Sunday, May 18, 2014

අළු සහ ගිනිපුපුරු






මූසල අලුපාට දුමාරය. පිටිපස්සෙ කැබ් එකේ ඉන්න කාලකණ්ණියා හෝන් එක උඩ හිටගෙන.
පිස්සුවෙන් වගේ මගෙ වටේට දුවන වාහන.

අමාරුවෙන් නැවැත්තුව අයිනකට කරගෙන.


මම නතාෂාගෙ මූණ දිහා බැලුව.

"බ්‍රේක් අල්ලන්නෙ නෑ ටාෂි. හදාගෙන යමු."



"What is this සුරේෂ්? ලාස්ට් ෆ්‍රයිඩේත් මෙහෙමයි. I will call a taxi. You come after the repair."

නතාෂාගෙ හීනි කරපු ඇහිබැම දෙක එකට යාවෙලා.


*
*
*
*
*
 


හවස පංති ඇරිල ඔයාව බයිසිකලේ තියාන පදින කොට ඔයාගෙ අකීකරු කෙහෙරැලි මගෙ මූණෙ ඇතිල්ලෙනව.

ඔයා සැරෙන් සැරේ මගෙ මූණ බලල හිනා වෙනව.



"මාන්සිද සුදුමහත්තයෝ?"
බෙල්ල නමල, කනට කරල හොරෙන් අහනව.

බයිසිකලේ චේන් එක පැන්න වගෙයි.


"ඔයා බස්සෙකේ යන්ඩ. මන් මේක හදාන එන්නං."

කට පොඩිත්ත උල් වෙනව. තාර හොටේ. හුරතල්.

"මට්ට යන්නබ්බෑ!"




ඔයා මාත් එක්කම නැමිල බයිසිකලේ චේන් එක දාන්න උදව් වෙනව.

"කෝ මෙහෙට්ට වෙන්ඩ. ඔයාට බෑ."

"මුකෝ බැරි. මටත් පුලුවන්. සුදුමහත්තය ඉන්ටකෝ."



පිස්සු කෙල්ල. අන්තිම බස්සෙකත් ගියා. කොහෙද ඔයා මහ පණ්ඩිතයි.

මම ඔයාට කිවුවෙ පණ්ඩිත ආච්චි කියල.

ඔන්න! අත් දෙකේම මජං.



ඔයා මජං ගෑවුන අත්දෙකෙන් මගෙ මූණෙ ඉරි ඇඳල පස්සට පැන්න.

පොඩි එකෙක් වගේ ඔලුව හරව හරව හිනාවෙනව.

ඔහිටු මෝඩ කෙල්ල.


සුදු මූණෙ මජං ගාන්න ලෝබයි. අත් දෙකෙන් අල්ලල ඇදල ගත්ත ළඟට.


"ඈයියා....!!"

"තරහද?"

"ඒ මොකටෙයි තරහ? දෙහි  ලෙල්ලක් උලල හෝදල අරින එකනෙ."






නතාෂාගෙ සිහින් දිගු ඇඟිලි තුඩු ලහිලහියෙ ගැලක්සියෙ තිරය මත දුවනව.

තද නිල් පාට නිය. දම් පාට සමනලයෙක් ඇඳල. සුදු පාට ගල් තුනක් අලවල.


"පැය දෙකක් ගියා nail art එකට"

ඒ උනාට its worth the wait සුරේෂ්." නතාෂ පරෙස්සමින් නිය හරව  හරවා බලනව.




"බඩගිනියි"


"මී ටූ. මේ හරියෙ ටක් ශොප් එකක් නෑ නේද?"


"ම්හු."



පෙට්ටි කඩයක්. ඉස්සරහ හිල්වෙච්චි බැනියමක් ඇඳගත්තු කොල්ලෙක් තේ යාරයක් දානව.

මං අයින් කරල නැවැත්තුව.



නටාෂා මා දිහා බැලුව.

මූණෙ ප්‍රශ්නාර්ථයක්.

මං යතුර අතට ගත්ත. දොර ඇරල අඩියක් එලියට තිබ්බ.

"ඇයි?"



"යං වඩයක් කාල පේන්ටියක් බීල එමු. පරිප්පු වඩේ තියනව පට්ට රහයි."



"ඈයියා!!!"

"Are you mad  Suresh?? Lets  go to Sen-Saal or  Fab!"




මූණෙ වළාකුලු.


වහින්ඩ වගේ.
අලුපාට පාරට පෑහෙන්න අහස අලුපාට වළාකුලු වලින් බරවෙලා.






"ඔයහැටි කන්ඩ එපා ලුණුමිරිස්."

මේ පිස්සු කෙල්ල රොටි කන්ඩ ගියාම ලුණු මිරිස් තලියක්ම ගා ගන්නව.



"එතෝට තමයි ප්ලේන්ටිය රහ වැඩි."



ඔයා ඔලුව දෙපැත්තට හරෝ හරෝ කියනව. හුරතලේ.



අසෝක වීදුරු දෙහෙකට තේ යාරෙ ගානෙ.

වීදුරුව උණුයි.

ඔයා වීදුරුව බංකුව කොනකින් තියල අත් දෙක ගවුම් සායෙ පිහගන්නව.

"දැවිල්ලයි."





"සුරේශ්!!!"

නටාෂගෙ කටහඬ ඇඬුම්බරයි.

"I was so embarrassed. ඇයි දෙයියනේ ඔයාට එදත්  මං කිවුව.


මස්කාරා දියකරගෙන කලුපාට කඳුලු බින්දුවක් කම්මුල දිගේ ගලාගෙන එනව.

"Why do you always extend ur pinkie when  holding the glass. Everyone noticed that. Everyone…”

I….I was so ashamed Suresh!!!!







ඔයා හෙමින් හෙමින් තේක බොනව.

මං විටක් ඒදන්න ගත්ත.


"මටත් ඕනෙ."

"මොනාද?"

"ඔවුවයින් ටිකක්"

"හොඳට හිටී. දූගෙ දට්ටික පැල්ලම් ගැහුනම  හාමිනා නැන්ද මට සෝලි තියයි ඉඳගන."

"ඒකෙන්  කාරි නෑ. දෙන්ටකෝ සුදු මහත්තයෝ...."


විට කාල රතු වෙච්චි  දත් ටික පෙන්නල ඔයා මා එක්ක හිනා වෙනව.

හරියට මහ ලොකු හපන්කොමක් කරල වගේ.




වැහි පොද එකින් එක වැටෙනව.

වින්ඩ්ස්කීන් එකේ වැදිල නතරවෙන  වැහි බිංදු පහලට  ඇදිල යනව.




