ෆෝන් එකේ එලාර්ම් එක අතපත ගාල ඕෆ් කලේ කේන්තියෙන්. ඊයෙ රෑ ඉඳන් වැටෙන චුරු චුරු වැස්ස තාමත් ඉවරයක් නෑ. ඇස් දෙකට මහන්සියි. පැය හතරක් එක දිගට නිදාගත්තත්, තවමත් ඇස් දෙකට කාන්දු වෙන්නෙ හිතේ මහන්සිය වෙන්න ඕනෙ.
"මට අද නිවාඩුවක් දාන්න හිතෙනව බන්."
"එකපාරටම."
"මගෙ හිතට මහන්සියි බන්"
"හෙහ්! හිතට? උඹට පිස්සු යකෝව්! උයන්නැද්ද අද?"
මගේ අලුත් රූමා. ඒකාකාර ජීවිතෙන් කොහෙත්ම විඩාවට පත් නොවෙන, ඇඳුම්, සපත්තු, පාට පාට ගමන්මලු, අමුතු හෙයාර් කට්, මේක් අප් වගේ දේවල් වලින් සැනසෙන මගේ සරල සුන්දර යෙහෙළිය. පාන්දර එක දෙක වෙනකම් මම හිත අකුරු කරද්දි, ලයිට් එක ඕෆ් කරපං කියන්නෙවත් නැතුව බියුටි ස්ලීප් එක ගන්න මගේ අලුත් මිතුරිය. මගේ පොත් කියවිල්ල, කුරුටු ගෑවිල්ල, හීන කල්පනා මටම ආවේණික මේනියාවක් විදියට දකින සරල කෙල්ල.
ඇයි මට එහෙම වෙන්න බැරි?
හැම තත්පරේකම හිත ඇතුලට කිමිදි කිමිදි මම මොනවද මේ හොයන්නෙ?
එළියට බහිනකොට වැස්ස පායලා තිවුනත්, වරුසාවෙන් පස්සෙ කෝච්චි සිග්නල් වලට අත්වෙන ඉරණම ගැනත්, ආයෙත් අකුරට වැඩ කරන්න ගත්තු කෝච්චි රියැදුරන් ගැනත් මතක් වුන නිසා මම බස් එහෙකට නැග්ගා.
ආමර් වීදිය පහු කරද්දි ආයෙමත් මොර සූරන වැස්ස. කොටුවෙන් බැහැලා ටුක් ටුක් එකක නැගල ඔෆිස් එකේ දොරකඩින් බහින හැටි මට තත්පර කීපයක් ඇතුලත මැවිලා පෙනුන.
ඒත්...
වෙනදා බහින තැනට හෝල්ට් හතර පහක් තියෙද්දි මම දඩි බිඩියේ බස් එකෙන් බැහැ ගත්තා.
අලුතෙන් සිමෙන්ති කැට අල්ලාපු පදික වේදිකාව දිගේ වේගෙන් ගලාගෙන යන වතුර පාර. පාර දෙපැත්තෙ කඩවල් අස්සට ගුලිවෙලා වැස්ස පායනකම් බලාන ඉන්න ගෑණු,මිනිස්සු. පාර ලිස්සනවා ඇති කියල හිතුනත් එහෙම නෑ. බස් එකෙන් බහිද්දි බාගෙට දිග ඇරගත්තු කුඩේ සම්පූර්ණයෙන් ඉහළගත්තෙ හිත වහල දාල මොළෙන් දුන්නු අණ පිළිපැදීමක් විදියට.
මගේ පොඩි කුඩේ අහසින් වැටෙන බර වතුර බිංදු වලට ඔරොත්තු දෙන්නෙ නැති බව දැනෙනකොට හිතට ආවෙ ලොකු සතුටක්. හුළඟත් එක්ක ඇඟේ වැදෙන වැහි පිණිති වලට තෙමෙන්නෙ විඩාබර හිත. පාර අයිනෙ වතුර බොර පාටයි. ඒත් පදික වේදිකාව උඩින් ගලාගෙන යන වතුර පාර පැහැදිලියි, වේගවත්. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන එන්න තිබුනානම් වතුර පාර කකුල්වල වැදීගෙන ඉදිරියට ගලාගෙන යන අපූරුව විඳගන්න තිබුනා.
තෙමිච්ච පූස් රාළ කෙනෙක් පාර අයිනෙ ටකරමක් ඇතුලට ගුලි වෙලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා. සීතලට උන්දැගේ මවිල් පිම්බිලා.
