Tuesday, July 1, 2014

මගෙ බබාට අවුරුද්දයි (It's my blogoversary) :D



වදන් මුතු අමුණා
එකින් එක ලිපි ගෙතුනා
තුඩින් තුඩ මුමුණා
දිනෙන් දින මිතුරන්ද ඇදුනා





සඳැසත් නිසඳැසත්
මිනි කවියත් විරිදුවත්
මෙගා ආදරයත්
අතර ලියැවේ කෙටිකතාවත්


විද්‍යා විනෝදය
අමුතු මිනි කවි කිහිපය
පාසල් මතක මාලය
නවාතැන හැඩ ගැන්විය


යටි අරුත් සැඟවුනු
පිස්සු ලිපි බෝ ලියැවුනු
දේශපාලන කුණු
දෙතුන් තැනකම තැවරුනු





පරිවර්තනත් ලිවුවා
ඊ බුක් කර ඇලෙවුවා
ෆැන්ටසිත් මැවුවා
සින්දු දෙකකුත් ලිවුවා


බ්ලොග් නොබලනා අයටත්
සැනසුමක් නම් නොමවෙත්
ෆෝන් ඇප් එක වෙත්
කෙටි පණිවිඩෙන් බස්සි පැමිණෙත්





වැඩ ගොඩක් කෙරුවා
සොඳුරු "මිනිසුන්" දුටුවා
මාස දොළහක් නිමවා
බස්සි බ්ලොගිවසරියක් ලැබුවා








114 comments:

  1. එහෙනම් අම්මටයි බබාටයි දෙන්නටම සුබ පැතුම්.. තාම මේක ආරම්භයක් විතරයි කියලා මතකේ තියාගනින්..

    ReplyDelete
    Replies
    1. යකූ මමද එක.. ලොකු කේක් කෑල්ලක් එවපිය එහෙනම් මට විශේෂයෙන්ම..

      Delete
    2. බොහොම ස්තූතියි දිනේෂ් අයියේ.... ඔව් ඔව්, අවුරුද්දක් කියන්නේ බොහොම පොඩි කාලයක්නේ... තාම අවුරුද්දෙ පොඩි දරුවා :D

      Delete
    3. කේක් කෑල්ල මගෙ නියෝජිතවරිය මිසිස් කිඹුල් ශානුවාගෙන් ඉල්ල ගන්න. :P

      Delete
  2. යකූ......වසරද බොල .......මං හිතුව දෙකක් ඉවර ඇති කියල....
    බොක්කෙන් බස්සිගේ ඇනවසරියට සුභ පැතුම්'''''! .................................
    කාලය යන හැටි හරි පුදුමයි බං ....... මටත් ඊයෙ 27 ඉවර වෙලා 28 ලබද්දී පුදුමයි ...... බොල ..... :) :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජයියේ... ඔව් අනේ තාම පොඩියි නෙව. :)
      27 ඉවරවෙලා 28... :O

      Delete
  3. බබාට හැපි බ්ලොගිවසරියක් වේවා... !!

    ReplyDelete
  4. ඇපල් ගෙඩි දෙකක් ගෙන
    ගසේ සිටිනා ඇත්තට
    බඩගා එන්නෙමි
    උඹට සුබ පතන්නට

    ReplyDelete
    Replies
    1. උපන්දින සාදෙට
      ඕන නෑ ගස් බඩගාන්නට
      හිණිපෙළෙහි පියගැට
      සීරුවෙන් නැග එන්න හනිකට

      Delete
  5. අවුරුද්දට මුලු හදවතින්ම සුබ පැතුම් බස්සියෝ...
    මමත් හිතුවේ බබාට මීට වඩා වයස ඇති කියලා. :)

    (මූනු පොතේ message එකක් දැම්මා. පොඩ්ඩක් බලන්ට )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි!
      පෝස්ට් ගොඩක් තිබුනට බබා තාම කිරිසප්පයෙක් පොඩ්ඩි අක්කේ!!

