Thursday, June 26, 2014

හුදෙකලා මියැසිය (අවසාන කොටස) - විචාරයට ඇරයුම්....



පළමු කොටස මෙතනින් 

දෙවැනි කොටස මෙතනින්

තුන්වැනි කොටස මෙතනින්

 




මම  හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.

 

කුස්සියේ දඟලාපු හොල්මන සාලයට ඇවිත් නැහැ. එහෙනම් මං යන්නෝන කුස්සියට, ඌව හොයාගෙන.
මං බය නෑ. සෝෆාවෙන් නැගිටින්න වාරු ගත්තේ හිතේ දෙගිඩියාවෙන්.



පුළුන් කැටියක් මගේ ඇඟට පැන්නා. 

මං යටිගිරියෙන් කෑ ගැහුවා.



කිරි සුදු ලොම් බෝලයක්.
හිම කැටයක් වගේ 

සුදු පූසියෙක්.


 




මං වගේම එයත් බයවෙලා.

ඔහ්! 

එයා මටත් වඩා බයවෙලා.


පවු අහිංසකයා. එයා මගෙ උකුළට ඇදුනෙ මා දිහා සැකමුසු බැල්මක් හෙලමින්. මොහොතකට කලින් හමුවූ මගේ ආගන්තුක පහසේ තැවරෙන්නෙ පුරුදු කාරියක් වගෙයි.


"උඹත් මං වගේමයි."

මං ඒ ලොම් පිරුණු ගෙල  ඉහළ-පහළ පිරිමදිමින් පැවසුවා.  සිහින් පුරුපුරු හඬින් උගේ පෙණහළු කම්පනය වන අයුරු මගේ අත්ලට දැනෙනවා.


ගමන් මල්ල පසෙකින් තියලා මම සුදු පූසිව උකුළට ගත්තා. ඌ හරිබරි ගැහිලා මගේ උකුළ උඩ වකුටු වෙලා උන්නා. සීතලට උගේ මවිල් පිම්බිලා. සුදු වලාකුළකින් වැටුන පුළුන් කැටියක් වගෙයි.


මං අහස දිහා බැලුවා. අහස පුරා විසිරුනු අලු පාට වළාකුළු. හීන් හිරිපොදයක් වැටෙනවා ආයෙමත්.

 
“ඔයාටත් පාළුද?”

සුදු පූසි කන් දෙක ගස්සා මා දිහා බැලුවා. අඳුර නිසා විශාල වෙච්ච උගේ කළු ඉංගිරියාව මූණට ගෙනාවෙ පුදුම හිතෙන තරමේ අහිංසකකමක්. ඒ මැද කහපාටින් දිලිසෙන හීන් එළිය ඉරි දෙකක්.

 
“මං අද සතුටෙන්. ඒ වුනාට ටිකක් බයයි හිතට."


"නෑ නෑ ඒ නිසා නෙමෙයි. මේ වැස්සයි, කළුවරයි හින්දයි බය දැනෙන්නෙ. දැන් හිතට හොඳයි. උඹ ඉන්නවනේ…..”


ඌ වරින් වර මගේ කලවා මත හිස අතුල්ලනවා.

“දන්නවද? ඒ ඇස් තද දුඹුරු පාටයි, උණුහුම්. උඹේ වගේ ගුප්ත බළල් ඇස් නෙමෙයි. මගේ වගේ බොළඳ නිල්පාට ඇසුත් නෙමෙයි.”






“ඔව් ඉතින් නපුරුයි නේන්නම්. මේ බලපන් මෙතන. ඇයි තව මෙතන.”

මම සීරුවට ගෙල වටා අතැඟිලි දිවෙවුවා.


“ඒ වෙලාවෙ මට දැනුනෙ මං වීදුරු බෝනික්කෙක් කියලයි. හොඳයි. කාටද කියන්න පුලුවන් ඒක වැරදියි කියල. වීදුරු බෝනික්කෙක් නිතරම බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ කැඩිල බිඳිල යාවිද කියල. මටත් හිතුන එහෙම. අකුණක් වැදුන වගේ හදවත නතර වේවි කියල.”


 “ඒ වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න බැරිනම් අපි හුස්ම ගන්න එකේ ප්‍රයෝජනේ මොකක්ද? අපේක්ෂාවන් මගින් ඇතිවෙන උත්තේජනය තමයි මගෙ පෙණහළු විස්තාරණය කරන්නෙ."
 
"ඔව් ඉතින් හදවත ගැහෙන්නෙත් ඒ හින්දම තමයි.”


“එතකොට ඇයි ඇඟිලි තුඩු හීතල වෙන්නෙ? එක් පරම අපේක්ෂාවක් මුදුන්පත් වෙනකොට අනිත් දාහක් අපේක්ශාවන්ගෙන් ඇතිවෙන උත්තේජන නොදැනී යනවා. අන්න ඒ වෙලාවට රුධිර ගලනය නවතිනව. ඇඟිලි තුඩු හීතල වෙලා හදගැස්ම නතර වෙනව. ඔහ්! ඒක උනේ එහෙමයි!”


ඌ පුරු පුරු හඬින් දිගටම මට හූමිටි තිවුවා.





“ඇයි? ඇයි අහන්නෙ? හේතුවක් ඕනෙමද උඹට?"

"මං එයාට ආදරෙයි. ඔව්. මං දන්නෙ එච්චරයි."






ඉදිරිපස දොර දඩස් ගා ඇරුන.


"ඇලෙක්සී! උඹ රස්තියාදුකාර චපල කෙල්ල."
ඔහු මගේ උකුළෙ උන් පූසිගේ කර මුලින් අල්ලා සෝෆාව මතට අතහැරියා.







"මියෑවෝහ්"

ඌ නොරිස්සුම් බැල්මක් හෙලමින් නෝක්කාඩු කියන්නට වුනා.


"මේ ඉන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියා. මගේ සුන්දර හවුල්කාරිය. මම හිතන්නෙ ඔයාල දෙන්න මට කලින් එකිනෙකා හඳුනා ගන්න ඇති. මං කිවුවනෙ ඔයාට. ඈ හොඳයි. සාමකාමියි. ලෙන්ගතුයි."


