වදන් මුතු අමුණා
එකින් එක ලිපි ගෙතුනා
තුඩින් තුඩ මුමුණා
දිනෙන් දින මිතුරන්ද ඇදුනා
එකින් එක ලිපි ගෙතුනා
තුඩින් තුඩ මුමුණා
දිනෙන් දින මිතුරන්ද ඇදුනා
සඳැසත් නිසඳැසත්
මිනි කවියත් විරිදුවත්
මෙගා ආදරයත්
අතර ලියැවේ කෙටිකතාවත්
විද්‍යා විනෝදය
අමුතු මිනි කවි කිහිපය
පාසල් මතක මාලය
නවාතැන හැඩ ගැන්විය
පරිවර්තනත් ලිවුවා
ඊ බුක් කර ඇලෙවුවා
ෆැන්ටසිත් මැවුවා
සින්දු දෙකකුත් ලිවුවා
බ්ලොග් නොබලනා අයටත්
සැනසුමක් නම් නොමවෙත්
ෆෝන් ඇප් එක වෙත්
කෙටි පණිවිඩෙන් බස්සි පැමිණෙත්
වැඩ ගොඩක් කෙරුවා
සොඳුරු "මිනිසුන්" දුටුවා
මාස දොළහක් නිමවා
බස්සි බ්ලොගිවසරියක් ලැබුවා
එහෙනම් අම්මටයි බබාටයි දෙන්නටම සුබ පැතුම්.. තාම මේක ආරම්භයක් විතරයි කියලා මතකේ තියාගනින්..
ReplyDeleteයකූ මමද එක.. ලොකු කේක් කෑල්ලක් එවපිය එහෙනම් මට විශේෂයෙන්ම..
Deleteබොහොම ස්තූතියි දිනේෂ් අයියේ.... ඔව් ඔව්, අවුරුද්දක් කියන්නේ බොහොම පොඩි කාලයක්නේ... තාම අවුරුද්දෙ පොඩි දරුවා :D
Deleteකේක් කෑල්ල මගෙ නියෝජිතවරිය මිසිස් කිඹුල් ශානුවාගෙන් ඉල්ල ගන්න. :P
Deleteයකූ......වසරද බොල .......මං හිතුව දෙකක් ඉවර ඇති කියල....
ReplyDeleteබොක්කෙන් බස්සිගේ ඇනවසරියට සුභ පැතුම්'''''! .................................
කාලය යන හැටි හරි පුදුමයි බං ....... මටත් ඊයෙ 27 ඉවර වෙලා 28 ලබද්දී පුදුමයි ...... බොල ..... :) :)
ස්තූතියි කෙන්ජයියේ... ඔව් අනේ තාම පොඩියි නෙව. :)
Delete27 ඉවරවෙලා 28... :O
බබාට හැපි බ්ලොගිවසරියක් වේවා... !!
ReplyDeleteස්තූතියි සංචාරක!!
Deleteඇපල් ගෙඩි දෙකක් ගෙන
ReplyDeleteගසේ සිටිනා ඇත්තට
බඩගා එන්නෙමි
උඹට සුබ පතන්නට
උපන්දින සාදෙට
Deleteඕන නෑ ගස් බඩගාන්නට
හිණිපෙළෙහි පියගැට
සීරුවෙන් නැග එන්න හනිකට
අවුරුද්දට මුලු හදවතින්ම සුබ පැතුම් බස්සියෝ...
ReplyDeleteමමත් හිතුවේ බබාට මීට වඩා වයස ඇති කියලා. :)
(මූනු පොතේ message එකක් දැම්මා. පොඩ්ඩක් බලන්ට )
ස්තූතියි ස්තූතියි!
Deleteපෝස්ට් ගොඩක් තිබුනට බබා තාම කිරිසප්පයෙක් පොඩ්ඩි අක්කේ!!
(ආන් ඉන්බොක්ස් බලන්ට ;) )
ඊළඟ එකා හම්බුනාම...