      (ආන් ඉන්බොක්ස් බලන්ට ;) )

      Delete
  6. ඊළඟ එකා හම්බුනාම...
    හම්බඋනා දැයි කියලා ලියලා එවන්න..
    මම එන්නම් පියරු අරං බබා බලන්න! :D

    ReplyDelete
    Replies
    1. තව දෙන්නෙක් ඉන්නව නෙව.
      එකෙක් ලොකුයි, කඩ්ඩ කොටයි.
      අනික ළඟදි උපන් වගයි.


      මේ කඩු එකා.
      http://yash-infinity.blogspot.com/

      මේ බස්සා එක්ක හවුලෙ ලියන අළුත උපන් එකා.
      http://heenasaladhe.blogspot.com/

      Delete
  7. හැමෝම වාගේ අම්මාට සහ බබාට සුභ පතන නිසා මගේ මේ සුභ පැතුම තාත්තාටත් එක්කයි!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා තාත්තගෙන් මල කරදරයක් තිබුනා අවුරුදු තුන හතරක වෙලේ ඉඳන් බබෙක් හදන්න හදන්න කියලා.
      දැන් නාහෙන් අඬනව වෙලාවකට;
      "පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා
      එදා වගේ නෑ
      මාත් එක්ක බොළඳ වදන් දැන් දොඩන්නෙ නෑ..." ලු. :P

      Delete
  8. දැන් බබා ඉපදිලා අවුරුද්දයි කියන්නේ ඊට කලින් මාස නමයක් සිත තුල කලලයක් ලෙස හැදුණා කියන එක නේද?

    මංතුමා නම් මේ ඇනිවසරිවලට උපයෝගී කර ගත්තේ පාසල් තේමාවක්. ඒ කියන්නේ එකෙන් දෙකට පාස් වීම, දෙකෙන් තුනට පාස් වීම, තුනෙන් හතරට පාස් වීම වගේ අවස්ථා.

    මං මේ බ්ලොගය කියවන්නට පටන් ගත්තේ ඔබ ලියූ "ඉගිල්ලෙන මාලුවෝ" චිත්‍රපටය ගැන ලිපියත් එක්කයි.
    http://bassigenawathana.blogspot.com/2013/09/flying-fish.html


    ReplyDelete
    Replies
    1. මේ බබා නම් මාස නමයකටත් වඩා කාලයක් හිතේ හිටිය. :)

      "මාලුවෝ ඉගිල්ලෙනු කියැවූයෙමි." ගල් සහ මල් දෙකම සමසේ ලැබුනු ලිපියක්. බොහොම ස්තූතියි කකා. ඒක මතක තියෙන බව ඇසීමත් සතුටක්. :)

      Delete
  9. සැම දෙය ඇතිය මික්ස් වී
    අච්චාරුවකි රස සපිරී
    මා නම් කැමති කවි ගී
    සුභම බ්ලොගිවසරියක් බස්සී

    ReplyDelete
    Replies
    1. අච්චාරුව හදන්නේ
      හැකි හැම රසම දෙන්නේ
      ඔබෙ විචාරෙන්නේ
      මං කතාවේ ලුණු බලන්නේ

      Delete
  10. බ්ලොග් නම් ඔය තියෙන්නේ
    නැවුම් වෙනසකි මෙහි තිබෙන්නේ
    ඔවුනුයි ළොව දිනන්නේ
    ඒකයි මමත් එන්නේ

    දෙයකට නොවී රිස්සී
    නොයෙක් හැඩතල තිබේ ඉස්සී
    වසරක් තුලදි බස්සී
    ලබා ඇත බ්ලොග් ළොවේ මැක්සී

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක කියන්නේ
      තවත් එක Hobbyයක්නේ
      සැහැල්ලුව ඉන්නේ
      එතකොටයි වෙනසක් මැවෙන්නේ

      වදිනකොට ගල් මුල්
      දුන්නේ ඔවා නිකැළැල්
      සුදු බෝල අංකල්
      මෙන්න මගෙනුත් තුති මල් :D

      Delete
    2. සුදු බෝල ?????? :O :O :O :O

      Delete
    3. Fair and chubby... thats what I meant. :3

      Delete
  11. ඇත දහසක්
    ලියෙවෙනා බ්ලොග්
    දුටිමි සමහරක්
    ලියනවා අබ්ලික්..