ඔහු ගමන් මල්ලේ වූ දෑ එකිනෙක මේසය මත තබන්නට වුනා.

 


“ඉඳා….”

ඔහු චොකලට්ටුවක දවටනය ගලවා පෙති කිහිපයක් ඈ ඉදිරියට දැම්මා.


“උඹ මගේ ආගන්තුකයව හැපුවෙ, සීරුවෙ නැහැනෙ.?"

 
"අපොයි නෑ. එයා හොඳයි. ලෙන්ගතුයි. ඒත්......"

“ඒත්......?"

“මං හිතුවෙ." මම වචන ඇහිඳින්න අසාර්තක උත්සාහයක.
 

ඔහු ටී ෂර්ටය ගලවා සෝෆාව මතට විසිකර දැමුවා.  මගේ උකුළ මත හිස තියාගත්තා. මං ඒ බොකුටු කෙහෙරැලි අතරේ ඇඟිලි  තුඩු  දිවෙවුවේ ආදරෙන්.

 





“තෙමිල.”

“වැස්සට අහුවුනා.”


“අපරාදෙ”

“ඇයි?”


“මටත් එන්නයි තිවුනෙ.”

“කුඩේ අල්ලන්නද?”


“නැහැ, මං ආසයි වැස්සට.”


“තෙමෙන්න?”

“හ්ම්ම්ම්….”





"බයක් නෑ?"

"ම්හ් හුම්"

“ඇත්තමද?”

“හ්ම්ම්ම්….”

 
කොපුල් තල මත ලා රත් පැහැයෙන් මතුවෙලා තිවුනු සිහින් සීරුම් පාරවල් අලුතෙන් පෑරෙන සියුම් වේදනාව මම ඇස් පියාගෙන විඳගත්තා.






ලද අවසරයෙන් කාටත් හොරා  මුදු අඩි තබමින් සෝෆාවෙන් බහින්න තැත් කරන ඇලෙක්සි ඔහුගේ රළු ග්‍රහණයට හසු වුනා. ඇය ගැලවෙන්නට තැත් නොකරම වේදනාත්මක බැල්මෙන් මා දිහා බලනව.


"මේ අපේ අලුත් හවුල්කාරිය. උඹට තේරුනාද? කතාබහ කරලා අඳුනගනින්.”


ඔහු නොදන්නවා වුනාට අපි කොයිතරම් දේවල් කතා කලාද… මටත් හොරෙන් හිනාවක් දෙතොලින් පිටට පැන්න.


"වොෂ් දාගෙන එන්න."
ඔහු හිස කෙලින් කලා.


දහදියෙන් පෙඟුණු සිරුරට වැටෙන දිය බිඳුවල සිහිල සිරුර විනිවිදිමින් ඇටමිදුළු දක්වාම කාවදිනවා. හිතට දැනෙන සැහැල්ලුවත් එක්ක මම වතුරමල යට මෘදු වෝල්ට්ස් නැටුමක.






කණ්නාඩිය ඇතුලේ ඉඳන් මා දිහා බලන් ඉන්නෙ සුදුමැලි පාට කෙල්ලෙක්. ඒත් ඇගේ දෑස් බබලනවා.


මම ඈට වි
රිත්තනවා.
ඇයත් මට විරිත්තනවා.



මම ඇයත් එක්ක හිනාවෙනවා.
ඈ මා එක්ක හිනාවෙද්දි ඇස් දෙක පුංචි වෙනවා.



මම කණ්නාඩිය ඇතුලෙන් පෙනෙන ඇගේ පිරුණු දෙතොල් 

සිප ගන්නවා.

හුස්මත් එක්ක පිටවුන මීදුම් පටලයකින් ඇගේ රුව බොඳවෙලා අපැහැදිලි වෙනව.

 

ඔහුගෙ ලොකු ටී ෂර්ටය ඇඟලාගෙන මම කණ්නාඩිය පිසදමලා හැඩ බලනවා. බාච්චු ගවුමක් ඇන්දා වාගෙයි. එයින් හමන සුවඳ මගේ නැහැතුඩ කිතිකවනවා.


ඔහු බැල්කනියට වෙලා තනිවම ගිටාරය වාදනය කරනවා. ඒ ගීතයේ තාලයට දෙපා තබමින් මම ක්ෂණික නූඩ්ල්ස් කෝප්පයට උණුවතුර වත්කරනව.




ඉර හඳට වඩා
අපි ඈත බව
දන්නවා

ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා


දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස



පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්

සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා


ඔබේ තොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාලිකාවක් පිපිරුණා


දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස



 



"කෑම ලෑස්තියි.!"


“ඕ…අපූරුයි!”

ඔහුගෙ දෑත මගේ බඳ වටා එතෙනවා.






 
"ඔයාගෙ නම මොකද්ද?"

“ඒක වැදගත් ද?”

“නැහැ නේන්නම්.”


දුම් දාන ක්ෂණික නූඩ්ල්ස් කෝප්ප දෙක ටීපෝව උඩින් තියලා මං ඔහුට තුරුළු වෙනව.






~ සමාප්තයි ~






සිංදුව  අහල නැති අයට මෙතනින් ගිහින් අහන්න  පුලුවනි.   ;)












ප.ලි.


මේක කෙටිකතාවක්ද මන්දා.  එහෙම නෙමෙයිදත් මන්දා.
මොකද මෙතන ඇත්තටම "කතාවක්" නැහැ.

මට වුවමනා වුනේ නෑ අනවශ්‍ය Twists  දාලා ඔයාලව impress කරන්න. මට ඕනෙ උනේ ලස්සන හීනයක්
අඳින්න. ඒ හීනෙට අකුරුවලින් පණ පොවන්න. පණ ලබල හුස්ම ගන්න  ඒ හීනෙ රහ බලන්න. 
තනියම නෙමෙයි. මගෙ වටේ ඉන්න ඔයාලත් එක්ක.

මට වුවමනා උනේ ඔයාලට අකුරු වලින් වර්ණ, මියැසි, සුවඳ, රස සහ ස්පර්ශ  කියන හැඟීම් සේරම දැනෙන්න දෙන්න.


