"මට පාලුයි."
අනුකි සෝෆාව උඩ පෙරළිලා ටීවී එකට කිවුවා. රිමෝට් එක අතට ගත් ඇය අරමුණක් නැතුව චැනල් මාරු කරන්නට වුනා.
සිංදුවක්, ටෙලියක්, ප්රවෘති, හින්දි, හොලිවුඩ්, කොලිවුඩ්, කොරියන් කුමාරියෙක්, ශිහාන්......
"මට පාලුයි."
අනුකි ආයෙමත් කිවුවා, ටීවී එකට.
"ඇයි ඒ?"
මාලක ලැප් එකෙන් ඇහුවා.
ක්ලික් ක්ලික් ක්ලික්ලික් ක්ලික් ක්ලික් ක්ලික්. යතුරු පුවරුව සිහින්, වේගවත් හඬක් නැගුවා.
"තේකක් බොමුද?"
මාලක දැන් ලියා අහවර කල කෝඩ් පේලියෙන් ඇහුවා.
කලු පාට තිරය මත සුදු පාට පුංචි අකුරු.
කෝඩ් පේළිය ඔහේ බලන් උන්නා.
"තේකක් බොමුද?"
මාලක දැන් ලියා අහවර කල කෝඩ් පේලියෙන් ඇහුවා.
කලු පාට තිරය මත සුදු පාට පුංචි අකුරු.
කෝඩ් පේළිය ඔහේ බලන් උන්නා.
"හා..."
අනුකි ශිහාන්ට කිවුවා.
ශිහාන් මූදු වෙරළක ඉඳන් අනුකිට ඇහැක් ගහලා හිනා උනා. අනුකිත් ශිහාන් එක්ක හිනා වුනා.
'පෝෂණීය විරාමයක්!"
තත්පර ගණින කහපාට ලොකු ඔරලෝසුවකින් ශිහාන්ගෙ හිනාව වැහුනා. ටීවී එකට ඔරවපු අනුකි රිමෝට් එක සෝෆාව උඩට අතෑරලා නැගිට්ටා.
"නුවණක්කාර අය ගන්නෙම රත්ති." අනුකිගෙ අත පැන්ට්‍රියෙ තිවුනු කිරි ටින් එක දිහාට දිගු වුනා....
ඩී.සී.ඩී.!!! ඊයෙ ගෙනාපු හයිලන්ඩ් දියර කිරි එක තවම ෆ්‍රිජ් එකේ.
ඔහ්! මාලක ඉල්ලුවෙ ප්ලේන්ටි ද? ටී ද?
ම්ම්ම්... ග්‍රීන් ටී නම් නෙමෙයි. එදා ග්‍රීන් ටී එක සින්ක් එකට හැලුව මතකයි.
"බබා.......... ප්ලේන්ටිද? ටීද?"
"ප්ලේන් ටී" මූණුපොතේ ෆේක් ගිණුමට ලොග් වෙන ගමන් මාලක නොයිවසිල්ලෙන් ලැප් එකට කෑගැහුවා.
'ප්ලේන් ටී... ප්ලේන් ටී... ලොග් වෙයන් ඉක්මනට තේක එන්න කලින්!"
'තාරුකී ඩේවිඩ්සන්.'
ප්‍රොෆයිල් පික්චර් එකනම් සෙලීනා ගෝමස් ගෙ ෆොටෝ එකක්. මේ කෙල්ලගෙ අදහස් එක්ක ඒ පින්තූරෙ පෑහෙනව.
අලුත් අප්ඩේට් සේරටම ලයික් කොටාගෙන යාම. ලස්සන කමෙන්ටුවක්, දෙකක්, තුනක්.
ෂිහ්! ඔන්ලයින් නෑ නෙ.
"මෙන්න තේක."
ආයෙමත් කලුපාට තිරය පුරා සුදු පාට පුංචි අකුරු පේළි.
"කෝ මගේ ටැබ් එක?" අනුකි ටීපෝවෙන් ඇහුවා.
"කොහේද මම දාල ගියේ...." කබඩ් එකෙනුත් ඇහුව.
"මාලක, ඔයා දැක්කෙ නැද්ද?"
උත්තරයක් නෑ.
සෝෆාවේ කුෂන් එක යටින් දම් පාටක් පෙනුනා. ළඟට ගිය අනුකිට කුෂන් එක වයිබ්රේට් වෙනවත් දැනුන.
"ඩේටා ඔන් කරල ගිහින්! ශිට්! කෝ මේ චාජරේ?"