    ලද එක් මොහොතක්
    පුංචි වූ නිදහසක්
    පැමිණෙනා තැනක්
    රසයි ලියනා ඒව සත්තක්..

    ගෙවී ගොස් වසරක්
    යන්න දුර සහසක්
    පතනවා පැතුමක්
    සදාතන දිනුමක්...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් රහ කෝමා
      ගුණ දොස් නිතර කීමා
      වටින්නේ බෝමා
      උඹහැටත් ඉස්තුතියි සෑමා

      සෑම්ගේ ලෝකය
      නිදහස්ය රස බහුලය
      නුඹත් මේ අඩවිය
      රසවිඳින එක මගේ සතුටය

      Delete
  12. මවට පියාට බබාට සුබ පැතුම්.

    ReplyDelete
  13. අව්රුද්දක් ඉවරනම් දැන් තමයි හොඳම කාලය..... (බලන් ගියාම මටත් වඩා මාසයක් බාලයිනේ.... ශිහ්.... බස්ස නොහිටියානම් ....) සුබපතනවා පහුඋන අව්රුද්දට නොව ඉදිරියට එන හැම දවසකටම..........

    ReplyDelete
    Replies
    1. අවුරුද්දක් ඉවරයි කියන්නෙ තාම වැටි වැටි නැගිටින වයස නෙව. ඔයාගෙ බ්ලොගිවසරිය (ඩූඩ් අංකල්ගෙන් ණයට ගත්තෙ මේ වචනෙ.) දවසෙ තමයි මතක් උනේ මටත් අවුරුද්දක් පිරෙනව නේද කියල. :D

      Delete
  14. බ්ලොග් ඇනිවසරියට මුළු හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
  15. මගෙනුත් සුබ පැතුම් බස්සි අක්කටා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩොට්ට මල්ලියා!

      Delete
  16. හදවතින්ම සුබ පැතුම් බස්සියො…

    බබාටයි අම්මටයි තාත්තාටයි ඔක්කෝටම සුබ පැතුම්.……………

    (අද කේක් කෑල්ලක් නොදී කැළණියෙන් යන්න නෙමේ හරි)

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ප්‍රියෝ....

      කොහොමෙයි කේක් දෙන්නේ
      පෙරේදා කැළණියෙන් පැන්නේ
      පදිංචිය නාවින්නේ
      කේක් කන්නට එහෙට එන්නේ

      Delete
  17. https://www.facebook.com/photo.php?fbid=811880345490229&set=a.604903236187942.1073741827.217653991579537&type=1&theater

    ReplyDelete
    Replies
    1. අපූරු පවුල. ස්තූතියි මල්මි!

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ම්ම්...
    වසරක වෙහෙසකට සුභ පැතුම්...
    ඉස්සරහටත් මේ වගේම අපූරුවට වැඩ කරගන්න හැකියාව ලැබේබා

    ReplyDelete
  20. සුබපැතුම් බස්සි ඉදිරියටත් මීටත් වඩා හොදින් සාර්ථකව බ්ලොග් ලියන්න ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම! ස්තූතියි දිලිනි!

      Delete
  21. උණුසුම් සුබ පැතුම් භක්ෂියේ.......
    වසරක් තුළ ඔබ ආ මග පැමිණිම් අසූ දහස ඉක්මවලා.. ඇලෙක්සා රැන්ක් එකේ ඔබ අදවනවිට 1660 වැනි ස්ථානයේ ඉන්නවා...
    ලෑබූ දියුණුවට නැවතත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අහා.... අර රෑන්ක් 1 නලින් මාම කලින් දවසකත් කියාදීපු එක නේද! ස්තූතියි ස්තූතියි! ඉදිරියේදි අර මම නිතරම කරන බරපතල spelling and grammer වැරදි ටික (බස මැරීම :D) නිවැරදි කරගන්න උත්සහ කරන්න ඕන.

