හැමදාම ඉර පායන්නෙ නෑ. අතරින්
පතර අත්විඳින්නට ලැබෙන මහ මූසල අඳුරු දවස් නැතුවාම නෙමෙයි.
ඒක එහෙම කිව්වාම හරිද? නැත්නම් මම මෙහෙමද කියන්න ඕන?
“මූසල අඳුරු දවස්
අතරෙ කලාතුරකින් අත්විඳින උණුහුමෙන් පිරුණු දවස්.”
මූසල අඳුරු දවසක උනත් හිටි හැටියේ ඉර පායන්න පුලුවනි. හිටිහැටියේම!
හීනෙකින්වත් නොහිතපු විදියට.
හවස හයට,
නැත්නම් රෑ දහයට,
නින්දෙන් ඇහැරවල පාන්දර එකහමාරට දෙකට වගේ…..
හිතුවක්කාර ඉරට කොයින්ද වෙලාවක් කලාවක්.
හිතේ හැටියට හිරු රැස්වල කිමිදිලා සතුටු උනත් අන්තිමේ ඉරුවාරදය හැදිල
දුක් විඳින්න වෙන්නත් පුලුවන්. ඔව් ඉතින් දවසින් බාගයක් ඉරත් එක්ක දැවටි දැවටි හුරතල්
උනාම ඉසේ කැක්කුම හැදෙන එක අහන්නත් දෙයක්යැ.
ඉරුවාරදේ කියල අර මූසල අන්ධකාරයට ගුලි වෙන්න හිත හදාගන්න පුලුවන්ද?
ආයෙමත් මුරණ්ඩු හිත ඉල්ලන්නෙ ඉරෙන් එන එළි කිණිත්තක්මයි.
උඹ නම් මහා ඇණයක්, අකීකරු
හිත.
ඉරේ රස්නෙට හම පිච්චෙනවා. ඉරේ දිස්නෙට ඇස් නිලංකාර වෙනවා.
අන්තිමේ විඩාබර සිරුර ඔහේ බලන් ඉන්නව.
ඉර උඹ නටාගනිං. මට මහන්සියි.
ඒත් ඉරට මහන්සි නෑ… ජවයෙන් පිරුණු දඟකාර හිරු රැස් මුළු සිරුරම නහවනවා.
ජීවිත කාලෙ පුරාවට ඉර රැස් පොදක් ඇහේ නොවැදිච්ච, සීතලම සීතල සීත රටක
ජීවත් උනානම් සමහර විට මේ දේවල් මෙහෙම නොවෙන්න ඉඩ තිබුනා. ඒත් දැන් පරක්කු වැඩියි.
ඉරට හිතක් පපුවක් නෑ. බොහෝවිට මේ ආලිංගනය නිමවේවි චර්ම පිළිකාවකින්.
තත්පරයක් ගානෙ සෛලයෙන් සෛලය ආක්‍රමණය කරන්නෙ හදවතට ජීවය කවාපු උණුහුමේ සංඝටකමයි නේද?
ඉර නිසා පණ ලබපු හදවත ඉර නිසාම මියැදුනාවේ.
මීටත් වඩා උණුහුම් මරණයක්
තවත් ඇත්ද?
මීටත් වඩා සුන්දර මරණයක් තවත් ඇත්ද?
මරණය පහු කරගෙන දීර්ඝ කාල තරණයකින් පස්සෙ මම ඉර වටේ දැවටෙන ධූලි අංශුවක්
වෙලා උපදිනවා.
ඒත් කෝ ඉර?
මේ මම ආදරය කළ ඉර එළිය නොවෙයි.
කෝ ඒ පරණ, රළු, ජවසම්පන්න
ඉර?
ඉර මියගිහින්!
මේ අන්තරාභවයේ ඇන්ටාටිකාවේ හිම පියල්ලක් වෙලා ඉපදිලා…..!
ඒ කියන්නෙ මේ අවසානය නෙමෙයි.
අවසානයට ගොඩාක් කලින් ආපු තාවකාලික විරාමයක්.
ඉර මියගිහින් නෑ හැමදාම හිතේ හැංගිලා බලාගෙන ඉන්නවා වෙලාව එනකං...
ReplyDeleteජය වේවා!!!!!
ඉර මියැදුනත් ඉර එළිය මියැදෙන්නෙ නැහැ නෙව විදානේ….