මං පළමු උත්සහයෙදි මගෙ උපරිමය කලා.....
ඉතින් කියාපල්ලා.

උඹලා ඒක වින්දද?

මං සාර්ථකද?

(මේ පෝස්ටුවට ඇනෝ ඇරිය. අවංක අදහස් දැනගන්න.)



~~~~~~~~~~~~~~~~~~






99 comments:

  1. ඇනෝ ඇරියා නෑ කියලා නෑ අපි නම් එන්නෙ පෙන්නම බනින්න තියෙනවා නම් මූනට හැක් ..මෙකට කියන්න දෙයක් නෑ ..බොලා ගේ මං ආසම කතාව පාට තුනේ අයිස්ක්‍රීම් කතාවට.

    කතාව ලියලා තියෙන භාෂාව රහයි බස්සි ඒ ගැන කියන්න දෙයක් නෑ,හොද අරම්භයක් හොද කතාවක් හිතලා ඉස්සරහට මේ විදියට ලියමු ..

    ReplyDelete
    Replies
    1. මම දන්නවනෙ සහෝ ඔයා කොහොමත් වැරැද්දක් දැක්කොත් මූණටම කියන්න පැකිලෙන්නෙ නැති බව. ඒත් සමහරු ඉන්නව එහෙම කරන්න අපහසු අය, ඇයි තව ප්‍රොෆයිල් එකක් නැති අය.... අන්න ඒ හැමෝටම ඇනෝනිමස් ඇවිත් හරි කියන්න තියන දේවල් කියලා යන්න තමයි මේ අවස්ථාවක් දුන්නෙ. හේතුවකුත් තියෙනව මෙහෙම කරන්න. :)

      අනාආආ.... බස්සි බ්ලොග් එක පටන් ගත්තු කාලෙම ලියපු ඒ කතාව ඔයාට මතකයි කියන එකත් අහන්න සතුටුයි. පාට තුනේ අයිස්ක්‍රීම්..... කාලෙකින් කන්න ගියෙ නෑ.... අපිට පාට පහේ අයිස්ක්‍රීම් කන්න තැනක් සෙට් උනානෙ.

      පාට තුනේ අයිස් එකක් කන්න ඕනෙ අප්පා ආයෙත්. බස්සටත් මේ කමෙන්ට් එක පෙන්නන්න ඕනෙ.

      Delete
    2. ඒක තමයි. යමු යමු මටත් ආයෙ එකක් කන්න ඕන :D

      Delete
    3. අලේ.... බස්සු ඇවිල්ලා.....!!

      එහේ නැද්ද අනේ පාට තුනේ අයිස්ක්‍රීම් විකුණන තැන්? ඇති නේද? මං ආවම රස්තියාදුවක් ගහලා කෝම හරි හොයාගමු නේද පාට තුනේ අයිස් කන්න තැනක්.

      Delete
  2. ඉතාම සන්තෝසයි.. නලින් මාමගේ පත්තරේ විචාරකයෝ වගේ මාත් මේ කතාව විචාරයට කැමතියි. මොකද මං ඔය එක කොටසක්වත් කියවලා නැහැ.

    “සමාජයේ සියුම් තැන් විනිවිද බැලීමේ සහජ පුරුද්දෙන් යුතුව ඇය තම කතාව නිමවා ඇත. එහි අග්‍රඵලය වන්නේ කතාවේ ඇති සමතුලිත බවයි. තමා දුටු දේ ඉතා තික්ෂණ අයුරින් හා සමාජ ගෝචර වන අයුරින් පෙළ ගැස්වීමට රචිකාවිය විසින් ගෙන ඇති වෙහෙස ප්‍රශස්තය“

    ReplyDelete
    Replies
    1. හික්ස්! අයියෝ දේශා...!

      Delete
    2. මේකාව කොටියම කාපිය....කියවන්නේ නැතිව විචාර කොරන්න යනවා.... හිටපිය මං දේශිකාට අදම මේලක් දානවා. උඹ ගැන සේරම කියලා.

      Delete
    3. නලින් මාමේ කොටියා කන්න නෙමෙයි දේශාටත් ඔයාගෙ පත්තරේ රස්සාවක් දෙන්න විචාර ලියන්න. :P

      Delete
    4. මේල දාද්දි කියහං නලින් අයියේ..මටත් තියනවා කෑල්ලක් අමුනන්ඩ ඕකට :D

      Delete
  3. උඹ ලස්සන හීනයක් දැක්කා . අපිටත් ඒ හීනේ පෙන්නුවා .. උඹ සාර්ථකයි .

    මම හිතන්නේ මේකට මං කලින් කොටසේදී විචාරේ දුන්නා. ඒ නිසා ආපහු කියන්න ඕනේ නෑ ....!

    ආදරේ විග්‍රහ කරන්න යාන් එකේ තේරුමක් නෑ, එත් ආදරේ නිසා ඉදිවෙන ෆැන්ටසි ඇතුලේ ජීවත් වෙන එක හරිම සුන්දරයි , චමත්කාරජනකයි . ඒ ෆැන්ටසි වලින් එලියට එන්න හිතෙන්නේ නෑ. මොකද එලියට ආවම නොගැලපීම් එනවා . ඒ නොගැලපීම අර සුන්දර ෆැන්ටසිය විනාශ කරනවා ....

    ඒ නිසා ෆැන්ටසිය ඇතුලෙම ජීවත් වෙන්න ආසයි... උඹ ෆැන්ටසියක් නම් මෙසේමය කියලා පෙන්නුවා.... ගල් ගහන්න ඕන වෙලාවේදී මම උඹට ගල් ගැහුවා .. මේ මල් ඉහින වෙලාව ..මෙන්න මල්මිටක් ...

    keep it up බස්C........


    ප.ලි. - ඔය සිංදුව ෆැන්ටසියකට කියාපු සිංදුවක්... ගිටාර් එකටම හදපු සිංදුවක්... ඔකේ ගිටාර් කෝඩ්ස් ටික ඉල්ල ගනිමු පත්තර මල්ලිගෙන්

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඉවාන්! කතාවක් නැති කතාවකට උනත් බ්ලොග් ලෝකෙ ඉඩකඩ ඇති බව පැහැදිලියි.
      ඔව්නේ... විචාරය කලින් කොටසෙදිම ලැබුනනෙ. :)

