ඔහු එකපාරම මගෙ දිහාට හැරුනා. මගේ වම් කම්මුල දිගේ ඉහලට දබරැගිල්ලෙන් ඉරක් අඳිමින්. ඒ ස්පර්ශය රළුයි.
ඔහු තමන්ගේ ඇඟිලි තුඩු දිහාත්, මගේ ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බලන්නට වුනා.
“කඳුළු?”
“වෙන්නැති.”
“හවස ලෙක්චර්ස් තියෙනව කිවුව.”
“හ්ම්ම්ම්… දැන් පරක්කු වැඩියි.” මම ඔහුට පෙන්නුව දුරකතන තිරය.
“මං යනව.”
ඔහු එක්වරම කිවුව
මං බලන් උන්නා.
හීන් වැහි පොදක් වැටෙන්න අරන් ආයෙමත්. පිට්ටනිය වටා තියෙන උද්‍යාන බංකු එකක් නෑර පිරිල තියෙන්නෙ හවස දේශණ අහවර වෙලා එලියට බහින පෙම්වතුන්ගෙන්. ඔවුන්ටත් මේ හිරිපොදය ගානක් නැහැ වගෙයි.
“යමු.”
ඔහු මගේ උරහිසට අතක් තබමින් කිවුව.
කලු ගල් ඇතිරූ මාවත දිගේ හෙමින් හෙමින් ඉදිරියට ඇදුනෙ මේ මොහොත ගැන හිතේ හටගත්තු අසීමාන්තික ලෝබකම නිසාමයි. මගේ ගමන් වේගය ගැන මැසිවිලි නොකිවුවත් ඔහු ඉඳ හිට පාර දෙපස කළු ගල් කැබලිති වලට පහර ගසමින් නොයිවසිලිමත් බැල්මක් හෙලුවා.
අතුපතර විහිදුන විසාල මාර ගහක් හෙවනෙ අපි නතර උනා. එයා කිවුවෙත් නෑ ඉන්න ඕනෙ බව. මම කිවුවෙත් නෑ යන්න ඕනෙ බව.
ගහට පිට දුන් ඔහු තවත් සිගරැට්ටුවක් දල්වා ගත්තා. මා දිහා බලලා හිනා උනා.
“එනවා, කියල දෙන්න.”
"මොනාද?"
"ම්ම්...." ඔහු සිගරැට්ටුව මා වෙත පෑවා.
"ම්ම්...." ඔහු සිගරැට්ටුව මා වෙත පෑවා.
“එයත් සිගරැට් බොනවද?”
“කවුද?”
“ඇලෙක්සි?”
“එයා බොනව කිරි.”
ඔහු මගේ කෙහෙරැල්ලක් ඇඟිලි තුඩු අතර
පටලවා ගනිමින් කිවුවා.
“එයා කැම්පස් ද?”
“කවුද?”
“ඇලෙක්සි?”
“ම්හ් හුම්.”
මුහුන වටා කැරකෙන දුම් වළලු මම ආඝ්‍රාණය කලේ ආසාවෙන්. එතුලින් මට දැනුනෙ ඔහුගේම සුවඳ.
මුහුන වටා කැරකෙන දුම් වළලු මම ආඝ්‍රාණය කලේ ආසාවෙන්. එතුලින් මට දැනුනෙ ඔහුගේම සුවඳ.
ඒත්…..
ඔහුට ඉන්නව හවුල්කාරියක්.
මට ඔහුව හිමි නැහැ.
පුළුන් කැටියක් වගේ….. සැහැල්ලුයි….
ඔහ්! ඒ වාසනාවන්ත හැතිරිය.
මගෙ සිතුවිලි ගිනියම් වෙලා දුම් රොටු ඉහල නැගෙන්න අරන්.
හදවත පිච්චෙන සැරට කම්මුල් රතු වුනා.
ඒත්….
මේ මොහොත මගෙයි.
මේ මොහොත මගෙයි.
කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන මේ විදුලි රේඛා මට පුරුදු නෑ.
පොත් මල්ල අතෙන් ගිලිහුනේ නොදැනුවත්වම.
ජීවිත කාලයකට වඩා දිග මිනිත්තු දොළහක්.
ජීවිත කාලයකට වඩා දිග මිනිත්තු දොළහක්.
මම ඇස් ඇරියා.
ඔහු බිම වැටිල තිවුන හිස්වැසුම ගසා දමා මගේ හිසට දැම්මෙ ඕනෑවට එපාවට වගේ.
“ඔයා එන්න.”
“කොහේද?”
“අපේ ඇනෙක්සියට.”
“ඔයාගෙ හවුල්කාරි මාව මරයි.”
“ඔව්. සමහරවිට.”
ඔහු අහස දිහා බලාගෙන කියන්නට උනා.
ඔහු අහස දිහා බලාගෙන කියන්නට උනා.
“ඒකි කෑ ගහයි. සූරයි. හපයි. මහ දරුණු කේන්තිකාරියක්!”
මගෙ මුහුනේ ඇඳුනු විස්මය දුටු ඔහු යටිතොල විකාගෙන දඟකාර හිනාවක් නැගුවා.
"බයවෙන්න එපා. එයා හොඳයි. ලෙන්ගතුයි." ඔහු ආයෙම කිවුවා.
"අපි යමු."