Deleteබස්සියෝ.. මම ඉර ගැන මිනිහෙක්ගේ හිතේ ඇති වන හැගීම් ගැන පොඩි කතාවක් ලියල තිබුනේ කාලෙකට ඉස්සර. ඒත් ඒක තාම ටයිප් කරගන්න බැරි උනා.. ඒකෙන් කියන්න හැදුවේ මිනිහට ඉර පෑව්වම ඇති වන දුෂ්කරතාවය නිසා ඇති වන මානසික පීඩනය ගැන.. දැංවත් ඒක දාන්න බලන්න ඕන..
ReplyDeleteටිකක් අමුතු මාතෘකාවක්. දේශා ලියන කෙටිකතානම් කොහොමත් ලස්සනයිනේ. ටයිප් කරල දාන්නකෝ ඉතින් අපිටත් කියවන්න. ලියලත් ඉවරයිනෙ. :)
Deleteඔය ඉර ඇන්ටාක්ටිකාවේ හිම පියල්ලක් වෙලා තිබුනාවේ අලුත් ඉරට ආදරේ කරපන්...දැන් වැඩක් නෑ හිම පියල්ල අලුත් ඉරට දෙවැනි... අනාආආආආ ලත්තනයි බස්සියා
ReplyDeleteඉරට ආදරේ නොකර ඉර එලියට ආදරේ කලානම් හරි නේද? මොකද හිතන්නෙ අක්කියා ඒ ගැන.
Deleteමට හිතෙන හැටියට මේ ඉර ගැනම නෙවෙයි වගේ..වෙන විදියකට ගලපගන්නත් පුලුවන්..:D
ReplyDeleteනැතුව, බස්සි ලියන කතා ඕනෙම විදියකට ගලපගන්න පුලුවන් කියල සමහරු කියනව ලු . :D
Deleteඋඹ නම් මහා ඇණයක්...අකීකරු හිත...:(
ReplyDeleteඉරට ආදරය නොකර, හිම වැස්සට ආදරේ කල කෙනෙකුටත් කියන්ට තියෙන්නේ ඔය වගේම කතාවක්.
හිම වැස්ස උනත් ඊළඟ භවයේදි උණුහුමෙන් පිරුණු හිරු කිණිත්තක් වෙන්න පුලුවන් පොඩ්ඩි අක්කෙ. අකීකරු හිතනම් පුදුමාකාර ඇණයක් තමයි.
Deleteමෙලෝ දෙයක් තෙරුණේ නෑනේ ??????? තෙරුණ කෙනෙක් කිව්වා නම් :D :D :D
ReplyDeleteඔය තේරුම් ගත්ත යාලුවො පස්දෙනෙක්ම ඉන්නෙ. අහල බලන්නකෝ.
Deleteමං ලියනවා, ඔයාල වඩාත්ම සුදුසු විදියට ගලපා ගන්න.
ඇත්ත වශයෙන්ම කියනවනම් ඉතා උසස් තත්වයෙ කලා නිර්මාණයක්...
ReplyDeleteමෙවැනි නිර්මාණ කරුවන් ඉතාමත් දුර්ලභයි...හ්ම්ම්ම්ම්ම්ම්....
තෙරුන එකෙක් කියපන්කො මේ ලියල තියෙන්නේ මොකද්ද කියලා...
අයියෝ කල්හාන් හැමදාම බයි කවන්න බෑනෙ. තම තමන් කැමති විදියට අනාගෙන කන්න පුරුදු වෙන්නකො.... :D
Deleteඉර නෑ වෙනස්වෙලා ගීතය මතකෙට ආවා...
ReplyDeleteඇසිය යුතුයි.... ඒ උනාට ඇත්තටම ඉර වෙනස් වෙනවා නේද?
Deleteකවි වගේ දේවල් ගැන මන් දන්නෙ නැති නිසා වෙන්න ඇති මට මේ ඉර ඇදට පේන්නෙ
ReplyDelete:-D
බස්සි කවද්ද රූලට ඔලුව නමාගෙන ඉරි ඇන්දෙ. මගෙ ඉරි කවදත් ඇදයි. :)
Deleteඉර
ReplyDeleteපායයි සියළු සිත්
කොර කර
වෙහෙසයි
මුදුන් වූ කළ
සිසිලයි
සැඳෑ කළ
කුමටද එහෙත්
උණුහුම නැතිව
පයපන්
හෙටත්
ඉර
ඉර
Deleteහෙනම කට්ටක් කාගෙන
දාඩිය මුගුරු දාගෙන
කිරණ රේඛා
උපද්දනකොට
ඈ
පෙම් හසුන් ලියනවා
හීතලම හීතල
හඳ පළුවට
:D
අපිටත් දවසක ඉර පායාදෝ..