බස් වලින් පනින ගෑනු මිනිස්සු දුවගෙන යන්නෙ කඩපිලක හෙවනට. කුඩේකට මුවාවෙලා ඔලුව බේරගන්න අමාරුයි. ඇසිඩ් මුහුවෙච්ච වැස්ස. කොළඹ වැස්සට තෙමෙන්න එපා කියලයි තාත්ත කියන්නෙ.
කහඉර ගාවට ආවම ඇස් දෙකේ සතුටු අකුණක් ගැහුවෙ එතැනින් ගලා යන වතුර පාරට සපත්තු තෙමෙන බව දැක්කමයි. වේගෙන් ගලාගෙන යන වතුර පාර මැද්දෙ පරෙස්සමින් උස අඩි සීරුමාරු කලේ ආසාවෙන්.
වටරවුමෙ බෝගන්විලා පඳුරු හිනාවෙනව. හෙවනක් හොයන්නෙ නැති මල් පැලයක් වගේ මටත් කුඩේ වීසි කරල දාල මේ වැහිපොද වලින් හිත හෝදල අරින්න ඇත්නම්.....
අකුරට වැඩ උනාට පහළින් කෝච්චියක් මරදාන ඉස්ටේසම දිහාවට ඇදෙනව පේනව. මං වැස්සෙ පාලම උඩ හිටගෙන කෝච්චිය යන දිහා බලන් ඉන්නව. දූවිල්ලෙන් වැහිල තිවුන රේල් පීලි වැස්සට හේදිලා දිලිසෙනව. වැහි වතුරට පෙඟුන කෝච්චි පාර දිගේ අනන්තය වෙනකම් ඇවිදන් යන්න ආසාවෙන් මගෙ හිත දඟකරනව.
ඈත අහසෙ ඉඳන් පාලමේ වැටේ වැදෙන වැහි බිංදු කෑලි කැඩෙනව. හීන් වතුර බිඳිති ඇඟේ වදිද්දි සියුම් වේදනාවක් එක්ක අමුතුම මිහිරක් දැනෙනව. මම පාලමේ වැටට තවත් කිට්ටු වෙලා ගමන් වේගය බාල කරනව.
කහ ඉරක් නැතුවම මම පාර පනිනව. වේලිලා තිවුන කකුල් ආයෙමත් වැහි වතුරට තෙමෙනව. මෙතන පාර පහලට ගලන වතුර පාර අවර්ණයි. පෙණ බුබුලු දාස් ගානක් වතුර පාර එක්ක පහලට ඇදෙනව. වතුරෙ ලස්සන බලන්න ගිහින් තව පොඩ්ඩෙන් බස් එකක හැප්පෙනව. බස් එකට කලින් අඩියට දෙකට පාර එහාපැත්තට පැනගන්නව.
මං අපිරිසිදු ඩාලි රෝඩ් එකට හැරෙනව. පදික වේදිකාවෙ තැන තැන රැඳුනු වතුර කලු දුඹුරු පාටයි. පාර අයිනෙ ලොකු වතුර වලවල්.
වාහනයක් වතුර වලක් උඩින් යනව. මගෙ ඉන ගාවට එනකම් වතුරෙන් නෑ වෙනව.
බලන් ඉන්න මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මම මූණ චුට්ටක් හපුටු කරගෙන "චික්" කියනව. මගෙ හිත පෙරළි පෙරළි හිනා වෙනව.
සෙන්ට් ජෝසප් එක ඉස්සරහ විලෝ ගස්වල ඉන්න කාක්කො හෙවනක් හොයාගෙන යන්න ඇති කියල හිතෙනව. උඩ බලද්දි උන් තටු පොරවාගෙන පුරුදු ගස් මුදුන් වලටම වෙලා ඔහේ බලන් ඉන්න බව පේනව. මටත් එක තත්පරේකට කාක්කෙක් වෙන්න හිතෙනව. එහෙම උනොත් මම ඉස්කෝලෙ පිට්ටනිය උඩ රවුමට ඉගිල්ලි ඉගිල්ලි වැහි වතුර රහ බලන පිස්සු කාක්කෙක් වෙයි කියලත් හිතෙනව.