"හද සැලෙනා ලා දල්ලයි
ඔබ සීතල සුළඟයි
හද ගලනා දිය ඇල්ලයි
ඔබ සාගර යහනයි
ඔබමය සතුටද - ඔබමය කඳුළද
ඔබමය ලොවම මගේ"
ලයික් හතළිස් නමයක්. කමෙන්ට් පහළොවක්.අනුකිගේ දෑස දිලිසුනා.ඔබමය ලොවම මගේ"
එයා අන්තිමටම කමෙන්ට් කරලා.
"ඔබමය මිහිමත - සැනසුම සහනය
මා දිවියේ
පිවිතුරු සිහිනය"
ඇනිමේ කොල්ලෙක්. කූරු කොණ්ඩෙ. හීනි දිග ඇස්.
අනුකිට මතක් වෙන්නෙ ශිහාන්ව.
අනුකි පුලුන් පුරවාපු ලොකු රෝසපාට ටෙඩිබෙයාව ළඟට ඇදල අරන් තුරුල් කරගත්ත. කොට්ටෙ උඩින් කකුලක් දා ගත්ත.
"හායි අනූ" අශේන් ගෙන් චැට් මැසේජ් එකක්.
අනුකි ඇනිමේ කොල්ල එක්ක හිනා උනා.
"දැන්ද මාව මතක් උනේ?"
අනුකි ටෙඩිබෙයාර්ගෙ නාහෙට හාද්දක් දුන්න.
"වැඩ තිබුන කෙල්ලේ...."
"මට ඔයාව මීට් වෙන්න ඕනෙ තාරුකී."
මාලක ටයිප් කරන අතරෙ සැරෙන් සැරේ දොර දිහා බැලුව.
"ඔයා ඇත්තටම මට ආදරේද?" සෙලීනා ගෝමස් ඇහුව.
"ඔය හුරතල් කතාවට, පිස්සු වැඩවලට, ලස්සන අදහස් වලට ආදරේ හිතෙන්නෙ නැත්තෙ කාටද කෙල්ලේ?"
එයා ඇත්තටම සෙලීනා වගේද? ඊට වඩා වෙනස් ඇති.
මම ආදරේ ඒ රූපෙට නෙමෙයි. මම ආදරේ එයාගෙ අදහස්වලට.
දොළහයි හතළිස්පහයි.
"අනුකී...."
මාලක ලැප් එකට කතා කලා. උත්තරයක් නැහැ.
පිළිතුරක් නොලැබිච්ච අන්තිම චැට් මැසේජ් එක තවත් වතාවක් කියවපු මාලක ලැප් එක ඕෆ් කලා.
මාලක දොර රෙද්ද මෑත් කරලා කාමරේට එබුනා.
අනුකිට ටෙඩිබෙයාගෙ ඇඟ උඩම නින්ද ගිහින්. ටැබ් එක පපුවට තුරුළු කරගෙන.
කැරළි කොණ්ඩෙ මූණ පුරාම විසිරිලා.
මාලක පැත්තකට විසිවෙලා තිවුන කොට්ටෙ අතට ගත්ත, ඇඳේ අයිනකින් හාන්සි උනා.
පිළිතුරු නොලැබිච්ච චැට් මැසේජ් එකක් ඇති බව කියමින් ටැබ් එක සිව් වරක් වයිබ්රේට් උනා.
**********
"බබා මම හෙට එනව. බෑ කියන්න නම් එපා ඔන්න."
ඇනිමේ කොල්ලට බෑ කියන්න හිත හදාගන්නෙ කොහොමද? අනුකි ටැබ් එක පපුවට තුරුළු කරගත්ත.
"මාලක.... හෙට මං යන්න ඕන අර dress එක exchange කරන් එන්න. හෙට ඔයා ගෙදරද?"
අනුකි ටෙඩිබෙයාර්ගෙන් ඇහුවා.
ඇනිමේ කොල්ලට බෑ කියන්න හිත හදාගන්නෙ කොහොමද? අනුකි ටැබ් එක පපුවට තුරුළු කරගත්ත.
"මාලක.... හෙට මං යන්න ඕන අර dress එක exchange කරන් එන්න. හෙට ඔයා ගෙදරද?"
අනුකි ටෙඩිබෙයාර්ගෙන් ඇහුවා.
"අනිද්දට රිලීස් එකක් තියෙනව. මං හෙට වැඩට යන්න ඕන.."
මාලක මූණුපොතට කෑ ගැහැව්වා.
"මම හෙට වැඩ කියල ඔයාට කිව්වෙ ගිය බ්‍රහස්පතින්දා අනූ."
කලු පාට තිරය උඩ සුදුපාට කෝඩ් පේලි ලහිලහියේ ලියැවුනා.
"හා. මන් ටුක්ටුක් එකක යන්නම්."
