Tuesday, March 1, 2016

රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!




ගේට්ටු සේරම වහන්න, ඉබි යතුරු දාන්න
අත්තටු තියෙන්නේ ඉගිල්ලෙන්න
තාප්ප හදන්නේ තරණය කරන්න


බැල්කනි කෙලවරක එල්ලෙන්න
රපුන්සල් ඉපදුනේ කොණ්ඩෙ පහලට දාන්න
හාදු දියරක් පොවන මොහොතට
හුස්ම තදකරගෙන ඉන්න


මෙරු කැමති පහන් දැල්ලට බිලිවෙන්න
අන්තිම තත්පරෙත් දැල්වෙන්න
ආලෝකමත් මරණයක් පතන්න
මෙරුවෙක් වගේ වෙන්න


ඇඹලයො කැමති සීනි කන්දක කිමිදෙන්න
පැණි දියර පුරෝගෙන, 'පටස්' ගා පෙණහළු පුපුරවාගන්න
ඒ තරම් 'රහ' මරණයක් තව තියෙනවද?
පුළුවන්නම් ඇඹලයෙක් වෙන්න


අඩුම තරමෙ රෝමියෝ වෙන්න
හයවෙනි තට්ටුවේ, වම් කෙළවරේ ගෙදර
ලයිට් නිමුවාම 'ආදර පියාපත්'වලට පණදෙන්න
බෝගන්විලා වවපු බැල්කනියෙ එල්ලිලා
රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!




26 comments:

  1. නිදිමතේ පාඩම් කොරනකොට මෙන් න බොලේ ලස්සන පැණි රහ ආදරබර කයියක් මං මේ බැලුවේ රපුන්සල් වෙන්නද ඇඹලයෙක් ලෙස මියෙන්නද කියල. හිත තද කොරන් වැඩ කලාට මොකෝ මේ පැත්තේ කරක් ගහන්නමයි හිත.කුතුහලේ එතරම්ම. නිදිබර වෙහෙසකර නීරස රාත්‍රියක් ප්‍රාණවත් කල මේ බෝල කිවිඳියට හදපිරි ප්‍රණාමය.නියමයි අක්කා.

    ReplyDelete
  2. මට නිදිමතත් නැතුව ගියා මේක කියවලා. බැල්කනිය කිව්ව ගමන් මට නම් මතක් වෙන්නේ ජූලියට්. ඉස්සර තිබ්බා ගෲප් එකක් Our Kid කියලා. එයාලගෙ මෙහෙම සින්දුවක් තිබ්බා.

    I was walking down a street
    When a rose fell at my feet
    And I looked amused standing there

    On a balcony so high
    Found a way to smile
    And I knew it was gonna be my girl

    Oh Oh like Romeo
    And Juliet
    We fell in love from the time we met

    ආසන්න වශයෙන් ඕවගෙ...

    ඒක යූ බටෙත් නැද්ද කොහෙද.

    ReplyDelete
  3. මියෙන බව දැන දැන
    ජීවිතේ අහුලන්න..

    ReplyDelete
  4. හුඟ කාලෙකින් බස්සි ළකුණ ආයෙත් දැක්කා...

    ෆිනෝමිනල්....

    ReplyDelete
  5. මේ අරුමැසි කල්පනා කොහොම පහළ වෙනවද මන්දා ?

    බස්සියෝ කැමති රෑ පුරා නිදි වරාන ඉන්න
    ලොවෙන් සැඟවුනු රස රහස් දකින්න
    වචන අහුරු අතර සඟවා රස බෙදන්න
    විශ්ම නෙතින් ලොව දකිනා බස්සියෙක් වෙන්න

    ReplyDelete
  6. ///අඩුම තරමෙ රෝමියෝ වෙන්න
    හයවෙනි තට්ටුවේ, වම් කෙළවරේ ගෙදර
    ලයිට් නිමුවාම 'ආදර පියාපත්'වලට පණදෙන්න
    බෝගන්විලා වවපු බැල්කනියෙ එල්ලිලා
    රපුන්සල්ගේ කටුස්සිව ඉඹගන්න!///

    මෙතන හයවෙනි තට්ටුව කියන එක හරි මාන්දවිකයි. එක පාරට මතක් උනේ හතරවෙනි තට්ටුව කියහන්කෝ!