"කාක්කගෙ පාට ඔයාට මැච් වුනත් අක්කේ කාක්කෙක් වෙන්නනම් ඔය බතල ගතිය අඩු කරගන්න වෙයි." මගෙ රූපය ගැන ෆේස්බුක් එකේ නිතර දෙවේලෙ මට මතක් කරල දෙන 'යාලුවා' මේක දැනගත්තොත් එහෙම කියාවි කියල මට හිතෙනව. කාක්කව මට ලස්සනට පේනව.
ඔෆිස් එකට යන පුංචි අතුරු පාරට හැරෙනකොට හිතට මොකද්දෝ දුකක් දැනෙනව. කුඩේ හුලඟට අහුවුන බව අඟවලා මම අත කරකවලා කුඩේ ඇල කරනව. වැහි වතුරෙන් නළල, ඇස්, කම්මුල් තෙමෙන හැටි තත්පර ගානකට විඳගන්නව.
මම කිටිකිටියේ වෙවුලමින් සීත කාමරේ ඇතුලට එනව.
උණුම උණු තේ කෝප්පයක් ඇතුලෙ හිතේ අන්තිම වේදනා බිංදුවත් දිය කරල අරිනවා. තේ සුවඳ නිසා හීතලට ඇකිලුන පෙණහලු උණුහුම් වෙනව. උණුහුම හදවතේ ඉඳන් නිල් පාට වෙච්ච ඇඟිලි තුඩු වෙනකම් ඇදිල යන හැටි මට පේනව.
හවසට උණ ගැනෙයිද? හෙම්බිරිස්සාව හැදෙයිද? අපිරිසිදු වතුරට යටිපතුලෙ ආසාදන එයිද කියල තත්පර කාලකට මට හිතෙනව. ඒත් එක්කම හෙටත් වැස්සෙ තෙමෙන්න පුදුමාකාර ආසාවක් යටිහිතේ දඟකරන සද්දෙ මට යන්තමට ඇහෙනව.
හදවත ඕෆ් කරල මම පරිඝනකය ඔන් කරනව.
නිවාඩුවක් දාල වැස්සෙ තෙමෙන්න තිබුණේ අෆ්ෆා, :D මාත් වැස්සෙ බයික් පදින්න නම් ආසයි. ^_^
ReplyDeleteඑහෙම කිවුවම මටත් වැස්සෙ බයික් පැදීමේ ආසාවක් ඇතිවුනා... වැස්ස කපාගෙන යද්දි සුපිරි ඇති නේ!
Deleteසාමානය වේගෙකින් සාමාන්‍ය වැස්සක යන එක නම් ඇත්තටම සුන්දර අත්දැකීමක්.
Delete(වේගේ වැඩි වුණොත් ලිස්සන්න පුළුවන්, වැස්ස තද වැඩිනම් මූණේ වදිනකොට ඇස් අරින්න අමාරුයි)
වෙලාවක ගිහින්ම බලන්නකෝ.
හම්බෝ වැස්සෙ බයික් පදින එක නම් මම අකමැතිම වැඩක්. වයිසරේ උඩට වතුර වැටෙත්දි පාර පේන්නෑ හරියට. වයිසරේ ඇරගෙන ගියොත් ඉස්සරහට එන වතුර බිඳු මුහුණ දිගේ බේරෙත්දි බයික් පදින එක පැත්තක තියලා ඒවා පිහදාන්න වෙනවා.
Deleteමම ආසම වැස්සෙ ඇවිදින්න.
හි හි එහෙනම් අඬු කඩාගන්නෙ නැතුව පයින්ම ඇවිදින එක හොඳයි නේද වැස්සෙ.
Deleteහිහ් හී, මද පමණින් යන්න ඕනෙ, විදින්න ගියොත් බොරු වලවල් වල වැටිල දත්ටික කඩාගන්න පුළුවන්. ^_^
Deleteවැස්සෙ පාරවල් ලෙස්සද්දි විදින්න ගියොත් නම් එක්කො ගහක් උඩ, එක්කො වහළක් උඩ තමයි නවතින්නෙ. හොම්බ flat කරගත්තැකි නිකන්ම.
Deleteහිහ් හී, :v :v
Deleteඅනාආආආ ඔය වැස්සෙ මාත් තෙමුනා වගෙ හැගීමක්.දැනුනා..මහන්සිය කොහෙ ගියාද මන්දා...මසුරන් ලියවිල්ල බස්සි යා
ReplyDeleteඅනාආආආආ ශෝයි.... ඔයා ආපු දාසක අපි ට්‍රිපල වැස්සක ඇවිදිමු හොඳේ කුඩ වීසි කරල දාල.
