන්කලස් වගයක් හදන්න වුනා. මලියා තමයි සයන්ස් යූනියන් එකේ සභාපති තැන්පත් තුමා. මේ යකා කලින් දවසෙ රෑ හතහමාරට විතර කෝල් කරලා මට පොල් මල් ගේන්න කියලා මාත් අපේ තාත්තගෙන්හොඳවායින් බැනුමුත් අහගෙන කොහොම හරි කුකුළත් අතින් අරන් වත්තෙ වැඩ කොරන මනුස්සයෙක්ව හොයන් ගිහින් පොල් මල් කප්පවාගෙන, ස්කූල් වෑන් එකෙන් බැහැපු අවස්ථාවේ සිට කොලු කුරුට්ටන්ගේ දහසක් අපහාස උපහාස මැද්දේ අභීතව පොල්මලත් කරේ තියාගෙන පන්තියට සම්ප්‍රාප්ත උනා කියමුකෝ.
ගිහින් පුන් කළස් හදන්න යද්දි තමයි දෙලෝ රත් උනේ.
පුන්කළස් අටවන්න කළගෙඩි නෑ.
පුන්කළස් අටවන්න කළගෙඩි නෑ.
වෙලාව හතහමාරට විතර ඇති,
නවයහමාර වෙද්දි වැඩේ ඉවර වෙන්න ඕන.
නවයහමාර වෙද්දි වැඩේ ඉවර වෙන්න ඕන.
මලියා මගේ අවලාද මැද ටිකක් වෙලා නළල රැළි ගහගෙන කල්පනා කලා. ඊට පස්සෙ මගෙ අතින් ඇදන් කෙලින්ම දිවුවෙ ඉස්කෝලෙ එක අන්තයක තියන නැටුම් කාමරේට.
ගිහින් මිස්ගෙන් කළගෙඩි ඉල්ලුවාම පෙන්නුව පරණ මැටි කළ වගයක්. වැඩේ හරියන්නෙ නෑ, ඒව ගැලපෙන්නෙ නෑ. ආපහු හැරිල එන්න යද්දි ආවා තව නැටුම් ටීචර් කෙනෙක්, මෙහෙම කියාගන.
“අන්න පළාත් තරඟ වලට ගෙනියන්න සරසපු ඇලුමිනියම් කළගෙඩි ටික තියනව පොඩි නැටුම් කාමරේ. මෙන්න යතුර.”
සරසපු ලොකු ඇලුමිනියම් කළගෙඩි….. මම ඉතින් මිස්ට අහිංසක ඉල්ලීමක් ඉදිරිපත් කරන්න හිතාගෙන ශ්‍රෙක්ගෙ පූසා වගේ බලන් ඉන්නකොට;
මෙන්න
මූ මගෙ අතෙන් ඇදන්
දුවපි ඉස්කෝලෙ එහා කෙලවරේ තියෙන
පොඩි නැටුම් කාමරේට.
දැන් උදේ රැස්වීම පටන් අරගෙන. සැරසිලි වැඩ එතනම. ඒ ගමන මූ මාවත් ඇදගෙන ගියා බොටනිකල් ගාර්ඩ්න් එක පිටිපස්සට. අන්තිම ළමයත් ගියාට පස්සෙ පොර ආව එලියට. නැටුම් කාමරේ ජනේලය පරණයි. මෙන්න මේ යකා ලීයකින් ගහලා, ඇණයක් දාලකරකවලා ජනේලෙ අගුල පන්න ගත්ත.
“ලෑල්ලක් හොයපන්කෝ…”
ලෑලි කෑල්ලක් හොයාගෙන බිත්තියට හේත්තු කරපු පොර ඊගාව මොහොතේ ජනේලය ඇතුලෙන් අතුරුදහන් උනා. විනාඩි දෙකක් ඇතුලත එළියට ආවෙ ලස්සන කැටයම් අලවලා රිදී පාට ගාපු ලොකු කළගෙඩි දෙකක්.
ඉන් පස්සෙ අපි එක හුස්මට නැවතුනේ ලැබ් එක ගාව. එක ජාතියෙ කුරුල්ලො එකට එකතුවෙනෝ කියන්නැහෙ අපේ ජාතියෙ එවුන් තව දොළොස්දෙනෙක් විතරම එසෙම්බ්ලි එක කට් කරලා හිටියා. දඩි බිඩි ගාල සැරසිලි වැඩ සේරම අන්තිම මොහොතට තත්පරයක් කලින් ඉවර කරල වැඩේ ගොඩදැම්මා කියන්නකෝ.
කළගෙඩි දෙක අතට ගත්තු කිරිහාමියව බිත්ති කොනකට මුවා කොරලා අපි සේප් එකේ රබර් ඇහැ දාල බැලුවා නැටුම් කාමරේ දිහාට.
