Wednesday, January 15, 2014

පැටලිල්ල






හිරුගෙ උනුසුම හදම පුබුදා
සදා සොම්නස් සුවය දුන්නේ

හිරු රැසින් මිදෙනා ඇසිල්ලෙහි
නෙත් කොනින් තරු රුව සොයන්නේ.....


මහරු මිණියෙන් දිවිය හැඩකර
රනින්  කිරුලක් පළන්දන්නේ

අඳවු  දෙනෙතින් - කිරුලු නොතකා
තිරිවාන කැටයක් සොයන්නේ......


වරද කොතැනද?
සැලෙන හදකද?
කෙලෙස පැටලුම
ලෙහා ගන්නේ?

 
මෙයද නිවරද?
නොවෙන මන නඳ
එයද මනුසත්
ගතිය වෙන්නේ?

 
නෙතු පියන් තදකර වසන්නේ
සවන්පත් දොරගුළු දමන්නේ
හදට තරවටුවක් කරන්නේ
හිරු රැසිනි මම ලොව දකින්නේ

 
අනේ සඳ සිසිලක් දියන්නේ..........!



46 comments:

  1. මේවා කියවලා බස්සා රෑට නිදාගෙන දවල්ට ඇහරගෙන ඉන්න ගනීද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. උණ විකාරෙන් ලියන කවි නිසා බස්සා කලබල වෙන්නෙ නෑ..... :p

      Delete
    2. ඈ බොලේ මෙන්න ඔමයියත් හිරූ අක්කගෙ සිරික්කිය දාන්ට අරන්.

      Delete
  2. ///කෙලෙස පැටලුම
    ලෙහා ගන්නේ?
    ///කියලා තමයි මත මේ කම්පන කරන්නේ

    ReplyDelete
    Replies
    1. හික්ස්! දැන්ද කම්පනාවට ආවෙ?

      Delete
  3. සැලෙන හදවතෙ
    කොහිද වරදක්
    ලිහන්නට නැත
    පැටලුමක්...
    මෙයම නිවරද
    වෙනා මන නඳ
    එයයි මනුසත්
    ගතිය වන්නේ...

    ලස්සන කවි පබැදුමක්.
    ජය වේවා!!!

    ReplyDelete
  4. කොත්තු සින්ඩියට බ්ලොග් එකක් දාන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ බන්.......කොත්තු කාලා බොගක් දාන හැටිනම් දන්නවා :D

      Delete
    2. අරූ ඒකනම් කවුරුත් දන්නවා.

      Delete
    3. කොත්තු සින්ඩියේ you can join too කියන තැන ලින්ක් එක උඩ කොටලා බලන්න යාලු.

      Delete
  5. එයද මනුසත්
    ගතිය වෙන්නේ?……

    ලස්සනයි බස්සි.
    මොකෝ සනීප නැත්ද?? එහෙමනම් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රියෝ............

      ඔව් අනේ. මේ උණ විකාරෙන් කියන කවි. අද තමයි යාන්තම් බ්ලොග් එකට බඩගෑවෙ.

      Delete
  6. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි. බස්සි.

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්! රෙහානි අක්කට බ්‍රේක් පාගන්න අමතක වෙලාද!

      Delete
  7. බස්සිට හොදටම උණ වගේ මම කියපු බෙහෙත ගත්තනම් හරියට හරි,,,,, උණ විකාරේ ලිවුවත් ලස්සනයි,,,,,, ගේට් වෙල් සුන්

    ReplyDelete
    Replies
    1. තැන්කූ බොරලු මහත්තයා! ඒ බේත් අපේ බස්සාවත් බොන්නෙ නැති කොට මම කෝම බොන්නද?

      Delete
  8. මටත් ඕක වෙලා තියෙනවා බස්සී...ඕක මිනිස් ගතිය තමයි..
    මිනිසා යනු සත්වයෙකි.
    ඕකට තියෙන හොදම නිර්වචනය ඒකයි...

    ReplyDelete
    Replies
    1. මේ මනුසත් උයනේ ඔවුවා සාමාන්‍ය දේවල්. කූඩුවෙන් එලියට එන්න වලිකන ජීවිත.

      Delete
  9. උණ ගැනිල හිටියට සිතිවිල්ලට ඒකෙන් හානියක් වෙලා නැහැ.
    කෙටියි.....සුපිරියි....
    ඉක්මන් සුවය.....!!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි කෙන්ජයියේ.....

      Delete
  10. සඳ කියන්නේ නිතරම වෙනස් වෙන දෙයක්.. ඒකට ආදරේ කරන එක මෝඩ කමක්.. මොකද ඉතින් දවසින් දවස වෙනස් වෙනවනේ.. ඒත් හිරු එහෙම නෙමෙයි.. අපිට ජීවිතේ දෙන්නෙ හිරු..