එහෙම කරන්නට හිතිවිල්ලක් නැතිවම මං ඔහුගේ අතින් අල්ලා ගත්තා.
"සිනිඳුයි." ඔහු මගේ අත්ල පරෙස්සමින් පිරිමැද්දා.
ඒ අත් රළුයි. රේඛා බහුලයි.
ඒ අත් රළුයි. රේඛා බහුලයි.
ඔහුගේ හුස්ම වැදිලා මගෙ නළලෙ කෙස් රොදවල් සෙමෙන් ඈත් මෑත් උනා. නළල් තලයෙන් ඇරඹිලා ඇස් පියන් තෙමාගෙන දෙකොපුල් කරා ඇදෙන ඔහුනේ දඟකාර දෙතොලේ ස්පර්ශය මම ආසාවෙන් විඳගත්තා.
එතැන ඒ ඇසිල්ලේ හදගැස්ම දෙතොල් වල රිද්මයත් සමග අනුනාද වුනා.
ක්‍රමික, රිද්මයානුකූල හදගැස්ම.
හිටි ගමන් රිද්මය අඩු වැඩි වෙන දඟකාර හදගැස්ම.
ඉන්පස්සෙ දෙසවන් පුපුරා යන තරමේ ජවයකින්, වේගවත් වුන හදගැස්ම......
පොත්මල්ල උඩට වැටුන ජර්සියත්, හිස්වැසුමත් දුන්නු උණුහුම හොයාගෙන මම තව තවත් ඔහුගේ පපුවට තුරුලු උනා.
තත්පර කටුව නැවතුනා. පෘතුවිය ආපස්සට කැරකෙන්න ගත්තෙ හිතාගන්නවත් බැරි තරම් වේගයෙන්.......
මට බයයි.
ඉක්මනට එන්න.
අනේ ඉක්මනට එන්න.
මං ඇස් වහගෙන මිමිණුවා.
හදවත ගැහෙන වේගය ටිකෙන් ටික ටිකෙන් ටික අඩු උනා. මම හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.
ක්‍රමික, රිද්මයානුකූල හදගැස්ම.
හිටි ගමන් රිද්මය අඩු වැඩි වෙන දඟකාර හදගැස්ම.
ඉන්පස්සෙ දෙසවන් පුපුරා යන තරමේ ජවයකින්, වේගවත් වුන හදගැස්ම......
පොත්මල්ල උඩට වැටුන ජර්සියත්, හිස්වැසුමත් දුන්නු උණුහුම හොයාගෙන මම තව තවත් ඔහුගේ පපුවට තුරුලු උනා.
තත්පර කටුව නැවතුනා. පෘතුවිය ආපස්සට කැරකෙන්න ගත්තෙ හිතාගන්නවත් බැරි තරම් වේගයෙන්.......
දීර්ඝ කාලතරණයකින් පස්සෙ මං
හීන්සීරුවේ ඇස් ඇරලා වට පිට බැලුවා.
හාත්පස අඳුරුයි.
මම කළුවරට වෛර කලා…. පැය ගානකට කලින්.
ඒත්
මේ මොහොතේ ඒ කළුවර ගැන හිතේ හටගත්තෙ අමුතුම බැඳීමක්. හීගඩු නංවන සීතල, පොඩිවුන තණබිස්සෙන්
නැගෙන නැවුම් සුවඳ, සිහින් මදනළක ගමන් තාලයට නැළැවෙන තුරුපත්….
ජර්සියේ
බොත්තම් පියවන ඔහුගේ ඇඟිලි තුඩු කලබලයි.
මම
හොරෙන්ම ඔහුගේ පුළුල් හිස්වැසුම දාගෙන බැලුවෙ ආසාවට. මගෙ නහය වෙනකම් ඒ ඇතුලෙ. මොහොතකට
කලින් විඳපු ඔහුගෙ හිසකේ වල සුවඳ මට දැනෙනව.
“හෙර!
මගෙ හැට් එක උස්සලා”
ආයෙමත් කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන කෙටි විදුලි රේඛාවක්.
ආයෙමත් කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන කෙටි විදුලි රේඛාවක්.
ඔහුගේ
රළු අත්ලෙන් වටවුනු ඇඟිලි තුඩු වලට වෙනදා වගේ හීතල කාන්දු වෙන්න ඉඩක් තිවුනෙ නෑ.
අඳුරත්, නිහඬතාවයත් එක්ක තනියෙන් සංවාදයක නියැලෙමින් උන්නු මම අවදි වුනේ ඔහුගේ ඇනෙක්සියේ ගේට්ටුව ඇරෙන හඬින්.
“මට බයයි! මාව ආපහු ඇරලවන්න.”
“ඇලෙක්සැන්ඩ්‍රියා ඉන්නෙ මෙහෙ නෙමෙයිද?”
ඔහු මගේ කරවටේ අතක් දමා ගත්තා. හෙමෙන් උරහිසට තට්ටුවක් දැම්මේ හැමදෙයක්ම හරියාවි කියන්නා වාගේ…
“ඇලෙක්සී….” ඔහු හඬනගා කතාකලා.
කවුරුත් ආවේ නැහැ.
“කොහෙහරි රස්තියාදුවක ගිහින් ඇති..”
