Wednesday, May 14, 2014

කූඩු - පරාණ කූඩු

 

වැඩි දෙනෙක් අටපට්ටම්
තවත් සමහරු තරුවක්
තවත් උන් සුපිපුන නෙලුම් මල්
තව තව නේක හැඩයන්


සුදෝ සුදු පාටෙන් සමහරෙක්
ෂඩ් වර්ණයයි තවෙකෙක්
ද්වි වර්ණ, ත්‍රී වර්ණ කලවම්
කෙනෙක් අලවයි කැටයම්


රැලි ලෙළෙයි නෙක හැඩයෙන්
එක්කො නෑ එක රැල්ලක්
පැටව් එහෙමත් හැදුවොත්
පිරිවරත් උන් බෝ උඩඟුවෙන්


සමහරු තියයි පහනක්
නැති උනොත් ඉටිපන්දමක්
විදුලි බුබුලක් යොදයි තවෙකෙක්
කොහොමහරි දෙනවාලු එළියක්


කැරකෙන එකක්නම්
හැඩ බලන්නට බෝ දෙනෙක් එත්
චාමෙට තියෙද්දිත්
හැඩයි කියනා ටිකදෙනෙක් වෙත්


සමහරු එක රැයින්
පහන පෙරැළී ඇවිලෙත්
පාන්දර වැස්සොත්
තෙමී හැකිලී වේය දියබත්


සමහරු  එළඹි සිහියෙන්
තනති සවිමත් වහළක්
උන්වත් හෙමිහෙමින්
පාට වියැකී වේය ජරපත්


සවුකොළ දිරා යයි
බට පතුරු විසිරී යයි
ගණඳුරු පට ඉරා
දුන් එළිය හදවතේ දැල්වෙයි




56 comments:

  1. බස්සිගේ කූඩුව මොනවගේද?

    //සවුකොළ දිරා යයි
    බට පතුරු විසිරී යයි
    ගණඳුරු පට ඉරා
    දුන් එළිය හදවතේ දැල්වෙයි//

    අැත්තම තමයි....

    ප්‍රීති වෙසක්!!!

    ReplyDelete
    Replies
    1. බස්සිට කූඩු නෑ මේ වෙසක් එකේ. තාත්තයි බස්සයි එක්ක බකට් පත්තු කොරල බලුබ් දැම්මලු.
      එසේම වේවා විදානේ!!

      Delete
  2. ඔක්කොමත් හරි අන්තිම කවත් හරි......
    ඒත් මේ දවස්වල බස්සිට අමාරු ඇති නේ ඇයි හැමතැනම එළිය දාලනේ... ඉතිං රෑත් දැන් දවල් වගේනේ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් නලින් මාමා. දවල් වගේ එළිය. ඇස් පේන්නැතුව තොරණ්වල හැප්පි හැප්පි ඉගිල්ලෙන්නෙ.

      Delete
  3. දිගුකාලකට පසුව.......

    හැදුවත් කුඩු ඒක ඒක විදියෙන්
    ලස්සනට පෙනේවි බලනා සැමට
    ඒ ලස්සන තව ටික දිනකින් නැතිවේවි
    සියලු දේ නැසෙන සේක
    කොතරම් ලස්සන වුවත්..................

    ReplyDelete
    Replies
    1. මොන හැඩ දාල හැදුවත්
      කැරකි කැරකී දඟර දැම්මත්
      කොයිකත් කූඩුවක්
      අනියතයි නැහැ සැකයක්.

      Delete
  4. ප්‍රීති වෙසක්...!!!

    ReplyDelete
  5. දන්සැල් වැදලා තොරණේ විස්තරේ විතරද බොල කියන්නේ....එල...එල...මල් මසුරන්

    ReplyDelete
    Replies
    1. හිහිහි මන් උඹට කිවුවෙ දන්සැල් මෙච්චරක් තිබුන කියල විතරනෙ අක්කියා. දන්සැල් කාපු කතාවක් කිවුවෙ නෑනෙ.... හයියූ....

      Delete
  6. Nice Jaathake bassi..

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඔමා... හෙළකුරු තාම චකබ්ලාස් වගේ නේ.... :)

      Delete
  7. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ගොලුබෙල්ලෝ....