Delete//තෙමුනා වගෙ හැගීමක්// දැන් හෙම්බිරිස්සාවත් හැදුනා නම් තමා පට්ට. හච්… හච්… හච්චිං…… :D
Deleteඅපේ ප්‍රතිසත්තිය හොඳා. නෝ හෙම්බා.
Deleteආයේ වැස්ස මොකටද කිඹුලි කොහොමත් වතුරෙනේ ඉන්නේ
Deleteකිඹුලි ඉන්නෙ මඩේ නෙ අෆ්ෆා. ගෙම්බත් එහෙමනෙ. දෙන්නම තෙමිල පොඩ්ඩක් නා ගනිල්ලා.
Deleteහම්මේ එල ඈ
ReplyDeleteඉස්කෝතුයි
Deleteහ්ම්ම් හ්ම්ම්.. වැස්සට මොළේ පොඟවා ගන්නවා එහෙම නෙවෙයි!!!
ReplyDeleteඒකනෙ නාඩි මල්ලි මම ඩෙනිම් අඳින්නෙ. ;)
Deleteඔව්... තව ආරක්‍ෂිත පියවරක් වශයෙන් කොලපතක් භාවිතා කරන්න!
Deleteආ ඔයා ඉස්සර ක්ලාස් එද්දි මොලේට කෝටුපාර වදී කියලා කොලපත බඳිනව වගේද නාඩි මල්ලියෝ?? :P
Deleteපොඩි කාලේවැස්සේ තෙමෙන්න ආසා වුණාට අම්මලා ඉඩ දුන්නේ නෑ අසනීප වෙයි කියලා.
ReplyDeleteදැං, වැස්සේ තෙමෙන්න ගියොත් සමාජයෙන් කොන් වෙනවා පිස්සු කියලා. අනේ මංදා නාකි වෙලා හරි ගෙදරම ඉඳං වැස්සෙ තෙමෙන්න වෙන්නෙ.
එහෙමත් එකේ, හිතිං හරි අපිව වැස්සෙ තෙමුවට පිං ඈ!!
හිතිං මමත් ඔයාගෙ එක්කම ආවා වගේ අක්කෙ, කුඩයකුත් නැතුවම.
නාකි උනාම ගෙදර උන්දැ කියයි. "අප්පොච්චියේ මේ මිනිහගෙ නාකි විසේ, නිවුමෝනියාව හදා නොගෙන ගෙදට්ට වෙලා හිටු." කියල. ඒ නිසා දැන් තෙමෙන තෙමිල්ලක් තමයි ඉතින් මල්ලි.
Delete:D :D
Delete"නාකි විසේ" ???
Deleteහම්මේහ්!! එහෙනං ඉතිං, තෙමෙන්න ඕනෙම නෑ.
බලහල්ලකො ඒකෙත් හැටි.
This comment has been removed by the author.
ReplyDeleteබස්සිගේ ම වෙන පෝස්‍ටුවකට දාන්න ගියපු කොමෙන්‍ටුවක් වැරදීමකින් මෙහි පලවූ නිසා ඩිලීට් කලෙමි.
Deleteඒ කමෙන්ටුව පෝස්ට් එකටත් වඩා රස නිසා හැකි සියල්ලන්ම කියවන්නේ නම් යෙහෙකැයි ප්‍රකාශ කරමි. :D
Deleteහෑ!!
Deleteහා හා හරි එහෙනං, හැමෝම කියවන්නකෝ.
:-)
වැස්ස වලාහක දෙවියනුයි අර මඩ වතුරෙන් නාවපු වාහන කාරයයි. ජාති ජාතිත් පල දෙන පිනක් කරගෙන ඇත……… කාලෙකට පස්සෙ බස්සිව නාවලා. හැක් :D
ReplyDeleteමාත් හරිම ආසයි වැස්සෙ තෙමෙන්න නම්.
බස්සි වැස්සෙ තෙම්ලා ඒහෙම්ම අයිස් එකක් කාලා තියෙනවද? පට්ට. (හැබැයි ලෙඩ උනාම අපිව එහෙම මතක් කරනවා නෙමේ ඕන්.)
හම්මේ නැතුව නැතුව. තෙමීගෙන අයිස් ඉල්ලද්දි කඩකාරය දාන කින්ඩි හිනාවට තමයි පොලව පලාගෙන යන්න හිතෙන්නෙ.
Deleteවැස්සේ තෙමෙන්නේ ඔහොම මම නම් අසා නැහැ බං,විශේෂයෙන්ම ඔහොම ගමනක් යනකොට.
