Monday, July 21, 2014

~ අරුන්දතී ~









අරුන්දතී,

ඔව්.
උඹ කෙල්ලෙක්. 
ගමෙන් නගරෙට ආපු කෙල්ලෙක්.
කැම්පස් ආපු කෙල්ලෙක්.


මාස තුන හතරක වෙලේ හිට,
නිතර නුඹ මා ඇමතුවා.
කඳුලු හිරවුනු පෙම් කතාවක්,
උඹට ඇති බව පැවසුවා.

මගෙ බැචෙක් ඌ – උඹත් එහෙමයි
මෙතෙක් කල් මං ඉවසුවා
සද්ද නොකරම – මැද්දෙ ඉඳගෙන
හිත හැදන්නට තැතනුවා....


අරුන්දතී,

උපාධියකින්,
විෂය දැනුමෙන්,
ඔලුගෙඩිය බර වුන පමණකින්,
හතර වරිගෙම
එතෙර කරන්න
බෑ මචං.

පොළවෙ දෙපයම තියල බලපං
හොඳට ඇහිපිය ඇරල බලපං
මම කියාපුව උඹම දැකපං


මලට බඹරුන් ඇදී ආවට – උන්ගෙ වරදක් නෑනෙ බං
උඹෙත් වරදක් නෑ මචං.
මාස ගානක් එකම මල වට
රැඳුන එකමත් මදිද බං
අපිත් ඉඳගෙන – එපා වෙනකම්
ඌව මැඩවෙව්වා මචං
උඹත් දන්නව – ඒව ඉවසං
කට්ට කෑවා ඇති තරං


අන්තිමේ උඹ අවුට් වෙන්නට 
ඔන්න මෙන්නැයි උන් වෙලාවේ
අහපු ගමනින්, නොහිතු විලසට, 
ආදරේ දුන්නලු මචං

නෝක්කාඩුත්, නීති රීතිත්, 
සති දෙකෙන් පැනවුන වෙලාවේ
හුස්ම හිරවෙන්නට කලින් ඌ 
උඹෙන් සමුගත්තලු මචං


අනිත් අයටත් පේන්නට මෙය ලියන්නම උඹ කියනවා
ඉතින් මං මේ ලියනවා
ලියල අහවර උන නිසා මම තව කතාවක් කියනවා
උඹට අහගෙන ඉන්න හැකිනම්
මේ ටිකත් හරි වටිනවා


උඹ දැකලවත් තියෙනවද අරුන්දතී,
ප්‍රොජෙක්ට් එක මැද,
පුංචි පැටියෙක්,
කුසේ දැරුවා අපේ එකියක්!

වෙන එකෙක්ගේ අඩුව කාලා
ඉතිරියට ටැප් වතුර බොන උන්!
මහපොළෙන් මව්පියො රකින උන්!
ඒ අපේ උන්!

ඉගෙන ගන්නට කාසි නැති තැන
එකම කුඹුරත් තියා උගසට
සින්න උන කුඹුරේම අඳයට
වැඩ කලා ඉස්සර එකෙක්! 
අපේ එකෙක්!


පියෙක් නොමැතිව පුතෙක් රකිමින්
ලෙක්චර්ස් යන එන ගමන්
ඒත් අපේ උන්!



සමාසිකයක් අගේ පෙන්නා
හද විවර කර සති දෙකෙන්
මෝඩ බඹරා යන්න ගිහිනුත්
වසරකට කිට්ටුයිනෙ දැන්


පොළවෙ දෙපයම තියල බලපං
හොඳට ඇහිපිය ඇරල බලපං
උඹම විඳපං - උඹම දැකපං





""කඳුලු තියෙන්නෙ පරිස්සමට ඇහේ තියාගෙන ඉන්න නෙමෙයි.
කඳුලට ඇස් කෙවෙනි වලින් එලියට 
කාන්දු වෙන්න ඉඩදෙන්න.
දූවිලි, විශබීජ සේරම එලියට ගලාගෙන ගියාම
උඹට පාර පෙනේවි ලස්සනට.
මේ වංගුවක් විතරයි අරුන්දතී
අවසානය තව බොහොම දුරයි.""



126 comments:

  1. හිතට වැදුණා...

    //උඹ දැකලවත් තියෙනවද අරුන්දතී,
    ප්‍රොජෙක්ට් එක මැද,
    පුංචි පැටියෙක්,
    කුසේ දැරුවා අපේ එකියක්!

    වෙන එකෙක්ගේ අඩුව කාලා
    ඉතිරියට ටැප් වතුර බොන උන්!
    මහපොළෙන් මව්පියො රකින උන්!
    ඒ අපේ උන්!// ++++++++++++++++++++++++++++++
    ඇත්ත කතාවක් ඇසුරෙන් ලියවුණා දෝ කියලත් හිතුණා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නිසා තමයි කුරුට්ටියෝ මේක ලියැවුනේ. දැන් මේක ලියල ටික කාලයක් වෙනව. දාන්නද එපාද කියල හිත හිත ඉන්නකොට අද එකපාරටම හිතුන ඔන්නොහෙ පබ්ලිෂ් කරල දානව කියල

      Delete
  2. හ්ම්....