ReplyDeleteහම්බඋනා දැයි කියලා ලියලා එවන්න..
මම එන්නම් පියරු අරං බබා බලන්න! :D
තව දෙන්නෙක් ඉන්නව නෙව.
Deleteඑකෙක් ලොකුයි, කඩ්ඩ කොටයි.
අනික ළඟදි උපන් වගයි.
මේ කඩු එකා.
http://yash-infinity.blogspot.com/
මේ බස්සා එක්ක හවුලෙ ලියන අළුත උපන් එකා.
http://heenasaladhe.blogspot.com/
හැමෝම වාගේ අම්මාට සහ බබාට සුභ පතන නිසා මගේ මේ සුභ පැතුම තාත්තාටත් එක්කයි!
ReplyDeleteඅෆ්ෆා තාත්තගෙන් මල කරදරයක් තිබුනා අවුරුදු තුන හතරක වෙලේ ඉඳන් බබෙක් හදන්න හදන්න කියලා.
Deleteදැන් නාහෙන් අඬනව වෙලාවකට;
"පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා
එදා වගේ නෑ
මාත් එක්ක බොළඳ වදන් දැන් දොඩන්නෙ නෑ..." ලු. :P
දැන් බබා ඉපදිලා අවුරුද්දයි කියන්නේ ඊට කලින් මාස නමයක් සිත තුල කලලයක් ලෙස හැදුණා කියන එක නේද?
ReplyDeleteමංතුමා නම් මේ ඇනිවසරිවලට උපයෝගී කර ගත්තේ පාසල් තේමාවක්. ඒ කියන්නේ එකෙන් දෙකට පාස් වීම, දෙකෙන් තුනට පාස් වීම, තුනෙන් හතරට පාස් වීම වගේ අවස්ථා.
මං මේ බ්ලොගය කියවන්නට පටන් ගත්තේ ඔබ ලියූ "ඉගිල්ලෙන මාලුවෝ" චිත්‍රපටය ගැන ලිපියත් එක්කයි.
http://bassigenawathana.blogspot.com/2013/09/flying-fish.html
මේ බබා නම් මාස නමයකටත් වඩා කාලයක් හිතේ හිටිය. :)
Delete"මාලුවෝ ඉගිල්ලෙනු කියැවූයෙමි." ගල් සහ මල් දෙකම සමසේ ලැබුනු ලිපියක්. බොහොම ස්තූතියි කකා. ඒක මතක තියෙන බව ඇසීමත් සතුටක්. :)
සැම දෙය ඇතිය මික්ස් වී
ReplyDeleteඅච්චාරුවකි රස සපිරී
මා නම් කැමති කවි ගී
සුභම බ්ලොගිවසරියක් බස්සී
අච්චාරුව හදන්නේ
Deleteහැකි හැම රසම දෙන්නේ
ඔබෙ විචාරෙන්නේ
මං කතාවේ ලුණු බලන්නේ
බ්ලොග් නම් ඔය තියෙන්නේ
ReplyDeleteනැවුම් වෙනසකි මෙහි තිබෙන්නේ
ඔවුනුයි ළොව දිනන්නේ
ඒකයි මමත් එන්නේ
දෙයකට නොවී රිස්සී
නොයෙක් හැඩතල තිබේ ඉස්සී
වසරක් තුලදි බස්සී
ලබා ඇත බ්ලොග් ළොවේ මැක්සී
බ්ලොග් එක කියන්නේ
Deleteතවත් එක Hobbyයක්නේ
සැහැල්ලුව ඉන්නේ
එතකොටයි වෙනසක් මැවෙන්නේ
වදිනකොට ගල් මුල්
දුන්නේ ඔවා නිකැළැල්
සුදු බෝල අංකල්
මෙන්න මගෙනුත් තුති මල් :D
සුදු බෝල ?????? :O :O :O :O
DeleteFair and chubby... thats what I meant. :3
Delete:D
Deleteහාකෝ!!
