Monday, May 26, 2014

කමාන්ඩෝ පිහියක සුරතාන්තය


 



සිපගතිමි පළමුව ඇගේ ගෙල
කිතියටද මන්දා,
මගෙන් මිදිලා දුවන්නේ ඇය
කොලුකමට පස්සෙන් ගිහිල්ලා,
පපු පෙදෙස සිප ගතිමි දෙවරක්


දරන්නට බැරි තැන සෙනෙහෙ බර,
එතැන  එහෙමම වැතිරුනා ඇය,
ඇගෙ බරට මගෙ
මුවද ඇදවිය


ආදරේ උතුරනා හින්දයි
ඇදවෙලා ගිය මුව කෙලින්  කර
පිටට දුන්නේ හාදු වැස්සක්
ආදරෙන් සියොළඟම වෙවුලා
සෙමෙන් අඩවන් කලා ඈ නෙත්


උච්චවස්ථා ශිථිලභාවෙන්
නිසලවම වැදහුන්නීය ඇය
එයින් ආනන්දයට පත්වී
සුරතාන්තෙක මිහිර ලැබුවෙමි


මොහොතකින් මා ඇගෙන්  මුදවා
නාකන්ද  ඇළ පතුලෙ දැම්මේ
කොහෙන් ආ පරයෙක්ද ඕකා?
ඇවිලුනි හදිසි කෝපය


එල්ලපල්ලා ඕකව!!!




ප.ලි.

තේරුනේ නැති කෙනෙක් ඇත්නම් මෙතනින් ගිහින්  බලන්න.





136 comments:

  1. මූලාශ්‍රය තිත්ත උණත් පදපේලි ටික ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොලුබෙල්ලෝ....

      Delete
    2. ගොළුබෙල්ලා සමග එකඟ යි. දැන් නම් අවුලක් නෑ වගේ. පහුගිය ටිකේ මේ බ්ලොග් එක මගෙ රෝලට ආවෙ නෑ නේ....

      Delete
    3. අනේ ඔව් දිලිනි. ට්‍රයි කලා ඒත් පරණ පෝස්ට් දෙක ගොඩගන්න බැරි වුනා.

      Delete
  2. අනේ මන්ද්ද ඉතින් මේවත්.ඉන්න මූඩ් එකක් හැටියට මේවාට මුකුත් කියලත් බෑ නොකියත් බෑ

    ReplyDelete
    Replies
    1. මූඩ් එක ෆික්ස් කරගන්න ජින්ජර් බිස්කට් එකක් කාලා. :D

      Delete
    2. එකක් නම් කාලා මදි වෙයි අක්කේ :(

      Delete
    3. එහෙනම් බිස්කට් පැක් එකක්ම කාල බලන්නකෝ.... :)
      (හිනා වෙලා ඉන්නවකෝ. ඔයා ආපහු ලියන්නත් පටන් ගත්තනෙ ඒ නිසා.)

      Delete
  3. මේ වචනය සූරාන්තය විය යුතුයි. ලිංගික ක්‍රියාවලියේ ඉහළම උද්දීපන තත්වය සූරාන්තය ලෙස හැදින්වේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අයියේ. නිවැරදි කරන්නම්.

      Delete
    2. සුරතාන්තය තමයි නිවැරදි වචනය

      Delete
    3. වෙනස් අදහස් දෙකක් ඇති නිසා ගූගලයාගේ පිහිට පැතුවා. මාතලන් අංකල් කියූ එක නිවැරදියි. තැන්කූ වේවා !!

      (@ආයෙත් පාරක් වෙනස් කොරපන්කො ඉතින් හෙඩිම. හික්ස්!)

      Delete
    4. මාතලන් අංකල් හරි :-)) සුරත+අන්තය=සුරතාන්තය ( සුරත නම් කොද රුප'ඹුවන් හට කියල ගුත්තිලයෙත් තියෙනෝ :-)

      Delete
    5. මා-මාමා ඕවා දනිතෙයි.

      Delete
    6. දිලිනියෝ අර කවි පදේ "සිංහල" තේරුමත් දාන්ටකෝ. කොඳ රුපඹුවන් කියන්නෙ?

      Delete
    7. සුරතාන්තය නැතුවනම් බැහැ. ලෝකාන්තයට පනින්න තමයි වෙන්නේ. මාතලන් මාමා නොදනීද සුරතාන්තය. සිරා කොලුවා තාම බැචුලර් බෝයිනේ.

      Delete
    8. හික්ස්!! මා මාමා පෝස්ට් කීයක ලියල ඇද්ද ඕක නේද :D

      Delete
    9. සුරත ඔහු යුදයට - සුරත ලෙල දෙත කගපට - සුරත මිස යුගදිට - සුරත නම් ෙකාද රුප'ඹුවන් හට = යුද්ධයෙහි අැලුණු ඔහු ෙග් දකුණු අෙත් කඩුව ලෙල ෙදන විට, සතුරු රජුන් ෙග් බිරියන් හට අැස් දෙෙක් රතු පාට මිස සම්ෙභා්ගයක් ෙකායින් ද? (ඔතන සුරත කියන ඒක අර්ථ 4ක ෙයදිල තියනවා.)

      Delete
    10. ස්තූතියි කුරුට්ටි. ඔයාගෙන් පරණ කවි වල තේරුම් අහගන්න පුලුවන් වගේ ලස්සනට. මට මුලින් කවිය කියවද්දි ෆුල් හොල්මන්. ලස්සනට පැහැදිලි කරලා.

      Delete
    11. මා තලන් කියන්නෙ නිකංද ඉතින්...

      Delete
    12. බූරුවා විකුණන්න ගිය තාත්තයි පුතයි වගේ මිනිස්සු කියන කියන පළියට කරන්න යන්න එපා, හොයල බලන්න නිවැරදි වචන.

      Delete
    13. අනේ ඉතින් දෙවෙනි අදහස ආපු ගමන් හොයල බැලුව. මින් පස්සෙ පළමු වතාවෙදිම එහෙම කරන්නම් හෙනහුරා. තැන්කිවු උපදෙසට.

      Delete
  4. කොහෙන් එන වචන ද මන්ද...

    ලස්සනට ගැලපෙන්න ලියල තියෙනවා..

    ජය වේ//

    ReplyDelete
    Replies
    1. නිවුස් එක කියෙව්වම ලියාපු නැති වචන වගේකුත් ආවා. ඒවත් කොහෙන් ආවද මන්දා... :D
      ස්තූතියි ශෙහාන්!

      Delete
    2. ඔය අන්තිම පද පෙළ
      "ගෙනියපල්ලා ඕකව -ආයුධයක් හොයන්ට "ම කියල වෙනස් උනා නම් අද කාලෙට තිතටම මැච් වෙනවා.

      Delete
    3. ඔය අන්තිම පද පෙළ
      "ගෙනියපල්ලා ඕකව -ආයුධයක් හොයන්ට "ම කියල වෙනස් උනා නම් අද කාලෙට තිතටම මැච් වෙනවා.

      Delete
    4. අනිවා! එල්ලුම් ගහ නං දැන් දිරලත් ඇති මයෙ හිතේ. එල්ලුවොත් කඩන් වැටෙයි.