    \\පොළවෙ දෙපයම තියල බලපං
    හොඳට ඇහිපිය ඇරල බලපං
    උඹම විඳපං - උඹම දැකපං\\

    ReplyDelete
    Replies
    1. පොළවට උඩින් ඇවිදලා බිම වැටුනම රිදෙනව වැඩියි. නැගිටින්න අමාරුයි.

      Delete
  3. දුක හිතෙන පෝස්ට් එකක් බස්සි...
    ගොඩක් දේවල් කියන්න තිබුණත් කියන් නෑ.. මං හිතන්නේ බස්සි මෙයිට කලිනුත් මේ වගේ පෝස්ට් එකක් ලියල තිබුණා.. දහසකුත් කම්කටොළු මැද ජීවිතේ ජයගන්න වෙහෙසෙන දිරිය දියණියන්, කාන්තාවන් තාමත් අපි අතර ඉන්නවා..

    ඔය මාතෘකාව ගැන විදානේත් පොඩි කථාවක් ලියල තිබුණා...
    http://cvpsur.blogspot.com/2014_04_01_archive.html?

    ReplyDelete
    Replies
    1. කවිය කියෙව්වට ලින්ක් එකට ගියේ දැං තැන්කිව් බස්සි..

      Delete
    2. මටත් විදානෙගෙ පොස්ට් එක මතක් වුනා.බස්සිම දාලතියෙනවනේ

      Delete
    3. අයියූ විදානෙයට වර්ණාන්ධතාව. ඔයාගෙ පෝස්ට් එකට යන ලින්ක් එක නිල් පාටම කරල දාල තියෙන්නෙ. ඒක මම ඊයෙ ආයෙම වතාවක් කියෙවුව. කියවන හැම වතාවකම ඇහැට කඳුලක් ගේන කතාවක්.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හම්මේ ඉතින් පට්ට කියලා යන්නම් ඈ.....උඹ ලියන ඒවා කවදත් රහයි පණු බස්සි

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි කිඹුල් ශානු අක්කියා....
      (උඹ මේ පණු නමක් බෞතීස්ම කරලා මෙතන. අහුවෙයම්කෝ)

      Delete
  6. පණු බස්සි මේවා එපෝ අර කලිම් එක වගේ එල කොටස් කාතාවක් ලියපාම් ඉක්මනට

    ReplyDelete
    Replies
    1. බොරලු ඔයා වැරදිලා ඇත්ත නමෙන් ඇවිත් මාමි. හලි සෝයි.
      අහෝ ඛේදයකි. කතා ලියන්න මූඩ් එක සහ නිදහස නැත.

      Delete
  7. අපේ කතා උන්ගේ කතා මේ හැම කතාවකම සැඟවුණු ආර්ථික දේශපාලනික කතාවක් තියනවා...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ෂැගියෝ.....

      Delete
  8. ඇතුලතින් කියන්නේ ලොකු කතාවක් නේද? ඇත්තටම වෙන දෙවල් නේ ඉතින්.
    අපිත් එක්ක උපාධිය ගන්න අවා ළමයි පස්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. බොහොම අමරුවෙන් ගොඩ දාගත්තා විභාග දෙකක්. තුන නම් මඟ ඉතින් තාම...

    ReplyDelete
    Replies
    1. මේ තියන කතා සේරම ඇත්ත කතා සිහින.

      "අඩු කනවා" කියන්නෙ බත් එකක් අරන් කාල තව මදිනම් රුපියල් දහයකට අර පිඟානටම බතුයි හොදි ටිකකුයි බෙදවගෙන කන්න පුලුවන්. සමහර ළමයි උන්නා කෙනෙක් කාල ඉවර උනාම ඉඳුල් පිඟාන ඉල්ලගෙන ගිහින් අර රුපියල් දහයට දෙන හොදියි බතුයි ටික කාල මදිපාඩුවට වතුර බීල ඉගෙන ගත්තු ළමයි.

      කඩෙන් ගන්න උපාධි කියලත් මහලොකු වෙනසක් නෑ අපිත් එක්ක ස්ට්‍රැටර්ජික් ලෙවල් කරන්න ක්ලාස් ආව පොඩි ළමයි දෙන්නෙක් ඉන්න ගැබිනි මවක්. එයාගෙ ඩිලිවරි එක තිබුනෙ එක්සෑම් තියෙන සතියෙමයි. ඒත් පේපර්ස් තුනම ලිවුව කොහොමහරි. එයත් තිබුන අමාරුම පේපර් එක ගොඩ දා ගත්ත කොහොමහරි.

      Delete
  9. මෙතන කීප දෙනෙකුගේ ඇත්තම අත්දැකීම් වෙන්නැති තීයෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒත් එහෙම වෙලත් අරමුණ අමතක කරන උන් කොච්චර ඉන්නවද.