ඇත දහසක්
ReplyDeleteලියෙවෙනා බ්ලොග්
දුටිමි සමහරක්
ලියනවා අබ්ලික්..
ලද එක් මොහොතක්
පුංචි වූ නිදහසක්
පැමිණෙනා තැනක්
රසයි ලියනා ඒව සත්තක්..
ගෙවී ගොස් වසරක්
යන්න දුර සහසක්
පතනවා පැතුමක්
සදාතන දිනුමක්...
පෝස්ට් රහ කෝමා
Deleteගුණ දොස් නිතර කීමා
වටින්නේ බෝමා
උඹහැටත් ඉස්තුතියි සෑමා
සෑම්ගේ ලෝකය
නිදහස්ය රස බහුලය
නුඹත් මේ අඩවිය
රසවිඳින එක මගේ සතුටය
මවට පියාට බබාට සුබ පැතුම්.
ReplyDeleteස්තූතියි ෂෙහාන්!
Deleteඅව්රුද්දක් ඉවරනම් දැන් තමයි හොඳම කාලය..... (බලන් ගියාම මටත් වඩා මාසයක් බාලයිනේ.... ශිහ්.... බස්ස නොහිටියානම් ....) සුබපතනවා පහුඋන අව්රුද්දට නොව ඉදිරියට එන හැම දවසකටම..........
ReplyDeleteඅවුරුද්දක් ඉවරයි කියන්නෙ තාම වැටි වැටි නැගිටින වයස නෙව. ඔයාගෙ බ්ලොගිවසරිය (ඩූඩ් අංකල්ගෙන් ණයට ගත්තෙ මේ වචනෙ.) දවසෙ තමයි මතක් උනේ මටත් අවුරුද්දක් පිරෙනව නේද කියල. :D
Deleteබ්ලොග් ඇනිවසරියට මුළු හදවතින්ම සුබ පතනවා...
ReplyDeleteස්තූතියි තුෂානි!!
Deleteමගෙනුත් සුබ පැතුම් බස්සි අක්කටා
ReplyDeleteස්තූතියි ඩොට්ට මල්ලියා!
Deleteහදවතින්ම සුබ පැතුම් බස්සියො…
ReplyDeleteබබාටයි අම්මටයි තාත්තාටයි ඔක්කෝටම සුබ පැතුම්.……………
(අද කේක් කෑල්ලක් නොදී කැළණියෙන් යන්න නෙමේ හරි)
තැන්කුයි ප්‍රියෝ....
Deleteකොහොමෙයි කේක් දෙන්නේ
පෙරේදා කැළණියෙන් පැන්නේ
පදිංචිය නාවින්නේ
කේක් කන්නට එහෙට එන්නේ
https://www.facebook.com/photo.php?fbid=811880345490229&set=a.604903236187942.1073741827.217653991579537&type=1&theater
ReplyDeleteඅපූරු පවුල. ස්තූතියි මල්මි!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteම්ම්...
ReplyDeleteවසරක වෙහෙසකට සුභ පැතුම්...
ඉස්සරහටත් මේ වගේම අපූරුවට වැඩ කරගන්න හැකියාව ලැබේබා
ස්තූතියි මහේෂ්! :)
Deleteසුබපැතුම් බස්සි ඉදිරියටත් මීටත් වඩා හොදින් සාර්ථකව බ්ලොග් ලියන්න ලැබේවා..!
ReplyDeleteඅනිවාර්යයෙන්ම! ස්තූතියි දිලිනි!
Deleteඋණුසුම් සුබ පැතුම් භක්ෂියේ.......
ReplyDeleteවසරක් තුළ ඔබ ආ මග පැමිණිම් අසූ දහස ඉක්මවලා.. ඇලෙක්සා රැන්ක් එකේ ඔබ අදවනවිට 1660 වැනි ස්ථානයේ ඉන්නවා...