      Delete
  5. හ්ම්ම් හරි අපුරුවට සමාජ සිද්දියක් කවියට නැගල තියෙන්නේ, කරපු පිහිය පැත්තෙන් බලලා නේද ලිව්වේ, අනේ මන්ද ඕවා කවදා නවතීද කියල.

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ සොමියෝ....... :/

      Delete
  6. ප්‍රේමයේ විරහව, කඳුලකින්, ගීයකින්, කවියකින්, අමතක කරන්න බැරි යකඩ බවට පත්කල හදවත් අැත්තවුන්ගෙන් මෙය බලාපොරාෙත්තු විය හැකි තත්වයකි.
    අැය ප්‍රේමයේදී සම්පූර්ණයෙන්ම වැරදි අැති.. නමුත් මේ දරුණු තීරණයෙන් ඔවුන් දෙදනාගේම ජීවිත විනාශ වී ගොස් අැත..

    අවසානයේ අැයට නිවන්සුව පතනවා හැර අපට කලහැකි කිසිවක් නැත......

    !!!!!!!!!!!!!!!!!! !

    ReplyDelete
    Replies
    1. තමන්ට තමන්වත් අයිති නැති බව වටහා නොගත් මිනිසුන් සිටින තාක් මෙවැනි සිදුවීම් දුලබ නොවේවි.

      Delete
    2. ඔහ්, එහෙම නෙමෙයි මේ මේ ආකරයේම සිදුවීම් පෙළක එක් පුරුකක් පමණයි. " අනේ පවු .... කියල නිශ්ෂබ්ද වෙනවට වඩ දෙයක් අපි කළ යුතුයි සහ අපට එය පුලුවන් " කියලයි මගේ හැඟීම නම් ...

      ( ඔබේ අදහසට සෘජු විරෝධය දැක්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. )

      Delete
    3. විරහ ගීත මොකටද බං මෙච්චර රටේ විෂ්කි තියෙද්දි.. එක කෝල් එකට අපි ඔතන විදානෙ.. !!

      Delete
    4. ලොකුම ලොකු ඔලුවකුයි, පුංචිම පුංචි හදවතකුයි ඇති මනුස්සයෙක් සමාජෙට අත අරින අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න පුලුවනි නම් හැරවුම් ලක්ෂයක් පිහිටුවන්න හැකිවේවි නේද....
      මේ එපාකරපු සිදුවීම් දැන් රැල්ලක් වේගෙන යනවා.

      Delete
    5. @ පත්තරේ : අඩුගානෙ අර ආමි පොර පත්තරේගෙන් උපදෙස් ගත්තනම් නේද.

      Delete
    6. අනේද කියන්නෙ පත්තරේ, විෂ්කි බාගයයි, රුපියල් 600... මිනිහ ගොඩ..

      Delete
    7. @ සඳරු...
      මෙයට පිළියම් යෙදීමට අපට හැකියි.. නමුත් එය කෙතරම් අමාරුද.. අනිකාගේ රුධිරය දකින්න තරම් සිත් දරුණු සිත් අැති කල මිනිසුන් ලේසියෙන් යථාවත් කල හැකිද????

      Delete
    8. මමත් විදානෙය එක්ක එකඟයි බස්සි.. බොක්ස් ගිටාර් එකටයි ඕල්ඩ් රිසව් බෝතලේකටයි දුක දියකරල අරින එකත් එක්තරා කලාවක් බං.. මං නං මොකා බැන්නත් ඒක කියනවා බිකෝස් මට නං ඊටවඩා බූට් කේස් වලට මොන බේතවත් හරියන් නෑ.. අම්මාපල්ලා !!!!!!

      Delete
    9. මට නං බූට් කියල දෙයක් තිබ්බෙම නෑ බං, (බූට් කන්න කෙල්ලො කැමති වෙන්න එපාය - අහල අහලම එපා වෙලා හිටියේ)

      Delete
    10. අම්මට ඒක අහන එකත් එක්තරා කලාවක් බොල.. අපේ ප්‍රොෆෙශනල් එකෙක් ඕකටම හිටියා.. ඌ ඇහුව කියන්නෙ බෑ කියන ඒවත් " කල්පනා කරල කියන්නං "කියල රිප් එක එනවා, ඌට නං උපතින්ම ඒක පිහිටල බං.. දෙයිය කියල කිව්වෙ අපි ඌට !!!

      Delete
    11. මීට අවුරුදු 15කට විතර කලින් මිනිහව සෙට් උනානං මමත් දැං කීපදෙනකුට පිහියෙන් අැනලා...

      Delete
    12. චැහ්.. අපරාදෙ. නංගිල ටික මීට්‍ර් කරං හිටු. ආවම අහගෙන අහගෙන යං.. නැත්තං හෑන්ඩ්බිලක් ගහල බෙදාගෙන බෙදාගෙන යං !!

      Delete
    13. හෑන්ඩ් බිල් බෙදාගෙන යන වැඩෙත් නරකම නෑ. එෆ්.බී. එකේ විදානෙගෙ පෝස්ටරයක් දාල නංගිලව ටැග් කලා නං තවත් හොඳයි. දැන් ඉන්න එව්වො හෑන්ඩ් බිල් කියවන ජාතියෙ එවුන් නෙමෙනෙ.

      Delete
    14. විදානෙ / /විෂ්කි බාගයයි, රුපියල් 600...// මේකටත් කොටුවටම එන්න එපෑ බං.

      පත්තරේ මටත් ඉන්නවා අහන්න කෑල්ලක්. පොඩ්ඩක් අහලා සැට් කොරලා දියන්කො.

      Delete
    15. රයිටෝ මං අහන්නං නංගි මට කැමතිද කියලා ප්‍රියෝ :D

      Delete
    16. මම කැමතී නංගිට…
      නංගි කැමති නෑ මට…… :(

      Delete
    17. උඹට නෙමෙයි පත්තරේට කැමතිද කියලලු අහන්නෙ ආන්.

      Delete
  7. මේ ගැන මොකුත් නොකියමි. මටද ඈ එලෙසම කල නිසා.

    ReplyDelete
    Replies
    1. කියන්නට යමක් ඇතැයි සිතමි. ඔබේ ප්‍රතික්‍රියාව මෙයට ඉඳුරාම වෙනස් වූවක් නිසා.

      Delete
    2. මම දකින විදියට මෙතන කොල්ලා වැරදි නෑ. කොල්ලව මේ තත්වෙට පත්කරපු ඒ ගෑනු ලමය තමා වැරදිකාරි

      Delete
    3. වින්දික.....මම හිතන්නේ නැහැ ඒකට දඬුවම මරා දැමීම කියලා.

      Delete
    4. වින්දික, කෙල්ලන්ට බූට් දෙන කොල්ලන්වත්, කොල්ලන්ට බූට් දෙන කෙල්ලන්වත් මරා දමන එක සාමාන්‍ය චර්යාවක් බවට පත් වුනොත් අනාගතේ තරුණ පරම්පරාවෙන් කොටසක් මැරිල, කොටසක් ආබාධිතයො වෙලා, ඉතුරු වෙච්ච උන් ටික හිරගෙවල් වල ඉඳීවි.