    ඔව්. කඳුළු ටිකක් ගියාම පාර පේන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම අත්දැකීම්. සිදුවිම් දෙකක් මම සිහිනට දාපු උඩින් තියන කමෙන්ට් එකෙත් කිවුවා ඩූඩ්, ඇත්තටම ජීවිතේ ඉස්සරහට ගෙනියගන්න පුදුම කට්ටක් කන මිනිස්සු ඉන්නවා. ඒව පේන්නනම් මහ පොළවට පයගහල බලන්න ඕන.

      තව ළමයෙක් හිටියා එයාට උගන්නන්න තාත්ත කුඹුර උගස් තියල සින්න වෙලා. ඉතින් එයා ලෙක්චර්ස් එන්නෙ නෑ තාත්ත එක්ක එයාලට අයිති වෙලා තිබුන කුඹුරෙ අඳයට වැඩ කරන්න යනවා.

      අපේ බැච් එකේ හිටපු දක්ෂම ළමයෙක් එහෙම අයින් උනා එයාට නම් බෑන්ක් එකක රස්සාවක් ලැබිලා. මම දවසක් කතා කලා ආය කැම්පස් එන්න කියන්න. එයා කිවුවෙ "මම ඩිග්‍රි කරල රස්සා හොයාගන්නකොට මගෙ ගෙදර මිනිස්සු බඩගින්නෙ මැරිල වලලපු තැන්වල ගසුත් පැලවෙලා තියේවි" කියල.

      Delete
  10. හොඳටම දැණුනා...
    අරුන්දතී කිව්වාම සින්දුවකුත් මතක් වුණා..
    http://fmderana.lk/Arundathi

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව හැමෝටම මතක් වෙලා නේ... ස්තූතියි සංචාරකයෝ....

      Delete
  11. අහන්න දෙයක් නෑ මේක ඇත්ත කතාවක් කියලා දැනෙනවා.. මන්දා, කාලයත් එක්ක සමහරුනට අරමුණු අමතක වෙනවා.. දුක් විදින ජීවිතත් අමතක වෙන වෙලාවලුත් තියෙනවා.. ඔය ඔක්කොම අස්සේ අළු ගසා දාලා නැඟිටින්න වෙන කාලෙකුත් එනවා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් කවිය ලියැවුනෙත් ඇත්ත කතාවක් හින්දා, කවිය පුරාම තියෙන්නෙත් ඇත්තම කතා දිනේෂ් අයියේ. සමහරු දුක දැකලා විඳලා නැති වුනාම හිතෙන් කඩන් වැටිලා නිරපරාදෙ ජීවිතේ නාස්ති කර ගන්නව. පොඩ්ඩක් ඇස් ඇරලා අනිත් මිනිස්සු ජීවිතේ ගෙනියන්න විඳින දුක් දැක්කාම අපිට තියන ප්‍රශ්ණ මොනවද කියල හිතෙනවා.

      Delete
  12. ඉතාමත් ඉහලයි.......
    සිත ඇතුලට කිදා බහින්න ලිවිල්ල විශිෂ්ටයි'''''''! .....................................

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කෙන්ජයියේ......

      Delete
  13. හොඳ උපදේසයක් බස්C. විදානෙගේ පොඩ්ඩිවත් ඈඳ ගත්ත එක ලොකු දෙයක්. ඒ පොඩ්ඩි මාව හඬවපු චරිතයක්.

    ReplyDelete
    Replies
    1. විදානෙගෙ පොඩ්ඩි අදහන්න වටින චරිතයක්. ඒ වගේ චරිත ගැන බ්ලොග් අවකාශයේ හරි විදානේ සටහනක් තබාපු එකත් ලොකු දෙයක්.

      Delete
  14. තරු අරුන්දතී . නෙතු පහන් නිවා දුර නිසොල්මනේ හිඳිනා කිව්වලු :p :p :p

    ReplyDelete
    Replies
    1. තරු අරුන්දතී නෙතු පහන් නිවා
      දුර නිසොල්මනේ හිඳිනා....
      මඟ වනස්පති ලිය ලදල්ලකින්
      පිණි පොදක් සෙමෙන් සලනා

      ඔබ සැමරුම් වැල් කවුළුව මානේ
      කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා...
      අළුත් මලින් පිරි වනෝද්‍යානේ
      සැඳෑ ‍බොල් හුළ‍ඟේ
      මට තනියක් දැනුණා

      තරු අරුන්දතී නෙතු පහන් නිවා
      දුර නිසොල්මනේ හිඳිනා....
      ඔබ කවුළු පියන් හැර පාන්දරින්
      කොයි ගියේද මට සිතුණා

      වැලපෙන මා හද කැටපත් පවුරේ
      හංස ගීතය ලියැවෙන දා.....
      පළමු අරුණු රන් රේඛාවක් සේ
      ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

      පිපි මලින් මලේ රොන් සුනු විසිරී
      හද දිදී සුසුම් රඟනා.....
      ඔබ කවුළු පියන් හැර පාන්දරින්
      කොයි ගියේද මට සිතුණා

      කොයි ගියේද මට සිතුණා....//


      ඩබ්ලිව්. ඩී. අමරදේව...