අනුකිගේ ඇස් දැල්වුනත් කටහඬ වෙව්ලුවා.
"When & where ??"
අනුකි නොයිවසිල්ලෙන් ඇඟිලි තුඩු යතුරු පුවරුව මත දිවෙවුවා.
අනුකිගේ ඇස් දැල්වුනත් කටහඬ වෙව්ලුවා.
"When & where ??"
අනුකි නොයිවසිල්ලෙන් ඇඟිලි තුඩු යතුරු පුවරුව මත දිවෙවුවා.
දුවන පාරවල්, හතිදාන වාහන, අහසට නගින ගොඩනැගිලි නොපෙනෙන මානයක තියෙන මේ අවන්හල මාලකට නොපුරුදු තැනක් නොවෙයි. අනුකි එක්ක කී දවසක් ලෙක්චර්ස් ඉවර වෙලා මෙතැනට එන්න ඇතිද!
ඒ කල්ප ගාණකට ඉස්සර.
ඒ කල්ප ගාණකට ඉස්සර.
රෝස වැල් වලින් වැහුන ගඩොල් බිත්තිය අයිනෙන් මාලක ඉදිරියට ගියේ විමසුම් දෑසින් අවට සිසාරා බලමින්.
පොත් මිටි තුරුළු කරගත්තු යොවුන් පෙම්වතුන්, අතරින් පතර සුදු කෙස් මතුවුන මැදිවියේ ජෝඩු, වයසක පිරිමි, පුංචි කෙල්ලො, මහත ගෑනු, කෙට්ටු පිරිමි....
තාරුකී කියාපු සලකුණ එක්වරම මාලකගේ ඇස ගැටුනා.
තාරුකී කියාපු සලකුණ එක්වරම මාලකගේ ඇස ගැටුනා.
රතු රෝසමලක් ගහපු පන් තොප්පියක්.
ඈ හිටියෙ කෙළවරේම මේසෙක. පිටුපස හරවගෙන. තොප්පිය දෙපැත්තෙන් ලොකු කැරළී ගැහුන කෙහෙරැලි ඇගේ උරහිසට කඩා හැලුනා.
සෙලීනාගෙ කොණ්ඩෙ.
සෙලීනාගෙ කොණ්ඩෙ.
මාලක රතු රෝසමල දිහා බලාගෙන ඇයට ළංවුනා.
සෙලීනා.... තාරුකී තොප්පිය ගලවලා මාලක දිහා බැලුවා.
සෙලීනා.... තාරුකී තොප්පිය ගලවලා මාලක දිහා බැලුවා.
"ඔයා....???"
අවන්හලට ඝෝෂාකාරී ලොකු කලබල අහල දැකල පුරුද්දක් තිවුනෙ
නෑ.
නෑ.
*************
මාලක වැව රවුමේ හිස් බංකුවක වාඩිවෙලා ඔහේ බලාන උන්නා. වතුර කොලපාටයි. නිහඬයි.
යාබද බංකුවක උන්නු පෙම්වතුන් යුවලක් නැගිටලා ඉස්සරහට ගියා. වැව රවුමේ ඇවිද ඇවිද උන්නු ජෝඩුවක් වාඩිවුනා හිස් උන බංකුවෙන්.
දැන් වෙලාව කීයට ඇත්ද? මාලක ෆෝන් එක අතට ගත්තා.
One message received - Anuki
"මට පාලුයි. ගෙදර එන්න.
අපි ඇස් දිහා බලාගෙන කතා කරමු.
අර ජරා කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳල මට එපා වෙලා."
හුරතල් කතාවයි, කැරළි කොණ්ඩෙයි විතරක් නෙමෙයි, තමන් එනකම් මග බලන් ඉන්න සෙලීනට දිලිසෙන දඟකාර ඇස් දෙකකුත් තියෙන බව මතක් කරගත්තු මාලක ලහිලහියේ වාහනය පදවන්න උනා.
ප.ලි.
ඔන්න ඉතින් බස්සි කම්මැලි නැතුව මේ මාසෙත් ලිවුව "කෙටිකතාද මන්දා" කැටගරියෙ එකක්. ගුණාගුණ කියාදෙනවනම් මං සතුටුයි මොකද තාම කතා ගෙතිල්ල කියන කාරණාවෙදි කිරිසප්පයෙක් නිසා.
මේ තියෙන්නෙ ගිය මාසෙ ලියපු එක. "අළු සහ ගිනි පුපුරු".
නම තියන්න මේ වතාවෙත් උදව් කලේ ගෙඹිලූශ් ගුරුතුමා තමයි. :D
යාබද බංකුවක උන්නු පෙම්වතුන් යුවලක් නැගිටලා ඉස්සරහට ගියා. වැව රවුමේ ඇවිද ඇවිද උන්නු ජෝඩුවක් වාඩිවුනා හිස් උන බංකුවෙන්.