නැටුම් මිස් සාරිය කැහැපොට ගහගෙන හිටු කියලා නැටුම් කාමරේ දෙවනත් කරගෙන කළගෙඩි හොයනවා. නැටුම් කණ්ඩායමේඋනුත් මල අතේ අරන් හතර අතේ දඟලනව. ඒ වෙලාවෙ කිරිහාමියව උන්ට අහු වුනානම් ආයෙ දෙකක් නෑ ටොම්ව හෙක්ටර්ට අහු වුනා වගේ මනස්කාන්ත දර්ශනයක් බලාගන්න තිබුනා. කොහෙද ඉතින් මේ ඇස් පින් කරලා මදිලු ඒකට.
නැටුම් මිස් සාරිය කැහැපොට ගහගෙන හිටු කියලා නැටුම් කාමරේ දෙවනත් කරගෙන කළගෙඩි හොයනවා. නැටුම් කණ්ඩායමේඋනුත් මල අතේ අරන් හතර අතේ දඟලනව. ඒ වෙලාවෙ කිරිහාමියව උන්ට අහු වුනානම් ආයෙ දෙකක් නෑ ටොම්ව හෙක්ටර්ට අහු වුනා වගේ මනස්කාන්ත දර්ශනයක් බලාගන්න තිබුනා. කොහෙද ඉතින් මේ ඇස් පින් කරලා මදිලු ඒකට.
පස්සෙ කට්ටියම මං හිතන්නෙ යම් සම්මුතියකට එළඹිලා එකාවන්ව ලොකු නැටුම් කාමරය බලා පිටත් වුනා. මිස් දොර ලොක් කරලා යතුර ඉනේ ගහගත්තත් එක්කම නැට්ටුවො රැළ මිස්ගෙ සාරියෙ එල්ලිලා පේළියට පස්සෙන් වැටුන.
අපි වහාම කළ දෙක සුපුරුදු ජනේළයෙන් දඩාං ගාල බිමට අතෑරලා දිවුවා දිවිල්ලක් උසේන් බෝල්ට් හිටියනම් අම්මප අපෙන් ටියුෂන් ගන්න එනව.
ඕං එහෙනම් ඉක්කෝලෙ කාලෙ කතා ටිකක් ලියන්න කියල කිඹුල් ශානු අක්කා නාහෙන් අඬ අඬා කරපු ඉල්ලීම මම ඉටු කළාලු හොඳේ...
මේක කියෝනකොට ඉස්කෝල කාලේ කළ වැඩ නහුතයක්ම මතක් වුණා.
ReplyDeleteෆේස් බුකියටත් සමුදීලා ඉන්න එකේ පටන් ගන්නකෝ ඉස්කෝලෙ කාලෙ කතා සීරීස් එකක් ලියන්න. :)
Deleteඉක්කෝලෙ....
ReplyDeleteඉක්...
ඉක්ක වැටෙනව ඒව මතක් වෙද්දි...
අම්මෙ මුත්තෙ කීවත් ලියන්න හොද නැ
කාඩ් එකක් කියල දෙයක් තියේ නං කුඩු පට්ටාාාාාාාාං....
තමා....
හිහි....
ඒ කාලෙ මතක නං හම්මේ.....
මතක් වෙද්දිත් තනියෙං හිනා
කාර්ඩ් එකක් අපි ගොඩනගාගන්නෙ
Deleteවර්තමාන හැසිරීමෙන්
නැතිව අතීත මතකයන් මත නෙමෙයි
ඒ නිසා
ඔන්නොහෙ ලියමු
නේද?
මරු නේද ඒ මතක.. නහුතේ කෝ දැං.. හැක්..
ReplyDeleteඅපෙ ගුරුතුමී යයි තාමත් ඉස්කෝලේ...
Deleteපට්ටයි බස්සියෙ. සිරාවටම ඒ කාලෙ මතකෙ තරම් සුන්දර නෑ කිසි මතකයක්.
ReplyDeleteවෙලාවට මලියාට අර ක්‍රශ් එක තිබ්බ කාලෙ බ්ලොග් ගැන නොදැන හිටීයෙ. නැත්නම් අනිවා බොලාලට කියපු ටික එහෙම්ම බ්ලොගේ ලියලා ඊට යටින් මෙහෙම ලියනවා "ඉතිං මේ ගැන ඔයාලට මොකද හිතෙන්නෙ? - කමෙන්ට්ස් එකක් විදිහට ලියලා යන්න" කියලා. හැක්… :D :D
අර නහුතෙ කතාවනම් මරු.
එකක් ලියනවා රුසියං බාසාවෙන්..උඹලට තේරෙන් නෑ.මට විතරයි .මං කොමන්ට් එහෙකුත් දාල ආවෙ :D
Deleteහම්මේ ඌ ඒ කාලෙ ලිවුවනම් බ්ලොගක් අපිට උදේ හවා අදහස් දක්වලාම පණ යනව ප්‍රියෝ
Deleteඅහා පත්තරේ රුසියන් බාසාවත් දන්නවැයි?