ReplyDeleteපායයි පායයි ඔහොම යන්... :P
Deleteමං හිතන්නේ මට තේරුණා....
ReplyDeleteරන්දු ඉතින් ව්‍යංගාර්ථ එක්ස්පර්ට් නෙව. :)
Deleteඉර පායා..... ඉර පායා...... කළුවර හදකට අවපස සඳකට ඉර පායා...
ReplyDeleteඉර පායා... ඉර පායා......අලුත් දවසකට නව මං පෙතකට ඉර පායා.
මැලේට සින්දුත් මතක් වෙලා තියෙන්නෙ. :)
Deleteඑදා මෙදා තුර බිය සැක රැන්දූ
රුදුරු වෙසක් හද තුල නිති ඇන්දූ
අඳුරු තිමිර පට ඉරා දිනින්දූ
සොඳුරු හෙටක් පායයි මන බැන්දූ
ඉර පෑයුවේ නෑ කියලා අපි හිතුවට , අපිට පෙනුනට ඉර ඉන්නව,
ReplyDeleteඋදේටත් ඉන්නවා..
ගිනි මද්දහනෙත්....රාත්‍රියේ ත් ....
කට්ට සිතලෙත් .....එළිය දි දී ...
කොහේ හෝ....
අපිට නැතත් තව කාට කාට හරි එළිය දිදී ඉන්නව ඇති නේද... චපල ඉර :D
Deleteඉර අපි දිහා හැම වෙලේම බලන් ඉන්නවා. අපි නැහැයි කියලා හිතන වෙලාවටත්……
ReplyDeleteඉර හරියට තේරුම් ගත්ත අය අඩුයි හරියට ආදරේ වගේ…
ඉර අපි දිහා බලන් ඉන්නවද? අපි ඉර දිහා බලන් ඉන්නවද?
Deleteඑහෙනම් ඇයි මේ තරම් අඳුරක්?
ඉර අපි දිහා බලන් ඉන්නවනම් කොහොමද හිම මිදෙන්නෙ? :)
ඉර හඳ පායන ලෝකේ
ReplyDeleteආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ …
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළඹේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ …
මචං මේකේ ගිටාර් කෝඩ්ස් ටිකත් දාපං :P
Deleteඔව් ඔව් මං මේ තකහනියක් හොයනව උඹට දෙන්ඩ. :D
Deleteඔය ඉවානයා අහන්නෙ සිංදුවෙ තාලෙට ගිටාර් එකට තට්ටු කරන්නෙ කොහොමද කියල ලු.
DeleteMusic & singin by..Maestro Amaradewa
DeleteLyrics ...Chandrarathna Manawasingha
Film...Sikuru Tharuwa
ගොඩාක් ස්තූතියි අරූ අංකල්.... :D
Delete"හිරු මා දැව්වත්, මා ලද උණුසුම අමතක කරන්න බෑ,,,, "
ReplyDeleteඒ ඉර හිම පියල්ලක් උණා කියල හිතාගන්නවත් බෑ :(
මටත් හිතාගන්න බැරිවුනා ගොලුබෙල්ලෝ
Delete:/
ReplyDeleteඅපි ඉර දිහා බැලුවත් නොබැලුවත් ගණන් ගත්තත් නොගත්තත් කිසි අඩුවක් නැතිව ඉර අපිව ජීවත් කරවනවා. විද්‍යාවට විහිළුවක් උනාට ඉස්සර මිනිස්සුන්ගේ සුර්ය වන්දනාව ඇත්තට නිවැරදි දෙයක්.
ReplyDeleteඉර අපිව ජීවත් කරවනවා. ඇත්ත.:)
Delete// ඉර මියගිහින්!
ReplyDeleteමේ අන්තරාභවයේ ඇන්ටාටිකාවේ හිම පියල්ලක් වෙලා ඉපදිලා…..! //
ඉන්නකොට අගයක් නැති වුනත් ඉර මිය ගියොත් නම් අපිත් නෑ...
ඒක ඇත්ත. නැති දාටයි අගේ දැනෙන්නෙ.
Deleteපික්සු බක්සි
ReplyDeleteමොකක්ද මේ ඉරයි මමයි 1 කියන්නේ ? මේක කොටස් කතාවක්ද?
තව කොටස් ලියවෙයි වගේ ගෙඹිලූශෝ.... එතෝට බලමු.