    මේක මම ලිවුවට මොකද මටත් අරයා කියලා දුන්න පාඩමක් මේක.. උණ විකාරෙන් පිස්සු කියවන්නේ නැතුව හිටු..

    ReplyDelete
    Replies
    1. ඉරට ආදරේ කරන්නේ කොහොමද බන් .හදිස්සියකට කණට ලංවෙලා රහසක් වත් කියන්නේ කොහොමද? අළුවෙලා තමයි නවතින්නේ :D

      Delete
    2. අෆ්ෆා ලස්සන අදහසක්. උණ විකාරෙ හැදුනාම පිස්සු නැතුව වෙන මොනා කියන්නද දිනේශ් අයියේ...?

      Delete
    3. ඒ මොකටෑ අරූ රහස් කියන්නෙ? කියන දෙයක් හයියෙන්ම කියලා දැම්මැකි නෙ ඉරට ඇහෙන්න. .

      Delete
    4. ආදරය කරනකොට කණට කරලා කියනවා තරම් තවත් මිහිරක් තියෙනවාද?

      Delete
  11. අනේ අනේ කිව්වට දෙන්නෑ ඕවා...

    ReplyDelete
    Replies
    1. ඔය කිවුවාට අනේ කියාපු ගමන් පැනල දෙන්නෙ.

      Delete
  12. සද සිසිල නුඹ
    නොඉල්ලුව සද
    නුඹට සද සිසිලක්
    ලැබෙන්නේ..
    එපා හිමිකම්
    කියනු සදකට
    නුඹට නුඹවත්
    අහිමි වෙන්නේ....

    ලස්සන කවිය.. හොදට ලියල තියෙනව... ඔයැයි එක දැකල මාත් ඔහෙ ලීවට මොකෑ නිකං අවුල් වගේ. ඔන්නොහෙ තියෙන්නම ඇරිය...

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහසත් හරිම ලස්සනයි යාලු...!

      Delete
  13. දවාලකද නැත්නම් රෑකද මේ කවිය ලිව්වේ බස්C?

    ReplyDelete
    Replies
    1. දවාලක.ඒකනේ මඤ්ඤං ගතිය වැඩි.

      Delete
  14. සඳ කොච්චර වෙනස් වුණත් හැමොම ආදරේ සඳට වගේම උපමා කරන්නෙත් වැඩිපුර සඳට නේ බස්සියෝ. අහස කියන්නේ කවියට සහ සිතුවිල්ලට නොසිදෙන උල්පතක්. කොච්චර ලිවුවත් කවුරු ලිවුවත් ලියන්න කියන්න විදි නම් පිරිලා. බස්සි බස්සාව බය නොකර උණ හොද කරගනින් ඉක්මනට ;) 

    ReplyDelete
    Replies
    1. බස්සාගෙ Approval මත තමයි කවිය පබ්ලිශ් කලේ අක්කෝ.... මං ඉතින් කීකරු බස්සි වෙච්චි. :)

      Delete
  15. බස්සී ඉස්සෙල්ලම උණ හොද වේවා...

    දෙවනුව බස්සා මොකද කියන්නෙ මේ කවි හැකියාව පිළිබද??

    ReplyDelete
    Replies
    1. ගාලුට ඉස්සෙල්ලාම තැන්කූ වේවා...!

      බස්සා "හ්ම්ම්... හ්ම්ම්.... හ්ම්. හ්ම්ම්ම්ම්ම්.... " කියනවා.

      Delete
  16. යශෝ,අහලා තියේනේ මේක.
    "සද නොදකින නමුදු සදට එළිය හිරුගෙණි"ඉතින් එත් අපි හුගක් අය කැමති සදටනේ.හරියට අපිට ඇත්තටම ආදරේ කරන අය කොච්චර හිටියත් ඒ අයට වඩා වෙන අයට අපි ආදරෙ කරනවා වගේ වැඩක් නේ එකත්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනෝ.. අපි වෙනුවෙන් සමහරු කරන කැපකිරීම් අපි වටහා ගන්නෙ හුඟක් ප්‍රමාද වෙලා.

      Delete
  17. මේක ලිව්වෙ උණ විකාරෙන්ද?

    ReplyDelete
    Replies
    1. යේස්. එහෙම ගතියක් පේනවද?

      Delete
  18. පද ටික තේරුනා....
    බොගේ උණ විකාරේ තේරුනා...
    නුඹේ පද හැඩය තේරුනා....
    සදද,හිරුද හොද නොතේරුනා.....

    සුව වෙයන් නංගියේ ඉක්මනින්!

    ReplyDelete
    Replies
    1. හි හි... බොහොම ඉත්තූතියි ශානු අක්කෝ.....

      Delete