      (පද රචනය හොයාගන්න බැරි උනා අරූ අයියේ)
      http://geepadura.blogspot.com/2010/11/blog-post_8602.html

      Delete
    2. අරූ අයියේ හොයා ගත්තා (පත්තරේ පහල දාල තියනවා කාටත් හොරෙන් අරන් ආවා)

      පද - අජන්තා රණසිංහ
      තනුව - ස්ටැන්ලි පීරිස්
      ගායනය - ඩබ් අමරදේව

      Delete
    3. පත්තර මල්ලීට වැඩි වැඩියෙන් ලැබේවා (සංගීත සහ පදරචනා)

      Delete
    4. පත්තර මල්ලිට ජයවේවා !!!!

      Delete
    5. වයලිනෝ... මේ සින්දු මල්ලි එක්ක ඔයාට සින්දුවක පද දෙකක් විතරක් දාල බේරෙන්න ලැබෙන්නෙ නෑල්ලු.

      Delete
    6. අරූ අයියාගේ උපදෙස පිලිපදින හොඳ මල්ලිලා ටිකක්. සිරාවටම ඒ කොටස ගීතයත් එක්ක පබ්ලිශ් කරන එක වටිනවා.

      Delete
  15. දැනට කියෙව්වෙමි
    දුක්වෙන්න පසුව එමි
    "මෝඩ බඹරා" කියා කිවේ
    ඉවාන්ට නොවේ යැයි සිතමි

    ReplyDelete
    Replies
    1. මොකක් යකෝ ... තෝ එල්ලුම් ගහේ බැඳලා පොල්ලෙන් ගහන්න එපැයි බොල. මේ කරන අපහාස වලට

      Delete
    2. ඉවාන්ගේ තවත් සමාජ සත්කාරයක් !!!!!

      ඕ යේස්.

      Delete
    3. //මෝඩ බඹරා" කියා කිවේ
      ඉවාන්ට නොවේ යැයි සිතමි//

      සිතුවිල්ල වැරැදිය සබඳ..

      Delete
    4. මෝඩයා කිසි දිනක තමා මෝඩයෙකු බව පිලි නොගනී.. අපි බඹරා විතරක් කියමු.. !!!

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. නෑ නෑ... "ලප බඹරා" කියමු. ඒක තමා ගැලපෙන්නේ. එහෙමත් නැත්තන් බඹර ලුෂා, (හොද වැඩිද මන්දා)

      Delete
    7. මැලෙ උබට හැමදාම වරදිනව නේ.

      Delete
    8. ලප බඹරා හොඳා :D හුරතල් නං පොඩ්ඩ

      Delete
    9. මදැයි. මැලයා අදත් නාගෙන. ඉවාන් කොහෙද බඹරා? බඹරා කුංෆු අජන්ත නේ. ඉවාන් තමයි ඩයනගෙ සිකුරිටි. :P

      Delete
  16. සුපිරි... මේක ප්‍රින්ට් කරලා, ලංකාවෙ ඔක්කෝම කෙල්ලන්ට දුන්නා නම් හරි..

    ReplyDelete
    Replies
    1. පොටෝකොපි මැෂීන් එකක් ගන්නඕන ණයක් වෙලාහරි...

      Delete
    2. බෙදන එක මං කරන්නං.. එකෙක් එන්නෙපා ඒකට …

      Delete
    3. අඩෝ පත්තරේ ඒම කරන්න එපා බන්.

      Delete
    4. එහෙනං මං දුන්නා කියල උඹ දීපං :D

      Delete
    5. එතකොට නම්බර් එක එහෙම ගන්නවැයි..

      Delete
    6. ඔය ෆේස්බුක්/වයිබර්/ස්කයිප් වලින් වර්චුවලි ලව් කරලා සාරි හයියද බලන කෙල්ලො කවි කොළ කියවයිද ප්‍රින්ට් කරල අතට දුන්නට?

      Delete
  17. මේ වංගුවක් විතරයි අරුන්දතී
    අවසානය තව බොහොම දුරයි.""///

    මට බොක්කටම වැදුණ...
    කවිය සුපිරි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්!!

      Delete
  18. මචං කොල්ලව වාත කරලා වාත කරලා හා කිව්වම ඌටත් මල පනින්න ඇති . මොකෝ පීචං වෙනවා කියන එකෙත් සීමාවක් තියෙනවනේ. සමහර වෙලාවට කෙල්ලෝ හිතනවා කොල්ලව පීචන් කරපු තරමට ඌ ආදරේ වැඩිවෙයි කියලා . හැබැයි අන්තිමට වැඳලා වැඳලා එපා වුනු දවසට සොරි.com තමා
    එදාට

    සඳළුතලේ හිඳ පෙරමග බලනා මානවිකාවිය
    ඔබට කියන වගනම්
    ඔබ ගෙන යන්නට සහ පිරිවර හා මා එන්නේ නැත
    රන් දෝලාවෙන් නම්

    ReplyDelete
    Replies
    1. උඹ පරිස්සං කරල ගෙඩිය පිටිං අජන්තට දුන්නට අනිත් උං එහෙම මෝඩ නෑ බං.