      ඔව්. ඔව්. මේ සිංදුවෙයි, නිල් පාටින් පායා දිලෙන සිංදුවෙයි දෙකම ඉගෙනගන්න ඕනෙ. පත්තරේ උදව් කරයි නෙව.

      Delete
    2. මං නම් පත්තරයාගෙන් දුරස්ථ ගුරුහරුකම් ලබාගෙන ගිටාර් ගහනවා , උඹේ ගිටාරේ මලද කන්න කලින් ගහන්න පටන් ගනිං

      Delete
    3. පත්තරේට ගුරු ඩොට් එල් කේ එකට ගිටාර් පාඩම් දාන්න කියමු. :D

      Delete
    4. ඉවානයො.. හතුර උනත් මට ඔහොම කරන්ඩෙපා බං .. හැක් . තොගෙ ගිටාර් එක මීයො කාපිය ... !!!

      බස්සි මචං..පේලි පහකින් මං දන්න සේරම ලීවහැකි .. සිම්පල්නෙ :D

      Delete
    5. අර රේල් පාරක් උඩ ඉඳන් උඹ ප්ලේ කොරන්නෙ ඒ පේලි පහ ද එතෝට? මදැයි! :P

      Delete
    6. චැහ්.. කොල්ලෙක්වෙලා ඉපදුනානේ දෙයියනේ මේව අහන්ඩ මම . ඔහොම නෝන්ඩි කරන්ඩ එපා බං.. :D

      Delete
  4. පිටස්තරින් වින්දෙ ඔයාගෙ ෆැන්ටසිය වුණත් ඇත්තටම හිතට දැනුන කතාවක්...
    අපුරුයි...
    ජයවේවා

    ReplyDelete
  5. මචන් පික්සු බස්සි,
    විචාර දෙන්න මම දන්නේ නෑ. මම ඒක කියන්නේ මට බැරි දේවල් මම දන්න නිසා. උබ හීනයක් දැක්කා, එක අපි වෙනුවෙන් අකුරු කළා. මම ඒ කතාව හදවතින්ම වින්දා. මේ මුළු කතාවම මම කියෙවුවෙ හරිම හිමින්. කිසිම තැනක් මගනොඇරෙන්න.
    කලින් පොස්ටුවේ ඉවානයා (ඕකා මගේ අතින් එලොව යයි තමා) කියන්න ඕනේ දේවල් උබට කියලා තිබුනා. මේ පොස්ටුවෙත් කියලා තියෙනවා. එහෙනම් උබට ජය මචන්....!
    දිගටම ලියහන්...(මැරුම් නොකා) :D

    ReplyDelete
    Replies
    1. අයියෝ මචන් නිමෝ අපි මග බලාන හිටියෙ පහුගිය කතා හැම එකේදිම ඔයා දෙනව කියපු පට්ට විචාරෙ මොකද්ද කියල බලාගන්නනේ..... :)

      තැන්කූ වේවා!! අනිවා දිගටම ලියනව!

      Delete
    2. මම පට්ට විචාර දෙනවා කිව්වේ අර වල් පත්තරයා තමා. කෝ ඕකා...

      Delete
    3. අනේ මන්දා පත්තරයා කලින් එපිසෝඩ් එකේ නම් කියල ගියා කෑවෙ බිවුවෙ නැතත් අනිවාර්යයෙන් එන බව. නෑවිත් ඉන්න එකක් නම් නෑ.

      Delete
    4. යකෝ මේ හැම එකාම ඉන්නේ මාව පරලොව යවන්නනේ .. හිටු තොපි හැරෙන්නත් කලින් මං දෙන්නේ ගේම ...

      Delete
    5. බලළෙකු ඉතින් මට
      අසුවුවහොතින් විගසට
      කඩා ඌ දෙකකට
      දමමි ඇදලා කහල ගොඩකට

      Delete
    6. අඩෝ මං ටයිම් එකට ආව නේ :D

      අම්මටහුඩු නිමෝ විචාරෙනං සම්භාව්‍යයි සැපයි ඈ !! කරුමෙ කියන්නෙ මට ඔය මහප්පරාන තේරෙන් නැති එක නෙවැ . චැහ් .. මාත් කතාවක් ලියනව බොල වෙන දේකට නෙවෙයි උඹට කියල විචාරයක් කරගන්ඩම . ඕ යේස්

      Delete
    7. අන්න හොඳා පත්තරේ.... නිමෝ ඇවිත් දෙයි විචාරයක් ආය ලොවෙත් නැතිවෙන්න.

      Delete
    8. PM, ඉස්සෙල්ල විචාරයක් කරගෙන ඒකට හරියන්න කතාවක් ලිව්වොත් නරකද?

      Delete
    9. @ඉවා
      උබට හතුරෝ ගොඩයි. උබ අමද්‍යප උනාට කමක් නෑ, අපිට බෝතලයක් දිහන්, සලකල බලන්නම්.

      @පත්තරේ
      අනේ උබ ලියන කතා, බලහන් අර බ්ලොග තාම වේලෙනවා. උබ ලියුව දවසට බැරි උනත් අනිවා විචාරයක් කොරනවා.......! මේ ඇත්තමයි...!
      ඔන්න බක්සි ඕකට සාක්කි.

      @බස්සි
      අනිවා දෙනවා බක්සි, පට්ට විචාරයක් රම්පෙට පොරි පොකුරු පොකුරු හැලෙන්න.......@!
      (පොස්ට් එක ගැන නැතත් පත්තරයා ගැන)

      @Pra Jay
      උබ කියන කතාවත් නරකම නෑ.

      Delete
  6. කතාව ඉවර වුණේ මම හිතපු විදියට.:)

    කතාවේ එන 'මම' පූසිත් එක්ක කතා කරන හැටිත්, එයාගේ ආදරවන්තයා එක්ක ආදරෙන් වෙලෙන හැටිත් අපූරුයි. අත්දැකීම් නැති කෙනෙක්ට මෙහෙම ලියන්ට බෑ බස්සියේ...:D

    හිත ගොඩක් උදුර ගත්ත තැන් ... එයාගේ ලොකු ටී-ෂර්ටය ඇන්ද තැන සහ ක්ෂණික නූඩ්ල්ස්...ජීවිතේට ගොඩක් සමීප අවස්තා දෙකක්...