දැන් වෙලාව කීයට ඇත්ද? මාලක ෆෝන් එක අතට ගත්තා.
One message received - Anuki
"මට පාලුයි. ගෙදර එන්න.
අපි ඇස් දිහා බලාගෙන කතා කරමු.
අර ජරා කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳල මට එපා වෙලා."
හුරතල් කතාවයි, කැරළි කොණ්ඩෙයි විතරක් නෙමෙයි, තමන් එනකම් මග බලන් ඉන්න සෙලීනට දිලිසෙන දඟකාර ඇස් දෙකකුත් තියෙන බව මතක් කරගත්තු මාලක ලහිලහියේ වාහනය පදවන්න උනා.
ප.ලි.
ඔන්න ඉතින් බස්සි කම්මැලි නැතුව මේ මාසෙත් ලිවුව "කෙටිකතාද මන්දා" කැටගරියෙ එකක්. ගුණාගුණ කියාදෙනවනම් මං සතුටුයි මොකද තාම කතා ගෙතිල්ල කියන කාරණාවෙදි කිරිසප්පයෙක් නිසා.
මේ තියෙන්නෙ ගිය මාසෙ ලියපු එක. "අළු සහ ගිනි පුපුරු".
නම තියන්න මේ වතාවෙත් උදව් කලේ ගෙඹිලූශ් ගුරුතුමා තමයි. :D
දැං කියවන්න බෑ බං, හෙට විභාගේ. පස්සෙ කියවන්නං ඈ!!
ReplyDeleteඑක !!!!!!!!!
Deleteවිභාග අස්සෙ ලියපු එක බලලා යන්න ආපු එකත් වටිනව මල්ලි. ස්තූතියි! විභාගය සුභ වේවා!
Deleteයේස් එක! අන්න චාමික දෙක වෙලා අඬනවලු හික්ස්!!!
Deleteඇදෙ මේක නම් ෆට්ට කතාවක්.හොද අදහසක් නේ.දෙන්නටම මාරු වැඩේ උනේ හික්ස්.:D වෙලාවට මම වැඩිය චැට් කරන්නේ නැත්තේ :D
ReplyDeleteඅනේ මම හැමදාම 2 නේ
Deleteහම්මේ චැට් කරන්නෙ නෑ නේ? හා ඈ.... :P
Deleteදෙක උනාට ඔයා මගෙ බ්ලොග් එකේ මුලින්ම වහපු කුරුල්ල නේ. ඉස්සර ලියපු සමහර ඒවයෙ ඔයාගෙ කමෙන්ට් එක විතරයි. (බස්සිගෙ ආදර අන්දරය ලියන කාලෙ.) ඉතින් මල්ලි ඔයා මේ බ්ලොග් එකේ හැමදාමත් එක තමයි හොඳේ...
Delete:D thanks , වැඩිය චැට් කරන්නේ නෑ තමා :D. දන්නවා නේ ඉතින්
Deleteජය වේවා නියමයි අද දවසට මගේම උන් දෙන්නෙක්ගේ කෙටිකතා දෙකක් කියෙව්වා....නියමයි බස්සියා...
ReplyDeleteතැන්කූ වේවා ශානු අක්කියා.... :D
Deleteආයෙ කියන්න දෙයක් නෑ බං පට්ට.
ReplyDeleteසිරාවටම කියන්න අපිත් වෙලාවකට කොයි තරම් යාන්ත්‍රික වෙනවද?.
තාක්ෂණිය දියුණු වෙන්න වෙන්න මිනිස් බැඳීම් කොයි තරම් දුරස් වෙලාද?
ආයෙ පාරක් කියන්නෙ කතාව නියමයි.
ස්තූතියි ප්‍රියා! තාක්ෂණයෙ දියුණුවත් එක්ක අපිත් රොබෝලා වගේ වෙලා. ඒත් තාමත් අපේ හදවත් උණුසුම්. ඒ නිසයි යුනිකෝඩ් ඇතුලෙ ආදරේ හොයන්නෙ.
Deleteමේක කියවන කොට මට මතක් උනේ අතුල අධිකාරි ගේ "ඊ මේල් කවිකාරි "සින්දුව.
ReplyDeleteබස්සිගේ කෙටිකතා ටැලන්ට් එකත් ඉතින් කියල වැඩක් නැහැ. සුපිරිම තමයි.
ජය වේවා..
ගොඩක් ස්තූතියි ශෙහාන්!!