ලෑබූ දියුණුවට නැවතත් සුබ පැතුම්.
අහා.... අර රෑන්ක් 1 නලින් මාම කලින් දවසකත් කියාදීපු එක නේද! ස්තූතියි ස්තූතියි! ඉදිරියේදි අර මම නිතරම කරන බරපතල spelling and grammer වැරදි ටික (බස මැරීම :D) නිවැරදි කරගන්න උත්සහ කරන්න ඕන.
Deleteඅනේ නලීන් අංකල්ගෙ බස නැසිල්ල.
Deleteබස ගැන කියලදෙන්න ගිහින් හිරු අක්කගෙන් අහගත්ත නේද දවසක්??? :3
ඒ මොනාද අප්පා ඒ?
Deleteසුභම සුභ පැතුම් බස්සි !!! පාටියක් පාටියක් !
ReplyDeleteසබන් පියරු අරන් එන්නෝ බබා බලන්න, එතෝට කේක් දෙන්නම්. :P
Deleteසුබම සුබ උපන්දිනයක් වේවා!!
ReplyDeleteබ්ලොග් ලොව දික් විජය කරමින් ඉතාම දීර්ඝ දීප්තිමත් අනාගතයකට සුබපැතුම්!!
ජයෙන් ජයම වේවා!
ස්තූතියි මනෝෂ්!
Deleteදිග් විජය කිරීමට නම් මනාපයක් නැත. :P
හදවතින්ම සුබ පැතුම් බස්සි....උඹ ලියන ඒවගේ හැබෑ වෙනසක් තියනවා...ඒකයි උඹ මේ තරම් දුරක් ඉක්මනින් ආවේ...
ReplyDeleteතව දිගු දුරක් යන්න ශක්තිය ධෛර්‍යය උඹට ලැබේවා කෙල්ලේ.....!
ස්තූතියි රෙහානි අක්කා....
Deleteකාලයක් අතුරුදහන් වෙලා උන්නු සහෝදරියෙක් උපන්දිනේට සතියකට කලින් එකපාරම ගෙදර ආව වගේ අක්කියා! :D
බස්සා මාත්තුරුකාව කියෝල බය වුණේ නැද්ද හැබෑට?? :-)) මගෙත් සුබ පැතුම් බබාට :-)
ReplyDeleteකුරුට්ටියා කාලෙකින්. වෙල්කම් බැක් වේවා!!
Deleteබස්ස බයවෙන්න නැතුව ඇති මොකද ඊයෙ මේ ලිපිය ලියද්දි එහෙන් මෙහෙන් හොට දමදමා බලන් උන්න නෙව. :D
බබාට සුබ උපන්දිනයක් !
ReplyDeleteදැන් හොදට දුවන්න පනින්න පුලුවන් නේ?
දුවන්න පනින්න ඉගෙනගන්න අවුරුදු තුනක්වත් යනවනෙ. :)
Deleteසුභපැතුම් බස්සියෝ...
ReplyDeleteතව තවත්.. තව තවත්.. තව තවත්..
හරවත්.. බොලඳ.. රසවත්.. ගුණවත්...
රසපිරි.. ගුණ සපිරි..
දරුවන් විස්සක්... තිහක්..
දයාද කරන්නට..
ශක්තිය... ධෛර්යය..
වාසනාව...
ලැබේවා.....
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තූතියි ස්තුතියි විදානේ
Deleteමූ අර සාදුලාගෙ නෑයෙක්ද මන්ද
"ළමයි විස්සක් තිහක් හදන්න" කියන්නෙ
පිස්සුද මචන්
දැක්කද කිරිපිටි වල ගණන්!
ළමයි ඉන්නව තුන්දෙනෙක්.
එකෙක් මූ,
අනිකා ඉන්ෆිනිටි කඩ්ඩා, (http://yash-infinity.blogspot.com)
අනිකා හීන සලාදේ කුරුටු කවියා, (http://heenasaladhe.blogspot.com)
ඔය ඇති නේද?
