වැඩි දෙනෙක් අටපට්ටම්
තවත් සමහරු තරුවක්
තවත් උන් සුපිපුන නෙලුම් මල්
තව තව නේක හැඩයන්
තවත් සමහරු තරුවක්
තවත් උන් සුපිපුන නෙලුම් මල්
තව තව නේක හැඩයන්
සුදෝ සුදු පාටෙන් සමහරෙක්
ෂඩ් වර්ණයයි තවෙකෙක්
ද්වි වර්ණ, ත්‍රී වර්ණ කලවම්
කෙනෙක් අලවයි කැටයම්
රැලි ලෙළෙයි නෙක හැඩයෙන්
එක්කො නෑ එක රැල්ලක්
පැටව් එහෙමත් හැදුවොත්
පිරිවරත් උන් බෝ උඩඟුවෙන්
සමහරු තියයි පහනක්
නැති උනොත් ඉටිපන්දමක්
විදුලි බුබුලක් යොදයි තවෙකෙක්
කොහොමහරි දෙනවාලු එළියක්
කැරකෙන එකක්නම්
හැඩ බලන්නට බෝ දෙනෙක් එත්
චාමෙට තියෙද්දිත්
හැඩයි කියනා ටිකදෙනෙක් වෙත්
සමහරු එක රැයින්
පහන පෙරැළී ඇවිලෙත්
පාන්දර වැස්සොත්
තෙමී හැකිලී වේය දියබත්
සමහරු එළඹි සිහියෙන්
තනති සවිමත් වහළක්
උන්වත් හෙමිහෙමින්
පාට වියැකී වේය ජරපත්
සවුකොළ දිරා යයි
බට පතුරු විසිරී යයි
ගණඳුරු පට ඉරා
දුන් එළිය හදවතේ දැල්වෙයි
බස්සිගේ කූඩුව මොනවගේද?
ReplyDelete//සවුකොළ දිරා යයි
බට පතුරු විසිරී යයි
ගණඳුරු පට ඉරා
දුන් එළිය හදවතේ දැල්වෙයි//
අැත්තම තමයි....
ප්‍රීති වෙසක්!!!
බස්සිට කූඩු නෑ මේ වෙසක් එකේ. තාත්තයි බස්සයි එක්ක බකට් පත්තු කොරල බලුබ් දැම්මලු.
Deleteඑසේම වේවා විදානේ!!
ඔක්කොමත් හරි අන්තිම කවත් හරි......
ReplyDeleteඒත් මේ දවස්වල බස්සිට අමාරු ඇති නේ ඇයි හැමතැනම එළිය දාලනේ... ඉතිං රෑත් දැන් දවල් වගේනේ
ඒක නේන්නම් නලින් මාමා. දවල් වගේ එළිය. ඇස් පේන්නැතුව තොරණ්වල හැප්පි හැප්පි ඉගිල්ලෙන්නෙ.
Deleteදිගුකාලකට පසුව.......
ReplyDeleteහැදුවත් කුඩු ඒක ඒක විදියෙන්
ලස්සනට පෙනේවි බලනා සැමට
ඒ ලස්සන තව ටික දිනකින් නැතිවේවි
සියලු දේ නැසෙන සේක
කොතරම් ලස්සන වුවත්..................
මොන හැඩ දාල හැදුවත්
Deleteකැරකි කැරකී දඟර දැම්මත්
කොයිකත් කූඩුවක්
අනියතයි නැහැ සැකයක්.
ප්‍රීති වෙසක්...!!!
ReplyDeleteඑසේම වේවා....!!
Deleteදන්සැල් වැදලා තොරණේ විස්තරේ විතරද බොල කියන්නේ....එල...එල...මල් මසුරන්
ReplyDeleteහිහිහි මන් උඹට කිවුවෙ දන්සැල් මෙච්චරක් තිබුන කියල විතරනෙ අක්කියා. දන්සැල් කාපු කතාවක් කිවුවෙ නෑනෙ.... හයියූ....
DeleteNice Jaathake bassi..
ReplyDeleteතැන්කූ ඔමා... හෙළකුරු තාම චකබ්ලාස් වගේ නේ.... :)
Deleteපින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!!!!!!!!!!
ReplyDeleteඑසේම වේවා ගොලුබෙල්ලෝ....