      අපේ කැම්පස් එකේ ෆයිනල් ඉයර් කොල්ලෙක්ගෙන්/ ජනසන්නිවේදනය උපාධිධරයෙක්ගෙන් මම අර ගොසිප් සයිට් වල තියෙන විදියෙ සිල්ලර අදහසක් බලාපොරොත්තු උනේ නැහැ මල්ලි.

      Delete
    5. හරි උඹල අහල තියෙනවද සමතුලිතය කියල දෙයක් ඒකට උත්තර දියං මම ඊට පස්සෙ මගේ පැහැදිලි කිරීම කරන්නම්

      Delete
    6. පරිසරයෙ සමතුලිතයක් තියෙනවා.
      එක කොටසක් අසීමිතව වැඩි වෙද්දි පරිසර පද්ධතියට දරා ගන්න බෑ.
      ඒ වෙලාවෙදි ස්වභාවධර්මයෙන්ම ඒවායේ වර්ධනය බාල කරනවා.

      :P

      Delete
  8. ප්‍රේමය කරන්න ධෛර්‍ය තියන හිකනළුන්ට ඇයි විරහව දරා ගන්න කොන්ද පණ නැත්තෙ?

    මේ ඔක්කොටම මුල මිනිස්සුන්ගෙ පපුවෙ ජීවත් උන කලාකාමී මනුස්සයා මැරිලා. දැන් ඉන්නෙ යාන්ත්‍රික මනුස්සයො විතරයි.

    ඇයට නිවන් සුව……!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රේම කරන්නට ධෛර්යයක් තිබුනානම් මෙවැන්නක් සිදුවන්නෙ නැහැ නෙ. සින්තටික් ආදර කතාවක ශෝකජනක අවසානයක්.

      Delete
    2. ආං ඒකට අපි.. මගෙ කාමරෙං එකයි බූට්, ඇඟේ වදිනවෑ. :D

      Delete
    3. බූට් මල්ලි කියල නමක් වැටුනොත් අපිනම් දන්නෑ ඔන්න.

      Delete
    4. මාසෙක සැරයක් බූට් එකක් කෑවේ නැතොත් බත් කෑවේ නෑ වගේ

      Delete
    5. මට දැං ඉතිං බූට් නෑ බං .. ගුටි තමා ගෑණිගෙං :D

      Delete
    6. හම්මේ විදානේ... බූට් රහට ඔච්චර ආසද බන්?

      Delete
    7. මට නෙවයි පත්තරේට..

      Delete
    8. පත්තරේට ගෑණි ගහන්නෙ ගෙදර ගොඩගහල තියෙන බූට්ස් වලින් ලු.

      Delete
    9. පත්තරය ගෑනිට බයයි කියල ප්‍රසිද්දියෙම පිලිගත්ත එල කොල්ලෙක්, පවුල කොස්ස අතට ගද්දි පත්තරය ඇද යටලු :-D

      Delete
    10. දැං ඇඳං යට රිංගන් නෑ බං..ඇඳ යට රිංගුවම කොස්සෙං අනිනව :D
      . දුවල බෙරෙන එක ලේසියි .හැක්

      Delete
    11. මම නම් ආසාවෙන් ඇඳ යට රිංගනවා. ඇයි බං මේ ගෑණුන්ව අපි ඉස්සරහා දණ ගස්සන්න පුළුවන් එකම චෑන්ස් එක නොවැ. ;)

      Delete
    12. @සසිඳු

      ඔව් මොනා උනත් මූ ඇත්ත කතා කරනව නේද... :D

      Delete
  9. සොඳුරු ආදරයක අඳුරු අවසානය....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්.... ඒක ඇත්ත නාඩි මලයා.

      Delete
  10. නිර්මාණය නම් ලස්සනයි, ප්‍රස්තූතය දුක්බර සිදුවීමක් උනත් ...

    සුරාන්තය විඳින්න ලෝහ තලයක් භාවිතා කරපු එක තමා වරද.

    " ආදරය " හරි හැටි හඳුනා නොගැනීම හා මමත්වය තමා මේ වගේ සිදුවීම් වලට ප්‍රධාන හේතුව.

    ඇයට නිවන් සුව ලැබේවා ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු.

      අද ගොඩක් අය ආදරේ කියන්නෙ සිල්ලර හැඟීම් අහුරකට. ඇයට නිවන් සුව පතනවා හැර වෙන කලයුත්තක් ඉතිරි වී නැහැ.

      Delete
  11. ඔය වගේම දෙයක් අපේ අදුරන අයියා කෙනෙක්ට උනා කෙල්ලට ගොඩාක් වියදම් කලා කැම්පස් ඉන්න දවස් වල ලැප් එකක් හිටන් අරන් දුන්නා 76000 ක් දීලා එකී කැම්පස් එකේම කොල්ලෙක් එක්ක යාලු උනා අයියා ටික දවසක් කන්නේ බොන්නෙත් නැතුව හිටියා පස්සේ මාස 2කින් විතර අයියලාගේ ගාමන්ට් එකේම අක්කා කෙනෙක් පන්නගෙන ඇවිත් බැන්දා

    ඔහොමම තමයි කැම්පස් ගිය ගමන් මේ කෙල්ලන්ගේ හිත වෙනස් වෙනවා මම එකනේ අර කොන්සට් කෙල්ල පස්සෙන් යන එක නැවැත්තුවේ

    ReplyDelete
    Replies
    1. කැම්පස් වල ඔවැනි සිදුවීම් අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම තමයි බොහොමයක් සරසවි ආදර කතා කැම්පස් එකෙන් අවුට් වෙනකොට ගේට්ටුවෙ එල්ලල තියලයි එලියට බහින්නෙ.

      අනේ නිකා හිටින් බොරු නොකිය. ඒකි සැර හින්ද ගුටි කම්න වෙයි කියල බයටනෙ පස්සෙන් යන එක නැවැත්තුවෙ.

      Delete
  12. මේවට අපි මොනවා කියන්න ද ,ඉදිරියටත් මේ දෙවල් වලක්වන්න ක්‍රමයක් තියෙද කියන නම් දැක්කෙ නෑ .පහුගිය ටිකේ කතා කෝ මට නම් පෙන්නුවේ නෑ

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ බ්ලොගරෙට හෙන ගහල තිබිල අනේ. පෝස්ට් බ්ලොග් රෝල් වල වැටෙන්නෙ නෑ. ලින්ක් වැඩ නෑ. ලෙඩ කෝටියයි. දැන්නම් හරි වගේ. :)

      Delete
  13. හරිම ඛේදවාචකයක්. මට සිද්දිය එක්කම මතක් උනේ "හන්තානට පායන සඳ" සින්දුව.

    ReplyDelete
    Replies
    1. ඒ ගීතයේ කියැවෙන පෙම් කතාව මොන තරම් සුන්දරද... අවාසනාවට ඒ විදියට හිතන මිනිස්සු හරි අඩුයි.