“ම්හ්…”
“සාදරයෙන් පිළිගන්නවා මගෙ දුප්පත් රජදහනට”
“උයන්න වෙනව.”
“කඩෙන් කමු”
“කමක් නැද්ද?”
මං හිනා උනා. “මං උයන්න දන්නෑ…”
“මං දන්නවනෙ.”
“කොත්තුමී අරන් එන්නා……ම්”
ඔහු එහෙමම දොර වහගෙන පියගැට පෙළ දිගේ පහළට දුවන ගමන් කෑ ගැහුව. ඉදිරිපස දොර වැහෙන හඬට මගෙ හිත ගැස්සුනා.
ආයෙමත් අඳුර. මම අඳුරට ඇස් හුරුවෙනකම් බලා උන්නා.
ජනේලයක් විවරවෙන සිහින් කිරිකිරි හඬක් එක්ක මගේ දෙපතුල් සීතල වෙලා ගියා. මම ළඟම තිවුනු සෝෆාවේ වාඩිවුනේ නොදැනුවත්වම. එක්වරම කුස්සියෙන් ඇහුනෙ ඇලුමිනියම් භාජන කිහිපයක් පෙරැලෙන හඬ. තිගැස්සුන හිතත් එක්ක හුස්ම වැටෙන වේගය ඉහල යද්දි වේගයෙන් ගැහෙන හදවතේ ලබ්ඩබ් ලබ්ඩබ් හඬ දෙසවන් තුල නින්නාද වුනා.
අඳුරත්, නිහඬතාවයත් එක්ක තනියෙන් සංවාදයක නියැලෙමින් උන්නු මම අවදි වුනේ ඔහුගේ ඇනෙක්සියේ ගේට්ටුව ඇරෙන හඬින්.
“මට බයයි! මාව ආපහු ඇරලවන්න.”
“ඇයි?”
“ඇලෙක්සැන්ඩ්‍රියා ඉන්නෙ මෙහෙ නෙමෙයිද?”
ඔහු මගේ කරවටේ අතක් දමා ගත්තා. හෙමෙන් උරහිසට තට්ටුවක් දැම්මේ හැමදෙයක්ම හරියාවි කියන්නා වාගේ…
“ඇලෙක්සී….” ඔහු හඬනගා කතාකලා.
කවුරුත් ආවේ නැහැ.
“කොහෙහරි රස්තියාදුවක ගිහින් ඇති..”
“ම්හ්…”
“සාදරයෙන් පිළිගන්නවා මගෙ දුප්පත් රජදහනට”
පටු පියගැටපෙළ නැගලා නවාතැනේ දොර විවර කල ඔහු විසුලු ලීලාවක් පාමින් කියද්දි මට තවදුරටත් බයේ ගැහෙන්න අමතක වුනා.
“උයන්න වෙනව.”
“කඩෙන් කමු”
“කමක් නැද්ද?”
මං හිනා උනා. “මං උයන්න දන්නෑ…”
“මං දන්නවනෙ.”
“කොත්තුමී අරන් එන්නා……ම්”
ඔහු එහෙමම දොර වහගෙන පියගැට පෙළ දිගේ පහළට දුවන ගමන් කෑ ගැහුව. ඉදිරිපස දොර වැහෙන හඬට මගෙ හිත ගැස්සුනා.
ආයෙමත් අඳුර. මම අඳුරට ඇස් හුරුවෙනකම් බලා උන්නා.
ජනේලයක් විවරවෙන සිහින් කිරිකිරි හඬක් එක්ක මගේ දෙපතුල් සීතල වෙලා ගියා. මම ළඟම තිවුනු සෝෆාවේ වාඩිවුනේ නොදැනුවත්වම. එක්වරම කුස්සියෙන් ඇහුනෙ ඇලුමිනියම් භාජන කිහිපයක් පෙරැලෙන හඬ. තිගැස්සුන හිතත් එක්ක හුස්ම වැටෙන වේගය ඉහල යද්දි වේගයෙන් ගැහෙන හදවතේ ලබ්ඩබ් ලබ්ඩබ් හඬ දෙසවන් තුල නින්නාද වුනා.
මට බයයි.
ඉක්මනට එන්න.
අනේ ඉක්මනට එන්න.
මං ඇස් වහගෙන මිමිණුවා.
හදවත ගැහෙන වේගය ටිකෙන් ටික ටිකෙන් ටික අඩු උනා. මම හෙමින් ඇස් ඇරලා අවට බැලුවා.
කුස්සියේ දඟලාපු හොල්මන සාලයට ඇවිත් නැහැ. එහෙනම් මං යන්නෝන කුස්සියට, ඌව හොයාගෙන.
~ මතු සබැඳි ~
අවසාන කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න.
අවසාන කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න.
හිතෙන්,,,, අපිලිවෙල ගිටාර් කාරයා උනා මොහොතකට
ReplyDeleteඒ කියන්නෙ මගේ ලියැවිල්ල සාර්ථකයි වගේ... :)
Deleteඔට්ටු නෑ අයියෝ මෙහෛම කථා ලියන්න... මැවිල පේනවනෙ කියවගෙන යනකොට... අලේ් ඉක්මනට දාන්න අනිත් කොටසත්..
ReplyDeleteසිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
සුහද ආරාධනාවක්
Deleteඅරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම
වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඉවසලා ඉන්ටකෝ ට්‍රොනිකෝ.. අන්තිම කොටස තමයි හොඳම කොටස.