Deleteහිත හීලෑ නෑ
ReplyDeleteහරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත ඉගිලෙනවා කාෂ්මීරයේ
සුදු හිම කදු අතරේ
මා තනි වෙනවා
පා යුග දවනා නිරුදක වැලි කතරේ
හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි//
මා සැනහෙනවා මා ප්‍රිය ලදකේ
බැදි සැනසුම් සිසිලේ
සිත හිනහෙනවා
මා මගතොටදී දුටු ලද මුවමඩලේ
මොකටද පත්තරයට සෙකන්ඩ් වෙන්නේ ඔන්න මාත් දැම්ම සිංදුවක්. ඔන්න අහන්න ඕනෙනම්
පික්සු බක්සි ---
ඉර එලිය දෙනවා අපි ඉර එලියෙන් නිලංකාර වෙනවා ,අපිට උණුසුම දැනෙනවා ,,අපි ඇස පියාගන්නවා ..අපි හිතනවා ඒ උණුසුම ,එලිය හැමදාම අපි ළඟ කියලා ..... ටික ටික උණුසුම අඩුවෙනකොට , එලිය අඩුවෙනකොට අපි ඇස් ඇරලා බලනවා . ඉර බැහැලා ගිහිං අපි රැවටිලා විතරයි ......
ඇරු ඇරු !!!
Deleteචැහ් . මෙන්න මගෙන් තව එකක් …ෂින්දු නං ෂින්දු !!!!
සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා...
පියමන් කළා දෙදෙනෙක්
සෙවනක් බලා
පැතුමන් බිඳී නිවසක්
ඇත සුන් වෙලා...
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද නැති වෙලා...
අඩෝ ඒවා කොහෙද? හාහ් උඹට සෙකන්ඩ් වෙන්න මම ඔන්න් බලපන්
Deleteමුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා.........
ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යං පෙම් රසෝජාවේ.
රූ සිරු කල්‍යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
තුනු ශ්‍රියෙන් විපුල් වොරැදේ-මනසා නන්ද මන්දෝදරී
හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ-හා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ
හිත හීලෑ නෑ
Deleteපද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - බන්දුල විජේවීර
Anjalin Gunatilaka/ Milton Mallawarachchi
Music...Claraence Wijewardhana
Film..Apeksha
එඩ්වඩ් ජයකොඩි ගැයු මුව මුක්තා ලතා ගීතය ලිව්වේ සහ සංගීතය කලේ කවුද කියා දන්න කෙනෙක් දාන්න.
සඳ තනිවෙලා අහසේ
Deleteහිරු තනිවෙලා/////////
Anjalin Gunatilaka/ Milton Mallawarachchi
Music...Claraence Wijewardhana
Film..Apeksha
//මුව මුක්තා ලතා පිපි හංසාගනා// මං ආ.....සම සින්දුවක්!!
Deleteස්තූතියි අරූ අංකල්.... ඇත්තටම ගීතයක් පල කරනකොට එහි නිර්මාණකරුවන්ව සඳහන් කරන එක ගොඩක් වටිනවා.... (කොහෙද ඉතින් ගෙඹිස්ටයි පත්තරස්ටයි ඔවුවා මතක් වෙද්දි බැරියැ. :P)
Deleteඅහා ඔන්න මාත් සින්දුවක් දැම්මලු ඉතින්.... :D
Deleteඅහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි...
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි...
ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ..
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා...
අහසයි ඔබ මට..//
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි..
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි...
අහසයි ඔබ මට.. //
ගායනය - සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
බොහොම ස්තූතියි බස්C.....මේ නිර්මාන කරුවන්ට අපිට කරන්න පුළුවන් එකම සැලකීම තමයි, තව විනාඩියක් කාලය යොදවා අඩුම වශයෙන් ඔවුන්ගේ නමවත් සඳහන් කිරීම. කොහේ හරි තැනක ''පද රචනය.....බස්C''....කියලා සඳහන් වෙනකොට ඇතිවෙන සියුම් සතුට හරි වටිනවා.
Deleteඉර ඉර වගේ
ReplyDeleteෂද ෂද වගේ
අපි අපි වගේ...
උං උං වගේ...
නැද්ද මං අහන්නෙ
ඒක නේන්නම්... :P
Deleteඉඅප්දුනු කාටත් මියැදෙන්න වෙනවනේ. ඉරත් එහෙමයි.
ReplyDeleteහැබැයි ඉර මියගියදාට අපිත් ඉවරයි නේද
Deleteඉරට පිච්චුනත්....... ඉර තමි.ඕන.... සීතලේ වෙව්ලනවට වඩා..... ඉරට පිච්චෙන එක සැපයි නේද...... බස්සියෝ.....ලස්සනයි කතාව...... ඔයාගේ කතා එකිනෙකට වෙනස්...... විශේෂත්වය එක......