      Delete
    2. අනේ නලීන් අංකල්ගෙ බස නැසිල්ල.

      බස ගැන කියලදෙන්න ගිහින් හිරු අක්කගෙන් අහගත්ත නේද දවසක්??? :3

      Delete
    3. ඒ මොනාද අප්පා ඒ?

      Delete
  22. සුභම සුභ පැතුම් බස්සි !!! පාටියක් පාටියක් ! 

    ReplyDelete
    Replies
    1. සබන් පියරු අරන් එන්නෝ බබා බලන්න, එතෝට කේක් දෙන්නම්. :P

      Delete
  23. සුබම සුබ උපන්දිනයක් වේවා!!

    බ්ලොග් ලොව දික් විජය කරමින් ඉතාම දීර්ඝ දීප්තිමත් අනාගතයකට සුබපැතුම්!!

    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්!
      දිග් විජය කිරීමට නම් මනාපයක් නැත. :P

      Delete
  24. හදවතින්ම සුබ පැතුම් බස්සි....උඹ ලියන ඒවගේ හැබෑ වෙනසක් තියනවා...ඒකයි උඹ මේ තරම් දුරක් ඉක්මනින් ආවේ...

    තව දිගු දුරක් යන්න ශක්තිය ධෛර්‍යය උඹට ලැබේවා කෙල්ලේ.....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි අක්කා....
      කාලයක් අතුරුදහන් වෙලා උන්නු සහෝදරියෙක් උපන්දිනේට සතියකට කලින් එකපාරම ගෙදර ආව වගේ අක්කියා! :D

      Delete
  25. බස්සා මාත්තුරුකාව කියෝල බය වුණේ නැද්ද හැබෑට?? :-)) මගෙත් සුබ පැතුම් බබාට :-)

    ReplyDelete
    Replies
    1. කුරුට්ටියා කාලෙකින්. වෙල්කම් බැක් වේවා!!

      බස්ස බයවෙන්න නැතුව ඇති මොකද ඊයෙ මේ ලිපිය ලියද්දි එහෙන් මෙහෙන් හොට දමදමා බලන් උන්න නෙව. :D

      Delete
  26. බබාට සුබ උපන්දිනයක් !
    දැන් හොදට දුවන්න පනින්න පුලුවන් නේ?

    ReplyDelete
    Replies
    1. දුවන්න පනින්න ඉගෙනගන්න අවුරුදු තුනක්වත් යනවනෙ. :)

      Delete
  27. සුභපැතුම් බස්සියෝ...
    තව තවත්.. තව තවත්.. තව තවත්..
    හරවත්.. බොලඳ.. රසවත්.. ගුණවත්...
    රසපිරි.. ගුණ සපිරි..
    දරුවන් විස්සක්... තිහක්..
    දයාද කරන්නට..
    ශක්තිය... ධෛර්යය..
    වාසනාව...
    ලැබේවා.....

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තුතියි විදානේ
      මූ අර සාදුලාගෙ නෑයෙක්ද මන්ද
      "ළමයි විස්සක් තිහක් හදන්න" කියන්නෙ
      පිස්සුද මචන්
      දැක්කද කිරිපිටි වල ගණන්!
      ළමයි ඉන්නව තුන්දෙනෙක්.
      එකෙක් මූ,
      අනිකා ඉන්ෆිනිටි කඩ්ඩා, (http://yash-infinity.blogspot.com)
      අනිකා හීන සලාදේ කුරුටු කවියා, (http://heenasaladhe.blogspot.com)
      ඔය ඇති නේද?
      මුන් ටිකට පොවන්නම් අර කියපු ගතිගුණ සේරම
      එක එක ගුණය දෙන්න
      එක එකා වෙනවෙනම හැදුවම
      පට්ට බෝරිං බං

      මං ආසම කෑමක් අච්චාරු!