ඔව්..... සාර්ථකයි බස්සියෝ.....ඔය දැන් ඉස්සරහට වඩා හොදින් ලියනවා. දැන් කෙටි කතා ලක්ෂණ පහල වෙලා තියෙන්නේ, හරියයට දිනේෂ්ගේ වගේ......
ReplyDeleteගුප්තභාවය, සංකේත භාවිතය ඉතාම හොදයි..... වචනත් පැහැදිලියි......
ගොඩක් ස්තූතියි නිහංසා... දිනේෂ් අයිය ලියන කොලිටි එකට එන්නනම් තව ආත්මයක් විතර මට කෙටිකතා ලියල ලියල ඉගෙනගන්න වෙයි. :)
Deleteනැ..... බස්සියෝ..... දැන් ඔයා එතන. .....ඔයාගේ ගමන යන්න.
Deleteලියන්න ...ලියන්න දළුලනවා...... අලුත් දේවල්......
:D
Delete/./එතැන ඒ ඇසිල්ලේ හදගැස්ම දෙතොල් වල රිද්මයත් සමග අනුනාද වුනා.//
ReplyDeleteහදවතේ සංක්‍යතේ නම් කාගේත් එක වන්න ඇති නේ.:D එත් දෙතොල් වල ස්වභාවික කම්පන සංක්යාතේ මොකද්ද ඈ.තව කෘත කම්පන සංක්‍යතේ මොකද ? අනුනාද වෙන්න ඒවා ඕනි ලු නේ.
@කල්පනා කොරමින්.
එක්සෑම් ලංවෙද්දි මූට කොහොම පිස්සු හැදෙයිද! තව අවුරුද්දක්ම තියෙද්දි මෙහෙමනම්!
Deleteඔයා ඒ වාක්‍ය එච්චර දුරට කම්පනා කලාද? ඕව තියරි වලින් පැහැදිලි කොරන්න බැරියෝ......... ප්‍රැක්ටිකල් කලොත් හොයාගත්තැකි.
දෙතොල් වල ස්වභාවික කම්පන සංක්යාතේ පැක්ටිකල් වලින් හොයන්න ගියොත් හෙම දන්නවනේ වෙන වැඩේ :D
Deleteමන් දන්නෑ. ඔයා දන්නවැයි? ;)
Deleteමේ කථාවේ හොදම කොටස තියන්නේ ලබන සතියේ.... හැක් හැක්...
ReplyDeleteමාත් කැමති ලබන සතියේ වගේ අවසානයක් දකින්න තමයි...
(කථාව රස විඳගෙන යනවා - සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ දෙන්නම්)
ජය වේවා!!!
මෙන්න මෙයා ලබන සතිය දිවැසින් දැකලා....!! එහෙනම් ලබන සතියෙ දෙන්ටකෝ විදානෙගේ විචාරේ....
Deleteඅනේ බං උඹෙයි නිමෝගෙයි විචාර දෙක බලන්න මං කී දවසක් තිස්සෙද පස්සෙං එන්නේ .. චැහ්.
Deleteඅදත් නෑ !!!!!
විචාරේ දෙන්නේ උඔට ඇඩෙන්න.. ලේන්සුවකුත් අරගෙනම වරෙන් ලබන සතියේ.....
Deleteඅනේ නිමෝගෙ විචාරෙ. අද නෑ වගේ තාම.
Deleteවිදානෙයො
Deleteකඳුලු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න…
හැක් හැක්
පත්තරේ සින්දු කඩයක් දාල වගේ
Deleteඉන්නවා බොලව් ඉන්නවා...!
Deleteඅඩෝ මේ පත්තරයා තෝ නිකා ඉදින්,
අප්පේ කෙටිකතා විචාරකය ඇවිල්ලා මේන්!
Deleteනිමෝ .. දෙන්ඩ පුතා විචාරෙ කස්ටිය සලිත වෙලා යන්ඩ !!!! ඇරු … ඇරු …
Delete//ඔහ්! ඒ වාසනාවන්ත හැතිරිය.// :D
ReplyDeleteමට නිකං කතාවේ අවසානය දැනෙනවා වගේ.
දැනුනට කමක් නෑ පොඩ්ඩි අක්කෝ කියන්න ඔට්ටු නෑ හොඳේ ලබන සතිය වෙනකම්.... :D
Deleteඇලෙක්සි ටිකකින් පුරු පුරු ගමින් දෙපයේ දැවටුණා කියන නම් එපා....
ReplyDeleteමෙහ මේක හරියන්නේ නෑ ඔක්කොම ලියල ඉවර උන දවසට කියන්න ඔක්කොම එක පර කියවන්නම්
ඔයාට ඔක්කොම එක පෝස්ට් එකකින් දුන්නනම් කම්මැලියි කියල නිදාගනියි කියවන්නැතුව. :P
Deleteමම කියවන්න කම්මැලි න බොලවූ
Deleteකම්මැලියි නෙන්නම් ඔයා... හිහිහි...