ඔයාගෙ ඇස් දෙකෙන්  කඳුලු වැල් දෙකක් බේරෙනව.

"මගෙ සුදුමහත්තය එහෙනං ඉංජිනේරු මහතැන් කෙනෙක් වෙන්ට යනව."

"විබාගෙ පාස් වෙච්චි ඔය අත්දෙක කැවුං ගෙඩියක් පුස්සල තවන්ට ඇත්නං."










සුරේශ්!

What are you staring at??



කැන්ගරු කැබ් එකක් මට ඉස්සර කරල නවත්තනව.

"දඩස්"

නතාෂ දොර තදින් වහනව.

රතු දුඹුරු පාට කරපු කොණ්ඩෙ ගමන් තාලෙට පැද්දෙනව.

මං බලන් ඉන්නව.







ප.ලි.

මේ මම ජීවිතේටම ලියපු දෙවෙනි කෙටිකතාව. පළවෙනි කෙටිකතාවට සිද්ද උන දේ පස්සෙ දවසක කියන්නම්කෝ.

මම කෙටිකතා ලියන්න දන්නෙ නෑ. ලියන්න අදහසක් තිබුනෙම නෑ. එහෙම උන්නු මම මේ කතාව ලියපු එකට වග කියන්න ඕනෙ බ්ලොග් ලියන කෙටිකතා කාරයො දෙපලක්.

වද කර කර කෙටි කතාවක් ලියන්න කියල කියලා නොලිය හිටියොත්  මරනව වාගේ තර්ජනය කරා "වර්ණ" බ්ලොග් එක ලියන දිනේශ් උමගිලිය අයියා.
කෙටිකතාවක් ලියන්න සම්මත රාමු වලට හිරවෙන්න ඕනෙ නැති බව කියල දීල, මේ කතාව ගැන අයිඩියා එක, එහෙමත් නැත්නම් වස්තු බීජය සැපයුවේ "ඉවාන් පවුලූශා" බ්ලොග්  එක ලියන ප්‍රගීත් අනුරාධ අයියා.

කතාවෙ හොඳක් තියේනම් ඒක මේ දෙපලටත් අයිතියි.



131 comments:

  1. soi kathawa nanga ,digatama leyanna....

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ....

      Delete
  2. අමුතුම කතාවක්. පට්ට අමුයි. ටිකක් හිතන්න ඕනි. එනිවේ ජයවේවා

    ReplyDelete
    Replies
    1. අමුවෙන් ලියන්න තමයි කැමති. හිතල බලන්නකො ඒනං! තැන්කිවු මල්ලී.... :)

      Delete
  3. කෙටි කතාව ........ කෙසේ වෙතත් ඔයාගේ කතාව ලස්සනයි...... අමුතුයි, වෙනස්, දිනේෂ් ද කිව්වේ සම්ප්‍රධායික කෙටි කතා රාමුවට යන්න ඕන නැ කියල. ඔයා මේ කතාවට තව කොටස් එකතු කරන්න. දිගටම ලියන්න. ලස්සන නවකතාවක් දන්නෙම නැතුව ලියවෙයි......බස්සියෝ......ඔයාගේ අදහස් පැහැදිලියි...... සරලයි...... සුමටයි....... තාරුණ්‍යට අයිති අදහස් ප්‍රකාශයක් ඔයා ළග තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහංසා අගය කිරීමට.

      සාම්ප්‍රදායික රාමුවට හිරවෙන්න එපා කිවුවෙ අපේ ඉවාන් පවුලිස්. එයාගෙන් තමයි උපදෙස් ගත්තෙ.

      කෙටිකතාවකුත් ලියපන් කියල, කම්මැලී කිවුවම "ලියහන් නැත්තම් සුදු වෑන් එකක් එවනෝ" කියල වගේ තර්ජන කරල ලියන්න අදහසක් ඇතිකලේ දිනේෂ් අයිය.

      කෝ ඒ ඩබලම තාම නෑනෙ.

      Delete
    2. උන් දෙන්නට වෙන වැඩ නැහැ කියල හිතුවාද?

      හිටු ඒව ඉවර කරල එයි ;)

      Delete
    3. ඩබලම ඇවිල්ලා ආන් :P

      Delete
  4. සිද්ධි දෙකක්..... පාඨක අපට බාර කරලා විනිශ්චයකට එන්න. හොඳ උත්සාහයක්. ඒත් එක්කම මේ සිදධි දෙක වටා ඇති සමාජ පරිසරය ගැන අපටම හිතන්න ඉතිරි කරලා. සාර්ථක උත්සාහයක්. ඉවාන්ගෙන් උවදෙස් ලැබුණනම් වරදින්න විදියක් නැනේ... දැන් ජෝක්
    බස්සි මේ චරිත දෙකෙන් කෝකෙද ඉන්නේ ඇත්තටම....

    ReplyDelete
    Replies
    1. තැන්කිවු නලින් මාමේ.... අඩුපාඩු ඇත්නම් කියාදෙන්න.

      මමනම් ඔය චරිත දෙකෙන් එකක් ඇතුලෙවත් නෑ අයියෝ... :)

      Delete
    2. මම ඇහුවේ කෙල්ලක් විදියට ඔය සැබෑ දිවියේ මෙවන් තැනක හැසිරෙන්නේ දෙන්නගෙන් කොයි චරිතයට ආසන්නයෙන්ද යන වගයි

      Delete
    3. හ්ම්ම්.... මම ආස්ක් ද ඕඩියන්ස් අවස්ථාව ලබාගන්නවා!!!

      Delete
    4. Mage nam oya dekama thiyenawa. Kohomath game kenek nam game vidiya nagarebkenek nam nagare vidiya dekema waradak naha

      Delete
    5. මේකෙ කියන්නෙ ගමෙයි නගරෙයි වෙනස ගැන නෙමෙයි ලු මචෝ.... :)

      Delete
    6. Nirmana kaari katawahan hitu aa..apila thamai prekshakayo. Aaye kiyola thamai ilaga coment eka :D

      Delete
    7. හික්ස්! ආස්ක් ද ඕඩියන්ස් නෙ. ඉතින් කියහල්ලා.... :D

      Delete
    8. ඔන්න ආයෙම කියෙවුවා . දෙවැනි කෙටිකතාව උනාට නියමයි. නතාෂා සහ ගමේ ගෑණු ළමයා ආයාසයකින් තොරව තමන්ගේ ජිවිත තුල ඉන්නේ කොල්ලා පව්. ඒ වගේම හොද වැඩේ .ඉවානයව නම් ෆලෝ කරන්න එපා ඈ.