Deleteමලියයි මමයි මල් කඩන්නේ රුසියං වලින් බං, උඹලා පොඩි උන්ය කියලා උඹලාට කියන්ඩ එපා කිව්වා. ඔන්න මං කීවෙ නෑ !!! :D
Deleteඅඩේ උඹලා ජනේලේ කැඩුවේ කුසුම් මිස්ගේ නැටුම් කාමරේ නේද?හම්මේ අපෙන් පස්සේ උ.පෙ. කරන්න ආවේ නියම කාඩයෝ ටිකක් හිකිස්...අඩේ බොටැනිකල් ගාඩින් එක මතක නෑ කොහෙද තිබ්බේ කියලා...තැක්කූ බස්සි මතන් උඹ ලිව්ව හැම තැනම අපේ මතකය තියෙනවා.මම නම් අදටත් ඒ මතක වලට පණ ඇරලා ආදරෙයි. "ශානු අක්කා හැමදේම වෙනස් වෙනවා අන්තිමෙට අපිට මතකයන් විතරයි ඉතුරු වෙන්නේ"උඹ මට ඊයේ පෙරේදා දුන්න ලොරි ටෝක් එක හැබැයි බස්සියා ඒ වචන ටික නම් සහතික ඇත්ත....ජීවිතේ ජිවත් කරන හැම තත්පරයක්ම හොද මතකයක් ඉතුරු වෙන විදිහේ දේවල් තිබුනොත් අනාගතේ දවසක මේම රහ කරලා කතා කරන්න දේවල් ඉතුරු වෙයි.. ඒත් මන් හිතන් නෑ දැන් ලමයිටමෙහෙම මතක සටහන්වත් අනාගතේ තියේවි කියලා :)
ReplyDelete" ශානු අක්කා හැමදේම වෙනස් වෙනවා අන්තිමෙට අපිට මතකයන් විතරයි ඉතුරු වෙන්නේ"
Deleteශානුවෝ බස්සි දොඩම්ගේඩි දෙකක් තරම් උස නැතිවුනාට කියන සමහර කතානම් සහතික ඇත්ත
ඔව් සුදු අයියා...මන් හිතන්නේ මේකීගේ මොලේ ලොකුයි...ඊටත් වඩා හිත ලොකුයි වගේ බන් හිකිස්...(දොඩම් ගෙඩි දෙකක් තරම් උස නෑ හු)
Delete@ශානු අක්කා
Deleteබොටනිකල් ගාර්ඩ්න් එක තිවුනෙ අක්කියා අපේ ෆිසික්ස් ලැබ් එක පිටිපස්සෙ. මානෙල් පොකුණක් එහෙම තිබුනෙ. ඒකෙ තියන අරව මෙවුව පඳුරුයි, ඒ අස්සෙ ඉන්න අහිංසක පණු පැටවුනුයි තමයි බයෝ ප්‍රැක්ටිකල් වෙනුවෙන් දිවි පුදන්නෙ. ඕකෙ පඳුරු අස්සෙ හරි එහා පැත්තෙ මල් වැටක් පිටිපස්සෙ හරි හැංගුනාම එසෙම්බ්ලි එකෙන් පනින අයව අල්ලන්න එන මිස්ලට අහු නොවී ඉන්න පුලුවනි ලේසියෙන්ම.
අනාආආආ..... ඔයාලට බස්සිගෙ ලාමක ටින් ටින් ටෝක් වගේම ලොරි ටෝකුත් මතකයි කියල දැනගත්තම හද කම්පා උනා අනාආආ....
Deleteමතකයන් ඔබේ - සිතේ දරාගෙන .
Deleteදුක් විඳිනා
හෝව් හෝව් . වැරදුනා වැරදුනා ..මළ හත්තිලව්වයි තව පොඩ්ඩෙං :D
ඒ දුම්‍රිය දුම්‍රියක් නොවේ . හුකෑස්
යකඩෝ මුන් කරලා තියෙන වැඩ... ^_^ අපි ඒ අතින් හරි හොද ළමයිනේ බං බස්සියෝ !!!
ReplyDelete(ඒ කියන්නේ අපි කරපු වැඩ මේ වගේ කියන්න බෑ කියන එකයි හරිය ;) )
හිහිහි.... මේ කියන්න පුලුවන් තත්වයේ එවුවා තමයි සිහිනයා තෝරා බේරාගන කියන්නෙ.
Deleteඔයාට ඉක්කෝලෙ කතා ලියන්න කියල මම කියන්නෙ නෑ දැන්ම. වෙන වෙලාවක නම් කියනව. දැන් අර කතාව ලියල හිටු. ඒක ඉවර කරල පොතක් ගහමු හොඳේ..... :) :)
බස්සි ඒ කාලෙත් දැන් වගෙමයිනේ. දැන් කියලා වැඩි වෙනසක් වෙලා නෑ. :D
ReplyDeleteදැන් මම හොඳ දරුවෙක්මි අනේ....
Deleteසිරාවටම අද තමා දැන ගත්තේ ලොකුම ඉලක්කම නහුතෙ කියලා.ඇත්තටම බස්සියෙ ඔය නහුතෙට බිංදු කීයද?