Deleteනියමයි බස්සී..ලස්සන කතාවක් ආයෙමත් හැමදාම වගේ....
ReplyDeleteස්තූතියි ට්‍රොනිකෝ....
Deleteමරු ස්ටයිල් එක.. මේ ස්ටයිල් එකට බස්සි ස්ටයිල් එක කියලා නම දැම්මොත් නරකද?
ReplyDeleteඇත්තට මේ ස්ටයිල් එක බස්සි ස්ටයිල් වෙච්චාවෙ නේද එහෙනම්. ස්ටයිල් එක වෙනස් නිසා හිතේ සැකේටමයි "කෙටිකතා ද මන්දා" කියල කියන්නෙත් නාඩියෝ.... :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුපිරි බස්සියෙ නියම රටාවකට ලියලා තිබ්බා අමුතු රහක් තිබ්බා...
ReplyDeleteස්තූතියි ෂැගියෝ... කතාව රහ නම් මගෙ සතුට ඒකයි.
Deleteමරු කතාව . . . . හොඳ වැඩේ හොර වැඩ කරන්න යනවට.
ReplyDeleteවර්චුවල් ලෝක වල හිරවෙච්ච මින්ස්සුන්ට අමතක වෙලා තමන් පය ගහල ඉන්න හැබෑ ලෝකෙ ඊට වඩා ගොඩක් ලස්සනයි කියල.
හම්මේ කාලෙකට පස්සෙ බස්සෙක් ඇවිත් තියෙන්නෙ අපිව බලල යන්න. සන්තෝසේ බැරුවා.....!!!
Deleteහැබෑ ලෝකෙ ඉන්න හැමෝම වර්චුවල්කරණය වෙන/cyborgලා වෙන එක නම් මහම මහ ඛේදවාචකයක් තමයි. අන්තිමට සැබෑවයි මායාවයි අතරෙ වෙනසක් නැතුව යාවි.
:) ;)
කතාවනං මාරම ලස්සනයි..හෙන ආසාවෙන් කියෙව්ව...
ReplyDeleteස්තූතියි සංචාරකයා....
Deleteලත්තනයි අක්කියෝ
ReplyDeleteතැන්කූ මල්ලී....
Deleteමේකේ උඹට අමතක් වුනාද දෙන්නගේ ඩයලොග් පාට දෙකෙන් දාන්න.. මේක මචං කෙටි කතා රටාවල උඹටම ආවේනික රටාවක් . වෙන කෙනකුට මේ ඉට්ටයිල් එකෙන් ලියන්න බෑ. ඕනෑම ටොපික් එකකට ජීවය දෙන්න පුළුවන් ඉට්ටයිල් එකක් තමයි මේ .. ගෝලයාට, සොරි ගෝලියාට සුබම සුබ පැතුම් ... ඔහොම යමන් ... එල කිරි
ReplyDeleteහම්මේ ගුරු ජී වැඩලා.... නමස්තේ!!
Deleteමලා එහෙම එකක් කතා උනා නේන්නම්! සිකේ මම මැට්ටා වගේ කම්පනා කොරලා alignment වෙනස් කලා අන්තිමේදි. පාට වැඩේ අතමක උනා. මදැයි කොලා නේහ්.
ස්තූතියි ස්තූතියි.... (y)
මම මේ ක්‍රමේට් වශී වෙලා ඉන්නේ. මගෙනුත් මේ වගේ එකක් ලිය උනොත් ඒකේ ගෞරවය කෙලින්ම බස්සිට.
Deleteළෝක සම්මත වලට ලියනවට වඩා. මෙහෙම තමන්ගෙම අනන්‍යතාවයක් හදාගන්න එක ලේසී නෑ. ඒකයි මේ ලිවිල්ලේ රස. මම හිතනවා මේ ක්‍රමය අති සාර්ථකයි කියලා. බලපු හින්දි සෝ එකක් මතක් උනා. නම නම් මතක නෑ.
බස්සිට විතරක් දෙන්න එපා මාතේ මටත් ටිකක් දීහන් .... මේ මැට්ටි ලියන්න බෑ ලියන්න බෑ මේ රටාවට ලීඔථ් හරියන්නේ නෑ , කට්ටිය හිනාවෙයි අරකයි මේකයි ගගා හොටුපෙරාගෙන ඉන්නකොට බලෙන් ලියයෙව්වේ . පලවෙනි කතාව ඒකත් බලන්න
Deleteස්තූතියි මාතලන් අංකල්.... ඇත්තටම රාමුවක් ඇතුලෙ ඉඳන් නොලියන්නෙ මෙහෙම ලියද්දි දැනෙන wild ගතිය සහ සැහැල්ලුව නිසයි. මේ ඉට්ටයිල් එකෙන් කතා ලියවෙනව නම් මාත් බොහොම මනාපයි. ඉක්මනටම ලියවේවි කියලා හිතනව.