      Delete
    9. ඔය ඊරිසියාවට බස්සියේ මෙයත් ඉවාන්ව ෆලෝ කරනවා හැක් හැක් හැක්

      Delete
    10. @ ඔමා

      තැන්කිව් හොඳේ. එපා කිව්වට ඉතින් මන් ගෙබිලූසව ෆලෝ කරනව ඉඳගෙන. ෆලෝ කරනව කියන්නෙ කොපි කරනව කියන එක නෙමෙ ඈ

      Delete
    11. @ නලින් මාමා

      අලේ මන් දල්ලෑ ඕව.

      Delete
  5. හරිම ලස්සනයි... මම ආසම ස්ටයිල් එකේ කතාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ....

      Delete
  6. mmm, niyamai. wenadata wada tikak wenas. mama kalin eka nam kiyewwe ne...

    ReplyDelete
    Replies
    1. තැන්කූ කවී අයියේ.... මුල් කතාවෙ පිටපතක් මා ගාවත් දැන් නැහැ අයියේ...

      Delete
  7. දෙවෙනි කතාව උනත් සැහැල්ලුවට ලියවිලා නංගෝ....ඔහොම්ම ලියමු....
    හිතමින් @අර මැටි ඉදිකට්ටයි,ජබොස් ගෙම්බයි හරිම හොද මෝඩ ජෝඩුවක් අපිට මේවත් කියවන්න වෙනවා දැන් හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. යකෝ මේකි ඉවාන් එක්ක ජම්ම වෛරෙන්නේ ඉන්නේ අම්මපා අහුවෙයන්කෝ අල්ලලා දානව ඇලකටම ගෙම්බන්ට කන්න

      Delete
    2. බෝම ඉත්තූතියි කිඹුලි අක්කෝ..... කෝ බන් ගෙඹිලූසා? උන්දැගෙ පෝං එකත් ඕෆ්.

      Delete
    3. මේකි කිඹුලිනෙ. කොහොමත් ඇලේ තමයි ඉන්නෙ. :D

      Delete
    4. @නලින් අයියා- හිකිස් අපි ඉක්මනින් හම්බෙමු...එතකොට බොලාව මන් කැලණි ගගට දානවා ඕන් කිව්වා @බස්සි කෙල්ලෝ එක්ක චැට් කරන්න ගිහින් ගෙදර උන්දා නෙලලා ඇති හිකිස්

      Delete
    5. අඩෝ කිඹුලි එක හීනෙන් එලි වෙන්නේ නෑ හරී ..තෝ අවසන් ගමන් යන්න බලන් ලංකාවට වර :P

      Delete
    6. ශානු අක්කා ඔයා කිව්ව හරි. වයිෆ් ගහල ෆෝන් එක පොලේ ගහල. පව් අෆ්ෆා අහිංසක් ගෙඹිලූශා

      Delete
    7. ඉවාන්, කිඹුල්ලුන්ටත් හීන පේනවද ඈ?

      Delete
  8. සිරාවටම පට්ට බං… කතා දෙකක් නෑ.

    බහුතරයක් පොෂ් උන්ගෙ ඇතුල පුස්. ගමේ වේවා නගරෙ වේවා සරල කෙල්ලො ගාව තියෙන ආදරයට වෙනස් විදිහක ආදරයක් උන් ගාව තියෙන්නෙ.

    බොක්කෙන්ම කියන්නෙ සිරා කතාව. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රියෝ!! අන්තිමේ හැමදේම තියෙනව ආදරේ ඇරෙන්න.

      Delete
  9. ටිකක් හිතට ඇල්ලුව හින්දා කියෙවුවා දිගටම. අනෙක් කෑල්ලත් ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. මේ "කෙටිකතාවක්" අජිත්.

      Delete
  10. ලස්සන වෙනස් කතාවක්... එලෝ

    ReplyDelete
    Replies
    1. තැන්කිවු හොඳේ....

      Delete
  11. ඉවාන්ගෙ නම ප්‍රගීත්ද ? කවුද දන්නෙ...මම හිතුවෙ ඉවාන්ම කියලයි...

    බස්සිගෙ මේ කථාව තුල ඔයාගෙම කියලා අනන්‍යතාවක් යම් තරමකට ගොඩ නැගිලා තියෙනවා කියලා මට හිතෙනවා...ඉතාම සාර්ථක නිර්මාණයක් කියලා කියන්න මම හදිස්සි වෙන්නෙ නෑ...කාල සීමා දෙකක කථාවක් එක පේලියට අරගෙන යන විදිය නම් අපූරුයි.

    මේ කථාව යම් තරමකට මගේ ජීවිතයටත් සම්බන්ධයි. යම් කිසි කාලයක මටත් හිටියා මෙවැනිම පෙම් වතියක්. ඇය මගට බැස්සම කිසිම තැනකින් ආහාරයක් ගන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට...නමුත් මට බඩගිනි උනාම මම කෑවා...එයාට බලාන ඉන්න කියලා...ඉතිං ගෙදර ගිය වෙලේ ඉදන් දුරකථනයෙන් කුරු කුරු ගානවා...ඇයත් මේ කථාවෙ නතාෂා වගේම තමයි...මාව මුලිච්චි වෙන වෙලාවට මගේ පැෂන් මදි කියලම තමයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. සිරා අයියේ... අවංකව අදහස දැක්වූවාට ගොඩක් ස්තූතියි. හදා ගන්න ඕන අඩුපාඩු පෙන්නලා දෙන්නත් පුලුවන් නම් තවත් වටිනවා.

      නතාශලාව මමත් දැකල ආශ්‍රය කරල තියෙනව අනන්තවත්. :)

      Delete
    2. අපරාදේ සිරා අයියේ උඹට කියන්න තිබ්බේ පැෂන් නම් නෑ නංගි වැල් දොඩම් තියනවා කියලා..

      Delete
    3. උඹ මට කින්ඩිය දැම්මා නේද නාඩියො...හම්බුන දවසක බලාගමු...අරිද...පැෂන් කිව්වෙ ෆැෂන් වලට බං...පයන්න අවුල් වෙලා...ගල් පාන්දර ඒක කෙටුවෙ මගේ වෙලාවෙන්...