ReplyDeleteමම නම් කැමති අර එක කුඩයක් යට ගෑවී නොගෑවී යන්න.
අර මොණරිත් වැස්සට ආදරෙයි කියලා තිබ්බේ.එක අතකට කමකුත් නැහැ.කෙල්ලෝ වැස්සට තෙමුණා කියලා.
1) එහෙම ගැහැණු ළමයි වැස්සට තෙමුණාම එකේ අමුතු සුන්දරත්වයක් තියෙනවා.
2) ගොඩක් ගැණු ළමයිට මොළයක් කියලා දෙයක් නැති නිසා වැස්සට ඔළුව තෙමුණා කියලා ලොකු අවුලක් වෙන්න එකකුත් නැහැ
එක කුඩේ යට ගෑවි නොගෑවි ( ඒ කෝමෙයි නොගෑවි යන්නෙ? අනිවා ගෑවි ගෑවි නෙ යන්න වෙන්නෙ? )
Deleteඒ ගමනත් රහයි මේ ගමනත් රහයි. රස වර්ග දෙකක්. :)
අනිත් ගෑල්ලමයින්ට කොහොමද මන්දා මටනම් ඔලුව තෙමෙන එක අවුලක් නෑල්ලු. හී
හදවත ඕෆ් කරල මම පරිඝනකය ඔන් කරනව. < the best part , if we can do the opposit
ReplyDeleteThankz Sameera. Even though we cant always follow the opposite, it would be much better if we can switch our hearts from sleep mode to live mode.
Delete//"" ඒයි පික්සු බක්සි ...//""බලන් ඉන්න මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මම මූණ චුට්ටක් හපුටු කරගෙන "චික්" කියනව. මගෙ හිත පෙරළි පෙරළි හිනා වෙනව.""// මේ කෑල්ලට මම හරිම මනාපයි බං , ඇත්තටම වැස්සට තෙමෙන්න තියෙනවනම් ඊට වඩා සැපතක් නෑ ඉස්සර , ඉස්කෝලේ කාලේ වැහිනකන් ඉන්නේ වැස්සේ ෆූට් බෝල් ගහන්න , එක තරම් ජොලියක් ඒ කාලේ තිබ්බෙම නෑ, මඩ නාගෙන දුඹුරු පාට වෙලා ගෙදර යන්න
ReplyDeleteහ්ම්ම්ෙේ ග්ෙම්බ්න්ට් ඉට්ත්ින් ම්ඩ් න්ාන්ව්ට් ව්ඩ්ා ඩ්ද්ෙය්ක් ට්ත්ිය්ෙේඩ්ද් හ්ික්ස්!!
Deleteඒ ට්ත්ැන්ක්ුූ ප්ව්ුල්ුූස්ශ්ොෝ. ම්ෙේක් ඇට්ත්ට්ත්ම් ස්ිීන් එක්ක් අන්ාආආ :P
මොනවද යකෝ මේ ලියලා තියෙන්නේ බ්‍රසීල් ද? හැක හැක හැක හැක
Deleteබස්සිගෙ පිස්සු තද වෙලා. දුවපියෝ. :D
Deleteශික්. මගෙ හෙලකුරටත් ලෙඩේ බෝවෙලා වගේ.
Deleteගෙම්බන්ට නම් ඉතින් මඩ නානවට වඩා දෙයක් නෑ කියල කිවුවෙ. :P
මේ ඉලව්ව රෝලේ අප්ඩේට් වෙන්නේ නෑ ආපහු දාපන් දවසක් විතර ඇරලා
ReplyDeleteදැම්මා බන් ඒත් එමමයි. :(
Deleteබ්ලොග් රොලේ තාක්ෂණික දෝෂයක්ද?
ReplyDeleteඒ වගේ නේ ද?
Deleteවැස්සේ තෙමෙන්න බස්සියෙක්ට තියෙන ආසාවක්...
ReplyDeleteඔහොම යන් ..ඔහොම යන් ..
අනිවා... ඇත්තටම ආසයි වැස්සෙ තෙමෙන්න නම්.
Delete//හදවත ඕෆ් කරල මම පරිඝනකය ඔන් කරනව.// මරු කතාව! ඇයි මේක අප්ඩේට් වෙන්නෙ නැත්තෙ? අර ‘අබග්ගය‘ කියන එකටත් යන්න බැරියෝ!!!!