මුන් ටිකට පොවන්නම් අර කියපු ගතිගුණ සේරම
එක එක ගුණය දෙන්න
එක එකා වෙනවෙනම හැදුවම
පට්ට බෝරිං බං
මං ආසම කෑමක් අච්චාරු!
ඇයි මික්ස් රයිස් :D
DeleteVery Happy Blogoversary.
ReplyDeleteIt's a long and winding road...
Thanks a lot dude! Even though the road is long and winding, such tough times never last. :)
Deleteසුබ පැතුම් ,බස්සි ...
ReplyDeleteස්තූතියි සහෝ....
Delete:o අවුරුදයි ද ඈ.මට නම් නිච්චි නෑ.මම හිතුවේ දෙකයි කියලා.
ReplyDelete(පෙන්න ඉදියේ නැත්තේ මේ දවස් ටිකේ නෙට් අවුල් ගිහින් තිබ්බේ )
ඔව් අනේ අවුරුද්දයි තවම.
Deleteමට ඒක ගානක් ගියේ නෑ මොකද මාත් පහුගිය දවස් තුන හතරේ ඉතා බිසී වෙලානෙ හිටියෙ. :)
කවියෙන් කථාවෙන් අප හද මැව්ව සිරි
ReplyDeleteඒ තුල රැඳුණු බොහො දේ නම් එළම කිරි
රඳවා තබා ගනු මැන හදවත සතුට පිරි
ළමයෝ පතමි මම බොට සුබ ඇනිව- සරි
රස තැන් නොරස තැන් දැක විමසුම් ඇසින
Deleteදෙසවන් නොරිදවන මුදු පරිණත බවින
නැණැසින් විචාරන අටියෙන් ඔවා දෙන
සුපහන් සිතැත්තෙකි ඔබ මාමේ අරුණ
තැන්කූ විෂ් එකට
කේක් නම් නෑ දෙන්නට
ලිපියක් රස විඳින්නට
ඇහැක් වේවිය හෙට අනිද්දට
ස්තූතියි!!
ReplyDeleteකඩ්ඩට කපාගන්න බෑ. ඒත් අර හීනසලාදෙ කන්න නෑවිත් ඉන්නෙ නෑ
ReplyDeleteදිගටම ලියන්න. සුභ පැතුම්!!!
ස්තූතියි ධනා මල්ලි!
Deleteආ කෙටි මගේ
ReplyDeleteයා යුතු මග තව බොහෝදුර වේ
ඒ මග යන්න තුතින්,සතොසින්
ඉඳින් මගේ සුබ පැතුම් මෙයින්....!!!!
ස්තූතියි මනෝ...! :)
Deleteහැෆි මෙව්වා එකක් වේවා..
ReplyDeleteමෙවුවා එකට තැන්කිව් එව්වා වේවා!
Deleteහැපි ඇනිවසරියක් බස්සියෝ....
ReplyDeleteතැන්කිවු සුසියෝ.... :D
Deleteමගේ හද පිරි මෙව්වා එක
ReplyDeleteකේක් ඕනි
මතක ඇතුව ඉන්බොක්ස් ඕනි ඈ වෙනදා වගේ
තැන්කිව් වේවා....!
Deleteකේක් නෑ බොරලු මාමි! ලින්ක් එවන්නාම්කෝ.... :)
ඒ බං බස්සි අක්කේ. බබා වයසට වඩා වයස පාටයිනේ!!
ReplyDeleteබොක්කෙන්ම සුබ පැතුම්, ගත වුණු අවුරුද්දටත් වඩා, ඉදිරි අනාගතයට!!!!!
හෆ්ෆේ!! කොම නැති වෙලාවෙ දුකෙං බොග කියෝලා දුකෙං ම කොමෙන්‍ටුව කෙටුවා. දැං කොමෙං ඇවිල්ලා බලද්දි ඒ කොටපු එක විකාර වෙලා. (හෙලකුරු මටත් හොරෙං පත්තර මල්ලි අයියගෙ පාටියට ගිහිං වෙන්නැති මං හිතන්නේ)
Deleteඑනිවේ, ඒකෙ කියපු එක යන්තමින් හරි තේරෙනවා ඇති කියල හිතමු ඈ!!