    කතාව සරල වුණත්, ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පොඩ්ඩි අක්කේ.....!

      "ක්ෂණික නූඩ්ල්ස්" සමීපයි...? හිහිහි.... ඔයත් උයන්න කම්මැලියෙක්ද අනේ? :D

      අත්දැකීම් කියන්නෙ අපි අහන, දකින, විඳින හැමදේකටමනේ.... :)

      Delete
  7. මට හිතෙන්නේ අපිත් ඔයත් එක්ක ඒ ෆැන්ටසි හීනේ දැක්කා කියලා..

    ඔය සින්දුවත් මම ආසම සින්දුවක් ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා....!!!

      මම ආසම සිංදු දෙක තමයි ඒ..... :)

      Delete
  8. යැස් කතාව ලියලා ඇත්තටම නියමයි බස්සියෝ....
    සමහර දේවල් අත්දෑකිම් අර ටිෂර්ට් එක අදින තැන එහෙම... සුවඳයි ඊට පස්සේ මුළු දවසම එයාගෙ සුවඳින් පිරිලා යනවා. මතක් වුණා ;)
    ලියපිය දිගටම දැන් ඉතින් :)))))

    ReplyDelete
    Replies
    1. අහ් ඇත්තද???

      Delete
    2. ඔව් ඇයි ප්‍රශ්නයක්ද ඈ ? අවා මෙතන... :* 

      Delete
    3. අහා... ඒකනම් ඇත්ත සිහින. ලොකු ටී ෂර්ට් එකට බැහැලා අඟුටුමිට්ටා වගේ ඉද්දි ශෝයියා නේද?

      Delete
    4. අදේ වලියක් වලියක්! ආඩල වලියක්! Mr. & Mrs Smith වගේ නේ.

      Delete
  9. කියන්න ඕන හැම දේම දිර්ගව මම කිවුවා.. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ..

    උඹ උඹේ හිනේ දැකහන්.. ඒ හීනේ අයිති උඹට මිසක් වෙන කාටවත් නෙමෙයි..

    ReplyDelete
    Replies

    1. කිවුව නහන ගුරු ඉහල ගියත් නහී. පහළ ගියත් නහී ලු දිනේෂ් අයියේ.
      මං කියන එකක් අහන ජාතියෙ එකෙක්යෑ නේද? :)

      Delete
  10. //"ඔයාගෙ නම මොකද්ද?"
    “ඒක වැදගත් ද?”
    “නැහැ නේන්නම්.”//

    ලස්සන ආදරේට නම් ගම් මොකටද? නේද බස්සි අක්කෙ. තැනක් නොතැනක් නෑ, වෙලාවක් කලාවක් නෑ. ගලාගෙන යනව නොදැනිම.

    ReplyDelete
    Replies
    1. ඒ දෙබස දැකපු එක ගැන සතුටුයි නංගියෝ.... කතාව රසවින්දානම් මට ඒ ඇති.

      Delete
  11. මේ ප්‍රභුධ්ධ ඵාටක ප්‍රජාව අස්සේ මේ කෙටි කතාවක් නොවන කෙටි කතාවට විචාර කොරන්න ගිහින් ඇදගෙන නාගන්න බලපොරෝත්තුවක් නෑ.ඒ නිසා කටවහන් ඉන්නෝ.ඒත් බස්සි අක්කේ අර හරිම ගෙස් එකට තෑග්ගක් දෙනවා කිවුවා වගේ මතකයි ;)

    ReplyDelete
    Replies
    1. අනේ ප්‍රබුද්ධ විචාර මොකටද මෙයා අවංක අදහස කියලා යනව මිසක. කටවහන් හිටපු එක ගැනනම් මනාපයක් නෑ මොකද මම ලියාපු පළවෙනි ලිපියෙ ඉඳන් ලියපු සේරම එකක් නෑර කියෙවුවෙ ඔයා නෙව.

      Delete
  12. මම මෙතනදි දෙන්නම් හැලප විචාරයක්... කොර්නේටෝ අයිස්කිරිමක් කෑවා වගේ...

    ReplyDelete
    Replies
    1. කොනෙටෝ එක අයිස්ක්‍රීම් ලෝකෙ පෙරළියක් උනා නේද? ඔහ්! ආඩම්බර හිතෙන පැසසුමක්. :D

      Delete
  13. මේ කතාව මුල ඉදන්ම මට නම් රහක් තිබ්බා...අවසානය සුපිරි පුසා ගැන අපි ඊයේ කතා කලා මම ඔය පුසව කතාවට ඇතුල් කරනවට අකමැත්තෙන් හිටියත් උඹ අපුරුවට පුසා එක්ක කතාව ලියාගෙන ගිහින්.ඒ නිසා එ ගැන ලියන්නේ නෑ උඹ දැකපු ෆැන්ටසිය මම නම් වින්දා හැම දෙයක්ම හිතේ මවා ගන්න පුළුවන් විදිහට උඹ අපුරුවට ලියලා තියෙනවා... උඹට පුළුවන් දෙයක් දැනෙන්න ලියන්න, උඹ සාර්ථකයි බස්සියා...තව ෆැන්ටසි ලියන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ශානු අක්කා. ඊයෙ තව පොඩ්ඩෙන් පූසා කොටියෙක් වෙනවනෙ.

      ඔයා විතරක් නෙමෙයි ඇලෙක්සි කියන චරිතය දිහා තමයි ගොඩක් අය කතා වුනේ. මම කෙටිකතා ගැන වැඩියෙම දන්නෙ නැති නිසා මටනම් ඔය පූසව සංකේතයක් විදියට යොදා ගන්න මිසක් ඒකාගෙන් ලොකු twist එකක් ගහන්න හිතුනෙ නෑ. බලමු. මම තවමත් ඉගෙන ගනිමින් නෙව ඉන්නෙ. ඉදිරියෙදි සමහරවිට මම අක්ෂරවින්‍යාස වැරදි, කතා සැකිල්ලේ අඩුපාඩු, කුතුහලයක් ඇති නොකරන එක වගේ එවුවා හදා ගනීවි. :D