      Delete
  14. මූවත් පිහිය පෙන්නන්න එක්ක ගියා නම්... (මම කැමති දෙයක් නෙමෙයි... ඒත් වෙන මොනවා කරන්නද?)

    ReplyDelete
    Replies
    1. සෙබලෙක් නිසා පිහි පෙන්නන එකක් නැතිවෙයි කියලයි මටනම් හිතෙන්නෙ.

      Delete
  15. දුක හිතෙන ලස්සනක් ..... නිර්මාණය තුල ගැබ්ව තියනවා...... බස්සියෝ.....

    ReplyDelete
  16. නවාතැනින් ඇය යනවා - වරම් ලබා සරසවියට !!



    ReplyDelete
    Replies
    1. උගේ දුකට උඹ නාඬන් පාන්කිරිත්තෝ..... :D

      Delete
  17. කවි පදයක් නිසඳැසක් ලියලා විරහව සංසිඳවාගන්න බැරි කාලකණ්ණි කමක් (සාහිත්‍ය ඕනේ නෑ, අඩුතරමේ ඔය ගොඩක් එවුං දැං කාලෙ කරනවා වගේ, ගල් බාගෙකින් වත් බරි වුණා නේ ඕකාට, පිහියම ඕනෙ වුණා.
    අනේ මංදා

    එල්ලපල්ලා ඕකව!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ පිරේ මල්ලි. කලාව නැත්නම් ගල්බාගයක්, එක්කො දුක කියන්න යාලුවෙක්, කිසිම ඔප්ෂන් එකක් තිබිල නෑ. දෙන්නගෙම අවාසනාව තමයි.

      Delete
    2. ප්‍රියා අයියගේ "ආගන්තුකයා" පෝස්‍ටුවෙත් මේ සම්බන්ධව කතා බහක් ඇදුණා. නිකමට ගිහින් බලන්නකො.

      Delete
    3. ස්තූතියි ගයාන් මල්ලි. ගිහින් බලන්නම්!

      Delete
  18. මේ නිවුස් එක දැක්කම 24 වෙනිදා මට මතක් උනේ 1998 විතර ඔය වගේ පිහි ඇනුමක් උනා.....කැම්පස් මල්ලි කෙනෙක් හා අක්කා කෙනෙක්ගේ ආදර අන්දරයකදී අර පිරිමි ළමයා ඒ ගැණු ළමයට පිහියෙන් ඇනලා තිවුනා.........
    (ආදරේදී හැම දෙයක්ම දරා ගන්න පුළුවන් වෙන්න ඕනා එහෙම බෑ නම් ආදරේ නොකර ඉන්නෝනා.......මගේ මතයක් පමණි )
    එකටම කියවද්දි කොයිල් වගේ උනා හදිස්සියෙන් කියෙව්වේ ඒත් දෙවෙනි පාර මීටරේ උපරිම වැඩ කරා......මේ වචන කොයින්ද බොල මරුවට නිර්මාණය කරලා......එහෙනම් අරිෂ්ටේ කතාව ලියපම් ඉක්මනින්.....:)

    ReplyDelete
    Replies
    1. සාඩම්බරයෙන් ප්‍රකාශ කරමි ඔය කියන්නේ අපේ කැම්පුස් ඩයල් දෙකක පිහි කතාව විය යුතුය. ආඩම්බරයි ඇහෙද්දිත්. ඒ ගෑණු ළමයගෙ පෙම්වතා රට ඉද්දි පාලු මකාගන්න මල්ලියෙක්ව හොයාගෙනලු බන්. ෆයිනල් එක්සෑම් දවසක පිහියෙන් ඇනල තියෙන්නෙ. :(

      ඔයාගේ කතාවට මාත් එකඟයි අක්කියා.

      අරිෂ්ඨෙ කතාව ලියන්න හිතන් ගොසිපක් කියවන්න බලද්දි මේ නිවුස් එක දැක්කෙ අක්කියා. හුහ්... එහෙම ලේසියෙන් රහස් අරිෂ්ඨ මංජුසාවෙ විස්තර බ්ලොගේ දාන්න බෑ, පගාව දීපාම්...

      Delete
  19. බල්ලොත් එක්ක බෑ කියන්නෙ ඕකනෙ :-D

    ReplyDelete
    Replies
    1. ඒක බල්ලන්ට අපහාසයක් බන්. අපේ ගෙදර පූසි පැටව් දැම්මම බව්ව හිතන්නෙ ඒ උගෙ පැටව් කියල. පූසි ඇවිදින්න යනකොට බව්ව පැටව් ටික බලාගන්නව. :D

      Delete
  20. ප්‍රේම කේස් තියා මොනම දේක'දිවත් මිනී මරාගෙන විසඳුම් හෙවීම එක දශමයක්වත් අනුමත කරන්න බෑ.
    >
    කවියට මුල් උන සිද්දිය ගැන අමුනපු ලිපියේ ඔක්කොම බැලුවා. එතන කතා කරලා තියෙන්නේ කොල්ල විතරනේ.. ඉතිං කෙල්ල කොහොම කෙනෙක්ද කියන එක " විය හැකියි / නොහැකියි " කියල යම් දල අදහසක් හිතාගන්න පුළුවන්. හැබැයි කොල්ල කියපු ඔක්කොම හරි කියල හිතන් කෙල්ලට බනින එක, එහෙම හිතන එවුන්ගේ ගොං'කම. අනිත් පැත්තෙන් කොල්ලත් පිහියෙන් අනින්න හිතෙන තැනට මානසිකව වැටෙන්නේ කෙල්ලගේත් මොකක් හෝ අවුල් ගොඩක් තියෙන නිසයි.
    ඒත් ඒ ලිපියට වැටිලා තියෙන කමෙන්ට්ස් ටික බලද්දී දුකයි.
    බුට් කාපු පිරිමි ඔක්කොම කැම්පස් කෙල්ලට බැනලා. එකෙක් එක්ක තියෙන ඇරියස් එක මුළු පිරිමි සංහතියටම දාන ගෑණු සෙට් එක කොල්ලට බැනල. ඒ අස්සේ ඇන්ටි දේශාභිමනියස්ට්'ලා හමුදාව පතුරු ඇරලා...
    කවුරුවත්, යුද්දෙන් පස්සේ හමුදාව පුනරුත්ථාපනය නොකර දේශපාලකයින් විසින් වාසියට පාවිච්චි කිරීමේ පල'විපාක ගැන කතා කරලා නෑ.
    කවුරුවත්, මෙහෙම දේවල් වලට මුල් වෙන සමාජ ක්‍රමයේ අවුල ගැන කතා කරලා නෑ.
    >
    මේ වැහරිනු සමාජේ ලස්සන වෙනවා දකින්න අපේ ජිවිත කාලේ ඇතුලතදී නම් මොනවා කලත් බැරි වේවි කියන හැඟීමක් මට තියෙනවා. මගේ අදහස එක්ක කියන්න ඕන'උනු දේ බස්සි උඩ කමෙන්ට් එකක කියල තියෙනවා..
    // ලොකුම ලොකු ඔලුවකුයි, පුංචිම පුංචි හදවතකුයි ඇති මනුස්සයෙක් සමාජෙට අත අරින අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න පුලුවනි නම් හැරවුම් ලක්ෂයක් පිහිටුවන්න හැකිවේවි නේද....// මෙන්න ඒකට මගෙන් මල් මිටක්...
    >
    අර වගේ නිවුස් වලින් ආතල් ගන්න එකත් වැරදියි. හැබැයි ඒකෙ කමෙන්ට් ගොඩ අස්සේ මරු කමෙන්ට් එකක් තිබුනා. මෙන්න...
    // මේකෙන් ගතහැකි එකම ආදර්ශය ---- රුපියල් සීයට හමාරට ගත හැකි පේමන්ට් එකේ පිහි මිලදී ගැනීමෙන් වලකින්න. එව්වා දෙපාර අනින කොට ඇද වී යයි. // :) :) :)
    >
    කවිය එල බස්සි...