Deleteඒක ඇත්ත.... මෙන්න ගුරු ජී තැන්කියු එකෙන් 51%ක්. (ආ එච්චරයි උඹට වෙන ඉල්ලන්න එපා හරි! දෙන්නෑ.)
Deleteඔව් ඔව්. ඉවාන් අයියාස් තමයි කලින් කතාව ඒ ඉට්ටයිල් එකට ලියන්න කිව්වෙත්, ලියපු එක පබ්ලිශ් කරන්නම කියල බල කලෙත්.... ආ නම් දාන්න උදව් කලෙත් ගෙඹිලුශානෙ.
(මූට හොඳක් කියන්න පුලුවන් දේකට තියෙන්නෙ එච්චරමද මන්ද... :P)
තව එකියෙන් ඥරු ඤුරූ ගාද්දී මම කිව්වා ආයෙත් ලියපන් කියලා. ඒ පාර ඒකි ලියලා තිබුනා නියම එකක්. උඹ ඉතින් කොහොමත් එළ බුවා නේ. වෙල් ඩන් මචෝ.. මිනිස්සු උනාම පුළුවන් තරම් රිලැක්ස් වෙන්න ඕන. අනික පොඩි උනක් තියෙන්නත් ඕන.
Deleteනියමයි බස්සි අක්කෙ, ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteස්තූතියි නංගියා.... :)
Deleteම්ම්ම්ම්, නියමයි කථාව, :D
ReplyDeleteසුභ පැතුම් !!!!!!!
ස්තූතියි ගොලූ....
Deleteමාරු කතාව, පට්ටම ලියවිල්ලක්, ලියල තියෙන ස්ටයිල් එක නම් සුපිරිම සුපිරි. පට්ට රහයි ඇ, :D ඕවා ඇත්තටමත් වෙලා තියෙනවා නේද? ජය.
ReplyDeleteනැතුව නැතුව.... අද කාලෙ මේව ඇත්තටම වෙන දේවල්නෙ සොමියෝ....
Deleteලස්සන කතාවක්..... මාත් කියෙව්වා.
ReplyDeleteස්තූතියි සොසී අක්කා.... සාදරයෙන් පිලිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!!
Deleteඔහොම දේවල් ඇත්තටම නොවෙනවත් නෙමෙයි
ReplyDeleteඒක නේ....
Deleteඔන්න මාත් ඇවිත් කියෙවුවා .. ලස්සනයි ... බස්සිස්ටයිල් :p
ReplyDeleteස්තූතියි සුළඟ. බස්සි ස්ටයිල් එක රසවින්ද බව අහන්නත් සන්තෝසයි!
Deleteෂාහ් මරු කියලා බොහොම පහසුවෙන් කොටලා යන්න පුලුවන්...නමුත් ඒ මගේ ක්‍රමේ නෙමෙයි.
ReplyDeleteඅනිත් අය කියන නිසාම නෙමෙයි. ඔබේ පළවෙනි කෙටි කථාවෙදිත් මම ඔබේම කියලා අනන්‍යතාවක් ඔබේ ලියවිලි තුල දැක්කා. මෙතැනදිත් ඒ බව දකිනවා. නමුත් කථාව අතර තුර සිංහල වචන සමග ඉංග්‍රීසි පන්නයේ වදන් භාවිතය හැකි තරම් අඩු කලොත් හොදයි කියලා මට හිතෙනවා...ඒ මගේ අදහස...පළමු කථාවත් දෙවැනි කථාවත් නූතන යෞවනත්වය තුල ගැවසෙන කථා තේමා...වෙනසකටත් එක්ක මීට හාත්පසින් වෙනස් කථාවක් තෙවැන්න ලෙස හොද සංයමයකින් ලියන්න..එවිට ඔබේ හැකියාව පිළිබද හොද තක්සේරුවකට එන්න අපට හැකි වේවි. ජය !
ස්තූතියි සිරා අයියේ අදහසට.
Delete//නමුත් කථාව අතර තුර සිංහල වචන සමග ඉංග්‍රීසි පන්නයේ වදන් භාවිතය හැකි තරම් අඩු කලොත්// මේ ගැන නම් කියන්න තියෙන්නෙ මම ඉංග්‍රීසි වචන පාවිච්චි කලේ කතාවේ සැහැල්ලුව රැක ගන්නයි. මට පෙනෙන විදියට එහී වරදක් නැහැ. හිතන්නකෝ මේ කතාවෙ පළමු ඡේදය මෙහෙම වෙනස් උනා කියල
//"මට පාලුයි."