    ReplyDelete
  7. තම්බලීනාගෙන් රපුන්සල්ට :P

    ReplyDelete
  8. බස්සිට පිස්සු

    රපන්සෙල්ගෙ රන්වන් අක් බඹරු කෙස් කලඹ
    දවල් දුටු හීනයක උණ්ඩකපුච්ඡයේ හිරවෙලා

    දොලදුකට බිලිවෙලා සිරවුනු එක්ටැම් මැදුරෙ
    දොර අගුළු ඇර ගන්න, ස්වර්ගීය ගී ගයන්න

    රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න
    රන්වන් තරප්පුව නැග හද ගැබට පිවිසෙන්න
    රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

    රපන්සෙල්, රපන්සෙල්, බස්සිත් එක්ක ම ඛය්යාම් ඇවිත්
    රපන්සෙල්, රපන්සෙල් අක් බඹරු කෙස් රෑන බිම හෙලන්න

    කුදු ගැහුනු ගොතෙල්ගෙ වෛරයෙන් ඇස් වැනසුනත්
    ඔබෙ මිහිර විඳින්නට වරක් හෝ, කෙස් රෑන බිම ලන්න

    ReplyDelete
  9. ඇයි රපුන්සල් ගේ කටුස්සිව ඉඹින්නේ වෙන ඉඹින්න සත්ව රූපක නැති ද?

    ReplyDelete
  10. රුපුන්සල්ගෙ කටුස්සිව ඉඹින්න. අගෙයි

    ReplyDelete
  11. අන්තිම වචන ටිකට තෙරුමක් නොදැන සමස්ථය ගැන කියන්න තේරෙන්නෑ.හැබැයි ඊට උඩින් ටික නම් වෙන වෙනම ගත්තත් ලැයික්..
    ජයවේවා..!!

    ReplyDelete
  12. https://en.wikipedia.org/wiki/Rapunzel_syndrome

    ReplyDelete
  13. ආලෝකමත් මරණයක් පතන්න.��

    ReplyDelete
  14. බස්සි කැමති ලියන්න
    අපි කැමති බස්සි ඒ ලියන එව්වා කියවන්න

    බස්සි ලියන්න ලියන්න
    එව්වා අපි කියවන්න කියවන්න
    වෙන මොකුත් නැහැ බන්
    අනිවා පික්සු පීකුදු වෙනවා වැන්න...

    ඉතින් බස්සි කෙල්ල අපේ පිස්සු මගුල
    ලියන්න ලියන්න තව තව ලියන්න
    කකුල් දෙකෙන් එකෙන් බැරිනම්
    ඔලුවෙන් හිටං හරි අපි එනවා එව්වා කියවන්න...

    නැත්තන් ලැස්ති වෙන්න
    බ්ලොග් ඇතුලේ මැරුම් කන්න...

    ReplyDelete
  15. කවිය පැත්තකට දාපන්කෝ.ඔය කටුස්සි ඉන්නේ කොහේද කියපන්කෝ ඉක්කනට. උඹට කියන්න මේ පැත්තේ ආසාවට කටුස්සියෙක් නෑ.

    ReplyDelete
  16. මං කැමතියි ඇඹලයෙක් වෙන්න ^_^

    ReplyDelete
  17. මං කැමතියි ඇඹලයෙක් වෙන්න ^_^

    ReplyDelete
  18. යශෝ, නියම කවිය ලස්සනයි බං.

    මේ ඔය "රපුන්සල්" කියන්නේ අර මායාකාරියගේ දුවද?අර කුමාරය හැමදාම රැට කොණ්ඩේ එල්ලිලා කුමරියගේ කාමරේට එන්නේ.

    ReplyDelete
  19. මේවා හරි රහයි බස්සිස්ටයිල් :)

    ReplyDelete
  20. ගොඩාරියක් ලස්සනයි !!!

    ReplyDelete
  21. මං නම් කැමති රොමියෝ වෙන්න..බෝගන්විලා කටු කාගෙන ගිහින් ආදරේ දෙන්න..:D

    ReplyDelete
  22. ලෙඩින් සහ ලෙඩට බේතක් ගැනීමටවත් වෙලාවක් නොමැතිකමින් පීඩා විඳිමි. කොමෙන්ටුවලට රිප්ලයි දාන්නත්, අළුත් පෝස්ටු කියවන්නත් නොහැකි වූවාට සමාවෙන්න.

    ReplyDelete