අලේ මටත් ෆෝන් කට්ටෙන් බැලුවම උඩ කමෙන්ට් එක යස අගේට පෙනුනා. මං එවෙලෙ හිතුවෙ යට කමෙන්ට් එක දාපු ඔයාට වෙරි කියල. :D
Deleteතැන්කිව් වේවා ඈ!
/// මං එවෙලෙ හිතුවෙ යට කමෙන්ට් එක දාපු ඔයාට වෙරි කියල ///
Deleteඅලක්කු බොම්නෙ නෑ යකූ!!
කුක්කු ඕනි!!
සුබ පැතුම් බස්සි අක්කෙ, දිගටම ලියන්න හැකියාව, ධෛර්ය, ශක්තිය ලැබේවා!!!
ReplyDeleteස්තූතියි නංගෝ....!
Deleteඅම්මටහුඩු .. මං වෙලාවට ආව නේ .. :D
ReplyDeleteබස්සි මචං අවුරුද්දක්ද බොල ඇටිකිච්චට .. බොක්කෙන් අක්මාවෙන් හරුදවස්තුවෙං එන උනුසුම් සුභ පැතුම් පිලිගනිය !!!!!!
වෙනසක් කරපු කෙල්ලෙක්.. විවිධත්වයක් තියන ආසාවෙන් බලන බ්ලොගක් ..
ෂපෝට් එකක් ඕන උන තැනදි අපි එවරෙඩි !!!!!!!
බ්‍රෑන්ඩ් එක නං ගල් :D එකක් ඇරං දිය ඔක්කොටම.. එක්කො උඹට ඕවයි යන්ඩ බෑනෙ. බස්සව යවන්ඩත් එපා පව්නෙ. දාහක් දියං අපිම ගන්නං.. ඒ ඇති .අපි පාටිය ගෙනියන්නං එලටම .. හැක්.
තැන්කිවු තැන්කිවු පත්තර මල්ලි අයියා! ඒ විශ් එකනම් අක්මාවෙන්ම ආපු විශ් එකක් තමයි. මටත් අක්මාවටම දැනුන! :)
Deleteගල් බෝතලයක් නම් මටත් දෙන්න බැරියැ. බෝතලේකට ඔය කළුගල්, තිරිවාන, බොරලු කැට ටිකක් පුරෝල. :P
අපිට ෆ්‍රිජ් එකේ දාපු කේක් වත් ඇති නේද බස්සියේ. පහුගිය ටිකේ එන්න බැරි වුණා බ්ලොග් කියවන්න මිස් වුණා ගොඩක් ඒවා,, ඒත් අනිවසරියට ඒගන්න ලැබිච්ච එක නම් පට්ට හැපි ... උම්මා උම්මා තව අවුරුදු ගානක් ලියන්න ශක්තිය ,කාළය ලැබෙන්න කියලා පතනවා හදවතින් ,
ReplyDeleteපහුගිය ටිකේ කෝද අනේ මිසින් උනේ....හොඳා හොඳා පාටියක් කිවුවම ඉව තියෙනෝනෙ ටුක් ගාල මුන්දැ මෙතන.... :)
Deleteආයෙම ලියන්න පටන් ගනිය කම්මැලි නොවී.... :*
කමෙන්ට් කරන්න ඉස්පාසුවක් නොලැබුනත් මමත් නිතර කියවන බ්ලොග් එකක්... අද හොරෙන්ම යන්න විදියක් නැහැනෙ... උණුසුම් සුභපැතුම්..!
ReplyDeleteහොරෙන් බලල යන අයගෙත්
Deleteඅඩි සලකුණු තියෙනවානෙ!