Deleteඒ ඇලෙක්සි පුසෙක් ද? o.O
ReplyDeleteඒ මටත් හිතුනේ ඕකමයි
Deleteතව තව? වෙනත් උපකල්පන ඇත්නම් ඉදිරිපත් කොරන්න. මං හොඳම කල්පිතයට තෑග්ගක් දෙන්නං. :P
Deleteඒ එහෙනම් මට තෑග්ග හොදේ .මමයි ඉසෙල්ලා කිවුවේ
Deleteකට පියාගන හිටාන් මල්ලී.... :P
Deleteහාකෝ ඈ :D
Deleteලස්සනම ලස්සන ආදණීය කතාවක අතරමං වුණා වගේ දැනෙනවා.අපූරුයි බස්සියො
ReplyDeleteතැන්කු තැන්කූ වාසනා අක්කෝ....
Deleteඒ ඔයා කලුසුදු බ්ලොගේ වළලලා දැම්මද?! ප්‍රොෆයිල් එකත් මාරු කරල! :O
මටත් දැන්නම් හිතුනා එකක්. ඒක හරි නම් මම ඊළග කොටස කියවපු ගමන් බස්සිව මරනවා යකූ……
ReplyDeleteකතාව ඇතුලේ ජීවත් වෙන ගතිය තියෙනවා බස්සි. සිරාවටම පට්ට.
ලබන සතියෙ බඩු මුට්ටු ටිකත් අකුලගෙන කැළණියට ටටා බායි කිවුවට පස්සෙ අනිත් කොටස පබ්ලිශ් කිරීම ඇඟට ගුණ බව දැනේ... ;)
Deleteතැන්කුයි හොඳේ!
@ ප්‍රියා
Deleteෂුවර් ජීවත්වෙනවනේ... හැක්
හම්මේ ඉතින් විදානෙයා....
Deleteජීවත් වෙන්නනේ බං මේ සේරම . හැක්
Delete//ආයෙමත් කන් පෙත්තෙන් පටන් අරන් සිරුර දිගේ දුවන කෙටි විදුලි රේඛාවක්.//
ReplyDeleteමට තේරුනේ නැ බං , කොල්ලගේ ඇගේ කරන්ට් එක තියනවද , අර නිකං විදුලි ආදෙකුගේ වාගේ
අනේ මන්ද අටම් අයියා මටත් ඔය ප්‍රශ්නෙම ආව... ඕක කන් පෙත්තේ ප්‍රශ්නයක් කියලයි ඩෙස්මන්ඩ් මොරිස් කියන්නෙ.
Deleteමම නං කියන්නෙ කොලෙස්ටරෝල්/ප්‍රෙෂර් චෙක් කරගත්තනං හොඳයි කෙල්ලගෙ.. ඕව සෙල්ලං නෑ .පැරලයිස් වෙන්ඩ ඉඩ තියනවා !!!! ඕ යේස්.
Delete>_<
Deleteඒම වෙනව යකූ... කොල්ලොන්ට වෙන්නැතුව ඇති. පවු කොල්ලො.
ඇඟට වයර් කෑලි දෙකක් අමුණලා බලුප් එකක් පත්තු කරගන්න පුළුවන්....
Deleteඅහා.... මුස්ලිම් ගෙවල්වල බලුප් වැල් පත්තු කොරන්නෙ එහෙම වෙන්ටෑ.... (just joking! no offense!!)
Deleteවිදානෙයො :D
Deleteපහන පත්තු නොකෙරුවාට
ගෙදර එලිය වැටෙයි රෑට
අබ නාබර තැබිලි පාට
රූපය මට ලැබුණු දාට
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
Deleteමැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
ඔබෙ රුව හන්දා
පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
මට නැති හන්දා
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා.......
විඩක් කැමතියි විඩක් අකමැතියි :D
Deleteගති බස්සියේ....ඇත්තමයි....
ReplyDeleteතැන්කූ රෙහානි අක්කා.... ;)
Deleteමේක මේ ඇඩික් සංවිධානයට විරුද්ධ කුමන්ත්‍රණයක්. මේක පිටිපස්සේ ලංකා දුම්කොළ සමාගමේ අදිසි හස්තය ක්‍රියාත්මක වෙනවද බලන්න කොමිසමක් පත්කරන්න බලකරන්න එක්වෙයල්ලා.
ReplyDelete(යකෝ මටත් ආයේ සිගරට් බොන්න හිතිලා තියෙන්නේ මේක කියවලා)
බස්සිගේ අවවාදය : දුම්බීම සිරුරට ඉතා අහිතකරයි හොඳේ!
Deleteමේවා ෆැන්ටසි පමණයි ඩූඩ් අංකල්. හිතුනට කමක් නෑ ක්‍රියාවේ නංවන්නනම් එපා. මන් මේ කොල්ලට ලන්ග් කැන්සර් එකක් හදවලා මරනව හරිද ඔයාල ඕම කියන්න ආවොත්! ;)
ගිටාර් ගැහිල්ලෙන් වැඩක් නෑ, :( මාත් සිගරැට් ගහන්න ඕනෙ. ^_^
Deleteමදැයි! හැම කෙල්ලම මේ කෙල්ල වගේ නෙමෙයි ගොළුබෙල්ලෝ....
Deleteඕම් ශාන්තී !!! :D
Deleteආදරණීයයි....... අවසානය කුතුහලයක් වගේ...
ReplyDeleteස්තූතියි මංගලා!!
Deleteබොහොම ලස්සන නිර්මාණයක්.