      Delete
    2. මාත් සිංදුවට නං ආසයි. දාපු එකා නෙවැ අප්ෂැට් !!

      Delete
    3. පත්තරේ මොකෝ කියන්නේ, ෂින්දුව දාපු එකාට දෙමුද ගල්කටස් එකකින් කුඩු වෙන්නම.....!!!!!

      Delete
    4. දෙමු දෙමු. මම එක පයිං !! ඕ යේස්.

      Delete
    5. අනේ ගල්කටස් මොකටද සීනි ටිකක් දාමු කූඹි කාල මැරෙන්න..

      Delete
    6. කැමතියි කියන්න උඹ ඩයනගෙන් ඇහැවුව එකක්යැ. සිකුරිටිකම් කලා මිසක්ක.
      අඩුගානෙ සුරංගාගෙන්වත් ඇහැවුවයැ. කුකුල් කොටුව දැක්ක ගමන් පණ කකුල් දෙකට පවරල ගෙදර දුවලනෙ. :

      ඇත්ත තමයි මචෝ.... ඒ උනාට ලංකාවෙ සමහර කොල්ලන්ට කෙල්ලො පස්සෙන් ගිහින් වාත වෙන එක මාර ආඩම්බරයක්. එහෙම නැතුව වා නම් වා පෝ නම් පෝ කියල කෙලින් කතා කරන කෙල්ලොන්ව දිරවන්නෙ නෑ. වාසනාවට කැම්පස් වල නම් ඔය තත්වෙ අඩුයි. අනික කැමති නෑ ඕයි වද නොදී යමන් කියල කෙලින් කිවුවමත් ඒ බොරු කියල හිතාගෙන වාත වෙන්න එන කොල්ලොත් ඉන්නවනෙ.

      Delete
    7. ///මචං කොල්ලව වාත කරලා වාත කරලා හා කිව්වම ඌටත් මල පනින්න ඇති . මොකෝ පීචං වෙනවා කියන එකෙත් සීමාවක් තියෙනවනේ. සමහර වෙලාවට කෙල්ලෝ හිතනවා කොල්ලව පීචන් කරපු තරමට ඌ ආදරේ වැඩිවෙයි කියලා . හැබැයි අන්තිමට වැඳලා වැඳලා එපා වුනු දවසට සොරි.com තමා ///

      මට මකාර් චුද්‍ර මතක් උනා.

      Delete
    8. "මං අද රෑ මගේ හදවත ඇතුළ හොඳට බැලුවා. නමුත් මගේ පුරුදු සැහැල්ලු ජීවිතයට ඉඩක් දැක්කේ නෑ. රද්දමයි හැමතැනම සිටින්නේ.... එච්චරයි! ලස්සන රද්දා රැජිනියක වගේ හිනැහෙමින් එතැන සිටිනවා..

      ඇය මට වඩා ඇගේ නිදහසට ආලය කරනවා. මම මගේ නිදහසට වඩා ඇයට ආලය කරනවා. ඒක නිසා ඇය මට කිව්වා වගේ ඇයට මගේ දණ නමන්න මං තීරණය කර ගත්තා!

      එතකොට ඇගේ සුන්දර කටෙන් නිර්භීත ලොයිකෝ ජය ගත්තු විදිය ඔක්කොටම පෙනේවි."

      ~ලොයිකෝ සෝබර්~


      ලොයිකෝ මාව පිස්සු වට්ටාපු චරිතයක්!

      Delete
  19. මොන කෙහෙල් පුෂ්පෙකට මේවා ලියලා හංඟලා තියන් ඉන්නවද බොල බස්සියෙ.

    පට්ටයි බොල සුපිරියි.

    ඇත්තටම හැඬුවම, යන්න ඕන පාර අපිටම පේනවා. කඳුළු වලට වැට බැදලා හිර කරගත්තම දුක වැඩි වෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. දුක වැඩි තරමට කදුළු හෙලන්නට 
      නෙත තවමත් විවර වෙලා …

      Delete
    2. කඳුළු දෙන්න මට හඬන්න…
      'කැළණි ඟගම' ගොඩ ගලන්න…

      :'( :'( :'( :'(

      Delete
    3. ඇයි පාරු පදින්නද

      Delete
    4. අඬන්න එපා බං, බාගයක් ගහල නිදාගනිං අපි වගේ.. ප්‍රස්න කොහෙං ගියාද නෑ. ඕ යේස්. ගහනවනං ගල් ගහපං ඈ..