ReplyDeleteඒක ඇත්ත නිහිංසා.... ඉරට පිච්චෙන එකත් සහනයක්.
Deleteඉර... මම නම් මොන තරම් අවුව සැර උනත් ඉරට බනින්නේ නෑ.. අනික මමත් ආසයි අව්වේ යන්න.. කළු වෙයි කියල බයක් නෑ මට නම්... ඕව විකාර කතා.. ඇත්තෙන්ම මූසල වැහිබර දවස් වලට වඩා මමත් කැමතියි දීප්තිමත් දවස් වලට..
ReplyDeleteඔන්න විචාරක අඩවියෙන් තමා පාර බලාගත්තේ.. දිගටම මෙහෙ එනෝ.. පීරිසිය බාන්න තැනක් සෙට් කරලා තියන්න වේවි.
සාදරයෙන් පිළිගන්නවා අඟහරුවාව මේ පලාතට. බ්ලොග් ලෝකෙ ඉතාම ප්‍රසිද්ධ ඇත්තෙක් බව එදා අවුරුදු උත්සවේදි අඟහරුවාට තිවුනු පිළිගැනීමෙන් තේරුනාලු හොඳේ.... :)
Deleteඑහෙනම් ඔය හෝම් පේජ් එකෙම කෙරෝලක පීරිසිය පාර්ක් කරලා එන්නකෝ...
අනේ අපි නම් එච්චර පොරසිද්ධ නෑ ආයිබෝවන්ට.. අපි ඉතින් පරසක්වල මිනිස්සුනේ.. එහාට වැඩියෙන්ම අව්ව සැර දවස් වලටත් තියන්නේ ඔයාලගේ ලෝකේ උදේ 10ට වගේ තියන අව්වක්..
Deleteඑහේ ගොඩක් කෝච්චිත් තියනවලු නේ?
Deleteඈ.....හ්හ් ඉර මැරිලද බස්සි?? ම්ම්ම් අනේ මන්දා මේක මට තෙරුන දේමද ඔයා හිතුවෙත් ... කමක් නෑ කැමති දෙයක් හිතාගන්න බස්සි ඉඩ දෙනවනේ :)
ReplyDeleteඔව් ඔව්. කැමති දෙයක් හිතාගන්න ඉඩ දෙනවා, අද පෝස්ට් එකෙන් අච්චුව විතරයි දුන්නෙ. ෆිලර් එක ඔයාල කැමති විදියට හොඳේ
Deleteඅපේ හිත් වෙනස්වෙන විදිහට ඉරත් වෙනස් වෙන්න ගත්තොත් ගමයි, රටයි, ලොවයි තුනම ඊටින් නේද බස්C
ReplyDeleteඒකනම් ඇත්ත. හිත වෙනස් වෙන වේගයෙන් ඉරත් වෙනස් වුනානම්..... එහෙම නොවෙන එකත් අවුල්ද මන්දා වෙලාවකට.
Deleteඉර නැති ලෝකේ ජීවයක් පවතින්නේ නැහැ වගේ යශෝ ආදරයක්,ප්‍රේමයක් නැති ලෝකෙකත් ජීවයක් පවතින්නේ නැහැ.
ReplyDeleteප්‍රේමය නිසා මියෙන මිනිස්සු එදාත් හිටියා,අදත් ඉන්නවා,ඉදිරියටත් ඕනේ තරම් ඉඳීවි.වැදගත්ම දේ කොයි තරම් අය ප්‍රේමයේ නාමයෙන් මියැදුනත් ප්‍රේමය මියයන්නේ නැති එකයි.ඉර නිසා චර්ම පිළිකා හැදේවි.එත් ඉර නැතිව ඉන්න බැහැ.
//ඉර නිසා චර්ම පිළිකා හැදේවි.එත් ඉර නැතිව ඉන්න බැහැ.//
Deleteසහතික ඇත්ත මනෝ
බස්සි, මට ලොකු විචාරයක් කරන්න දන්නේ නැහැ. මම රස වින්දා එල ද බ්‍රා.
ReplyDeleteතැන්කූ සංජීව
Deleteමියෙන්නේ හිරු නම්
ReplyDeleteමමය ඒ මියෙන්නේ
හිරුම නොව ඔබ නම්
ඒද මා මය මියෙන්නේ
ලස්සන වචන ටික නංගා
Delete