      Delete
  8. හම්මේ දන්සැල් ගැනත් ලියහන්. දැක්කම දුක හිතෙනව

    ReplyDelete
    Replies
    1. දන්සැල් ගැනනම් ලියන්නවත් නොහිතේ. බලමු.

      Delete
  9. Replies
    1. තරු තුනක් පිරිවැරු - …වෙසක් කූඩුව බොහොම පියකරු

      Delete
  10. මම එක පාරම මේක දැක්කේ " කුඩු ජාතකය " වගේ.. මම හිතුවා උඹ අමතක වෙන අයිය ගැන ලියලා කියලා..

    අපිට මොන වෙසක්ද බං ඉතින්.. බලද්දී කට්ටියට කූඩු හදන්න මාව නැතුවම බෑ වගේ නේ? ;)

    ReplyDelete
    Replies
    1. වර්ණ නැතුව මොන කූඩුද දිනේෂ් අයියා. පාට පාටට හැඩට කැරකි කැරකි තියෙද්දි නෙව කවුරුත් දැන් අගෙයි කියන්නෙ.

      කැරකෙන එකක්නම්
      හැඩ බලන්නට බෝ දෙනෙක් එත්
      චාමෙට තියෙද්දිත්
      හැඩයි කියනා ටිකදෙනෙක් වෙත්

      වෙසක් කූඩුව හදන එකේ අරමුණ අද ගොඩක් දෙනෙක්ට අමතක වෙලා.

      Delete
  11. මං නං ඉතිං තුන්සිය හැටපස් දවසේම කුඪුව දල්වලා තමයි ඉන්න බලන්නේ.

    මේ කියන්නේ ශරීර කූඩුව ගැනයි. දල්වන්නේ හිනාවෙන්!

    ReplyDelete
    Replies
    1. නිවුන හිතක නැගෙන හිනාවක එළිය විතරයි අන්තිමේ ඉතුරු වෙන්නෙ.

      Delete
  12. අව්රුද්දකට එකම සැරයක්
    එල්ලලා ගෙනත් කඩෙන්
    දල්වලා විදුලි පන්දමක්
    බලන් හැඩ අපගේ වෙසක්

    එනගමන් ඉතින් පන්සලත් වැඳලා
    දන්සල් දෙක තුනකටම වැදිලා
    තුන් වේලටම බඩට ගිලලා
    වෙසක් සමරමු දන්සල් වැඳලා

    අපූරුයි, වෙසක් කුඩුත් අපේ ජීවිත වගේමයි නේද?



    ReplyDelete
    Replies
    1. දන්සැල් වැඳලා එනගමන් වෙලා තිබුනොත් පන්සලකටත් ගොඩවෙලා යං කිවුවලු! :D

      Delete
  13. අනියත දහම පහදන වෙසක් කුඩුව..
    ලස්සන කවි පොඩ්ඩ අක්කේ....

    ReplyDelete
    Replies
    1. වෙසක් කූඩුවේ කවිපෙළට යටින් තිබුන පරාණ කූඩුවේ කතාව තේරුම් ගත්තු එක ගැන සන්තෝසයි නාඩි මල්ලියේ.

      Delete
  14. //සවුකොළ දිරා යයි
    බට පතුරු විසිරී යයි
    ගණඳුරු පට ඉරා
    දුන් එළිය හදවතේ දැල්වෙයි//

    මේක තමා බං පට්ටම.… අනියත බව තේරුම් ගන්න මීට වඩා මොනවද?

    ඒ කාලෙ වෙසක් දවසෙ අටපට්ටම් වලටයි බකට් ටිකයි ඉටි පන්දම් ගහලා පත්තුකරලා වෙසක් බලන්න ගිහින් පාන්දර එත්දි අර කූඩු ටික ගොඩක් වෙලාවට ගිනි අරන් පිච්චිලා තියෙනවා දැක්කම ඒ කාලෙ පුදුම විදිහට දුක හිතුනත් දැන් කල්පනා කරලා බලත්දි අපේ ජීවිතත් ඔය වගේනෙ. :(

    වැඩිය සීරියස් කල්පනා කරන්න හොද නෑ. :)

    ReplyDelete
    Replies
    1. වෙසක් කූඩුව කියන්නෙ ආලෝක පූජාවක් විතරක්ම නෙමෙයි. ජීවිතේ තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ප්‍රියෝ....

      Delete
  15. පුදුම ආසාවක් තියෙන්නේ මටත් වෙසක් කූඩුවක් හදන්න.

