රන් මාළු පීනන්න පටන් ගත්තෙ කොයි වෙලාවෙද කියන එක ගැන මට පැහැදිලි ගනිච්චියක් තිබුනෙ නැහැ. කොහොමත් මම ඒ කාලෙ ඇහැ කන පියාගෙන පාඩුවේ ජීවත් වුන, කුසීත ළමේක්. ඉස්කෝලෙදි, සටහන් පිටපත් කිරිල්ලයි, ද්‍රව්‍ය බලා ඇඳීමයි, අසා ලිවීමයි ඇරෙන්න කිසිම ප්‍රබෝධයක් දැනෙන දෙයක් කෙරුනේ නැහැ. ඒකෙන් වෙන්නේ ඕනෙම ළමේක් අනුන් තමන්ගෙ කර උඩ බලෙන් පටවන රාමුවකට හිරවෙච්ච බිත්ති සැරසිල්ලක්, එහෙමත් නැතිනම් මැටි මල් පෝච්චියක් වෙන එක.
පෞද්ගලිකව මගේ වැඩි කැමැත්ත තිබුනේ බිත්ති සැරසිල්ලක් වෙන්න. එකම ඇණයක එල්ලිලා, තනි පාට බිත්තියක් උඩ වැතිරිලා ඉන්න එක හිතට වගේම ගතටත් සැනසිල්ලාවයි. මල් පෝච්චියක් වුනාම එහෙම බෑ. බර උහුලන්න පුරුදු වෙන්න ඕනෙ. බූව තියෙන මල් නටු, නහය හකුළුවන තණකොළ, මාරු කරන්න අමතක වෙච්ච පල් වතුර වගේ කාරණාවලින් හිත නොරිද්දාගෙන සීරුවට, විනීතව, තනි කෙලින් හිටගෙන ඉන්න ඕනෙ. සේරටමත් වඩා අමාරු දරාගන්නට බැරි තරම් බරක් පැටවුනාම, එහෙමත් නැත්නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව පා පහරක් වැදුනම ඇතිවෙන ඉරිතැලුම්. සමහර ඉරිතැලුම් කවදාවත් පිටට පේන්නෙත් නෑ. ඒවා මල්කම් ලියකම් කැටයමක කොටසක් වගේ පෙනිලා ඇහැ රවටන සුළුයි. ඒ ගැන හිතද්දිත් කොන්ද දිගේ සීතලක් ඇදීගෙන එනවා වගේ හැඟීමක් දැනෙන්න ගන්නවා.
ගෙදරදි වුනත් මට කරන්න එහෙමකට වැඩක් තිබුනෙ නෑ. ඒ නිසා මුළු වෙලාවෙම මම කලේ කෝඩීලියා ආර්යාවගේ දිග කොණ්ඩෙ මාරුවෙන් මාරුවට, තනි කරලට සහ කරල් දෙකට ගොතන එකයි, ලිහන එකයි. කෝඩිලියා ආර්යාවගෙ අතපය රෙදි. කොණ්ඩෙ තද කළුපාට කැටිනූල්. ඇස් දෙක අහස් නිල් පාට බොත්තම් දෙකක්. රතු ප්ලැනල් රෙදි කෑල්ලකින් චූටි කටක් මහල තිබුනා. කොයිවෙලාවෙත් හිනාවෙන චූටි කටක්.
කෝඩිලියා ආර්යාව ඇස් ඇරියේ පුදුම තරම් සාමාන්ය දවසක. එයා බොත්තම් ඇස් දෙක ඉහලට උස්සනකොට ෆ්ලැනල් රෙදි නළලේ හරස් අතට ඉරි හතරක් ඇඳුනා. ඉන් පස්සේ එයා අර චූටි කට පොඩිත්ත පළල් කරලා අපූරුවට හිනා වුනා.
ලස්සන වසිලිස්සා බෝනික්කාගෙන් උදව් ගත්තේ පාන් කවලා, වතුර බොන්න දීලා බව මට මතක් වුනේ ඒ වෙලාවෙ. බෝනික්කෙක් වුනත් නිකම් උදව් කරන්න කැමති නැහැ. නිකම් උදව් කරනවා කියල හැමතැනම කියකියා යන අය තමයි භයානක. එයාලට ඕනෙ අතපත ගෑමක්, හාද්දක්, අඩුම තරමේ තුරුල් වෙලා කම්මුලට කම්මුල තියාපු සෙල්ෆියක්. ඉතින් මම තීරණය කලා කෝඩිලියා ආර්යාවට ඉස්ඉස්සෙල්ලාම කේක් කෑල්ලක් දෙන්න. පස්සෙ ඕනෙමයි කිව්වොත් සෙල්ෆියක් ගන්න උනත් බැරිකමක් නෑ.
