සුදු පාට හත්පෙති මලක් වී
පාන්දර මම අවදි වෙනකොට
පිණි පොදක් වී සිහිල දුන්නා
මගේ ඇස් අග්ගිස්සට
එකෝමත් එක භවයක
ලා රෝස පැහැ හීනයක් වී
ළදැරියක් හොය හොයා යනකොට
සඳ කිණිත්තක් වෙලා අහසේ
පාර කිවුවා හෙමිහිට
එකෝමත් එක භවයක
කුරුලු ගීයක පදවැලක් වී
හෙමි හෙමින් පාවෙලා යනකොට
මදනලක් වී පෙරලි කරමින්
ළඟින් උන්නා තනියට
එකෝමත් එක භවයක
අද වගේ මතකයි මට
රෑ වැටුණි පිණි බිඳක්බිඳුව
ReplyDeleteලාහිරු වැටෙන සඳ
වියළිලා වියකුනා
පෙති විදා හිනැහෙනා
හිරි අරින මල් කකුල
නෙත් කොනින් දැකගෙනම
එකම එක කතාවක
සඳුත් නැති කළුවරම
හැම අමාවක රැයකදිම
උන්නා තරුවක් පුංචිම
බලාගෙන හැමදාම
සයනයේ තනිවෙච්ච
පුංච් කෙල්ලක් දෙස බලා
එකම එක එක කතාවක
වස්දඬුවේ ගීරාව
මද සුළග සිපගත්ත
ගෙම්මන් අඳුර මැද
හිත කොනින් හීනියට
මුමුනාපු පද වැලට
වුන හැටි නුඹ තනුව
මගේ ඒ කතාවේම
පට්ට ලස්සනයි බස්සි අක්කේ. අඩේ ඔයාට ඒ බවයනුත් මතකයිද? මාරයිනේ අප්පා. ජය. ඔයවගේ දැනුන දවසක් ගැන මාත් ලිව්වා. මේ තියෙන්න එක
"ඒ මතකයට ආදරෙන්........"
ආයෙත් අහලා... පෙර භවයන් සිහි කිරීමේ ඥානය තියෙනවනෙ සොමියෝ මට. :)
Deleteඉන්නකෝ ඒ කවියත් කියවල එන්නම්.
උපරිමයි බස්සි......
ReplyDeleteපොඩි අව්ලක්,, ගිය ආත්මෙත් බස්සියෙක් වෙලාමද හිටියේ හැ.....??
නෑ උඹ වගේ මීහරකෙක් වෙලා !!! හැක්
Deleteඋඹ මේකවත් මරනවද පත්තරයො ඉවානයට අමතරව ?
Deleteස්තූතියි නිමෝ.... නෑ ගිය ආත්මෙ ඉන්න ඇත්තෙ පිණි බිංදුවක් වෙලා...
Delete@පත්තරේ :
Deleteමී හරකෙක් උනත් මූ වගේ මීහරකෙක්නම් වෙන්න බෑ...
@සිරා අයියා :
Deleteඔහොම ගියොත් පත්තරයා ගැනත් සිරා අයියට කතාවක් ලියන්න පුලුවන් වෙයි. (මේ දවස්වල කොටස් වශයෙන් ලියන කතාව වගේ එකක්.)
@ පත්තරේ,
Deleteමම වගේ මී හරකෙක් වෙන එක හොදා, තෝ වගේ කැලැ පත්තරයෙක් වෙනවට වඩා....!!! හැක්...
@සිරා අයියා,
අනේ ඔකාගේ කයිවාරු විතරයි. මාව, ඉවාන්ව, තියා ඕකට මදුරුවෙක් වත් මරාගන්න බෑ..... ඕ යේස්...!!!
@ පිස්සු බස්සි,
පිනි බින්දුවක් වෙලා ඉන්නවට වැඩිය හොද නැද්ද මන් වගේ පොෂ් පොරක් වගේ ඉන්න එක. ඇත්තටම මේ අහන්නේ...!!! ඔය පත්තරයා කියන ඒවා ගණන් ගන්න එපා, ඕකට ඉරිසියයි මන් ගැන.....!
සිරෝ .. මූට තව චාන්ස් එකක් දෙමු..මෝඩයා කියල මරන්ඩැයි ?? අර ඉවානයට නං ටොපිය දෙන එක දෙනවා..
