Thursday, June 5, 2014

එකෝමත් එක භවයක






සුදු පාට හත්පෙති මලක් වී
පාන්දර මම අවදි වෙනකොට
පිණි පොදක් වී සිහිල දුන්නා
මගේ ඇස් අග්ගිස්සට

එකෝමත් එක භවයක


ලා රෝස පැහැ හීනයක් වී
ළදැරියක් හොය හොයා යනකොට
සඳ කිණිත්තක් වෙලා අහසේ
පාර කිවුවා හෙමිහිට

එකෝමත් එක භවයක


කුරුලු ගීයක පදවැලක් වී
හෙමි හෙමින් පාවෙලා යනකොට
මදනලක් වී පෙරලි කරමින්
ළඟින් උන්නා තනියට

එකෝමත් එක භවයක
අද වගේ මතකයි මට




66 comments:

  1. රෑ වැටුණි පිණි බිඳක්බිඳුව
    ලාහිරු වැටෙන සඳ
    වියළිලා වියකුනා
    පෙති විදා හිනැහෙනා
    හිරි අරින මල් කකුල
    නෙත් කොනින් දැකගෙනම
    එකම එක කතාවක

    සඳුත් නැති කළුවරම
    හැම අමාවක රැයකදිම
    උන්නා තරුවක් පුංචිම
    බලාගෙන හැමදාම
    සයනයේ තනිවෙච්ච
    පුංච් කෙල්ලක් දෙස බලා
    එකම එක එක කතාවක

    වස්දඬුවේ ගීරාව
    මද සුළග සිපගත්ත
    ගෙම්මන් අඳුර මැද
    හිත කොනින් හීනියට
    මුමුනාපු පද වැලට
    වුන හැටි නුඹ තනුව
    මගේ ඒ කතාවේම

    පට්ට ලස්සනයි බස්සි අක්කේ. අඩේ ඔයාට ඒ බවයනුත් මතකයිද? මාරයිනේ අප්පා. ජය. ඔයවගේ දැනුන දවසක් ගැන මාත් ලිව්වා. මේ තියෙන්න එක
    "ඒ මතකයට ආදරෙන්........"

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... පෙර භවයන් සිහි කිරීමේ ඥානය තියෙනවනෙ සොමියෝ මට. :)

      ඉන්නකෝ ඒ කවියත් කියවල එන්නම්.

      Delete
  2. උපරිමයි බස්සි......
    පොඩි අව්ලක්,, ගිය ආත්මෙත් බස්සියෙක් වෙලාමද හිටියේ හැ.....??

    ReplyDelete
    Replies
    1. නෑ උඹ වගේ මීහරකෙක් වෙලා !!! හැක්

      Delete
    2. උඹ මේකවත් මරනවද පත්තරයො ඉවානයට අමතරව ?

      Delete
    3. ස්තූතියි නිමෝ.... නෑ ගිය ආත්මෙ ඉන්න ඇත්තෙ පිණි බිංදුවක් වෙලා...

      Delete
    4. @පත්තරේ :
      මී හරකෙක් උනත් මූ වගේ මීහරකෙක්නම් වෙන්න බෑ...

      Delete
    5. @සිරා අයියා :

      ඔහොම ගියොත් පත්තරයා ගැනත් සිරා අයියට කතාවක් ලියන්න පුලුවන් වෙයි. (මේ දවස්වල කොටස් වශයෙන් ලියන කතාව වගේ එකක්.)

      Delete
    6. @ පත්තරේ,
      මම වගේ මී හරකෙක් වෙන එක හොදා, තෝ වගේ කැලැ පත්තරයෙක් වෙනවට වඩා....!!! හැක්...

      @සිරා අයියා,
      අනේ ඔකාගේ කයිවාරු විතරයි. මාව, ඉවාන්ව, තියා ඕකට මදුරුවෙක් වත් මරාගන්න බෑ..... ඕ යේස්...!!!

      @ පිස්සු බස්සි,
      පිනි බින්දුවක් වෙලා ඉන්නවට වැඩිය හොද නැද්ද මන් වගේ පොෂ් පොරක් වගේ ඉන්න එක. ඇත්තටම මේ අහන්නේ...!!! ඔය පත්තරයා කියන ඒවා ගණන් ගන්න එපා, ඕකට ඉරිසියයි මන් ගැන.....!