      Delete
    4. හි හි.... ඒ උනාට ඒ ගර්ල්ට එහෙම කිවුවත් කින්ඩියනෙ සිරා අයියේ.... මට හිතුනෙ එහෙමයි. ෆැෂන්, පැෂන් විදියට ලිවුවෙ හිතලමයි කියලයි මං හිතුවෙ නම්. :D

      Delete
  12. මේක නම් මාර යි. මාර වෙලා තියෙන්නෙ විශේෂයෙන් ම ආකෘතිය නිසා. පාට දෙක භාවිතයෙන් කරන්න පුළුවන් උපරිමය කරල තියෙනවා. වෙලාවක මම මේකෙ print out එකක් අරන් තියා ගන්නව හොඳේ... කර්තෘ අයිතිය සුරකිමි :-))

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණා... මොනව වුණත් ඇත්ත ජීවිතය තියෙන්නෙ සුදු පාට ඇතුළෙ බස්සියේ... සම්පූර්ණයෙන් ම බැරි වුණත් පුළුවන් තරම් හරි අපි ළං වෙන්න ඕනෙ ඒ ජීවිතයට....

      Delete
    2. පාට දෙකෙන් කොරපු එක ඔයාට නෝට් වෙච්චි එක ගැන සන්තෝසයි කුරුට්ටියේ... තැන්කිවු හොඳේ... ඔව්. සුදු පාට ජීවිතේ ඇතුලෙ පාට පාට හීන තවරගන්නෙ අපිමයි.

      Delete
    3. මම බ්ලොග් රෝල කියවන්න පාවිච්චි කරන්නෙ යසිත් මල්ලි හඳුන්වා දීපු data saver එක නිසා mobile version එකේ දි ඒ වෙනස හොඳට පේනවා. http://www.boondi.lk දාමු ඈ....

      Delete
    4. බූන්දියට දාන හැටි දන්නවද?? මං දන්නෑනෙ

      Delete
  13. ලස‘සනයි බස්සි....

    ReplyDelete
  14. මෙහ ගමේ ඉන්න සුදු මහත්ටයද ඉන්ජෙක් වෙලා සුරේෂ් වෙන්නේ... කතා 2කම පට්ට..ඒ 2ක තම 1ට ගලපගන්න බැරිඋනා..තාත්තගේ බෝටලෙන් හිමිට එකක් නවගෙන් ඇවිල්ල අයිත් කියවන්න ඕනි]

    ReplyDelete
    Replies
    1. එහෙනම් වීදුරුවක් නවාගෙන ඇවිත් කියෝල බලන්නකෝ....

      Delete
    2. පියතුමා නිදියන තෙක් බාල සිටින්නේ එකට තමා....

      මෙහ ගමේ ඉන්න සුදු මහත්ටයද ඉන්ජෙක් වෙලා සුරේෂ් වෙන්නේ??? මේක තෝරලා දෙන්තකූ

      Delete
    3. ඔව් අනී.... එයාම තමයි. කෙල්ලො දෙන්නෙක්.

      Delete
    4. එහෙමෙයි මම හිටුව අර කෙල්ලම පස්සේ මෝඩ වෙලා කියලා සාමානයෙන් ගෑනුන්ට නෙහ් මුල අමතක වෙන්නේ

      Delete
    5. හම්මේ ගෑණුන්ට විතරෙයි එහෙම වෙන්නෙ? :O

      Delete
  15. අළුත් කතාවක් වගේ, කතා අහන්න තිබුණ උනන්දුවටම කියෙවුවා. ඔන්න මමත් බ්ලොග් එකක් පටන්ගෙන තියෙන්නේ. ඒ ප්පැත්තෙත් ගොඩ වෙලා යන්නකො කට්ටිය. http://pakispettiya.blogspot.com/

    ReplyDelete
  16. මට මේක short film එකකට හරියන හොඳ plot එකක් වගේ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හදමු ෂෝර්ට් ෆිලුමක්. නිළියක් සහ කැමරාමන් කෙනෙක් සම්පාදනය කොරන්න පුලුවන්. ;)

      Delete
    2. හැබැයි කලොත් නම් මරු..

      Delete
    3. සිරාවටම කරමු ද ෆිලුමක්?

      Delete
    4. ඔය අයිනකින් මාවත් ගනින් පොඩි චරිතෙකට.

      අර අරුන් දෙන්නා රොටි කන තැනදි ප්ලේන්ටිය හදලා දෙන චරිතෙ හරි කමක් නෑ.

      මගෙ හදහනෙත් තිබ්බා මම කවදා හරි ප්‍රතිභාපූර්ණ නළු බට්ටෙක් වෙනවා කියලා. හැක්. :D :D

      Delete
    5. උඹව ගන්නං කඩේ ගිහින් සුරුට්ටුවක් අරන් යන චරිතෙට. කමක් නැද්ද

      Delete
  17. ගමේ තමන්ට අච්චරට ආදරේ කරපු කෙල්ලව අමතක කරල නගරෙ ඉන්න සක්කරවට්ටමක් කරේ එල්ල ගත්තට සුරේෂ් දැන දුක් වෙනව වගේ.. ලස්සන කථාවක්!! දිගටම ලියන්න.. (y)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔෂාන් අයියා.... :D

      Delete
  18. ඔය ලියල තියෙන්නේ එලටම? දෙවෙනි එක උනාට හොදට ලියල තියෙනවා. මට නම් සිද්දී ටික මැවී මැවී පෙනුන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වීරේ...!!

      Delete
  19. මේ ලියලා තියෙන්නේ එහෙනම්.. හරි එහෙනම් ඔන්න මගේ අදහස..

    කතාව කාල පරාසයන් දෙකක් උඩ දිවුවා වුනත් ඒ දෙක අතර කතාව හරි ඉක්මනට ඉක්මනට මාරු වෙලා කියලා දැනෙනවා.. වර්ථමානයේ නතාෂට අතීතය ෆ්ලෑශ් වෙලා යනවා වුනත් ඒක ටිකක් සුමට කලානම් තව අපුරුයි..

    අනික කතාවේ සමහර තැන් වල දෙබස් අනිත් ඒවයින් හරි හැටි වෙන් කරලා පෙන්නලා නෑ.. ඒක නම් කම්මැලි කමට වෙච්ච දෙයක් තමයි ශුවර් එකටම.. මම කිවුවේ මෙන්න මේ තැන..
    /////
    පිස්සු කෙල්ල. අන්තිම බස්සෙකත් ගියා. කොහෙද ඔයා මහ පණ්ඩිතයි.

    මම ඔයාට කිවුවෙ පණ්ඩිත ආච්චි කියල.

    ඔන්න! අත් දෙකේම මජං.



    ඔයා මජං ගෑවුන අත්දෙකෙන් මගෙ මූණෙ ඉරි ඇඳල පස්සට පැන්න.

    පොඩි එකෙක් වගේ ඔලුව හරව හරව හිනාවෙනව.