    ReplyDelete
    Replies
    1. බට පතුරු නෑ නෙව එහේ. කාඩ්බෝඩ් වෙසක් කූඩුවක් හදන්න පුලුවන් නෙව. :)

      Delete
  16. නියමයි.

    ReplyDelete
  17. අපූරුයි බස්සියෝ බොහෝම අපූරුයි. හැබයි දැන් නම් බට පතුරු වෙසක් කූඩූ නෑ. සෑහෙන කාලයක් එකම තත්වේ තියෙනවා. ඒත් ඉතින් අපි කැමති බට කූඩුවටම තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් අංකල්!!! :D

      බට පතුරු තියා මොනවායින් හැදුවත් පාට වියැකිලා ජරාවට පත්වීම වලක්වන්න බැහැ නෙව. බට කූඩුව හදන්න ගන්න මහන්සියත් එක්ක කූඩුවෙ ලස්සන පේනවත් වැඩියි.

      Delete
  18. විවිධ කුඩු කුඩු අතරේ
    ජිවිත කුඩුවත්
    වියැකෙයි ටික ටික.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්.... මුල ඉඳන්ම කිව්වේ ඒ කූඩුව ගැන තමයි මනෝ....

      Delete
  19. මමත් අටපට්ටම් 10 පත්තුකලා.

    ReplyDelete
    Replies
    1. මට නම් කූඩු හදන්න බැරි උනා මකසි. :)

      Delete
    2. අපරාදේ මකසි විනාඩි 5න් ගිනි අරං ඉවර වෙන්න අැති...

      Delete
    3. පත්තුකළේ කුඩුව නොවේ විදානේ ඇතුලට දාපු බල්බ් එක.

      Delete
  20. වීර කාන්තා, ඔයා බ්ලොග් එක පටන් ගත්තෙ ළඟදි වෙන්න ඕන. පොඩි අවවාදයක් දෙන්නම්.

    බ්ලොග් එකේ URL එක ඔහොම ඇඩ් එකක් විදියට පළ කිරීම නිසා ප්‍රසාදයකට වඩා ඇතිවෙන්නේ අපුලක්. ඔයාගෙ බ්ලොග් අඩවිය හිට් කරගන්න ඕනෙ නම් ඔයා ලියන දේවල් වල ගුණාත්මක භාවය වැඩි කරගන්න. එන්න එන්න ලියන රටාව දියුණු කරගන්න.

    බ්ලොග් කියවන ගොඩක් අය සින්ඩිකේටර් හරහායි එන්නෙ. ඔයාගෙ බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කරන්න බලන්න.

    මේකට අපි කියන්නෙ "නැට්ට එල්ලන් යනවා" කියල. ඔයා විතරක් කරන දෙයක් නෙමෙයි මේක. අර සින්ඩිකේටරේක එක්කෙනෙකුත් කලා. ෆෝරම් එකක එක්කෙනෙක් තාම කරනව. මම එයාලට මේක නොකියන්නෙ කියල වැඩක් නැති නිසා.

    ඔයා හොඳට ලියනව. ඒ නිසයි හිතුනෙ මේක කියල පලක් වෙයි කියන එක.

    ලින්ක් නොදාම ඉන්න නෙමෙයි. හිතන්නකෝ මගෙ ලිපියට සම්බන්ධ මාතෘකාවක් ගැන ඔයා ලියපු ලිපියක් තියෙනවනම් ඒකෙ ලින්ක් එක දාන්න පුලුවන්. ඒක මටත් වටිනව. උදාහරණෙකට බලන්න කකා. එයා සමහර ලිපි වල කියැවෙන දේට සම්බන්ධව තමන්ගෙ බ්ලොග් එකේ ලියවුන දෙයක් ඇත්නම් ලින්ක් එක දානව. උඩ කමෙන්ට් එකක දිලිනි ලින්ක් කරපු කූඩු පෝස්ට් එක බලන්න.

    මම ඔයාට උපදෙස් දෙන්න තරම් කෙනෙක් නෙමෙයි වෙන්න පුලුවනි. මමත් ලියන්න අරන් මාස 10ක් විතර. මම සින්ඩියකට දැම්මෙ ලියන්න අරන් මාස තුනකටත් පස්සෙ. පෝස්ට් හතලිහක් විතර ලියලා ඒ වෙද්දි.