      Delete
    7. සිරෝ .. මූට තව චාන්ස් එකක් දෙමු..මෝඩයා කියල මරන්ඩැයි ?? අර ඉවානයට නං ටොපිය දෙන එක දෙනවා..

      නිමෝ.. ඇත්‍තට උඹ් මාර පොශ් නේද බං :D වැඩිපුර පොශ් ටිකක් තියනවනං මටත් දියංකො මටත් පොශ් වෙන්ඩ !

      Delete
    8. උඹට පොෂ් වෙන්න පොෂ් ගෙන්න වෙයි අඩි හතළිහේ කන්ටේනර් දාසයක් විතර

      Delete
    9. අහගත්තද පත්තරේ....!

      Delete
    10. හරී සනීපයි :D
      එහෙනං මම මෙහෙමම ඉන්නං නේ .. හැක් බන්ස්

      Delete
  3. "තෙරක් නොදැනී අතරම0වී
    බ්ලොගයෙ ඇවිදින් සැරිසරන කොට
    බස්සි අක්කගෙ මියුරු පදවැල්
    සිහි කලා මගෙ ප්‍රේම ගීතය..."

    ලස්සන නිර්මානයක් බස්සි අක්කෙ

    ReplyDelete
  4. එකෝමත් එක භවයක
    එකෝමත් එක දවසක
    එකෝමත් එක සුරඟනක් කී
    එකෝමත් එක ගීයක

    එකම එක රිද්මය වුනේ
    එකම එක අරුතම වුනේ
    එකම එක පදවල වුනේ
    එකම එක සෙනෙහස මගේ

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය පවුලූශා.... අහ් වැරදුනා. ගෙඹිලූශා.... :D

      Delete
  5. නියමයි!! ROME-ANTIQUE :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි :D

      Delete
  6. ඒ කාලෙත් කොට බස්සියෙක්ද ඈ......

    කවිය ලස්සනයි ආ....

    ReplyDelete
    Replies
    1. නෑ ඒ කාලෙ හීනයක්, පිණි බිංදුවක්, තරු එළියක්.....

      Delete
  7. එකම එක භවයක
    එකම එක සිහිනයක
    එකම එක පැතුමක
    එකම එක මොහොතක රැදී උන්නා මතකයි
    එවන් මොහොතක සිහිනයක උන් මා දමා
    නොකියාම ගිය නුඹ
    ඉතින් ආයෙමත් ඇවිදින් මේ භවයටත්
    දවන්නට මා ආදරයේ වේදනාවෙන්....

    ReplyDelete
    Replies
    1. මුන්දෑ කිවුවොත් දුක් ගීයක් නෙව! ^_^

      Delete
    2. ලගින් ඇති දුක අකුරු කරනු මිස
      දුරින් ඇති සතුට අකුරු කරනුයේ කෙලෙස..:D ...:(

      Delete
  8. එකෝමත් එක භවයක
    අද වගේ මතකයි මට

    ඇෆ්ෆට සිරි පෙර ආත්මෙත් පෙන්වයි. :0

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා පේනව නේන්නම්!!

      Delete
    2. ඇදෙ මගේ එකත් බලලා කියන්න කෝ

      Delete
  9. සුපිරි බස්සි නියමයි..
    අහිමි ලස්සන ආදරයක්
    මටත් තිබුණා එක බවයක...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෂැගියෝ....

      මගේ නොවන මගේම එකක්ද?

      Delete
  10. ලස්සනයි , හ්ම්ම්ම් තව ......

    ReplyDelete
  11. ඔන්න එකමත් එක කාලෙක

    එකමත් එක රටක : D හැක්

    ReplyDelete
    Replies
    1. එකමත් එක කාලෙක

      එකමත් එක රටක

      එකමත් එක පිස්සෙක්

      උන්නා

      ඌට අපි පත්තර මල්ලි

      කියන්නා.......

      :D

      Delete
  12. අදයි බස්සිව දැක්කේ...
    ලස්සන අදහස...
    එන්න ඕන දිගටම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුසී... සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete
  13. අති විශිෂ්ඨ යි !!!!

    ReplyDelete
  14. පද ටික නම් මල් හතයි.