ReplyDeleteපෙරමුණේ රාළයගෙන්ම තමයි අහන්න ඕන
Deleteනහුතේ! ඇයි අසංකය? සිදුහත් තවුසා හාරාසංක කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා කියනවා නේද? ඒක නහුතෙට වැඩිද දන්නේ නෑ.
ReplyDeleteඊට වඩා වැඩියි කෙළ කෝටිය...
Deleteකෙළ කෝටිය පොඩියි බං මාතලං මාමෝ!!
Deleteනියම නහුතෙ ලියන්නේ 10 යි බින්දු 27කුයි. ඒ කියන්නේ
10,000,000,000,000,000,000,000,000,000
කෙළකෝටිය හරියටම මතක නෑ. ඒක නහුතෙටත් වඩා පොඩිද කොහෙද.
අසංඛ්‍යෙය කියන්නේ 10 යි බින්දු එකසිය හතලිස් එකයි.
10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000
මම ලේසියට තුනෙන් තුනට ලකුණු කලාට සිංහල ක්‍රමේට දෙකෙක් දෙක වෙන් කරන්නේ ඈ!!
(පන්සලක තිබුණු පරණ පොතකින් කියෙව්වේ)
ඩූඩ් අංකල්, මාතෙ මාමා ඔන්න ගයාන් මල්ලි ප්‍රශ්නෙට උත්තරේ හොයල දීලා.
Deleteඅසංකය > නහුතෙ > කෙළකෝටිය (ලු.)
පිරේ මල්ලි ඔයා පන්සල් වල පොතුත් කියෝනව එහෙනම් ඈ....
Deleteඒ සිරාවට මෙච්චර විස්තරයක් දැන ගත්තෙ අදමයි. අර බින්දු වෙන් කරන්නෙ දෙකෙන් දෙකට කියන එකත් අහලවත් තිවුනෙ නෑ. බොහෝම පින් කියා දුන්නට.
හැම තැනම කියවන්නේ නෑ අෆ්ෆා.
Deleteආසා හිතුණොත් ඕනෙ කුණුහරපයක් නොකියවා අරින්නෙත් නෑ. මේකත් අහම්බෙන් දැකලා කියවන්න ආසා හිතුණ නිසා කියෙව්වේ.
පෝයකටවත් පන්සල් යන්නෙ නැති මං පන්සලක පොතක් කියෙව්වා කිව්වම බස්සි අක්කට මඤ්ඥං වගේ නේහ්!!
මෙහෙමනේ!! අපේ මල්ලි, අහල පහල පන්සලක පොඩි හාමුදුරු නමකට O/l ලියන්න කඩ්ඩ පොලිශ් කරලා දුන්නා.
ඒ කාලේ මට නිවාඩුවක් තිබුණොත් මාත් ඌ එක්ක පන්සලට යනවා. ඒ ගිය වෙලාවක අතට අහු වෙච්ච පොතක් පෙරල පෙරලා ඉන්නකොට තමයි මේ ඉලක්කං කෙරුවාව දැක්කේ.
පීරේ . උඹ පොත් කියෙව්වෙ දාන්සාලාවෙ ඉඳං නේද ?? කැවුං ගෙඩි කොකිස් ආස්මි කිලෝ කීයක් කෑවද ඒ ටිකට ???
Deleteඅනිවා... පිරේ කොරන්න ඇත්තෙ හාමුදුරුවන්ට පොතක් පෙරලන එක. හික්ස්
Deleteදාන සාලාවෙ චාටර් වෙන්නේ නෑ බං අපි.
Deleteආවාසෙට දානේ වඩම්මලා දෙනවා අපිට වෙනම. කිලෝ ගණං වලිං මනින්න බැරිද මංදා පත්තරේ. නිකමට ටොන් එකක් විතර කියල හිතමුකො.
අනේ බස්සියේ, මේ පිරේ එහෙම කාටවත් පොත් පෙරලන එකෙක් නෙවෙයි ඈ!!
බස්සි අක්කේ ඔයාලගේ මලියා නෙමෙඉ නේද teen wolf එකේ she wolf ට ඉන්න මලියා....අක්කලා හොදයි නෙහ් ගතට බදු අපහු තියනවා නෙහ්..අපි නම් තියන්න ගියාම අහු වෙන්න පුළුවන් නිසා කොහේ හරි කැලේක දැන්මොත් සෞත්තු වෙන නිසා පරිස්සමට ගෙදෙට්ට ගෙන්වා..අපේ ගෙදරත් එහෙම ගෙනාපු mic ඉදන් තියෙනවා..යගුලි වගේ ඒවා නම් පරිස්සමට තම්බි මාමාට දෙනවා...
ReplyDeleteආයෙත් අහලා, අපි හොඳ ළමයි මල්ලි. ඇලුමිනියම් කළගෙඩි නිසා බේරුනා.
Deleteඅර කළ ගෙඩි නැටුම නම් අපූරුයි..
ReplyDeleteපෙරමුණේ රාළගෙ නැටුමනේ... තැන්කූ තැන්කූ... :D
Deleteමං හිතන් හිටියේ උඹ ඉස්කෝලේ ගියේ නෑ කියලා බං ,
ReplyDeleteමලියා ආපු වෙලාවක කියලා යවපන් මම කිව්වා කියලා පුටින්ව මතක් කළා කියන්න කියලා .