අනුකි කවිච්චිය උඩ පෙරළිලා රූපවාහිනියට කිවුවා. දුරස්ථ පාලකය අතට ගත් ඇය අරමුණක් නැතුව රූපවාහිනී නාලිකා මාරු කරන්නට වුනා.//
මට ඒකෙ මොකද්දෝ අඩුවක්, කෘහිම බවක් දැනෙනව. මන්දා මට හිතෙන හැටි.
බලමු බලමු. කතාව ලියන්න මූඩ් එක එන්නත් එපැයි. හාත්පසින් වෙනස් මූඩ් එකක් හදාගෙන ලබන මාසයෙත් කතාවක් ලියන්න උත්සාහ කරන්නම්කෝ.... :)
ඉන්ගිරිස් කෑලී එබුවට අවුලක් නෑ. එහෙනම් ඉතින් ඔය නවීන ඒවට කියන හින්ගල නම් දාලා මේක ලිව්වා නම් මෙලෝ රහක් නෑ. භාෂාව කියන්නෙ එක තැන තියෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒකත් පරිනාමය වෙන්න ඕන. දැන් ඔය සිරා ලියන්නෙත් උම්මග්ග ජාතකේ තියෙන භාෂාව නෙමෙයිනේ.
Deleteමම කිව්වෙ මට හිතෙන දේ...අද නිර්මාණය වෙන ගීත බලන්න...ඒවයෙ තියෙන්නෙ කථා කරන භාෂාව..කිසිම සාහිත්‍ය රසයක් නෑ...නවකථාවට සහ කෙටි කථාවත් ඒ මාර්ගයේම ගියොත් දෙවි පිහිටයි....
Deleteකතාවනම් සිරා ඈ.. ඒත් ලග ඉද්දී ඔහොම දුරසක් නම් දරාගන්න බැරි වේවි.. ඒ හන්දම තමයි අපි නම් එකතු වෙන දවසක මේවට සමුදෙන්නේ..
ReplyDeleteලබන මාසෙත් කතාවක් ලියහං ගුටි නොකා..
හම්මේ ඔයාල දෙන්න එකතු වෙච්චි දාට බ්ලොග් කඩ හතරත් වහල දානවද එතෝට? ඒකනං කොරන්න එපා නේද!
Deleteලබන මාසෙත් කතා මූඩ් එකක් සෙට් උනොත් අනිවා ලියනව. :)
යාස්, බං.. එතකන් තමා මේ ඔක්කොම.. ^_^
Deleteඅනාආආ........... ඒම කොරන්න එපා අයියෝ බ්ලොගිද්වාරයෙන් බැරිනං මුද්‍රණද්වාරයෙන් හරි එලිදක්වන්න. සිහිනයා නම් දැන්මම බ්ලොගිය වහල වලදාලද මන්දා..... :/
Deleteකිරි සප්පයෙක් නෙමේ බස්සි. ඔයා ලියන විදිහ නියම යි. වෙන විදිහකට කිව්වොත් ආකෘතිය හසුරවන විදිහ. පුංචි, සුලබ දෙයක් වුණත් අපූරුවට කියනවා. "අළු සහ ගිනි පුපුරු"වලට මං වහ වැටුණා. මේක හොඳ නෑ කියනව නෙමේ හොඳේ....
ReplyDeleteබොහොම ස්තූතියි දිලිනි! ඔයා හදවතින්ම කරන මේ ඇගයීම් මට ගොඩාක් වටිනව. :)
Deleteසිරාවටම එල සහෝදරී.. මටත් මතක් උනේ ඊ මේල් කවිකාරි මියුසික් වීඩියෝ එක.. ශෛලිය ලස්සනයි..මං ඉතින් විචාර කොරන්න දන්න මිනිහෙක්කෑ..කියන්න තරං අඩුපාඩුවක් මට නං දැනුන් නෑ.. චිත්තර ඕන්නං අපේ ඉවානයා ඇඳල දෙයි.. :D ඔහොම යං !!!
ReplyDeleteස්තූතියි පත්තර මල්ලිඅයියා. හම්මේ ගෙඹිලූශට කියල චිත්තර අන්ද ගන්න මං හිතන්නෙ මාස හතරපහකට විතර කලින් ඇපොයින්මන්ට් දාන්න වෙයි. හි හි හි. ඊමේල් කවිකාරි එකේ නේද බොසීට ලවු කරන සීන් එකක් වෙන්නෙ...
Deleteඔව් ඒ වුනාට ඔය වගේම තමයි බොසී කියලා දන්නේ හම්බ වුනාට පස්සේ නේද?
