Friday, January 31, 2014

කට හැකර නයනාට…..




 

නයනා,
අපේ සල් ගහ ලෙඩින් වැටුනා......
සාමාටත්, අමරටත්, කමල්ටත් කලින්
මම ඒ ගැන කිවුවෙ උඹට


කමල් මට හොඳටෝම බැන්න
උන්ට කිවුවෙ නැත්තෙ ඇයි අහලා......



උඹ දන්නවාද නයනා?
උන් තුන්දෙනා ආව පහුවදාම අපේ සල් ගහ බලන්න.
උඹ නාවට මම තරහ උනේ නෑ.


මොකද,
මං දන්නව උඹ රිසර්ච් එක නිසා බිසී විත්තිය....

 

සල් ගහේ ලෙඩ බලලා,
සල් මලක් අතින් අරන් හිනැහුනා තමයි.
ඒ කොලුකමට, කෙලි කමට,


පොටෝ පහක් ගත්ත, බුකියෙත් දැම්ම,
පුරුද්දට.....

 

නයනා,
සල් ගහ ලෙඩින් වැටුනාම,
ලෙඩ බලන්න බුලත් දෙන්න ඕනෙ නෑ....
ඒකයි සිංහල සිරිත.....



කෙල්ලෙක් නිසා උඹ,
බිරිඳක්, මවක් වෙයි දවසක,
වචන වල මුවහත,
අඩු කර ගනිං මදකට,


නැත්නම් උඹත් නොදැනම,
අත් දෙක කැපෙයි දවසක......

 

නයනා
අපේ සල් ගහ තාමත් ලෙඩින්,
උඹ නාපු එක ගැන,
බිංදුවක්වත් තරහ නෑ මම,


ඒත් උඹෙ වචනෙට,
හදවත තුවාලයි හොඳටෝම..........


39 comments:

  1. හහ්හ්හ්හ් ...
    අපිට මල් කඩන්න පුරුදු කෙරුවෝ නැවතත් කරලියේ ඉදගෙන බස්සි සමග

    ReplyDelete
    Replies
    1. හි හි..... ළමයි මල් කඩන්න පුරුදු වුනාම හරිනම් අමරටයි නයනාටයි තමයි බනින්න ඕනෙ. එක වසරෙදි නෙව පුරුදු කලේ මල් කැඩිල්ල.

      Delete
  2. කව්ද බස්සියේ නයනා...කවුරු උනත් මොකෝ ලිව්ව වචන ටික නම් නියමෙට තීනවා

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ශානු අක්කෝ... නයනාලා කොතෙකුත් සිටී.

      Delete
  3. දෙයක් තේරුනා ඒ හරි දේමද දන්නේ නෑ.. කොහොමත් ගණන් ගන්නෙපා අක්කා.... නයනාට දවසක තේරෙයි! හැබැයි එදාට පරක්කු වැඩි වෙයි

    ReplyDelete
    Replies
    1. ඕවා ගනන් ගන්නෙ නෑ නාඩි මලේ මම. නයනගේ ඇස් ඇරෙන්න කියාපු දෙයක් මිස.

      Delete
  4. නයනාට එහෙනම් මුල අමතක වෙලා.. මොනා කරන්නද ඉතින් ඔවුවා ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... හ්ම්ම්ම්... නයනට වෙලාවකට කට තියෙන්නෙ මොකටද කියාලත් අමතක වෙනෝ නෙ.

      Delete
  5. මට යමක් හිතාගන්න පුළුවන් බස්C මිනිස්සු හරි අමුතුයි. ඒවගේ අය අඳුරගත්තාම තරහ නොවී ඉක්මණින් ඉවත්වෙන්න. ඕවා ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. හැමදේකින්ම පලා යන්න ඇත්නම්... හ්ම්ම්... දැන් හැම දෙයක්ම අතේ දුරින්.

      Delete
    2. පලායන්නේ වැරදිකරුවන් පමණි. ඔබට සතුටු විය හැක්කේ ඔවුන් පලා යෑම දුටු විටදීය. මා දාර්ශණිකයකු නොවේ. මේ මගේ ජීවිත අත්දැකීම්ය. මා බොහෝවිට සිතින් හඬා ඇත. නමුත් කිසිවිටෙක පලාගියේ නැත. ඒ මා කිසිවිටෙකත් වැරදිකරුවෙකු නොවූ අවස්තාවන්හී පමණි. මා වයසින් මුහුකුරා යන මිනිසෙකු වූයේ එවැනි සමාජ ආර්ථික පසුබිමකය. Be brave when it comes.

      Delete
    3. ඔවදනට ස්තූතියි අරූ... නිර්භය වීමට උත්සාහ කරමි.

      Delete
  6. කස්ටියව හරියටම අදුරගන්න එක තමයි දුෂ්කරම ක්‍රියාව බස්සි මේ ලෝකේ...
    දැන්වත් හරියටම අදුර ගන්න උත්සහ කරන්න..