උඹ පොල්මල අරන් යනකොට නිකන් බටකොළ ආච්චි යනවා වගේ තියෙන්න ඇති නේ
හහ් හා .. මේ මලියාට අපේ නිමෝගෙ නම්බරේ යවපං .. මෝටක්‍රොස් පදින පොරක් ඉන්නව කියලා .:D හුකෑස්
Deleteඔව් බන් මම ඉක්කෝලෙ ගියෙ නෑ මොන්ටිසෝරියෙ මිස් කිවුව මේකිව කෙලින්ම කැම්පොස් යවමු කියලා. ;)
Deleteබටකොළ ආච්චි? හූහ්...උඹට මක්කා වෙනෝද නිකමට හරි හර්මොයිනි කොස්සෙන් යනව වගේ කිවුවනම්. ගෙඹිලූශා
පත්තරේ; පැදලා හොම්බ සමතලා කොරගත්ත පොරක් කියල කියන්ට එපාද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුළගේ ලෙලෙනා මල සේ දඟපා
ReplyDeleteඅප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ
ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ
සාමලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ.....
මම ආසම සින්දුවක් ඔව් බන්....මේකී කොටට කොටේ කොහොම පොල් මල ඉස්කෝලෙට වැඩැම්මුවද දන් නෑ...(@බස්සියා රූප සටහන් වලින් පැහැදිලි කරපම්)
Deleteඅඩෝව් උපන් ලපයා.. මෙන්න මාත් ආවා.ඕ යේස් !!
Deleteසමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට
ආසයි ඒ ලස්සන කාලේ..
පාසල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කාලේ
දුව පැන නට තරග කරාලා
ජය ගෙන හිනැහුන ඒ කාලේ
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ
සුලගට හසුවූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ …
ඇයි මෙ අපිත් ඉන්නව
Deleteනෙලුම් මල් පිපුන දෙවට දිගෙ පාසල් ගිය කාලේ
මල්වගේ සිනාසුන කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
දමි අයියා , දාන්ඩ පහක් !!!!
Deleteසුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ
රන් සමනල ජෝඩුව වාගේ
Deleteඅපි දෙන්නා මේ මල් පාරේ
පාසල් ගිය කාලේ හිතේ නැද්ද ඔයාගේ
අද ඇයිදෝ මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දෝ ඉන්නේ
අන්න බලන් ඉදිකඩ ලග කොක්කු දෙන්නා වගේ ඇවිත් පත්තරයයි,ගෙඹිලුෂයි ඉදගෙන ඉන්නේ බස්සී අනේ හෙමින් සැරේ නොපේනෙන්න වැටපැනපන් නේ.... හිකිස්
Deleteඅන්න ගෙඹිලූශාට කියාපු නම! උපන් ලපයා... හැක්!
Deleteඅකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
Deleteඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්
පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්
ඉදුනු කරඹ ගොඩාරයක් මගේ ඔඩොක්කුවෙ තියෙනව
ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම්
පුරවල දී තව මදි නම් හිඹටුත් දෙන්නම්
සිළිඳුට සීපද කියන්න කුරුල්ලන්ට මල තියන්න
ලොකු වුනාම මේ බැද්දෙම හේන් කොටන්නම්
හේන් කොටල අපි දෙන්නට පැලක් හදන්නම්
මාළු ඇඹුල්තියල් කරලා පොල් සම්බල් රසට හදල
ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම්
කවන ගමන් මමත් කවන තරමක් කන්නම්
හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුනම
ගේ ළඟ ගල්පොත්තක් උඩ වාඩි කරන්නම්
වාඩි කරල ළඟින් ඉඳන් මලක් සිඹින්නම්
ගමේ ළමිස්සියන් එක්ක වෙලට ගොහින් පන් උගුලල
රටා පුරල මෝවිට තියා පැදුරු වියන්නම්
පැදුරු වියල ඒකෙ ඉඳන් පංචි දමන්නම්
කළුවර ඇති වැහි දවසක මහ රෑ ඔබ ළඟින් ඉඳන්
පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
කතා කියල බය ඇරෙන්න විහිළු කරන්නම්
ගායනය: එස් කරුණාදාස පෙරේරා සමග කමලානි පෙරේරා
පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
Deleteහරි ඉහළයි පන්තිය මාගේ
භූගෝලය ඉතිහාසය ගණිතය
ලේසියි මට අද කජු වාගේ //
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලයද ගානට කැපිලා…….