      Delete
    5. සියරට දේ සිරි සැප ද මොකක්ද එකක් දේ....! :D

      Delete
    6. /සියරට දේ සිරි සැප ද මොකක්ද එකක් දේ/
      ඔන්න ඔහොම කියලා වෙබ් අඩවියක් තිබුණා.. අමාත්‍යාංශයෙන් ඒක තහනං කළා සැහ්

      Delete
    7. ඇත්ත කතාවක් නිසයි පබ්ලිශ් කරන්න නිකම් මොකද්ද මොකද්ද වගේ හිතුනෙ ප්‍රියෝ....

      Delete
  20. ආයෙ මක්කද මගෙ බොක්කෙන්ම සුභපැතුම මචෝ.. කෝකටත් ඉතිං සීමාවක් එපැ !!

    ReplyDelete
    Replies
    1. හැබැයි තොට ගේම දෙන එකනම් සීමාවක් නැතුව තමයි මං කරන්නේ

      Delete
    2. ඔව් ඔව් හොඳට පාර්සල් කරලා බෑග් එකක දාලා බොහෝ පරිස්සමට නේද දෙන්නේ..

      Delete
    3. ඉවාන්

      කට්ට කාල දාගත්ත කෙල්ල යාලු
      ආයෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු …

      බුහා හා … හා … අන්න අජන්ත උඹට එන්ඩ කිව්වා ට්‍රේල් බයික්කෙ හෝදන්න.

      Delete
    4. විදානේ එහෙම දෙන්නේ ..බලුප් නේ බං

      Delete
    5. //අන්න අජන්ත උඹට එන්ඩ කිව්වා ට්‍රේල් බයික්කෙ හෝදන්න.//
      අයියෝ... ලපයා... විලිලැජ්ජාවේ බෑ...!

      Delete
    6. ඉතිං ඉවාන් ඩයනා බලුප් එකක් වගේ පරිස්සං කරැයි..?

      Delete
    7. මක් කියනවද විදානෙ.. පලුප් එක පැකිං පිට.. !!

      Delete
    8. තැන්කුයි පත්තරේ.... ඒකනෙ, චාටර් කෑමෙත් සීමාවක් තියෙන්නෙපෑ කියල හිතන්නැති ඒ කොල්ල.

      Delete
    9. පව් අප්පා මේ ඉවානයා ක්‍රස් කතා ලියල අහගන්න එවුවා. ඕවට තමයි ආස්කින් ඇන්ඩ් ඊටින් කියන්නෙ.

      ඉතින් අජන්තගෙ බයික්කෙක හොඳට හෝදල දුන්නැයි?

      Delete
    10. //අන්න අජන්ත උඹට එන්ඩ කිව්වා ට්‍රේල් බයික්කෙ හෝදන්න.//

      +++++++++++

      Delete
    11. විදානෙ නම් බලුප් එකක් වික්කත් නොම්බරේ ඉල්ලගන්නවලු. විදානේ ඔවුවා ඉවානයටත් පුරුදු කරන්නද යන්නෙ?

      Delete
  21. ඇත්ත... තද කරගෙන ඉන්නෙ නැතුව ඇති වෙන්න ඇඬුවට පස්සෙ කරන්න ඕනෙ දේ පැහැදිලි වෙනව... හිතට ශක්තිය එනව...

    (හැබැයි ඔලුවෙ කැක්කුමට පැනඩෝල් දෙකක් වත් ඕනෙ වෙනව... හි හි..)

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අඬල හිත හදාගන්න හදපු කථාවක් මෙතැන තියනවා...

      http://cvpsur.blogspot.com/2014/07/blog-post_16.html

      Delete
    2. විදානෙගෙ කතාවත් දැන් කියෙව්වෙ... ඔහොම ඒවා නං කියලා වැඩක් නෑ අප්ප.. කෙල්ලෙක්ගෙ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳල පාවිච්චි කරන්න දඟලන උන් ඉන්නෙ... අර නමට හරි මිනිහෙක් ඉන්න ඕනෙ කියන්නෙ මේ හින්ද තමයි... මගෙත් තියෙනව නම්බරයක් එන්නෙම රොන්ග් නම්බර් කෝල්.. එක පාරක් දෙපාරක් කිව්වට පස්සෙත් කොල් කරනකොට අපෙ උන්දැ ගෙදර නැති උනොත් තාත්තට හරි ගිහින්‌ දෙනව ෆොන් එකට ආන්සර් කරන්න කියල... කවුරුහරි පිරිමියෙක් කතා කරපු ගමන් අර හොයපු නම්බර්, වැරදි නම්බර් කතා ඔක්කොම ඉවරයි... ශිෂ්‍යත්වෙට ක්ලාස් යනව වගේ, මානසික අසහනකාරයන්ව අඳුරගන්න වෙනම පාඨමාලා තියන්න වෙනව එක වසරෙ ඉඳල දැං...