      Delete
    2. ඇයි මික්ස් රයිස් :D

      Delete
  28. Very Happy Blogoversary.
    It's a long and winding road...

    ReplyDelete
    Replies
    1. Thanks a lot dude! Even though the road is long and winding, such tough times never last. :)

      Delete
  29. සුබ පැතුම් ,බස්සි ...

    ReplyDelete
  30. :o අවුරුදයි ද ඈ.මට නම් නිච්චි නෑ.මම හිතුවේ දෙකයි කියලා.

    (පෙන්න ඉදියේ නැත්තේ මේ දවස් ටිකේ නෙට් අවුල් ගිහින් තිබ්බේ )

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ අවුරුද්දයි තවම.
      මට ඒක ගානක් ගියේ නෑ මොකද මාත් පහුගිය දවස් තුන හතරේ ඉතා බිසී වෙලානෙ හිටියෙ. :)

      Delete
  31. කවියෙන් කථාවෙන් අප හද මැව්ව සිරි
    ඒ තුල රැඳුණු බොහො දේ නම් එළම කිරි
    රඳවා තබා ගනු මැන හදවත සතුට පිරි
    ළමයෝ පතමි මම බොට සුබ ඇනිව- සරි

    ReplyDelete
    Replies
    1. රස තැන් නොරස තැන් දැක විමසුම් ඇසින
      දෙසවන් නොරිදවන මුදු පරිණත බවින
      නැණැසින් විචාරන අටියෙන් ඔවා දෙන
      සුපහන් සිතැත්තෙකි ඔබ මාමේ අරුණ

      තැන්කූ විෂ් එකට
      කේක් නම් නෑ දෙන්නට
      ලිපියක් රස විඳින්නට
      ඇහැක් වේවිය හෙට අනිද්දට

      Delete
  32. කඩ්ඩට කපාගන්න බෑ. ඒත් අර හීනසලාදෙ කන්න නෑවිත් ඉන්නෙ නෑ

    දිගටම ලියන්න. සුභ පැතුම්!!!

    ReplyDelete
  33. ආ කෙටි මගේ
    යා යුතු මග තව බොහෝදුර වේ
    ඒ මග යන්න තුතින්,සතොසින්
    ඉඳින් මගේ සුබ පැතුම් මෙයින්....!!!!

    ReplyDelete
  34. හැෆි මෙව්වා එකක් වේවා..

    ReplyDelete
    Replies
    1. මෙවුවා එකට තැන්කිව් එව්වා වේවා!

      Delete
  35. හැපි ඇනිවසරියක් බස්සියෝ....

    ReplyDelete
  36. මගේ හද පිරි මෙව්වා එක

    කේක් ඕනි
    මතක ඇතුව ඉන්බොක්ස් ඕනි ඈ වෙනදා වගේ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා....!
      කේක් නෑ බොරලු මාමි! ලින්ක් එවන්නාම්කෝ.... :)

      Delete
  37. ඒ බං බස්සි අක්කේ. බබා වයසට වඩා වයස පාටයිනේ‍!!
    බොක්කෙන්ම සුබ පැතුම්, ගත වුණු අවුරුද්දටත් වඩා, ඉදිරි අනාගතයට!!!!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ!! කොම නැති වෙලාවෙ දුකෙං බොග කියෝලා දුකෙං ම කොමෙන්‍ටුව කෙ‍ටුවා. දැං කොමෙං ඇවිල්ලා බලද්දි ඒ කොටපු එක විකාර වෙලා. (හෙලකුරු මටත් හොරෙං පත්තර මල්ලි අයියගෙ පාටියට ගිහිං වෙන්නැති මං හිතන්නේ)
      එනිවේ, ඒකෙ කියපු එක යන්තමින් හරි තේරෙනවා ඇති කියල හිතමු ඈ!!