ReplyDeleteකතාව ඇතුලට අපිව අරන් ගිහින් අතරමං කරනවා වගේ දැනෙන්නේ..
ඔහොම යන්..ඔහොම යන්..
ඊළඟ කොටසත් බලන්න අනිවාර්යයෙන්ම එන්නම්.
එහෙනම් පාර හොයාගන්න හදන්නෙ නැතුව ටිකක් අතරමං වෙලාම ඉන්නකෝ ඊගාව කොටස දානකම්. :)
Deleteෂා, මරු ස්ටෝරිය ඈ , ෆිල්ම් එකක් බැළුව වගේ :D :D ( මේකනම් ෆෝන් එකෙන් පේනව ^_^ )
ReplyDeleteශෝයිනෙ ගොළුබෙල්ලෝ.... අවසාන කොටසත් බලන්න එන්නකෝ එහෙනම්....
Deleteෆැන්ටසිය තාත්විකයි බස්සි මචං.. ඒ කියන්නෙ උඹ පට්ට සාර්ථකයි !!! උඹ මවන චිත්‍රය ඒ විදියටම හිතේ ඇඳෙනවා.. පිලිගනිං මගේ සුභ පැතුම්.. උඹ කලේ අත් හදා බැලීමක් නං ඒක ඉස්සරහින් පොසිටිව් කියල දාගනිං සහෝදරී !!!!
ReplyDeleteතැන්කූ පත්තරේ.... කතාවක් කියාගෙන යන්නෙ නැතුව මගේ ෆැන්ටසිය කියවන්නාගේ හිතේ ජීවමාන කරන්න පුළුවන්ද කියන කුතුහලය තිවුනා මට. කමෙන්ට් වලින් පේන්නෙ මම ඒ දේ සෑහෙන දුරට ගොඩදාගෙන තියෙන බව නේ. ගොඩක් ස්තූතියි මචෝ....
Deleteඅවසාන කොටස ලබන සතියෙ, අමතක නොකර එන්න හොඳේ........
ආයෙ මොනාද බං.. කෑවෙ නැතත් මං මෙතන ඇති එලකිරි වගේ . ඕ යේස්.
Delete:O
Deleteඑක හුස්මට කොටස් තුනම කියෙව්වේ අද.. බස්සිගේ අකුරු හදවතට දැනෙනවා වැඩි.. ඇස් වලින් කදුළු ගලන්න ඔන්න මෙන්න..
ReplyDeleteඇලෙක්සි කියන්නේ පුසෙක් වගේ සතෙක් උනොත් හොදයි..
ස්තූතියි මොණරියේ.... මගේ අකුරු ඔයාගෙ හදවතට දැනුනා කියන්නෙ මං සාර්ථකයි නේද... :)
Deleteඅඩ්ඩඩ් ඩා තන්ගච්චි ඔය ලියන්නේ...නෑ ..මට බෑ කිය කිය හිටපු මල හොල්මන උඹ අගේට ලියනවා....සුවර් කුස්සියේ දැගලුවේ පුසෙක් එහෙම නැත්තම් අපි දෙන්නා නිතර දෙවේලේ කතා කරන හා පැට්ටා එහෙම උනොත් නම් ෂෝයි....එහෙමත් නැත්තම් මුගටි පැටියෙක්, ම්ම්ම්ම්ම් කිඹුලියෙක් උනත් නරකම නෑ.....එක්කෝ කැලෙන් පන්නපු කොටි පැටියෙක් ....මොනා උනත් අන්තීමෙට කතාව කන පිට ඇහැව්වොත් මගේ ගිටාර් කොල්ලට කියලා ඔළුව කුඩු වෙන්න ගිටාර් එකෙන්ම ඉල්ලලා දෙනෝ හරිය.....
ReplyDeleteඊලග කොටස ඉක්මන් කොරමු ලියන්න.... උඹ අඬ අඬා ලිව්ව කතාව සාර්ථකයි බස්සියා....
ඇහැව්වොත් =ගැහැව්වොත්
Deleteමේ කතාව දාන්න බෑමයි කියකියා නාහෙන් අඬද්දි බස්සිට බැනල බැනල කතාව නොදැම්මොත් හමගහනවා කියල තර්ජනය කරපු කිඹුල් අක්කියාටයි ගෙඹිලූෂ් අයියටයි පින් ඈ....
Deleteගිටාර් කොල්ලා මගේ නකෝ.... එයා මගෙ ඔලුව කුඩු කරන්නෙ නෑ. මගෙ ෆැන්ටසිය ඇතුලෙදි එයා මට ආආආඩලෙයි.
හැබැයි සුවර් නෑ උඹේ ෆැන්ටසිය ඇතුලෙදි ගිටාර් කොල්ලා මට ගිටාර් එකෙන් ඔලුව කුඩු වෙන්න සොට් එකක් දෙනවද කියල. අනේ එයාව එච්චර නපුරු කොරන්නත් එපා අනේ......
ඒ හීන ලෝක දෙක සමපාත නොවෙන එක හොඳයි නැත්නම් මේක සමකෝණී ත්‍රිකෝණයක් වෙයි.
බස්සි හැබෑවටම දක්ශයි නම් ඊලග කොටසෙදි පාඨකයාව රවට්ටාවි.. අපි බලමු..
