ගේට්ටු සේරම වහන්න, ඉබි යතුරු දාන්න
අත්තටු තියෙන්නේ ඉගිල්ලෙන්න
තාප්ප හදන්නේ තරණය කරන්න
බැල්කනි කෙලවරක එල්ලෙන්න
රපුන්සල් ඉපදුනේ කොණ්ඩෙ පහලට දාන්න
හාදු දියරක් පොවන මොහොතට
හුස්ම තදකරගෙන ඉන්න
මෙරු කැමති පහන් දැල්ලට බිලිවෙන්න
අන්තිම තත්පරෙත් දැල්වෙන්න
ආලෝකමත් මරණයක් පතන්න
මෙරුවෙක් වගේ වෙන්න
ඇඹලයො කැමති සීනි කන්දක කිමිදෙන්න
පැණි දියර පුරෝගෙන, 'පටස්' ගා පෙණහළු පුපුරවාගන්න
ඒ තරම් 'රහ' මරණයක් තව තියෙනවද?
පුළුවන්නම් ඇඹලයෙක් වෙන්න
අඩුම තරමෙ රෝමියෝ වෙන්න
හයවෙනි තට්ටුවේ, වම් කෙළවරේ ගෙදර
ලයිට් නිමුවාම 'ආදර පියාපත්'වලට පණදෙන්න
බෝගන්විලා වවපු බැල්කනියෙ එල්ලිලා
රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!
ලස්සනයි
ReplyDeleteනිදිමතේ පාඩම් කොරනකොට මෙන් න බොලේ ලස්සන පැණි රහ ආදරබර කයියක් මං මේ බැලුවේ රපුන්සල් වෙන්නද ඇඹලයෙක් ලෙස මියෙන්නද කියල. හිත තද කොරන් වැඩ කලාට මොකෝ මේ පැත්තේ කරක් ගහන්නමයි හිත.කුතුහලේ එතරම්ම. නිදිබර වෙහෙසකර නීරස රාත්‍රියක් ප්‍රාණවත් කල මේ බෝල කිවිඳියට හදපිරි ප්‍රණාමය.නියමයි අක්කා.
ReplyDeleteමට නිදිමතත් නැතුව ගියා මේක කියවලා. බැල්කනිය කිව්ව ගමන් මට නම් මතක් වෙන්නේ ජූලියට්. ඉස්සර තිබ්බා ගෲප් එකක් Our Kid කියලා. එයාලගෙ මෙහෙම සින්දුවක් තිබ්බා.
ReplyDeleteI was walking down a street
When a rose fell at my feet
And I looked amused standing there
On a balcony so high
Found a way to smile
And I knew it was gonna be my girl
Oh Oh like Romeo
And Juliet
We fell in love from the time we met
ආසන්න වශයෙන් ඕවගෙ...
ඒක යූ බටෙත් නැද්ද කොහෙද.
මියෙන බව දැන දැන
ReplyDeleteජීවිතේ අහුලන්න..
හුඟ කාලෙකින් බස්සි ළකුණ ආයෙත් දැක්කා...
ReplyDeleteෆිනෝමිනල්....
මේ අරුමැසි කල්පනා කොහොම පහළ වෙනවද මන්දා ?
ReplyDeleteබස්සියෝ කැමති රෑ පුරා නිදි වරාන ඉන්න
ලොවෙන් සැඟවුනු රස රහස් දකින්න
වචන අහුරු අතර සඟවා රස බෙදන්න
විශ්ම නෙතින් ලොව දකිනා බස්සියෙක් වෙන්න
///අඩුම තරමෙ රෝමියෝ වෙන්න
ReplyDeleteහයවෙනි තට්ටුවේ, වම් කෙළවරේ ගෙදර
ලයිට් නිමුවාම 'ආදර පියාපත්'වලට පණදෙන්න
බෝගන්විලා වවපු බැල්කනියෙ එල්ලිලා
රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!///
මෙතන හයවෙනි තට්ටුව කියන එක හරි මාන්දවිකයි. එක පාරට මතක් උනේ හතරවෙනි තට්ටුව කියහන්කෝ!