Deleteහම්මේ මාත් ආසයි මටාත් එහෙම වෙනෝ නම් ^_^
DeleteThis comment has been removed by the author.
ReplyDeletepasse kyawannm okkoma dalooooo,,...........!!! :-)
ReplyDeleteඕ කේ මචියෝ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකතාව හොඳායි :)
ReplyDeleteස්තූතියි යාලුවා....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනියමයි බස්සි. මට මගක් කියවනකොට හිතුන මේ ටික වෙයි කියල. ඒ වැඩෙත් නරකම නෑ... කසාදයක් බැඳගෙන ටික කාලෙකින් අයෙත් මුල ඉදල කතන්දරේ පටන් ගන්න එක.
Deleteඒකනෙ. ආයෙත් ජීවිතේ අලුතින් පටන් ගත්ත වගේනෙ නේද.
Deleteයතුරු පුවරුවේ
ReplyDeleteසිහින ඇහිදින
තාරුණ්‍යය
ඇඟිලි තුඩගින්
Deleteගිලිගෙන
රියල් ලෝකේ
අපූරුව ගැන
හාංකවිසියක්වත්
නැතුවම....
කතාව නම් නියමයි... පාට දෙකකුත් පාවිච්චි කරලා ලිව්වනම් හොඳයි කියල මටත් හිතෙනවා ..
ReplyDeleteඒකනෙ. ගුරු ජී උපදෙසුත් දීල ඒක අමතක උනානෙ.
Deleteහිටු වැඩ ඉවරවෙලා කියවන්න
ReplyDeleteඔව් ඔව් .. කියෝල දීපංකො බලන්න විචාරෙ :D අනේ මගෙ කට !!!
Deleteඕ කේ නිමෝ....
Deleteබලමුකො පත්තරේ නිමෝ විචාරෙ දුන්නම.
Deleteකොහෙද ඉතින් විචාරේ දෙන්න කලින් ඉබ්බෙක් හොම්බ දාලා විනාස කරලා නෙව....!
Deleteදෙන්නා දෙන්නාටම රැවටුන නිසා හොදට ගියා. නියමෙට ලියලා තියනවා... ජය....
තැන්කුයි නිමෝ..... ඉබ්බ කිවුවෙ අපේ පත්තරේටද? හපුයි!
Deleteඅම්මේ බං විචාරෙ නං මාරයි :D
Deleteඅනේද කියන්නෙ. ඔහොම විචාරයක් ඇහුවමයි.
Deleteනියම කතාව අක්කියෝ :)
ReplyDeleteස්තූතියි නංගා....
Deleteලස්සනයි බං කතාව.හැබැයි එක ඇතුලේ තියෙන්නේ හරි බේදවාචකයක් නේද..?
ReplyDeleteදෙන්නා ,දෙන්නටම රැවටුන නිසා හොදයි.නැතිනම් මේක කොතනින් නතර වේවිද කියලා හිතා ගන්නත් අමාරුයි.
නවීන ලෝකේ අපිව ලංකරන තරමටම එකිනෙකාගේ බැදීම් වලින් අපිව දුරස් කරන එකත් නියමෙට කරනවා යශෝ...:(
තැන්කූ තැන්කූ..... කතාව ශෝකාන්තයක් කරන්න බැරි නිසාම මෙහෙම twist එකක් දැම්ම මනෝ. නැත්නම් හැම කතාවම මෙහෙම කෙලවර වෙන්නෙ නෑ නෙ.
Deleteලස්සනයි බස්සියේ..... මේ තාක්ෂණික ලෝකේ අපි අපිටම රැවටෙනවා ගොඩක් තැන් වලදී..... ඒ වගේම අපෙන් මගහැරෙන දේවලුත් වැඩි..... ජයවේවා.......................
ReplyDeleteකී බෝඩ් එක, ටච් ස්ක්‍රීන් එක බදාගනිද්දි අපිට නොදැනිම ගොඩක් දේවල් ගිලිහිලා යන්න පුලුවනි නෙ විකුම්.
Deleteඔහොම යං...ඔහොම යං. නියමයි.
ReplyDeleteදැන් ඉතින් තමුන්ට වෙනත් ලිවීමේ රටා සහ හැකියාවන් තියෙන බව අමතක වෙලා යයිද දන්නේ නැහැ. ඒවා අමතක කරන්න එපා.
ස්තූතියි අරූ අංකල්...
Deleteඅනේ එහෙම වෙන එකක් නෑ.... ඊගාව කතාවට වෙනස්ම ආරක් දෙන්නයි බලාපොරොත්තුව. :)
හොද කතාවක්
ReplyDeleteස්තූතියි
Delete