ඉස්කෝලෙ නොයන නිසා බෝනික්කන්ගේ ආහාර පුරුදු ගැන එයාලට චෝදනා කරන එක නරකයි. චොකලට් කේක් කුඩු මූණ පුරාම තැවරිලා බටර් පාට ෆ්ලැනල් රෙදි ලා දුඹුරු පාටක් ගහලා තිබුනා.
“රඩ්මාළු පීඩඩ්ඩයි යඩ්ඩෙ”
කෝඩිලියා හකු අතරේ එහාමෙහාවෙන විසාල කේක් කෑල්ලක් අතරෙන් කිව්වා. මට මුකුත් කියන්ට එපා. මෙහෙම හැසිරෙනවද ආර්යාවො? කට පියාගෙන ඉන්නකම් කෝඩිලියා කියන්නෙත් ආර්යාවක් තමයි. ඒත් දැන් ඈ කතා කරන්න පටන් අරගෙන!
ඊළඟ සතියේ සඳුදා ඉස්කෝලෙ පරණ ළිඳ ගාවදි මට රන් මාළු මුණගැහුනා. ජ්‍යෙෂ්ඨ පංතියේ ඇලෙක්ස් විකාර විදියට වම් ඇහැ පුංචි කරලා මගේ උරහිසෙන් ඇද්දා. හරියටම ඒ මොහොතේ රන්මාළු අහිනක් මගේ බඩ ඇතුලේ එහාට මෙහාට දඟලන්න වුනා. ඔක්කාරෙට ආවත් ඒක දරාගන්න සිද්ධවුනේ පරණ ළිඳක් කියන්නේ ප්‍රේමණීය තැනක් නිසයි. ඇරත් මම හිටගෙන උන්නේ විනිවිද පේන කිරිකවඩි වගාව උඩ!
එදායින් පස්සේ චිත්‍ර පාඩමේ ද්‍රව්‍ය බලා ඇඳීමට හැමදාම තිබුනේ රෝස මල්. ඉඳහිට තේ පෝච්චි තරම් විසාල සූරියකාන්ත මලුත් නොතිබුනා නෙමෙයි. රතු පෑනෙං හරි දාලා ලකුණු දුන්නේ ඇලෙක්ස්. මුලදි මුලදි මම ලකුණු එකතුකරලා ගණන් තියාගන්න පුරුදු වෙලා උන්නත් කාලයක් යද්දි මට ගණන් වැරදෙන්න පටන් ගත්තා.
"ගඬන් වරඩ්ඩඬ එක ගෑඬුළමයෙකුට ජීවිත අවදාඩමක්!" කෝඩිලියා කට දෙපැත්තෙන් බටර් විස්කෝත්තු කුඩු විසුරුවමින් කිව්වා.
අසා ලිවීමේ තිබුනෙම සමනල්ලු ගැන. පිටපත් ලියද්දි අකුරු වෙනුවට සංඥා භාෂාවල් පාවිච්චි වුනා නිතරම. හැම පිටුවක්ම පටන් ගත්තේ ‘සදාකල් ආදරෙනි’ කියන හෙඩිමත් එක්ක. කලාකාමී ගතියක් පේන්න මම අමාරුවෙන් වැල් අකුරු ලියන්නත් පුරුදු උනා. කප්පරක් වැඩ රාජකාරි මැද්දෑවෙ කෝඩිලියාගෙ කොණ්ඩෙ පීරන එක අමතකම වෙලා ගියා. හැඩපළු ගෙතුන කොණ්ඩෙකුත් එක්ක ඈ දවසින් දවස මහත් වෙන්න පටන් ගත්තා. මම 'මාළු සහ සලාද කොල සමග පළතුරු යුෂ' ඩයට් එකට මාරු වුනා. ඉක්මනින්ම ග්‍රීවාස්ථි ඉල්පිලා බෙල්ල දෙපැත්තෙ නොගැඹුරු පොකුණු දෙකක් හැදුනා. දිලිසෙන රන් මාළු කීපදෙනෙක් පොකුණුවල පදිංචි වෙන්න කැමැත්ත පලකලා, කුලී ගෙවීමේ පදනමට.