Deleteහම්මේ දන්සැල් ගැනත් ලියහන්. දැක්කම දුක හිතෙනව
ReplyDeleteදන්සැල් ගැනනම් ලියන්නවත් නොහිතේ. බලමු.
Deleteපාන්දර පහ වන තුරු - කූඩු අලවති සමහරු
ReplyDeleteතරු තුනක් පිරිවැරු - වෙසක් කූඩුව බොහොම පියකරු
Deleteමම එක පාරම මේක දැක්කේ " කුඩු ජාතකය " වගේ.. මම හිතුවා උඹ අමතක වෙන අයිය ගැන ලියලා කියලා..
ReplyDeleteඅපිට මොන වෙසක්ද බං ඉතින්.. බලද්දී කට්ටියට කූඩු හදන්න මාව නැතුවම බෑ වගේ නේ? ;)
වර්ණ නැතුව මොන කූඩුද දිනේෂ් අයියා. පාට පාටට හැඩට කැරකි කැරකි තියෙද්දි නෙව කවුරුත් දැන් අගෙයි කියන්නෙ.
Deleteකැරකෙන එකක්නම්
හැඩ බලන්නට බෝ දෙනෙක් එත්
චාමෙට තියෙද්දිත්
හැඩයි කියනා ටිකදෙනෙක් වෙත්
වෙසක් කූඩුව හදන එකේ අරමුණ අද ගොඩක් දෙනෙක්ට අමතක වෙලා.
මං නං ඉතිං තුන්සිය හැටපස් දවසේම කුඪුව දල්වලා තමයි ඉන්න බලන්නේ.
ReplyDeleteමේ කියන්නේ ශරීර කූඩුව ගැනයි. දල්වන්නේ හිනාවෙන්!
නිවුන හිතක නැගෙන හිනාවක එළිය විතරයි අන්තිමේ ඉතුරු වෙන්නෙ.
Deleteඅව්රුද්දකට එකම සැරයක්
ReplyDeleteඑල්ලලා ගෙනත් කඩෙන්
දල්වලා විදුලි පන්දමක්
බලන් හැඩ අපගේ වෙසක්
එනගමන් ඉතින් පන්සලත් වැඳලා
දන්සල් දෙක තුනකටම වැදිලා
තුන් වේලටම බඩට ගිලලා
වෙසක් සමරමු දන්සල් වැඳලා
අපූරුයි, වෙසක් කුඩුත් අපේ ජීවිත වගේමයි නේද?
දන්සැල් වැඳලා එනගමන් වෙලා තිබුනොත් පන්සලකටත් ගොඩවෙලා යං කිවුවලු! :D
Deleteඅනියත දහම පහදන වෙසක් කුඩුව..
ReplyDeleteලස්සන කවි පොඩ්ඩ අක්කේ....
වෙසක් කූඩුවේ කවිපෙළට යටින් තිබුන පරාණ කූඩුවේ කතාව තේරුම් ගත්තු එක ගැන සන්තෝසයි නාඩි මල්ලියේ.
Delete//සවුකොළ දිරා යයි
ReplyDeleteබට පතුරු විසිරී යයි
ගණඳුරු පට ඉරා
දුන් එළිය හදවතේ දැල්වෙයි//
මේක තමා බං පට්ටම.… අනියත බව තේරුම් ගන්න මීට වඩා මොනවද?
ඒ කාලෙ වෙසක් දවසෙ අටපට්ටම් වලටයි බකට් ටිකයි ඉටි පන්දම් ගහලා පත්තුකරලා වෙසක් බලන්න ගිහින් පාන්දර එත්දි අර කූඩු ටික ගොඩක් වෙලාවට ගිනි අරන් පිච්චිලා තියෙනවා දැක්කම ඒ කාලෙ පුදුම විදිහට දුක හිතුනත් දැන් කල්පනා කරලා බලත්දි අපේ ජීවිතත් ඔය වගේනෙ. :(
වැඩිය සීරියස් කල්පනා කරන්න හොද නෑ. :)
වෙසක් කූඩුව කියන්නෙ ආලෝක පූජාවක් විතරක්ම නෙමෙයි. ජීවිතේ තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ප්‍රියෝ....
Deleteපුදුම ආසාවක් තියෙන්නේ මටත් වෙසක් කූඩුවක් හදන්න.