      Delete
    2. අලේ මටත් ෆෝන් කට්ටෙන් බැලුවම උඩ කමෙන්ට් එක යස අගේට පෙනුනා. මං එවෙලෙ හිතුවෙ යට කමෙන්ට් එක දාපු ඔයාට වෙරි කියල. :D

      තැන්කිව් වේවා ඈ!

      Delete
    3. /// මං එවෙලෙ හිතුවෙ යට කමෙන්ට් එක දාපු ඔයාට වෙරි කියල ///
      අලක්කු බොම්නෙ නෑ යකූ!!
      කුක්කු ඕනි!!

      Delete
  38. සුබ පැතුම් බස්සි අක්කෙ, දිගටම ලියන්න හැකියාව, ධෛර්ය, ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
  39. අම්මටහුඩු .. මං වෙලාවට ආව නේ .. :D
    බස්සි මචං අවුරුද්දක්ද බොල ඇටිකිච්චට .. බොක්කෙන් අක්මාවෙන් හරුදවස්තුවෙං එන උනුසුම් සුභ පැතුම් පිලිගනිය !!!!!!
    වෙනසක් කරපු කෙල්ලෙක්.. විවිධත්වයක් තියන ආසාවෙන් බලන බ්ලොගක් ..
    ෂපෝට් එකක් ඕන උන තැනදි අපි එවරෙඩි !!!!!!!

    බ්‍රෑන්ඩ් එක නං ගල් :D එකක් ඇරං දිය ඔක්කොටම.. එක්කො උඹට ඕවයි යන්ඩ බෑනෙ. බස්සව යවන්ඩත් එපා පව්නෙ. දාහක් දියං අපිම ගන්නං.. ඒ ඇති .අපි පාටිය ගෙනියන්නං එලටම .. හැක්.

    ReplyDelete
    Replies
    1. තැන්කිවු තැන්කිවු පත්තර මල්ලි අයියා! ඒ විශ් එකනම් අක්මාවෙන්ම ආපු විශ් එකක් තමයි. මටත් අක්මාවටම දැනුන! :)

      ගල් බෝතලයක් නම් මටත් දෙන්න බැරියැ. බෝතලේකට ඔය කළුගල්, තිරිවාන, බොරලු කැට ටිකක් පුරෝල. :P

      Delete
  40. අපිට ෆ්‍රිජ් එකේ දාපු කේක් වත් ඇති නේද බස්සියේ. පහුගිය ටිකේ එන්න බැරි වුණා බ්ලොග් කියවන්න මිස් වුණා ගොඩක් ඒවා,, ඒත් අනිවසරියට ඒගන්න ලැබිච්ච එක නම් පට්ට හැපි ... උම්මා උම්මා තව අවුරුදු ගානක් ලියන්න ශක්තිය ,කාළය ලැබෙන්න කියලා පතනවා හදවතින් ,

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ කෝද අනේ මිසින් උනේ....හොඳා හොඳා පාටියක් කිවුවම ඉව තියෙනෝනෙ ටුක් ගාල මුන්දැ මෙතන.... :)
      ආයෙම ලියන්න පටන් ගනිය කම්මැලි නොවී.... :*

      Delete
  41. කමෙන්ට් කරන්න ඉස්පාසුවක් නොලැබුනත් මමත් නිතර කියවන බ්ලොග් එකක්... අද හොරෙන්ම යන්න විදියක් නැහැනෙ... උණුසුම් සුභපැතුම්..!

    ReplyDelete
    Replies
    1. හොරෙන් බලල යන අයගෙත්
      අඩි සලකුණු තියෙනවානෙ!

      ස්තූතියි බීට්ල්!