Deleteනිමෝ.. ඇත්‍තට උඹ් මාර පොශ් නේද බං :D වැඩිපුර පොශ් ටිකක් තියනවනං මටත් දියංකො මටත් පොශ් වෙන්ඩ !
උඹට පොෂ් වෙන්න පොෂ් ගෙන්න වෙයි අඩි හතළිහේ කන්ටේනර් දාසයක් විතර
Deleteඅහගත්තද පත්තරේ....!
Deleteහරී සනීපයි :D
Deleteඑහෙනං මම මෙහෙමම ඉන්නං නේ .. හැක් බන්ස්
"තෙරක් නොදැනී අතරම0වී
ReplyDeleteබ්ලොගයෙ ඇවිදින් සැරිසරන කොට
බස්සි අක්කගෙ මියුරු පදවැල්
සිහි කලා මගෙ ප්‍රේම ගීතය..."
ලස්සන නිර්මානයක් බස්සි අක්කෙ
ස්තූතියි නංගා....
Deleteඑකෝමත් එක භවයක
ReplyDeleteඑකෝමත් එක දවසක
එකෝමත් එක සුරඟනක් කී
එකෝමත් එක ගීයක
එකම එක රිද්මය වුනේ
එකම එක අරුතම වුනේ
එකම එක පදවල වුනේ
එකම එක සෙනෙහස මගේ
ලස්සන කවිය පවුලූශා.... අහ් වැරදුනා. ගෙඹිලූශා.... :D
Deleteනියමයි!! ROME-ANTIQUE :D
ReplyDeleteස්තූතියි ස්තූතියි :D
Deleteමරු බස්සියේ
ReplyDeleteතැන්කිව් හොඳේ....
Deleteඒ කාලෙත් කොට බස්සියෙක්ද ඈ......
ReplyDeleteකවිය ලස්සනයි ආ....
නෑ ඒ කාලෙ හීනයක්, පිණි බිංදුවක්, තරු එළියක්.....
Deleteඑකම එක භවයක
ReplyDeleteඑකම එක සිහිනයක
එකම එක පැතුමක
එකම එක මොහොතක රැදී උන්නා මතකයි
එවන් මොහොතක සිහිනයක උන් මා දමා
නොකියාම ගිය නුඹ
ඉතින් ආයෙමත් ඇවිදින් මේ භවයටත්
දවන්නට මා ආදරයේ වේදනාවෙන්....
මුන්දෑ කිවුවොත් දුක් ගීයක් නෙව! ^_^
Deleteලගින් ඇති දුක අකුරු කරනු මිස
Deleteදුරින් ඇති සතුට අකුරු කරනුයේ කෙලෙස..:D ...:(
එකෝමත් එක භවයක
ReplyDeleteඅද වගේ මතකයි මට
ඇෆ්ෆට සිරි පෙර ආත්මෙත් පෙන්වයි. :0
ආයෙත් අහලා පේනව නේන්නම්!!
Deleteඇදෙ මගේ එකත් බලලා කියන්න කෝ
Deleteසුපිරි බස්සි නියමයි..
ReplyDeleteඅහිමි ලස්සන ආදරයක්
මටත් තිබුණා එක බවයක...
ස්තූතියි ෂැගියෝ....
Deleteමගේ නොවන මගේම එකක්ද?
ලස්සනයි , හ්ම්ම්ම් තව ......
ReplyDeleteතැන්කූ..... තව?
Deleteඔන්න එකමත් එක කාලෙක
ReplyDeleteඑකමත් එක රටක : D හැක්
එකමත් එක කාලෙක
Deleteඑකමත් එක රටක
එකමත් එක පිස්සෙක්
උන්නා
ඌට අපි පත්තර මල්ලි
කියන්නා.......
:D
එල...
ReplyDeleteතැන්කිවු ඈ...
Deleteඅදයි බස්සිව දැක්කේ...
ReplyDeleteලස්සන අදහස...
එන්න ඕන දිගටම...
ස්තූතියි සුසී... සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!
Deleteඅති විශිෂ්ඨ යි !!!!
ReplyDeleteස්තූතියි!!!
Deleteපද ටික නම් මල් හතයි.