    ReplyDelete
    Replies
    1. හරියටම අඳුනගන්න බැරිවේවි කවදාවත්.

      Delete
  7. සත්ව ලෝකයේ ඉන්න... අදුර ගන්නම බැරිම සතා තමා මිනිසා... අවුරුදු 100 ක් ආශ්‍රය කරත් අදුරගන්න බෑ... ගනන් ගන්න එපා... කාලයක් යද්දි එයාටම තේරේවි...

    ReplyDelete
    Replies
    1. අපොයී ඔවු ගාලු. නයනාගෙ වචන රිපීට් වීම නතර වෙන පාටක් නැති නිසයි මෙහෙම ලිවුවෙ.

      Delete
  8. "අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා……
    නිදහස් බිමක මගෙ මරණය සිදුවේවා……"

    කියලා ඉස්සර සමරු පොත්වල ලීවෙත් ඔය අරුතෙන්මද?

    ReplyDelete
    Replies
    1. අපූරු පද දෙපෙළ. අනේ මන්දා ප්‍රියෝ....

      Delete
  9. නයනා අමර සාමා හිටං ලොකු වෙනවා නෙව ඒකයි අවුල්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් උන් ලොකු වෙනකොට ඊට සාපේක්ෂව හුගක් අය කලින්ට වඩා වෙනස් වෙනවා...;(

      Delete
    2. අන්න ඒක තමයි පස්නෙ. ලොකු වෙන්න ලොකු වෙන්න උන් වෙනස් වෙනවා.... සමහරු නම් දුටු දා පටන් ඔහොමමයි.

      Delete
  10. ලෝකෙ හැටි නොවැ බස්සියේ... මම තේරුම් ගත්ත හැටි හරි ද මන්දා....

    ReplyDelete
  11. මට තේරුනේ නෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා . එත් බ්ලොග් ලෝකේ කලකිරෙන්න වෙච්ච දේට හේතුව මෙතන තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නෑ පවුලූශා.... ඒ ගැන ඉඟියක්වත් මෙතන නෑ....

      Delete
  12. කියන දේ මටත් තේරුනේ නෑ..

    මට හිතෙන්නේ සල් ගහ ලෙඩ වුනාම බලන්න ආවත් නාවත් හැමදාටම කිසිම තරහක් නතුව හැමෝටම සල් ගහ සල් මල් දේවී කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනම් අහන්න වෙන්නෙ සල් ගහෙන් තමයි නංගා.... ඔව්, සල් ගහ එහෙම කරාවි.

      Delete
  13. ඕනෑම කෙනෙකුට වචන වලින් කරන බලපෑම දැඩිව දැනෙනවා ක්‍රියාවකින් කරනවාට වඩා.වචනයකින් කෙනෙක්ව සනසන්නත් පුළුවන්,වනසන්නත් පුළුවන්.ඒ නිසා දෙපැත්ත කැපෙන පිහියක් වගේ බොහෝම පරිස්සමින් තමයි වචන භාවිතා කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... හ්ම්ම්.... දවසක තමන්ගෙ අත්දෙක කැපෙනකම් මුවහත දැනෙන එකක් නෑ මනෝ...

      Delete
  14. මට හිතුනේ නයනා ගස් ගල් අමතක කරල නිසා බැනල කියලා..

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ සැම්, සල් ගස් අමතක අය බොහොමයි. කියලා තියෙන්නෙ වචන වල මුවහත ගැන. බොහෝ දෙනෙක් ඒ වචන අප්‍රිය කරන බව නොදැන තව තවත් කටින් කපන නයනාට දුන්නු ආදරණීය ඔවදනක්.

      Delete
  15. නයනා බැන්නද ඒකට බොට මෙච්චර තරහ.. හැක්..

    ReplyDelete
    Replies
    1. අප්පේ නෑ දේශ්.... හැංගිලා ඉඳන් කපන එකයි. දෙපැත්ත කැපෙන ආදරණීය පිහිපාරවල් අනින එකයි නොකර මූණට බනින, කෙලින් කතාකරන උන්ට මං ආදරෙයි.

      Delete
  16. ගහක් උනත් උස යන්න යන්න බිමට පාත් වෙනවලු. ඒ මුල මතක තියෙන නිසාලු.

    ReplyDelete
    Replies
    1. ඒ ගහ කොල නෙව කුමාර. මිනිස්සු කවද්ද පරිසරයෙන් පාඩම් ඉගෙන ගත්තෙ.

      Delete
  17. නයනා මුල අමතක කරලද නැත්තම් මෙ අතිධාවනකාරි ලොකේ රැල්ලට අහුවෙලාද?

    ReplyDelete
    Replies
    1. රැල්ලට යද්දි අහල පහල ඉන්න අයව කටින් කපාගෙන යන්න පුරුදුවෙලා....

      Delete
  18. අනේ මට තේරුණේ නෑ.....:/

    ReplyDelete
    Replies
    1. අයියූ අපරාදේ..... තේරුන සුට්ට ඇති.

      Delete