ReplyDeleteඅනේ මන්දා දිලිනියෝ... බ්ලොගර් එකට හෙන ගහලද මන්දා මොනා කරලවත් යථා තත්වයට ගන්න බැරි උනා.
Deleteහම්මියෝ, අනේ වැස්සේ තෙමෙන්න තියා අව්වේ කර වෙන්නවත් වෙලාවක් නැති කොට මේවා කියවද්දී එකෙන්ම ආයි තනි ඇහැටම කඳුළු පනිනවා. ඔය තියෙන්නේ එතකොට ලියවෙච්ච තමා.
ReplyDelete"එළියට බහින්න
අහස පොඩ්ඩක් බලන්න
මතක් කරන්න
අන්තිමටම අහස
ඕන කමින්
බැලුවෙ කවද්ද
කියලා
අපි අපිත්
නොදැනම යන්ත්‍ර
වෙලා නෙ
ඉර නගිනවා
ඉර බහිනවා
මල් පිපෙනවා
සමනල්ලු පියාඹනව
මේව බලන්න
කෝ අපිට
වෙලාවක්
අයියෝ ඕව බැලුව
කියල
අපිට ඇත් ඵලේ
මොකක්ද?
පොඩ්ඩක් හිතන්න
මේ අපේ හිතමද
කියල
හ්ම්.......
ඇත්ත නේද
ඒත් ඒක
හිතන්නත්
වෙලාවක්
කොහෙද?
අපි අපිත්
නොදැනම
ලොකු මිනිස්සු
වෙලා නෙ
අපිට අහිමි වුණු
අපේම කියල
කාලයක්
තිබුනද වත්
මතක නෑනෙ
ඒ කාලෙ
කොච්චර ලස්සනද
කොච්චර සුන්දරද
ආයෙත් ඒ කාලෙට
යන්න පුලුවන්නම්
කොච්චර නිදහසක්
තිබුනද
හිතේ මෙලෝ බරක් නෑ
හිතෙනකොට නිකම්ම
සුසුමක් මුවින්
පිටාවෙනව නේද
ඒ අපේම
ජීවිතේ නිසයි......"
+++++++++++++++++
Delete//පොඩ්ඩක් හිතන්න
Deleteමේ අපේ හිතමද
කියල
හ්ම්.......
ඒත් ඒක
හිතන්නත්
වෙලාවක්
කොහෙද?//
මේ ටික නම් තදින්ම හිතට වැදුනා සොමියෝ! ++++++++++++++++++++++
රෝලට එනව මේක දාල කියල ආපුවාම නෑ...
ReplyDeleteමේ එන්න පුලුවං එපා කරන විදියට ආවෙ...
වැස්ස නේ...එපා වෙනව ඒත් මං හෙන කැමතී වැස්සට ඔව් ඉදගෙන
ඒක තමයි මහේෂ්! තාක්ෂණික දෝෂයක් වගේ. තාම බේත් දෙන්න ට්‍රයි කරනව. :)
Deleteවැස්ස සුන්දර කරගන්නෙත්, අසුන්දර කරගන්නෙත් අපේ හිතමයි.
වහින වෙලාවක එළියෙන් පුටුවක් තියාගෙන වැඩිවෙලා ඇස් දෙක පියාගෙන උඩබලාගෙන ඉන්නකොට මම ලබන මිහිරම මේකෙනුත් හම්බ උන බස්සි අක්කේ
ReplyDeleteමෙහ හදවත ඔෆ් කරන හැටි කියලා දෙන්නකෝ මටත්
හදවත ඕෆ් කරන හැටි මාත් අමාරුවෙන් ඉගෙන ගත්තෙ මෑත කාලයෙදි. මොකද පිස්සු නටන හදවතත් එක්ක මොළේ නිරවුල්ව තියාගෙන ජොබක් කරන්න පුලුවන්යැ.
Deleteඉත්තූතියි හොඳේ...
විඳින්න තරම් හදවතක් තියෙනවනම්, අහසින් වැටෙන වැහි බිංදුවකිනුත් කොච්චරනම් දේවල් තියෙනවද රසවිඳින්න.
ReplyDeleteස්තූතියි මනෝෂ්!!
Deleteමේකිට පිස්සු වැස්සෙ නටන්නෙ..
ReplyDeleteදවසක් උදේ වැඩට යද්දි අමු වැස්ස. මම හිතෙන් සතුටු වුණා මේ වගේම. වාහනේ හෝදන්න මහන්සි වෙන්නෙ ඔනෙ නැහැ. ඔටෝ හේදෙනවා.. වැහැපං තව සැරට...