      Delete
  14. හෆ්ෆේ ඇති යාන්තම්, මම හිතුවෙ අන්තිමට ලව් එක චකබ්ලාස් කොරල දායිද කියල :D :D කතාව ආසාවෙන් කියෙව්වා. Great (Y)
    බස්සි ඔය සින්දු තියෙන ටෙලිය බලල තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගොලූ....

      නැතුව. ඕක යද්දි මං තුන වසරෙද කොහෙද. අපේ තාත්ත මාව ළඟින් තියන් බලනව මතකයි යන්තමට. මං හරි ආස උනේ අර පොඩි ගෑල්ලමයට ඒකෙ. "නිල් පාටින් පායා දිලෙන" සිංදුවත් ටෙලිය එක්කම නෑසී ගියත් ඒකත් සදාකාලෙටම මතක හිටිය.

      අපේ අම්ම බනිනව ඉස්සර පොඩි ළමයි ගැලපෙන්නැති නාට්‍ය බලනව කියල. මනස විකෘති වෙනව කියල. ඕව බලනකොට. දැන් යන බොහොමයක් ටෙලිනාට්‍ය එක්ක බලද්දි ඒව මොනතරම් සුන්දරද නේද?

      ළඟදි මේ වගේ තදින්ම හිතට වැදුන නාට්‍ය ගියේ දෙකයි. එකක් "වර්ණ", අනික "අමුතු මිනිස්සු".

      Delete
    2. හ්ම්ම්, :D ඒ කාලෙ තිබුණු ඒවට වඩා වෙනස් මාරම ලස්සන ටෙලියක් තමයි ඒක. දැන් තියෙන ඒව බලනවට වඩා හොඳයි අෆ්ෆා ඇස් දෙකට පිහියෙන් ඇනගන්න එක. :/

      Delete
    3. අනිවා. එකම ප්ලොට් එක, එකම නලුනිළියො, එකම ලොකේෂන්.... මට නම් බයේ බෑ අටහමාරෙ මෙගා එකේ කොල්ලා නමයෙ මෙගා එකේ කෙල්ල එක්ක පැනල යයි කියල.

      Delete
    4. හහහා, :v :v මෙගා ගැන දැක්ක හොඳම විචාරයද මන්දා බස්සිගෙ කතාව,
      ( බි.පෙ.පෙ.පෙ.පෙ.සි ) :P

      Delete
  15. යකෝ කිව්වත් වගේ මේ බස්සිව මැරුවත් මදි මගෙ හිතට. එකම එක කාරණා දෙකක් නිසා උඹ බේරුනා කියලා හිතාගන්. ^_^

    කාරණා අංක 1 ~ අර අහිංසක බස්සා,
    කාරණා අංක 2 ~ බස්සිගෙ කතාව සි‍රාවටම ලස්සනයි කියලා කියන්න පුළුවන් එක.

    ඒක පට්ට බොල. (y)

    ReplyDelete
    Replies
    1. බස්සා අහිංසකයි?? :O

      අනා.... තැන්කුයි හොඳේ....

      Delete
    2. අපරාදේ බන් උබේ හිත වෙනස් උනේ ප්‍රියා....
      උබ බස්සිව පරලොව ඇරියා නම් ඉතින් අර බස්සත් නිදහස් කොල්ලෙක්..... චැහ්.....!
      ආ.......... මං බොරුද කියන්නේ......!

      Delete
    3. නිමෝ මන් ටෝ..... බස්සට ඉතින් මේ ආත්මෙදි ගැලවිල්ලක් නෑ හලිද!

      Delete
    4. පවු අහිංසක කොල්ලා....!

      Delete
  16. රහයි බස්සියෙ කතාව..ඇත්තටම බාසව, ලියන විදිය හදවතටම කතා කරනව.. ලස්සනම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ට්‍රොනිකෝ.... කතාව රසවින්දානම් එච්චරයි.

      Delete
  17. රයිටෝ මිස් !! කොටස් හතරම කියෙව්වා.. මේකයි ෂීන්ස් එක..
    ෆැන්ටසියක් අපි හැමෝටම තියනවා.පුද්ගලිකව මට තියනවා..නිශ්චිත ඉලක්කයක් නැතුව ගියපු මේ කතාවෙ රසවත් බවේ අඩුවක් මට දැනුනෙ නෑ, අපි ප්ලෑන් කරලා ගිය ට්‍රිප් එකක් වගේම පෙම්වතියව පිටිපස්සෙ තියාගෙන අරමුනක් නැතුව ඔහේ ඇවිදපු ගමන් වලත් තෘප්තියෙ අඩුවක් නෑ.. මේකත් ඒ වගේ..
    උඹ ෆැන්ටසියක් මැව්වා උඹ මවපු ඉමේජ් එක අපිට ඒ විදියටම දැනුනා..ඒ කියන්නෙ උඹ ගොඩ !! ඔය කොන්ඩෙ වවාගත්ත ගිටාර් කාරයයි කෙල්ලෙයි කියන්නෙ බොළඳ උනත් මම පට්ට ආස කන්සෙප්ට් එකක්..ඒ වගේම පරණ වෙන්නෙත් නැති එකක්.
    හරියට චේ ගේ ලෝකප්‍රසිද්ධ ඉමේජ් එක වගේ..( අර උලමා ඒක දාගෙන ඒ මනුස්සයත් කනවා.ඕකට මං ටොපිය නං දෙනවාමයි )

    බොළඳ වෙන්න ඕන තැන බොළඳ වෙන්න ඕන..ආදරේ වගේ සංවේදී ඉසව් ස්පර්ශ කරද්දි පොල් ගස් වගේ කෙලින් ඉඳං ඒක කරන්න බෑ.. කොයි චන්ඩියත් ඔතනදි ඇඹරෙනවා.. එහෙම නොවෙනවනම් ඌ එක්කො ආදරේ කරන්න දන් නෑ..නැත්තං අපේ බාසාවෙන් කියනවනං "සෙන්සිටිව් බැහැලා " !!

    මේක එක ස්ටයිල් එකක්. බ්ලැක් මෙටල් මියුසික් අපිට රහ නෑ වගේම ඒක ආදරෙන් වැලඳගත්ත රසිකයො ඉන්නවා.. එතනදි නානත්ථ කායා - නානත්ථ සංඥා .. එක්ස්පෙරිමන්ට් එකක් කරා .. වැඩේ අල්ලල ගියා..සුභ පැතුම් මචී..