      Delete
    3. ඒක ඇත්ත හිරු අක්කෙ. කඳුලත් උවමනා වෙන වෙලාවල් නැතුවාම නෙමෙයි.

      Delete
    4. බ්ලොක් කරල දාන්න අනේ.... රෝන්ග් නම්බර් හොයන උන්නම් මල වදයක් තමයි.

      Delete
  22. Replies
    1. අම්මට සිරි මූ ඉංගිරිසියෙනුත් කොමෙන්ටු කොටනවා යකෝ... අප්පා කවුද බං ආතර් කියන්නේ :D :P

      Delete
    2. අජන්තගේ යාළුවෙක්..

      Delete
    3. උගේ යාලුවා විදානේ නේ

      Delete
    4. යකෝ ආතර් කියන්නේ ඉතාලියේ ඉන්න රජෙක්

      Delete
    5. එතකොට අර වෙල් ෆැන්ටා පෙරාපු ආතර් මාමා ගැන නෙවෙයිද උබලා මේ කියන්නේ...????? :-\

      Delete
    6. අර "මර්ලින්" එකේ ඉන්න ඩෑල් එකත් "ආතර්" නේද?

      Delete
    7. ඔව් ඔව් .. ආතර් කොනන්ඩොයිල්. තොපිට දැං තේරුනැයි ?? අර ගම්පෙරලිය ලීවෙ .. ආං එයා !!!

      Delete
    8. ආ ඔව් ඔව් "ගම්පෙරලිය" කියන රහස් පරීක්ෂක කථාව ලිව්වේ එයා තමයි..

      Delete
    9. තරු අරුන්දතී කියලා බ්ලොග් එකකුත් තියනවා

      Delete
    10. කවුද යකෝව් මගේ බ්ලොගේ දාපු කමෙන්ට් මට හොරෙන් රිමූව් කොරන ආතර්? කොහෙ චණ්ඩියෙක්ද ඒ! අපිට ආතර් රජ්ජුරුවොත් එකයි, ආතර් කොනන් ඩොයිලුත් එකයි අරී!!!

      Delete
    11. ස්තුතියි තිසර අයියේ ඒ බ්ලොග් එක මීට කලින් කියවලා තිබුනෙ නැහැ.

      Delete
  23. තරු අරුන්දතී නෙතු පහන් නිවා
    නුඹ නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පතී ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා…

    පද - අජන්තා රණසිංහ
    තනුව - ස්ටැන්ලි පීරිස්
    ගායනය - ඩබ් අමරදේව

    ReplyDelete
    Replies
    1. මං මේක කොපි කලේ නෑ..

      Delete
    2. පත්තර මල්ලීට වැඩි වැඩියෙන් ලැබේවා (සංගීත සහ පදරචනා)

      Delete
    3. චැහ් .. නෙද්දකිං මං ඉස්සෙල්ල දැම්මෙ ඈ :D

      Delete
    4. ආන්න දැක්කද අරූ අයියෙ .. මං හොඳ ළමයා !!

      Delete
    5. මං උඩින් දැම්මේ..... නොදකිං ඩී:

      Delete
    6. ආපෝ කොපියෝ..... එකම සින්දුව කොප්පක් ගහලා..... කමක් නෑ සින්දුවෙ අයිතිකාරයන්ව මෙන්ෂන් කරලනෙ හොඳ ළමයි වගේ.

      Delete
  24. ‍මං‍ ‍කැම්‍‍පස්‍ ‍ගි‍හින්‍ ‍නෑ ‍ඒත්‍ ‍ක‍තා‍ව ‍බොක්‍‍ක‍ට‍ම ‍වැ‍දු‍නා ,‍ම‍රු , ‍කි‍යන්‍‍න ‍ති‍ය‍න ‍දේ ‍කෙ‍ලින්‍‍ම ‍කි‍ය‍ලා , ‍හි‍ත ‍හි‍ත ‍ඉන්‍‍ඩ ‍එ‍පා ‍මේ ‍ව‍ගේ ‍ඒ‍වා ‍ලි‍ය‍ලා ,‍ඔන්‍‍න ‍ඔහ්‍‍හෙ ‍පබ්‍‍ලිස්‍ ‍ක‍ර‍ලා ‍දාන්‍‍ඩ ‍බස්‍‍සි :)

    ReplyDelete
    Replies
    1. මේකෙ තියෙන්නෙ සේරම සත්‍ය සිදුවීම් බිනොල්. මම උඩ කමෙන්ට් වල ඒවගෙ සිදුවිම් කිහිපයක් ගැන කියලත් ඇති. ස්තූතියි ස්තූතියි!