වැඩට යන්න බයික් එක එලියට දාපු කොල්ලො සැට් එකක් වැස්ස නිසා යන්න බැරුව, කඩ පිලක නවත්තගෙන..
මගෙ හිත වෙනස් වුනා..
අඩේ අපෙ තාත්තා ඉස්කෝලෙ යන්නෙත් බයික් එකේ නේද?
එක්කෝ මම තනියම හෝද ගන්නම් වාහනේ.. වහින්නෙ නැත්තං හොඳයි.. මගෙ හිත කිව්වා...
(මේක මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් වෙන්න ගිය සිද්ධියක්. මම ලිව්වෙ නැහැ.. නයි අරිනවා කියල කළු පැල්ලම් ඇතිවෙයි කියල :)
ජය !
මෙන්න සෑම වැදත යන්නෙ වාහනේලු. ඔය නයි එකතු කරන ඇනෝලා මේ පැත්තෙ එනවනං මේකත් මතක් කරලා පොට්ටනියට දාගන්න හොඳද? හී..... :P
Deleteබස්සිට පික්සු කියල අද ද දන්නෙ ඈ...
ඒ පෝස්ට් එක ලිවුවනම් වෙනස් වෙන සිත් පරම්පරාව එක්ක යමක් ගැන අපේ ආකල්පය වෙනස් වෙන හැටි අපූරුවට පෙන්වන්න තිබුන නේද?
ලියන්නෙ කෝමද බොලත් මට මෙතන නයි කතා ඇඳබාලා තියෙනකොට ?
Deleteපොඩි කාලේ ගමේ ඉස්කෝළෙට ගිය කාලේ එකසිය ගානට වැස්සේ නාලා ගෙදර එන්නේ. සූට්කෙස් එකේ තිබුනට පොතුත් තෙමිලා. සෙරෙප්පු දෙක අතේ. වැස්ස දවසට ගෙදරින්ම සෙරෙප්පු දාලා යවන්නේ. දන්නවා විනාශයක් කරගෙන එන්නේ කියලා. ඒ විඳපු විඳීම ආයෙත් වින්ඳා. උඹේ ලිවිල්ල නම් මල් මසුරන්. ඉතින් අහවල් එකටද මේකේ මේ බස්සි කියලා දාගෙන ඉන්නේ. බතලි කියලා දාගත්තම අහකයිනේ..
ReplyDeleteවැස්ස දාට ඉස්කෝලෙ ගිහින් ඇවිත් මාත් ගෙදරින් බැනුං අහල තියෙනව අම්බානක. මඩවලවල් වලට පැනල මේස් දුඹුරු පාට වෙලා. ගවුමෙත් මඩ. දියබරිය වගේ ඔලුවත් තෙමාගෙන. බැනුම් විතරක් නෙමෙයි ගුටිත් කනව සමහරදාට. ඒත් පහුවදාත් වැස්සොත් ඒ සෙතේම තමයි. :D
Deleteමම ම බතලි කියාගන්න ගියොත් අර අසරණ bullies ලට කරන්න රස්සාවක් නැතුව යනවනේ. පව් නෙ කාගෙ උනත් දරුවොනෙ.
ලස්සනයි බස්සි, ඔයාගේ වැස්ස දාට කතාව. හැබෑම කතාව තමයි, මේ හොදට ලියවිලා තියනවා. මේ ඔයාගේ ජිවිත පොතෙන් පිටුවක් නේ......
ReplyDeleteඔව් නිහංසා ඒකමයි මේ කැටගරියට "හදවතෙන් තීරුවක්" කියලා ලේබල් එකක් දැම්මෙ. ස්තූතියි ඔයාට!
Deleteissara onna oya wage math wassata hondata themuna.mathak weddi asay bassi.niyameta liyala thiyanawa meka
ReplyDeleteඔයා නොතෙමි, ඔයත් මං වගේම පිස්සු කේස් එකනෙ ඉතින්. ඉස්සර වගේ කුඩේ පැත්තක දාල හිතූ මනාපෙට වැස්සෙ නටන්න බැරි එක තමයි අනේ දුක.
Deleteනාකපනා වැහි වැටෙන වෙලාවේ...
ReplyDeleteඔහොම තෙම්ලා හෙම්බිරිස්සාවක් හෙම හැදුනොත්...