දැන් හඳ පායන්නෙ රෝස පාටට. ඒක නියමයක්. නියමයක් බිඳෙනව කියන්නෙ බය වෙන්න ඕනෙ දෙයක්. ඒ නිසා මම බය වෙනවා. අත්ල සීතල කරගෙන ටිකක් ගොතගහනවා. රන්මාළු පීනන්න ගත්තට පස්සේ හැමතිස්සේම ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අවදානමක් අතේ දරාගෙන.
මාළු මැරෙන්නත් බෑ, ටැංකිය බිඳෙන්නත් බෑ, පොකුණු ගොඩවෙන්නත් බෑ. අඩුම තරමෙ වතුර බිංදුවක් හැලෙන්නවත් බෑ. අලි කෙලියක්නෙ යකෝ මේක!
maru ehh..kaalekin awe me paththe.. (y)
ReplyDeleteහිහී! තැන්කූ නංගෝ!! :)
Deleteහ්ම්ම් හ්ම්ම්.. රන් මාළු පීනන්න පටං ගත්තාම ඔහොම අලකලංචි වෙනවලු තමා..
ReplyDeleteජයවේවා..!!
ඔව් ඔව්. රඩ්මාලු පීඩන්ඩ ගට්ටා කියඩ්ඩෙ විනාසයි!
Delete//“රඩ්මාළු පීඩඩ්ඩයි යඩ්ඩෙ”//
ReplyDelete//"ගඬන් වරඩ්ඩඬ එක ගෑඬුළමයෙකුට ජීවිත අවදාඩමක්!"// කොඩිලියා ශ්‍රංගලගේ නෑයෙක් ද මංදා.. :)
මටත් ඒක ම හිතුනා
Deleteශ්‍රංශගෙ ආච්චිගෙ නංගි තමා කෝඩිලියා
Deleteඋඹ කතා ෆැක්ටරියක්...ඔය පින්තුරෙට මට හිත ගියා
ReplyDeleteමටත් මුලින්ම හිත ගියෙ පින්තූරෙට අක්කෝ
Deleteරන් මාලු වගේද ටින් මාලු
ReplyDeleteඅඩුම තරමෙ උන්ව කන්නවත් පුලුවන් නේහ්?
Deleteමේක මරු <3
ReplyDeleteබස්සි අක්කේ
thankuu visal malliiii
Deleteනොසන්ඩාල බෝනික්කි ආර්යාව! මටත් ඔය ඩිංග කොරන්නයි හැදුවේ.. හුහ්... මම දුන්න උන්දට පාඩමක් ආයේ නැහැ මාළු ටින්මාළු වෙන්නම!! දැන් එනවා අඬාගෙන උදේ පාන්දරම මගේ කාමරේ දොර ගාවට.
ReplyDeleteමෙහ්.. හොයල බැලුවොත් හොඳ නැද්ද ඔය ආර්යාව ගෑරුප්පු අල්ලන්නේ කොහොමද කියල? කොහේ හොයන්නද ඒ බඩ්ඩ කරන වැඩ??
බස්සි... එක්කෝ අර දොස්තර කානේෂන් ගාවටවත් එක්කන් යන්න. මාව ගන්න නෙලුම් පොකුණ ගාවින්. පනිට්ටුවක් අතේ තියාන මම ඉන්නම්කො, ලේසියෙන් අඳුනගන්න. අනිත් උන් ඔක්කොම ගෙනියන්නේ පැන්කෙණ්ඩි නෙව.
ඉරිසියයි යකෝ
බෝනිකි ආර්යාවෝ ඔහොමමයි බන්. ගෑරුප්පුව කොණ්ඩෙ ගහගෙන පිහියෙන් සුටුස් ගාලා කෑම කනවා. කතා කරලා වැඩක් නෑ මුන්ගෙ වැඩ :D
Deleteවයසට ගිහින් මාළු මැරෙනවා හැබැයි මාළු පැටව් ලොකු වෙනවා. ටැංකියේ පාසිත් බැඳෙනවා. වතුර ඉහිරුනේ නැති උනාට වාෂ්ප වෙනවා..
ReplyDeleteඑතකොට අලුතෙන් වතුර පුරවන්න වෙනවා..