    ඒත් ඉතිං බස්සිව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න වෙනවා ඔව්. ලේසියෑ පෙර භවේ කියන එකත්. :)

    ReplyDelete
    Replies
    1. මනෝ, වෛද්‍යවරයෙක් වෙන්න ඉස්සෙල්ලා බස්Cට සාත්තර මඩුවක් දාලා දෙමු.....

      Delete
    2. ඕ යේස් ..එතකොට රස්සා කරං නහින්ඩ ඔන් නෑ.. සල්ලි එනවා සූ ගාල. ගැනල ගන්න විතරයි තියෙන්නෙ.. :D

      Delete
    3. @ප්‍රියා:

      තැන්කිවු ඈ... ආ ඔය පැලෑන මාව අංගොඩ දක්කන්න වෙන්ටෑ... එවුවා සුම්මා හරී....

      Delete
    4. අරූ අංකල් එතෝට මමත් ව්‍යවසායිකාවක් නේද! ඒක හොඳයි.

      Delete
    5. ආයේ අමුතුවෙන් අංගොඩ දක්කන්න දෙයක් නෑ ඉතින්....!!!
      මන්දා මම නෙමෙයි රට්ටු කියන කතා මෙවුවා......#
      :P

      Delete
    6. බස්සිට "පුබ්බේ නිවාසානුස්සති ඥානය" පහල වී අැත...

      Delete
    7. අම්බෝ විදානෙව දැක්ක කල් .. චැහ්..

      රිමාන්ඩ් එකේද බං හිටියෙ ?? හැක්

      Delete
    8. කොල්ලා අද විතරයි - හෙට ඉඳන් අායේ සති දෙකක් අැතුලේ..

      Delete
    9. කොල්ල කිව්වෙ උඹේ පොඩි එකාටද බං ??

      Delete
  15. බස්සා .... බස්සිව පතාගෙන එන්නේ ආත්ම ගානක ඉදලද....? එහෙම දැනෙනවද....? බස්සියෝ.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අෆ්ෆා... ඔය කවිත් ලියන්නේ.... :)

      Delete
  16. අාත්ම ගනනේ ඔබෙ පය පාමුල මගේ කඳුලින් සේදෙන්න අැති.... (බස්සා කිව්වේ)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මං ඉතින් කියන්නෑ.... හ්ම්ම්!
      ;P

      Delete
  17. උඹේ infinity යේ දාපු මගේ කොමෙන්ට් උඹ කෑවද බස්සි

    ReplyDelete
    Replies
    1. ඒ කෝ නෑනෙ.... උඹ දාල නෑ... බොලු කීනවා.. එවුව ගූගලය වෙන්ටැ කෑවෙ. :/

      Delete
  18. ලස්සන නිර්මාණයක් ...!

    ඇත්තටම අපිට පෙර භවයන් සිහි කරන්න ( පූර්වේ නිවාසානුස්මෘති ඥානය ) පුළුවන් උනා නම් කියලා හිතුනා ...

    ඇත්තටම බස්සි ගිය ආත්මෙත් මේ වගේ වෙන්නැති නේ ?????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු!! ඔව් අනේ හුම්ම් හුම්ම් ගගා ඉන්ටැති නේද? ^_^

      පූර්ව නිවාසානුස්මෘති ඥානය තිබ්බනම් අපි මෙහෙම ඉඳීවිද අනේ. එහෙමනම් මේ වෙද්දි මහන වෙන්න ගිහින් නෙව.

      Delete
    2. අපොයි .. එහෙම නොවෙච්ච එක කොච්චර දෙයක්ද ??? ( හික් Z z )

      Delete
  19. ඈත සංසාරේ.... නිබඳ බැඳී ආ සබඳ කමක් විය, ඈත සංසාරේ .... ඈත සංසාරේ .... සබඳ කමක් නැත.. හමුවීමක් මිස ... ඈත සංසාරේ ....

    මේක කියවලා ලස්සන සින්දුවක් මතක් උනා. අහලා නැත්තං අහලා බලන්න....ගායනය රෝහණ වීරසිංහ..සමග අනූෂා නානායක්කාර

    ReplyDelete
    Replies
    1. අහල බලන්න ඕන සින්දුව. ස්තූතියි සිරා අයියේ!

      Delete
  20. ලස්සනයි

    ReplyDelete