    ළමායි ආතල් ඉවරායි.. ෆැන්ටසියෙන් එලියට ඇවිත් ජීවිතේ ගැටගහගන්න බලමු . හැක් !! :D

    ReplyDelete
    Replies
    1. //ළමායි ආතල් ඉවරායි.. ෆැන්ටසියෙන් එලියට ඇවිත් ජීවිතේ ගැටගහගන්න බලමු//

      අනිවා.... ඒක තමයි දැන් කියන්න තියෙන්නෙ.

      තැන්කුයි පත්තරේ....! විචාරය දීල තියනව බොක්කෙන්ම :D

      Delete
    2. අන්න විචාර....... තම්බ්ස් අප් පත්තරේ.........!

      Delete
    3. ඔයත් පත්තරේගෙන් ටියුෂන් ගන්න නිමෝ ඕවගේ විචාර දෙන්න.

      Delete
    4. අම්මට හුඩු මචං පත්තරේ...උඹනම් දැන් මාර ප්‍රබුද්ධ විචාරකයෙකුගේ මට්ටමට ළඟාවෙමින් ඉන්නවා. මේ බොක්කෙන්මයි කියන්නෙ, විචාරෙනම් උපරිමයි. උඹ කඩු පාරවල් දදා ඒක කියනකොට ඒකෙ මාර ගතියක් තියෙනවා බං.

      බස්සියේ මේ ප්‍රබුද්ධ විචාරකය පරිස්සමින් බලාගන්න හොඳේ.

      අඩෝ පත්තරය හැබැයි උඹ කතා විචාරය කලාටනම් කමක් නෑ. හැබැයි ගීත විචාරය කරන්න ඇවිත් මට බඩේ පාර ගැහුවොත් නම් අම්මප මං ඉවානයාටයි, විචාරකටයි එකතුවෙලා ඉතාලියට වෙඩි තියනවා .50බ්‍රව්නිං එකකින්.

      Delete
    5. පත්තරේ........ඔන්න බලපන්...මම බොරුද උඹ ගැන කියලා තියෙන්නේ.

      Delete
    6. අරූ අයියා. උඹට ස්තූති කරන්න වචන නෑ බං. අම්මපා !!

      Delete
    7. මොකද්ද අප්පේ ඔය දෙන්නගෙ මේ රහස් කතාව??

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. හැක් .. නෑ බං මනෝෂො..මට හැදෙන්ඩ අත දුන්න උන්ගෙන් ඉස්සරහින්ම ඉන්න මනුස්සයෙක් තමා අරූ අයියා. මට විතරක් නෙමෙයි උඹ ඉවා මම බස්සි වගේ ගොඩක් අය ඒකට සාක්කි දෙයි !!!!

      Delete
    10. අනිවාරෙන්ම මචං.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. මාව මේ ට්‍රැක් එකට දැම්මෙත් අරූ අයියනේ..

      Delete
    11. පත්තරේ& මනෝෂ්.....මම උඹලාට ටොෆියක් අරන් දුන්නේ. හැබැයි ඒක උඹලා චොකලට් එකක් කියනවා නම් මම මොකද කරන්නේ.

      Delete
    12. හවසට ගෙදර එන තාත්ත ගේන්නෙ ටොෆියක්ද චොකලට් එකක්ද කියන එක පොඩි එකාට වැඩක් නෑ !!!! ඌට වටින්නේ තාත්තා මට චොකෝ ගෙනාව කියන පහන් සිතුවිල්ල විතරයි . ඌට ෆෙරෝරෝචර් එකක් ගෙනාවත් බන්ටි ටොපියක් ගෙනාවත් ඌට ඒ සේරම චොකෝ !!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    13. පත්තරේ+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    14. පත්තරේ අර චොකෝ කතාව එල බන්! ඇත්තටම ඇයි ලිපි නොලියන්නෙ හැකියාව තියාගෙනත්!

      Delete
    15. අංකල් අරූ, පෝස්ට් එකක් ලිවුවාම ආසාවෙන් බලන් ඉන්න විචාරයක් තමයි ඔබේ විචාරය. හොඳක් ඇත්නම් බොරු ලොකුකම් නෑ කෙලින්ම ඇත්තම කියනවා. දොසක් ඇත්නම් එයත් to the point අපේ හිතත් නොරිදෙන්න කෙලින් කියනවා. ඒ නිසා පත්තරේ කියන එක සහතික ඇත්ත. :)

      Delete
  18. උත්සාහය සාර්ථකයි.
    හිතට වැදුණු ෆැන්ටසියක්.

    තව මේ වගේ ඩිජිටල් ෆැන්ටසි ලියන්න. අපි එන්නම් කියවන්න.,

    ReplyDelete
  19. විචාරන්න දෙයක් නැහැ යශෝ.මේක බොහොම සාර්ථක අරම්භයක්.
    ෆැන්ටසි එක්ක ජිවත් වෙන්න අපි ගොඩක් ආසයි.ඒ වගේම ලේසියි.හැබැයි හරි අභියෝගේ ෆැන්ටසියෙන් පිට හැබෑ ලෝකේ ජිවත් වෙන එකයි.ඒ ලෝකේ අමාරුයි.හැබැයි ජිවත් වෙන්න ඕනේ ඒ ලෝකෙම තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ!!

      අනිවාර්යයෙන්.... සංකීර්ණ හැබෑ ලෝකෙ පය ගහල පිස්සු නොහැදි ඉන්න නම් මේ වගේ සරල මනමැවි නැතිවත් බැහැ.

      Delete
  20. මං කියෝපු කතා වලින් මං ආසම ආස කතාවක්.. අපුරුයි.. තව මේ වගේම කතා ගොඩාරියක් ලිය්න්න බස්සි අක්කෝ.. ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි මොණරියේ... :D