(නෑ එහෙමවෙන් නෑ මම හැමදාම උදේට කිරිත්එක්ක සමහන් බොනවා - කියන්න ඔට්ටු නෑ)..
මේක කියවලා දැං මං වහිනකං බලං ඉන්නවා....
ජය වේවා!!!!1
මඩ වතුර පෑගුනාම හෙම්බිරිස්සාවටත් කලින් මාව හොයන් එන්නෙ යටිපතුල් වල ආසාදන. හැබැයි දෙවිපිහිටෙන් මේ පාරනම් එහෙම අපලයක් කඩන් පාත් උනේ නෑ.... :)
Deleteඅෆ්ෆා විදානෙත් තෙමෙන්න වගෙයි කල්පනාව. හොඳා හොඳා!
තැන්කූ ඈ....
ෂහ් මරු
ReplyDeleteමේ ළඟදි වැස්සට තෙමි තෙමී ඉස්කෝලෙ ඇරිල ගෙදර යන කොල්ලො කෙල්ලො සෙට් එකක් දැකල මං ෆෝන් එකෙන් පොටෝ එකකුත් අරගෙන තියාගත්ත.
ආයෙ එහෙම කාලයක් ඉතින් පැන්ෂන් ගියාට පස්සෙ තමයි.
අඩේ අප්ප. මට කළින් කමෙන්ට් දාපු එවුන්ටත් මට වගේම වෙලානෙ.
Deleteකමෙන්ට් දාන හැමෝටම එක හා සමාන අත්දැකීම් තියෙන්නෙ මෙතනට එකතුවෙන්නෙ සහෘදයන් නිසා නෙව. හෙනහුරා දැන්ම තෙමෙන එකක් තමයි. ජීවිතේ විඳින්න පැන්ෂන් ගියාට පස්සෙ කියල කල් දාන එක නම් හොඳ වැඩක් නෙමෙයි.
Deleteමේ කථාව අස්සෙ පැණි වළලුත් මතක් වෙනවා...
ReplyDeleteඔය වහින වෙලාවට මම ඉස්සර ඉදලාම කැමතියි...වැස්සක් වහිනකොට ඒකෙ තියෙනවා හරිම ලෙංගතු සුන්දරත්වයක්..පොද වැස්සට තෙමෙනකොට ඇගට දැනෙන සිසිලස, පෙම්වතිය එක්ක එක කුඩයක් යටින් වැහිපොද අස්සෙන් යද්දි හිතේ ඇතිවෙන චමත්කාරය, ලියනවා නම් කථා කීයක්ද....මට නම් රහයි මේ ලියවිල්ල.
"පැණි වලලු" තීරු ලිපියට මාත් හරිම ආසයි. ඒ වගේම ලස්සනට ලියැවුන ලිපි මාලාවක් තමයි රිවිර පත්තරේ "දවසක් දා හැන්දෑවක" - රසික ජයකොඩි ලිවුවෙ.
Deleteවැස්ස රසවිඳින්න ක්‍රම කීයක්නම් තියෙනවද නේද? ස්තූතියි සිරා අයියේ...
ඔන්න අදයි මේක කියවන්න වුනේ.. වැස්සට අපිත් ආසයි බං.. හැබැයි මම මෙහේ වැස්සට පොඩ්ඩක්වත් ආස නෑ.. ලංකාවේ ඉන්න කොට නම් වැස්සේ තෙමිලා තියෙනවා ඕන තරම්.. හැබැයි තනියමත් නෙමෙයි..
ReplyDeleteතනියමත් නෙමෙයිලු. හා ඈ....:P
Deleteමේ පෝස්ට් මංගල්ලෙ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ දිනේශ් අයියේ. ඒක වෙන්නැති මග ඇරෙන්න ඇත්තෙ.
බස්සි මචං .. මට පොඩ්ඩක් උඹේ බ්ලොග් එක ඩිස්මිස් වෙලා .. දැනුයි ඕං මීටර් උනේ.. පත්තර මල්ලි ඔන්න එනවා ඈ .. අපි ඒමයි !! ඕ යේස්
ReplyDeleteඔහෝ පත්තර මල්ලි මේ පලාතටත් ඇවිත් තියෙන්නෙ. සන්තෝසයි ඈ... සාදරයෙන් පිළිගන්නවා බස්සිගෙ නවාතැනට!!
Deleteහෙන සීතලක් ආවා කියවගෙන යද්දි.
ReplyDeleteලියවිල්ල මරු 👌