      Delete
  42. සුභ පැතුම් බස්සි, :)චිරාත් කාලයක් කොටන්න හේතු වාසනා වේවා !!!!!!!!!
    අපි ගාට ගාට එනකොට පාටිය ඉවර වෙලාද මන්දා ? :D :D

    ReplyDelete
    Replies
    1. අනේ ඒක නේන්නම්... ගොලුබෙල්ලා අද හැබෑ ගොලුබෙලි ගමනකින් නෙව ඇවිත් ඉන්නෙ.

      Delete
  43. බස්සියේ සුභ පැතුම් උඹටයි පැටියටයි දෙන්නටම .


    හදපන් මචෝ සිරි පාදේ පඩි ගානට පැටවූ .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලූ.... :)

      Delete
  44. සුභ පැතුම් බස්සි nangi. දිගටම ලියන්න. සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාදි අක්කා...! කාලෙකින් දැක්කෙ ඔයාව :)

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. Happy Birthday Baby ..!

    රසමුසු දෑ නම් බෝමයි
    දස වසරක් පරිණත ගාණයි
    තව යා යුතු දුරත් බෝමයි
    මේ සුභපැතුම් හද පත්ලෙන්මයි

    සාර්ථක , දීර්ඝ ගමනකට හෘදයාංගම සුභපැතුම් බස්සී ...!

    ReplyDelete
    Replies
    1. විමසන්නට නව රස මියුරූ
      අවැසියි පාඨකයන් සොඳුරූ
      තවමත් එක් වසරකි ළදරූ
      පැතුමට ස්තූතියි සඳරූ

      Delete
  47. බස්සි නම් දස්සිය
    අපි නොදන්නා මැක්සිය
    තව තවත් ලියපන් ගැස්සි ,ගැස්සිය
    සුභ පැතුම් බස්සිය

    සුදු අයියා නැති පාළුව
    දැනුනා නෙව බන් හොදටෝම
    හොයමු බන් අපි ගෙම්බව
    ඒකා වෙනුවෙන් මගෙන් සුභ පැතුම් උඹ්ට හට

    ReplyDelete
    Replies
    1. හලෝ මචං සුදු නංගී
      මං ආව නැත හැංගී

      මං වෙනුවෙන් අපේ බස්සිට
      සුබ පැතුවට තැන්කු උඹට

      බස්සි දස්සි වුනාට කොට
      දැක්ක දාට ඇඩෙයි උඹට
      ඔය තිබ්බට කොන්ඩේ දිගට
      උස වැඩි නෑ අඩි තුනකට

      Delete
    2. සුදු කිඹුල් අක්කී
      මගේ ආදර ලොක්කී
      අදින්නට වලි බක්කී
      මතුවටත් මෙහෙ එන්න මැක්කී

      කලු ගෙම්බන්ව සුදුවට
      පේනවද හතළිස් ඇඳිරියට
      නොකියම වැනිෂ් වූ වට
      හොයාගෙන අපි නෙලමු උන්දැට

      Delete
    3. මෙන්න බොලේ ගෙඹිලූසා
      කොහෙද ගියේ හොර පූසා

      අපි උඹ කොයි විමසන්නා
      උඹ ඉඳගන හැංගෙන්නා

      සුදු අක්කී මේ අහන්න
      ගෙඹි බේගල් විසිකරන්න
      මම දැන් හෙන උසයි ඔන්න
      බොරුද ගාලුගෙන් අහන්න

      Delete
  48. බස්සි නගේ ලියනා කවි කතා සමග නව ෆැන්ටසි
    උඹේ සුපිරි ඉට්ටයිලෙට කොයි කවුරුත් වෙනවා වසි
    බ්ලොග් ලෝකෙට නැවුම් මිහිර ගෙන ආ මානෙට ඇසි දිසි
    තව තව ලියපං කෙල්ලේ අපි බලනවා ඉස්සි ඉස්සි

    බස්සිට අවුරුද්දට සුබ පතන්න එන්න හොඳටම පරක්කු වීම ගැන සමාව භාජනයකට දමා දෙනු මැනවි. එත් මං වෙනුවට අපේ සුදු නංගි සුභ පතා ඇති බැවින් භාජනයෙන් බාගයක් පමණක් දමනු මැනවි.