ස්තූතියි බීට්ල්!
සුභ පැතුම් බස්සි, :)චිරාත් කාලයක් කොටන්න හේතු වාසනා වේවා !!!!!!!!!
ReplyDeleteඅපි ගාට ගාට එනකොට පාටිය ඉවර වෙලාද මන්දා ? :D :D
අනේ ඒක නේන්නම්... ගොලුබෙල්ලා අද හැබෑ ගොලුබෙලි ගමනකින් නෙව ඇවිත් ඉන්නෙ.
Deleteබස්සියේ සුභ පැතුම් උඹටයි පැටියටයි දෙන්නටම .
ReplyDeleteහදපන් මචෝ සිරි පාදේ පඩි ගානට පැටවූ .....
බොහොම ස්තූතියි යාලූ.... :)
Deleteසුභ පැතුම් බස්සි nangi. දිගටම ලියන්න. සුභ පැතුම්!!!
ReplyDeleteස්තූතියි නිශාදි අක්කා...! කාලෙකින් දැක්කෙ ඔයාව :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteHappy Birthday Baby ..!
ReplyDeleteරසමුසු දෑ නම් බෝමයි
දස වසරක් පරිණත ගාණයි
තව යා යුතු දුරත් බෝමයි
මේ සුභපැතුම් හද පත්ලෙන්මයි
සාර්ථක , දීර්ඝ ගමනකට හෘදයාංගම සුභපැතුම් බස්සී ...!
විමසන්නට නව රස මියුරූ
Deleteඅවැසියි පාඨකයන් සොඳුරූ
තවමත් එක් වසරකි ළදරූ
පැතුමට ස්තූතියි සඳරූ
බස්සි නම් දස්සිය
ReplyDeleteඅපි නොදන්නා මැක්සිය
තව තවත් ලියපන් ගැස්සි ,ගැස්සිය
සුභ පැතුම් බස්සිය
සුදු අයියා නැති පාළුව
දැනුනා නෙව බන් හොදටෝම
හොයමු බන් අපි ගෙම්බව
ඒකා වෙනුවෙන් මගෙන් සුභ පැතුම් උඹ්ට හට
හලෝ මචං සුදු නංගී
Deleteමං ආව නැත හැංගී
මං වෙනුවෙන් අපේ බස්සිට
සුබ පැතුවට තැන්කු උඹට
බස්සි දස්සි වුනාට කොට
දැක්ක දාට ඇඩෙයි උඹට
ඔය තිබ්බට කොන්ඩේ දිගට
උස වැඩි නෑ අඩි තුනකට
සුදු කිඹුල් අක්කී
Deleteමගේ ආදර ලොක්කී
අදින්නට වලි බක්කී
මතුවටත් මෙහෙ එන්න මැක්කී
කලු ගෙම්බන්ව සුදුවට
පේනවද හතළිස් ඇඳිරියට
නොකියම වැනිෂ් වූ වට
හොයාගෙන අපි නෙලමු උන්දැට
මෙන්න බොලේ ගෙඹිලූසා
Deleteකොහෙද ගියේ හොර පූසා
අපි උඹ කොයි විමසන්නා
උඹ ඉඳගන හැංගෙන්නා
සුදු අක්කී මේ අහන්න
ගෙඹි බේගල් විසිකරන්න
මම දැන් හෙන උසයි ඔන්න
බොරුද ගාලුගෙන් අහන්න
බස්සි නගේ ලියනා කවි කතා සමග නව ෆැන්ටසි
ReplyDeleteඋඹේ සුපිරි ඉට්ටයිලෙට කොයි කවුරුත් වෙනවා වසි
බ්ලොග් ලෝකෙට නැවුම් මිහිර ගෙන ආ මානෙට ඇසි දිසි
තව තව ලියපං කෙල්ලේ අපි බලනවා ඉස්සි ඉස්සි
බස්සිට අවුරුද්දට සුබ පතන්න එන්න හොඳටම පරක්කු වීම ගැන සමාව භාජනයකට දමා දෙනු මැනවි. එත් මං වෙනුවට අපේ සුදු නංගි සුභ පතා ඇති බැවින් භාජනයෙන් බාගයක් පමණක් දමනු මැනවි.