ReplyDeleteඒත් ඉතිං බස්සිව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න වෙනවා ඔව්. ලේසියෑ පෙර භවේ කියන එකත්. :)
මනෝ, වෛද්‍යවරයෙක් වෙන්න ඉස්සෙල්ලා බස්Cට සාත්තර මඩුවක් දාලා දෙමු.....
Deleteඕ යේස් ..එතකොට රස්සා කරං නහින්ඩ ඔන් නෑ.. සල්ලි එනවා සූ ගාල. ගැනල ගන්න විතරයි තියෙන්නෙ.. :D
Delete@ප්‍රියා:
Deleteතැන්කිවු ඈ... ආ ඔය පැලෑන මාව අංගොඩ දක්කන්න වෙන්ටෑ... එවුවා සුම්මා හරී....
අරූ අංකල් එතෝට මමත් ව්‍යවසායිකාවක් නේද! ඒක හොඳයි.
Deleteආයේ අමුතුවෙන් අංගොඩ දක්කන්න දෙයක් නෑ ඉතින්....!!!
Deleteමන්දා මම නෙමෙයි රට්ටු කියන කතා මෙවුවා......#
:P
බස්සිට "පුබ්බේ නිවාසානුස්සති ඥානය" පහල වී අැත...
Deleteඅම්බෝ විදානෙව දැක්ක කල් .. චැහ්..
Deleteරිමාන්ඩ් එකේද බං හිටියෙ ?? හැක්
කොල්ලා අද විතරයි - හෙට ඉඳන් අායේ සති දෙකක් අැතුලේ..
Deleteකොල්ලා ...?
Deleteඅපි නොදන්න කොල්ලා????
Deleteකොල්ල කිව්වෙ උඹේ පොඩි එකාටද බං ??
Deleteබස්සා .... බස්සිව පතාගෙන එන්නේ ආත්ම ගානක ඉදලද....? එහෙම දැනෙනවද....? බස්සියෝ.....
ReplyDeleteඅනේ මන්ද අෆ්ෆා... ඔය කවිත් ලියන්නේ.... :)
Deleteඅාත්ම ගනනේ ඔබෙ පය පාමුල මගේ කඳුලින් සේදෙන්න අැති.... (බස්සා කිව්වේ)
ReplyDeleteජය වේවා!!!
මං ඉතින් කියන්නෑ.... හ්ම්ම්!
Delete;P
උඹේ infinity යේ දාපු මගේ කොමෙන්ට් උඹ කෑවද බස්සි
ReplyDeleteඒ කෝ නෑනෙ.... උඹ දාල නෑ... බොලු කීනවා.. එවුව ගූගලය වෙන්ටැ කෑවෙ. :/
Deleteලස්සන නිර්මාණයක් ...!
ReplyDeleteඇත්තටම අපිට පෙර භවයන් සිහි කරන්න ( පූර්වේ නිවාසානුස්මෘති ඥානය ) පුළුවන් උනා නම් කියලා හිතුනා ...
ඇත්තටම බස්සි ගිය ආත්මෙත් මේ වගේ වෙන්නැති නේ ?????
ස්තූතියි සඳරු!! ඔව් අනේ හුම්ම් හුම්ම් ගගා ඉන්ටැති නේද? ^_^
Deleteපූර්ව නිවාසානුස්මෘති ඥානය තිබ්බනම් අපි මෙහෙම ඉඳීවිද අනේ. එහෙමනම් මේ වෙද්දි මහන වෙන්න ගිහින් නෙව.
අපොයි .. එහෙම නොවෙච්ච එක කොච්චර දෙයක්ද ??? ( හික් Z z )
Deleteඈත සංසාරේ.... නිබඳ බැඳී ආ සබඳ කමක් විය, ඈත සංසාරේ .... ඈත සංසාරේ .... සබඳ කමක් නැත.. හමුවීමක් මිස ... ඈත සංසාරේ ....
ReplyDeleteමේක කියවලා ලස්සන සින්දුවක් මතක් උනා. අහලා නැත්තං අහලා බලන්න....ගායනය රෝහණ වීරසිංහ..සමග අනූෂා නානායක්කාර
අහල බලන්න ඕන සින්දුව. ස්තූතියි සිරා අයියේ!
Deleteලස්සනයි
ReplyDeleteතැන්කූ ඔමා.... :)
Delete