ගායනය: එස්. ලියනගේ
පද රචනය: කරුණාරත්න අබේසේකර
තනුව: ඩී. ආර්. පීරිස්
සුදු පරවි රෑන සේ පියාසලා
Deleteපාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයිඈ තාම නෑ
ඈ තාම නෑ
පොත් පත් අහුරාමුදු ළැමට තුරුලු කරවා
පිරුණු සදක් සේ මහද දිලේ
යහලු යෙහෙළියන් අතරේඈ තාම නෑ
ඈ තාම නෑ
මල් හිනා පිපී මුව මඩල පුරා රදවා
මුතු අහුරක් සේ දසන් සලා
ඉර හද දහසක් පරදාඈ තාම නෑ
ඈ තාම නෑ…
මාර යුද්ධ ටැංකි ටිකක්නෙ ඉඳල තියෙන්නෙ බස්සි එක්ක. :D :D
ReplyDeleteහෆ්ෆේ අපේ ගණංටීච මතක් උණා. :) :) මාව දනගස්සල තිබ්බ අෆ්ෆ එක දවසක් :(
එක දවසද දණගස්සල තිබ්බෙ? අපේ හිටිය ගණන්කාර ගණන් ටීච කෙනෙක් බඩෙන් අල්ලල කරකෝල උඩට උස්සනව.
Deleteහම්මේ ඉතින් නේ :3
ReplyDeleteහම්මේ ඉතින් අදත් එක වෙලා නෑලු නේ :3
Deleteසුපිරි කලගෙඩි නැටුම..
ReplyDeleteනහුතෙ කතාවට තව පොඩ්ඩෙන් මට හුස්ම හිර වෙලා මැරෙනෝ.. :v
ReplyDeleteසිරා කතාව. අපේ ස්කොලේ මල් වගේ එවුන්ට වඩා වැඩි හරියක් ඉන්නේ පිටසක්වල ජීවින් :3 පාලක අධිකාරියේ ඉන්නේ හදුනාගත් නොගත් ජීවින් කොට්ටාසයක් හ්ම්ම්ම් :3
හම්මෝ ඔව්, පාලක අධිකාරියේ ගොඩක් අය එහෙම තමයි නංගා. ඒ ගැනත් පෝස්ට් එකක් ලිවුවා දානවද නොදානවද කියලයි කල්පනා කරකර ඉන්නෙ.
Deleteඅප්පේ, නොදා ඉන්න එපා අක්කේ දාන්න.. අඩු තරමේ ඒක වැරදිලා වත් ඇහැ ගැටුනොත් හැදෙන්න හරි බලයි නේ.. හීනෙන් හරි..
Deleteහැමෝටම ඉස්‍කෝලෙ කාලෙ මතක ලස්‍සන කතා තිබුනට ඔයාට වගේ ලියන්‍න බෑ අප්‍පා , මගෙත් එක්‍ක හිටිය යාලුවෝ කාංඩෙත් හිට්‍යා ඔයාගේ මලියා වගේ ,වලි බර ,ඕන දේකට ඉස්‍සරහට යන තමං නැති වෙලා ගියත් අනිත් උන් ගැන හිතපු එකෙක් , කතා දෙකම පට්‍ට
ReplyDeleteබොහොම ස්තූතියි යාලු.....
Deleteහෙහ්, ඉස්කෝලේ කාලේ ඔවුවා කරන්නේ නැතුව ඉතින් කවදා කරන්නද බං..
ReplyDeleteඒකනෙ.... ඒ කාලෙ නැතුව ඉඳිකට්ටා සීයගෙ වයසට ආවට පස්සෙ කරන්නයැ ඔවුවා :P
Deleteමේ බස්සි මචං.. ඔය කොලකෑලි රෝල් කරල බොන පුරුද්ද නවත්තගනිං..කැස්ස එනවා. ගෝල්ඩ්ලීෆ් එකක් අරං බීපං :D
ReplyDeleteආපෝ දැන් ඒ පුරුද්ද නෑ... ඒ පුරුද්ද නැවතුන හැටි කතාව ලිවුවානම් කාර්ඩ් එක අම්බ්‍රෙල්ලා පවුඩර් වෙන නිසා මෙතන ලිවුවෙ නෑ ඒක :D
Deleteපාවට්ටා හොඳ අවුසදේ..කොස් කොලේක ඔතල ගනින්.
Deleteපාවට්ටා??
Deleteඋබව බයිට් එකට ගත්ත????????????????? ඉවනයනම් කිවුවෙ බයිට් එකට තියා සුප් එකකට ගන්නවත් උබෙ ඇගෙ මස් කලදක් නැ කියල.අනෙ මන්ද අපිනම් දන්නෙ නැ
ReplyDeleteඇග නැති උනාට ලොකු ඔළුවක් තියනවනේ ඒ ඇති...... බස්සියෝ...... go.....
Deleteයකූ මාර කතාවක්නෙ... මූ මට බතල බස්සි කියල ඔයාට එහෙම කිවුවද? හමගහන්න එපාය ඔය උපන්ලපයාව.
Deleteආන්න නිහිංසා ඔයාට විතරයි තේරුනේ.... මගේ හිසේ විශාලත්වය ගැන. :)
Deleteෂා..... මාර ලස්සනට පාසල් අතීතේ ලියල තිබුන..... නියමයි බස්සියෝ..... මටත් ඔය වගේ කතා ටිකක් මතක් උනා.... අපි කරපු, බලමු..... ඉස්සරහට ලියන්න...... record තියපු ඇය තමයි තාමත් first එකේ යන්නේ නේද.......?