    ඔහිටු මෝඩ කෙල්ල.
    /////

    හරි අදට ඔච්චර ඇති.. උඹ එදා මට පගාව දුන්නනම් මම හොදයි කියලා නිකන්ම ඉන්නවා.. කෝම වුනත් කතාව එල.. අර කිවුව දේවල් ගැන පොඩ්ඩක් මීටරෙන් ඉදලා ඊගාව එක ලියපං.. පළවෙනි එක ඉතින් ඕම තමා.. සුබ පැතුම් එහෙනම්..

    ReplyDelete
    Replies
    1. හෑ.... පන්ඩිත සීයා.... පුහ් !

      Delete
    2. ඔන්න ඕවගේ අඩු පාඩු මොනාද කියල අහගන්න ඕනෙ හින්දා තමයි මන් පගාව නොදුන්නෙ.... තැන්කුයි දිනේශ් අයියේ....

      ආය ලියද්දි ඒ අඩුපාඩුව මගඇරගන්න උත්සාහ කරන්නම්කෝ.... :D

      Delete
    3. සිහින : "පණ්ඩිත" කෙසේ වෙතත්, "සීයා" කියන එකට මාත් එකඟයි!

      Delete
    4. //ඒක නම් කම්මැලි කමට වෙච්ච දෙයක් තමයි ශුවර් එකටම.// බස්සියො මේ තරම්ම කම්මැලී කියලා මාත් දැනගත්තෙ මේ බස්සිගෙන් තමා. :D

      Delete
  20. කතාවෙ ගුණදොස් බේරල කියන්න/උපදෙස් දෙන්න තරම් මෙව්වට පරිනත නැහැ වෙන එව්වට තිබුනට.....
    මට හැගෙන ලෙසටම හොද සාර්ථක උත්සහයක්.....කියවන අපට සමාජ තල දෙකක කතාවක් ලෙසටත්..........
    සුදුමහත්තය සුරේෂ් වී විදින මානසික වදයක්ද කියාත් ගත හැකි කතාවක් ..... කියවන අපට උවමනා ලෙසට සිතා ගන්න දුන්නා දැයි කියා මට සිතුන....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි අයියා...!

      //සුදුමහත්තය සුරේෂ් වී විදින මානසික වදයක්ද// ඔව් මමත් එතනදි පෙන්නන්න හැදුවෙ සුරේෂ් ගෙ මානසික ගැටුම.

      Delete
  21. සුපිරියට ලියාල තියෙනවා කියල තමයි කියන්නේ. වෙනස් ස්ටයිල් එකක් නිසා දැනෙනවා වද්දියි.
    සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශෙහාන්!!!

      Delete
  22. ඔන්න ආවෝ ..මචෝ හරියට සාරවිටක් කෑවා වගේ .. නොයෙක් රස තියෙනවා ... මේ ඉට්ටයිල් එක උඹ සුපිරියට ලින බව මම දන්නවා . තව දෙක තුනක් ලියනකොට උඹ මේ ඉට්ටයිල් එකේ පොරක් වෙනවා ආයේ එකේ දෙකක් නෑ. මැටි තිබ්බට හැමෝටම පිළිම අඹන්න බෑ, වස්තුබීජ තිබ්බ පමණින් කතාවක් ලියන්නත් බෑ. ඒකට ලිවීමේ හැකියාව තියෙන්නේ ඕනේ, උඹට ඒක උපරිමෙන් තියෙනවා ,
    උඹ කෙටි කතා ලියන්න තේරෙන්නේ නෑ කිව්වට උඹ ලියන්න ගත්තොත් ආයේ කාටවත් සෙකන්ඩ් නොවෙන බව මං දන්නවා . අඩු පාඩු නැතිව ලියන්න පුළුවන් කෙනෙක් නෑ.
    ඊළඟ එක බලාපොරොත්තුවෙන් සිටිමි.......වෙල්ඩන් බස්සියා ........

    හැබැයි මොනවා ලිව්වත් උඹවයි අර අලි කිඹුලිවයි දෙන්නගේ හක්ක පන්නනවා අහුවෙච්ච ගමන් .අම්මප

    ReplyDelete
    Replies
    1. //හැබැයි මොනවා ලිව්වත් උඹවයි අර අලි කිඹුලිවයි දෙන්නගේ හක්ක පන්නනවා අහුවෙච්ච ගමන් .අම්මප//

      හරියට හරි බලපන් මෙච්චර මේ උදව්,පදව් කරලා දිරි ගන්වන උඹලාට මුන් දෙන්නා මේ කියලා තියෙන කතා...:D

      Delete
    2. හම්මේ ඉවාන් අයියා පණ බේරගෙන ඇවිත්. සන්තෝසායි.. මන් හිතුවෙ ඉවානක්කා ෆෝන් එකයි, මුන්දැවයි දෙන්නවම පොළවෙ ගහල කියල. අර කිඹුලිත් කිවුවෙ.

      දැන් serious මූඩ්;
      උඹ මෙහෙම ලියහන් කියල කිවුවෙ නැත්නම් මං මේ කතාව කවදාවත් ලියන එකක් නෑ. ලිවුවත් මේ ස්ටයිල් එකට ලියන එකක් නෑ. මොකද මම දැනන් හිටියෙ අර සම්මත ආකෘතියට මම ලියන කතා වල මට රහක් නෑ කියල විතරයි.

      ඒ විතරක් නෙමෙයි කතාව කියවල විචාරයකුත් දුන්න. නමක් දාගන්න බැරුව දහ අතේ කල්පනා කොරද්දි ඒකටත් උදව් උනා. මං සතියක් ඇතුලත නම් විස්සක් විතර දැම්ම නෙ මේකට. :D ඉතින් ඒ හැම උදව්වකටම මගේ හද පිරි ප්‍රණාමය! (හම්මේ!! :P)

      උඹව හැමෝම අඳුනන්නෙ කෙටිකතාකාරයෙක් විදියට. Typical lankan style එකට අනුව නම් උඹ, දිනේශ් අයියා එහෙම මට ලියන්න උදව් කරන එක ගැලපෙන්නෙ නෑ. ඒ රාමුවට අයිති නොවෙන සහෘදයො කිහිපදෙනෙක් අඳුනා ගන්න ලැබීමත් වාසනාවක්!

      serious මූඩ් ඉවරයි.

      ඈ නකෝ හක්ක පන්නන්න හිතුව මදි උඹ. උස්සල දානව බේරෙ වැවට! ශානු අක්කෙ වරෝ!!! වලියක් වලියක්!

      Delete
    3. මනෝ.... ඈ ගල් ඉබ්බෝ! අහුවෙයන්කො. ගෙම්බගෙ තනියට ඉබ්බවත් දානව වැවට! අම්මපා!