      Delete
  21. රොමෑන්ටික් ෆැන්ටසිය අප්පා....
    ඇත්තටම හදවතින්ම වින්දා....
    සාර්ථකයි බත්තියෝ....

    තව තව ෆැන්ටසි පහල වේවා හිත් පොජ්ජට... ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි අක්කා.... :D

      Delete
  22. තෙවන කොටස මග ඇරිලා තිබිලා...මේ කථාව කියවන්න ආවම කොයිල් වගේ නිසා මම පොඩ්ඩක් හොයලා බලලා ඒ කොටසත් කියෙව්වා මේ දැන්...මේ කථාව තුල ඔබ භාවිතා කරලා තියෙන වචන එහෙම සැලකුවාම අර මම හැමදාම කියන අනන්‍යතාව කියන දේ ඒ තුල තියෙනවා...ඒ වගේම මේ කථාව අපේ රටට වඩා බටහිර රටක සංස්කෘතියක් එක්ක සැසදෙන බවක් තමයි මට වැටහුනේ...උත්සාහය අගය කරනවා...ඉදිරි ලියමන් සමග හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අයියේ අදහසට!

      Delete
  23. අවසානයට එනෙකොට ෆුල් රොමැන්ටික්. ඒ ෆීල් එක කතාව ඇතුලෙන් එලියට ආවා. බස්C සාර්ථකයි මට නම්. කියවන්නාව කොටස් හතරක් තුලම ඒ ලෙස බඳවා තබා ගැනීමත් ඉහළයි. සතුටුයි බස්C

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ අංකල්! ඔයාලගෙ ප්‍රතිචාර මට බොහොම වටිනවා. :D

      Delete
  24. බස්සියේ.. මේ ලියල තියෙන බස්සිස්ටයිල් එකට මං නම් හරිම මනාපයි. ඒ විදියට කතාව ගලාගෙන යනකොට ඒක කියවගෙන යන්න හරිම ප්‍රියයි හිතට. මේක නවකතාවක්ද කෙටිකතාවක්ද, නැත්නම් වෙන මොකඛරිද කියල කියන්නනම් මං දන්නෑ. කොහොම උනත් මං කියවපු දෙයක් මෙහෙම කියන්නම්.

    මේ සටහන මට හම්බුනේ චන්දන මෙන්ඩිස්ගේ නන්නාදුනන්නිය කියන කෙටිකතා සංග්‍රහයෙන්. ඒකෙ පෙරවදනෙ ඔහු උපුටාගැනීමක් දක්වනවා. මේ කතාව කියන්නෙ 1949දි සාහිත්‍ය අංශයෙන් නොබෙල් තෑග්ග දිනපු ශ්‍රේෂ්ඨ ඇමරිකානු ලේඛකයෙකු වෙච්ච විලියම් ෆෝක්නර් නම් ලේඛකයා. ඔහු මෙන්න මෙහෙම කියනවා..

    "කතන්දර කීමේ කලාව කිසිවිටෙකත් නීති රීති, සීමා මායිම් හෝ සම්ප්‍රදාය වැනි රාමු තුල කොටුකර තැබිය නොහැක. කෙටිකතාව යම් විධික්‍රම හෝ සිද්ධාන්ත අනුව ලිවිය යුතු යැයි කිසිවෙකු පවසනවා නම් ඔහු මෝඩයෙකි!"

    ReplyDelete
    Replies
    1. "කතන්දර කීමේ කලාව කිසිවිටෙකත් නීති රීති, සීමා මායිම් හෝ සම්ප්‍රදාය වැනි රාමු තුල කොටුකර තැබිය නොහැක. කෙටිකතාව යම් විධික්‍රම හෝ සිද්ධාන්ත අනුව ලිවිය යුතු යැයි කිසිවෙකු පවසනවා නම් ඔහු මෝඩයෙකි!"

      මේ කතාවනම් බොහොම වටිනවා මනෝෂ්! මාත් හිතන්නෙ කලාවක් සීමා මායිම් රාමු ගහලා වෙන් කරන්න පුලුවන්කමක් නැහැ. ගොඩක් ස්තූතියි. :)

      Delete
  25. උඹලා ඒක වින්දද? හොදට රස වින්දා

    මං සාර්ථකද?මම නම් එම හිතනවා කතාව කියවනකොට ලස්සනට රුප මැවෙනවා

    මොන පස්නේ ආවත් ඉක්මනට තව කතාවක් ඕනි ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බොරලු මල්ලී....

      Delete
  26. සිත තුල රැදෙන ෆැන්ටසි තව මවන්නට
    රැල්ලට නොයා වෙන රැල්ලක් ත නන්නට
    අමුතු ලොවක අප තනි කර දමන්නට
    මෙව්ව කරන්නට තව දිරි අපේ බස්සීට

    එළ අක්කේ... ජය වේවා!
    සුදු නංගී (T)

    ReplyDelete
    Replies
    1. සුදු නංගි? හ්ම්ම්ම්... හ්ම්ම්ම්... ස්තූතියි හොඳේ!

      Delete
  27. කතාව මීට වඩා හොද තත්වෙකට එයි කියල නං බලාපොරොත්තු උනා මං. ලස්සනට ඇද ඇද ඉදපු චිත්‍රයක් එකපාරම කලු පාට පින්සල් පාරක් ගාල විනාස කලා වගෙයි මට නං හැගෙන්නෙ. කතාව enjoy කලේ නෑ කියන්න බෑ. එළ! ජයවේ.........!!

    ReplyDelete
    Replies
    1. අනේ... ඒ ඇයි? විස්තර කරන්නකෝ.... ස්තූතියි අදහසට කැස්පර්!

      Delete
  28. බතුයි සම්බෝලයි නැතුව රයිස් ඇන්ඩ් කොකනට් චට්නි කැවා වගේ

    ReplyDelete