තම්බලීනාගෙන් රපුන්සල්ට :P
ReplyDeleteබස්සිට පිස්සු
ReplyDeleteරපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ
දවල් දුටු හීනයක උණ්ඩකපුච්ඡයේ හිරවෙලා
දොලදුකට බිලිවෙලා සිරවුනු එක්ටැම් මැදුරෙ
දොර අගුළු ඇර ගන්න, ස්වර්ගීය ගී ගයන්න
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න
රන්වන් තරප්පුව නැග හද ගැබට පිවිසෙන්න
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න
රපන්සෙල්, රපන්සෙල්, බස්සිත් එක්ක ම ඛය්යාම් ඇවිත්
රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න
කුදු ගැහුනු ගොතෙල්ගෙ වෛරයෙන් ඇස් වැනසුනත්
ඔබෙ මිහිර විඳින්නට වරක් හෝ, කෙස් රෑන බිම ලන්න
ඇයි රපුන්සල් ගේ කටුස්සිව ඉඹින්නේ වෙන ඉඹින්න සත්ව රූපක නැති ද?
ReplyDeleteකියෙව්වලු..
ReplyDeleteලස්සනයි..
ReplyDeleteරුපුන්සල්ගෙ කටුස්සිව ඉඹින්න. අගෙයි
ReplyDeleteඅන්තිම වචන ටිකට තෙරුමක් නොදැන සමස්ථය ගැන කියන්න තේරෙන්නෑ.හැබැයි ඊට උඩින් ටික නම් වෙන වෙනම ගත්තත් ලැයික්..
ReplyDeleteජයවේවා..!!
https://en.wikipedia.org/wiki/Rapunzel_syndrome
ReplyDeleteආලෝකමත් මරණයක් පතන්න.��
ReplyDeleteබස්සි කැමති ලියන්න
ReplyDeleteඅපි කැමති බස්සි ඒ ලියන එව්වා කියවන්න
බස්සි ලියන්න ලියන්න
එව්වා අපි කියවන්න කියවන්න
වෙන මොකුත් නැහැ බන්
අනිවා පික්සු පීකුදු වෙනවා වැන්න...
ඉතින් බස්සි කෙල්ල අපේ පිස්සු මගුල
ලියන්න ලියන්න තව තව ලියන්න
කකුල් දෙකෙන් එකෙන් බැරිනම්
ඔලුවෙන් හිටං හරි අපි එනවා එව්වා කියවන්න...
නැත්තන් ලැස්ති වෙන්න
බ්ලොග් ඇතුලේ මැරුම් කන්න...
බස්සි අක්කේ. <3
ReplyDeleteකවිය පැත්තකට දාපන්කෝ.ඔය කටුස්සි ඉන්නේ කොහේද කියපන්කෝ ඉක්කනට. උඹට කියන්න මේ පැත්තේ ආසාවට කටුස්සියෙක් නෑ.
ReplyDeleteමං කැමතියි ඇඹලයෙක් වෙන්න ^_^
ReplyDeleteමං කැමතියි ඇඹලයෙක් වෙන්න ^_^
ReplyDeleteයශෝ, නියම කවිය ලස්සනයි බං.
ReplyDeleteමේ ඔය "රපුන්සල්" කියන්නේ අර මායාකාරියගේ දුවද?අර කුමාරය හැමදාම රැට කොණ්ඩේ එල්ලිලා කුමරියගේ කාමරේට එන්නේ.
මේවා හරි රහයි බස්සිස්ටයිල් :)
ReplyDeleteගොඩාරියක් ලස්සනයි !!!
ReplyDeleteමං නම් කැමති රොමියෝ වෙන්න..බෝගන්විලා කටු කාගෙන ගිහින් ආදරේ දෙන්න..:D
ReplyDeleteලෙඩින් සහ ලෙඩට බේතක් ගැනීමටවත් වෙලාවක් නොමැතිකමින් පීඩා විඳිමි. කොමෙන්ටුවලට රිප්ලයි දාන්නත්, අළුත් පෝස්ටු කියවන්නත් නොහැකි වූවාට සමාවෙන්න.
ReplyDelete