      Delete
    4. ඈ,මොකා ගල් ඉබ්බා,තෝ අහුවෙයන්කෝ මට කරන දේ බලාගන්නට..:D

      Delete
    5. හම්මේ ගල් ඉබ්බගෙ සැර! :P

      Delete
  23. කාලෙකින් මේ පැත්තට ආවේ.. හොඳ නිර්මාණයක්... වැඩි තේරුම් කිරීම් නැතුව අතීත වර්තමාන තල දෙකක දිවෙන කතා වෙන වෙනම ගෙනත් සම්බන්ධවෙන හැටි ගැන ඉඟිකරලා තියනවා. අවස්ථා, දෙබස් ඉදිරිපත් කිරීම උපරිමයි... කාල තල දෙක අතර දෝලනයත් spon on.

    මේක බොහොම සාර්ථක නිසාම මට හිතෙන පොඩි අමතර අදහසක් කියන්නම්. නතාෂා මේ කතාවෙ ඉස්මතු වෙන්නේ කලු පැත්තට බර චරිතයක් විදිහට... නමුත් නතාෂාගෙ පැත්තෙන් අපි හිතුවොත් මේ නතාෂා හැදුන වැඩුන පරිසරය එක්ක ඇගේ සාමාන්‍ය ස්වභාවය වෙන්න පුළුවන්. මෙතන බැලු බැල්මටම නතාෂා වැරදි වගේ පෙණුනත්, මෙතන තියෙන්නේ සමාජතල දෙකක් හරහා ගිය සුරේෂ්ලා වගේ අයගේ වෙනස්වීම. කතාවකදි ප්‍රධාන චරිතයක් කළු නොකිරීම, සහ මම ඉහත කියපු කාරණය පැත්තට යම් ආලෝකයක් එල්ල උණා නම්, මේක මගේ මිම්මෙන් අති සාර්ථක නිර්මාණයක් කියන්න පුළුවන්.

    හැබැ‍යි මේ වගේ සරලත්වයක් බ්ලොග් තුලදි අවශ්‍ය වෙනවා කියලත් මට වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. තිසරගේ කොමෙන්ටුවක් කෙටිකතාවකට නොලැබුනොත් එක අඩුවක් , දැන් ඒ අඩුව සම්පූර්ණ වෙලා තියෙනවා , ඒ කියන්නේ බස්සි සාර්ථකයි , මේ ටික තිසර මෙතන කියයි කියලා මම බලාපොරොත්තුවෙන් හිටියා

      Delete
    2. ඔබ හරි තිසර මාත් මගේ කමෙන්ටුවේ පෙන්නුවේ මේ දේම තමා //මේ සිදධි දෙක වටා ඇති සමාජ පරිසරය ගැන අපටම හිතන්න ඉතිරි කරලා//

      Delete
    3. තිසර අයියා කමෙන්ට් කරන එකක් නැතිවෙයි කියල හිතන් උන්නු නිසා කමෙන්ට් කල බව දැක්කම සතුටු හිතුනලු.

      සමාජ තල දෙක හරහා සුරේෂ්ගෙ වෙනස්වීම එයාටම දරාගන්න අමාරු උන බව පෙන්වන්න ඕන උනා. හැබැයි ඒ උත්සාහයෙදි නතාෂාගෙ චරිතය කලු පැත්තට බර වෙලා වැඩිද කියල හිතුන කමෙන්ට් දැක්කාම. ඉස්මතු කරන්න ඕන උනේ සුරේෂ්ගෙ මානසික ඝට්ටනයයි.

      මෙතනදි පොඩි උත්සහයක් ගත්ත නතාෂා හැසිරෙන්නෙ එයා හැදුන වැඩුන රාමුව ඇතුලෙ බව පෙන්වන්න. ඒක සාර්ථක මදි ද මන්දා.
      // නටාෂගෙ කටහඬ ඇඬුම්බරයි.

      "I was so embarrassed. ඇයි දෙයියනේ ඔයාට එදත් මං කිවුව.”


      මස්කාරා දියකරගෙන කලුපාට කඳුලු බින්දුවක් කම්මුල දිගේ ගලාගෙන එනව.

      "Why do you always extend ur pinkie when holding the glass. Everyone noticed that. Everyone…”

      I….I was so ashamed Suresh!!!!//

      අදහසට ගොඩක් ස්තූතියි තිසර අයියේ. අඩුපාඩු හෙමින් හදාගෙන දිගටම ලියන්නයි බලාපොරොත්තුව. :)

      Delete
    4. @ඉවාන්;

      අනිවා! මේ විචාරය ලැබෙන එකක් නෑ කියල හිතුනෙ බ්ලොගේ දාපු මුල්ම කෙටිකතාව නිසා. :D

      Delete
    5. @නලින් මාමා :

      ටිකක් ලියලා ගොඩක් හිතන්න තිබ්බා. මං ලියන්නත් කම්මැලියානෙ

      Delete
  24. බයික් එකේ යන කාලෙ වෙනසයි..
    කාර් එකේ යන කාලෙ වෙනසයි..

    ආදරේදිත් වෙනස් වෙන හැටි අතැ දැකල තියෙනවා. බයික් එකේ පට්ට රොමැන්ටික්. ;)

    ReplyDelete
    Replies
    1. හී.... බොහොම ස්තූතියි සෑමා අයියා... :D

      Delete
  25. කාලය මැව් වෙනසක අරුමේ...
    ගමේ කෙල්ලන් පොස් වුණාම ඔහොම වෙනවාලු...
    හුටස්

    ReplyDelete
    Replies
    1. මහේෂ් මෙතන කියන්නෙ ගැහැණු චරිත දෙකක් ගැනනේ.... :D

      Delete
  26. පොළොවෙ පයගහල ඉන්න කෙල්ලෙකුයි අහසෙ පාවෙන සුරංගනාවියෙකුයි. එහෙම කියන්නත් බෑ. පාවෙන සබන් බෝලයක්. දෙන්නම කාල දෙකක ඉන්න එකම කෙනා වෙච්ච එකනෙ දුක. කොහොම උනත් බස්සියෙ. ඔන්න ඔයා සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. දෙන්නම එකම කෙනා නෙමෙයි මනෝෂ්.... කාල දෙකක් අතර පාවෙන්නෙ කතා නායකයා වෙන "සුරේෂ්". පොළවින් අහසට ආපු ගමන ඔහුට දරන්න අමාරුයි මොකද පොළවට ඇදපු මුල් තාම ගැලවිලා ගිහින් නෑ....