      Delete
  25. හරිම ලස්සනයි බස්සියා ..මම ඔයාගෙ කවි වලටත් ගොඩක් ආසයි පබ්ලිස් කොරන්න හිත හිතා ඉන්නෙ මොකටද මේ වගේ හොඳ
    දේවල් :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දිලිනි... ඔව්නේ ඔයා මගෙ පරණ කවිත් හොයාගෙන කියවන බව දැක්කා..... :)

      Delete
  26. මොනවද කියන්නෙ කියල හිතාගන්න බැ.උබම කියන්න වගෙ පොලොවෙ ඉන්න කියනෑක තමයි උත්තරෙ.
    චන්ද්‍ර මඩුලු යට සුර්න්ගනාවන් දු සනසන්නට ගිත ගයනවලු
    දුවෙ එපා ඒ කතා අහන්නට
    මෙ නැලවිලි ගී මමයි කියන්නෙ

    ReplyDelete
    Replies
    1. කෝ මේ අරූ අයියා .. මෙන්න තව එකෙක්.

      Delete
    2. චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්
      දූ සනසන්නට ගීත ගයනවලු
      දුවේ එපා ඒ කථා අහන්නට..
      මේ නැළැවිලි ගී මමයි කියන්නේ...

      රන් තැටියට කිරි පැනි පුරවාගෙන
      හඳහාමී දූ බලන්න එනවලු
      දුවේ එපා ඒ කථා අසන්නට..
      හඳහාමී කෙළෙසද මෙහි එන්නේ.....

      කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
      ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
      දුවේ එපා ඒ කථා අසන්නට..
      මමයි නුඔට ලේ කිරිකර දෙන්නේ...

      පද : මහින්ද අල්ගම
      ගායනය : නන්දා මාලනී්

      Delete
    3. සංගීතයත් නන්දා මාලනී්මයි.

      Delete
    4. මේ ගීතයේ තව කොටසක් තියනවා කියලා වරක් කවුදෝ කිව්වා.. පොලිටිකල් කරෙක්ට්නස් නිසා ඒක හලන්න වුණාලු... හොයලා බලන්නම්...

      Delete
    5. දමිත් : ඔව්, හැමදේම අහසින් වැටෙනවනම් පොළවෙ පය නොගහ උන්නට කමක් නෑ. ඒත් ජීවිතේ හොයාගෙන යන්න නම් පොළවෙ දෙපා තැබිය යුතුමයි.

      විදානේ : මම ආසම සින්දුවක් ඕක.

      තිසර : අපරාදෙ සින්දුවෙ ඒ කොටස නිසි බලධරයෙක් කාල ද? ඒ කොටස හොයාගත්තොත් ලියලා යන්නකො.

      Delete
  27. // පොළවෙ දෙපයම තියල බලපං
    හොඳට ඇහිපිය ඇරල බලපං
    උඹම විඳපං - උඹම දැකපං//

    ආය හෝදන්න දෙයක් නැත. පණු බක්සි (අලුත් නම) ඉට්ටයිල් එකෙන් බොක්කටම වදින්න දීලා තියෙනවා. උබට ජය මචන්.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි හොඳේ නිමෝ....
      උඹත් පටන් ගත්තද පණු කතාව.... :O

      Delete
  28. ඔයා ඊයේ ලින්ක් එක එවුවට කියවන්න උනේ අද :/ .අද තමා විබාගේ ඉවර උනේ.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ මලයා... එක්සෑම් ගොඩදාන එකයි වැදගත්. බ්ලොග් නම් කවදා කියවන්න බැරිද

      Delete
  29. අමාරුවෙන් විවර කරපු ජිවිතේක කොටසක් නේද මේ...... හොදට ගලපලා ලියවිලා.... බස්සියෝ.... මිනිස්සුන්ට ප්‍රශ්න බලපාන්නේ එකේක විදියට..... නේද......?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ නැති ජීවිතයක් නැහැ.... ඒත් ප්‍රශ්ණවලින් පලා යාම නෙමෙයිනේ විසඳුම.
      ස්තූතියි නිහිංසා...!!

      Delete
  30. අරුන්දතීලා අපි අතරේ කොයි තරම් දෙනෙක් ඉන්නවාද ?තමන්ට විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලා තමයි එයලා හිතං ඉන්නේ.
    ඇත්ත,එයාලට ප්‍රශ්න තියෙනවා.එත් අරුන්දතීලාට වඩා ප්‍රශ්න තියෙන අය කොයි තරම් ඉන්නවාද?

    මේකේ උඹ අර අන්තිමට කහ පාටින් ලියපු ටිකට මම ගොඩක් මනාපයි යශෝ.
    හැබැයි අඬනකොට කඳුළු එළියටම එන්නම ඕනේ නැහැ.කඳුළු හංගන් අඬන අයත් ඉන්නවා.හැබැයි එක අමාරුයි කඳුළු හල,හල අඬන එකට වඩා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ.... කඳුළු කියන්නෙ ආයුධයක් විදියට පාවිච්චි කරන්නවත්, ඇහේ දාල පරෙස්සම් කරන්නවත් ඕනෙ දෙයක් නෙමෙයි නෙ. ඇහැට දූවිලි පාරක් වැදුනම ඉබේම කඳුළු ගලන්නෙ ඇහැ පිරිසිදු වෙන්න. :)

      Delete