ReplyDeleteඇත්තෙන්ම පිස්සු වැඩ වලින් රෙකෝර්ඩ් තියපු අය තමයි හැබෑ ජීවිතේදිත් ඉස්සරහින් ඉන්නෙ. යටින් ඉඳන් අංචි ඇදපු ගොඩක් අය තවමත් යට.
Deleteඅපෝ තොපිලා වගේ එවුන්ට උගන්වන්න ගිහින් ඒ ගුරුවරුන්ට නහුතේට තද වෙන්නත් ඇති නේ:D ?
ReplyDeleteආයෙත් අහලා.... කොයිතරම් නම් දණගහලා, පන්තියෙන් එළියට පිටුවහල්වෙලා ඇතිද ඒ කාලෙ.
Deleteඅපේ ඉස්කෝලේ ඒ කාලේ ගැහුව තඩි බැල් එකේ, ඇතුලේ තියන අර කුණුහරපයක් වගේ ලොකු ඇනේ, ඒක හයිවෙලා තියන තැනින් ගලවන කෙරමයක් මම හොයාගත්තා. ඕක තියලා තියෙන්නේ ඔපිස් එකෙන් එළියේ පරණ පුටුවක් උඩ. ඉස්කෝලේ පියන් කාරයා උදේ පීරියඩ් වල බැලය ගසලා, ඉන්ටිබල් එකෙන් පස්සේ ගසන්න බලනකොට බැලය උඩ දාගෙන හෙලෙව්වට සද්දයක් නැහැ. අහවල් එක නැති බව දැනගෙන ගිහිං පින්සිබල් ට කිව්වා එයා කෙලින්ම මාව හොයාගෙන ඇවිත් කිව්වා හම ගහන්න කලින් අර කෑල්ල හයිකොරපන් කියලා.
ReplyDeleteඒ කියන්නෙ විචාරකතුමාගෙ රැකෝර්ඩ් එක ප්‍රින්සිපල්ටත් මීටර් නේ ද? අයියෝ සල්ලි! මදැයි.
Deleteඅපේ නම් බෙල් එක ගහන්න බාරදීල තිවුනෙ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ළඟම පන්තියෙ ඉන්න ළමය්ක්ට. ඉලැට්ටික් බැල් එකක් තිවුනෙ, ඒ පන්තියෙ උන්ගෙ පරම අධිෂ්ඨානය තමයි බැල් එක ගහන එකාගෙ ඔරලෝසුවෙ වෙලාව වෙනස් කොරලා ඉස්කෝලෙ වේලාසන අරින්න බෙල් එක ගස්සවා ගන්න එක. මන් හිතන්නෙ උන්ට ඒ කාලෙ ඒක හීනෙනුත් පේන්න ඇති, ඒ තරම් දැඩි අධිෂ්ඨානයක් තමයි තිවුනෙ.
විචාරක තුමා ගැනනං ඉතිං ආයෙ කියන්න දෙයක් නෑ. අපි කරපු පොඩි පොඩි එව්වා කැලේ මෙතුමගෙ දඟ වැඩත් එක්ක බලද්දි!!!
Deleteකීයක් ගැහුවදෑ විචාරක තුමා. :D
Deleteබැල් ද? හ්ම්.................මතක නෑ. එක එක විදිහේ බැල් ගැහුවනෙ.
DeleteAfter school පැය කීයක් දණ ගහන් හිටියද විචාරකතුමෝ?
Deleteඒව බැල් යෑ සෑර් . ඝාන්ටාරනේ :D
Deleteකාලෙකින් ආවේ , ඒ කාලේ නම් සුපිරි තමා බස්සි
ReplyDeleteහැබැයි මේ ලඟදි ඉස්කෝලෙට ගියාම ඒ කාලේ සැගියට පනයන්න බැනපු මිස් කෙනෙක් දැන් ඉන්න ළමයිනට මාව පෙන්නලා බනිනවා "මේ අයියලා ඒ කාලේ කොච්චර හොදට කියන දේ ඇහුවද එකට තොපි කියලා" :D
මටත් ඔය වැඩේම උනා ශැගියෝ....
Deleteපන්තියෙ ඔක්කොම උන් කැම්පස් ගියත් මම යන එකක් නෑ කියපු මිස් කෙනෙක්, ඒ ලෙවල් රිසාල්ට් කියන්න ගියාම ඔය වගේම පම්පෝරියක් කියෙවුවා පහළ පන්තියකට.
හිකිස් වෙලාවට ඇලුමිනියම් කල උනේ..අය්යෝ බස්සියා ඔයා නම් මරු ...
ReplyDelete:()
මැටි කළ උනානම් නැටුම් නටලත් හමාරයි දිලිනි... :D
DeletesAm giye mix school ekakatane, e kale kello godak mutti allanawa, mama hithuwe kello okkoma ehemai kiyala, baladdi oyalage set eketh ehema dial idalane....
ReplyDeleteTeacherta nahutheta thada une nadda?