    අපි පබ්ලිශ් කරන දේ දිරවනවනම් හිට්ස් එනව. කමෙන්ට්ස් එනව. ඒ නිසා දිගටම ලියන්න. දිරවගන්න පුලුවන් දේවල් පබ්ලිශ් කරන්න.

    ජයවේවා!!

    ReplyDelete
  21. ඉස්සරම හැදුවෙ තරු...ඉරටු වලින්...සිරා පුංචි එකා සන්ධියෙ...අම්මා පාප්ප ගාලා සවුකොළ අලවලා ඒවා ලස්සන කලා...ඒක අලවලා ඉවර වුනාම ඒක මැද්දට පොල් පිත්තකින් කපා ගත්ත පොඩි පටියක් හරහට ගහලා ඒක උඩ ඉටිපන්දමක් පත්තු කලා...ඉටිපන්දම දල්වලා තරුව උඩ එල්ලන්න ගිහින් දවසක් කූඩුව පිච්චුනා...එදා මම හොදමටම ඇඩුවා...අම්මා ඔලුව අතගාලා කිව්වා අඩන්න එපා...අපි ඊලග වතාවෙ ආයෙමත් හදමු කියලා...

    මේ හැම සැරසිල්ලකින්ම මේ ජීවිතේ තියෙන අනිත්‍ය ගැන තමයි නොකියා කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. හැම වෙසක් සැරසිල්ලකම පේන්නෙ අනිත්‍යමයි සිරා අයියෙ.

      Delete
  22. වෙසක් කූඩු නං අනේ මංදා!! දැං ඔක්කොම බිස්නස් එකක් වෙලා තියෙන්නෙ අක්කේ. හරියට අපේ ජීවිත වගේමයි. හැම දෙයක් ම කාගෙ හරි බිස්නස් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ලිපිය ගොඩක් වටිනවා මල්ලි. ඔය බිස්නස් ගුණ්ඩු වලට අහුවෙලා මිනිස්සු බාල් නටන්නෙ වෙසක් උත්සවයෙ හැබෑ තේරුම නොදන්නා කමින්.

      Delete
    2. දැක්කම එපා වෙනවා අක්කේ!!
      මේවා කියලා දෙන්න හරිහමං කෙනෙකුත් නෑ. අපි වගේ පොඩි එවුං කිව්වට කවුරුවත් ගණං ගන්නෙත් නෑ.

      Delete
  23. අපට කොහෙද බස්සියේ වෙසක් කූඩූ.. වෙසක් කූඩූ කෙසේ වෙතත් ඉක්මනින් කූඩුවක් නම් හදා ගන්න ඕනා

    ReplyDelete
    Replies
    1. කූඩුවත් වෙසක් කූඩුවත් දෙකම එක වගේ

      Delete
  24. මාත් හැදුවා අටපට්ටමක් ! හම්මේ..හදල ඉවර උනාම තීන සන්තෝසෙ.කඩෙන් කොච්චර ලස්ස්න කූඩුවක් ගෙනාවත් ඒ සත්තෝසෙ ගන්න බෑ කවදාවත්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත සාශෝ..... අපි හදන්නෙ කොහොමහරි අපේ කුඩුව ලස්සන කරගන්නනේ...

      Delete
  25. සාදු සාදු සාදු!!!

    ReplyDelete
  26. කූඩුව හැදුවේ පෙරකළ දැකුමට අනියත බව ජීවිතේ
    ඉටිකොළ කවර එල්වා රකිනු දුටිමි මාවතේ

    ReplyDelete
    Replies
    1. ඉටිකොළ වුව ඉරී යනු ඇත මතු දවසේ
      සව්කොළ පැහැ‍ය වියැකෙයි හිරු රැස් පහසේ...

      Delete
  27. කෝ නා කපන පොස්ට් එක ??? :(

    ReplyDelete
    Replies
    1. මෙන්න තියෙනව තිලින අයියේ.... බ්ලොගර් එකේ තාක්ෂණික දෝශයක් වගේ.

      Delete
    2. ඔව් වෙන්න ඇති.. මගේ බ්ලොග් රෝලෙත් ගිය සතියෙම ලිපි අප්ඩේට් උනේ නෑ.
      හරි, පොස්ට් එක පේනවා.තෑන්ක්ස්.

      Delete