ReplyDeleteබට පතුරු නෑ නෙව එහේ. කාඩ්බෝඩ් වෙසක් කූඩුවක් හදන්න පුලුවන් නෙව. :)
Deleteනියමයි.
ReplyDeleteඅපූරුයි බස්සියෝ බොහෝම අපූරුයි. හැබයි දැන් නම් බට පතුරු වෙසක් කූඩූ නෑ. සෑහෙන කාලයක් එකම තත්වේ තියෙනවා. ඒත් ඉතින් අපි කැමති බට කූඩුවටම තමයි.
ReplyDeleteස්තූතියි මාතලන් අංකල්!!! :D
Deleteබට පතුරු තියා මොනවායින් හැදුවත් පාට වියැකිලා ජරාවට පත්වීම වලක්වන්න බැහැ නෙව. බට කූඩුව හදන්න ගන්න මහන්සියත් එක්ක කූඩුවෙ ලස්සන පේනවත් වැඩියි.
විවිධ කුඩු කුඩු අතරේ
ReplyDeleteජිවිත කුඩුවත්
වියැකෙයි ටික ටික.
හ්ම්ම් හ්ම්ම්ම්.... මුල ඉඳන්ම කිව්වේ ඒ කූඩුව ගැන තමයි මනෝ....
Deleteමමත් අටපට්ටම් 10 පත්තුකලා.
ReplyDeleteමට නම් කූඩු හදන්න බැරි උනා මකසි. :)
Deleteඅපරාදේ මකසි විනාඩි 5න් ගිනි අරං ඉවර වෙන්න අැති...
Deleteපත්තුකළේ කුඩුව නොවේ විදානේ ඇතුලට දාපු බල්බ් එක.
Deleteවීර කාන්තා, ඔයා බ්ලොග් එක පටන් ගත්තෙ ළඟදි වෙන්න ඕන. පොඩි අවවාදයක් දෙන්නම්.
ReplyDeleteබ්ලොග් එකේ URL එක ඔහොම ඇඩ් එකක් විදියට පළ කිරීම නිසා ප්‍රසාදයකට වඩා ඇතිවෙන්නේ අපුලක්. ඔයාගෙ බ්ලොග් අඩවිය හිට් කරගන්න ඕනෙ නම් ඔයා ලියන දේවල් වල ගුණාත්මක භාවය වැඩි කරගන්න. එන්න එන්න ලියන රටාව දියුණු කරගන්න.
බ්ලොග් කියවන ගොඩක් අය සින්ඩිකේටර් හරහායි එන්නෙ. ඔයාගෙ බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කරන්න බලන්න.
මේකට අපි කියන්නෙ "නැට්ට එල්ලන් යනවා" කියල. ඔයා විතරක් කරන දෙයක් නෙමෙයි මේක. අර සින්ඩිකේටරේක එක්කෙනෙකුත් කලා. ෆෝරම් එකක එක්කෙනෙක් තාම කරනව. මම එයාලට මේක නොකියන්නෙ කියල වැඩක් නැති නිසා.
ඔයා හොඳට ලියනව. ඒ නිසයි හිතුනෙ මේක කියල පලක් වෙයි කියන එක.
ලින්ක් නොදාම ඉන්න නෙමෙයි. හිතන්නකෝ මගෙ ලිපියට සම්බන්ධ මාතෘකාවක් ගැන ඔයා ලියපු ලිපියක් තියෙනවනම් ඒකෙ ලින්ක් එක දාන්න පුලුවන්. ඒක මටත් වටිනව. උදාහරණෙකට බලන්න කකා. එයා සමහර ලිපි වල කියැවෙන දේට සම්බන්ධව තමන්ගෙ බ්ලොග් එකේ ලියවුන දෙයක් ඇත්නම් ලින්ක් එක දානව. උඩ කමෙන්ට් එකක දිලිනි ලින්ක් කරපු කූඩු පෝස්ට් එක බලන්න.
මම ඔයාට උපදෙස් දෙන්න තරම් කෙනෙක් නෙමෙයි වෙන්න පුලුවනි. මමත් ලියන්න අරන් මාස 10ක් විතර. මම සින්ඩියකට දැම්මෙ ලියන්න අරන් මාස තුනකටත් පස්සෙ. පෝස්ට් හතලිහක් විතර ලියලා ඒ වෙද්දි.