      Delete
  27. සුරේෂ්ගෙ කුහකකමක්ද මන්ද කියල මට හිතුනෙ... ඇයි දෙන්නෙක් සන්සන්දනය කරන්නෙ... වැඩක් නෑ නේ.. නටාෂාගේ පැත්තෙන් එයා හරි ඇති වෙන්නත් පුලුවන්. වැරදිකාරයා සුරේෂ්මයි....

    හැම කොල්ලම හෙන ආසයි පිස්සු කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.. හැබැයි බඳින්න ගියාම ඒ පිස්සු කෙල්ලගේ පිස්සු මහ කරදරයක්, ලැජ්ජාවක් විදියට පේන්න ගන්නෙත් කොල්ලන්ටමයි... ඊට පස්සෙ බැන බැන කෙල්ලව හදන්න යනව.. අන්තිමට කසාදෙත් එපා වෙලා තමයි නවතින්නෙ... ගොඩක් ලවු මැරේජස් වල තියෙන එක කේස් එකක් තමයි ඕක...

    අනිත් එක ගමේ පිස්සු කෙල්ලගේ මතකය, සුරේෂ්ගේ හිතේ ලස්සන එක තැනකින් නැවතිලා.. ඒත් නටාෂා දිනපතා විඳිනවා... සුරේෂ්ගෙ යථාර්ථය ගත්තොත් ගමේ පිස්සු කෙල්ලව බැඳ ගත්තට වඩා සමාජීය සැනසීමක් සුරේෂ්ට නටාෂාව බැඳගත්තයින් තියෙනව....

    පට්ට ගහපු තේමාවක් උනත් ආකෘතිය වෙනස් කරපු එකෙන් අලුත් බවක් ලැබිලා තියෙනව.. ඒකයි මේ කෙටි කතාවෙ මං දැක්ක දේ...

    ReplyDelete
    Replies
    1. //හැම කොල්ලම හෙන ආසයි පිස්සු කෙල්ලෙක් එක්ක යාලු වෙන්න.. හැබැයි බඳින්න ගියාම ඒ පිස්සු කෙල්ලගේ පිස්සු මහ කරදරයක්, ලැජ්ජාවක් විදියට පේන්න ගන්නෙත් කොල්ලන්ටමයි... ඊට පස්සෙ බැන බැන කෙල්ලව හදන්න යනව.. අන්තිමට කසාදෙත් එපා වෙලා තමයි නවතින්නෙ... ගොඩක් ලවු මැරේජස් වල තියෙන එක කේස් එකක් තමයි ඕක... //

      මේ කතාවටනම් ලොකූඌඌ වැටක් ගහල. හිරු අක්කගෙ කටේ සූකිරි දාන්න වටිනවා. +++++++++++++++


      වැරදිකාරයා සුරේෂ් තමයි. එයාගෙ විඳවිල්ල තමයි අක්කා මේ පෙන්නන්නෙ. මොකද නතාෂාගෙ සමාජය එක්ක බලද්දි නතාෂටත් වැරැද්දක් කියන්නම බෑ. හැබැයි අර පිස්සු කෙල්ල දුන්න ආදරේ සුරේෂ්ට නතාශගෙන් ලැබෙන්නෙත් නෑ.

      ආර්ථිකමය, සමාජීය සැනසීම උපරිමයෙන් ලැබිල තියෙද්දි සුරේෂ්ගෙ හිත ආදරේ හොයාගන්න බැරුව අසරණ වෙලා.

      Delete
  28. මට බෑ මේ වැ‌ෙඩ්.. මේ තුන්වෙනි පාර... කමෙන්ට් එක ගූගල‌යා ගිල්ලා....

    සුරේෂ් තමා වැරදි... දෙන්නෙක්ව සන්සන්දනය කරන එක වැරදියි....

    පිස්සු කෙල්ලන්ට ලවු කරන්න කොල්ලො ගොඩක් කැමතියි... ඒත් ඒ පිස්සු කෙල්ලව බඳින්න ගියාම දාහක් වැරදි පේනව... ඊට පස්සෙ ඒ කෙල්ලව තමන්ට ඕනෙ විදියට හදා ගන්න යනවා.. ගොඩක් ලවු මැරේජස් කෙල් වෙන්නෙ ඔන්න ඔතනදි...

    සුරේෂ්ගේ මතකයේ පිස්සු කෙල්ල ලස්සන තැනක නැවතිලා... ඒත් නටාෂා දිනපතා විඳිනව... නොලැබිච්ච ආදරය සුන්දරයි ලැබුනු එකට වඩා... සුරේෂ්ගෙ යථාර්ථය ගත්තොත් ගමේ පිස්සු කෙල්ලට වඩා නටාෂා සමාජීයව එයාට සහනයක්...

    පට්ට ගහපු මාතෘකාවක් අලුත් අකෘතියකට දාලා අලුත් කරලා අරගෙන තියෙනවා බස්සි....

    ReplyDelete
    Replies
    1. කලින් එක රාහු ගිලල නැතෝ.... ඔය උඩ තියෙන්නෙ බැබලි බැබලි. :D

      Delete
  29. බස්සී...
    පලමු උත්සාය ඉතාමත් සාර්ථකයි...
    දිගටම ලියමු හිටගෙන.. ස්ටයිල් එක තමයි වැඩියෙන්ම හිත ගත්තේ...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ මේ පළවෙනි උත්සහය නෙමෙයි කියලා ලියලම තියෙන්නේ. මේ දෙවැනි එකලූ..........................

      Delete
    2. අනිවා. දිගටම ලියනවා! ඉස්කෝතුයි හොඳේ!!! :D

      Delete
    3. ඔව් විදානේ පළමු උත්සාහය ගත්තේ පාසලේ නමය වසරෙදි.

      Delete
  30. වෙනස්ම ආරකින් ලියවුන සෑහෙන්න හොඳ කෙටිකතාවක්. දිගටම නිර්මාණකරනයේ යෙදෙන්න ඔබට ජය :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකී රෝස්! සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!

      Delete
  31. හරිම ලස්සනයි... රූප ටික හිතින් මවාගෙන කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි නංගා!!

      Delete
  32. මගේ idea එකේ හැටිය මේක නම් ෆට්ට.මට වෙන එකක් වගේ මේක :D

    ReplyDelete
    Replies
    1. තැන්කිවු ඈ.... බූට් මූඩ්. හික්ස්!!

      Delete
  33. මම හිතන්නේ සුරේෂ්ට තියෙනවා ඇත්තේ දැන් තමන් ගැන ස්වයං පසුතැවිල්ලක් වෙන්න ඕනේ.
    මුල අමතක වෙන අයට තමන් තුලම තනි වෙන්න වැඩි කල් යන්නේ නැහැ.නතාෂාට වඩා මගේ නම් හිතේ සුරේෂ් තමන් කරගත්තු දේ ගැන විදවනවා වෙන්න ඕනේ.