ටික දවසකට මල් අවශ්‍ය නොවේ.....
ReplyDeleteපීනන පුංචි මාළුවෝ මේන් මන් ඔයාට 'අගෙයි' එකක් ගෙනාවා
ReplyDeleteබස්සිගේ පෝස්ට් කියවන එක ටික දවසකට නවත්තන්න ඕනේ. මේවා කියෙවුවම කාපු බීපුවා පිච්චිලා, උතුර දකුණ මාරුවෙලා, නළල රැළි වෙලා, ඇස් උඩ ගිහින් මොකද්ද සන්තෑසියක් වෙනවා :)
ReplyDeleteඅනේ මංද මක්ක කියන්නද කියල.
ReplyDeleteමොනව කියන්නද නේද. කතාව අමුතුයි ලස්සනයි කියනව ඇර..
:-) :-) :-)
පිස්සු කෝච්චියට හැප්පුනා වගේ...
ReplyDeleteහවුඑවර්.. රිදම් ඊස් පර්ෆෙක්ට් ඇන්ඩ් වෙල් බැලන්ස්ඩ්... ඊවන් දෑන් කලින් එවුවට...
කතාව කියවල කමෙන්ට් ටිකත් කියෙව්වා, ඒත් සිරාවටම කථාව ඇතුලේ තියෙන කතාව තේරුණේ නෑ ...හික් හික් හික්...
ReplyDeleteඅන්තෝ ජටා බහි ජටා
Deleteපැත්ත ගියත් ඇත්ත කියන් එපැයි! සිරාවට මටත් මේවනම් තෙරෙන්නෙ නෑ අෆ්ෆා...
ReplyDeleteබස්සියෝ
ReplyDeleteඅපූරු කතාවක් ලියලා තියෙනවා නේද?
හරිම ලස්සනයි. ...
ලස්සන වසිලිස්සා සහ බබායින්ගා යකින්නව මතක් උනා අවුරුදු විසිගානකට පස්සෙ අද......උඹට පින්සිද්ද වෙන්න.
අයිස් සහ හිම වලට ඔලුගෙඩිය ගල්වෙලා. ....
කලු පාන් දුප්පත් අයට තියෙන කෑමක් කියලා මම හිතුවේ වසිලිස්සා පොත කියවන කාලේ.
නමුත් "කලු පාන්" මා ඉන්නා රටේ නම් සාමාන්ය අපිට කන්න බැරි මිල අධික පාන් ජාතියක්.
"සුවනී සහ ප්‍රොස්පෙරෝ" ගිහින් "නපුරු පාලකයෝ තුන්දෙනාව" බලයෙන් පහකර රටක් නිදහස් කරගත්ත කතාව කියවලා තියෙනවද?
දිගටම ලියන්න
සතුටින් කියවන්නම්.....
====Adrian Channa from Toronto===
බස්සියෝ
ReplyDeleteඅපූරු කතාවක් ලියලා තියෙනවා නේද?
හරිම ලස්සනයි. ...
ලස්සන වසිලිස්සා සහ බබායින්ගා යකින්නව මතක් උනා අවුරුදු විසිගානකට පස්සෙ අද......උඹට පින්සිද්ද වෙන්න.
අයිස් සහ හිම වලට ඔලුගෙඩිය ගල්වෙලා. ....
කලු පාන් දුප්පත් අයට තියෙන කෑමක් කියලා මම හිතුවේ වසිලිස්සා පොත කියවන කාලේ.
නමුත් "කලු පාන්" මා ඉන්නා රටේ නම් සාමාන්ය අපිට කන්න බැරි මිල අධික පාන් ජාතියක්.
"සුවනී සහ ප්‍රොස්පෙරෝ" ගිහින් "නපුරු පාලකයෝ තුන්දෙනාව" බලයෙන් පහකර රටක් නිදහස් කරගත්ත කතාව කියවලා තියෙනවද?
දිගටම ලියන්න
සතුටින් කියවන්නම්.....
====Adrian Channa from Toronto===
හප්පේ... බට කොස්සියෝ... මරු....)))
ReplyDeleteබඩ ඇතුළෙ සමනල්ලු පියාඹන්න අරන්, හිත පුරා රෝස මල් පිපිලා, සර්වාංගෙම රන් මාළු පීනන්න ගත්තට පස්සෙ නම් ඉතින් ගැළවෙනවා බොරු...
ReplyDelete