දරුවා ..ඔබේ මේ ඉට්ටයිල් එකෙන් ඔබ බ්ලොග් ලොවේ වසරක් යාමටත් පෙරම සාර්ථක බ්ලොග් තරුවක් වී ඇතිබව පෙනේ දරුවා . ඔබේ හැකියාව ඒකාකාරී නොවී විවිධත්වයෙන් යුතුව සකල බ්ලොග් ලෝකවාසීන්ට රසාස්වාදය ලබාදෙන නවාතැනක් වී ඇත දරුවා . දරුවා මෙහෙම කිව්වට මං උඹේ මරුවා දරුවා .....
අනාආආආආආආආආආආආආ
ලියන ලියන කුණුකන්දල් කියව කියව මුවින් නොබැන
Deleteරහද නැද්ද අකුරු හොද්ද උපදෙස් දෙන දිරිගන්වන
පබ්ලිශ් නොකරන්න ඉන්න ඒවත් බැන බැන අලවන
අයිය මචං උඹෙ මිතුදම් අගෙයි බෝම වටින කියන
සමා කොටහක් දෙන්නං
පමා වූ එක කමක් නෑ බං
උඹෙ කේක් කොටහත්
කිඹුලි කෑ එක තමයි දුක නම්
දේව ඉට්ටැයිල් දෙන්නේ ඔළුව තදින් හැප්පිලාද
අනේ අපොයි ගෙඹිලූසා සතියක් අංගොඩලු නේද
හැබෑට එතනින් බේරී ආපු විදිය කියන් හොඳද
ඒ දේවාලේ වතගොත පෝස්ටුවක් ලියන්න අද
අනාආආආආ......... මුල් කවිය අමූලික බොරු බවත් ඉතිරි කවි දෙක පමණක් සත්‍ය බවත් කරුණාවෙන් සලකන්න අනාආආආආ :D
ඔයාගේ බබා ටිකක් සිද්ධාර්ත වගේ.. අපේ බබාල නං ටිකක මොංගල්.. හැක්.. හක්..
ReplyDeleteජය වේවා බස්සියෝ.. බොලා හදපු ළමයි බෝම හොදයි...
සිද්ධාර්ත වගේ? :O
Deleteබොහොම ස්තූතියි දේශෝ!! ඔයාගෙ ළමයත් අපූරුයි නෙව.
හැක්.. සිද්ධාර්ත ඉතිං ඉපදුනු ගමන් මල් උඩ දුවපු ළමයෙක් නේ..
Deleteබස්සි,
ReplyDeleteසුභ වේවා!
දිගටම
ලියවේවා!
(මට කවි කියලා ලියන්න තේරෙන්නෙ හයිකු විතරයි. බස්සිගෙ බ්ලොග් එක එක්තරා විදිහක් තියෙන එකක්. තව දිග කාලයක් ලියන්න පුළුවන් වේවා!!!)
ස්තූතියි ස්තූතියි ඩ්‍රැකී!!
Deleteහයිකු ලියන එක කොයිතරම් වටින හැකියාවක්ද! මට හයිකු බෑනෙ. :)
හයිකු කිව්වෙ මේ වගෙ එව්වා:
Deleteමෙන්න
මගෙ ඇඟිල්ල
මැදගන්න
දත්ටික
සේදුවෙද
රෙදිටික?
වේලන්න
ඇඳගන්න
කළිසම
දාගන්න
සිප් එක
සුභ පැතුම් හද පුරවා
ReplyDeleteනුබ දකින්නට අපිත් ආව
වසරක් වුවත් දරුවා
බොහො ලොකුවැඩ මෙතෙක් කෙරුවා