ReplyDeleteඅපි අවංක බස්සියො බන් එහෙම රවට්ටන්නෙ නෑ පාඨකයොන්ව. (මුන් කියාපු කල්පිත හැටහුටහමාරට පිටින් යන ප්ලොට් එකක් හොයාගන්න නම් මට කල්පයක් විතර කම්පනා කරන්න වෙයි. තාම මෙයාලා නොකිවුවෙ ඇලෙක්සි ඒලියන් කෙනෙක් කියලා විතරයි.)
Deleteහුගක් අය ඇලෙක්සිගෙ පැටලිලා.ඇලෙක්සි කකුලෙ පැටලෙනකම් බලං ඉන්නවා.
ReplyDeleteඒ ඇයි?
මේ ආදරයට ආදරෙයි
එහෙම වෙන්නෙ ආදරනීය ලිවීමක් නිසයි
ගොඩාක් ස්තූතියි! අකුරු ඇතුලෙන් ඇලෙක්සිගේ ස්පර්ශය ඔයාලට විඳින්න හැකිවෙනවානම්.... මට සෑහීමට පත්වෙන්න පුලුවන් වේවි.
Deleteබක්සි ......හෙවත් අපේ යුගයේ රොමැන්ටික් ලේඛිකාව .....
ReplyDeleteදැන් නම් මචෝ ...මේ කතාව ඇස්දෙක පියාගෙන කියවන ලැබෙනවානම් හොඳයි , මොකද හිතේ මැවෙන් රූප එහෙ මෙහෙ දුවන්න දෙන්න නැතුව තියාගන්න , උඹ සාර්ථකයි කියන්නේ අති සාර්ථකයි.
මිනිස්සු ආසයි බොළඳ වෙන්න , රොමැන්ටික් වෙන්න ඒක මොන වයසේ හිටියත් එහෙමයි ...... පාසල් ප්‍රේමවන්තයින්ගේ සිට වියපත් බඹරා දක්වා හැමෝම.
ඒත්.................................
බස්සි ඒ සියල්ල අභිභවා ඒ මනුස්සයාගේ තියෙන කුහක කම එලියට එනවා , එයාල හිතනවා අපි මේවගේ බොළඳ දේවල් වලට කැමති බව පෙන්නුවොත් එක අපේ අභිමානයට කැළලක් කියලා, ෆැන්ටසි අගය කලොත් එයාලා මවාගෙන ඉන්න සීරියස් ප්‍රතිරූප බිඳවැටෙයි කියලා. ඒ නිසා උඹට බනියි ....
එත් උඹ මතක් තියාගනින් ඒ බනින හැමෝම තනිවුනාම ආසාවෙන් (හැබැයි හොරෙන්) මේ ෆැන්ටසිය ඇතුලේ ජීවත් වෙනවා , මේ බොළඳ රොමැන්ටික් බව විඳිනවා , උඹට හිතෙන පින්දෙන්වා ,..හැබැයි එළිපිට බනිනවා ....
දිගටම ලියපං.... ලෝකේ සීරියස් වෙන තරමටම සරල වෙන්නත් ඕන... මිනිස්සු ජීවත් වෙන්නේ හීන නිසා... මිනිස්සු ආදරය කරන්න එහීන වලට . මොනදේ ලැබුනත්, මොන විදිහට ජීවත් වුනත් , හැමෝටම ලබගන්න් බැරිවුණු එත් ආසාවෙන් දකින විඳින හීන තියෙනවා. මිනිස්සු හිතනවා ඒ හීන ගැන කවුරුත් දන්නේ නෑ කියලා .
එත් උඹ ඒ හීන අකුරු කරනවා , අර ලෝකෙට හොරෙන් විඳින හීන උඹ ලෝකෙටම පෙන්නනවා . එතකොට අර හොරෙන් හීන දකින එවුන්ට තද වෙනවා , උඹට එන ගල් මුල් වල යතාර්ථය ඕකයි .. එත් උන්ට නොදනුවත්වම් උඹට ගහන ගල් මුල් උඹ ලනගට වැටෙන්නේ මල් වෙලා ..
ජයෙන් ජය ......
මෙන්න මු ....... මොකද උබ ඊයේ රෑ නැන්දම්මලගේ ගෙදරද නිදා ගත්තේ
Deleteඔව් යකෝ එහෙ තමා උඹ කොහොමද දැනගත්තේ
Deleteහොරෙන් බලා - කියා පාන දේට වඩා .. :D
Deleteආයේ මක්කද මගෙ වයිරක්කරය උනත් වචන ෂැට් එක පංකාදු පහයි ආයිබෝං !!
සහතිකෙං ඇත්ත
අර ගල් ,මල් වැටෙන කතාවක් කීවෙ.. උඹ මල් පාවිච්ව්හියක් නෑනෙ. මල් අපිට දිය. ගල් ටික ඕන්නං උඹ ගං. උඹල දෙන්නට ගෙපැලක් හරි අටෝගන්න බැරියෑ ගල් ටිකෙන්.
ගුරා ඇවිල්ලා.....
Delete//ලෝකේ සීරියස් වෙන තරමටම සරල වෙන්නත් ඕන.// මාත් අදගන දෙයක් තමයි මේ. සීරියස් ලෝකෙ අපිට ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුලුවන් එකම ට්‍රික් එක පුලුවන් තරම් සරල වීමම තමයි. ඒත් ගොඩක් උන් ඒක තේරුම් ගන්නෙ නැහැ බන්. තේරුම් ගත්තත් උඹලා අපි වගේ ඒක පිටට පෙන්නන්න කැමති නැහැ.