    කොහොම වුණත් යශෝ,උඹ මේ කතාව ඇතුලේ සාර්ථකයි.අරුන් දෙන්නටත් මගේ සැලියුට් එක...:)

    ReplyDelete
    Replies
    1. මනෝජ් හරියටම හරි මට හිතෙන්නේ

      Delete
    2. //සුරේෂ් තමන් කරගත්තු දේ ගැන විදවනවා // හරියටම කතාව අල්ලාගෙන තියෙනවා මනෝ.

      Delete
    3. ඉවාන්, යේස්! මනෝ මොලකාරයා.... :D

      Delete
    4. //මනෝ මොලකාරයා//
      හප්පේ ඔය ඇත්තමයි බං කියන්නේ....?

      Delete
  34. මම කැමතියි මේ සැහැල්ලු ලිවීමේ රටාවට. එදා සුරේෂ් සහ අද සුරේෂ්ගේ මානසික තත්වය බොහොම සරල දෙබස් ටිකකින් එලියට අරන් අපිට කියවන්න සලස්වලා, එතුලින් හොඳ ප්‍රතිචාරයක් අරගන්න පුළුවන් කියන්නේ හරි වැදගත් අවස්ථාවක්. මම ලේඛකයෙක් හෝ විචාරකයෙක් නෙමේ. නිදහස් පාඨකයෙක්. ආධුනිකයෙක් මුලින්ම සුදානම් විය යුත්තේ පාඨකයාට තුරුලුවීම කියලායි මගේ අදහස. ඔබට සුබ ගමන්!!

    ගුරු දෙපලත් එසේ මෙසේ පොරවල් නෙමේ බ්ලොග් ලෝකය තුල. එයත් ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ අංකල්! මේ රටාවට තමයි මම ලියන්න ආස. ඔහේ සැහැල්ලුවෙන් ලීවැකි නෙ.

      ගුරු දෙපළ කිවුවෙ නැත්නම් මම දන්නෙත් නෑ මෙහෙම එවුවත් ලියන්න පුලුවන්කමක් තියෙනව කියල.

      Delete
  35. කේකුයි පොල් සම්බෝලයි වගේ.
    මේකේ හරය තියෙන්නේ ගම-නගරය කියන බෙදුම මත නෙවෙයි මට තේරුණු හැටියට.
    ආදරය සහ ඇත්ත ආදරය අතර පැහැදිලි කඩ-ඉම බස්සි අක්කා හොඳට අල්ලලා තියෙනවා.

    සම්මානයක් දෙන්න වටිනවා ඈ .....

    ReplyDelete
    Replies
    1. කේකුයි පොල් සම්බෝලයි?? :D

      ස්තූතියි පිරේ මල්ලී....

      Delete
    2. කේක්- රසයි විසයි. (රස විතරයි, මෙලෝ මලදානෙක ගුණයක් නෑ, වැඩිපුර කෑවොත් ලෙඩ ගොඩයි)

      පොස් සම්බෝල- කට දන, ගුණ දෙන දෙයක්. (කද්දි කට පොඩ්ඩක් දැවිල්ලට තියෙන්න හැදුවොත් තමයි ගොඩක්ම රස. ඒ වගේමයි, නැති දෙයක් තියෙනවද?? මේදය සහ ප්‍රෝටීන පොල් වලින්, විටමින් වර්ග මිරිස් වලින් එහෙම, මම ඔව්වා ඔක්කොම දන්නේ නෑ, ඒත් නිකමට හෙව්වොත් තේරෙයි ඒකෙ ගොඩක් ගුණ තියෙනවා කියලා.)

      කේක් ඉතින් කන්න පුළුවං කේක් විදිහට විතරයි. ඒත් පොල් සම්බෝල කන්න පුලුවන් බත් එක්කත් පාන් එක්කත්, ඕනෙ නම් සුදු ආප්ප එක්ක, පිට්‍ටු එක්ක වුණත් පුළුවන්. ඇයි ඉඳියාප්ප, රොටී. ගොඩක් එව්වට පොල් සම්බෝලෙ පෑහෙනවා.

      එතකොට කේකුයි පොල් සම්බෝලයි. හපෝයි, කටේ තියන්න බෑ, ප්‍රණීත පිළිකුලක්!!!

      හරියට මේ කතාව් දක්වල තියෙන මානසික මට්ටම් දෙක හරියට කේකුයි පොල් සම්බෝලයි වගේ.

      එකක් පොශ් වුණාට මෙලෝ රහක් නැති ජිල් බෝල හොද්දක් වගේ ජීවිතයක්!!!

      අනිත් එක කිසිම ලොකු කමක් නැති අහින්සක, ඒ වුණාට සාර්ථක සුන්දර ජීවිතයක්, මෙලෝ දෙයක් හැපෙන්නේ නැතත් කිරි හොද්දක රහ!!!!

      Delete
    3. පිරේ මල්ලි. ඔයාගෙ මේ කමෙන්ට් එක මට කතාවට වඩා රහයි!! කියන්න තියෙන එක නියමෙටම දීලා! එල

      Delete
    4. ///මේ කමෙන්ට් එක මට කතාවට වඩා රහයි///
      මගේ මෙලෝ රහක් නැති කමෙන්ට් එක එච්චරට රහද අක්කේ??
      එහෙම කිව්වට පිං ඈ!!

      ///කියන්න තියෙන එක නියමෙටම දීලා///
      ඒක කොහොමත් පුරුද්දනේ අක්කේ. හෙහෙහේ :-) :-)
      තැංකූ එහෙම කිව්වටත්!!

      Delete
  36. ෂහ්! ලස්සනට සිද්ධි ටික ගලපලා තියෙනවා. වැල්වටාරම් නොකියා දෙබස්වලින් කතාව ගලායන හැටි ලස්සනයි.:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තනිතරුව! කාලෙකින් මේ පැත්තෙ පායලා..... :)

      Delete
  37. කෙටියෙන් කියපු කතා දෙකක් නෙද?? සුපිරියි කතා දෙකෙන් කියවුනෙ සමාජ දෙකක සිතුවිලි ගට්ටනයද මන්දා????

    ReplyDelete
    Replies
    1. ෂැගියා සීන් එක හරියටම අල්ලාගෙන. සමාජ දෙකක් තුල දෝලනය වන සුරේශ්ගේ මානසික ඝට්ටනය.

      Delete
  38. දෙවැනි කතාව උනාට හොඳයි බස්සියා... දිගටම කෙටි කතාත් ලියමු.

    ReplyDelete