මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන
සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන
සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන
විඩාපත් සිරුරු ගලවාගන්න
ඉටිපහන් එළිය මැද
සුප් බඳුනකට කැරට් හදවත් කපන
අහඹු චුම්භන කොපුලතක අලවන
පෙම්භරිත සැඳෑවක්
පෑල දොර විවරකර ගෙට ගන්න
බැල්කනියෙ කෙලවරක තුරුලුව
තරුවලින් වෑස්සෙන ඇත්තටම ඇත්ත එළි
තරු දෙනෙතකින් උර උරා බොන්න
තුංග මැදුරක හිසක – ඇස්බැස්ටෝස් කෙසක
දැවටි දැවටී පැමිණි හුළඟක් සිපගන්න
කණමැදිරි රෑ බදුළු එළියෙන්
අතීතෙක ශේෂ පැල්ලම් සුඹුළු දැකගන්න
ස්මාර්ට් එළි සැණෙලි මගහැර
මාවුලාවක හිස ඔබා නෙත් පියවන්න
මා ඔබේ උරබාහු මැද්දේ සඟවන්න
වෙහෙස වන්නා වූද,
බර උසුලනා වූද
සියල්ලන්ටම සහනයක් දෙන්න
අප කෙරෙහි අනුකම්පාව වගුරුවා
අදත් තෙකලාව අත්හිටුවන්න
පවර්කට් නිර්මාන....අගෙයි...රසයි...
ReplyDeleteරොමෑන්තිකයි....!!!!
තැන්කූ තැන්කූ චෙෆාකි!
Deleteලස්සන පබදුමක්.
ReplyDeleteස්තූතියි ලලිත්!
Deleteඅවාසනාවට ඇත්ත කතාවක්. දවසේ එකිනෙකා එක්ක ගත කරන්න ඉතුරු වෙන සුළු කාලයක් අපි ගත කරන්නේ මොකක් හරි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන. හොඳ නිර්මාණයක්
ReplyDeleteස්තූතියි ජේමිස් බණ්ඩා!
DeleteEvery dark cloud has a silver line. . You picked it in the most romantic way. :)
ReplyDeleteThanks kalane. Im flattered!
Deleteතෙකලා නවත්තලා සිංගල් ෆේස් විතරක් දෙයි!
ReplyDeleteදෙයි දෙයි.
Deleteමේක නම් බොක්කටම වදිනවා.... කාලිනයි.. සුපිරියි... වල්ලා පට්ටයි....
ReplyDeleteබස්සිට හිතෙන්නේ නැද්ද හැමදාම ඔය වෙලාවට පවර් කට් තියේනම් හොඳයි කියලා....
සිරාවටම මාතලන්. මිනිස්සු තම තමන්ගෙ පුංචි වර්චුවල් ලෝකවල හිරවෙලා ඉන්න තරම දැක්කම, හැමදාම පැයක් දෙකක් කරන්ට් කපනවනම් කොච්චර හොඳද කියල හිතෙනවා.
Deleteබකුසන්ටත් පෙම් බස් දොඩන්නට
ReplyDeleteපවර් කට් වී ම යා යුතු
හිහි
මරු හොදේ....
ඇයි බකුස්සන්ට ඉස්මාර්ට් වෙන්න බෑ කියලද හිතුවෙ? :P
Deleteඅදත් තෙකලාව අත් හිටුවන්න
ReplyDeleteබස්සිට ලස්සන කවියක් ලියන්න
තාම අත්හිටුවනවා. ඇස්වහක් කටවහක් නෑ!
Deleteසිරාවටම! මං මේ ළඟදි දැක්ක අපි පුංචි කාලෙ දැකපු රෑ අහස. ඒ කාලෙ පාරට බැස්සම ඇෙඟේ හැපෙන තරම් උන්න කණාමැදිරි රැළ නං හිටියෙ නෑ. උං දෙන්නෙක්, තුං දෙනෙක් විතර පෝ කරටි අස්සෙ උන්න දැක්ක.
ReplyDeleteඇයි ඊයෙ රෑ මං දැක්ක අටවක දා හඳ එළිය...
පවර්කට් සදා දිනේවා!!!
කණාමැදිරියො යාන්තමට එකෙක් දෙන්නෙක් හරි ඉන්නව. රෑ බදුල්ලෙක් දකින්නෙ හෙන කලාතුරකින්. උන් වඳවෙලාම යයිද මන්දා ඩ්‍රැකියෝ.
Delete'ඩ්‍රැකී' කිව්වම ඉතින් අනිවාර්යයෙන්ම කළුවරට කැමති කෙනෙක් වෙන්නම එපෑ.
Electrifying !
ReplyDeletethankuu pra!
Deleteවිදුලිය නොමැති තැන හදවතේ ජෙනිය ඇහැරී හැඟීම් වයර ඔස්සේ සබඳතා එළි දල්වයි.
ReplyDeleteජයවේවා..!!
පැපෝටත් ජයවේවා! සෙනසුරාදට ජෝඩුවම පැමිණේවා!!
Deleteවෙඩින් එකක් කියන්න එපා. මේ ටිකේ එක්සෑම්.
ReplyDeletehehehe
Deleteඅපිට කොයින්දා මාළු හ්ම්ම්ම්ම් අපි යනවය මූදු අනගියි බස්සි නිමැවුම
ReplyDeleteමූදු යන්න ලයිට් ඕනෙයැ :D
Deleteඋඹත් මෙගා එකක් බලන්න බැරි උන සෝකෙන් නේද මේක ලිවුවේ?
ReplyDeleteආපෝ උඹ කවිය කියෝලා නෑ :P
Deletehttp://nelumyaya.com/?p=5417
ReplyDeleteThankuu ajith aiye!
Deleteඅනේ මන්ද... මම විතරයිද මෙතන අමුතු එකා කියල... පවර් කට එක හින්දා අපහසුතාවයට පත්වෙනාවය කියන්නේ පචද එහෙනම්.. අනේ දෙය්යනේ මම නම් පවර් කට එක එන්ජෝය් කරන්නේ නම් නැත! මගේ අන්දොස් ගතියට මක් කොරන්නද....
ReplyDeleteහේතුව කියනවා නම් පවර් කට් එක වෙලාවට මට වගේම අනිත් එවුන්ටත් ආලෝකය නැති හින්දා කිසිම ගතියක් දැනෙන්නේ නැත. ඔන්න අනිත් උන්ට තියෙද්දී මට විතරක් ලයිට් ගියොත් හරි, මට තියෙද්දී අනිත් උන්ට ලයිට් කැපුවොත් හරි තමයි මගේ ෆන් එක ආරම්භ වෙන්නේ..... ඔයාට කියන්න බස්සියෝ... එකෝ ඔන්නැහැ.... ආයේ මොකටද ඉතින්
මේ ඒ විදියනන් මාර ෆන් ...එහා ගෙදර ඕප දුප ඇන්ටිගේ කරන්ට් නැති එක තමා මට තියන ලොකුම ෆන් එක..
Deleteඋඹේ අවුලක් නෙමෙයි. මම බස්සිනෙ. බස්සො කොහොමත් කළුවරට කැමති ජාතිය.
Deleteතෙකලා නැති වෙලේ
ReplyDeleteබස්සි පැමිනිල...
අනිවා! තෙකලා ආවත් කමෙන්ට් වලට රිප්ලයි කොටන්න විරාමයක් ලැබුනෙ දැනුයි අනේ.
Delete