    ReplyDelete
    Replies
    1. තිලිණ කියා දේ හරි,මේ සමාජ ක්‍රමේ වෙනස් වුණොත් මේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට එතන විසදුම් තියෙනවා.

      //මේ වැහරිනු සමාජේ ලස්සන වෙනවා දකින්න අපේ ජිවිත කාලේ ඇතුලතදී නම් මොනවා කලත් බැරි වේවි කියන හැඟීමක් මට තියෙනවා.//
      එච්චර පසුගාමී වෙන්න ඕනේ නැහැ තිලින අපිට පුළුවන් මේ ක්‍රමේ වෙනස් කරන්න.එකම දේ අපි හිතන විදිය වෙනස් කර ගන්න ඕනේ.

      Delete
    2. සමාජ ක්‍රමය වෙනස් කරන්න හදන එකෙන් අවසානයේ ඉතිරි වන්නේ "පිස්සෙක්" යනුවෙන් වැදූන සදා නොමැකෙන හංවඩුවකුත්, පසුතැවිල්ලකුත් පමණමයි.

      මේ කවිය කියවාපු එක්තරා "උගත්" පොරක් මට මූණු පොතෙන් එවාපු මැසේජ් එකක් නිසා දැනුන හිරිකිතය තවම අමතක කරන්න බෑ.

      ඉතින් "උගත්" කියන බහුතරයක් උන්ගේ හැසිරීම එහෙමනම්, ඊට පහල ස්තරවල උදවියව වෙනස් කිරීම ගැන කවර කතාද මනෝ.

      Delete
    3. //කවුරුවත්, යුද්දෙන් පස්සේ හමුදාව පුනරුත්ථාපනය නොකර දේශපාලකයින් විසින් වාසියට පාවිච්චි කිරීමේ පල'විපාක ගැන කතා කරලා නෑ.
      කවුරුවත්, මෙහෙම දේවල් වලට මුල් වෙන සමාජ ක්‍රමයේ අවුල ගැන කතා කරලා නෑ.//

      තමතමන්ගෙ පුද්ගලික ඇරියස් කවර් කරගන්න දඟලන ගෑනු මිනිස්සු රොත්තකට ඔය කාරණේ ලේසියෙන් අමතක කරන්න පුලුවන් ඉතාම සාමාන්‍ය දෙයක් තිලින අයියේ.

      ඔහොම සිද්දි ඉස්සර උනා කලාතුරකින්. එතකොට ඒක අහන උදවිය කම්පා උනා. දැන් දවස ගානෙ අහන්න ලැබෙනව. හැබැයි කම්පාවෙන අය අඩුයි. ඒකෙන් කුණු ආතල් එකක් ගන්න පහල වෙච්ච ඕඩීයන්ස් එකක් නම් ඉන්නව.

      උන්ටද පිස්සු? අපිටද පිස්සු කියල හිතෙනව.

      Delete
  21. ලවු කරන්න තියෙන හයිය විරහවටත් තියෙන්නම ඕන.. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරහට ලවු කරන්න එකෙක් ඉතුරු වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. කොල්ලව සාදාරණීකරණය කරන උන්ගෙ තියරියට අනුව නම් පෙම් සබඳතා අත්හරින සේරම කොල්ලන්ව කෙල්ලන්ව සමූලඝාතනය කරන්න ඕන. එතකොට මරපු උන්ට පුලුවන් හිරේදි තමන්ට ගැලපෙන අවංක ආදරේ හොයාගෙන අත් අල්ලන් එල්ලුම්ගස් යන්න.

      Delete
  22. දේශකයා ගේ කරෝල මුදළාලි කතාවේ සහ රාජ් ගේ පිළිතුරු කතාවේ කියවුනු ප්‍රශ්ණය තමයි මෙතනත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්ණයත් එක්ක අහිමිවීමට මුහුණ දෙන කෙනාගෙ මමත්වය මුහු උන නිසාම අවසානය උනේ ඛේදාන්තයක්.

      Delete
  23. ඌව එල්ලන එක නෙවේ කරන්න ඕනෙ..

    ඌව ඔය තත්වෙට ඇඳල දාපු කෙල්ලට හරි පාර කියල දෙන එක..

    (පසුගිය දාක කොල්ලෙක් කෙල්ලෙක්ව මැරුවේ ඒ කෙල්ලගේ තවත් සම්බන්ධයක් ගැන දැනගත් නිසා බව පුවත්පතක තිබිණි.)

    ReplyDelete
    Replies
    1. ඉතින් සෑමෝ ඌව එල්ලුවනං ඌ එලොව ගිහින් කෙල්ලට හරි පාර කියල දෙයිනෙ.

      Delete
  24. මට මතකයි මේ කතාව කුරුටු පවුරෙත් ලියල තිබ්බ..
    මූලාශ්‍රය නම් අසොබනයි කවිය අපූරුයි

    ReplyDelete
  25. හිතට වද දෙන සිද්ධියක් ඇසුරින් හද දවන වදන් ගැලපුමක්.. මේ බස්සිගේ හැකියාව.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් මාමේ....

      Delete
  26. Replies
    1. වරද කාගෙද හොයනවට වඩා පහසුයි වරද කොතැනද කියල හෙව්වනම්. :)

      Delete
    2. ඒකත් ඇත්ත බස්සි අක්කෙ..
      යන එන ගමන් මේ පැත්තටත් ගොඩ වෙන්නකො කරදරයක් නැත්තම්.
      http://kavikaarasithijaima.blogspot.com/

      Delete
    3. ඔන්න අපි දැන් එහෙත් එනෝ....

      Delete
  27. මේ ගැන කියවපු 3න් වෙනි පෝස්ට්ටුව බස්සි. ඔබ එය ඉතාම සංවේදී කවියක් බවට පත්කරල.

    ReplyDelete
  28. ලොකුම ලොකු ඔලුවකුයි, පුංචිම පුංචි හදවතකුයි ඇති මනුස්සයෙක් සමාජෙට අත අරින අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න පුලුවනි නම් හැරවුම් ලක්ෂයක් පිහිටුවන්න හැකිවේවි නේද....