අපි පබ්ලිශ් කරන දේ දිරවනවනම් හිට්ස් එනව. කමෙන්ට්ස් එනව. ඒ නිසා දිගටම ලියන්න. දිරවගන්න පුලුවන් දේවල් පබ්ලිශ් කරන්න.
ජයවේවා!!
ඉස්සරම හැදුවෙ තරු...ඉරටු වලින්...සිරා පුංචි එකා සන්ධියෙ...අම්මා පාප්ප ගාලා සවුකොළ අලවලා ඒවා ලස්සන කලා...ඒක අලවලා ඉවර වුනාම ඒක මැද්දට පොල් පිත්තකින් කපා ගත්ත පොඩි පටියක් හරහට ගහලා ඒක උඩ ඉටිපන්දමක් පත්තු කලා...ඉටිපන්දම දල්වලා තරුව උඩ එල්ලන්න ගිහින් දවසක් කූඩුව පිච්චුනා...එදා මම හොදමටම ඇඩුවා...අම්මා ඔලුව අතගාලා කිව්වා අඩන්න එපා...අපි ඊලග වතාවෙ ආයෙමත් හදමු කියලා...
ReplyDeleteමේ හැම සැරසිල්ලකින්ම මේ ජීවිතේ තියෙන අනිත්‍ය ගැන තමයි නොකියා කියන්නෙ....
හැම වෙසක් සැරසිල්ලකම පේන්නෙ අනිත්‍යමයි සිරා අයියෙ.
Deleteවෙසක් කූඩු නං අනේ මංදා!! දැං ඔක්කොම බිස්නස් එකක් වෙලා තියෙන්නෙ අක්කේ. හරියට අපේ ජීවිත වගේමයි. හැම දෙයක් ම කාගෙ හරි බිස්නස් එකක්.
ReplyDeleteඔයාගෙ ලිපිය ගොඩක් වටිනවා මල්ලි. ඔය බිස්නස් ගුණ්ඩු වලට අහුවෙලා මිනිස්සු බාල් නටන්නෙ වෙසක් උත්සවයෙ හැබෑ තේරුම නොදන්නා කමින්.
Deleteදැක්කම එපා වෙනවා අක්කේ!!
Deleteමේවා කියලා දෙන්න හරිහමං කෙනෙකුත් නෑ. අපි වගේ පොඩි එවුං කිව්වට කවුරුවත් ගණං ගන්නෙත් නෑ.
අපට කොහෙද බස්සියේ වෙසක් කූඩූ.. වෙසක් කූඩූ කෙසේ වෙතත් ඉක්මනින් කූඩුවක් නම් හදා ගන්න ඕනා
ReplyDeleteකූඩුවත් වෙසක් කූඩුවත් දෙකම එක වගේ
Deleteමාත් හැදුවා අටපට්ටමක් ! හම්මේ..හදල ඉවර උනාම තීන සන්තෝසෙ.කඩෙන් කොච්චර ලස්ස්න කූඩුවක් ගෙනාවත් ඒ සත්තෝසෙ ගන්න බෑ කවදාවත්
ReplyDeleteඒකනම් ඇත්ත සාශෝ..... අපි හදන්නෙ කොහොමහරි අපේ කුඩුව ලස්සන කරගන්නනේ...
Deleteසාදු සාදු සාදු!!!
ReplyDeleteහ්ම්ම්ම්ම්
Deleteකූඩුව හැදුවේ පෙරකළ දැකුමට අනියත බව ජීවිතේ
ReplyDeleteඉටිකොළ කවර එල්වා රකිනු දුටිමි මාවතේ
ඉටිකොළ වුව ඉරී යනු ඇත මතු දවසේ
Deleteසව්කොළ පැහැය වියැකෙයි හිරු රැස් පහසේ...
කෝ නා කපන පොස්ට් එක ??? :(
ReplyDeleteමෙන්න තියෙනව තිලින අයියේ.... බ්ලොගර් එකේ තාක්ෂණික දෝශයක් වගේ.
Deleteඔව් වෙන්න ඇති.. මගේ බ්ලොග් රෝලෙත් ගිය සතියෙම ලිපි අප්ඩේට් උනේ නෑ.
Deleteහරි, පොස්ට් එක පේනවා.තෑන්ක්ස්.