උන්ගෙ ගාම්භීරකම කියල කියන, වටේ තියන මෙලෝ රහක් නැති කර්කෂ ප්‍රාවරණය ඇතුලෙ තියෙන්නෙත් සාමාන්‍ය හදවතක්ම තමයි. හැමෝටම තියෙනවා තමන්ගේම ෆැන්ටසියක්. එහෙම නැහැයි කියල කවුරුහරි තර්ක කරනවානම්, මං හෙන සිරා ඩයල් එකක් බවත්, බොළඳ ෆැන්ටසි වලින් තමන්ට පලක් නැති බවත් කෙනෙක් කියනවානම් අපිට කරන්න තියෙන්නෙ "හා මචං" කියලා පිටට තට්ටුවක් දාල අමතක කරන එක.
රහසේ එවන ගල් මුල් එමට. ඒකනෙ ලෝක ස්වභාවය. තැන්කුයි මචෝ මේ දෙන උපදෙස් වලට.
මැලේ : උඹ මොනාද මචන් ඉවාන්ලගෙ නැන්දම්මලගෙ ගෙවල් පැත්තෙ කලේ.....
Deleteසිරාවට පත්තරේ.... මූණ වහල කියන එවුව නම් ගනන් ගන්න හොඳම නෑ. අනුකම්පා කරල නිකං ඉන්නව මිසක.
Deleteඉවාන් මචන් සුපිරි.
Deleteමේ ලෝකේ ඉන්න හැම එකාම ජිවත් වෙන්නේ හීන නිසා බන්. එහෙමෙ නැත්තන් ඒකා ජිවත් වෙන එකෙක් නෙමෙයි.
ආකස්මිකයි..
ReplyDeleteඒත් හොදයි...
මේ ඇත්තමයි
ස්තූතියි මහේෂ්....!!!
Deleteඑන පොට නම් හොඳ නෑ වගේ නේද? කෝකටත් උඔ ටිකක් වහුං වෙලා හිටිං.
ReplyDeleteඅළුත් තැනට බඩු ටික දාගෙන, ගේට්ටුව වහල, ඩගියව ලිහල එහෙම අන්තිම කොටස දාමු නේද.
අලේ ඒක තමයි බස්සු. මං හැංගිලා ඉන්නම්. ඔයා කැටපෝලෙ අරන් ගේට්ටුව ගාව අඹ ගහට නැගල ඔත්තු බලන්න.
Deleteඇලෙක්සී කියන්නේ මට හිතෙන විදියට ගිටාර් කාරයාගේ කලින් ලව් එකේ දරුවා වෙන්න ඇති.
ReplyDeleteමොකක් හරි හේතුවක් නිසා දෙන්නා වෙන් වෙලා දරුවා දැන් ඉන්නේ ඔහු ලග.
ඒ මොකක් වුණාම මොකෝ.අපේ උපකල්පන වැඩක් නැහැ.මෙන්න මේකේ අනික් කොටත් ඉක්මනින් දාහන්කෝ යශෝ...
ඔයාලගෙ උපකල්පනවල නිර්මාණාත්මක බව දකිද්දි මට මගේ ප්ලොට් එක ගැන ලැජ්ජා හිතෙනව මනෝ.... සිරාවට. ඔයාගෙ අදහස මාරයි.
Delete//අවසාන කොටස ලබන සතියේ//
ReplyDeleteඕකනෙ ඉතිං බැරි.. -_-
එහෙනම් අවසාන කොටස ලබන සතියට පස්සෙ සතියෙ දාන්නද? ;)
Deleteලියමු කෝ බලන්න ,හරි නම් මේ උපකල්පන සේරම වෙනස් කරන්න පුළුවන් විදියට කතාව අවසන් වෙන්න ඕන ...එහෙම නැති වුණිත් පළවෙනි කමෙන්ටු පොස්ටුව මගෙන් වේවි ..හැක් ;))))
ReplyDeleteමං තවමත් ඉන්නෙ මුලින් හිටපු උපකල්පනය තුලමයි ,නැත්නම් මේ ගිටාර් කාරයා අහවල් එකක් කරනව ද මේ ? එක වෙනස් කරන්න බක්සි ට හැකිවේවා !!!!
හ්ම්ම්.... ස්තූතියි සහෝ.........!! කමෙන්ට් වලට අනුව කතාව වෙනස් උනේ නෑ කියල විතරක් කියන්නම්කෝ.
Deleteබොහොම ලඟින් දැණෙනවා. නියමයි. අර කොත්තුමී කෑල්ල රසයට හානියක් නෙමේද? වෙන දෙයක් නැද්ද එතනට ඔබ්බන්න .සීරියස් අහන්නේ.
ReplyDeleteස්තූතියි අරූ අංකල්. ඒකත් ඔය සින්දු වල විෂුවල් මැද්දෙන් ක්‍රීම් සෝඩා බොන, වොන්ඩර්බාර් කන, ලක්ස් බොඩිවොෂ් ගාන වගේ ඇඩ් එකක්ලු. :P
Delete