    (මගේ අදහසත් මේකමයි.වෙනස් කරන්න ඕන මිනිස්සුන්ගෙ ආකල්පයි.ඒක කරන්න පුලුවන් ලේසිම තැන පාසල කියල අපේ මිනිස්සුන්ට තෙරෙන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. අච්චුව වෙනස් කරනවා වෙනුවට ගොඩක් අය කරන්නෙ ඒ අච්චුව ඇතුලෙ අවුරුදු ගානක් තෙම්පරාදු වෙච්ච මිනිස්සුන්ව වෙනස් කරන්න වලිකන එක නෙ චින්තක.

      Delete
  29. මේ කතාව ගැන දාන්න ආපු කොමන්ට් එකම නෙමේ මේ.
    අර උඩින් තිළින කියලා තියෙනවා වගේ මේවා සාධාරණයකරන තිරිසන් මිනිසුනුත් ඉන්නවා කීවම දැනෙන්නේ ලොකු කනගාටුවක්.
    මට තියෙන ප්‍රශ්නය මේකයි. මේ කියන මිනිස්සු ආදරය කියන වචනයේ තේරුමවත් දන්නවද?

    අන්තිම කාලේ ලෝකයේ බොහෝ තැන්වලින් ඇසෙන්නේ feminicide (කාන්තාවන් මරා දැමෙන) කතා. බොහොමයක් මේ අපරාද කරන්නේ ප්‍රේමවන්තයෝම (එක්ස්ලා හෝ) වීම හරිම පුදුම සහගතයි. මට මතක විදියට 2013 වසරෙදි මා ජීවත් වෙන රටේ විතරක් කාන්තාවන් 800ක්ද කොහෙද මේ වගේ මරා දමන්න උත්සාහ කරලා තිබුනා. මේ අවුරුද්දටත් ඒක අඩුවක් නෑ. ඒ හින්දාම මේ රටේ ඒ ගැන පුළුල් සාකච්ඡා පැවැත්වෙනවා. එහෙම කේස් එකකදි ඔය වගේ පාට්නර් කෙනෙක් හැසිරෙන විදිය ගැන කම්ප්ලේන් කරන්න පුළුවන්. නීත්‍යාණුකූලව අවවාද කලාටවත් ඔවුන් මර්දනය කරන්න අමාරු බවක් තමයි කියවෙන්නේ.

    මට නම් හිතෙන්නේ අපේ සමාජයට මුල ඉඳන්ම ආදරය ගැන අපි කියාදෙන්න පටන් ගන්න ඕනේ. පොත්වල තිබ්බට විතරක් මදිනේ.
    ඔය අස්සේ ඉන්නවා සමහර කාන්තාවොත් කොයිවෙලේද පිරිමින්ව කරදරයකට පත් කරන්නේ කියලා බලාගෙන. ඔය නීත්‍යාණුකූලව කරන්න තියෙන වැඩ වලට සමහර කාන්තාවෝ (විශේසයෙන්ම විදේශගත ලංකාවේ කාන්තාවෝ) පැනලා කම්ප්ලේන් කරන්නේ. ගෙදර ගෑණියි මිනිහයි රණ්ඩු කරගත්තත් මුංට ඕනේ ඔය වගේ අර මනුස්සයව ජීවීතාන්තය දක්වා අසරණ කරන්න. මගේ රැකියාවෙදි එහෙම මිනිස්සු මට නිතර හමුවෙනවා. හොඳම දේ කියන්නේ මේ වගේ මෝඩ ගෑණුන්ට බැන්නත් වැඩක් නෑ. ආදරය කියන්නේ මොකක්ද කියලාවත් අවබෝධයක් නැති වුන්ට මොකටද අපේ බණ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තව ටික කාලයක් යනකොට හදවත් නැති Cyborg ලා බවට පත්වෙන හැඩයි රංගි. ඔයා කියනව වගේම නීති සම්පාදනය කලොත් කපටි ගෑනු තමන්ගෙ සැමියගෙන්, පෙම්වතාගෙන් පලිගන්න ඒක අවියක් කරගනීවි. නැත්නම් එයින් වියරු වැටෙන පරාජිත පෙම්වතාගෙ හිතේ පළිගැනීමේ චේතනාව තව තවත් වැඩිවේවි.

      Delete
  30. අයන්නෙන් පටන්ගන්න වෙන තැනට සමාජය පිරිහිලා. මට කනගාටු ඉදිරි පරම්පරාව ගැන. මේ රැල්ල ගැන සමාජ විද්‍යාත්මක ඇසකින් විමර්ශනය කර වහ වහා විසඳුම් සොයන්නට බලධාරීන් මෙන්ම බුද්ධිමතුන්, සිවිල් සංවිධාන පෙළ ගැසිය යුතුයි. නමුත් සියල්ලෝම නිදි වැදී ඇත.

    ReplyDelete
    Replies
    1. //සියල්ලෝම නිදි වැදී ඇත//
      එහෙම නැහැ අරූයියා,නිදි වැදුනඅය තමයි බහුතරයක් ඉන්නේ නමුත් අවදියෙන් ඉන්න සුලුතරයකුත් ඉන්නවා.ඒ සුළුතරේ මේ ක්‍රමය වෙනස් කරන්න මුල පුරාවි.අවශ්‍ය වන්නේ ආරම්භය පමණයි.ඊට පස්සේ හැමෝම අවදි වේවි.නමුත් ඒ සදහා යන කාලය තමයි ගැටලුව.

      Delete
    2. බහුතරය නොව අති බහුතරය නිදිවැදී සිටිත්. අවදි කරන්නට තතනන කිහිපදෙනාට ඉතිරිවන්නේ පසුතැවිල්ලක් පමණක් වියහැකියි.

      අරූ අංකල් කියාපු විදියටම අයන්නෙන් පටන් ගන්න වෙලා.

      Delete
    3. //අවදි කරන්නට තතනන කිහිපදෙනාට ඉතිරිවන්නේ පසුතැවිල්ලක් පමණක් වියහැකියි.//

      එක එහෙම වෙන්න පුලුවන් තමයි යශෝ,හැබැයි උන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ උන් නිදහස්.

      Delete
  31. මේක හරි බේදවචකයක් යශෝ.මේ කතාවල එක පැත්තක ඉදන් අනික් පැත්තට ඇගිල්ල දික් කරන්න අපිට බැහැ."ආදරය"කියන්නේ හරිම සංවේදී දෙයක්.නමුත් මේ විදියට ආවේගසිලිව ක්‍රියා කිරීම අනුමත කරන්නේ නැහැ කිසිම විටක.
    අනික මේ කතා ඇතුලේත් අපිට හිතන්න,ඉගෙන ගන්න ඇති තරම් පාඩම් තියෙනවා.එත් කවදාවත් ඒවයෙන් ඉගෙන ගන්නේ නැහැ.ඒ වෙනුවට කරන්නේ මැරිච්ච් කෙනා ගැන දුක් වෙන එකයි.මරපු එකාවත් ඒ වගේම මරන්න ඕනේ කියලා කියන එකයි විතරයි.
    මේ වගේ දේවල නැවත සිදුනොවෙන්න මෙවැනි දේ සිදුවුනේ ඇයි කියලා සොයල,බලලා ඒවාට විසදුම් දෙන්න ඕනේ.එක එහෙම නොවෙන තාක්කල් අපි කොයි තරම් අකමැති වුනත් මේ වගේ දේවල් තව,තවත් සිදු වේවි බං.