    දරුවා ..ඔබේ මේ ඉට්ටයිල් එකෙන් ඔබ බ්ලොග් ලොවේ වසරක් යාමටත් පෙරම සාර්ථක බ්ලොග් තරුවක් වී ඇතිබව පෙනේ දරුවා . ඔබේ හැකියාව ඒකාකාරී නොවී විවිධත්වයෙන් යුතුව සකල බ්ලොග් ලෝකවාසීන්ට රසාස්වාදය ලබාදෙන නවාතැනක් වී ඇත දරුවා . දරුවා මෙහෙම කිව්වට මං උඹේ මරුවා දරුවා .....

    අනාආආආආආආආආආආආආ

    ReplyDelete
    Replies
    1. ලියන ලියන කුණුකන්දල් කියව කියව මුවින් නොබැන
      රහද නැද්ද අකුරු හොද්ද උපදෙස් දෙන දිරිගන්වන
      පබ්ලිශ් නොකරන්න ඉන්න ඒවත් බැන බැන අලවන
      අයිය මචං උඹෙ මිතුදම් අගෙයි බෝම වටින කියන

      සමා කොටහක් දෙන්නං
      පමා වූ එක කමක් නෑ බං
      උඹෙ කේක් කොටහත්
      කිඹුලි කෑ එක තමයි දුක නම්

      දේව ඉට්ටැයිල් දෙන්නේ ඔළුව තදින් හැප්පිලාද
      අනේ අපොයි ගෙඹිලූසා සතියක් අංගොඩලු නේද
      හැබෑට එතනින් බේරී ආපු විදිය කියන් හොඳද
      ඒ දේවාලේ වතගොත පෝස්ටුවක් ලියන්න අද

      අනාආආආආ......... මුල් කවිය අමූලික බොරු බවත් ඉතිරි කවි දෙක පමණක් සත්‍ය බවත් කරුණාවෙන් සලකන්න අනාආආආආ :D

      Delete
  49. ඔයාගේ බබා ටිකක් සිද්ධාර්ත වගේ.. අපේ බබාල නං ටිකක මොංගල්.. හැක්.. හක්..

    ජය වේවා බස්සියෝ.. බොලා හදපු ළමයි බෝම හොදයි...

    ReplyDelete
    Replies
    1. සිද්ධාර්ත වගේ? :O

      බොහොම ස්තූතියි දේශෝ!! ඔයාගෙ ළමයත් අපූරුයි නෙව.

      Delete
    2. හැක්.. සිද්ධාර්ත ඉතිං ඉපදුනු ගමන් මල් උඩ දුවපු ළමයෙක් නේ..

      Delete
  50. බස්සි,
    සුභ වේවා!
    දිගටම
    ලියවේවා!

    (මට කවි කියලා ලියන්න තේරෙන්නෙ හයිකු විතරයි. බස්සිගෙ බ්ලොග් එක එක්තරා විදිහක් තියෙන එකක්. තව දිග කාලයක් ලියන්න පුළුවන් වේවා!!!)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි ඩ්‍රැකී!!

      හයිකු ලියන එක කොයිතරම් වටින හැකියාවක්ද! මට හයිකු බෑනෙ. :)

      Delete
    2. හයිකු කිව්වෙ මේ වගෙ එව්වා:

      මෙන්න
      මගෙ ඇඟිල්ල
      මැදගන්න
      දත්ටික

      සේදුවෙද
      රෙදිටික?
      වේලන්න

      ඇඳගන්න
      කළිසම
      දාගන්න
      සිප් එක

      Delete
  51. සුභ පැතුම් හද පුරවා
    නුබ දකින්නට අපිත් ආව
    වසරක් වුවත් දරුවා
    බොහො ලොකුවැඩ මෙතෙක් කෙරුවා

    ReplyDelete