මුට්ටියො හැදෙන්නෙ ඉස්කෝලෙ ස්වභාවය අනුව වෙන්ටැ සෑමො, බාලක/බාලිකා පාසල් වල නසරානි සැට් එකක් වගේම මුට්ටියො සැට් එකකුත් ඉන්නව. මිශ්‍ර පාසල් වල ඔය ජොබ් එක ගෑල්ලමයි කැමැත්තෙන් බාර ගන්නව ඇති. මොකද කැම්පොස් එකෙත් ලෙකාලට ගොට්ට අල්ලන බහුතරය කෙල්ලො, හැබැයි ඒ වගේම මුට්ටි අල්ලන කොල්ලොත් කීපදෙනෙක්ම උන්නා අෆ්ෆා
Deleteහම්මෝ ඉස්කෝලේ කාලේ මතකයන් කියන්නේ ඉතින් ආය නියමයි.. පරක්කු වෙලා ගිහිල්ල පෝලිමේ හිටගෙන හිටපු එකේ ඉඳන්, අලුතෙන් ආපු ප්‍රින්සිපල් සර් පරක්කු වෙලා ගිය දවසක ගේට් එක ගාවදි, "Why are you late?" කියල ඇහුවම, "Sir we experienced a wheel slip near Asgiriya" කියල උත්තර දුන්නම සර් මාව කන්න වගේ බලන් හිටපු හැටි, එක්සෑම් ඉවරල බාස්කට් බෝල් කෝට් එකේ ක්‍රිකට් ගහපු හැටි, ක්ලබ් මීටින් තියපු හැටි, ස්ටේජ් එකේ උදේ රැස්වීමේ පන්සිල් දීපු හැටි, ........ කියල ඉවර කරන්න පුළුවන් ලිස්ට් එකක් නෙවේ ඒක නම්.. ඒ වගේම සමහර දේවල් මතක් වෙද්දී ඇහැට කඳුලක් දෙකක් එන්නේ ඉබේටම...
ReplyDeleteසහතික ඇත්ත අඟහරුවෝ.... ජීවිතේ හොඳම කාලෙ ඉතින් ඉස්කෝලෙ කාලෙ තමයි නේද...
DeleteBassiye, maliya ara 4n call1 apita vistara karanne koleka diagrams ada adath ne. Apooo a kale mathak wenakotath hina yanawa.. "oyala me gana mokada hithanne"
ReplyDeleteඅලේ... මට ඒ ටික ලියන්න අමතක උනානෙ. මලියා අපිට කෝල්වලට ගතවූ කාලය, යවන ලද එස් එම් එස් ගණන පවා ප්‍රස්තාරගත කරලා, බාර් චාට්, පයි චාට්, හිස්ටොග්‍රම් අරවා මෙවුවා සේරම ඇඳලා ඒ මදිවට ඒවායෙ චතුර්තක හිටන් හොයල තමයි නවත්තන්නෙ නේද!
Deleteහම්මේ ටොපි කෙලු කමට හොද හොද නසරානි වැඩ නේ කොරලා තියන්නේ
ReplyDeleteයාස්.... කෙලු කමට හිටියට කොල්ලා වගේ තමයි හලිද බම්
Deleteහපෝයි..ඉස්කෝලෙ කාලෙටනම් හිත ඇදන් යන්න එපෝ..ආයෙ එනවා බොරු!
ReplyDeleteඒකනම් ඇත්ත මනෝශ්! ජීවිතේ ලස්සනම කාලෙ.
Deleteදැඩි තර්ජන ගර්ජම ජන මැද මම පෝස්ටුව බලනු ලැබීමි.මේව්ව වා බලද්දී මගේ ඉක්කෝලෙ කාලෙ නහුතෙට කල අන්ඩ වැඩ මේ දැන් කල ඒව්ව වා සේ මතකෙට නැගේ.හරිම රහයි බස්සි.හ්ම
ReplyDeleteහම්මේ කොයිල් කුමාරි අක්කා මාගේ තර්ජන ගර්ජන මධ්‍යයේ ඇවිල්ල කියෝල ගිහින් නේද! නැත්නම් කිඩ්නැප් කොරන්න හිටියෙ.... හිහිහි... තැන්කිව් ඈ...
Deleteඅඩා බස්සි ඔක්කොම කතාවලට තියෙන ලින්ක් අස්සේ ගිහින් ඒවල ලින්ක් වලිනුත් ගිහින් ඔක්කොම කතා කියෙව්වා....! සුපිරි ඈ.....!
ReplyDeleteහෆ්ෆේ... ඔයා ලින්ක් සොයා සොයා ගියාද? තැන්කිවු හොඳේ නිමෝ...
Deleteපට්ටම කතාව තමා බොලන්ලා තග දැම්ම කෙල්ලගේ දුක අහන්න දුකා ගිය එක.... හැක් හැක්.. හේ,,,,,
Deleteඔයාගෙ කතා ලස්සනයි... මමත් සතුටින් බලනවා......
ReplyDeleteබොහොම ස්තූතියි දිලානි
Delete