    උඹේ කවිය නම් පට්ට.මේ වගේ සංවේදී දේවල් වලින් ලස්සනට නිර්මණ කරන්න යශෝට පුළුවන්.එකත් හොද හැකියාවක් බං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ...

      //මැරිච්ච් කෙනා ගැන දුක් වෙන එකයි.මරපු එකාවත් ඒ වගේම මරන්න ඕනේ කියලා කියන එකයි// පීස්සුද බන්! බලහංකො අර නිවුස් වල කමෙන්ට් ටික. හැම එකාම රෙද්ද උස්සන් කෑ ගහන්නෙ අහිංසක කොල්ලන්ට මේ ඉරණම අත්කරල දෙන චපල කෙල්ලන්ව කපල කොටල මරල දාන්න පෙලගැහෙන්න කියලයි.

      මේව දැන් දවසට එක ගානෙ සිදුවෙන රැල්ලක් වෙලා බන්. තමන්ගෙ ජීවිතෙත් තමන්ට අයිති නැති කොට අනුන්ව බලෙන් තමන්ගෙ කරගන්න දඟලන, මමත්වයෙන් ඇස් අන්ධ වෙච්ච මෝඩ මිනිස්සු ඉන්නකම් මේ වගේ දේවල් තව තවත් අහන්න ලැබේවි.

      Delete
  32. කථන්දරේ නොදන්න පැත්තක් පෙන්නුවෙි.

    ReplyDelete
  33. කෝපය දුක තරහව විරහව පිට කරන්න කියා නොදුන්නු නිසා තමා මෙ වගේ දෙවල් වෙන්නෙ සාහිත්‍යයේ තියන වටිනා කම තෙරෙන්නෙ මෙ වෙලාවට එහෙම වුනා නම් මෙ විරහව කවියකින් ගීතයකින් කෙලවර වෙන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. අපේ ෂැගියා නම් කරන්නෙ ඒකනෙ. නේද? අදකාලෙ හදවත් ඇත්තෝ අඩුයි ෂැගියෝ...

      Delete
  34. කවි ටික ලස්සනයි ඒත්.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. හ්ම්ම්ම්............

      Delete
  35. adakale adaraya karana godak denek wirahawa aduranne na ekai me seratama mula...........

    ReplyDelete
    Replies
    1. විරහව අඳුරන්න කලින් උන් ආදරේ අඳුර ගන්නෙත් නැහැ.

      Delete
  36. හරිම ශෝචනීය සිද්ධියක්.. කොහොම වුනත් ගොතපු පද පේලිය නම් අපූරුයි...

    ReplyDelete
  37. මිනිසත් හැගීම අතික්‍රමණය කරන්න වෘත්තීය පුහුණුවකට පුලුවන්ද ? එහෙම පුළුවන් නම් ඒක ප්‍රබල මානුෂික හැගීමක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. වෘත්තීය පුහුණුවකින් හදවතක් පෝෂණය කිරීම යනු හිතලුවක් පමණයි.

      අහ්! උඹ ආවද? හිටු උඹටයි කිඹුලිටයි පොරි හැලෙන්න දෙන්නම් ඊගාව පෝස්කට්ටෙන්.

      Delete
  38. කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ තල්ගස්‌වල පදිංචිව සිටි 22 හැවිරිදි කොටගොඩ හෙට්‌ටි ඩිමාෂා ගයන්ති ත්‍රිමානට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 වැනි ගැමුණු හේවා බළ ඇණියේ සාමාන්‍ය සෙබළ තරිඳු ඉන්ද්‍රජිත් අතුකෝරල නමැත්තා එම ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසියට සිදුකල සම්පුර්ණ පාපොච්චාරණය බලන්න පහතින්.

    “මම එයා එක්ක යාළුවුණේ මීට අවුරුදු හතරකට විතර කලින්. එයා හොඳට ඉගෙනගත්තා. මම ආමි එකට බැඳුණා. අපි දෙන්නගේ සම්බන්ධයට දෙපැත්තේම වැඩිහිටියෝ විරුද්ධවුණා. ඒත්... අපි දෙන්නා අපේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගියා.”

    “දෙදහස් දහතුනේ මැයි පළමුවැනිදා අපි දෙන්නා පැනලා ගියා. ඒ වෙද්දී එයා කොළඹ කැම්පස් එකේ ඉගෙන ගනිමින් හිටියේ. අපි පැනලා ගියේ බදුල්ලේ පදිංචි මගේ මාමා කෙනකුගේ ගෙදරට. එහේ ගිහින් සති දෙකක් විතර හිටියා. නමුත් අපි කසාද බැන්දේ නෑ. එයාගේ උපාධි විභාගය ඉවරවුණාම බඳින්න තීරණය කරගෙන හිටියේ.”

    “සති දෙකක් එහේ ඉඳලා අපි ආපහු ආවා. මම ඒ වෙද්දී ආම් එකේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටියේ. මම ලාන්ස් කෝප්‍රල් කෙනෙක්. සතිදෙකක් වැඩට නොගිහින් ඉඳලා ආපහු යද්දී මාව ඇබ්සන් ලිස්ට් එකට දාලා තිබුණා. ඒ ඇබ්සන් එකට මට පනිෂ්මන්ට් දුන්නා. මගේ ලාන්ස් කෝප්‍රල් පටිය ගැලෙව්වා. කමාන්ඩෝ එකෙන් අයින් කරලා මාව ගැමුණුසේවා බලකායට අනුයුක්ත කළා. ආපහු සාමාන්‍ය සෙබළෙක් හැටියට තන්තිරිමලේ කෑම්ප් එකේ ඩියුටි රිපෝට් කළා.”

    “විමාෂා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තේ කොළඹ බෝඩිමක නතරවෙලා. මම එයාට වියදමට සල්ලි එහෙමත් දුන්නා. පහුගිය විසිවැනිදා මම නිවාඩු ආවා. ඇවිත් අපි දෙන්නා කොට්ටාවේ හෝටලයක කාමරයක් අරගෙන දවස් දෙකක් හිටියා. විසිදෙවැනිදා හවස හයට කලින් කෑම්ප් එකේ ඩියුටි රිපෝට් කරන්න ඕන නිසා එදා උදේ නවයට අපි හෝටලයෙන් ආවා. ඒ එන්න කලින් මම විමාෂාට වියදමට රුපියල් දහතුන්දාහක් දුන්නා. මම කෑම්ප් එකට ගියා. එයා බෝඩිමට යනවා කියලා ගියා.”

    ReplyDelete
    Replies
    1. “මම කෑම්ප් එකට ගිහින් රෑ දහයට විතර එයාට කෝල් එකක් ගත්තා. එයා කතා කළා. ඔළුව කකියනවා. අමාරුයි නිදාගන්න ඕන කියලා එයා ෆෝන් එක තිව්වා. මම ආපහු කෝල් කළා. ඒත්.... එයා ඊට පස්සේ ආන්සර් කළේ නෑ.”

      “පස්සේ මම එයාගේ බෝඩිමේ ඉන්න යාළුවෙක්ට කෝල් කරලා එයා ගැන ඇහුවා. ඒ යාළුවා කිව්වා දවල් බෝඩිමේ ඉඳලා හවස කොහේද යන්න ගියා. ඊට පස්සේ දැක්කේ නෑ කියලා. මම ආපහු පාන්දර පහමාරට එයාට කෝල් කළා. ඒත්.... ආන්සර් කළේ නෑ. උදේ හයයි තිස් හතරට කෝල් කළාම එයා ආන්සර් කළා. ඉන්නේ කොහේද ඇහුවම බෝඩිමේ කිව්වා. බෝඩිමේ කාටහරි ෆෝන් එක දෙන්න කිව්වම කට්ටියම පිටත්වෙලා ගිහින් මම විතරයි ඉන්නේ කිව්වා.”

      “ඊළඟට මම බෝඩිමේ එයාගේ යාළුවෝ තුන්දෙනෙකුට කතා කළා. ඒ කට්ටිය කිව්වා අපි බෝඩිමේ කෑම උයනවා. විමාෂා නම් බෝඩිමේ නෑ කියලා.”

      “මම ආපහු විමාෂාට කෝල් කරලා කොහේද ඉන්නේ ඇහුවම නුගේගොඩ කාමරයක තනියම ඉන්නවා කිව්වා. මම කිව්වා බොරු කියන්න එපා තමුසෙ කොල්ලෙක් එක්ක නේද ඉන්නේ කියලා. ඒ පාර විමාෂා කිව්වා, ඔව්... මම කොල්ලෙක් එක්ක තමයි ඉන්නේ.... මට තමුසෙ ඕන නෑ.... අත ඇරලා දානවා කියලා.....”

      “මම කිව්වා තමුසෙට මම සල්ලි දුන්නේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න නෙමෙයි. මට මගේ සල්ලි දීපං කියලා. මම තන්තිරිමලේ කෑම්ප් එකේ ඉඳලා ඕෆ් එකත් අරගෙන ගෙදර එන්න ආවා.”

      “මම එනවා කිව්වම විමාෂා කිව්වා මම ගෙදර යනවා, රත්තරං බඩු වගයක් බේරගන්න තියෙනවා. හෙට (24) උදේ තුනයි කාලේ බස් එකේ කොළඹ එනවා. සල්ලි ගන්න එන්න කියලා. මම බස් එකේ එද්දී මගේ ෆෝන් එකට අඳුරන්නේ නැති අංකයකින් කොල්ලෙක් කතා කළා. කතා කරලා කිව්වා මම විමාෂා එක්ක හොටෙල් එකක ඉන්නේ. උඹ ආයේ විමාෂාට කරදර කරන්න එහෙම එපා, එහෙම කළොත් මම උඹේ ලේ බොනවා කියලා.”

      “මම පිටකොටුවෙන් බැස්සා. බැහැලා බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියෙන කඩවලට ගිහින් පිහියක් හෙව්වා.”

      “එක කෙඩික හිටපු කොල්ලෙක්ට කිව්වා මම ආමි කමාන්ඩෝ එකේ. ජංගල් යද්දි අරගෙන යන්න හොඳ පිහියක් දෙන්න කියලා. ඒ කොල්ලා මට රම්බෝ පිහියක් දුන්නා. මම කිව්වා ඒක ලොකු වැඩියි. මට ඕන ජංගල් ගියාම තැඹිලි ගෙඩියක් වගේ කපාගන්න පුළුවන් පිහියක් කියලා. පස්සේ මට පොඩි පිහියක් තෝරලා දුන්නා. රුපියල් සීයකට ඒක මම අරගත්තා.”

      "එතකොට වෙලාව අලුයම 1.00 ට ඇති. පසුව ඇල්පිටියට යැමට බස්‌ නොතිබුණු නිසා අම්බලන්ගොඩ ඉඳලා ඇල්පිටියට පයින්ම ආවා. අලුයම 2.30 ට ඇල්පිටියට ඇවිත් ළඟ තිබුණු කඩේකින් බියර් එකක්‌ බීලා ඩිමාෂා එනකම් බලාගෙන සිටියා. අලුයම 4.15 ට විතර ඩිමාෂා ඇල්පිටියට ආවා. මා ඇය සමග ටිකක්‌ කතා කරන්න ඕන කියලා බස්‌නැවතුම්පළ අසල පාළු ගොඩනැඟිල්ලට ඈ එක්‌කර ගෙන ගියා. "

      "මා ඇයගේ කකුල් දෙක අල්ලා වැඳ කිව්වා අපි පසුගිය දේවල් අමතක කර දාමු මට ඔයාව නැතුව බෑ මට එදා වගේ ආදරයෙන් ඉන්න කියලා. පසුව ඇය මට මුදල් දී ඔන්න තමුසෙගේ සල්ලි මගේ සම්බන්ධය නවත්වන්න තමුසෙට බෑ. මින් පසු මගේ පස්‌සේ එන්න එපා කියා ඈ කිව්වා. එවිට මට ඇතිවූ දුක වේදනාව වාවාගන්න බැරුව ගියා. ඒ සමගම මට ඈ සමග දැඩි කෝපයක්‌ ඇති වුණා. "

      "එවිට මගේ සාක්‌කුවේ තිබුණු පිහිය අරගෙන ඇය බිත්තියට හේත්තු කරලා ඇගේ බෙල්ලට පිහියෙන් ඇන්නා. ඈ කෑගසාගෙන ගොඩනැගිල්ල ඇතුළට දුවන කොට නැවත මම ඇගේ පපු ප්‍රදේශයට පිහි පහර දෙකක්‌ ඇන්නා.ඒ පිහි පහරින් ඇය බිම වැටුණු පසු පිහි තලය ඇදවුණා. නැවත පිහි තලය කෙළින් කර බිම වැතිර සිටි ඇගේ පිට ප්‍රදේශයට තවත් පිහි පහර තුනක්‌ ඇන්නා. පසුව මට ඇය ගැන දුක හිතී ඇගේ මළ සිරුර බදාගෙන ඇඬුවා."

      "පසුව මා ලේ තැවරුණු පිහිය නාකන්දල ඇළට විසි කළා. පසුව මා ගෙදර ගොස්‌ ලේ තැවරුණු සපත්තු දෙක සෝදා තබා ලේ තැවරුණු කලිසම හා කමිසය බෑග් එකක දාගෙන ඇල්පිටිය ආවා. නායකන්ද ඇළ ළඟට ඇවිත් ලේ තැවරුණු ඇඳුම්වලට මා ගිනි තබා නැවත ඇල්පිටිය නගරයට ආවා.

      ඒ එනවිට සිද්ධිය වූ ස්‌ථානයේ සෙනග සිටියා. මා මොනවත් නොදන්නවා සේ එතනට ඇවිත් බලන් සිටියා. මේ වෙලාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉව අල්ලමින් සිටි පොලිස්‌ නිල සුනඛයා මගේ ඇඟට දෙවරක්‌ම පැන මගේ කලිසමින් දෙවරක්‌ම ඇද්දා. එවිට මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා."

      Delete